Katha Ahura

දිවුල් | 12 කොටස අවසාන කොටස | හොල්මන් කතා

3.5/5 - (18 votes)

“ඕෂමාල්……..”

බයික් එකෙන් බැස එය හිටවා මා දිහා බලමින් එමින් හිටියේ ඔහුයි. මල්ලී හා බිනෝද් දෙදෙනාත් කවුද ආවේ බලන්න ඉස්සරහට ආවත් මම හිටපු නිසා වෙන්න ඇතු ඔවුන් දෙන්නා යලිත් කාමරයට ගියා.##### ####

මාත් මල්ලීත් එකම වයසේ හිටියත් ඉගෙන ගත්තේ එකම පන්ති කාමරයක නෙමේ. ABCD කියල බෙදල තිබ්බ පන්තිවල එකොලහ වසර වෙනකම් මම A පන්තිවල ඉගෙන ගනිද්දී මල්ලී ඉගෙන ගත්තේ C පන්තිවලයි. ඒ නිසාම මම ලගින් ඇසුරු කරපු මිතුරන් ඔහු ලගින් ඇසුරු කලේ නෑ වගේම ,ඔහු ලගින් ඇසුරු කරපු මිතුරනුත් මම ලගින් ඇසුරු කෙරුවේ නෑ.

” ඕෂමාල් උබ කිව්ව නේද උබලගේ බාප්ප නැතිවුනා ,එහෙ යනවා කියලා…..”

ඔහු පුටුවක ඉදගනිද්දීම මම ඇහුවා.

” ඒ මළගෙදර ගිය හින්දම මම ලොකුම ලොකු දෙයක් හොයාගත්තා. මට නෙමේ ඒක වැදගත් යුදීශ් උබට ”

” මොකක්ද ඒ”

“අපි යමුද අර පැත්තට ”

ඕෂමාල් නැගිට්ටේ ගෙදරට මදක් ඉස්සරහින් තිබුනු පිහිඹිය ගහක් යට තිබ්බා කොන්ක්රීට් පුටු දිහා පෙන්වා.

**** ” ඉතින් කියපන්කෝ මොකක්ද උබ හොයාගත්තේ…”

මම ඒක ඇහුවේ ඒ පිහිඹිය ගහ ලගට ලන්වෙද්දීයි.

“උබ මට කිව්වේ ,උබට හීනෙන් පේනවා දිවුල් ගස්වලින් පිරිච්ච මිනීපිටියක්. ඒ මිනීපිටිය ලග ඉදන් පාරේ ඉදන් දකුනු පැත්තට යද්දී වෙල් යායකට මූහුනලා පන්සලක් තියෙනවා කියලා…..”##### #####

“ඉතින් උබ එහෙම මිනීපිටියක් හොයාගත්තද ”

මම ඒක කුතුහලයෙන් ඇහුවම ,ඕෂමාල් කොන්ක්රීට් පුටුවේ ඉදගත්තේ මටත් ඉදගන්න අතින් පවසමින්.

” අපේ අනුහස් බාප්පා වැලලුවේ ඒ වගේ පන්සලක් කිට්ටුව තිබ්බ දිවුල් ගස් පිරුනු මිනීපිටියක.”

“උබලගෙ බාප්පගෙ නම අනුහස්ද ”

මම එහෙම ඇහුවේ ඒ නමේ යම්කිසි විශේශත්වයක් තිබුනු නිසා. ඊට හෙතුව මට පෙන හිනෙත් අනුහස් කෙනෙක් හිටිය නිසා.

“හ්ම්ම්ම්ම්, පව් බාප්පා….අවසාන කාලේ සලකන්න කෙනෙක් හිටපු නැති හින්දා සුමේද බාප්පා අනුහස් බාප්පව එහෙ එක්කගෙන ගියා. ”

” මොකක් වෙලාද බාප්ප මැරුනේ….”

