Katha Ahura

Sathya 1920 | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020

4.9/5 - (22 votes)

1920

අද මහා අදුරු දවසක්.. ඒ ඇත්තටම පරිසරේ තිබුණු වෙනස නිසාද.. නැත්නම් මගේ හිතේ තිබුනු වෙනස නිසාද කියලා මට හරියටම තේරුනේ නම් නැහැ. උසස් අධ්‍යාපනයට කියල එංගලන්තයට ආපු මං අද ආයේම ඉන්දියාවට යනවා.. අවුරුදු 3කට පස්සේ අම්මා තාත්තා දකින්න යනවා කියන සතුටත් එක්ක මෙච්චර කල් ගෙව්ව නිදහස් ජීවිතේට තිත තියන්න වෙනවා කියලා මතක් වෙනකොට කොහෙන්දෝ ආපු දුකකුත් හිතේ පිරෙන්න ගත්තා..
ක්වීන් හෙලේනා, ඒක තමා මං ගෙදර යන්න තෝර ගත්තු නැවෙ නම.. ඒක ගොඩාක් ලොකු ලස්සන ශක්තිමත් නැවක්.. ඕනෙම කුනාටුවක් එක්ක හැප්පිලා දිනන්න පුලුවන් නැවක් කියලා තමයි හැමෝම කිව්වේ.. මට මේ නැව තෝරලා දුන්නේ මගේ නීතිඥ මහත්තයා.. ඔව් ඔව් ඉගෙන ගන්න කියලා එංගලන්තෙ ආපු සාමාන්‍ය ඉන්දියන් කෙල්ලට මෙහෙන් නීතිඥවරයෙකුත් ඉන්නවා.. එහෙම උනේ කොහොමද කියලා නේද ඔයාලා හිතන්නේ.. මං කියන්නම්..
හැමදේම පටන් ගත්තේ මං එංගලන්තයට අඩිය තිබ්බ පලවෙනි ද්වසෙ ඉදන්මයි.. ලා නිල් පාට මට තිබුනු හොදම සාරිය ඇදලා දිග කොන්ඩේ තනි කරලට ගොතලා නලලට චූටි පොට්ටුවකුත් තියාගෙන එංගලන්තෙට ගොඩ බැහැපු මන් දිහා මිනිස්සු බලන් හිටියේ අමුතු සතෙක් දිහා බලන්න වගේ.. මට ගොඩාක් ලොකු අපහසුවක් එක්ක අසරණ කමකුත් දැනුනා.. ලොකු ඇස් පුරවලා උනපු කදුලු බින්දු ටිකවත් පිහිදගන්නේ නැතුව මං වටපිට බැලුවෙ මාව එක්කන් යන්න කවුරුහරි ඇවිල්ලද කියලා.. මොකද මට වීර් මාමා කියලා තිබ්බා මාව ගන්න මගේ මස්සිනා වරායට එනව කියලා..
මම සත්‍යා , ඉන්දියාවෙ කාන්තිපුරම් වල ඉපදිනු මම මගෙ ගමෙන් එහා වෙන කිසිම ලෝකයක් දැකලා තිබුනේ නැහැ.. අපේ ගමෙන් පිටරටකට ගියපු එකම කෙනා අපේ වීර් මාමා.. ලගදි මගේ අක්කගේ කසාදෙට ඉන්දියාවට ආපු වෙලේ මාව දැකපු මාමා මට එංගලන්තෙට එන්නයි කිව්වම දැනුනු සතුට මට තවම මතකයි.. හීනයක් වගේ තිබුනු මේ ගමන ඇවිත් මෙහෙම වරායේ තනි වෙලා අඩන්න වෙයි කියලා මං කීයටවත් හිතුවෙ නැහැ..

“සත්‍යා”

මගේ පිටිපස්සෙන් කාගෙදෝ කටහඩක් ඇහුනා.. දෙය්යන්ට පින් සිද්දවේවා දීප්, මගේ මස්සිනා ඇවිත් වගේ..කදුලු අතරින් මූණට ගන්න පුලුවන් ලස්සනම හිනාව අරන් මං පිටිපස්ස හැරුනත් මගේ ගාව හිටගෙන හිටියේ දීප් නෙවෙයි.. ජීවීතේ කවදාවත් දැකලා නැති සුදු තරුණයෙක්.. හිතට දැනුනු මහා පුදුමය අතරින් උනත් එයාගේ ලස්සන මට පෙනුනා.. ලස්සන නිල් ඇස් ,රෝස පාට තොල් ,රත්තරන් පාට කොන්ඩේ.. හරියට මං පොත් වල දැකපු ග්‍රීක චිත්‍රයක් වගේ..

“ඇයි ඔයා අඩන්නේ”

ආගන්තුක තරුණයා මගෙන් අහනකොටත් මං හිටියේ ඇසුත් ලොකු කරන් ඔහුගෙ ලස්සන බලමින්.. දෙය්යනේ සත්‍යා මොක්ද මේ කරන්නේ .. ඉක්මනට අහක බලා ගනින් මං මටම කියාගත්තේ ලැජ්ජාවට මගේ කම්මුල් රෝස පාට වෙද්දි..

“සත්‍යා ඇයි ඔයා අඩන්නේ..”

මං උත්තර නොදුන්නු තැන ඒ තරුනයා මගෙන් දෙවෙනිපාරටත් ඇහුවේ මට තේරුම් ගන්න අමාරු තරමේ ඉංග්‍රීසි උච්චාරණය කින්.. මට හොදට ඉංග්‍රීසි පුලුවන් උනත් තාමත් මේ සුදු ජාතිකයෝ කියන දේවල් මට තේරුම් ගන්න අමාරුයි.. ඒත් මං පුදුම උනේ එයා මගේ නම කොහොම දැනගත්තද කියලා..

” ඔ..ඔ..ඔයා මගේ… නම ක්ක්..කොහොමද දන්නේ… ”

කැලබීමට වෙව්ලන කටහඩ උපරිමේට පාලනය කරගන්න උත්සාහ කරන ගමන් මන් ඇහුවා..

” ඕහ්හ්.. ඒක ඔයාගෙ ඇදුම් පෙට්ටියේ ලියලා තියනවා.. සමාවෙන්න ඒත් ඔයා මෙහෙම අඩන නිසයි මම අහන්න හිතුවේ.. ”

තරුණයා හරිම ආචාරශීලී ව එහෙම කිව්වම මගේ ඇස් ගියේ මගේ ඇදුම් පෙට්ටිය දිහාට .. ඔව් මං ඒකේ ලොකු ඉංග්‍රීසි අකුරෙන් මගේ නම ලිව්වේ මාරු නොවෙන්න..
ඒ පාර නම් මගේ හිතේ තිබුනු බයයි තිගැස්මයි අඩු වෙලා මූනට හිනාවක් ආවා..

” ඔන්න ඒ පාර ඔයා හිනාවෙනවා.. කොයි රටේ උනත් ගෑනු ලමයි නම් එකම විදියයි….කොහොම උණත් මගේ නම ශොන්..”

