Katha Ahura

මරණයේ දියකදක් | 02කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා

4.7/5 - (8 votes)

මරණයේ දියකදක් ☔ 02 කොටස

රෑ එකොලහේ කනිසමත් ලන්වෙමින් තිබුනු හින්දා නගරයත් තිබ්බේ පාලුවෙලා. කෙදිනකවත් මෙචරවෙලා රෑ වෙලා තාත්තාගේ මහගෙදරට ගියෙ නැති මලිත්ට මේ ගමන අමුතුම අත්දැකීමක් වෙලා තිබ්බා. වෙනදා ඔවුන් ගියේ දිවා කාලේ.

චන්දුලිත් සමග ඔහු පියාගේ මහගෙවල් තියෙන ගමට යන පාරට හැරුනේ ගමන් මහන්සියත් අමතක කරමින්.

” මටනම් අයියේ බයයි බයයි වගේ ,, පාරේ කවුරුවත්ම නෑනේ”

චන්දුලී කිව්වේ ඒ පාරෙ ටික දුරක් ගියාට පස්සේ. ඇය කිව්වෙ ඇත්ත , ඒ පැත්තේ කිසිම ගෙයක් දොරක් තිබ්බේ නෑ.

“මොකට බයවෙන්ඩද “

“මේ පැත්තේ ආසාවටවත් එක ගෙයක්වත් නෑනේ,,,, හරිම පාලුයි. මීට කලින් කවදාවත් මෙහෙම ගිහින් නෑ”

” ඒකට එක්ක අද යමුකෝ,, මේ වෙලාවට තමා මේ වගේ තැන්වලින් හොල්මන් අපිව බලන්ඩ එන්නේ “

මලිත් කීවේ නැගනියව බයකරන්ඩ සිතා. ඔහුගේ මූනේ තිබ්බේ කටකොනකින් හිනාවාක්. නංගි අදුර වැටුනට පස්සේ තනියම නිවසෙන් එලියටවත් බහින්නෙ නෑ කියල මලිත් හොදටම දනී, ඈ ඒ තරම් හොල්මන්වලට බයයි.#

“මොනවද අයියෙ මේ කියන්නේ ,, මම ඉන්නෙත් හොදටම බය වෙලා ඔයා තවත් බයකරනවා ,, ආයේනම් ඔයත් එක්ක ආසාවටවත් මම ගමනක් යන්ඩ එන්නේ නෑ “

චන්දුලී කිව්වේ තම සොහොයුරාට තරවටු කොට. චන්දුලී හොදටම විශ්වාසකලා මේ ලෝකේ හොල්මන් ඉන්නවා කියලා.

“මෝඩි හොල්මන් කියන්නෙ හෙලවෙන මනස ,, හොල්මන් කියල දෙයක් නෑ “

මලිත්නම් හොල්මන් ඉන්නව කියල විශ්වාසකලේම නෑ .ඔහු ඕනේ තරම් රෑ පානේ තනියම ගමන් බිමන් ගොස් තිබේ. ඒත් කවදාවත් ඔය කියන ජාතියේ හොල්මන්ක් ඔහුට මුන ගැසී නෑ.

“ඒ ඔයා හිතන හැටිනේ ,, ඕනේ තරම් හොල්මන් දැකපු මිනිස්සු ඉදල තියෙනවා , සමහර හොල්මන් මිනිස්සු මරලත් තියෙනවා”

“විකාර ඕනවට වඩා බහුභ්භූත පොත් කියවල ඔලුව කුරුවල් කරන්,, “

” ඔහොම හිතන අය තමයි හොල්මන් අතින් මැරුම් කන්නේ “

චන්දුලී අයියා ඉස්සරහ පැරදෙන්ඩ හිතුවේ නෑ.

ඔවුන් දෙන්නා කතාවෙන් කතාවෙන් කොලමුනු ඔය ලගටම ආවා. පොඩි බාප්පා කිව්ව දේ හරි කියා මලිත්ට තේරුම් ගන්ඩ වැඩිවෙලාවක් ගියේ ##නෑ.. කොලමුනු ඔයේ වතුර පාර යට කරමින් බොරපාටට ගලායයි.

ඔය ලගට යන්න කලින් පලමුව හමුවන්නේ තැලවිලියි. ඒවගෙන්ද ජලකදක් ගලා බසී. එත් මලිත්ටනම් වැටහුනේ ඒ වතුර පාරෙන් එගොඩ වෙන එක එච්චර අමාරු වෙන්නේ නැතිවෙයි කියා.