” මොළේ පිලිකාවක් හැදිලා.,දැනගන්නකොට වෙන්න ඔනදේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒත් අනුහස් බාප්පා මැරෙන්න පොඩ්ඩක්වත් දුක්වුනේ නෑ. ගිය අවුරුද්දේ අනුහස් බාප්පගෙ පුංචත් නැතිවුනා….අනුහස් බාප්පට ඕන වුනේ ඉක්මනට එයා ගිය ලෝකෙට යන්න. අවසාන කලේ එයා අඩ අඩා කිව්වෙ මටත් ඉකමනට එයා ගිය ලෝකෙට යන්න ඕනා….මම තව ජීවත් වුනොත් එයාට මම එනකම් තව කාලයක් බලන් ඉන්න වෙනවනේ කියලා…….බාප්පට ඕනේ වුනේ ඉක්මනට මැරිලා ආයේ ඉපදිලා පුංචත් එක්ක ඊලග ආත්මෙත් ##### ##### #එකතුවෙන්න…………”

” මාව එක්කගෙන පලයන් අර මිනීපිටියට , මට ඕනා ඉක්මනට එතනට යන්න…….”

” හෙට යමූ…….”

එදා ඕෂමාල් මගෙන් සමුගෙන ගියේ මට එහෙම පොරොන්දුවකුත් දී අවසානේ.
********************************************
එදා 2039 සැප්තැම්බර් 18 වෙනිදා මල්ලී ,කිලෝමීටර් 15විතර දුරින් තිබුනු බිනොද් ලාගේ දිහා ගිහිල්ලා පැය කාලකට විතර පස්සේ ඕශමාල් මාව සොයාගෙන ආවා.

ඕශමාල් කිව්ව විදිහට අර මිනීපිටිය තිබුනේ ,අපෙ ගමේ ඉදන්කිලෝමීටර් හතලිහක් පනහක් විතර දුරින්.අම්මාට බොරුවක් කියපු මම ,ඕශාමල් එක්ක ඒ ගමන ගියේ ඉක්මනින් ඒ මිනීපිටිය දැකගැනීමේ අරමුනෙන්.

සෑහෙන දුරක් බයික් එක පදවාගෙන ගිය ඕශමාල් එකපාරටම ගමකට වතුර දෙන්න හදපු වතුර ටැංකිය ක් ලගින් වෙන පාරකට දාද්දි මගේ හිසට දැනුනේ මහා බරක්.

“ඕෂමාල් මේ වතුර ටැංකිය ,ඒක තමා ,මට අර හීනෙන් මේක පෙනුනා……..මේ පාර……….”

මට වචන හසුරගන්නත් අමාරුවුනා, දැඩි කලබල ගතිය නිසා.##### ##### ##

” පොඩ්ඩක් රිලැක්ස් වෙයන් ,අර මිනීපිටියත් උබ හීනෙන් පේන එකම වුනොත් උබ කොහොම හැසිරෙයිද මන්දා”

එහෙම කියපු ඕෂමාල් වේගෙන් බයික් එක පදවන් යද්දී මම වටේට බල බලා ගියේ ,හීනෙන් පෙනුන තව දේවල් මට හැබහින් පෙනේද කියා. ඒත් එහෙම දේවල් පෙනුනේ නෑ. හීනේ පෙන්නපු කතාව ඇත්තනම් ඒ දේ වෙලා මේ වෙද්දී අවුරුදු විස්සකට එහා කාලයක් ගෙවිලා තිබුනා. ඒ කාලේ තිබුනු පරිසරය මේ වෙද්දී කොහොමවත් තියෙන්න විදිහක් නෑ.

හිත හිතා මම යද්දී එකපරටම ඕෂමාල් බයික් එක හිට්ටෙව්වා.

” මොකද ”

” මෙතන බඩ ඉරිගු තම්බනවා ඒවා දෙකක් කාලම යමු.”

පාර අසල බඩ ඉරිගු තම්බන ගැනූ කෙනා ලගට ඕෂමාල් යද්දී මම ඒ ලගම තිබ්බ විශල නුග ගහක් දිහා බලගෙන හිටියේ ඒ නුග ගහත් එක්ක මගේ මොකක් හරි සමීප බවක් තිබ්බ නිසා.