මාත් එක්කම හිනාවෙවී ඒ සුදු තරුනයා මගේ දිහාට අත දික් කලා.. මේ වෙලාවට කරන්න ඔනි දේ මන් දන්නවා .. මන් ගමෙදි දැකලා තියනවා සුදු හමුදාවෙ කොල්ලෝ ඒක කරනවා.. මං යන්තමට ශෝන් ගේ අත අල්ලලා හෙලෙව්වා.. මට නං ඒක පෙනුනේ මහා විකාරයක් වගේ අත් දෙක එකතු කරලා නමස්තේ කියන එක මීට වඩා කොච්චර හොදද..

” අදුනගන්න ලැබුනු එක සතුටක් සත්‍යා.. ඔයා ඉන්දියාවෙන් වෙන්න ඇති නේද??..”

මගේ අත අතාරින්නේ නැතුවම ශෝන් ඇහුවා.. ඒකත් අතට අත දෙන චාරිත්‍රෙ කොටසක්ද දන්නේ නැහැ.. ඒක ගැන හරියටම තේරුමක් නොතිබුනු නිසා මං ශෝන්ට අත අල්ලන් ඉන්න ඉඩ දුන්නා..

” ඔව් මං ඉන්දියාවේ ඉදලා තමා ආවේ.. මේ මං පිටරටකට ආපු පලවෙනි වතාව.. මාව ගන්න මගේ පව්ලේ කෙනෙක් මෙතනට එනවා කිව්වා.. ඒත් තාම කවුරුවත් ඇවිත් නෑ වගේ ..”

අන්තිම ටික කියද්දී ආයේම මගේ ඇස් වලට කදුලු උනාගෙන ආවා.. ඇත්තටම වීර් මාමා මෙතනට නාවොත්.. එයාට අමතක වෙලා තිබුනොත්.. මේ නොදන්න රටේ මං කොහේ කියලා යන්නද…

” අනේ සත්‍යා ඔයා ආයෙම අඩන්න එපා.. මේ අහන්න සමහරක් විට ඔයාගේ පව්ලේ අයට දින පැටලෙන්න ඇති.. ඔයාගේ ගාව එයාලගෙ ලිපිනය තියනවද…”

ශෝන් කියද්දිමයි මටත් ඒක මතක් උනේ .. අම්මපා මං මෙච්චර මෝඩද.. උරහිසේ එල්ලන් ආව චූටි මල්ලේ වීර් මාමා ලිපිනය ලියලා දුන්නු කොලේ මං දාගෙන ආවා.. මල්ල අවුස්සලා මගේ දිනපොතේ පිටු අතරේ රදවලා තිබුනු කොල කෑල්ල මං ශෝන්ට දුන්නා..

” ආහ්හ් ඔයාගේ වෙලාව හොදයි.. ඔයාගේ මාමා ඉන්නේ මේ වරාය කිට්ටුවමයි…ඔයා කැමතිනම් මං ඔයාව එහේට එක්කන් යන්නම්…”

ලිපිනය ලියලා තිබුනු කොලේ කියවලා ශෝන් මගෙන් ඇහුවේ පුදුම තරම් ලස්සනට හිනාවෙන ගමන්.. ඒත් මං ශෝන් එක්ක යන එක හරිද .. මට එයාව මුණ ගැහුනා විතරයි.. අනික මාමාගෙ ගෙවල් මේ ලග නම් මට හොයාගෙන යන්න පුලුවන් වෙයි.. ඒත් එහෙම යන්න ගිහින් පාර වැරදුනොත්… ආයේම මං ශෝන් දිහා බැලුවා .. එයත් මූණේ අර ලස්සන හිනාව තියන් මං දිහාම බලන් ඉන්නවා.. එක අතකට මෙතන මෙච්චර මිනිස්සු ඉන්නව. ඒත් මගෙන් ඇයි අඩන්නේ කියලා හරි ඇහුවේ ශෝන් විතරයි .. අනික මේ හිනාවට බෑ කියන්න හිතෙන්නෙත් නැහැ .. අන්තිමට ඕනේ දෙයක් වෙච්චාවෙ කියලා මං ශෝන් දිහා බලලා ඔලුව වැනුවා…
වරායේ ඉදන් ඇත්තටම වීර් මාමාගෙ ගෙදරට තිබුනේ චුට්ට දුරයි.. ශෝන්ගේ කාරෙකේ විනාඩි 10කටත් වඩා අඩු වෙලාවකින් මාමාගෙ ගෙදරට එන්න අපිට පුලුවන් උනා.. මට මෙච්චර ලොකු උදව්වක් කරපු ශෝන් ට මුව නොසෑහෙන්න ස්තූති කරලා එයාට සමුදුන්නා.. ආයේ කවදා කොහේ හමුවෙයිද කිය්ලා දන්නෙ නැති ආදරනීය හදවතක් අරන් එයා නොපෙනී යනකම්ම බලා ඉදලා මන් මාමාගේ ගෙදර දොරට තට්ටු කලා..
වීර් මාමා ගොඩාක් පුදුම උනා මාව දැකලා.. ශෝන් කිව්වා වගේම වෙලා තිබුනේ දින පැටලිල්ලක් තමයි. එයාලා බලාපොරොත්තු වෙලා තියෙන්නෙ මං හෙට එයි කියලා… කොහොමින් කොහොම හරි ආගිය තොරතුරු කතා බහා කරලා මං නිදාගන්න යනකොට හොදටම රෑ වෙලා.. නැන්දා මට ලෑස්ති කරලා තිබුනේ මූද පැත්තට මූන දාල ජනේලයක් තියන පුංචි කාමරයක්.. පුංචි උනත් ඒ කාමරේට මං ගොඩාක් කැමති උනා… දවසෙම මහන්සිවෙලා ඉදපු මම ඇදට ආවේ සැප නින්දක් දාන්න හිතාගෙන..
යාන්තමට නින්ද යාගෙන එනකොට මට දැනුනේ මගේ කකුලේ සීතලම සීතල මොනවදෝ ගෑ වෙනවා… මං එහෙම්ම අත දික්කරල කකුල අල්ලලා බැලුවත් එතන මොකක්වත් තිබුනේ නැහැ … මං නිදිමතේම අනෙක් ඇලයට හැරුනත්.. මට හැරෙන්න බැරි උනා.. දෙය්යනේ අදේ මට එහා පැත්තේ කවුරුහරි නිදන් ඉන්නවා.. මගේ හිත ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා.. ඇදේ එහා පැත්තේ හිටියේ කවුරු උනත් එයාගේ හුස්ම වල තිබුනේ මිනී කුණු ගදක් .. දෙය්යනේ මොකක්ද මේ වෙන්නේ .. හොල්මනක්වත්ද.. ඇස් දෙක ඇරලා බලන්න බය හිතුනු මං ඇස් දෙක තව තවත් තද කරලා පියාගෙනම ඇදෙන් බැස්සා.. එහෙම්මම ටිකෙන් ටික අඩිය තියලා මං පස්සෙන් පස්සට ගියා.. එහෙම්ම බිත්තියේ තිබුනු විදුලි ලාම්පුවේ දම්වැල ඇදලා මං ඇස් දෙක ඇරියා.. මොන.. කාමරේ කවුරුවත් නැහැ.. මං ම විතරයි .. මං ඉක්මනට ඇද දිහා බැලුවෙ ඇද පොඩි වෙලාදා කියලා බලන්න.. ඒත් නැහැ මං නිදාගෙන ඉදපු පැත්තේ විතරක් ඇද රෙද්ද යාන්තම් පොඩි වෙලා තිබ්බා.. මේ මොන විකාරයක්ද.. මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා .. අන්තිමට හිතේ බය අඩු වෙනකම් ඉදලා මං ආයේ නිදාගන්න ගියේ දහ පාරක් ගයාත්‍රී මන්‍ත්‍රය කියලා විදුලි පහන දැල්වෙද්දිමයි…

*************************************************

පහුවදා උදේ නැගිට්ටම මං තීරනේ කරා රෑ වෙච්ච සිදුවීම කාටවත් නොකියා ඉන්න.. මොකද මං ඒ කතාව කිව්වොත් නැන්දලා උනත් මං බය ගුල්ලියක් කියයි.. උදේ පාන්දරින්ම නාගෙන දම් පාට සාරිය ඇදලා කොන්ඩෙ කඩා දැම්මෙ තෙත ගතියට කොන්ඩේ ගැට ගහන්න හොද නැති නිසා.. දම් පාට වීදුරු වලලු ටිකත් අත් දෙකට දාගෙන කාමරෙන් එලියට එද්දි මගේ මුනට මූන හම්බවුනේ දීප් අයියා..

