Katha Ahura

ඇවිදින මරණ | හත්වෙනි මරණය | හොල්මන් කතා

5/5 - (6 votes)

අටවන මරණය….

———————————————————————————————————————–

මාව තවත් බයෙන් ඇලලී ගියා..

ඒ වැටිච්ච මිනිසා ගාවට මං තව කීට්ටු කරලා බැලුවා…

කළු ලෝගුවකින් සැරසිලා හිටපු මනුස්සයා මං මගේ පැත්තට හරවා ගත්තා..

අපොයි දෙයියනේ…!!! ඒ මූණ දැක්කම මට උන් හිටි තැන් අමතක වුණා…

ඇස් වල කළුපාට බොල දෙක ලාසුදු පාටට හැරිලා.. ඇස් යටටම ගිලිලා.. මුළු ඇඟම සියුමැලි වෙලා.. මුළු මූණේම නහර පේනවා..

මොනවා හරි දේකට බය වෙලා වගේ.. නෑ මේ ඇවිදින මරණයකට බය වෙලා නෙවේ… ඊට වඩා ලොකු දෙයක් වගේ…

වෙරළේ මොනවදෝ මංන්දා විකාර හැඩ වගයක් ඇඳලා… එක තැනක අර මං දැක්ක සළකුණත් තිබ්බා..

මේක තමයි මං හොයන් ආපු දේ…

මං හරි පරිස්සමට අර මිනිහව පරීක්ශා කරා…

ඒ මනුස්සයා විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්.. අමුතු වර්ගයක මාලයක්.. තව අර සළකුණ යෙදුන කාසි හතරක්, තව පොතක් විතරයි එයා ගාව තිබ්බේ..

මං නිකමට පොත ඇරලා බැලුවා.. මේක ලියන්න ඇත්තේ සමහරවිට මේ මහාචාර්යතුමා.. පෑනකින් ලියපු අමුතු විස්තර වගයක්..

මොනවාහරි දෙයක් පරිවර්තනය කරලා වගේ..

මං ඒ ඔක්කොම ටිකක් අරගෙන ආපහු පාරට ආවා…

දැං මං යන්න ඕනී කොහේහරි නිදහසේ මේ විස්තර කියවන්න, ගවේශණය කරන්න පුලුවන් තැනකට..

ඒත් ඊට කලින් කරපිටියට යමු.. එහෙම හිතන් මං වාහනේ පාරට දැම්මා..

ඒත් අතරමඟ මාර්ගය සම්පූර්නයෙන්ම බ්ලොක් වෙලා. එකදිගට වාහන රැසක්ම කොළඹ පැත්තට ධාවනය වෙනවා..

මොකද වෙන්නේ කියලා දැන ගන්න මං කවුරුහරි නවත්ත ගන්න හැදුවත් කිසිම කෙනෙක් නවත්ත ගන්න මට බැරි වුණා..

අන්තිමේ මං කරපිටියට ආවා. ඒ එන අතරතුර හෙලිකොප්ටර් කිහිපයක්ම කොළඹ පැත්තට ගියා.. මොනවා වෙනවද මේ..

මං කාර් එකෙන් බහින ගමන් ෆෝන් එක අතට ගත්තා.. ඕඕ ශිට්.. ඒකත් බැහැලා…

මං කරාපිටිය ඇතුළට යද්දි දැක්කේ හිටපු සෙනඟගෙන් බාගයක් වත් නෑ.. ඉන්න අයත් කලබලයෙන් එහේ මෙහේ දුවනවා…

මං අහම්බෙන් වගේ ඈත් ඉන්න විහාන්ව දැක්කා..

එයා ගාවට ගිහින් විස්තර කතා කරාමයි මං දන්නේ රජයෙන් නිකුත් කරපු විශේශ නිවේදනය…

අද මධ්‍යම රාත්‍රී දොළහෙන් පස්සේ ගාල්ල කොළඹ මාර්ගය වහනවලු.. ගාල්ල මාතර මාර්ගයත් වහනවලු… ඊට කලින් ගාල්ල නගරයෙන් සාමාන්‍ය ජනතාව ඉවත් වෙන්න ඕනලු..

විශේශ කාර්ය බලකාය හා තව විදෙස් හමුදාවක් මේ නගරයට ඉක්මනින් පැමිණේවිලු මේ සියල්ලම විසඳන්න..

ඒ විතරක් නෙවේ.. මේ ඇවිදින මරණයට තවමත් වෛද්‍යවරුන්ට විසඩුමක් දෙන්නත් බැරි වෙලා..

දෙයියනේ…!! වෙන්න ඕන හැමදේම වෙනවා වගේ.. තව මොනවා වෙන්නද..??

“දැනටමත් මරණ එකසිය හැට දෙකක් සිද්ද වෙලා.. මේ ගණනය කරපුවා.. තව තැන් තැන් වල මරණ කීයක් නම් ඇත්ද..? ඒ මදිවට අරුන් කියක් මරණයෙන් නැඟිටිලාද දන්නෙත් නෑ..”

