Katha Ahura

? සමනල පියාපත් ? 81 වෙනි පියාපත්

කතාව කොහොමද?

81 කොටස

මගෙ පපුව වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තා. දෙයියනේ තව ටික වෙලාවකින් අපේ කසාදෙ ස්තිර වෙනවා. එතකොට මම චතුර අයියගෙ නීත්‍යානුකූල බිරිද වෙනවා. මොන පාපයක්ද මේ.

” කෝ …. මනමාල මහත්තයා ලැජ්ජ නොවී කියන්න ….. ”

රෙජිස්ටාර් මිස් ආයෙමත් කියනවා මට ඇහුනා. ඒත් ඔලුව උස්සලා චතුර අයියා දිහා බලන්න නම් මට හිතුනෙ නෑ.

” හේරත් මුදියන්සේලාගේ රවීන් අභිමාන් වන මම ,

කන ළගින්ම මට එහෙම ඇහුනම මම කොච්චර ගැස්සිලා ගියාද කියනවනම් මං රෝද පුටුවෙන් අඩි බාගෙකටත් වඩා උඩට ඉස්සවුනා. නැගිටගන්නවත් බැරුව හිටිය මම අමාරුවෙන් රෝද පුටුවට වාරු දීලා ඉස්සිලා බැලුවා.

” සුදු මහත්තයා ……… ”

මට මගේ ඇස් විශ්වාස කරගන්න බැරුව ගියා.දෙයියනේ මං මේ දකින්නෙ හීනයක් ද …

මගේ ඉස්සරහා හිටගෙන හිටියෙ චතුර අයියා වෙනුවට මගෙ සුදු මහත්තයා . මගෙ ඔසරියෙ පාටට මැච් වෙන්න නැෂනල් එකක් එයත් ඇදන් හිටියා. එයාගෙ මූණෙ තිබ්බ හිනාව දැක්කම මගෙ ඇස් වලට කදුලු පිරුනා.ඒ සතුට වැඩිකමට.

ඊට එහා පැත්තෙන් හිටිය චතුර අයියා මගෙ දිහා බලලා හිනා උනේ ඇහැකුත් වහලා.

මගෙ හිතපුරාවටම පිරිලා ගිහිල්ලා තිබ්බ පුදුමාකාර සතුටත් එක්කම මම හිටි හැටියෙම රෝද පුටුවෙන් නැගිට්ටුනේ මටවත් ඒ ගැන හිතාගන්න ඉඩක් නොතියා.

ඒත් මගෙ සමබරතාවය නැතිවෙලා යන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

මම ආයෙමත් ඉන්දෙන්න යද්දි රවීන් අයියා එයාගෙ අත් දෙකෙන්ම මාව අල්ලගත්තෙ මූණ පුරාම හිනාවීගෙන.

” මාව අමතක කරලා වෙන කෙනෙක්ගෙ වෙන්න නේද හැදුවෙ ”

කන ළගට කරලා රවීන් අයියා අහද්දි මම එයාගෙ අත්දෙකට මැදිවෙලා හිටියෙ පුංචි හා පැටියෙක් වගේ.

” අම්මෝ මගෙ කෙල්ලගෙ ලස්සන. .. මෙතනම හනිමූන් එක යන්න හිතෙනවා ”

රවීන් අයියා ආයෙමත් කිව්වා.

ශික් .. .මේ කොල්ලා හිතන කැත . මං එහෙම අහනවා වගේ බැල්මකින් එයා දිහා බැලුවේ.

ඒ එක්කම අපිට ඇහුනෙ රෙජිස්ටාර් මිස් උගුර පාදන සද්දෙ. අපි මෙතන ෆ්‍රී රොමෑන්ටික් ෂෝ පෙන්නද්දි වටේ පිටේ හැමෝගෙම ඇස් තිබ්බෙ අපේ දිහාවට හැරිලා.

රෙජිස්ටාර් මිස් නම් අපි දෙන්නා දිහා බලාගෙන හිටියෙ බිත්තර ගිලින්න බලාගෙන ඉන්න නයෙක් ගානට.

” අපි දැන්වත් කසාදෙ ලියාපදිංචි කරමු නේද මනමාල මහත්තයෝ ”

රෙජිස්ටාර් නෝනා රවීන් අයියගෙන් අහද්දි රවීන් අයියා නම් හිනා උනේ නියම මනමාල පාටට. අම්මෝ ඒ හිනාව දැක්කම නම් මගෙ හදවත පිනුම් ගහන්න පටන් ගත්තා.

කවදාවත් චතුර අයියගෙ දිහා ඕනෙකමින් නොබලපු මං ඒ වෙලාවෙ නම් එයාගෙ දිහා බැලුවා. ලොකු පරිත්‍යාගයක් කල මනුස්සයෙක් වගේ බොහොම උපේක්ෂාවෙන් එයා මමයි රවීන් අයියයි විවාහ සහතිකේ අත්සන් කරනවා බලාගෙන හිටියා.

හේරත් මුදියන්සේලාගේ රවීන් අභිමාන් අන්තිමට ආරච්චිලාගේ සෂානි පැහැසරණිව එයාගෙ නීත්‍යානුකූල භාර්යාව කරගත්තා. කෙටියෙන්ම කිව්වොත් සුදු මහත්තයා එයාගෙ සුදු නෝනව නීත්‍යානුකූලව අයිති කරගත්තා.

රවීන් අයියගෙ වාසගම මම දැනගත්තෙත් අපේ කසාදෙ දවසෙදිම තමයි. මම හිතන්නෙ කසාදෙට කලින් අඩුම වාර ගානක් මුණ ගැහිලා තියෙන කපල් එකත් අපි දෙන්නද කොහෙද.

මගේ ජීවිතේ අවාසනාවන්තම දවස වෙන්න ගිය එදා මගේ ජීවිතේ ලස්සනම දවස උනා. ආයෙමත් මගෙ සුදු මහත්තයා මගේ ජීවිතේට ආවා. ඒ විතරක් නෙවෙයි.එතනින් එහාට මට රෝද පුටුව ඕනෙ උනෙත් නෑ.

පෝරුවෙ චාරිත්‍ර කරන්න මට පෝරුව උඩට මගෙ කකුල් දෙකෙන්ම නගින්න පුලුවන් උනා. ඇත්තටම ඒක නම් ආදරයේ ප්‍රාතිහාර්යයක්. ඔව් .. මගේ සුදු මහත්තයගෙ ආදරේ නාමෙන් වෙච්ච ප්‍රාතිහාර්යයක්. පෝරුව උඩ අපේ සුලැගිලි නූලකින් ගැටගහලා අත පැන් වත්කරද්දි මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනේ.දැන් නම් ඉතිං අපි අපේම තමයි.

” ඒයි ….හොර කෙල්ල …. ”

හිතට දැනුනු අමුතුම ලැජ්ජාවක් එක්ක මම හිටියෙ සෙටියෙ කොනටම වෙලා ඉදගෙන. රවීන් අයියා මගෙ ඉනෙන් අල්ලගෙන ළගට අරන් කතා කලා.

” ම්ම්ම් …….. ”

” මට කම්මුල් පාරකුත් ගහලා දැන් ඉන්න හැටි දෙකට ගනින්න බෑ වගේ ”

” අනේ මහත්තයෝ ”

මං අඩන්න ඔන්න මෙන්න වගේ මූණ හදාගෙන හැරුනෙ රවීන් අයියා දිහාවට.

” හා හා ..දැන්ම අඩන්න ඕනෙ නෑ .. අද කරන්නම්කෝ හොද වැඩක්. … යමන්කෝ හනි මූන් ….. ”

” අම්මෝ …මේ කොල්ලගෙ තියෙන හදිස්සිය ….. .”

” හදිස්සිය ……”

එහෙම කියලා රවීන් අයියා එබුනෙ මගෙ මූනට. ඒ සුසුම් වල උණුහුම මගෙ කම්මුල් පුරාවටම වැදෙද්දි මම හිටියෙ දැහැනකට සම වැදිලා වගේ.

” හා .. හා …. ඕවා පස්සේ … රෑට රෑට …”

එහෙම කියලා මහ හයියෙන් හිනා උනේ චතුර අයියයි රවීන් අයියගෙ මල්ලියි. ඇත්තටම චතුර අයියගෙ මේ වෙනස් වීමෙන් මං පුදුම වෙලා හිටියේ.ඒත් ඇත්තටම ඒ වෙනස් වීම මගෙ ජීවිතේ ආයෙමත් මට ලැබෙන්න හේතුවක් උනා.

___________________________________

” ෂානි ……. එන්නකෝ ටිකක් සුදු මැණික ”

මම ෂානිගෙ අතින් ඇදගෙන ගියේ අපේ සෙට් එක වාඩිවෙලා හිටිය ටේබල් එක ළගට .
පව් කෙල්ලට නම් සෑහෙන්න මහන්සි පාටයි ඇවිල්ලා හිටිය නෑදෑයන්ට කතා කරලම.

අපේ මල්ලි , ෂානිගෙ නංගියි මල්ලියි, නයෝමදූ , ශාන් , චතුර ,කවීෂ් විතරක් නෙවෙයි පවනිත් එකම ටේබල් එකක ඉදගෙන හිටියා.

ඇත්තටම හැමෝම අන්තිම මොහොතෙ එක පවුලක් උන එක ගැන නම් මගෙ හිතේ තිබ්බෙ පුදුම සතුටක්.

” මේ කෙල්ලගෙ තියෙන ලැජ්ජාව බලන්නකෝ අප්පා ”

කතාව පටන් ගත්තේ නයෝමදූ.

” අක්කේ … ටිකක් හිනාවෙන්නකෝ ..ඔයාට ඕනෙ කෙනාව ලැබුණනේ ”

එහෙම කිව්වෙ ෂානිගෙ නංගි.

ෂානි හෙමීට ඔලුව උස්සලා හැමෝම දිහා බලලා ලස්සනට හිනා උනා. මට නම් ඒ හිනාව දැක්කම දැනුනෙ පුදුමාකාර ලෝබ කමක්. හදිස්සියෙවත් මට මේ හිනාව අයිති නොවුනානම්. දෙයියනේ එහෙනම් මට වෙන්නෙ ජීවිත කාලෙම විදවන්න.

” ඇත්තටම දෙයියන්ට ස්තූති වෙන්න ඕනා මේ හැමදේම මේ විදිහට සිද්ද උනාට ”

නයෝමදූ කිව්වෙ මූණ පුරාම හිනාවෙලා.

” දෙයියන්ට නෙවෙයි නංගි … ශාන්ට පිං සිද්ද වෙන්න තමයි මම ජීවත් වෙලා ඉන්නේ …….. ”

මං එහෙම කියලා බැලුවෙ ශාන්ගෙ දිහා . කොල්ලා මගෙත් එක්ක හිනාඋනා.

” ඒක ඉතිං මගේ යුතුකම නෙ අයියේ ”

ශාන් කිව්වා.