” නමස්තේ දීප් අයියේ.. ”

මං සතුටින් හිනාවෙලා කිව්වත් දීප් අයියගේ මූනේ නම් එච්චර සතුටක් පේන්න තිබ්බේ නෑ.. ඊයේ මං එනකොට දීප් ගෙදර හිටියේ නෑ.. පේන විදියට දීප් අයියා ඇවිත් තියෙන්නේ ඊයේ රෑ වගේ…

” ගුඩ් මෝර්නින්ග් සත්‍යා”

මං ඉන්දියාවේ ක්‍රමේට නමස්තේ කිව්වම මට බටහිර ක්‍රමේට ගුඩ් මෝර්නින්ග් කියලා මූනත් පුලුටු කරන් දීප් අයියා යන්න ගියා.. ඒක දැකපු මගේ හිතටත් මොකක්ද උනා.. දීප් අයියා එංගලන්තෙම ඉපදිලා හැදුනු වැඩුනු කෙනෙක්.. එයා සමහරක්විට මං වගේ ගමක හැදුනු කෙල්ලෙක් එයාගේ ගෙදර නවතින්න ආවට කැමති නැත්ද කියලත් මට හිතුනා.. උදේ ගියපු දීප් අයියා ආයේ ගෙදර ආවේ හවස.. මුලු දවල් දවසම මං ගත කලේ නැන්දා එක්ක… එයා මට එංගලන්තෙ සිරිත් විරිත් පිලිවෙත් සංස්කෘතිය ටිකක් කියලා දුන්නා. මං ඉගෙන ගන්නෙ යන්නේ කොහාටද කියලා අහන්න හිතුනත් නැන්දා ඒ ගැන මොකුත් කිව්වෙ නැති නිසා මං කට වහ ගත්තා..
එදා දීප් අයියා දවසෙම හිටියේ කාමරේට වෙලා දොර වහගෙන.. නැන්දා දෙතුන් වතාවක්ම මගෙන් ඉල්ලුවත් ගිහින් අයියත් එක්ක කතා කරන්න කියලා මං මගඇරියේ එයා මට කැමති නෑ කියලා මං තේරුම් ගත්තු නිසා …
රෑ වෙලා කාමරේට ගිහින් නිදාගන්න ලෑස්ති උනාම මට ආයෙත් ඊයේ රෑ දැකපු හීනේ මතක් උනා … ඒක ඇත්ත වගේම දැනුනු හැටි.. මතක් වෙද්දිත් ඇග සීතල වෙනව.. මං ඇදට නැගලා පොරොවනෙන් මුලු ඇගම වහගත්තේ විදුලි පහන දැල්වෙද්දී..
යාන්තමට නින්ද යාගෙන එද්දී එක පාරටම මට දැනුනා මගේ ඇදේ අනෙක් කෙලවර බර වෙනවා .. හරියට කව්රුහරි ඇදට නැග්ගම වගේ.. ඊයේ උනු දේමද අදත් වෙන්න යන්නේ.. මාව සට සට ගාලා ගැහෙද්දි මට ඊයේ දැනුනු මීනී කුණු ගද ආයේම දැනුනා.. ඒ හිටියේ කව්රු උනත් ඒ ගද ගහන හුස්ම මගේ බෙල්ලේ වදිද්දී තවත් ඇදට වෙලා ඇස් තද කරල වහන් ඉන්න බැරි උනා.. මං කෑ ගහගෙන ඇදෙන් බිමට පැන්නත් මගේ කටින් කිසිම හඩක් පිටවුනේ නෑ.. ඊටත් වඩා මං බය උනේ මගේ නිරාවරණ කකුල් දෙකට වේලුණු කොල පෑගෙද්දී… ඇස් ඇරලා බලද්දී මං හිටියේ කැලේක… මං නිදා හිටිය ඇදයි මගේ කාමරෙයී දෙකම අතුරුදහන් වෙලා තිබ්බා.. පරණ ගස් වලින් පිරුණු මහා කැලෑවේ කට්ට කරුවලේ මං තනි වෙලා .. පුර හදේ ලා නිල් පාට එලියෙන් කලුවර මැකුනු කැලේ මං ඉස්සරහා තිබුනු උස ගහක් ලග කව්දෝ ඉන්නවා මං දැක්කා…

” ක..ක්..ක..කව්ද ඔය…”

බයේ ගැහී ගැහී මං ඇහුවේ ඇස් දෙකින් හෝ ගාලා කදුලු වැටෙද්දී.. මේ දකින හැම දේම හීනයක්ම වෙන්න කියලා හිතාහිතා මං අර ගහ දිහාට අඩියක් තිව්වා.. ගහ ගාවින් මෑත් උනු රූපේ ටික ටික මගේ ලගට එද්දි මට හුස්ම ගන්නත් අමතක උනා.. ඒ හිටියේ ගෑනු ලමයෙක්.. කොන්ඩේ පුරාමත් ඇදන් ඉදපු ඇදුම පුරාමත් මඩ තැවරිලා තිබුනු හින්දා මං හිතුවේ එයත් මං වගේ කැලේ අතරමං වෙලා කියලා.. ඒත් මං ගාවට ආපු කෙල්ල ලගින් මට දැනුනේ ඊයෙයි අදයි මට දැනුනු මිනී කුණු ගද .. ඒත් එක්කම මං දැක්කා මං මඩ කියලා හිතන් හිටියට ඒ ගෑනු ලමයගේ ඇග පුරාම තිබුනේ ලේ කියලා.. හොදටම කෑ ගහන්න එතනින් පැනලා දුවන්න ඕනේ උනත් මගේ කකුල් අතපය එකක් වත් මට අවනත උනේ නෑ.. මට කරන්න පුලුවන් උනු එකම දේ ඒ කෙල්ල දිහා බලාගෙන අඩන්න විතරයි…
මං ලගට වෙලා එ කෙල්ල මගේ මූණ දිහා බලන් හිටියේ කැකෑරෙන වෛරයකින්.. ඒ ලා දුබුරු ඇස් දිහා බලන්න බැරි කමට මං බිම බලාගත්තා.. එතකොටයි මං දැක්කෙ එ කෙල්ල බිම හිටගෙන නෙවෙයි පාවි පාවී ඉන්න එක..
එක පාරටම එ කෙල්ල මගේ බෙල්ලෙන් අල්ලලා මාව ඒ කෙල්ලගේ ඇස් මට්ටමට ගත්තා.. දිගට වැවුනු නියපොතු බෙල්ල පසාරු කරන් යද්දී ඒකී මගේ කන ලගට කිට්ටු උනා…

” ශෝන් ගෙන් ඈත් වෙයන්න්.. ශෝන් ගේ ආදරෙන් ඈත් වෙයන්.. “..