” වතුර පාරනම් එච්චර සැර නෑ වගේ,, අපිට එගොඩ වෙන්ඩත් පුලුවන් වෙයි වගේ “

“ඒ වුනාට පොඩිබාප්ප එනකම් ඉමු නේද “

චන්දුලී අයියාගේ අදහසට කැමතිවුනේ නෑ.

“මම්නම් කියන්නෙ පොඩිබාප්පා එනකම් ඉන්න ඕන නෑ ,, අපි යමු,, බාප්පටත් මල ගෙදර වැඩත් ඇතිනේ,,, ඔයෙනුත් එහාපැත්තට ගිහින් පොඩිබාප්පා එනකම් අපි ඉස්සරයට ඇවිදගෙන යමු.”

“ඒත් අපි ගහගෙන යයිද, මනුස්සයෙක්වත් පේන්ඩවත් නෑනේ ,, කවුරුහරි එනකම්ම ඉමු නේ..”

” මේ වෙලාවට එන්නෙ මොන මනුස්සයොද , අමුනුස්සයො මිසක්”

මලිත්ට එය කිව්වා නෙමේ කියවුනා.

“මොනවද අයියේ ඔය කියව්න්නේ ,, මම මේ බය වෙලා හොදටම ,, ඔයා තවත් බය කරනවා. ඒවා මේවා කියලා ” ###

” කිව්වේ ඇත්තනේ දැන් රෑ එකොලහත් පහුවෙලා,, මේ වෙලාවට මනුස්සයො එයිද”

මලිත් සෙරෙප්පු දෙක ගලවා දිග කලිසම දනිහ ලගට නමාගත්තා. ඔහු සැරසෙන්නෙ තැලවිල්ලෙට බැස එගොඩ වෙන්ඩයි.

“තවත් බලන් ඉන්නෙ ඔය කලිසම නවා ගන්නවා ,, ගල් ගැහිලවගේ බලන් ඉන්නෙ නැතුව.”

මලිත් චන්දුලීට කිව්වේ අණ කරල වගේ.

“අනේ මන්දා “

” ඔය ඉතින් තවත් මන්දලු ,, මම ඔන්න ඔයාව ඔතන දාල තනියම එහා පැත්තට යනවා ,, එතකොට අර කියපු හොල්මනක් ඇවිත් ඔයාව එක්කගෙන යයිනේ.”

මලිත් කිව්වේ තැලවිල්ලේ වතුරට බහින ගමන්. සීතල වතුර ඉක්මනින්ම ඔහුගේ කකුල් ගිල ගත්තා.

“අම්මෝ මේ මහරෑ මේ වගේ තැනක කියන ඒවද ඔය කියන්නෙ ,, ඔයානම් මාර සහෝදරයෙක් තමා. ඉන්ඩ මමත් එනවා.”

චන්දුලීත් තම කලිසම දනහිසලගට වෙනකම් නවා ගත්තා ඉක්මනින්. තැලවිල්ලට බැස ඇය සොහොයුරාගේ අත අල්ලාගත්තේ වතුරේ ගහන් යයි කියලා බයට. මද වැස්සක් තිබුනත් කුඩය ඉහලන් යන්නට තරම් එය එතරම ප්රබල නෑ. ඒ නිසා ඇය කුඩය බෑවා.####

කකුල් අමාරුවෙන් පෙරට තබමින් තම නැගනියත් සමග වතුරට බැස යන මලිත්ට සිහිවුනේ මියගිය පියාවයි. ඔහු මියගියෙත් මේ ඔයේ ගහගෙන ගොසින්. ඒත් ඒ මේ පැත්තේදීනම් නෙමේ. ඒ මේ ඔය හමුවන වෙනත් ඉසව්වකදීයි.

චන්දූලීට වතුරේ බැස යන්න බයක් තිබුනත් මලිත්ට ඒ බය තිබුනේ නෑ. ඒ හින්දාම නංගිවත් අල්ලාගෙන අමාරුවෙන් හරි මලිත්ට ඔයෙන් එගොඩ වෙන්න හැකිවුනා.