” මට මේ වෙච්ච දේවල් ප්‍රෙහෙලිකාවක් වගේ මහත්තයෝ …. ”

ෂානි මගේ දිහාවට හැරිලා කිව්වෙ මූණත් අදුරු කරගෙන. බැලූ බැල්මට නම් මේ වෙච්ච දේවල් හරියට චිත්‍ර පටියක් වගේ තමයි.
මෙතන හිටිය කවුරුත් වෙච්ච මුලු සිදුවීමම දන්නෙ නෑ . ඒ හින්දා හැමෝම හිටියෙ හිතේ ප්‍රශ්න ගොඩක් හිරකරගෙන.

” අයියේ … . මේ ත්‍රාසජනක ෆිල්ම් එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා නම් වටිනවා නේද ”

එහෙම කිව්වෙ කවීෂ් මල්ලි. හැමෝම වගේ ඒකට නම් එක පයින් කැමති උනා.

” ම්ම්ම් ………. හරි එහෙනම් … මම කියන්න පටන් ගන්නම්කො එදා මම රෑ චතුරව හම්බ වෙන්න ගිය තැන ඉදලම.

එදා මං අපෙ මල්ලිටවත් කිව්වෙ නෑ මම යන්නෙ චතුරව හම්බ වෙන්න කියලා. මොකද මට චතුර ගැන ඇත්තටම ෂුවර් එකක් තිබ්බෙ නෑ මොනවා කරයිද කියලා … හැබැයි මට ෂානිගෙ නංගිගෙ උදව්වෙන් ශාන් මල්ලිව ෆිට් කරගන්න පුලුවන් උනා. මං හිතුවෙනෑ කොයිවෙලෙත් රණ්ඩු කල අපි ඒ තරන් හොද යාලුවො වෙයි කියලා …………. ”

” යාලුවො නෙවෙයි අයියේ … සහෝදරයෝ ”

ශාන් එහෙම කිව්වෙ හිනාවෙලා.

” අනිවා මල්ලි …. එදා චතුර ලෑස්ති වෙලා ඇවිල්ලම තිබ්බෙ අපිට ගහන්න. වෙලාවට මමත් ශාන් මල්ලි එක්ක හොද සෙට් එකක් අරන් එතනට ගියේ .මං එතනට තනියම ගියා වගේ පෙන්නුවට ශාන් ඊට කලින් සෙට් එකත් එක්ක එතන වට කරලා හිටියෙ. කොහොම හරි පොඩි වචන හුවමාරුවකට පස්සෙ උන්ගෙ පැත්තෙ උන් අපිට ගහන්න ආවා . අපිත් නිකන් හිටියෙ නෑ.

ඒත් හිතුවෙ නැති විදිහට පිටි පස්සෙන් ආව එකෙක් මට පිහියෙන් ඇන්නා . ඒ අමාරුවෙන්ම මම බිමට වැටෙද්දි චතුර බය උනා. මොකද මගෙත් එක්ක තරහක් තිබ්බට මාව මරන්න තරන් උවමනාවක් ඌට තියෙන්න නැතුව ඇති. උන් ටික එතනින් විනාඩි ගානක් ඇතුලත පැනලා ගියා.

එදා ඇත්තටම මම හිතුවෙ මම මැරුණා තමයි කියලා . අපේ උන් මාව වෑන් එකට උස්සලා දාගන්නවත් මට මතකයි. මගෙ ළගම හිටියෙ ශාන් මල්ලි. කොල්ලා ෂර්ට් එක ගලවලා මගෙ පිහිය ඇනුන තැනට තියන් ඉන්නවත් මට මතකයි …. ඉන් පස්සෙ මට සිහිය නැති උනා …… ”

මං එහෙම කියලා කතාව ටිකකට නවත්තලා බැලුවෙ කට්ටියගෙ මූණු දිහා. මුන් ටික හොල්මන් ෆිල්ම් එකක් බලලා වගේ ඇස් නළලෙ තියාගෙන මගෙ දිහා බලාගෙන හිටියේ.

මගෙ පුංචි කෙල්ලත් ඇස් ලොකු කරන් මගෙ දිහා බලාගෙන හිටියා. හරියට හා පැටියෙක් කොටියෙක්ව දැකලා බය වෙලා ඉන්නවා වගේ.

” මං හොස්පිට්ල් එකේ දවසක් විතර හිටියා සිහිය නැතුව. ඒ ලේ ගොඩක් ගිහින් තිබ්බ නිසා. හැබැයි මගෙ තුවාල වේලෙන්න ගොඩක් කල් ගියේනම් නෑ. කොහොම හරි හොස්පිට්ල් ඉන්නකොට තමයි මට ශාන් ඇවිත් කිව්වෙ චතුර මගෙ කෙල්ලවත් අරන් උඩුදුම්බර යන්න හදනවා කියලා. ඊට පස්සෙ තමයි මම මල්ලිව එව්වෙ ෂානිගෙ ඩයරිය දීලා. මොකද මට හිතුනා ඒක කියෙව්වම මගෙ කෙල්ලට මොනවම හරි දෙයක් දැනේවි කියලා ”

මං එහෙම කියද්දි ෂානි මගෙ අත තද කරලා අල්ලගත්තා.

” හ්ම්ම් … ඔව් … ඒක කියෙව්වම ඇත්තටම මගෙ හිතට දැනුනෙ පසුතැවීමක්…. ”

කෙල්ල එහෙම කියලා මගෙ උරහිසට වාරු උනා.

” හොස්පිට්ල් එකෙන් මං බලෙන්ම වගේ ටිකට් කපාගත්තෙ. ඊට පස්සෙ මං මල්ලිත් එක්ක චතුරව ෆලෝ කරන්න පටන් ගත්තා. ඒක පටන් ගත්තෙ ඔයාලා උඩුදුම්බර එන්න ආපු දවසෙමයි…. ”

මං එහෙම කියලා එබුනෙ ෂානිගෙ ඇස් වලට.

” අර රෙස්ටූරන්ට් එකේදි ඔයා දැක්ක කෝට් කාරයා මං තමයි කෙල්ලේ … ඒ විතරක් නෙවෙයි … චතුරගෙ ගේට් එක ළගට ඇවිත් අර ලියුම දාල ගියෙත් මම …. ”

” අනේ මහත්තයෝ … ඒ ඔයා කියලා මං දැනන් හිටියෙ නෑ …… “,

ෂානි හා පැටියෙක් වගේ මට තුරුලු වෙලා කිව්වා. එයා ඒක කිව්ව විදිහට මට හිනාත් ගියා.

” මොකද මැට්ටෝ හිනාවෙන්නේ … දැන් මට කියන්න කොහොමද චතුර අයියව ඔයා වෙනස් කලේ කියලා ….. ”

මගේ කෙල්ල කට උල් කර කර කියද්දි අනිත් හැමෝම නොයිවසිල්ලෙන් මගෙ දිහා බලාගෙන හිටියා.

” හරි … ඒක නම් දිග කතාවක්… මං ඔයාලට කියන්නම්කෝ ……. ”

එහෙම කියලා මං උගුර පාදලා ලෑස්ති උනේ කතාව කියන්න.

……….. ……… ………… ……..

” ඒයි …….. උඹලා කවුද .. මාව කොහෙටද මේ අරගෙන ආවෙ … ”

චතුර කෑගැහුවෙ උගුරත් බැරැන්ඩි කරගෙන.

” බොරුවට කෑගහන්නෙ නැතුව හිටපන් යකෝ …. ”

මං එහෙම කියලා උගේ මූණ වැහෙන්න දාලා තිබ්බ කලු පාට රෙද්ද ගලවලා අයින් කලා.

” ර…ර .. රවීන් …… උඹ …. ”

ඉහින් කනින් දාඩිය වැක්කෙරෙද්දි චතුර මගෙ දිහා බලාගෙන හිටියෙ හොල්මනක් දැකලා වගේ.

” ඔව් .. මං රවීන් තමා … උඹ හිතුවද මං මැරුනා කියලා ”

මං එහෙම අහද්දි චතුර කෙදිරි ගාගෙන කාමරේ මුල්ලෙ බිම ඉදගත්තෙ අත් දෙකත් ඔලුවෙන් තියාගෙන.

” මං උඹව මරන්න හැදුවෙ නෑ බං …….”

චතුර එහෙම කියද්දි මම කට කොනකින් හිනා වෙලා ඌ දිහා බැලුවා .

” මගෙ කොල්ලො ටික නැත්තන් මට ජීවත් වෙන්න වාසනාවක් ලැබෙන්නෙත් නෑ ”

මං එහෙම කියද්දි කාමරේ ඇතුලට ආවෙ ශානුයි අපේ මල්ලියි.

චතුරලගෙ ගෙවල් කිටුවට වෙන්න අතෑරලා දාපු පරන තානායමක් අපේ වැඩවලට ගන්න අපිට අමාරු උනේ නෑ. දවස් ගානක් චතුර පස්සෙ ගිහින් අන්තිමටම චතුරව උස්සගෙන මෙතන්ට අරගෙන ආවෙත් ශානුයි අපේ මල්ලියි තව කොල්ලො දෙන්නෙකුයි.

චතුර එක්ක කතා කරන්න මට කොහොමත් ලොකු ඕනෙකමක් තිබ්බා.

” චතුර ,,, මං උඹව මෙතනට ගෙනාවෙ උඹට බල්ලෙක්ට වගේ ගහලා උඹෙ අතපය කඩලා දාන්න නෙවෙයි .. උඹට පැහැදිලි කරලා කියන්න … මගෙ අහිංසක කෙල්ලගෙ ජීවිතේ කාලකන්නි කරන්න එපා ”

මං කිව්වම චතුර ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.

” ර..රවීන් …. මමත් .. මමත් ෂානිට ආදරෙයි … ඒකයි මං මේ හැමදේම කලේ ”

” ආදරෙයි ”

මං දත්මිටි කාගෙන චතුර දිහාවට හැරෙද්දි ඌ අහක බලාගත්තේ මට මූණ දෙන්න බැරිකමට.

” වැදගත්කමට හැදුන කෙල්ලෙක්ව බලහත්කාරෙන් උස්සලා ඒකෙල්ලගෙ ජීවිතේ අනතුරේ දාලා ඒ කෙල්ලගෙම ගෙදරට ඒ කෙල්ල මැරුනා කියලත් ඒත්තු ගන්නලා ,, අන්තිමට ඒ කෙල්ලට පන වගේ ආදරේ කල කොල්ලව ඒ කෙල්ල ඉස්සරහා වැරදි කාරයෙක් කරලා උඹ මොන විදිහෙ ප්‍රේමවන්තයෙක් වෙන්නද බං දැගලුවේ .. උඹ හිතුවෙ උඹ රෝමියෝ කියලද ”

මං කිව්වෙ හිතේ මෙච්චර කාලයක් කැකෑරි කැකෑරි තිබ්බ තරහව චතුරගෙ ඇස් ඉස්සරහා පුපුරලා යවලා.

” මට ඕනෙ උනේ එයාව මගේ වෙනවා දකින්න …. ”

චතුර කිව්වා.

” මිනී වලවල් දහයක් කපලා හරි උඹට උඹගෙ මගුල ගන්න තියෙනවා නම් උඹ ඒක කරනවා … එහෙමද … උඹ මේ රටේ නීතිය රකින්න ඉන්න මනුස්සයෙක් නේද .. මොනවද මේ කරන්නෙ …… ”

චතුරගෙ මූණටම එබිලා මම අහද්දි ඌට කියන්න දෙයක් නැතුව බිම බලාගත්තා .