බෙල්ලෙන් දැනුනු ඉවසන්න බැරි තරමෙ වේදනාවටයි.. බයටයි දෙකටම මට සිහි නැති උනා.. ඒ අන්තිම තත්පරේ මං දැක්කේ ඒ නපුරු දුබුරු ඇස් දෙක..

*************************************************

පහුවදා උදේ නැගිටිද්දී මං හිටියේ මගේ කාමරේ ඇද උඩ… ඊයේ වෙච්චි දේවල් ඇත්තක්ද හීනයක්ද කියලවත් මට හිතා ගන්න බැරි උනා.. ඇදුම් කන බෙල්ලට අතකුත් තියාගෙන මං විනාඩි දහයක් විතර ඇදටම වෙලා හිටියා.. දෙය්යනේ බෙල්ල .. ඔව්මයි.. එක පාරටම මං ඇදෙන් බැහැලා කාමරේ තිබුනු කන්නාඩි මේසේ ලගට දිව්වා.. ම්හූ.. මොකුත් නැහැ.. බෙල්ල රිදෙනවා ඒත් කිසිම තුවාලයක් නැහැ.. අඩු ගානෙ හිරීමක්වත් වෙලා නැහැ.. වෙච්ච හැමදේම හීනයක් කියලා ඔක්කොම අමතක කරන්න හැදුවත් මට ආයෙ ආයේ මතක් උනේ හොල්මන කියපු දේ . ශෝන්ගෙන් ඈත් වෙන්න … මං කොහොමත් ශෝන්ගෙන් ඈතයි තමයි .. දෙය්යනේ ඒ මනුස්සයාව දැක්කෙත් එක දවසයි .. එයා කොහෙ ඉන්නවද මොනා කරනවද කියලවත් මං දන්නේ නෑ.. එයාගේ ආදරෙන් ඈත් වෙන්නලු.. ශෝන් මට ආදරෙයිද .. විකාර … මොනා උනත් ශෝන් මට ආදරෙයි කියන හැගීම මොකද්දෝ මිහිරියාවකින් මගේ හිත පිරෙව්වා.. උදේ පාන්දරම නාලා හිත සන්සුන් වෙන්නත් එක්ක මං බජන් එකක් කියන්න ගත්තා .. ඇදේ ඉදගෙන ජනේලෙන් පේන මූද දිහා බලාගෙන මං බජන් ගායනා කරලා ඉවරවෙද්දි මට පිටිපස්සෙන් ඇහුනා කව්දෝ අත්පොලොසන් දෙන හඩක්…
දෙය්යනේ මේ කව්ද මේ.. සුදු ජාතික තරුණ තරුණියෝ 3 දෙනෙක් මගේ කාමරේ.. එයාලා හැමෝම මගේ බජන් එකට අත්පොලොසන් දෙනවා..

” වාව්.. හරිම ලස්සනයි … දීප් ඔයා අපිට කවදාවත් කියලා නෑනේ ඔයාට මෙච්ච්ර ලස්සන නන්ගි කෙනෙක් ඉන්නවා කියලා.. ”

එතන හිටපු ලස්සන පොඩි ගෑනු ලමයෙක් එහෙම කියද්දි මං දැක්කා දීප් මගේ කාමරේ දොර ලග බලන් ඉන්න්වා.. එතකොට දීප් අයියට පිටිපස්සෙන් ..
ඒ නිල් ඇස් මේ ලෝකේ කොතන දැක්කත් මට අදුරගන්න පුලුවන් ඒ නිල් ඇස්…

” ශෝන්… ?”

මට එක පාරටම කියවුනා..

” සත්‍යා එහෙනම් මාව අදුරගත්තනේ.. ”

දීප් අයියගේ කරටත් අත දාන් ශෝන් කාමරේට එන ගමන් හරි ලස්සනට හිනා උනා..

” සත්‍යා ගොඩක් ලස්සනයි කියලා මං එදාම දැනගත්තනේ .. ඒත් අද දැනගත්ත සත්‍යාට ලස්සන කටහඩකුත් තියනවා කියලා.. ”

ශෝන් හිනාවෙවී කියද්දී මගෙ කම්මුල් ආයෙම රතු උනා.. මං බිම බලාගෙනම හිනා උනේ මොනා උනත් ශෝන්ව දැකීම මට සතුටක් උනු නිසා..

” මොකක් ශෝන් උබ සත්‍යාව දන්නේ කොහොම්ද?”

මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු දීප් අයියා ඇහුවේ ඇස් දෙක නලලේ තියන්..

” ඇයි බන් මං කිව්වේ.. මට පෙරේදා ලස්සන ඉන්දියන් කෙල්ලෙක් හම්බුනා කියලා.. ඒ තමයි සත්‍යා.. මං දැනන් හිටියේ නෑ මේ දීපගෙ නංගි කියල.. ”

ශෝන් ගේ කතාව අහපු දීප් අයියා නලලේ අත ගහ ගන්නවා මං දැක්ක..

” එතකොට උබ කියපු වරායේ අඩ අඩා හිටපු සුරංගනාවී අපේ සත්‍යාද??..”

දීප් අයියා හිනාවෙවී අහද්දී අනිත් අයත් ඒ හිනාවට එකතු උනා.. ඒත් මං නම් හිටියේ ගොඩාක් ලැජ්ජාවෙන්.. ශෝන් මට කියන්නෙ සුරංගනාවී කියලද ….

” සත්‍යා ඔයාත් අද එන්න අපිත් එක්ක යන්න..මට ඔයා එක්ක කතා කරගන්න දෙයක් තියනව”

හදිස්සියේම දෙයක් මතක් උනා වගේ දීප් අයියා කිව්වා.. ඒක අහලා ඇස් දිලිසෙන්න ගත්තේ මං ගාව ඉදපු ශෝන්ගේ.. මගේ හිතෙත් කැමැත්තක් නොතිබුනාම නෙවෙයි..
රෝස පාට සාරිය ඇදල කොන්ඩේ කඩාදාලා වීදුරු වලලුයි රතු පාට පොට්ටුවටයි එදා මාව ලස්සන කරන්න මං ඉඩ දුන්නා.. ලස්සනට ඇද පැලදගෙන ගෙයින් එලියට බහිද්දි එලියේ හිටපු අර පොඩි ගෑනු ලමයා දුවගෙන ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා..

” ශෝන් හරියටම හරි සත්‍යා.. ඔයා නම් සුරංගනාවියක්ම තමා.. ”

එදත් කාර් එකේ ශෝන් ගාව වාඩි වෙලා යන්න මට ලැබුනා.. දෙන්නට දෙන්නා මුනු බලන් හිනා උනා ඇරෙන්න අපි කිසිම දෙයක් කතා කලේ නෑ..
දීප් අයියයි යාලුවොයි ගියේ මූදූ වෙරලට .. මං ආසම කරන තැනක්.. කාමරේ ජනෙලෙන් මූද දිහා බලන් හිටියට මූදේ රල පාගන්න මට තාම කිසි අවස්තාවක් ලැබිලා නෑ..
ඒත් ඒ හැමදේටම කලින් මට අහන්න ලැබුනු දේවලට මාව කරකවලා ඇතෑරියා වගේ උනා..