*** ” මොකද නංගි කියන්නෙ ,මෙතනට පොඩිබාප්පා එනකම් ඉන්නවද , නැත්නම් බාප්ප හම්බවෙනකම් ඉස්සරහට යමුද”

මලිත් කිව්වේ කලිසමේ කකුල් දිග හරින ගමන්.

“අම්මෝ ,මටනම් බෑ මෙතන ඉන්ඩ ,, දැන් රෑ දොලහටත් කිට්ටුවෙලා , මේ වගේ වෙලාවට වතුර බහින තැන් ලග ඉන්ඩ හොද නෑ. වතුරෙ බැහල එනකොටත් මම හිතින් ඉතිපිසෝ ගාතාව කිය කියා ආවේ.”

ඔය සමීපේ පාර දෙපසම තිබුනේ විශාල වෙල් යයවල් මිසක් ගෙවල් දොරවල් නම් නෙමේ. ඒවාගේ නියරවල් උඩින්ඩ වතුර දමා තිබුනේ විශාල වැවක් වගේ. ඔයේ විශාල වතුර පාර රෑ ගලායන්නෙද හිතට අමුතුම බියක් එක්කරමින්. මලිත්ට කෙසේ වෙතත් චන්දුලීටනම් මේ පරිසරය #####කියා පෑවේ ඉක්මනින් මේ තැනින් අයින් වෙලා පලයල්ලා කියලා.

“එකොලහයි කාලයි “

Phone එක බලා මලිත් ට කිය කටගන්න ලැබුනේ නෑ. ‘ ජරබරාස් ‘ හඩක් එක්කරමින් විශාල ගසක අත්තක් ඔයට කඩන් වැටුනා. එය දිය ගිල ගත්තෙ ජබොක් හඩින්. චන්දුලී ලග හිටපු සොහොයුරාගේ අත තදින් අල්ලා ගත්තේ ඉමහත් භීතියට පත්වෙලා. ඒ හඩටනම් පලමුව මලිතුත් බය වුනා.

“අනේ යමු අයියේ මෙතනින් , මට බයයි.”

චන්දුලී බැගෑපත් වුනේ ගැහෙන හදින්.

“බයවෙන්ඩ එපා , දිරපු අත්තක් ඔයට කඩන් වැටුනා , එච්චරයි”

“ඒ වුනාට මගෙ හිත කියනව මෙතනින් ඉක්මනට යන්ඩ කියල , අපි යමු “

මලිත්ගේ අත අල්ල ගත්ත චන්දුලී පය පෙරට තිබ්බා. එසේ ඔවුන් අඩි කීපයක් ඉස්සරහට යන්ඩ ඇති. එකපාරම ඔවුන් දෙදෙනා දැක්කෙ අතුරු පාරකින් මතුවුන් ත්රීවීල් රතයක්. එය පාරේ නතට වෙද්දී මලිතුත් චන්දුලීත් එතනට ටික ටික කිට්ටුකලා. සමහර විට අපිව නග්ගගන්ඩද දන්නෙ නෑ. මලිත්ට හිතුනා.

“කවුද දන්නෙ නෑ ,, මටනම් බයය් වගේ “

චන්දුලී කිව්වෙ රහසින් වගේ.##### #

“හැම එකටම බයවෙන්ඩ එපා යකෝ, මටනම දැන් ඔය බයයි , බයයි කන්කෙදිරිය අහල එපා වෙලා “

ත්රීවීල් එක ලගට යද්දී ඒක එලවන් ආපු පුද්ගලයා හිස එලියට දැම්මා. ඔහුට තිබුනේ අවුරුදු තිස්පහක පමන පෙනුමක්. ඒත් මූනනම් හොදටම සුදුමැලි පාටයි. හරියට ලේ නෑ වගේ. හිස්කෙස් තිබුනේ හොදටම තෙමිලා . තවමත් ඉන් දියබිදු වැක්කෙරේ , පස්සේ ඕනකමින් මලිත් බලද්දියි දක්කේ ඔහුගේ හිස පමනක් නෙමේ මුලු ඇගම තෙමිල බව , කොහෙන්දෝ මන්දා මේ රුව කලින් දැකල තිබුනු බවක් මලිත්ට සිහිවුනත් ඒ කොහෙන්ද කියල නිච්චියක් මලිත්ට මතක්වුනේ නෑ. ත්රීවීල් එකනම් ඉතාම අබලන් එකක් බව මල්ත්ට තේරුම් ගන්ඩ වැඩිවෙලාවක් ගියේ නෑ. නම්බර් පේඩ් එකද ඉතාම පරණ නම්බර පේඩ් එකක්.