“ඕෂමාල් මේ ඒ නුග ගහ තමා මාව අර ලොරිකාරය හප්පගෙන ගියේ මෙතනින් , තමා. ඊට පස්සේ මම මේ නුග ගහ උඩින් පාවෙලා පාවෙලා ගියා.. මාත් එක්ක සදුනුත් ආවා……මේ…..”

මම පිස්සුවෙන් වගේ කියද්දී ඕශමාල් ඒකට බාදා ##### ##### ###කෙරුවා.

“හිමින් හිමින් කතා කරපන් ,මෙතන මිනිස්සු ඕවා අහල වෙන වෙන දේවල් හිතයි.”

“අපි අහල බලමු මෙතන ඉන්න අයගෙන් ,මීට අවුරුදු විස්සකට විතර කලින් මෙතන ත්රීවීල් එකක් හැප්පිලා කවුරුහරි මැරුනද කියල..”

“ඔව් මීට අවුරුදු විස්සකට විතර කලින් එහෙන එකක් වෙල තිබ්බා…….ඒත් ඔය දෙන්න කොහොමද ඒ ගැන දන්නේ…. ”

ඕශමාල් ඒ දේ බඩ ඉරිගු තම්බන ගැනූ කෙනාගෙන් අහද්දී ඇය ඊට පිලිතුරු දුන්නේ පුදුමවෙලා.

***** ” නෑ ඒ කෙනා අපේ ගොඩක් දුරින් නෑදෑ වෙන කෙනෙක්…”

” ඒත් ඒ දේ වෙනකොට ඔය දෙන්න ඉපදිලත් නැතිව ඇති. මාත් ඒ වෙද්දි හිටියේ කෙල්ල කාලේ….මැරුන කෙනා ඔය දෙන්නගේ වයස වගේ… බලන්ඩ බෑ. ඔලුව චප්පම් වෙලා තිබ්බේ අදුරගන්නවත් බෑ….මට දැනුත් ඒක මතක් වෙනවා.මම මහත්තයට කිව්ව ඒ වගේ දෙයක් වුන තැනක මෙහෙම කඩයක් දාන එක හරී මදී කියලා. එයා ඇහුවේ නෑ..ඒවා…..”

“ඉතින් ඒ ත්රීවීල් එක හප්පපු කෙනා හොයාගත්තද”

“මොන….අදටත් ඒක අභිරහසක්…”

ගෑනු කෙනා ඒක කියද්දී මගේ ,phone එක නදදුන්නා…ඇවිල්ල තිබුනේ මල්ලීගෙන් හින්දා මම කතා කෙරුවෙ දෙවරක් නොසිතාමයි.##### ##### ####

“අයියෙ මම අර බිනොද් ගේ අයියා හදපු , අර ගිය ආත්මේ අපි හිටියෙ කොහොමද කියලා බලන්නෙ. ඒකට මගෙ අත තිබ්බම කියවෙන්නේ හරි අමුතු දේවල්.”

මල්ලීගේ හඩ තිබුනේ කලබලයෙන් පිරිලා.

“හරි අමුතු දේවල් කිව්වෙ….”

” අයියයි,මමයි ගැන ,ඒවා ඇත්ත උනොත් ,මට හරි බයක් දැනෙන්නේ…..අද සැප්තැම්බර් 18 ”

” ඉතින් සැප්තැම්බර් 18 මොකද වෙන්නේ ”

නුහුරු බියක් දැනෙද්දීයි මගේ හඩ අවදි වුනේ.

” මට බෑ අයියේ ඒ වගේ දෙයක් phone එකෙන් කියන්න,ගෙදර අපුහම කියන්නම් අද මට මොනවහරි වෙයිද දන්නේ නෑ…..මට බෑ අයියෙ උබව දලා යන්න ,”

අඩලා වගේ ඔහු phone එක cut කෙරුවේ මගේ හදවතටත් පීඩනයක් පටවා…..මම මල්ලීට කොතෙක් ඇමතුන් ගත්තත් ඊට පිලිතුරක් ආවේ නෑ.