” චතුර තේරුන්ගනින්….. ආදරයක් බලහත්කාරෙන් අයිති කරගන්න බෑ බං …මට මේක කියපන් … වෙන කෙනෙක් ගැන හිත හිත දුක් වෙන කෙල්ලෙක් එක්ක උඹට උඹේ කසාද ජීවිතේ සතුටින් ගෙවන්න පුලුවන්ද … මට නම් බෑ … මගේනම් මගේම විතරයි … මං කැමති නෑ මගෙ කෙල්ල වෙන එකෙක් ගැන හීනෙකින්වත් හිතනවට ….. උඹම පොඩ්ඩක් හිතලා බලපන් … උඹ මේ කරන්නෙ තේරුමක් ඇති වැඩක්ද කියලා ”

මං එහෙම කියලා වේගෙන් හුස්ම ගත්තෙ හිතට ආව කේන්තිය පාලනය කරගන්න.

” මට තේරෙනවා බං … මං කලේ ගොඩක් ලොකු වැරැද්දක් … ඒත් … මං දන්නෙ නෑ බං මං මගේම හැගීම් අස්සේ හිර වෙලා ”

චතුර කියද්දි මම කිසි හැගීමක් නැතුව එයා දිහා බලාගෙන හිටියා.

” තව හොදට කල්පනා කරලා බලපන් චතුර …මට තිබ්බා මරණවනම් උඹව මරන්න . උඹ ආදරේ ඉස්සරහට දාගෙන ඔච්චර දේවල් කරා නම් මටත් පුලුවන් ආදරේ නාමෙන් කියලා ඔයිට වඩා දේවල් කරන්න. ඒත් මං එහෙම කරන්නෙ නෑ. ඒ මං මනුස්සකන් දන්න එකෙක් නිසා . උඹේ අතේ තමයි තීරණේ තියෙන්නේ ”

මං අවසානෙට එහෙම කියලා ශාන් දිහා බලලා ඔලුව වැනුවෙ චතුරව එතනින් අරන් යන්න කියලා.

ශාන් චතුරගෙ අතකින් අල්ලන් එතනින් අරගෙන යද්දි චතුර ගියේ හිස් බැල්මෙන් බිම බලාගෙන.

” අම්මෝ කියවලා කියවලා කටත් රිදෙනවා ”

මං එහෙම කියලා හැරෙද්දි අනිත් හැමෝම ලොකු හුස්මක් ගත්තා. හරියට එච්චර වෙලාවක් උන් හුස්ම තද කරන් හිටියා වගේ.

” ඊට පස්සෙ මොකද උනේ …. ”

ෂානි ඇහුවෙ පුදුමෙන් ඇස් ලොකු කරන්.

මෙන්න යකෝ මේ කෙල්ල මට හුස්මක්වත් නොගෙන ඉතුරු ටිකත් කියන්න කියනවා.

මගෙ තුරුලට වෙලා මගෙ ඇස් දිහාම බලාගෙන ඉන්න ෂානි දිහා මම බැලුවෙ ආදරෙන් හිනාවෙලා.

” හ්ම්ම් …. හරි ඊට පස්සේ ……

මම ආයෙමත් කතාව නවත්තපු තැන ඉදන් කියන්න ගත්තා.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
හූ… හූ …. කොහොමද කතාවෙ අන්තිමට වෙච්ච දේ … මට බැන්නට කමක් නෑ නේද ???????
ඔන්න ඔයාලා ආසාවෙන් කියෙව්ව කතාවක අවසානයට තමයි මේ ළගාවෙලා තියෙන්නේ. ඉතිං මේ අවසාන කොටස් කීපයත් ආසාවෙන් කියවන්න කියලා ඉල්ලනවා. අවසන් කොටස් දෙක මිස් කරගන්න එපා ?????

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ click කරන්න

මම ඩී.සුමිත්

234 thoughts on “? සමනල පියාපත් ? 81 වෙනි පියාපත්”

    1. නිෂා සශී ?

      ඕ යෑස් මං ෆස්ට් වෙලා ??????????????????????????????????????????????????ඩිංගි ඩිඟා ඩිගිරි ඩිගා….????????? අද මං ගානෙ හැමෝටම ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????මේවා…….

          1. නිරෝෂා ලක්මාලි

            Congratulations නිෂා සශී නංගියා..
            ??????

        1. නිෂා සශී ?

          චොකෝ විතලද ගීති අක්කියෝ ඇයි ටොෆී කන්නෙ නැතෙයි ආ ???????????????

      1. නිෂා සශී ?

        ලොකු අයියේ ඔයානන්…… හොයාගන ඇවිල්ල ගුටි දුන්නත් මදි අප්පා… මේ සූටි හිත් මේ තරන් එක්සයිට් කරන එක හොඳද මං අහන්නේ. බැරිවෙලාවත් හාට්ඇටෑක් එකක් ඒම ආවනන් කාට කියන්නද දෙයියනේ ??? ලොකු අයියේ කතාව පැත්තෙන් අයිය ගැන කීනවනන් මල් තීල වැන්දත් මදි. ?? අපේ ෂනියාට රවීන් අයියව දුන්නන්නේ හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ මට ඇයි දෙයියනේ අර පොලොස් කොට්ටෝරුවාට මොන විපරියාසයක් උනාද කීල දැනගන්න ?? දුෂ්ටයෙක්ට එකපාරටම ඒම වෙනස් වෙන්න පුලුවන්ද අයියේ… ලොකු අයියේ එයාල ඔක්කොලාම එකතුවෙලා ඉන්න එකටනන් මං ගොඩාරියක් කැමතියි මොකද දැන් එයාල එක පවුලක් වගේ ඒ දේ වෙන්නෙ ගොඩක් අඩුවෙන් මොකද ඔතන ගොඩක් ඉන්නෙ ආදරේ වෙනුවෙන් රංඩුවුනු අය ඒ අයම එක එක්කෙනා වෙනුවෙන් ඉන්න එක ගැන තියෙන්නෙ මාරම සතුටක් ? ලොකු අයියේ ඇත්තටම මේ කතාව ආදර්ශමත් මොකද ආදරයක් කියන්නෙ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමේ චතුර කරන්න ගියේ ලොකු මෝඩ වැඩක්. මොකද චතුර ෂානිව බැන්දත් ෂානි චතුර ගැන චුට්ටක්වත් හිතන්නෙ නෑ අනික වෛරයකින් ඉන්නෙ රවීන් ගැනම හිත හිත රවීන්ට කරපුදේටත් ෂානිට කරපු දේවල් වල්ටත් වෛර කරනවා. එතකොට කොහොමත් චතුරගෙ පවුල් ජීවිතේ අපායක් වෙනව මිසක් සාර්ථකනන් වෙන්නෙ නෑ ? ඊටත් එහා අයියෙ ලොකු අයියා ෂානිව චතුරට දුන්නනන් ඒම අපේ දඟ පවුලෙ සූටි අහිංසක හා පැටව් වගේ ළමයි චතුරට දෙහිකපලම උගෙ ජීවිතේ විනාස වෙනවා ???? එක දුකක් තියනව අයියෙ ලොකු අයියගෙ අපි ආස කරපු අපි ගොඩක් ආදරේ කරපු තවත් කතාවක් ඉවර වෙන නිසා.?? ඒකනෙමේ ලොකු අයියේ ජීවිතේ තනිකඩව ගෙවන පවන් සලාට අපි පොලොස් කොට්ටෝරුවාව සැට් කරමුද අපේ මල්ලි කොල්ලයි ෂානියාගෙ නංගිවයි දෙන්නත් බන්දලා දෙමු මොනා වුනත් පව්නෙ අයියෙ මේ සදාදරනීය ප්‍රේම කතාවට බොක්කෙම්ම සප් එක දුන්නනෙ ඩබල. අපි නයෝ අක්කිට ගැරඬියාව ජෝඩු කරමු මාරෙටම මැචින් නයයි ගැරඬියයි ??? ඒ දෙන්නගෙ පවුල් ජීවිතේ ගැනනන් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ හැමදාම ?? හී….හී ?? පව් අප්පේ ආය කවුරුත් ඉතුරු නෑනෙ නේද නැත්තන් කාව හරි සෙට් කරල දෙන්න ??ලොකු අයියේ මාත් එක්ක තරහ නෑනේද අර දවස්ටිකේ එන්න බැරි වුනේ අසනීප වුනු නිසා දැන් හලි ඔන්න. දැන් ඉතින් පිස්සු ?? අයියට තේරෙනවනෙ මගේ තත්වෙ ?? ලොකු අයියේ අර දෙන්නව ඉක්මනට පැණි හඳේ යවමු. දඟ පවුලෙ බාගෙට බාගයක් ඉන්නෙ සූටි බබාල ඒවුනාට උන් තමා ඕක දෙනකන් මග බලන් ඉන්නෙ ??ඒ හින්ද ඉක්මනට කෙල හල හල බලන්න ඒකත් අරන් ඉක්මනට එන්න?? මන්නන් ඉතින් 4න් එක උඩින් කොටො ලේන්සුවක් දාල කතාව කියවන්නෙ ලොකු අයියේ ?? ඒ තලන් මං අහිංසක හැදිච්ච විනීත් දරුවෙක්. ? අපෙ අම්මත් කියන්නෙ මං වගේ හොඳළමයි ආය කොහෙන්වත් හොයාගන්න නෑලු. ඒ තරන් මං හොඳයි ?? හලි හලි හෙටත් එන්න ලොකු අයියේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියේ ????????????

        ගෙවී ගිය නිමක් නැති
        අමාවක පසු කරන්
        සිත් අහස එකළු කර
        පෑයුවා සඳ මෙමට…

        නමුදු ඒ මෘදු කිරණ
        උරුමය දුන් සිත් ගැබට
        සුමුදු සඳ බැස ගියා
        කඳුළු වැල් නිම් තෙරට….

        දඟ කරන ඔබේ ඔය
        දිගු නීල නෙතු අගින්
        දොස් නැගුවෙ සිත් ගැබට
        උරුමයක් නැති බවට….

        හඬන නෙතු සැනසුනා
        අමාවක හැර ගියා
        යලිදු සඳ පායුවා
        මගේ මේ සිත් ගැබට……..

        ??? සඳ හිමි සිත් අහස ???

        ලොකු අයියේ හලි ඈ බැරි වුනු ඒවටත් එක්ක හොඳේ අසනීප වෙන්න එපා හොඳේ සිත්මි අක්කියි ලොකු අයියයි ඉක්මනින් සනීප වෙන්න අක්කිව මතක්කලා කියන්න. පරිස්සමින් සතුටින් ඉන්න ලොකු අයියේ ?????

        1. ? මහිංසා ?

          Congratulations මගේ චූටි …….???????????????????????????????????????????????????????????????????????????? කවි ටික පට්ට ලස්සනයි චූටි මැණික ??????