” මොකක් දීප් අයියේ…”

මං අපි ගාව හිටපු ශෝන් , අර චූටි ගෑනු ලමයා වින්ඩි, මාක් සහ තාලියා දිහාත් බැලුවේ මේ විහිලුවක්ද කියලා අහන්න වගේ..

” ඔව් සත්‍යා.. ඒක තමයි.. ඔයාව මෙහේ ගෙනාවේ මට කසාද බන්දන්න… ඔයා දන්නවනේ මං ඔයාගේ ඇවැස්ස මස්සිනා කියලා .. ඉතින් සම්ප්‍රදායට මං තමයි ඔයාගේ ස්වාමිපුරුෂයා වෙන්නඕනේ.. මේක ඔයාලගේ අම්මලත් දන්නවා.. ඒත් ඔයා අකමැති වෙයි කියලා තමයි ඉගෙනගන්න යන්න කියල බොරු කියලා ඔයාව මෙහෙ එව්වෙ.. ඒත් මං ඒකට කැමති නැ.. මොකද මං දැනටම මේ වින්ඩිට ආදරේ කරනවා… ඒකයි මං ඔයාව මගඇරියේ කතා නොකර හිටියේ.. ”

දීප් අයියා කියපු දේ මට විශ්වාස කරන්නත් බෑ වගේ .. අනේ මං කොච්චර ආසාවෙන්ද මේ රටට ඉගෙනගන්න ආවේ.. මගේ ඇස් දෙකට කදුලු පිරුනා .. හැමෝම මාව රවට්ටලා…

” අනේ මං මේ මොකුත් දන්නේ නෑ අයියේ .. දන්නවනම්.. මං කවදාවත් මේ රටට එන්නේ නෑ.. ”

මං අඩ අඩා කියද්දිම කොහෙන්දෝ ආව රෝස පාට අතක් මගෙ කට වැහුවා..

” එහෙම කියන්න එපා සත්‍යා…”

ශෝන් එයාගේ නිල් පාට ඇස් වලින් මගේ ඇස් වලට එබුනා..

” එහෙම ඔයා නාවානම් මට කවදාවත් ඔයාව දකින්න වෙන්නේ නැහැනෙ …”

ශෝන් ගෙ නිල් ඇස් වල යාන්තමට තෙත ගතියක් මං දැක්කා .. එ කියන්නේ ශෝන් මට ආදරෙයිද… එතකොට අර හොල්මන කියපු දේ ඇත්ත වෙන්නද යන්නෙ…
මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා .. මං මේක ශෝන්ට කියනවද නැද්ද.. ඒත් දෙය්යනේ ශෝන් මට පිස්සු කියලා හිතයි..
අන්තිමට හිතලා හිතලා මං තීරණයක් ගත්තා…
ඔව් මං ශෝන්ට කියනවා..
*************************************************
එදා දවසම අපි සතුටින් මූදූ වෙරලේ ගත කලා.. මං ශෝන්ටයි .. ශෝන් මටයි කටින් නොකිව්වට ආදරෙයි කියලා අපි දෙන්නම තේරුම් ගත්තා අපි අපිට ආදරෙයි කියලා…හවස ගෙදර එද්දි මං ශෝන්ට කිව්වා..පහුගිය දවස් දෙකේම මං දැකපු අමුතු හීන ගැන… ඒවා අහලා ශෝන් බය උනේ මං කවදාවත් නොහිතපු විදියට..

“දෙය්යනේ එයා දැනගෙන… ”

ශෝන් එච්චරයි කිව්වෙ වාහනය පාර අයිනට කරලා නතර කරා.. දීප් අයියල ආපු මාක් ගෙ වාහනයත් අපිට පිටිපස්සේ නතර කලා.. ශෝන් වාහනෙන් බැහැලා ගිහින් දීප් අයියලට මොනාදෝ කියනවා මං දැක්කා.. ටිකකින් ශෝන් ඇවිත් වාහනේට නැග්ගා.. දීප් අයියල දිගටම අපේ ගේ දිහාට යද්දි ශෝන් එයාගෙ වාහනේ හරවගත්තා..

” ශෝන් අපි මේ කොහෙද යන්නේ..”

මං පුදුමෙන් ඇහුවේ දැන් හොදටම හවස් වෙලා නිසා..

” මගේ ගෙදර”

ශෝන් ඒ ටික විතරක් කියලා වාහනේ වේගේ වැඩි කලා.. එයා ඉන්නේ හිතේ කරදරෙන් කියලා තේරුනු නිසා මං ප්‍රශ්න අහලා එයාට තවත් වද දෙන්නෙ නැතුව නිහඩ උනා.. ශෝන් එක්ක මෙහෙම එයාගේ ගෙදර යන එක ගොඩක් වැරදි කියලා මට තේරුනා .. ඒත් කරන්න දෙයක් නැති උනේ දැන් ශෝන් මැරියන් කිව්වොත් ඒකත් කරන තරමට මගේ හිත එයාට බැදිලා තිබුනු නිසා..
ටිකකින් ශෝන් වාහනය නතර කරේ මහා විසාල ගේට්ටු පියන් දෙකක් ලග.. ඒ අතරින් වැටුනු මාරගයේ දෙපැත්තම හරි ලස්සන මල් උයනක්.. මාර්ගය ඉවර උනේ ලොකු නිවසක් ලග.. වැරදි ලොකු මාලිගාවක් ලග.. මං මගේ ජීවිතෙටම මෙහෙම මාලිගාවක් මීට කලින් දැකලා තිබුනේ එක පාරයි.. ඒ අපෙ පලාතේ ප්‍රිත්වි සිං යුවරාජ්ගේ මාලිගාව.. ඒත් මේ මාලිගාව ඊටත් ලොකුයි…

” ම්ම්ම්ම් ම්ම් ම්මේ මේ කොහේද ශෝන්..”

මගෙ කටත් වේලීලා.. අහන්න යන් ප්‍රශ්නේ අහගන්නත් බැරි උනා…

” මගේ ගෙදර…”

ශෝන් නිවිසැනසිල්ලේ දීපු උත්තරේ මට ඒ තරම් සැනසිල්ලේ බාර ගන්න බැරි උනා..

