Katha Ahura

?බඹර ඉසව්ව ? | 62 කොටස |නවකතාව

5/5 - (4 votes)

“අපේ කොල්ලා වගේම යක්ශයෙක් වෙන්නැති එහෙනම් එන්න ඉන්නේ. . ”

අම්මා එහෙම කිව්වේ. හිනාවෙලා ..

එතකොටම ..යී ..
විභූ කුස්සියේ දොර ලගට ආවේ … මන් කරපු වැඩේ එහෙමම නතර කරලා ගල් ගැහුනා … මූනේ කිසි හිනාවක් නෑ මෙච්චර වෙලා කියව කියව හිටපු අම්මත් සද්දය්ක් නැ…
ශෝටක් එක්ක ටීශර්ට් එකක් දාගෙන ඉන්න විභූ කොහෙහරී යන්න කියලා හිතුනේ මට ..

“නන්ගී ගිහින් ලෑස්ති වෙන්න පොඩි ගමනක් තියෙනවා යන්න ”

එහෙමම විභූ එතනින් ගියා ….

”දෝනී යන්න …දන්නවානේ පුතාගේ හැටී…”

අම්මා මට එහෙම කිව්වේ විභූගේ හැටි දන්න නිසාමයී ….

මන් එහෙමම තෝර තෝර හිටපු පලා ටික පැත්තකින් තියලා .. කාමරේට ගියේ .. විභූ එක්ක යන්න ලෑස්ති වෙන්න ..
කොහේද යන්නේ මොකටද යන්නේ කියලා හිතාගන්න බැරි උනා ….

කාමරේට යද්දි විභූ කන්නාඩිය ඉස්සරහා
මන් එහෙමම අල්මාරිය ඇරියේ ඇදගන්න ඇදුමක් ගන්න

“කියන එකක් නම් අහන්නෙම නෑ න්හ් ….”..

මන් ඇදුම් තෝරද්දී මට ඇහුන විභූගේ කටහඩට බැලුවේ ..

මන් දන්නවා ඔය කුස්සියේ වැඩ කලාට මාත් එක්ක තියෙන තරහා .. පිට කරගන්න බැරුව ඉන්නේ …

මන් මුකුත් නොකියම .. ඇදුමක් තෝරන්න ගත්තා

විභූත් ඒකට උත්තරයක් බලාපොරොත්තු නොවෙන්න ඇතී …

අම්මලා එක්ක උයන්න උදව් උනාට කමක් නෑ ඒත් හැම වෙලේම මහන්සී වෙන්න හදන්න එපා
හ්ම්ම්

එහෙම කියද්දී නම් මට දුක හිතුනා ..මෙච්චර දේවල් කියන්නේ මගේ හොද්ට නේද කියල්ලි හිතද්දී නම් පපෞව තවත් පිච්චුනා

“ලෑස්ති වෙලා පහලට එන්න බබා මන් ඉන්නවා පහල ”

විභූ එහෙම කියලා පහලට යද්දී මන් ඔලුව වනලා සන් කලේ ඒක පිලිඅරගෙන

❤️

විභූ එක්ක ..
මේ ටීකේම හිටියේ ගෙදර..
ඒත් හදිස්සියෙම මේ කොහෙද යන්නේ කියලා මට හිතාගන්න බැරි උනා …

“විභූ ඔයා අද වෙනස් …”

දරාගන්න බැරි තරම් පාලුවක් තියෙද්දී මන් එහෙම කිව්වේ වාහනේ අපි දෙන්නා ‍යද්දී ..විභූ ලග හිටියට මට එතන දැනුනේ අමුතු තනි කමක්

එහෙම නෑ …

“එහෙනම් ඇයී කතා නැත්තේ .. .”

විභූ මගේ ප්‍රශ්නෙට උත්තර.දුන්නේ නෑ …

කතාකරන්නකෝ …
ඇයී මේ ..

ඔයාව ගෙදර තනිකරන්න බැරි නිසා මේ එක්කන් යන්නේ ..

විභූ කීවේ එච්චරයී
හැමදාම වගේ අදත් එයා කතාව මගින් නතර කලා

”ඇයි හැමදාම මෙහෙම කරන්නේ ..
කී දවසක් ද …මන් ඔයාගේ වෙනස් කම් කොහොමද ඉවසන්නේ ..”

සත්තයී මට කදුලු පැන්නා ..
විභූ සැරින් සැරෙට මෙහෙම වෙන එක දරාගන්න බැරි නිසා ..