“කොහෙද ඔයාල මේ මහ රෑ යන්නේ “

ත්රීවීල් කරුවා ඇසුවේ සුහද ලීලාවෙන්.

“අපි මේ කිරිඅම්මලාගේ දිහා යනවා “

මලිත් ඇත්තම කිව්වා.

“කොහෙද කිරිඅම්මලාගේ ගෙවල් “

“ගනේගම “

“ගනේගමටමද ඔය පයින් යන්ඩ හැදුවේ මේ රෑ , හෙන දුරයිනේ “

“නෑ බාප්පා අපි දෙන්නව එක්කගෙන යන්ඩ එනවා කිව්වා, එයාව හම්බවෙනකම් අපි හිතුව ඉස්සරහට පයින් යන්ඩ.”

මලිත් පාර ඉස්සරහ බැලුවේ පොඩි බාප්පාගේ බයික් එක මතුවේදෝ සැකෙන්. හරිනම් මේ ##### ##වෙලාව වෙද්දී ඔහු එන්න ඔනා ,, ඒත් තවම ඔහු නෑ.

“අපිත්නම් ගනේගම පැත්තට තමයි යන්නෙ නේද නිලන්ති”

ත්රීවීල් කරුවා පැවසුවේ පිටුපස බලාගෙන. එතකොටයි මලිත් දැක්කෙ ත්රීවීල් එකේ පිටිපස්සෙ කාන්තාවක් ඉන්නව කියලා.

“හ්ම්ම්ම්ම්ම්ම්”

ඇය කිව්වෙ එච්චරයි.

**** ඇයගේ මූනත් ත්රී වීල් කරුවාගේ වගේම සුදුමැලි පාටයි. තිබුනේ වයස තිහට අඩු පෙනුමක් සමහර විට මේ සැමියයි බිරිදයි වෙන්න ඇති. මලිත් එහෙම හිතද්දී අමුතුම ගුප්ත හිනාවකින් ඇය මලිත් දෙස බැලුවා.

“බාප්පා එනවම කිව්වද , නැත්නම් ඔය දෙන්නට මේකෙ යන්න තිබුනා , කෝල් එකක්වත් දීල බලන්ඩ”

ත්රීවීල් කරුවාම යලිත් පැවසුවා.

“ඒක තමා නේ , ඉන්ඩකෝ මම බාප්පට කොල් එකක් අරන් බලන්ඩ ,, මොකද පරක්කු කියලා “

“මොනවද අයියේ මේ කරන්නෙ , මට නම් බෑ මේ ත්රීවීල් එකේ යන්ඩ , පයින් ගියත් මටනම් බෑ , කවුද දන්නෙ මේ කවුද කියලා “

චන්දුලි මලිත්ට විතරක් ඇහෙන ලෙස කිව්වේ ඔහු බාප්පාට දුරකතන ඇමතුමක් දෙද්දී. චන්දුලී කියපු දේ මලිත් කනටවත් ගත්තේ නෑ.

“හරි වැඩේනේ පුතේ උනේ ,ඔයාල දෙන්න එක්ක ##### ###ගෙන එන්ඩ කියක ටික දුරක් ආවා විතරයි බයික් එකේ ඉස්සර රෝදේ හුලං බැස්සනේ. මගෙ හිතේ පැච් එකක්. මම මේ අදුරන ගෙදරක බයික් එක දාන්ඩ යනගමන්. මම ටාර් ගාල වෙන එහක එන්නම්. කෝල් එකක් දෙන්ඩවත් phone එකේ සල්ලි තිබුනෙ නෑ.”

පොඩි බාප්පාගේ හඩ දුරකතනෙන් ඇහුනා වචන කැඩි කැඩී වගේ. සමහර විට සිග්නල් අවුල් ඇති. මලිත්ට හිතුනේ එහෙම. එත් ඒ කටහඩේ තිබ්බ මහන්සි පාට අදුනගන්ඩනම් මලිත්ට අමාරු වුනේ නෑ.

“පොඩි බාප්පා කරදර වෙලා එන්ඩ ඕන නෑ ,, අපිට මේ ඔය පැත්තට එන ත්රීවීල් එකක් හම්බවුනා ,, මමයි නංගියි ඒකේ නැගල එන්නම්.”