” මොකක්…”

මං ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ ශෝන් දිහා.. දෙය්යනේ අද උදේ ඉදලම මා ලග හිටියේ ..මට ආදරෙයි කිව්වෙ මේ මාලිගාවේ කුමාරයද.. මට වචනයක්වත් කියන්න ඉඩක් නොදිපු ශෝන් මගේ කර වටේ එයාගේ අතක් දාගෙන මාව ඒ මාලිගාව ඇතුලට එක්කන් ගියා…
ශෝන් කොහේවත් නවතින්නේ නැතුව මාව එක්කන් ගියේ එක කාමරේකට.. ඒක ශෝන්ගෙ කාමරය කියලා කියන්න මට වෙනත් කෙනෙක් ඕනෙ උනේ නෑ.. එක පාරටම මාව එයාගේ පපුවට තුරුලු කරන් මගෙ නලලට පුංචි හාදුවක් දුන්නා…මගේ පලවෙනිම හාදුව.. ගැහෙන හදවතින් මං ඒ හාදුව විදගත්තා..
ඒ වගේම අනිත් හැමදෙයක්මත්… ශෝන් ගේ රෝස පාට දෙතොල් මගේ මුලු සිරුරම ආක්‍රමණය කරද්දී ජීවීතේ ලස්සනම අත්දැකීමක් මං ඒ එංගලන්තේ සොදුරු සීතල මැදින් විදගත්තා …

” සත්‍යා මගේ රත්තරන්.. ”

වේගයෙන් ඉහල පහල හෙලුනු සුසුම් සර මැද්දෙන් ශෝන් මගේ කනට කෙදිරුවා…

” ම්ම්ම්ම්ම්ම්”

මං ඇහුවේ ශෝන්ගෙ විසල් පපුවෙන් හිස ඈත් නොකරම.. කොහෙන්දෝ ආපු ලෝභ හැගීමක් නිසා මං ශෝන්ට තා ටිකක් තුරුල් උනා..

” මං ඔයාට ගොඩාක් ආදරෙයි කෙල්ලේ.. කවදාවත් ඒක අමතක කරන්න එපා…. ”

” මට අමතක නෑ ශෝන් අමතක කරන්නෙත් නෑ ..”

ශෝන් පහත් වෙලා මගේ හිස් මුදුන සිප ගත්තා ..
” නැගිටින්න මැණික … අපිට තා වැඩි වෙලාවක් ඉතුරු නෑ..”

ශෝන්ගේ වචන මට ගෙනාවේ ලොකු පුදුමයක් .. ඒත් මං එයාව ප්‍රශ්න කරන්න ගියේ නෑ.. හිමීට එයාට කීකරු වෙලා නැගිට්ටා.. මාව ඇග සෝදගන්න නාන කාමරය ලගටම ශෝන් ඇරලෙව්වා.. මම ඇග සෝදගෙන එද්දී ශෝන් හිටියේ ලියන මේසය ලග මොනවද ලියමින්.. මං එයාගෙ ලගට යනවත් එක්කම එයා ඒක ලියුම් කවරයකට දාලා ලාකඩ වලින් මුද්‍රා තිව්වා..

” එන්න මට ඔයාට දෙයක් පෙන්නන්න තියනවා…”

ලියුම මේසේ උඩ තියලා ශෝන් මාව එක්කන් ගියේ ඒ ලොකු මාලිගාවෙ බටහිර පැත්තට..

” ඔයාගේ දෙමව්පියෝ කෝ ශෝන්..?”

” ඉන්නවා එයාලා ජීවත් වෙන්නෙ ගෙදර අනිත් පැත්තේ.. එයාල මට තනියම ඉන්න ඉඩ දීල තියෙන්නෙ…”

එකම ගෙදර උනාට ලොකු දුරක් .. කොහොමත් මේ මාලිගාවේ හැටියට ඒ පැත්තේ ඉදන් මේ පැත්තට ගම් දෙකක විතර දුරක් තියනවා ඇති.. හිත හිතා ශෝන් එක්ක ඔහේ ඇවිදන් ගිය මම නැවතුනේ කාමරේක වහලා දාපු දොරක් ලග… ශෝන් ඒ කාමරේ දොර ඇරලා මාව ඒකේ ඇතුලට එක්කන් ගියා…
එතකොට මං දැක්කේ…
බිත්තියේ එල්ලලා තිබුනු ලොකු ප්‍රමානේ චිත්‍රයක්.. ඒකේ හිටියේ අර හොල්මන . රෑ දෙකක්ම මගේ පස්සෙන් පන්නපු ගෑනු ලමයා ..

” ශෝන් ම්ම් මේ මේ අර .. මේ එයා …. ”

මං ගොත ගහා ගහා කියන්න හදපු දේ දන්නවා වගේ ශෝන් මගේ ඔලුව අතගෑවා..

” මං දන්නවා සත්‍යා..
මේ ඉන්නේ වෙරෝනිකා.. අපේ අම්මගේ හොදම යාලුවෙක්ගේ දුවක්.. එයා පුංචි කාලේ ගොඩක් හැදුනේ මේ ගෙදර.. මේ එයාගේ කාමරේ.. පුංචි කාලේ අපි හරිම එකතුයි.. එයා මට හොද සහෝදරියක් උනා.. අපි හරි සතුටින් හිටියේ .. ඒත් ඒ වෙරෝනිකා මට ආදරේ කරනවා කියලා දැනගන්නකම් විතරයි… මට විශ්වාස කරන්නත් බැරි උනා .. මං එයාට කිව්වා ඒ මනස්ගාත ඔක්කොම අයින් කරගන්න කියලා .. ඒත් එයා ඇහුවේ නෑ … මට පිස්සුවෙන් වගේ ආදරේ කරා එයා.. ඇත්තටම එයා හැසිරුණේ පිස්සු හැදිලා වගේ තමයි .. එයාව කාටවත් පාලනය කරගන්න බැරි උනා .. අන්තිමට වෙරෝනිකා අපේ ගෙදරින් යන්න ගියා.. ඒ ගිය දවසේ අපි ගොඩක් රණ්ඩු උනා .. එයා දිවුරුවා ආයෙ මට කාටවත් ආදරේ කරන්න ඉඩ දෙන්නෙ නෑ කියලා… මට සැනසීමෙන් ඉන්න දෙන්නෙත් නෑ කිව්වා.. එහෙම කියලා මෙහෙන් ගියපු වෙරෝනිකා මේ ලග තියන පයිනස් කැලේ එයාගෙම බෙල්ල කපාගෙන සියදිවි නහගෙන තිබ්බා.. දුක නොහිතුනා නෙවෙයි.. ඒත් හිතුනා දැන් ඔක්කොම ඉවරනේ කියලා.. ඒත් මං හිතුවේ වැරදියට.. ඔක්කොම පටන් ගත්තේ එදායින් පස්සෙ.. ජීවීතේට හිතුවේ නෑ වෙරෝනිකා එච්චර නපුරු කෙල්ලෙක් කියලා .. එයා කිව්ව විදියටම මට සැනසීම නැති කරා.. නාගන්න කියලා ගියොත් හැමදාම නාන්න උනේ ලේ.. කෑමක් කන්න ගියොත් බෙදාගන්න කෑම එකට උඩින් ලේ වෑස්සෙනවා.. නිදාගන්න ගියාම හැමදාම වෙරෝනිකා මගේ ඇදට ආවා.. මිනී කුණු ගද ඉවසන්න බෑ… අන්තිමට මට ජීවිතේ එපා උනා .. අම්මා තාත්තා ගොඩක් උත්සාහ කරා මේකට හේතු හොයන්න .. මුලින්ම ආපු පියතුමන්ලා දෙන්නම වෙරෝනිකා මැරුවා.. ඒ මිනිස්සුන්ට දීලා තිබුනු වද හිතා ගන්න බෑ.. කටු ඔටුනු දාලා උඩයටිකුරු කරලා තිබුනු කුරුසියකට තියලා ඇණ ගහලා තිබ්බා .. පණ පිටින් ඉදිද්දීම… මට තාමත් ඒක මැවිලා පේනවා.. අන්‍තිමට වතිකානුවෙන් ආවා පියතුමන්ලා හත් දෙනෙක් .. එයාලා මේ ගෙදරට ආරක්ශාවක් කරා.. වෙරෝනිකා එයා කිව්වා වගේම මගේ සැනසීම නැති කරා .. ඒත් එයාට මගේ ආදරේ නැති කරන්න බැරි උනා.. මොකද මං කාටවත් ආදරේ කරේ නෑ.. පහුගිය අවුරුද්දෙම අපි කාටවත් වෙරෝනිකාගෙන් කරදරයක් තිබ්බේ නෑ.. දැන් මට ඔයාව මුණ ගැහුනා විතරයි එයා ආයෙ ඇවිල්ලා.. මේ ගෙදර ඔයාට ආරක්ශාවක් තියනවා ඒකයි මං ඔයාව මෙහේ ගෙනාවේ .. මට තෙරෙන්නෙ නැහැ .. ඒත් වෙරෝනිකා දැන් පන්නන්නේ මගේ පස්සෙන් නෙවෙයි ඔයාගේ පස්සෙන් … ඔයාව ආරක්ශා කරගන්න මං ඕනෙම දෙයක් කරනවා සත්‍යා ඔනෙම දෙයක්… ”