මන් අඩන නිසා විභූ පාර අයිනට කරලා වාහනේ නතර කරේ ..ලොකු හුස්මක් පිට කරන ගමන් ….

එහෙමම එයා සීට් එක හාන්සි කරගෙන ඇස් පියාගත්තේ .. වචනයක් වත් කතා නොකර

තවත් කිසිමදෙයක් නොකියා විභූ එයාගේ පාඩුවේ

“ඔහොම ඉන්න ඔයා හැමදාම. … ඔක්කොම මගේ හිත ඇතුලේ ප්‍රශ්න කරලා ඉන්න”

“බබා
නවත්තන්න ඕක ”

විභූ හරි ඉවසිමෙන් එහෙම කිව්වේ…

මාව මෙච්චර ඉක්මනට වදයක් උනාද ..කියලා දැනෙද්දී මට දුක හිතුනා …

ඔය හිතේ තියෙන දේවල් මට කියන්න බැරි ඇයී ..මන් ඔයාග කවුද විභූ ..
මෙච්චර දුක් කන්දක් ඉවසලා ..මට ඉතුරු හරියත් ඉවසන්නද කියන්නේ නැත්නම් මට මැරෙන්නද කියන්නේ

මන් විභූගෙන් ඇහුවේ කේන්තියෙන්මයී ….

”නන්ගී කටවහගෙන යමූ …. යන්න බැරිනම් මන් ආයෙම ගෙදරට ගිහින් දාන්නම් ….’

විභූගේ කේන්තිය ඉහ වහ ගිහින් …
මෙච්චර ඉවසීමෙන් කතාකරන්නේ ඒ නිසා කියලා මට තේරුම් ගන්න අමාරු උනේ නෑ …

එහෙමම විභූ ආයෙම වාහනේ ස්ටාට් කරලා ..
වේගෙන්ම
ගියේ මාත් එක්ක කේන්තිය පිට කරන්න බැරුව …

එහෙමම විභූ වාහනේ දැම්මේ මට හුරු පුරුදු තැනකට ..

නවසිවත්තට ආයෙම ..
පොඩ්ඩකට ආයෙම මගේ හිත නතර උනා …
සෙව් එක්ක මන් ගෙව්ව ජීවිතේ …මෙතන … අකමැත්තෙන් ආවත් …මෙතනින් යන්න තිබ්බ දුක
විභූ දන්නවානම් ගතේ වේදනාවටත් වඩා හිතේ වේදනාවෙන් … මේ නවසි වත්තේ හිටපු බව … එයා හින්දා ඉහිලපු දුක් කන්දරාව … ඒක දැනෙන පපුවට එච්චර ගින්නක් උහුලන්න බැරි බව ,….

මන් එහෙම හිත හිතම ඔලුව තියාගත්තේ සීට් එකට ..ඉබේටම හිතේ තිබ්බ බර සුසුමකින් පිට උනේ මටත් නොදැනිමයී ….
දැන් මගේ කුසට සත් මසක් … මේ කිසිවක් නොදන්න අපේ දරු පැටියා … මගේ කුස ඇතුලේ නිදාගෙන ඉන්න අපුරුව මට මැවිලා පෙනුනා …

”දේදු …. නැගිටින්න … ”

විභූ හිතන්න ඇත්තේ මට ඒ ටිකට නින්ද යන්න ඇති කියලා … ඒ වචන වල තරහක් තිබුනේ නෑ …

”දේදූ…..”

අනේ මන් වාහනෙන් බහින්නත් කලින් කෑගහගෙන එලියට ආවේ සෙව් …
කෙල්ලට මන් දවසින් දෙකකින් පැයකින් දැක්කත් හැමදාම ඒ සතුට මූනේ තිබ්බා ….