“මෙතන ඉදන් මිනීපිටියට තියෙන්නේ පොඩ්ඩ දුරයි.ආපහු යන්න බෑ….ආපු එකේ යමු බං, උබලගේ මල්ලී පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවනේ…”

මල්ලීගේ ඇමතුමෙන් පස්සේ හිත කලබල වෙලා මම ආපහු යන්න හැදුවත් ඕෂමාල් ඊට කැමති වුනේ නෑ.
********************************************
“මෙන්න මේක තමා මම කිව්ව පන්සල, අර හීනෙන් පේන්නෙ මේ වගේ පැත්තක්ද “##### ##### #####

වෙල් යායකට මුහුනලා තිබුනු පන්සලක් ලගින් යද්දි බයික් එකේ ගමන අඩාල කර ඕෂමාල් මගෙන් ඇහුව.

“ඔව් මේ වගේ පන්සලක් තමා. ඒත් හීනෙන් පේන පන්සල වටේට වලාකුලු බැම්මක් තිබුනේ නෑ..අර වගේ උස පොල්ගස් තුනක් පෙනුනෙත් නෑ ,පාරට තාර දාල තිබුනෙත් නෑ. තිබුනේ බොරලු පාරක්……ඒත් මේ වගේ පන්සල් හන්දියකින් තමා නිපුන් කියන කෙනා බැහලා ගියේ…..”

” ඔය හීනෙන් පෙන්නේ අවුරුදු විස්සකට කලින් වුන දේව්ල් නම් , දැන් මේ තියෙන දේවල් පස්සේ හැදුන ඒවා වෙන්න ඇති. අපි මිනීපිටියටත් ගිහිල්ලම බලමූ.”

ඔහු කිවුවම මගේ අවදානය වැඩිපුර ගියේ පන්සල් හන්දිය ලගටයි. එතන කෙනෙක් මැරෙද්දී දාන සුදු පාලම් කොඩියක් වගේම ,පාරේ කොනක මැරුනු කෙනාගේ පොටො එකත් එක්ක බැනර් එකක් ගහලා තිබුනා.

” අපේ අනුහස් බාප්පගේ ,තවම ඒක ගලවල නෑ…..”

මගේ අවදානය ඒ බැනර් එක දිහා තිබුන හින්ද වෙන්න ඇති ඕෂමාල් කිව්වා.

“බයික් එක නවත්තපන් මට ඒක පොඩ්ඩක් බලන්න ඕනා.”

” මොකටද ඒ……..”

“ඒකෙම් වැඩක් නෑ නවත්තපන්කෝ..” ##### ##### ##### #

මගේ ඇවටිල්ල නිසාම ඕෂමාල් බයික් එක නවත්ද්දී මම ඒ බැනර් එක ලගට ගියේ නොඉවසිල්ලෙන්.

****** ” බී ඇම් අනුහස් සත්සර බාලසූරිය, උපත 1996/12/10 විපත 1939/09/15″

මට කියවෙද්දී මොහොතක් හිනාවෙලා පොටෝ එන්න ඒ කෙනා දිහා ඕනේකමින් බැලුවා. අවුරුදු 43 මැරුනත් පොටෝ එකේ තිබුනේ ඊට වඩා ලාබල පෙනුමක්. ඔහු මට අදුරගන්න ඒ කෙනා අමාරු වුනේ නෑ…..එකින් එක මට මේ සියලු දේවල් පැහදිලී වෙන්න පටන් ගත්තා……

” ඕෂමාල් මේ ඉන්නේ අනුහස් ,මගේ ගිය ආත්මේ හොදම යාලුවා…..මෙයාම තමා අර හීනේ ඉන්නෙත්……ගිය ආත්මේ නෙමේ එයා මේ ආත්මෙත් මට මොකක්හරි පණිවිඩයක් දෙන්න හදනවා…….”

ඕශමාල් ඊට මොකුත් කිව්වේ නෑ. දුක්මුසු හඩින් මට කිව්වේ ඉක්මනට මිනීපිටියට ගිහින් ඒකත් බලලා ආපහු යමු කියලා….