“ආ එහෙමද , එහෙනම් පරිස්සමට එන්ඩ “

බාප්පා phone එක කට් කරද්දී මලිත් චන්දුලී දෙස බැලුවා.

“පොඩි බාප්පාට එන්ඩ විදිහක් නෑලු, බයික් එකේ පැච් එකක්, අපි යමු මේකේ “

“අනේ මටනම් බෑ වගේ ,, මේ ත්රීවීල් එක යි ඒකේ ඉන්න දෙනයි දැක්කම මට මොකක්දෝ මන්ද බයක් දැනෙනවා.”

“මේ පිස්සු දොඩවන්නෙ නැතුව ගිහින් ඉදගන්නවා ,, ආයෙත් වැස්සත් තද කරනවා ,, ##### ####මෙතන හිටියොත් නාන්ඩයි වෙන්නේ”

මලිත් චන්දුලීට පැවසුවේ කේන්තියෙන් තියුනු හඩකින්.

“මොකද බාප්පා කියන්නෙ “

ත්රීවීල් කරුවා ඇසුවා.

” බාප්ප එන්නෙ නෑ , අපිත් මේකෙම යන්ඩ එන්නම් “

ඒක මලිත් කියද්දී ත්රීවීල් කරුවාගේ මුනේ නැගුනේ ජයග්රාහි හීනාවක්.

“ඒක තමා නේ, අපිට වැරදෙන්ඩ විදිහක් නෑ නේද නිලන්ති.”

” හ්ම්ම්ම්ම්ම්”

පිටුපසින් නිලන්තිගේ හඩ ඇසුනා. ඔවුන් දෙන්නා එහෙම කතාවුනේ මොනවා අරමුනු කරගෙනද කියල වැටහීමක් මලිත්ට තිබුනේ නෑ. එත් චන්දුලීනම් හිටියේ හොදටම බයෙන්. ඇයව ඇදගෙන වගේ ගොස් මලිත් ත්රීවීල් එකේ ඉන්දෙව්වා.

“මේ ශීට් එකේ හරියට දූවිලිනේ , ශීට් එක ඉරිලත් එක්කද කොහෙද”

ඉදගත්ත සැනින් ම චන්දුලී නැගිට්ටෙ පිලිකුලෙන්.

“ආ ඔව් හුග කාලෙකින් තමා අපි ත්රීවීල් එක එලියට ගත්තේ , සෑහෙන්ඩ කාලයක් බලන් ##### #####ඉන්ඩ වුනානේ නේද නිලන්ති.”

“හ්ම්ම්ම්ම්ම්ම්”

ත්රීවීල් කරුවා එහෙම කියද්දී නිලන්තී පෙර පරිදිම හ්ම්ම්ම්ම් කීවේ බකමූණෙක් වගේ.

“ටිකක් දූවිල ගහල ඉදගන්ඩලා , එතකොට හරියයි.”

ත්රීවීල් කරු එහෙම කියද්දී මලිත් සාක්කුවෙන් අත්ලේන්සුව ගෙනශීට් එක පිස දැමුවා.

“දැන් හරි ,, ඉදගන්ඩ නංගි”

මලිත් කියද්දී චන්දුලි මූනෙන් කිව්වේ මේකෙන් බහිමු කියලා. ඒක සතපහකට ගනන් නොගත් මලිත් ශීට් එකේ ඉදගත්තා. චන්දුලීවත් අතින් ඇද ඉන්දෙව්වා.

“හරි යමු අයියේ “

මලිත් කිව්වා විතරයි ත්රීවීල් කරුවා තීවීලය ඉස්සරහට ඇද්දෙව්වා. මුලු පරිසරයම දෙවන්ත් කරමින් විශාල අකුනක් ගැහිවෙත් මේ සමගයි. චන්දුලී මලිත්ගේ අත හයියෙන් අල්ලාගත්තේ බයට. වැස්සත් තද කරන්ඩ පටන්ගත්තා ඒ සමගම******************************************ඊලග කොටසට Maranaye Diyakadak


රාස් ( සාගර සම්පත් )

7 thoughts on “මරණයේ දියකදක් | 02කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා”

  1. Thakshi Deepali Jayasuriya

    එ් අාවේ හොල්මන් නේද ?????කතාව ලස්සනයි ගොඩක්….සුබ පැතුම්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.