  1. උක්කූං පුතා(SuMi )

    නව දිනක් ලබනවා
    සිතුවිලි අලුත් වෙනවා
    ආදරණීය හැගීම්
    හිත පුරා විසිරී යනවා ,,,
    බෙදාගන්න හිනාවක්
    අඩු කරගන්න
    හිතේ තරහව
    එවිට ඔබට සුන්දර
    අර්ථවත් දිනයක් ලැබෙනවා ,,,,
    සුභ උදෑසනක් දඟ සෙට් එකේ ඔක්කොටම

    1. ? මහිංසා ?

      උදා හිරු කිරණත් මුදුන්වෙලා…
      කඩි රැළක් මෙන් දුවනවා ….
      කඩිමුඩියේ වැඩ අස්සේ …
      දවස අපේ ගෙවෙනවා …

      පිබිදුණු නව හැඟුමන් ගොන්නක්,
      සිත අස්සේ එහෙ මෙහෙ දුවනවා …
      සතුටින් හිනැහෙන්න ආසයි ⁣පවුලේ
      මොහොතක් නැවතිලා වැඩ අස්සේ

      තරහක් කුමටද අප දඟ පවුලේ
      මිතුරෝ එක්වන මොහොතකි මේ
      සතුටින් සැනසෙමු අප සැමදෙනා
      එක් වී හැම දිනයක් පාසා නිතිනේ

      ✍️✍️✍️✍️ Mahi ✍️✍️✍️✍️

    1. බුදු අම්මෝ …..උම්මා වැස්සක් දෙන්න හිතෙ නෝ.ඇත්ත වශයෙන්නම කියනව නම් උම්මා වැස්ස දෙන්න ඕනේ චතුර අයියට.යක්කු කියන තරන් කළු නෑ කියන්නේ ආන්න ඒකට තමා.දැන්නම් හදවත හීනියට සිංදුවක් කියනවද මන්දා.ශාන් කොල්ලා නොහිටින්න තාමත් රවින් සූටියා විරහ ගී කියනවා.???
      අඩෝ අදනම් දවල්ට තුන් හතර පාරක් කන්න තරම් සතුටුයි කියාන්කෝ.කොහොමද ඒක.අපිව අඬවලා බය කරලා.ඇස් ලොකු කරලා හාට් බීට් එක ස්ලෝ කරලා දුන්නා අන්තිමේදි පට්ට ටොපියක්.අන්න කතා කිව්වළු.
      සූටි අයියේ ඔයා වැරදිලා වත් හිතන්න එපා අර අන්තිම ටීක් ටීක් කොටස් වැරදිලාවත් මගඇර ගනී කියලා.මේ දවස් වල හීනෙනුත් පේනවා .?????
      කතාව සුපිරි ඵලකිරි වගේ.ආය ඉතින් පට්ට පටපට.??

      හීනයක් ද නුඹ මට
      නොකියම ආවද
      හිතා ගන්න බෑ මට
      මේ ඉන්නේ නුඹමද
      කියාගන්න බෑ මට
      මේ දැනෙන සතුට අද
      ආදරෙයි මගෙ පන
      සත්තයි නුඹ හට
      අහම්බෙන් හමූවුනු
      නොසිතූ ලෙස වෙන්වුනු
      නැවත හිත සනසපු
      නුබ මට ලෝකයක් මුළු
      මලක් පූදින්න ඉර එළිය ඕනළු
      ගඟක් හැඩට ගලන්න
      ගල්පරයක් ඕනෙළු
      මල් වලින් පිරුනම
      ගහක් හරි ලස්සනයිලු
      මගේ ජීවිතේට නුඹ ආවම
      වෙනමොකුත්ම ඕනේ නෑලු..
      මගෙ පන නුඹේ නොසැලෙන
      ඔය ආදරෙන්
      ජීවිතේම මගෙ හැඩවෙලා අද
      ඉතින් මගෙ සුදුමහත්තයෝ
      මියෙනතුරුම මම ආදරෙයි …
      ?????????❤️❤️❤️❤️

      පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න අයියා සූටි.
      ඔයාට ජේසු පිහිටයි !!!

      1. නිෂා සශී ?

        අම්මෝ ගීති අක්කියෝ ඒකනන් පට්ට ඈ ලොකු අයියගෙ වචනෙන් කීනවනන් සුප්ප….????????

  2. සෙව්මි

    අන්තිමට ආරච්චිලාගේ සශානි පැහැසරනි.. අම්මෝ ඒ මොන වාසගමක්ද අයියේ …

    කතාව නම් මරු ..අම්මෝ හෙටයි අනිද්දයි …. ඩිස්ටි ඩිඩිං ඩිස්ටි ඩිඩිං …
    ??????????????

    බායි ලමායි … මං ගියෝ… ??????

    1. ආ…ඒක ඉස්සරහට එන්න ඕනේ ගොන්මී වහු ආරච්ච්ලාගේ කියලා එන්න ඕනා.අයියට ලියද්දි මග ඇරිලා ඒ ටික ?????

      1. නිෂා සශී ?

        සෙව් කෙල්ලේ අනේ අනේ මේ කෙල්ල ?? අන්තිමට අරච්චිලාගෙ අම්මොහ් ඒක ??? චූටියෝ පරිස්සමින් ඉන්න පැට්ටෝ.????

    2. හෙටයි අනිද්දායි කෙල්ලගේ අම්මාව මුරට දාන්න ඕන… පාඩම් කරනවාද බලන්න… තාම චූටි කෙල්ලනේ… අම්මා ඉදි කොස්සකුත් අරන්..???

      1. ? මහිංසා ?

        මගේ සෙව් චූටි නංගීට බනින්න එපා කාලුත් …මගේ කෙල්ල පාඩම් කරනවා…..??????????

          1. නිෂා සශී ?

            අප්පටසිරි මගෙ වයස කියාන්කෝ…?? මචියෝ කෝමද ඉතින්???

  3. ? එරන්දි ?

    සුභ උදෑසනක් මගෙ දග පවුලේ හැමෝටම පරිස්සමින් සනීපෙන් ඉන්නවා නේද හැමෝම ….
    අයියේ ඔයත් සනීපෙන් ඉන්නවා නේද දැන් සනීපයිද ඔයාටයි නන්ගියටයි.
    අදනම් කමෙන්ට් එකක් දාන්න තරම් හිතට හරි නෑ අයියේ.අවසාන කොටසට හරි දාන්නම්.බුදු සරණයි හැමෝටම දළදා සමිදු පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ….?????????

    1. ගුඩ් මෝනින් අක්කියෝ .අනේ ඔයා දුකෙන්ද මගෙ අක්කි .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට.????❤️❤️ආදරෙයි…..

      1. නිෂා සශී ?

        අනේ රශී අක්කි ඇයි දුකින් …? පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි අක්කියෝ දුකින් ඉන්න එපා …. කෝ චුට්ටක් හිනා වෙන්න ??

        1. හුටා එහෙමත් සීන් එකක්ද.මම මේ බැළුවේ ඔයාලා හොද මීටරෙන්ද ඉන්නේ කියලා ?????

    2. Chamodya Madusanki

      මගෙ අක්කා ඇයි දුකින්???
      පරිස්සමින් ඉන්න අක්කා බුදුසරණයි

      1. ? මහිංසා ?

        එරන්දි මගෙ නංගි …ඇයි මැණික ඔයා දුකින්….?????දුක් කරදර නිමාවෙලා සතුට සාමය නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබෙන්න කියලා හදවතින්ම පතනවා.???????..බුදු සරණයි මගෙ නංගි….????????

  4. Ye ye ye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මගේ ගානේ හැමෝටම????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ඇති ඇති නැත්තං මෙයාලා හෙම්බා හදගෙන මට බනි. අපි අයිස් කාලා සතුට සමරමු. අම්මේ ලොකු අයියේ කෑ ගහල නටන්න තරම් සතුටුයි. ??? අපේ කූලූ ජෝඩුව දැන් එකටනේ. මොන තරම් බල්දි පෙරලුවත් අපේ ලොකු හොදයිනේ. බැනුම් ඇහුවෙ බොලුවටනේ ඉතින් මේ කොල්ලා. අපි චතුරව අතරිනෝ දැන් එයාගේ මූන සම්බල් කරන්න හිතන් හිටියේ. කමක් නෑ ඔන්න කොල්ලට සමාව දුන්න. ශානිව රවීන්ටම දුන්නනේ. අද නම් පාර්ටියක් දාන්නම ඕනී. තීන සතුට සමරන්නත් එපැයි. නේද දග සෙට් එක අපිත් යමු ඔන්න ඔහේ ඒ පැත්තේ ගිහින් එන්න. හාල් ගැරඬියා මාර විදිහට වෙනස් වෙලා. අම්මො අයියේ කතාව කියවන්න ගද්දී හාර්ට් එක ලබ් ඩබ් ලබ් ඩබ් ගාන්න ගත්තා. ඇවිදින්න බැරුව හිටපු ශානි කෙල්ල රවීන් දැක්ක ගමන් නැගිට්ටනෙ අප්පා. ආදරේ මාරයි අනේ වෙලාවකට. සත්තලන් අයියා පන තන්කුයි හොදේ.

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    හිතුවෙවත් නැති මොහොතක
    නොසිතු ලෙස ඔබ හමු වෙලා
    බැදුණා මගේ හිතට
    හිතුවේ මන් අහිමි වුණි කියා
    සදහටම ඔබගේ ඇස් මෙමට
    කුරිරු නෑ අපේ ඉරණම
    එක් කළා අපේ ආදරය
    සදහටම
    පැතුම ඉටු වී මගේ
    වීය නුඹගේම පතිනිය
    ඉතින් සුදු මහත්තයෝ
    තිබෙද වෙන සතුටක්
    මේ සතුටට සම වෙන
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1. නිෂා සශී ?

        මාලි අක්කියෝ ????? ඔන්න මාත් ගත්ත ඈ…. ඒක ලස්සනයි අක්කියෝ ????

          1. නිෂා සශී ?

            හපෝයි මං අක්කි කිව්වා. සොලි වෙන්ඩඕනි නංගි මැණික. ?? දෙන්න ඕනි මේ කෙල්ලට දෙකක් මං අක්කි කිව්වම ඒකට හිනාවෙලා ගිහින් කිව්වෙත් නෑ ???

          1. ? මහිංසා ?

            හරි ලස්සනයි මගෙ නංගි ???????????????????

  5. Chamodya Madusanki

    ❤️?????️??
    මය සුමුදු හද මඩල
    මට වටී මහ මෙර ලෙසට
    එක හිතින් පැතුවේ මම
    ඔබ තුරුලේ සැනසෙන්න
    මගේ පෙම් පැතුම
    ඉටුවෙලා නොසිතුව ලෙසට
    සිතන්නට පුලුවන්ද
    මට ඔබ නොමැති ලොවක් ගැන

    ඔය නීල දෙනුවන්
    දගකාර කැල්මන්
    දකින්නට තමයි මං මග බැලුවේ
    කවදත්
    හීනයක් වෙයි කියලා
    මේ සිතට සිතුනත්
    අදහන්න පුලුවන්ද හැමදේම
    මගෙයි දැන්
    ❤️?????️??