“තත්වය නම් බරපතලයි.. ඒත් ඔයාම දැක්කනේ. උන්ව වෙඩි තියලා මරන්න බෑනේ.. ”

‘ඒත් වෙන විසඳුමක් නෑ.. මේක දැනටමත් ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා. ඩොක්ටර්ස්ලට පවා අඩුම ගානේ මේ වෙන දේවල් වලට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න බැරි වෙලා තියෙනවා..”

“ඒ හින්දම තමයි ඔයා මට ඇහුම් කන් දෙන්න ඕනි.. මං ගාව විසඳුමක් තියෙයි…”

“විසඳුමක්..?? මොකක්ද…??”

විහාන් සම්පූර්නයෙන්ම අවධානය මට දුන්නා..

“සමහරවිට මේ පොතේ ඒ ගැන මොනවා හරි ඇති..”

“මෙහේ එනවා..”

විහාන් මාව ඇඳගෙන ඒ ළඟ තිබ්බ කාමරේකට ගියා..

“තාමත් අර මනස්ගාතද ඔළුවේ තියන් ඉන්නේ..?? ඕවා කාත් එක්කවත් කියන්න එපා.. මිනිස්සු හිතයි තමුසෙට පිස්සු කියලා.. ”

“ඔයා මාව විශ්වාස නොකරට කමක් නෑ..,මට ටික වෙලාවක් දෙන්න මං මේක කියවලා මොනවාහරි හොයා ගන්න..”

“සමහරවිට මේක අපිට තියෙන අන්තිම අවස්ථාව නම්..”

“විහාන්… ප්ලීස්ස්.. ”

විහාන් මොහොතක් කල්පනා කරා..

“හරි… දැං මොකක්ද තමුසෙට කරන්න ඕන..??

“මට ටිකක් නිදහසේ ඉන්න ඕනි. මේ පොත කියවන්න..’

විහාන් මාව ජීප් එකේ දාගෙන ඇඳගෙන ආවේ පොඩි ගෙදරකට. සාලෙයි, කාමර දෙකකුයි, කුස්සියක් තිබ්බ පොඩි ගෙයක්.

“හොඳට අහ ගන්නවා… ඔයා මේ ගේ ඇතුළින් එළියට බහින්නවත් එපා.,මං දොරවල් දෙකම ලොක් කරලා යන්නේ.. යතුරු මං ගාව විතරයි. මං ඉක්මනට එනවා. ”

“මට මිනිස්සුන්ව නගරෙන් ඉවත් කරන්න තියෙනවා… ඔයා පරිස්සමින් ඉන්න. තව ටිකකින් රෑ වෙයි. මං පුළුවන් ඉක්මනින් එනවා..”

විහාන් මගේ ඔළුවට අත තියලා පොරොන්දු වෙලයි ගියේ..

එයා කිව්වා වගේම දොර එළියෙන් ලොක් කරා..

මං කාමරේකට ගිහින් බඩු ඔක්කොම ඇඳ උඩින් තිබ්බා..

කුස්සියට ගිහින් වතුරත් බීලා, ඇඳ ගාව බිම වාඩි වෙලා පොත අධයන කරන්න පටන්න ගත්තා.. දෙවියනේ… මට විසඳුමක් පෙන්වන්න..

ඒ අස්සේ මං ෆ්ලග් එකක් හොයලා ෆෝන් එක චාජ් එකටත් ගැහුවා..

මේ පොතේ තියෙන දේවල්.. පිස්සු හැදෙනවා..

මෙයා රට රටවල් වල සංචාරය කරද්දි ලැබිච්ච මොනවා හරි පැරණි ලිපියක්.. අඳුරු බලවේග ගැන තියෙන.. ඒක මෙයා පරිවර්තනය කරගෙන ඒක අත්හදා බලලා..

ඒකයි වෙලා තියෙන්නේ… හැබැයි එයාට කොතන හරි වැරදිලා.. නැත්නම් ලියවිල්ල හදලා තියෙන්නෙම එහෙමයි..

අමරණීයත්වය සහ මරණීය බලය.. එතකොට මේ මාහාචාර්ය තුමා මේක අත්හදා බලලා තියෙන්නේ මරණය පරදවා අමරණීයත්වය ලබා ගන්නද..?? ඒකටද මෙච්චර මිනිස් ජීවිත බිල්ලට දීලා තියෙන්නේ…

පොත ඇතුළේ තිබ්බ කොළේක තිබ්බේ නම් ලිස්ට් එකක්.. තිබ්බ නම් අතරින් නම් සීයක් විතර මාර්ක් කරලා…,තව කොළේක තිබ්බේ පත්තරේකට දාපු ඇඩ් එකක්…

රෝග සුව වීමට, සිතු පැතුම් ඉටු වීමට, බය දුරු කිරීමට, හැර ගිය අය ගෙන්වීමට, අපල දුරු කිරීමට යාගයක් පවත්වනු ලැබේ.. ගාල්ල දිස්ත්‍රික්කයේ අය පමණක් අයදුම් කරන්න.. සියල්ල නොමිලේ…

එහෙනම් මෙහෙමයි මහාචාර්ය තුමා මිනිස්සු රැස් කරගෙන තියෙන්නේ.. මිනිස්සුන්ගේ හිතේ දුරවලම ස්ථානය බලලා ප්‍රහාර එල්ල කරලා ගාල්ලේ විවිද පැති වලින් මිනිස්සු ගෙන්න ගෙන.. මුළු ගාල්ලම විනාශ කරලා දාලා..