ශෝන් මාව තද කරලා බදා ගත්තා.. එච්චරම මට ආදරේ කරනවද ඔයා.. මගේ ඇස් වලින් කදුලු කැට ගලන්න ගත්තා.. ශෝන් මගෙ කදුලු නැවැත්තුවේ නෑ…එයත් මාව පපුවට තුරුලු කරන් මගෙ හිස් මුදුන සිප ගත්තා .. එකපාරටම…
කව්දෝ යටි ගිරියෙන් කෑ ගහපු සද්දෙකට අපි දෙන්නවම ගැස්සිලා ගියා..

” ශෝන්න්….”

” ඒකි ඇවිත්.. ”

ශෝන් එක පාරටම මාවත් ඇදගෙන කාමරෙන් එලියට දුවලා ගියා .. මාලිගාවෙ මැද සාලයේ හිටිය එක සේවිකාවක් බිම වැතිරිලා කෑ ගහමින් හිටියා..

” මාර්තා මොකද උනේ.. ”

ශෝන් බිම වැතිරිලා හිටපු සේවිකාව ලගට ගිහින් ඇයව නැගිට්ටෙව්වා.. ඇය අඩනවා.. බයෙන් සිහි නැතිවෙන තරම් තත්වෙක අහින්සක ගෑනු කෙනාගේ මං ඔලුව අත ගෑවා


” ශෝන් මහත්තයාගෙ යාලුවෙක් එලියේ ඉන්නවා පාවී පාවී… ”

අසරණ මාර්තා අඩ අඩා කියපු දේ අහපු ගමන් මට එක පාරටම මතක් උනේ දීප් අයියා… මං දුවගෙන ගිහින් ප්‍රංශ ජනේලේන් එබිලා බැලුවා.. දෙය්යනේ වින්ඩි.. වෙරෝනිකා වින්ඩිගෙ බෙල්ලෙන් අල්ලලා උස්සන් ඉන්නවා..
හිත හිතා ඉන්න මොහොතකටවත් පමා නොඋනු මම එලියට දුවලා ගියා.. මං හින්දා මොක්ටද වෙන කාගෙවත් ජීවිතයක් නැති කරන්නේ…

” සත්‍යා”

මගේ පිටිපස්සෙන් ශෝනුත් දුවගෙන ආවා..මාලිගාවෙ ආරක්ශාවෙන් එලියට ආපු අපි දෙන්නව දැකපු වෙරෝනිකා අහින්සක වින්ඩිව අතඇරලා අපි දෙන්නා දිහාට හැරුනා…

” ආවද පෙම් කුරුලු ජෝඩුව…”

වෛරයෙන්ම මැරිලා ගියපු වෙරෝනිකා මට කලින්ටත් වඩා බිහිසුණව පෙනුනා.. ලෙයින් වැසුනු සිරුර.. ගිනිගෙන දැවෙන ඇස් .. දිය වෙලා කුණු උනු මස්.. මේ ඔක්කොම එක්ක දෙවියන්ටවත් යටත් නොවුනු නපුරු ආත්මේ මගේ ලගට ඇවිත් මට විසි වෙලා යන්න පයින් පාරක් ගැහුවා.. අඩි දහයක් විතර ඈතට විසික් උනු මාව මිදුලේ තිබුනු ලොකු ප්‍රතිමාවක හැප්පුනා.. රිදුනේ මට උනාට.. වැටුනේ මම උනට විලාප දුන්නේ ශෝන්.. ඇස් දෙකෙන් සට සට ගාලා කදුලු වැටුනේ ශෝන්ගේ..

” ඕහ්හ් ඔයාට දුකයිද ශෝන් .. ආදරේ නැතිවෙද්දි ගොඩක් දුකයිද .. මං මේකිව මරලා ඔයාට සදාකාලිකව විදවන්න තියන්වා… ”

වියරුවෙන් වගේ කියපු වෙරෝනිකා ආයෙත් මං ලගට එන්න හදද්දී ශෝන් පැනලා වෙරෝනිකාව බදාගත්තා… ඒ කුණු උනු ශරීරේ මස් ගැලවිලා බිමට වැටෙද්දී වෙරෝනිකා ශෝන්වත් උස්සලා පැත්තකට විසික් කලා…

” උබට ඔය විදියට මාව නවත්තන්න බෑ ශෝන්…”

වෙරෝනිකා හයියෙන් හිනා උනා..

“මං උබට වඩා සිය දහස් ගුනයක් බලවත්… ”

” ඔව් ඇත්ත … ඒත වැඩි කාලයකට නෙවෙයි…”

ශෝන් එක පාරටම සාක්කුවේ තිබිලා ගත්තේ පොඩි පිහියක්.. එක එයාගෙ බෙල්ල හරහා ඇද ගනිද්දී මට දැනුනේ මගේ මුලු ලෝකෙම නතර උනා වගේ.. වින්ඩි යටි ගිරියෙන් කෑ ගහලා අඩන සද්දෙත් මට ඇහුනේ හීනෙන් වගේ..

” අනේ අ.. අ.. අනේ මගේ ශෝන් ඔයා කොහොමද එහෙම යන්නේ..”

මගේ ඇස් වල පිරිනු කදුලු හින්දා මට ඉස්සරහා තිබුනු දර්ශනය බොද වෙලා ගියා .. මගේ ආදරේ ..

” උබ දැන් මොකද කියන්නේ වෙරෝනිකා …”

එක පාරටම මට ඇහුනේ ශෝන්ගේ කටහඩ..
දෙය්යනේ එය තාම ඉන්නවද .. මං ඉක්මනට ඇස් දෙක පිහිදගත්තා.. ශෝන් … මගේ කුමාරයා.. ගොඩාක් ලස්සනට මට පෙනුනා .. එයාගෙ වටේ මොකක්දෝ රශ්මි මාලාවක් තිබුනා…
ශෝන් ගේ පිරිසිදු ආත්මේ ඉස්සරහ වෙරෝනිකා ට තිබුනු බලය එහෙම්පිටින්ම වගෙ නැති වෙලා තිබුනා..