පන්සල පහුකරලා ඒ වෙද්දී තිබ්බ හිරිමල් වැස්සේ තෙමි තෙමීම ඒ කිව්ව මිනීපිටියට ඕෂමාල් මාව එක්කරගෙන ගියා.

මිනීපිටිය පුරාම තැනින් තැන තිබුනු ගෙඩි වලින් පිරුනු දිවුල් ගස් දකිද්දී ,හීනෙන් පේන මිනීපිටිය මේක කියල මට තේරුම් ගන්න වැඩිවෙලා ගියේ නෑ. කාලය කොච්චර ඉස්සරහට ගිහින් තිබුනත් ##### ##### ##### ###
මිනිපිටියේ තිබ්බ දිවුක් ගස් කපන්න කිසි කෙනෙක් උත්සහ කරලා තිබුනෙ නෑ.

” මේක තමා ඒ මිනීපිටිය ,අර අර කුම්බක ගේ ,,ඒකත් ඒ හීනේ තිබ්බ එකමයි. මම දිවුල් ගෙඩියක් ඒකේ බිම ගහල පලල කෑවත් එක්ක.”

කියපු මම මිනී ගොඩලි මැදින් ඒ පැත්තට දිව්වේ කුඩා දරුවෙක් සෙලල්ම් බඩුවක් දැක්කා වගේ.

” අර හිමරුවන් ගේ සොහොන් ඒකත් තියෙනවද දන්නේ නෑ….”

හීනේ පෙනුන මේ මිනිපිටියේ තිබුනේ හිමරුවන් ගේ සොහොන වුනත් මේ වෙද්දී සොහොන් කොත් කීපයක්ම නිර්මානය වෙලා තිබ්බා.

” ඒක දැන් නැතුව ඇති බං ,කොච්චර කාලයක්ද ”

” අපි බලමු ඒක තිබ්බේ අන්න අර පැත්තේ මිනීපිටිය කෙලවරේම දිවුල් ගහක් යට ,ඒ ගහේ තමා ඒ දවස්වල මේ මිනීපිටියේ වැඩිම ද දිවුල් තිබ්බෙත්.”

සංසාරෙ පුරුද්දට වගේ මම ඒ පැත්තට දිව යද්දී මම දැක්කේ අලුත් සොහොන් ගොඩැල්ලක්. මම ඒ දිහා යම් අනුමානයක් කරද්දී මට ඇහුනේ ඕෂමාල්ගේ දුක්මුසු හඩයි.

“අපේ අනුහස් බාප්පගේ………”

මගේ ගිය ආත්මේ හොදම මිතුරාගේ සොහොන් ගොඩැල්ල දිහා මොහොතක් මම බල හිටියා. වෙලාවකට හිතෙන්නේ ජීවිතය අපිට කොයිතරම්
##### ##### ##### ####
දෛවයේ සරදම් කරනවද කියා. ගිය ආත්මේ හොදම යාලුවා අනුහස් එක්ක කිත්සර විදිහට හිමරුවන් ගේ සොහොන පැත්තට ගිය මම ,මේ ආත්මේ යුදීශ් විදිහට ඉපදිලා හොදම යාලුවා ඕෂමාල් එක්ක කලින් ආත්මේ හොදම යාලුවා වල දැමූ මිනීගොඩැල්ල ලගින් යනවා…..සමහර විට මේ සංචාර චක්රය රටාවකට යනවනම් අනුහස් ඊලග ආත්මයක ආයෙත් මගේ හොදම යාලුවා විදිහට ඉපදේවී..

සිතපු මම ඕෂමාල් එක්ක ආයෙ පාරක් හිමරුවන් ගේ සොහොන සොයා ගමන් ඇරබුවා. මිනීපිටියේ කෙලවරම ගෙඩි පිරුනු දිවුල් ගහක් යට තිබ්බ ඒ දේ දැකලා මට කෑ ගැස්සවුනා.

” ඕෂමාල් ඒක තමා ඒ සොහොන ,හිමරුවන්ගේ සොහොන ,ඒක තවත් තියෙනවා ,කවුරුවත් කඩලත් නෑ ,කැඩිලත් නෑ.”