    අම්මෝ අද මාරම සතුටුයි..????????????????? හිතුවා වගේම උනානේ?? හලි සතුටුයි. ශාන් කොව්වා මලුනේ කොහොමද නයයි මුගටියයි වගේ ඉදලා අන්තිමට සහෝදරයෝ වගේ. දැන් ශානිගේ නංගි රවීන්ගේ මල්ලි සෙට් නැද්ද?? ශාන් කොව්වටත් කෙල්ලෙක් නැතිද

    අනේ එක අතකට චතුර පව් කියලත් හිතෙනවා. එයාට අර පවන්සලාව සෙට් කරන්නකො ලොකු දෙයක් අන්තිමටම හරි චතුර හොද තීරනයක් ගත්තා. නැත්තම දෙන්නම විදවනවනේ නෑ නෑ තුන්දෙනාම විදවනවානේ.

    අපේ ලොකු අයියාට ලොකුම ලොකූ චොකෝ එකක් දෙනෝලු හොදේ????????? ශානිවයි රවීන් කොලුවයි එතකු කලාට??

    කතාවනම් මාරම ලස්සනයි අයියා.
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම
    ආදරෙයි හැමෝටම ????

          1. Chamodya Madusanki

            මධූ කීලා කීවට කමක්නෑනේද අක්කියෝ

  6. ?නොහදුනන්නී ?

    සුදු මැනික දන්නෙ නෑ මන් මේ දකින්නෙ හීනයක්ද ඇත්තක්ද කියල
    හීනයක්නම් මන් මේ හීනෙන් ඇහැරවන්න එපා රත්තරනේ
    දෙයියනේ උබ මගෙ ම උනා
    කොහොම විශ්වාස කරන්නද මන්
    අදහ ගන්න බෑ බන් මට උනු දේවල් එක්ක
    පුන්චිම බලාපොරොත්තු වක්වත් නොනොතිබුණු ජීවිතේට උබම බලාපොරොත්තුවක් වෙලා ආව මගෙ මැනික
    මේ ආදරේ නම් ප්‍රාතිහාර්යක් සුද්දි
    අනේ කොච්චර දවසක් බලන් උන්නද උබේ ඔය අහිංසක හිනාව දකින්න
    සත්තයි දැන්නම් මට කවුරු හිටියක් උබව ඉබින්නමයි හිතෙන්නෙ
    ඔය මූන රතු වෙන හැටි බලන්න
    ඔය හිනාවනම් ඉනාවක්මයි මැනික
    මාව පිස්සෙක් කරපු…
    දැනෙනව මට දැන් මන් ජීවත් වෙනව කියල
    මේ ජීවිතේ මට ලැබුනු ලොකුම සතුට උබයි රත්තරනේ
    හීනෙකින්වත් උබව නම් දාල යන්නෙ නෑ සුද්දි දැන්
    තතත්පරයකටවත් උබ ලගින් හෙල්ලෙන්නෙ නෑ මන්
    උබ නැතිව විදවපු තරම මන් විතරයි දන්නෙ රත්තරනේ
    ඉතිම් මැනික අද ඉදන් උබ මගෙම විතරයි
    මන් උබෙම විතරයි
    ජීවිතේ අලුතින් පටන් ගමු සුදු නෝනා
    උබ,වගෙම අහින්සක හුරතල් කෙලි පොඩිත්තෙක් ඕනි මට
    ඔය හිනාව හීනි ඇස් තියෙන
    මාව පිස්සෙක් කරපු ඔය ආදරේ නාමෙක් ඉක්මන්ට මට ඕනි රත්තරනේ ….සත්තමයි හැම ආත්මෙකම පතන්නෙ උබව විතරමයි ඔය,අහින්සක ආදරේ විතරමයි..
    ආදරෙයි මගෙ සුදු මැනික සීමාවක් නැති තරමට උබට මම..
    කවද හරි උබෙ හුස්ම යන්න කලියෙන් මගෙ හුස්ම නැවතියන් කියල පතනව මන්
    මොකද දැන්නම් උබ නැතිව මගෙ හුස්ම වැටෙන්නෙ නැති නිසා….

    1. දැන් නේ අක්කි දැක්කේ… ලස්සනයි අක්කි වෙනදා වගේම.. අක්කි සනීපෙන් ද දැන් .. පරෙස්සමින් ඉන්න අක්කියෝ ???

      1. ?නොහදුනන්නී ?

        තෑන්ක්ස් දුලා මැනික …හොදයි බබා..ඔයත් පරිස්සමෙන් ඉන්න නංගා…??

        1. ? මහිංසා ?

          හරි ලස්සනයි සුද්දි … ???????????මොකෝ සයිලන්ට් මේ දවස්වල …තරහා වෙලාද…gm විතරයි නේ….දවස් ගාණක් ම????

          1. නිෂා සශී ?

            ඒක මාරම ලස්සනයි සුදු අක්කී ???

    2. දේවාෂි

      අනේ මගේ චූටි අක්කියා… ලාස්සනයි මැණික ගොඩාරියක් …. ??❤
      ඇයි මගේ චූටි අක්කියා සද්ද නැත්තේ… තරහ වෙලාද… නැත්නම් තාම මගේ අක්කට හොඳ නැද්ද…බෙහෙත් බ්ව්වා නේද…
      බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ ….❤❤?

    1. අම්බෝ ලොකූ.. මගෙ පපුවත් වේගෙන් ගැහෙන්න ගත්තා කියන්නකො කතාව කිය්වන්න ගද්දි… හැබැයි රවීන් වචනෙ දැක්ක ගමන් මාර කූල් එකක් දැනුනෙ දෙයියනේ… මං හිතන්නෙ ලොකූ ඔයා මේ කතාව පුරාවටම මේ තරම් හැපි පොජ්ජක් අපේ හිත පොජ්ජට මංදො කරාමද මංදා.. ????????????? තාමමට හිතාගන්න බෑ මේ ගෙඹි මහරජ ඇත්තටම මෙහෙම කතාව වෙනස් කරා කියලා… මේ ලොකූ මේක මේ ශානි කෙල්ල දකින හීනයක් එහෙම නෙමේනේ… ??????????? මට නම් එහෙමත් හිතෙනෝ… ඔයා සාමාන්‍යයෙන් එහෙම වතුර බකට් නෙ පෙරලන්නෙ… ??????

      හැබැයි ඉතිං මේ කතාව මෙහෙම කියවද්දි පිස්සු හැදිලා මැස්සො මැරෙනවා අනේ… ???? ඒ තරම් මාන්දමිකයි මේ කතාව… අම්බෝ හෙට අනිද්දා ටිකේ නම් පොඩ්ඩක් වේලාසන එන්න බලන්න ඕනේ… හොඳම හරිය ඇඟිල්ලෙනෙ ඩාලිං කිව්වා වගේ කතාවෙ හොඳම ටිකත් ඊළඟ ටිකේ ද දන්නෙ නෑනේ… ???????

      ඔයා දන්නවද ලොකූ ශානි රවීනුයි පැණි හඳේ යනකම් උන් දෙන්නට වඩා බලන් ඉන්නෙ අපේ දඟ පවුලෙ කස්ටිය අනේ… ???????

      අද නම් මහන්සී ලොකූ දිග කමෙන්ට් 1 නෑ කියල තරහා වෙන්න එපා මං දැන් ගෙදර යන්නෙ.. මේ යනගමන් කෙටුවෙ… පරිස්සමෙන් ඉන්න ලොකූ වෙලාවට බේයි ටික බොන්න බුදුසරණයි …..
      ලෙඩ වෙලා ඉන්න හැමෝටම ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා … හැමෝගෙම නිසදෙස් ලස්සනයි ????????????? තලහා වෙන්න එපා එක එක්කෙනාට වෙන වෙනම රිප්ලයි කලේ නෑ කියලා.. මහන්සි නිසයි අනේ මෙහෙම… ආදරෙයි ගොඩාක් ?????????????????

      1. ? මහිංසා ?

        අනේ මගේ සඳ ….ඇයි එච්චර රෑ
        උනේ ????? වෙනදා වගේ කමෙන්ට් එකක් නිසදෙසක් නැතුව අද හරි පාලුයි ???????ගොඩක් මහන්සි වෙන්න එපා වෙන්නෙපා ..පුළුවන් වෙලාවට ටිකක් රෙස්ට් කරන්න …තෙරුවන් සරණ යි මගේ සඳ ඔයාට ????

        1. මේ චතුර ගෙවලයා නිසා නොසන්සුන් උණු හිත සන්සුන් කරන ගමන් නිෂා කෙල්ලේ……… ????

          1. නිෂා සශී ?

            අනෙ අප්පේ මගෙ අක්කියෝ මහන්සිද බොමුද සීතල වතුර වීදුරුවක් ???

          2. ම්…….. වතුල නැතුව වෙන මොනාවත් නෑ තැඹිලි වගේ…….. ??

    1. අනේ……….. මගෙ හාල් ගැරඩි කොල්ලට දෙන්න හිතෙනෝ උම්මි ලොට් එකක්ම… මන් ඒකනි අනී උයාට බැන්නෙ ඒම නැත්තේ… මන් බැන්නෙ ඔය නමට.. අනේ වට්ටු ඔයා ශාන් කියන ඇටි කකුලු නම අයින් කරලා වෙන නමක් දා ගන්න හාද…

      චතුර වන වාසියෝ……….. අයියයියෝ අනේ……. ඔය තීරණේ කලින් ගත්තනම් මෙච්චර බැනුම් අහන්න වෙන් නෑනි අනී ඔයාට.. බලන්න ඉතින් අපේ ලේ කෝප කලේ නිකන් බොරුවටනෙ අනේ ඔයා.. අපරාදෙ අර වචන සැට් එක.. මන් අර සේපියන්ස්ලාගේ වරිග පරම්පරාවෙන්ම බැනුම් ඇහුවා නෙව ඔහේට ඒ පරම්පරාව සැට් කොලා කියලා.. අම්මපා බන්…. මේ ටිකේම හීනෙන් ඇවිත් ඒ ඇත්තො මට දෙහි කැපුවා කියන්කො… මන් පව් අප්පා……… කෝමින් කෝම හරි ඉතින් හිත් පොජ්ජ වෙනස් කොල ගත්තු එක නම් පන්කාදුයි නෙව.. ආන් ඒ තීරණේටනම් ඉතින් මන් මනාපයි… ආදරේ බලෙන් ගන්නත් බෑ බලෙන් දෙන්නත් බෑ.. දැන්වත් ඒක තේරුම් අරන් ඔහේට සැටිස් වෙන කෙල්ලෙක් හොයා ගන්න කිඹුල් කොල්ලො..

      ආ……… රවීන් කොස් ඇට මීයෝ……. අම්මෝ මනමාලයගෙ තීන පෙම් පාට.. මන් නම් ඉතින් මුල ඉදන්ම දැනන් ඉදියා ෂානි කෙල්ල ඔයැයිගෙ තමා කියලා.. අනේ මන්දා හලෝ මට ඔහේව එච්චර අල්ලන්නෙම නෑ…… මොකද මන්දා…

      ෂානි පැටියෝ…….. අන්තිමට ඔයාගෙ ආදරේ දින්නා නේද… සතුටුයි හොදේ…… ආදර සටන් වලින් දිනන්න හැමෝටම බෑ නෙව ඉතින්.. විදපු දුක් අමතක වෙන්න දැන් ඉතින් සතුටින්ම ඉන්න හැමදාම ජෝඩුව එක්ක…

      අයියා මචන් කතාව ලස්සනයි.. සුභ පතනවා ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි….