වරෙන් වරෙන් …

කෙල්ලට විභූ ඉන්නවද කියලා ගානක් වත් නෑ …
මන් එක්ක ඒ සුපුරුදු ලෙන්ගතු කමින්මයී කතාකලේ …

විභූ මාව ඉස්සර කරගෙන … අයිනෙම තිබ්බ බන්කුවක වාඩි වෙලා හිටපු නාරා අයියා ලග ගියා … නාරා අයියා මාව දැකලා දුර තියාම හිනා වුනේ .. හිතේ කිසිම කහටක් නැතුව වගේ …
හැමදාම මම හිතනවා වැඩී … නාරා අයියා විභූ කියන්නේ තරහා කාරයෝ නෙමේ … විභූ මේ හැමදේම හංගන එකයී මට තියෙන ප්‍රශ්නේ ….
මම නාරා අයියා එක්ක කතා නොකර අපුලෙන් ඉන්නවා කියන එක ඒ ප්‍රශ්නෙට විසදුමක් නෙමේ …

මන් එහෙම හිත හිතම සෙව් එක්ක ගේ ඇතුලට ආවා …

”අම්මෝ දැන් කෙල්ලගේ මූනේ ඉදන් පිරිලානේ ….
මහත්තයා හොදට සලකනාවා වගේ

සෙව් කිව්වේ මනමාල හිනාවක් මූනට අරගෙන …

”ඒ පිස්සුද බන් එන්න එපා ඕවට …”

අහ් අනේ මේ නිකන් පලයන් යන්න මුකුත් නොදන්න තොත්ත බබා … දැන් මේ බැදලා අම්ම කෙනෙක්කුත් වෙන්න ඉද්ද්දී …

සෙව් එහම කියද්දීනම් මට කියන්න වචනයක් වත් එලියට ආවේ නැ..

”මේ හ් ඒක නෙමේ කොහොමද නැන්දම්මා … ලොකු සර් එහෙම උබට සලකනවාද …”

අපි හිතුවා වගේ නපුරු නෑ කෙල්ලේ ඒ අය … මගෙඅ අම්මා තාත්තා වගේ සෙව් …. මාත් එක්කමයී ….

මන් සෙව් ට කිව්වේ විභූගේ අම්මා තාත්තා ගැන උපන් හැගීමෙන්මයී ….

”අනේ කොච්චර දෙයක් ද දේදුවෝ … මගේ හිතටත් දැන් හොදයී …”

”උබ මන් ගැන බය වෙන්න එපා …. ඉතින් නාරා අයියා මොකෝ කියන්නේ … ”

දැන්ම බදින්න එහෙම අදහසක් නැද්ද ….”

කොහෙද ඉතින් එයාට ලොකුත් මට වගේම උබලා දෙන්නව තමයී ….

ඇයී එහෙම කියන්නේ ,,….

”ඇයි ඉතින් කොයි වෙලෙත් උබලා දෙන්නා ගැන තමයී අපි කතා කරන්නේ …. ඒ ඇරුනම අර තිරිසනා ගැන …. ”

”ඒ කිව්වේ ..”

මන් සෙව් ගෙන් එහෙම ඇහුවම කෙල්ලගේ මූන ඇකිලිලා ගියා …

‘නැහ් මේ …. ”

”සෙව් මට ඇත්ත කියපන් කෙල්ලේ …”
සෙව් ට වැරදීම්කින් හරි කියවුන දේ මට දැනගන්න ඕන උනා ..

”නෑ මේ ….හ්ම්ම් ඔහොම හිටපන්කෝ මන් තේ හදන් එන්නම් ….”

සෙව් එහෙමම එතනින් නැගිටලා කුස්සියට යද්දීම මට ඇහුනේ විභූගේ වාහනේ යන සද්දේ ….
මන් එහෙමම ගියේ එලියට ..නාරා අයියාත් පේන මානෙක හිටියේ නෑ …

දෙන්නම කොහෙ හරි යන්න ඇතී …. මන් කුස්සිය පැත්තට ගියේ කෙල්ල තේ හදන නිසා ….

”4ක් එපා විභූ යී නාරා අයියායී කොහේ හරී ගියා …”

සෙව් කෝප්ප හතරකට තේ වක්කරන්න හදද්දී මන් ඊට කලින් එහෙම කිව්වා …

ඒත් එක්කම කෙල්ල මගේ අතට වක්කරපු පලවෙනී කෝප්පේ දික් කලේ රෙදී කෑල්ලකින් තෙත මාත්තු කරලා …

”සෙව්….”

උබ දන්න දේවල් මට කියන්න බැරිද …. ”

මන් තේ එකත් අරගෙන චුට්ටක් ඉස්සරහට එන ගමන් සෙව් ගෙන් එහෙම ඇහුවේ ….

අපි දෙන්න අතරම තිබුනේ හරි නිහඩ බවක් …ඒට් එක්කම මගේ උර හිසට දැනුන රස්නෙන් මන් පිටිපස්ස හැරිලා බැලුවා …
සෙව් …

”වාඩිවෙයන් මුලින් …”

සෙව් මට දුන්නේ අනක් ..