කාලයා සමග ඔට්ටුවුන හිමරුවන් සදකැලුම් ගේ සොහොන දියසෙවල ,පෙද පාසී බැදී දුර්වර්ණ වී තිබුනා හැබෑව. ඒත් එය ඒ සොහොනමයි.

***** ** ” මේ බලපන් ඕෂමාල් ,ඩී ඇම් හිමරුව්න් සදකැලුම් දිසානායක ,උපත 1996/07/29 විපත 2017/09/18 මේ වගේ දේවල් වෙනව කියල මම දැන ගත්තේ අද….මේ තියෙන්නේ මගේ ගිය ආත්මේ මල්ලීගේ සොහොන. එයා….යුදේශ් විදිහට ඉපදුනා.”

##### ##### ##### #####

“ඒත් යුදීශ් උබට මේකේ තියෙන දින පේද්දී අමුත්තක් දැනෙන්නෙ නැද්ද, උබල දෙන්නගේ උපන් දිනය 07/29 අද 09/18 උබ මට අර කිව්වේ හීනේ තිබ්බ අනිත් දේවල් මතක්වෙද්දී බයක් හිතෙන්නේ නැද්ද”

ඕෂමාල් කියපු දේ අහල හීනෙ පෙනුන අනිත් දේවල් මට මතක් වුනා. Phone එකත් ඇමතුමක් ආව පවසමින් නද දුන්නේත් එවිටමයි. කෝල් එක ඇවිත් තිබුනේ අම්මාගෙන්.

” අනේ ලොකු පුතේ…… ”

මට ඇසුනේ ඇයගේ කතාකිරීමක් නෙමේ විලාපයක්.

” ඇයි අම්මේ….මොකද…..”

“අනෙ ලොකුපුතේ මල්ලී……….”

” ඇයි අම්මේ මල්ලිට මොකද වෙලා තියෙන්නේ…….කියන්නකෝ..”

මගේ හදවතේ හඩ ගිඩි ගිඩි ගා ගැහෙද්දි මගේ අතපය වෙව්ලන්න පටන් ගත්තේ නුහුරු බියකින්.

“මල්ලී අපිව දාල ,ගිහින් පුතේ ,ආයේ නොඑන්නම….”

” නෑ ඒක වෙන්න බෑ……..අම්ම බොරු කියන්නේ…….”

##### ##### ##### ##### #
“මල්ලි පරෙ එද්දී කවුද වෙඩි තියලා, වෙන
කෙනෙකුට තියපු වෙඩිල්ලක් අහක ගිය මගේ අහිංසක ගෙ ඔලුව මැදින් ගිහින් තියෙන්නේ මල්ලි අපිව දාල ගියා අපි දෙන්න තනිවුනා………”

” නෑ අම්මා බොරු කියන්නෙ මල්ලිට මාව දාල යන්න බෑ……….”

මගේ විලාපේ හඩ මිනී ගොඩැලී යට නිදාඉන්න මලවුන්ටත් ඇහෙන්න ඇති. අතින් වෙව්ලපු phone එක මගේ අතින් බිමට වැටෙද්දී ඕෂමාල් එය අහුලාගෙන කතා කෙරුවා. ඒත් ඒ වෙද්දී එය විසන්දි වී අවසන්.

” මොකද යුදීශ් වෙලා තියෙන්නේ….”

” උබ හිතපු දේම වෙලා…අර හීනේ………මගේ මල්ලී යන්න ගිහින් ,අපිව දාලා නොඑන්නම…”

මගේ නෙත්කෙවෙනි වලින් පහතට ගලා හැලෙන කදුලුවලින් ඕෂමාල් බොහෝදේවල් තේරුම්ගන්න ඇත.