” උබලා වගේ පව්කාර ආත්ම වලට විනිශ්චය දෙන්න දෙවියන්වහන්සේ මග බලන් ඉන්නේ.. උබලා එතනට කැමැත්තෙන් යන්නේ නැතිනම් බලෙන් ඇදන් යනවා…”

ශෝන් වෙරොනිකාව එයාගේ මරවිලාප මැදිනි අහසෙන් මතු උනු ආලෝකය දිහාට ඇදන් ගියා… ඒ සුදු ආලෝකය ආත්ම දෙක වහගනිද්දී ශෝන් ගේ මූනේ මුලු ජීවිතේම දිනාගනිපු වාගේ ලස්සන හිනාවක් රැදිලා තිබුනා…
****************-************************-****—–
මට කවදාවත් ශෝනව අමතක උනේ නෑ.. අපේ දවස් තුනේ ආදර කතාව අපි සදාකාලික කර ගත්තා.. ශෝන් නැතිවෙලා දැන් අවුරුදු 3ක් වෙනවා.. මං එංගලන්තෙට ආවේ ඉගෙන ගන්න .. මං ඒ ඉලක්කෙත් සපුරගත්තා.. තනියෙන් එංගලන්තෙට ආපු මම අද යන්නෙ හැබැයි තනියම නෙවෙයි.. ශෝන්ගෙයි මගෙයි ආදරේ ප්‍රතිඵලය අපේ අවුරුදු දෙකක් වයස පුතත් මාත් එක්ක ඉන්දියා යනවා..මගේ අම්මයි තාත්තයි බලන්න… එදා ශෝන් අන්තිමට ලියපු ලියුමෙන් මට එයාගෙ දේපල පවරලා තිබ්බා.. ඒ නිසා තමයි මට දැන් නීතිඥවරයෙකුත් ඉන්නේ… දීප් අයියයි වින්ඩි ගිය අවුරුද්දේ කසාද බැන්දා… ජීවිතේ හරිම පුදුමයි.. ශෝන් නැති අඩුව ගොඩක් දැනෙනවා.. ඒත් පුංචි පුතා ඉන්නකම් මට පාලුවක් නෑ …. මට ආදරේ දුන්න, විරහව දුන්න, නිදහස දුන්න අරුම පුදුම එංගලන්තෙ පුංචිම පුංචි තිතක් වෙලා මහ සමුදුර මැද නොපෙනී යනකම් මං ක්වීන් හෙලේනා නැවේ ඩෙක් තට්ටුවට වෙලා බලා හිටියා…
?????????????????

Oshini Sudhusinghe

කතා අහුර රචක තරගය 2020 සතියේ හොදම කතාව කරමුද?

මෙන්න විස්තරය

39 thoughts on “Sathya 1920 | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020”

      1. සෙව්මි

        කතාව නම් සුපිරි … තව ලස්සන කතා ලියන්න දිගටම…
        All the beat.. ????

        1. උක්කූං පුතා(SuMi )

          අනේ අනේ මේක ඇතුළට වෙලා ඉන්නවා පාඩම් කරන්නේ නැතුව නේද.. මම ටිකක් අසනීපෙන් ඉන්නේ නංගි

          1. සෙව්මි

            පොඩි ඉන්ටවල් එකක් ගත්තා අයියේ …
            අනේ ඒ මොකෝ…. අසනීපෙන්

      1. Aiyoooo chutii mistake ekak welooo hamman newiii hommaan kiilaa kiuwee aiya ?????????????????? aiya asanipen kiuwe mko ikmnta hoda wenna aiye welavata beth tika bonna hdada

  1. උක්කූං පුතා(SuMi )

    ගෙදර තනියම ඉන්නෙ මං වගේ පුංචි කොල්ලෙක් මේ වගේ කතාවක් කියෙව්වා බය වෙන්නේ නැද්ද.. ඇත්තටම ලස්සනයි කතාව බය උනත් එක්ක චුට්ටක් හොඳේ.. කතාවෙන් ගන්න දේවලුත් තියෙනවා.. ආදරයේ මතක සටහන් මොනවද කියලා පෙන්නුවා..ඇත්තටම ලස්සනයි තවත් මේ වගේ ආදරණීය ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

    1. සෙසඳි

      අනේ පව් අපෙ උක්කුං පුතා… ?????? වෙලාවට බේයි ටික බොන්න ලොකූ … පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

    2. Sadamali nuwanthika

      පුංචි කොල්ලෙක්…..???මන් හිතන්නෙ දැන් කටේ දතුත් හැලිලා…. ???

  2. Lasaanai anee katawa homman ekak hinda bayen kiyeuwe ??? bayai kiuwe mee nikan itin katawat kiynna epa itin mn bayai kiuwa kila lajjaine hodee ???? katawa nm patta hodeee
    Budu saranai parissamin inna tawa tawat kata loynna puluwan wenna kiyla suba pathanava akki oyta

  3. අනේ කතාව නම් නියමයි.???
    ඔයා හරිම ලස්සනට කතාව ගලපල තියෙනවා.??.
    මම ඔයාට හදවතින්ම සුභ පතනවා ඔෂිනි???

    1. සෙසඳි

      හෙට කියවලා කමෙන්ට් 1 දාන්නම් මැණික කතාවක් උනත් හොල්මන් නෙ… ??????

  4. ..Sandashen..

    කතව ගොඩාක් ලස්සනයි …????…කතවෙ අන්තිම හරියෙදි පොඩ්ඩක් දුකත් හිතුන මට ටිකක් භයකුත් දෙනුනා ???????????

    1. කතාව ලස්සනයි ගොඩක් දුකයි. ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ නේද.
      සමහර ආදර කතා තියනවා දවසයි දෙකයි . ඒ කතා ගොඩක් ලස්සනයි .ලස්සන මතක ගොඩයි.
      ආදරේ කරන හැමෝම එකතු වෙන්නෙත් නෑ නේද.

      නපුරු හොල්මනක්. බලෙන් ආදරේ ගන්න එකත් එක්තරා පිස්සුවක්.
      හරිම ලස්සනයි කතාව.තෑන්ක්ස් ඔයාට

      කරන කියන වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං.
      පරිස්සමින් ඉන්න
      බුදු සරණයි

  5. ????????????????????????????

    උඋදේට කතාව කියවලම කමෙන්ට්
    එකක් දාන්නම්.බයකට එහෙම නෙවේ.නිකමට වගේ.????

    1. අනේ ඒකනම් මරු හරිම ලස්සනයි .මේ ගෑනු මැරුනාමවත් පාඩුවේ ඉන්නේ නැති හැටියක් ඇත්තට.?????
      අර ශෝන් කොල්ලා නම් පට්ට ගති නේද.?
      කතාව නියමයි ගොඩක් ලස්සනයි .තව කියවන්න තිබුනනම් කියලා හිතුනා.ඇත්තටම ගොඩක් ලස්සනයි .????

  6. නයෝ මධූ

    හොල්මන් කතාවක් වුනත් හරි ලස්සනට ලියලා තියනවා. තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා.

  7. කතාව සුපිරියි ?????…ඊයෙ රෑ කතාව දැක්කට කියෙව්වෙ නම් දැන් තමයි…හොද වෙලාවට දැන් කියෙව්වෙ නැත්තම් මගේ ඇද එහා පැත්තෙත් කවුරු හරි ඉන්නවා වගේ දැනෙයි ?????…තවත් කතාවක් අරං එන්න…good luck & all the best ??????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.