    2. ???????????? උඩ කමෙන්ට් එක නිකන් වැඩක් නෑ වැඩක් නෑ වගේ නේ……………

      මොනාද අප්පා හාට් ඇටෑක් එකක් ලගට ගිහින් 99.999999999999999999999 බේරුණා… හප්පාහ්……?? ඇති යන්තම් මගෙ සූට්ටිත්තන් හාට් එක බේරුණා.. ? අනේ අම්මපා අයියා මචන් හොද වෙලාවට ලග පාතක නොහිටියෙ.. ඉදියනම් දනී කරන දේ.. ඇයි අනේ මෙහෙම.. මේ අහිංසක සූටි හිත් දුකෙන් පුරවලා තරහින් නාවලා ලේ කුපිතකරලා කොහේවත් නැති නපුරියො මතු කරලා හම්මෝ දීපු වදයක්.. අර සාන්තගෙ හයේ හතරෙ පොල්ල කොහෙද දන් නෑ නේ…. මන් අහන්නම උන්නෙ අයියා මචන් ඇයි මේ ඔයාලා දුක ටොන් ගණන් දීලා කොටස් හය හතක් විතර ඇදන් ගිහින් සතුට කණ්හැන්දෙනුත් අරික්කාලක් විතර දීලා එක සූටි කොටසක් විතරක් ලියන්නෙ.. ඒක හරි අසාධාරණයි අප්පා….

      අනා…………ගැරඩි කොල්ලා……. ඔයා නම් වර්ඩ් එකේ පරිසමාප්තියෙන්ම ඇත්තටම ආදරේ ගැන තේරුම් ගත්තු හිත හොද අවන්කයෙක් අනේ… ශාන්ලා ඔක්කොම එක වගේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නුවා පැටියෝ ?ඉතින් ඔයා… ඔයාට ලෝකෙ ඉන්න අහිංසකම ලස්සනම කරුණාවන්තම සතුටින්ම ඉන්න හිත හොද හදවත ලස්සන පට්ට සුපිරි එළකිරි දූවා කිරි කැකිළියක්ව සහේට ගන්න ලැබේවා කියලා හදවතින්ම එක හිතින්ම බොක්කෙන්ම බොලොක්කෙන්ම ප්‍රාර්ථනා කරන්නම් හාද………

      පරිණාමයෙන් බිහි උණු චතුර හැලගෙබි ගස්ගෙබි ඉස්ගෙඩි හැකරැලි වස්කවි ගොන් කවි කරත්ත කවි හිපාටු දෙපත් නයි බැබුන් චිම්පන්සි උරුලෑ හරක් ගොන් කොකු පණු කෑ දැති උකුස්සෝ…….. අපරාදෙ අප්පා ඔයා වෙනුවෙන් මන් අපතෙ යවපු අර සුන්දර වචන සැට් එක.. කලින් මේම සීන් කෝන් එකක් දන්නවනම් අයිස් කෝන් එකක් කකා ෂේප් එකේ කොනට වෙලා ඉන්නවනෙ අප්පා.. නිකා…………….න් බොරුවටනෙ අනේ බැනුම් ඇහුවෙ.. කලින්ම ඉතින් පරිත්‍යාග පාරමිතාව පුරන්න තිබ්බනෙ බන්.. හැබැයි ඉතින් ඕම නෙමේ කෝම මොනවා කොයි විදිහට කලත් කලින් කරපු කියපු දේවලටනම් ඉතින් ඔහේව කටු ගහේ නග්ගවලා ලෝදිය පොවලා කටු ඔටුන්නක් ඔලුවට දාලා උණුවතුර කල්දේරමක ඔබලා පට්ට ගහලා හම ගහලා කටු ගෙයි කටු ඇදක දොයි කරන්න ඕනි… ඒත් මදි මදි වගේ මටනම්……..

      කොස් ඇට මීයෝ……. අප්පා මනමාලයගෙ මූණෙ තීන පැණි හිනාව.. පැණි හදෙත් නැතුව ඇති ඔච්චර පැණි.. ඕන්…. පැණි බේරෙනවා… පිහිදගන්නවා ඉක්මනට.. අනේ මන්දා හලෝ ඔහේවනම් මට ටිකා…………………….ක් විතර අල්ලන්නෙ නැති ගතියකුත් එනවා.. කමක් නෑ කරුමෙට ඉතින් ඔහේනෙ මේකේ හීරෝ……… වෙන නැතුවට හීරෝ……. ? බම්බුව තමා.. පව් අප්පා සෂානි.. ඔහේ වගෙ මොන්ගෝලියන් කෙනෙක්ටම අහු උණානේ.. ෂානි කෙල්ලව තර්ටි ත්‍රී කෝටියක් දෙවියොම බලාගන්න ඕනි ඉතින්..

      ෂානි මැණික…. සතුටුයි නේ… ඔව් ඉතින් සතුටු වෙන්න එපැයි සුදු මහත්තයව අයිති කරගත්තා නේහ්…….. සතුටුයි කියලා උඩ පනින්න එපා ඉතින් ඔය පනින පාරක බිම පතබෑවිලා කොන්ද ඒම සැප සේ ගුරුත්වාකර්ෂණ බලෙන් බිමට පතිත කර ගෙන කශේරුකාව ඒම සිනිදු සියුම් කැබලි වලට ඒම වෙන් උනොත් පව් අර අසරණයගෙ මූන් ඩ්‍රීම් එක… තනි ඇහැට ඇඩෙයි අප්පා අර ඇට මීයට.. කියන්නත් බෑ ඉතින් පතබෑවුණු බාල්දි වල හැටියට ඒම සීන් එකකුත් එන්ටර් වේවිද කියලා… මොකද මේ කතාව ලියන්නෙ ලව් ඇලජික් ඔට්ටමොලොස් පොරක්නෙ බන්… ?

      හා අයියා මචන්.. කතාව ලස්සනයි ඉතින්.. පුදුමයි ඉතින් කොල්ලවයි කෙල්ලවයි බන්දපු එක නම්.. උයැයි ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ හැපි එන්ඩින් දෙන්නෙ කලාතුරකින්නෙ ඉතින්.. අපේ සිත්මි අක්කි විතරනෙ ඉතින් අපිට හැපි එන්ඩින් විතරක්ම දුන්නෙ…. අම්මපා කෝමද අයියෙ අපේ සිත්මි අක්කියට.. හොදින් ඉන්නෝ නේ.. අක්කියගෙ කතාවක් කියවන්නත් ආසයි දැන් නම්.. මතක් කළා කියන්නකො අක්කියව.. සුභ පතනවා ඔයාට අයියා මචන්.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!!!

        1. ? මහිංසා ?

          අම්මෝ කමෙන්ට් එක …ලොකු හිනාවෙවී කියවනවද….අඬනවා ද දන්නේ නෑ ….මේක කියවලා…..?????? දුල් මැණික ….කොහොමද ඉතින් …කාලෙකින් ????

    1. හහ්… ? හිතාගෙන ඇති… අද සතුටු කොටසක් දුන්නා කියලා බැනුම් අහන් නැතුව ඉන්න… ඒවා හදේ අයියේ ????????? මං නම් බයිනවා… මෙච්චර කල් තරහ අවුස්සලා දුක දිලා අද මෙතන සතුට දෙනවා.. ඒක පාරම ඔහොම සතුටක් දෙන්න හොද නැ කියලා දන්නැද්ද ආහ්… ? තව පොඩ්ඩෙන් මං සෙත්තපොච්චි වෙනවා හාට් අටැක් හැදිලා… එහෙම වුනානම් චොක්ලට් බිස්කට් කන්න එනවා එහෙම නෙවෙයි මේ පැත්තේ… කොස්සෙන් ගහන්නේ කොස්සෙන්… ??

      අම්මෝ දැනෙන සතුට… “හේරත් මුදියන්සේලාගේ රවීන් අභිමාන් වන මම” කතාව ඇතුලේ අහපු ලස්සනම වචන ටික…?? මං කිවා ඔහොම වෙයි කියලා… යේ… ඒක හරි ගියා…??? පට්ට හැපි… අයියගේ කතාව ගෙස් කරපු එකක් හරි ගියාම… කලාතුරකින්නේ හරි යන්නේ…??

      චතුර හොද වුන එකනම් හොදයි… ඒත් ටිකක් දුකයි… ආයි ගල් මූසලයාට බයින්නලැබෙන් නැනේ.. ?? දැන් ඒ නරියා හොද වෙලානේ… ඒත් මේකනම් අහන්නම ඕන… මිදි තිත්තයිද නරියෝ.. ??????????????ආයි බයින් නැ පොලිස් කොට්ටෝරුවෝ… දැන් ඔයා හොදවෙලානේ…..??

      කතාවේ වීරයාට හිමි සම්මානේ ශාන් අයියාට හොදේ… අපේ ගැරඬි කොලුවා නැත්නම් ඔක්කෝම ඉවරයි… ????? වෙඩින් එකේ නැද්ද ? ඩාන්ස් එකක් එහෙම තිබ්බා නම් මරු… ??

      රවීන් අයියාලා එක්කම මල්ලි කොලුවායි නංගි කෙල්ලයි බන්දලා දැම්මොත් නරකද… ?? එතකොට ???? දෙකයිනේ… එකම හොටෙල් එකේ… වියදමත් අඩුයි.. ඔන්න ඔහේ කරලා දාන්න අයියේ… ???

      කතාවේ ඉතුරු ටික කියනකම් තමා දැන් හෙට වෙනකල් ඉන්න එපැයි… ? අමාරුම දේ මේ කුතුහලෙන් ඉන්න එකනේ… ?? බලමුකෝ දැන් ඊට පස්සේ මොකද කියලා… ??

      සිතේ සතුටක් නැතිව ආවා
      හදවතේ දුක් කඳුළු ඉවසා
      කොහොම වෙන්නද වෙනෙකුගේ අද
      ආත්මයම ඔබේ නමට පමණයි…

      නොසිතූ මොහොතක හඩක් ඇසුනා
      විශ්මයෙන් මගේ දෑස් පිරුනා
      ඔබම දැයි මේ සිතම විමසුවා
      අවසානයේ ඔබ මගේම වූවා…

      – සෂානි –

      දහස් පැතුමන් ඉටුකර ගැනුමට
      වෙලාව එනතුරු මා ඉවසූවා
      ඔබ දුක් විදිනා මොහොතක් පාසා
      හදවත නම් මගේ හඩා වැලපුනා…

      ඉවසලා ඉවසලා ඔබ වෙත එන්නට
      දින මම ගැන්නා ඔබ සිප ගැනුමට
      අද දින ඉටු වි මගේ ඒ සිහිනය
      සතුටින් ඉමු අපි එන හැම දිනකම…

      – රවීන් –

      දැන් කොහොමද අයියේ අක්කිටයි ඔයාටයි.. දැන් හොදයි නේද… බෙහෙත් බිලා ඉක්මනටම සනීප වෙන්න අයියේ… පරෙස්සමින් ඉන්න අක්කි ඔයයි දෙන්නම… තෙරුවන් සරණයි !…
      ????