ගිය ආත්මේ මගේ මල්ලීගේ සොහොන ලග මේ ආත්මයේ ඔහු මැරුනා පුවත අහන අසමාන්ය අත්දැකීමකට මුහුන දෙමින් හිටි මගේ ඇස ගියේ සොහොනේ තිබුනු හිමරුවන් මැරුනු දිනය ලගයි. 09/18 දිනය දකිද්දි මම බොහෝ දේවල් තේරුම් ගත්තා.
##### ##### ##### ##### ##

හිමරුවන් මැරිලා තියෙන්නේ 07/29 වෙනිදාවක ඉපදී අවුරුදු විස්ස ලබලා 09/18 වෙනිදාවක. එදාම ඔහුගේ නිවුන් සොහොයුරා කිත්සර විදිහට ඉපදුන මම ඊට හරියටම වසරකට පසු 09/18 වෙනිදාවක මිය ගොස් තිබුනා.

ඉතින් මේ ආත්මේ යුදේශ් විදිහට 07/29 වෙනිදාවක ඉපදී විසි වයසින් 09/18 ඔහු මැරුන නිසා එදම ඉපදුනු මට තව ජීවත්වෙලා තියෙන්නේ හරියටම අද ඉදලා දින 365ක් විතරයි.

සිත සිතා සිටි මම ලගට එකපාරටම වැටුනේ එතන තිබුනු දිවුල් ගහේ ගෙඩියක්. ඒ දිවුල් ගෙඩියි බිම දිග ඇදී හිටගෙන හිටපු මගේ වම් කකුලේ මාපට ඇගිල්ල කෙලින් ඇගිල්ලට ස්පර්ශ වෙලා නවතිද්දී , තප්පර පහක් ගියේ නෑ. ඒ ප්රමානේම දිවුල් ගෙඩියක් ගහෙන් වැටී කලින් දිවුල් ගෙඩිය වගේ බිම දිග ඇදී මගේ දකුණු කකුලේ මාපට ඇගිල්ල කෙලින් ස්පර්ශ වී නැවතුනේ ,හරියට දිවුල් ගෙඩි දෙක කතාවෙලා වගේ.

වෙන වෙන සිතිවිලි වල සිටි මම ඒ දිවුල් ගෙඩි දෙකම පැසී නොඉදුනු අකාලේ ගහෙන් වැටුනු දිවුල් ගෙඩි දෙකක් කියලා හිතාගන්න තරම් මානසිකත්වක් මට ඒ වෙද්දී තිබුනේ නෑ………………??????????????????????සමුගන්න අවසරයි Diwul

කට්ටිය හිතන්න නැතිව ඇති මම මේ “දිවුල්” කතාවට මේ වගේ අවසානයක් දෙයි කියලා…..මමේ වගෙ අවසානයකට කට්ටිය කැමතිත් නැතිව ඇති. ඒත් මම හැදුවේ වෙනස් විදිහෙ අවසානයක් කතාවට දෙන්න.

මම මේ දක්වා දාපු කතාවල කොටස්වලින් මේ කතාවේ කොටස තමා එදා මෙදා මම ටයිප් කරපු දිගම කොටස.

හොල්මන් කතාවක් විදිහට ලිව්වත් මේ කතාවෙන් මට පෙන්නවන්න ඕනවුනේ අපේ සංසාර චක්රය ගැනයි.

ඉතින් සමුගන්නම් කොටස් 12 ක් තිස්සේ මගේ දිවුල් කතාව කියවපු ලයික් දාපු කමෙන්ට්ස් කරපු ඔක්කොම යහලු යෙහෙලියන්ට බුදුසරණයි ,දෙවි පිහිටයි. හැමදාම සතුටින් ඉන්න.

සමුගන්නම් මහගම සේකරගේ මේ වැකියත් එක්කම

” තිඹිරි ගෙය නොවේ ඇරඹුම
සුසානය නොවේ අවසන
ජීවිතය
දිගු ගමනක තවත් එක් නවාතැන් පොලක් පමනය”

☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

සාගර සම්පත් ( රාස් )

6 thoughts on “දිවුල් | 12 කොටස අවසාන කොටස | හොල්මන් කතා”

  1. Buddhika subhashini

    Wow මරු ..ලස්සන අවසානයක් …තවත් කතා ලියන්න මම සුභ පතනවා .good luck ???

    3

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.