”නාරා අයියා මේවා උබට කිව්ව කියලා දැනගත්තොත් මට බැනුම් අහන්නත් වෙයී බන් …
කමක් නැ උබ නිසා මන් කියන්නම් ”

මට දැනුනේ සහනයක් …

උබට ඉන්න එකම හතුරා සේනක …
ඌ උබෙන් කොයි වෙලේ හරි පලි ගනී කියලා විභූ සර් බයෙන් ඉන්නේ ….

හ්ම්ම්ම් ….

කලින් පාර උබට වෙච්ච දේ මන් මතක් කරන්න කැමති නෑ ….
ඒත් ඌ ඒකෙන් නිදහස් උනා
ඇප පිට ඉන්නේ … ඒත් හිතනවාට වඩා ඌ අමුම අමු තිරිසනෙක් ….

ඊලග කොටසට …

23 thoughts on “?බඹර ඉසව්ව ? | 62 කොටස |නවකතාව”

      1. අක්කී අපිට වහිනවා. ⛈️⛈️⛈️⛈️⛈️ ගිගුරුම් සහිත වැසි. මොනා උනත් ඒම වෙලාවට ෆෝන් එක අල්ලන්න බයයිනේ. දැන්ම මැරෙන්න බෑ.

  1. සේනකයා මට අමතක වෙලානෙ හිටියෙ ???…ආපහු ඇවිත් දේදුට කරදරයක් වෙයිද දන්නෑ …ඒත් විභූ ඉන්න නිසා බය නෑ නේද ????

  2. Chamodya Madusanki

    කතාවනම් ගොඩක් ලස්සනයි…
    හරිම ආසයි කියවන්න..

    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න…

    1. සද හා නැගී තරුවක්ව ලග ඉන්න
      හිරු හා දිලි කුසුමක්ව පිබිදෙන්න
      සිත හා බැදි මගේ ලෝකේ මට ලන්ව සැමදාම සනසන් ලදේ.

      ???කතාව ගොඩක් ලස්සනයි ???

  3. නයෝ මධූ

    කෙනෙක්ට හරියනවට ගොඩක් අය කැමති නෑනේ අද සමාජේ. සේනකත් ඒ වගේ ඇති.

  4. Sadamali nuwanthika

    ලමායි….අද පෙලපාලි යන්න ලෑස්ති වෙන්නෝ…….අපේ ගෙදර ගාවින් පටන් ගන්නවා හොදේ….හැමෝම එන්න ඕනි හොඳද ….මන් ගානෙ හැමෝටම ? දෙනෝ ….????

  5. ?නොහදුනන්නී ?

    වෙලාවකට උබ අහස වගේ
    හිතා ගන්නත් බෑ දරා ගන්නත් බෑ
    වෙනස් වෙන්ස් ඉක්මන
    කියන්න සුදු මහත්තයෝ
    හිතේ තියෙන හැමදේම
    උබ නොකියනා තාක්කල්
    පිච්චෙනව බන් මගේ හදවත
    විදවනව මං හැම තත්පරයකම
    කොහොම තේරුම් කරන්නද මං
    මට දැනෙන වේදනාව
    උබයි මායි දෙන්නෙක් නෙමෙයි දැන්
    මෙච්චර දේවල් දරා ගත්ත මට
    උබ නොකිය හිතේ තියන් උන්න දේවල්
    මහ ලොකු දේවල් නෙමෙයි
    මහත්තයෝ මට දරා ගන්න බැරි තරමට
    දැන්වත් කියන්න මට
    හිතේ තියෙන විදවන කාරනය…..

  6. Rasikala Erandi

    අයියෝ ඇත්තටම සේනකව අමතකම උනානේ අප්පා.ආයෙත් දේදුට කරදර කරයිද දන්නෑ ඒත් නෑ මේ පාර විභූයි නාරා අයියයි දෙන්නම ඉන්නවනේ.කතාවනම් හිතාගන්න බෑ අප්පා.ලස්සනයි කතාව.

  7. ..Sandashen..

    මෙ සෙනකවනම් හරි කරදරයක් අනේ බෙරිද ඔය සෙනකව පොඩ්ඩක් ඔය කොහෙට හරි හිරකරල දන්න අයෙ නොඑන්නම…???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.