මං තව පිටුවක් පෙරළුවා.. සම්පූර්නයෙන්ම යාගය කරන විදිය සහ ඒවාට සූදානම් වෙන විදිය විස්තරාත්මකව ලියලා..

ඒත් කෝ මේකට පිළියමක්..

මං පොත කියවන් කියවන් ගියා..

අන්තිමේ මං හොයපු දේ හම්බුනා…

මේකට මුලින්ම ඇවිදින මළමිණියක් වෙච්ච කෙනා ඕන..

තව….

කවුරුහරි දොරට ගහනවා වගේ…

කතා කරන හඬක් නම් ඇහෙන්නේ නෑ…

කවුද…?? හතරවටින් කළුවරත් වැටිලා..

මං හිටියේ කාමරේ ලයිට් එක දාගෙන.. ජනේලයටත් ගහනවා වගේ..

මාව පුදුම විදියට බය වුණේ..!! මොකක්ද කරන්නේ දෙයියනේ…

මං හෙමීට කාමරේ ලයිට් එක ඕෆ් කරා.. මගේ බඩු ඔක්කොම අරන් බෑග් එකට දා ගත්තා.. ෆෝන් එකත් චාජ් එකෙන් ගලවලා ඒකත් සාක්කුවට දාගත්තා..

දොර කඩනවා වගෙයි.. ඒ තරම් හයියෙන් දොරට ගහනවා.. අරුන් ඇවිල්ලද මෙහෙට..

තුන් හතර දෙනෙක්වත් ඇති.. ජනෙල් වලටත් ගහනවා.. මං කොහොමද තනියම උන් එක්ක සටන් කරන්නේ…??

මං බෑග් එකත් තුරුල් කරන් අල්මාරිය ඇරලා යටම තට්ටුවේ හැංගුණා..

ශික්.. විහාන්ගේ නම්බර් එකක් හරි තිබ්බා නම් කතා කරන්න තිබ්බා…

මං එහෙම්මම ගුලි වුණා..,දොර කැඩුනා වගේ.. එකෙක් නැත්නම් දෙන්නෙක් ගෙට ඇතුළු වුණා.. කොර ගගහා ඇවිදින හඬින් මට තේරුණා..

එකෙක් කාමරේටත් ආවා වගේ.. මං මගේ අතින් කට වහගත්තා හුස්ම ගන්න හඬවත් පිටට නෑහෙන්න..

ටිකෙන් ටික අඩි සද්දේ මට ළං වුණා..

අල්මාරියෙන් දාරයෙන් ඌව පේනවා.. කාමරේ වටේම ඇවිදලා ඌ ආපහු යන්න හැරුණා..

එතකොටයි මගේ පපුව ටිකක් කූල් වෙන්න ගත්තේ…

එතකොටමයි මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ.. ඇමතුම ඩූමාගෙන්…

අරූ ආපහු හැරුණා…..

දෙයියනේ…..!!!!

————————————————————————————————————————–

කොහොමද ආදරණීය හොල්මන් ටික.. ඇත්තටම හරිම සතුටුයි ඇවිදින මරණයට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන..

හුඟක් අය කියනවා මේක ෆිල්ම් එකකට හොඳ කතාවක් කියලා.. නැත්නම් ටීවී සීරිස් එකකට.. ඒත් දෙයියනේ.. ලංකාවේ එහෙම ඒවා තියෙද…???

මොනවා වුණත් ඔයාලගේ හැම වචනයක්ම ගොඩක් වටිනවා..
ඊළඟ මරණයෙන් හමුවෙමු..
බුදු සරණයි..!!

8 thoughts on “ඇවිදින මරණ | හත්වෙනි මරණය | හොල්මන් කතා”

  1. Ammo matanam bariyo….meyava ahuveida danne na.
    Kathavanam aththatama superb.meka lankavata nemei wena rataka film ekak hadanna puluvan patta pitapathak.mokada lankave mevage film hadanne nane
    Good luck

  2. Hashini Navanjana.

    හී…. මං ගෙස් කරපු දේ හරිනේ… ??? හරිම ශෝයී අනේ කතාව. ගොඩාක්ක්ක් බය හිතෙනවා. කුතුහලයත් උපරිමයි… ??? අනේ කෙල්ලව අහු කරන්න නම් එපා හොඳද අක්කියෝ…. ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.