      1. එකෙන්ම මං හොදින් අක්කියෝ… දූ පැටියා හොදින් නේද අක්කි… ???

          1. ? මහිංසා ?

            හරි ම ලස්සනයි මගේ නංගා …???????????????❤️❤️❤️❤️?????

  7. ?Devil fish?

    adha kotase wuna dhetanm ayyata umma ekak dhenna watinawana. adha chooti cmmnt ekak thamai dhanna wenne. gedhara weda wedi hindha. cathurayata mole padune khmdha kiyala dhanaganna hari kuthuhalayen inne ayye. hetath cmmnt ekak dhannam. budhu saranai.

          1. ?Devil fish?

            karamune akkiya. math sarayak wenas kara habai kattiya kiwwa meka hodhai kiyala eka nisa ai mekama dhamma.

          2. විෂාකා නෙත්සරනි

            අක්කියා මම නම වෙනස් කලාාා?️?️

        1. ? මහිංසා ?

          ❤️❤️❤️❤️සෙනෙහස ❤️❤️❤️

          මුදු මොලොක් හඬ,
          සියුමැලි වීය හිත .
          සෙනෙහසේ වදන් පෙල
          තෙත් වීය රළු හද.
          අතොරක් නොමැති කතාවෙන්
          පෑල දොරින් පැන ගිහින් ය,
          පාළුව………..
          හදවත සිසාරා
          හමායයි
          සෙනෙහසේ සිසිල ගෙන,
          ආදරේ සුවඳ…..
          රොන් සුණු සුවඳ සැලේ
          සිත් කොනින්.
          සියල් සිත අරා
          ආරාජික විය සෙනෙහස …….

          ???????????

          1. ? මහිංසා ?

            ගුඩ් මෝනිං ලොකු ….????? නිදුක් නිරෝගිමත් ලස්සනම ලස්සන සුවබර දවසක් ඔයාටත් දඟ පවුලේ හැමෝටමත්….??????????

            මුලින්ම සමාවෙන්න ඊයේ කමෙන්ට් එකක් කමෙන්ට් එකක් දාන්න බැරි උනාට…??????

            ගත්තාම නම් පට්ටම සුපිරියි….?????✍️✍️✍️✍️???? හරිම ආදරණීය කොටසක් ….?????? ගොඩක් සතුටුයි ..ඒ හැඟීම් හරි ලස්සනට අකුරු කරලා ඔයා ..කතාව ඉවර වෙනවා කියලා හිතෙනකොට ගොඩක් දුක හිතෙනවා …නොහිතපු අවසානයක් ගෙනත් ඔයා …ඉවසීමෙන් සැනසීම ගේනවා කියපු එක පසක් කරල ?????…ජීවිතේට ගන්න ගොඩක් ගොඩක් දේවල් තියෙනවා …කතාවේ හරි හරියට අපි ජීවත් වුණ නිසා ගොඩාක් අත්දැකීම් ලැබුන කියල හිතෙනවා ….අපේ ලොකු හරි දක්ෂයි නේ …අසනීප තියා ගෙන අප වෙනුවෙන් ලියනවා ඔයා….ඔයාගේ සතුට තියෙන්නේ මේ කමෙන්ට්වල
            ….ඇත්තටම ඒක ගොඩාක් ලොකු සතුටක් නේද…කිසි දේකින් ලබාගන්න බැරි හරි අහිංසක සතුටක්….✍️✍️✍️✍️✍️✍️????
            අන්තිමට රවීන් අභිමාන් සෂානි පැහැසරණිගේ වුණා එහෙනම් ….????? …ශාන් අයියා මොනා උනත් හරි හොඳයි නේද ….ජීවිතේ වැඩිපුර නපුරුකම් කරන අය හොඳ ම යාළුවා වෙනකොට ඒ බැඳීම හරි ශක්තිමත් ….මං ඒක මගේ ජීවිතේ දි අත්දැකලා තියෙනවා….????? මොන දෙයක් වෙලා හරි අන්තිමට අභීට ශානි ලැබුන එකට හදවතින් ම සතුටුයි ….???????????????????????????

            හැමෝගෙම නිසඳැස් ගොඩාක් ගොඩක් ලස්සනයි …එකින් එකට කමෙන්ට් කරන්න බැරි වෙයි …??????මොකද වැඩ කරන ගමන් තමයි මේ කමෙන්ට් එක දාන්නනෙත්….මේ දවස්වල රජයේ බදු ෆයිල් වලට ම යට වෙලා මං….. ✍️✍️✍️✍️✍️✍️ මගේ ලොකු ….මගේ නංගිලා හැමෝ ම පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්නවා නේද ….??????
            අසනීපෙන් ඉන්න ලොකු ඔයාටත් අපේ දඟ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබෙන්න කියලා හදවතින්ම පතනවා???????? ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ඔයාලා හැමෝටම ?????පරිස්සමින් සතුටින් ඉන්න …තෙරුවන් සරණයි ?????????????

  8. ඉතින් ඊට පස්සේ ???…..ඒ ටික බලන්න හෙට වෙනකං ඉන්න එපායැ ?…අද නම් මාරම සතුටුයි අයියෙ ??????????????…දන්නවනම් වෙඩින් එකට එනවා අර චතුර නිසා වෙඩිමට ආවෙත් නෑ ☺?☺?….ෂානිට ඇවිදින්නත් පුළුවන් වුනානෙ…ෂෝයි අප්පා ???…මන් කිව්වනෙ ඇත්ත ආදරෙ කවදාවත් පැරදෙන්නෙ නෑ රවීන් කොල්ලත් ලේසියෙන් අත ඇරියෙ නෑනෙ ????
    අනිත් කොටස් දෙක නම් බලනකන් ඉවසිල්ලක් නෑ ?????…හෙට දිගගගගග කොටසක් ඕනි අයියෙ …????????????????????????????????????????????????

      1. නිෂා සශී ?

        ෂා පට්ට ඩාන්ස් එක අක්කියෝ… ඒක මාව පිස්සෙක් කරා හිමෝ…????

      2. නිෂා සශී ?

        ෂා පට්ට ඩාන්ස් එක අක්කියෝ… ඒක මාව පිස්සෙක් කරා හිමෝ…?????

  9. හාදුවක් තියලා කෝලයෙන් බැලුවා
    නිල් නුවන් වහලා ආදරෙයි කීවා
    කවියක් වගේ අපගේ සෙනේ
    නදියක් වගේ නොසිදෙයි ලයේ

    මනමාලියේ දවසයි අපේ මේ
    හැගුමන් හිරි වැටිලා වගේ
    තුරුලේ ඉදන් හුරතල් විදින්නේ
    සුවදයි අපගේ ආදරේ …//

    සෝ සුසුම් නිවලා හාදකම් වැහැලා
    ජීවිතේ හොයලා යන්න යන් පියඹා
    කුසුමක් තරම් පිවිතුරු ලදේ
    වියතක් දුරින් මුමුණයි සදේ

    මනමාලියේ දවසයි අපේ මේ
    හැගුමන් හිරි වැටිලා වගේ
    තුරුලේ ඉදන් හුරතල් විදින්නේ
    සුවදයි අපගේ ආදරේ …//

    (අනේ මංදා සිරාවටම කීවොත් මට නම් ඔය නිසැදෙස් කවි මොකුත් ම මොලේට එන් නෑ. මං හිතන්නේ මං ඉපදිලා තියන නැකත හොද නෑ. කෝකටත් කියලා මගෙ ටෙහාන් කොල්ලගේ සිංදුවක් උස්සව්වා. කවුරුත් කේලම් කියනවා එහෙම නෙමේ හරිද. සුලු වැරැද්දක් ??? )

    කොහොමද අයියේ.
    දැන් අසනීප හොදයිද?
    සිත්මි නංගිත් පරිස්සමින් ඉන්නවා නේද?

    කතාව නම් මේ ව්දියට උන එක පට්ට. ඒත් පොඩි කුතුහලයක් තියෙනවා.
    හීනයක්ද මංදා ඔයා
    පියවි ඇසට මා දැකපු
    කියලා හිතන්න වෙන.එහෙම නෑනේ නේද. සන්තෝසය එහෙම් පිටින්ම නැති කරන්න නම් එපා. අපි පවුනේ.අනික මෝඩ සිරා බොරුවට බැනුම් අහලා. කමක් නෑ කන් දෙක සුද්ද වෙන්න ඇති. දැන් හොදට ඇහෙනවත් ඇති. දකුණේ කැකුලන්ට කන් වල දෝස තියනවා කියලා කවුද මංදා කිව්වා.
    ???

    මං හිතන්නේ හෙටත් කතාව කියාවි.
    අර රොමෑන්ටික් සීන් බලන්න දවස් දෙකක් ඉවසන්න වෙයි. කමක් නෑ දවස් ගානක් ඉදපු එකේ මේ දවස් දෙක මොකක්ද.
    ???
    වෙලාවකට හිතුනා රොමෑන්ටික් සීන් චතුර එක්ක යන්නේ නෑනේ. රවීන් එන්ටර් වෙලාද කියලත්. හරිනේ බලන් ගියාම. ශානී කෙල්ලගෙන කිස් නෙමේ ගන්න වෙන්නේ චතුරට ???

    ඒක නෙමේ මේ ශානි කැකුලි මේ තරන් දවස් ඇවිදින් බෑ කියලා බොරු කියලද කොහෙද. රවීන් කැකුලා දැක්කා විතරයි කකුල් හොද උනා. මට නම් සාධාරණ සැකයක් තියනවා. කියන්නද එපාද.??? එක්කෝ ඕනී නෑ. ඔයාම හිතාගන්නකෝ. දැන් ඉතින් අනේ මේකි කියලා හිතන්න නම් එපා. මං හරි උපාසක අම්මා හොදද. ???

    පවන්සලයි ❤️ ගැරඩියයි
    නංගි ❤️ මල්ලි
    අපෝ නයෝමදුට කවිෂ් හොදයි චතුර නම් එපා.ඌ තනිවෙන්නමයි ඕනේ. හැලපයා
    දැන්නම් ඔලුවත් එක්ක රිදෙනවා. ෆොන් එක දිහා බලන් ඉන්න බෑ ටික දවසක ඉදන්. ඉතින් අසා සිටි ඔබට ස්තුතියි. මන් නවතින්නම්.

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.කරන කියන සිතන පතන සැමදේ ඒ අයුරින්ම ඉටු වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි

    1. නිෂා සශී ?

      ඉන්නකො මං කියනව ටෙහාන් අයියට මේ දිල් අක්කි සිංදු උස්සනව කියලා ??????

    2. මං ආසම සිංදුවක් අක්කි.. ⁣ෙටහාන් අයියගේ සිංදු ගොඩක් ලස්සනයි… ???

      1. ම් ටෙහාන් අයියගේ සිංදු වලට කැමති උනාට කමක් නෑ. ටෙහාන් කොල්ලා නම් මගේ ???

        1. ? මහිංසා ?

          මගේ දිල් පැටියෝ …..????????අද නම් ඔයා ගොඩක් busy නේද ????…පරිස්සමින් ඉන්න කෝ බුදු සරණයි …?????

  10. දිග comment එකක් දාන්න බෑ ලොකු.තරහා වෙන්න එපා.කතාව මරු…චතුර කොල්ලා කොහොම හරි නිවැරැදි තීරණය අරගෙන අන්තිමට
    හාල් ගැරඬියා හොදයින් බලන් ගියාම…..එකත් ජය සිරි මංගලම් කිවා

    පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි දිග comment එක්ක දාන්න එන්නම් ඉක්මනින්

  11. උක්කූං පුතා(SuMi )

    හෙට එළිවෙන්න පැයක් තියෙද්දි හරි ඔයාලා ඔක්කෝගෙම කමෙන්ට් වලට රිප්ලයි කරනවා මම හොදේ පොඩි ටයිම් එකක් දෙන්නකෝ මට

      1. ? මහිංසා ?

        අනේ ලොකු සනීප වෙලා ඉන්න මුලින්ම …????? බුදු සරණයි ඔයාට

  12. දේවාෂි

    අම්මෝ දෙයියනේ…. මට බැහැ සුසන්ත….????
    යකූ සතුට වැඩි වෙලා කෑගහලා උඩ පැනපු පාර පුටුව පෙරලන් බිමට පතබරියන් උනා කියහන්කෝ…??? ඉතින් අහෝ දුකකි ඉරකි තිතකි කියලා…අම්මා මට බැන්නා..?? ඒ බනිනකොටත් මොකාද එකා වගේ හිනා වෙනෝ… මෙහෙම ගියොත් අපේ අම්මා අනිවා හිතනෝ මට මල්සරා එකෙන්ම කඩුවෙන් කොටලා කියලා…??
    අම්මෝ අර හේරත් මුදියන්සේලාගේ රවීන් කියලා කිව්ව තැන මම දෙසරයක් කියෙව්වා ? ඒ තරම් මට අර චතුර කියන ගං කබරයව විශ්වාසය නැහැ …?? දැන් නම් අර යනවා කිව්ව මූන් එක ගියාට කමක් නැහැ ඉතින්… අම්මෝ ඒක. .. ඉක්මනට ගියොත් හොඳයි ….??
    අම්මෝ අපේ රවීන් කොල්ලා… යකෝ අතන අච්චර සේනාවක් මැද මුන් දෙන්නා නොමිලේ ෆිල්ම් පෙන්නනවා නේ…මාත් ඉතින් පොඩි එකා නිසා එක ඇහැක් වහගෙන කියෙව්වේ… ? නැත්නම් මගේ ලමා මනස නරක් වෙනවා නේ…?? බලන්න ඉතින් ආයේ මූ අර චතුර කියන එකාගේ මොලේ ඇතුලට ක්ෂුද්‍ර ජීවියෙක් වෙලා ඇතුල් උනාද කියලා මට සාදාරන සැකයක් එනෝ ….? ක්ෂුද්‍ර ජීවියෙක් බැරි නම් ජලජ ජීවියෙක් වෙල හරි රිංගලා අයෙ නියම වැඩක් කරලා තියෙන්නේ…???❤ ඇත්තටම තාම හිතාගන්න බැහැ අප්පා… මම මගේ ඔලුව නෙවෙයි අපේ අයියාගේ කොන්ඩෙන් ඇදලාත් බැලුවා මා මේ දකින්නේ ස්වප්නයක් ද කියලා…?❤? නැහැ කියලා ඔප්පු උනා… ඒ යකා මාව දිව්‍යලෝකේට වැටෙන්න වගේ බැන්න බැනිල්ලට…??

    අනා ශානි බබා… දැන් ඉන්නො මෙතන මුකුත් නොදන්න සූටි බබා වගේ… කමක් නැහැ ඉතින්… කොහොමත් රවී කොල්ලවා මට හරියන්නේ නැහැ නේ… ඒ නිසා ශානි බැදගත්තට අවුලක් නැහැ …?මට මැවී පෙනුනා අපේ කෙල්ලගේ මූණත්තහඩුව….? ආයේ ඉතින් චොකලට් ? එකක් වගේ තියෙන්න ඇති…??.. යකෝ පුටුවෙනුත් නැගිට්ටුනා කියහ්න්කෝ… බලන්න නේ ලව් එක… ??

    අනික අයියේ ඔයා මම මිනීමරුවෙක් වෙන එක නතර කරා නේ… තැන්කු ආ… මොකද එහෙම උනා නම් එහෙම අපරාදේ නේ මේ සී ලංකාව..මම වගේ වටින කෙල්ලෙක් අඩු වෙනවා නේ…???? මම හිතන් හිටියේ අර චතුර කියන එකාව ගිහින් ගස් බැදලා තට්ටේ ගාලා… ගලක් බැදලා බෙල්ලේ මූදට වීසි කරන්න…??? දැන් එහෙම ඕන නැහැ නේ….?
    අද නම් මට ? එකක් බෙදා ගෙන කන්න තරම් සතුටුයි අනේ…❤❤ සුදු අයියා කොටේ බලන්න ඔයා කොච්චර සෝයිද කියලා… මම නම් ඔයාට හීනෙකින් වත් බැන්නේ නැහැ නේ… හැබහින් විතරයි බැන්නේ…??
    කතාව එල අයියේ … සුපිරි …. පිස්සු හැදෙයි සද බැබළෙයි…??❤
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ….??❤

    1. නිෂා සශී ?

      අනේ අනේ දේවාෂියෝ මට බය ඔය අසරණ පුටුවට මොකක් හරි ආපදාවක් උනාද කියලා ?? පව් දෙයියනේ පුටුව ?????

      1. දේවාෂි

        පුටුවේ අන්ඩක් කැඩෙන්න ගිහින් නූලෙන් බේරුනේ…
        පව් ඉතින්…??

          1. ? මහිංසා ?

            දේව් මගේ නංගා ….????? කමෙන්ට් එක සෝයි …..?????

  13. නිරෝෂා ලක්මාලි

    ? ? ? ? ? ? ? ? ? ? ?
    ?????????????

    අම්මෝ දැන් තමයි හිතට සැනසීමක් දැනෙන්නේ. ඒ සප්‍රයිස් එක නම් ඉතින් එළකිරි වගේ තිබුණා. පණ බයේ හිටියේ චතුර සෂානිව බඳියි කියලා. මාරම සතුටුයි අභි සෂානි එකතු වුණ එක ගැන. කෙල්ල රෝද පුටුවෙනුත් නැගිටලා හිට ගත්තා. තවත් ඉතින් මොනවද ඕන.

    චතුර කරපු මෝඩ වැඩේ නිසා අම්මෝ දඟ පවුලේ කෙල්ලගෙන් අහපු බැනුම් කන්දරාව. දන්නවනම් ඒකා වහ කාලක් බීලා එල්ලිලා මැරෙයි. ඒ තරමට දෙස් දෙවොල් තිබ්බනේ. කමක් නෑ ඉතින් චතුර දැන්වත් තේරුම් ගත්තා මදැයි බලෙන් ලඟට අරන් වැඩක් නෑ කියලා.

    අපි නොදන්න ගොඩක් දේවල් රහසිගතව වෙලානේ. ශාන් අයියා මරු කොල්ලා. ඔය ඉන්න අයත් සෙට් කරලා කපුකමක් කරලා දාන්න අප්පා. එතකොට ඉතින් ආයේ කිසි කරදරයක් නෑනේ.

    දැන් ඉතින් කිසිම දේකට දුක් වෙන්න බය වෙන්න දෙයක් අවසානය ගොඩාරියක් ලස්සනට ඇති. මේ වගේ ලස්සනම ලස්සන කතාවක් අපි වෙනුවෙන් අරන් ආවාට අයියට ගොඩක් ස්තූතියි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
    ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
    ?????????????
    ? ? ? ? ? ? ? ? ? ? ?

      1. ? මහිංසා ?

        නිරෝ මගේ මැණික ….????? දැන් කොහොමද …හොඳට ම සනීප වෙන්න කියලා හදවතින් ම පතනවා ????? තෙරුවන් සරණයි මගේ නංගා

  14. ..Sandashen..

    මන් දැනගෙන හිටියේ අවසානය මෙහෙම වෙයි කියලා.අම්මේ ලොකු ඔයාට උම්ම්ම්මා එකක් දෙන්න වටිනවා ? . සුපිරි හොදේ .කියන්න වචනත් නැහැ මට .
    ලොකු චතුර පවු ඒ නිසා චතුරටත් අපි කෙල්ලෙක්ව ගේමූ .කෙල්ලෙක් නැත්තං මේ මාව හරි කමක් නැහැ චතුරට දෙන්න.???
    ලොකු ඔයාට කොහොමද හොඳින් ඉන්නවද.බුදු සරනයි ලොකු .දිග comment එකක් දෙන්නම් වෙන දවසක හොදේ .තලහා වෙන්න එපෝ මම පවුනේ….???☺️?

    අවසානයක් නැති වෙලාවේ
    අනවසරයෙන් ගත් විරාමේ
    යන්න යනවද මගේ සටහන් එකක් වත් ගැන නොවිමසා………

  15. ..Sandashen..

    මගෙ පනලා ටික කෝ මව අඅමතක කරලා දැම්මා ද …. මට සමවෙන්න රත්තරංලා ඔයාලා හැමෝම මතකයි මට …….අමතක කරලා නැහැ කකවුරුවත් …….අදරේයි අදරේයි හැමෝටම ……l ? U ……..?????????????????????????

  16. ඇද්ද මුකලන් බස්සා… අපි කිව්වනෙ මේ මෝඩ ගොන් චතුරයට ශානි අයිති රවීන්ට රවීන් අයිති ශානිට කියලා… කො ඇහුවද නෑනෙ නෑනෙ.. දැන් ඉතිම් මෙහෙමවත් කියන්න වෙන්නෙ… ___සැරයටියෙන් මම යනෙන තුරා… සංසාරේ මම තනිව යනෝ… සන්සාරෙන් මම සමුගන්නා දා ඒ ගමනත් මම තනිව යනෝ… ශානි එපෝ____ දැන් ඉතින් නිකන් පච වෙලා පැත්තකට වෙන්නනෙ උනේ..

    ???????????
    දගකාර දෑස් මත නැවතුනා මොහොතකට…
    හිත් වලට හොර රහසෙ පෙම් කලා අපි අපිට…
    හමුවුනේ නුබව මට පෙර බවේ පුරුද්දට…
    ආදරෙයි මියෙන තුරු ඔබේ ඔය හදවතට…
    ?????????????

    අද කොටස නම් නියමයි අයියේ… කොහොම හරි සත්‍ය ප්‍රේමය ජය ගත්තනෙ ඉතින්.. කතාව ඉවර වෙන්න ලන් වෙන එකට නම් දිකයි…?? ඒත් ඉතින් ඉවර වෙනවනෙ..

    සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ ජේසු පිහිටයි???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.