Katha Ahura

අදිසි මාරකය? |10. කොටස| රහස් පරීක්ෂක කතා| කතා අහුර රචක

5/5 - (2 votes)

අදිසි මාරකය?
(10. කොටස)

උදෑසන හයට පමණ නි.පො අධිකාරී සුරාජ් ඇතුලු පොලිස් නිළධාරීන් පිරිස ගමන් කලේ පෙර දින රාත්‍රියේ අපරාධය සිදු වූ ස්ථානයටයි. ඔවුන් එම ස්ථානයට යන විට ප්‍රදේශය අවට සිටින ජනතාවද අදාළ නිවස අසලට වී සිටියාය. පොලිස් නිළධාරීන් පිරිස වාහනයෙන් බැස ගත් විගස කිහිප දෙනෙක් ඔහුන් වටා රොක් වී දෝෂාරෝපණයන් එල්ල කලේය. සෙනඟ අතරින් මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් නිවසට ඇතුලු විය. නිවසට ඇතුලු වූවාත් සමඟ උ.පො පරීක්ෂක යොහාන්ගේ මුහුණ ක්ෂණිකයෙන් වෙනස් වූ අතර එය තේරුම් ගැනීමට නි.පො අධිකාරී සුරාජ් හට එපමණ වේලාවක් ගත නොවීය.
කඳුලු වැටෙන දෑසින් යොහාන් දණ ගසා සිටියේ තම සහෝදරයෙකු සේ තමා සමඟ අවුරුදු තුනක් එකට රාජකාරිය කල පොලිස්.පරීක්ෂක කැලුම්ගේ නිසල සිරුර අසලයි. ඒ දුටු සුරාජ්ගේ හිතටද යම් දුකක් ඇතිවිය.
” යොහාන්, මම දන්නවා උඹේ හිතට හරි නැතුව ඇති. මේ වෙලාවෙ අපි අඩලා වැඩක් නෑ බන්. කරන්න තියෙන්නෙ ඉක්මනට මුන් සේරම කොටු කර ගන්න එක” සුරාජ් , උ.පො පරීක්ෂකවරයාගේ කරට අත තියමින් පැවසීය.
” ඔව් සර්, අපි ඉක්මනට මුන්ව හොයා ගන්න ඕන . හැබැයි සර් හොයාගත්තට විතරක් මදි එතනම මරලා දාන්න ඕන.”
” හරි, මම අදම S.D.I.G සර්ට කියලා ජනාධිපතිතුමාගේ Appointment එක ගන්නම්” සුරාජ් උ.පො පරීක්ෂකවරයාගේ තීරණය අනුමත කලේය.
” සර්, කැලුම් සර්ගෙ වයිෆ්ගෙ බොඩි ඇතුලේ” සැරයන් මහේෂ් පැමිණ පැවසූ අතර පසුව සුරාජ් හා උ.පො පරීක්ෂකවරයා අදාළ ස්ථානය වෙත ගොස් බැලීය.
” ෂික්, බලපන් මේ කරලා තියෙන තිරිසන් වැඩ” සුරාජ් එසේ පැවසුවේ කාමරයේ ඇඳ මත නිරුවත්ව තිබූ පො.පරීක්ෂකවරයාගේ බිරිඳගේ සිරුර දෙස බලාය. ඇයගේ සිරුරේ තැනින් තැන සීරීම් තුවාල තිබුනු අතර ගෙල මිරිකා මරා දමා තිබුනි.
” සර්, මුන් කවුද ඇත්තටම”
” අනේ මන්දා බන්. මට හිතෙන්නෙ මුන් පාතාලෙට සම්බන්ධ එවුන් නෙවෙයි. කවදාවත් අන්ඩර්වල්ඩ් එක මේ වගේ දේවල් කරන්නෙ නෑ, ඒක නෙවෙයි ,යොහාන් මේ ගමට එන්න තියෙන හැම පාරක් ගැනම හොයලා බලන්න. විශේෂයෙන්ම නයිට් කඩවල් වලට ගිහින් අහලා බලන්න”
” හරි සර්”
” මම දැන්ම යනවා D.I.G සර්ව මීට් වෙන්ව”
යැයි පවසා පරීක්ෂණ කටයුතු උ.පො පරීක්ෂකවරයා වෙත බාර දී ඔහු එම ස්ථානයෙන් පිටත් විය.
# (නාදුනන මංකොල්ලකරුවන් විසින් තවත් බිල්ලක් ගනී)ඊයේ රාත්‍රියේ වව්නියාව ප්‍රදේශයේ නිවසකට කඩා වැඳුනු මංකොල්ලකරුවන් විසින් නිවසේ සිටි සියලු දෙනා අමානුෂික අයුරින් ඝාතනය කර ඇත. මෙලෙස මරා දමා ඇත්තේ වව්නියාව පොලිස් මූලස්ථානයේ පො.පරීක්ෂක කැලුම් දේශප්‍රිය මහතා ඇතුලු ඔහුගේ පවුලේ සාමාජිකයන්වන අතර ඔහුගේ බිරිඳව මරා දැමීමට පෙර සමූල දූෂණයකට ලක් කර ඇත. මේ සිද්ධියත් සමඟ අද දිනයේ ඒ අවට ප්‍රදේශයේ දැඩි නොසන්සුකාරී තත්වයක් පැවතුනි. කෙසේ නමුත් වව්නියාව පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක් ජයමාන්න මහතා පවසා සිටියේ අපරාධකරුවන් ඉතා ඉක්මනින් නීතියේ රැහැනට හසු කර ගන්නා බවයි. මේ අනුව පානදුර අපරාධ විමර්ශන අංශයේ පලපුරුදු නිළධාරියෙකු වන පොලිස් පරීක්ෂක සංජීව විතාන මහතා වව්නියාව පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවීමක් කර ඇත.#
………………….
” සුරාජ් මේ ඉන්නෙ I.P සංජීව. මම දන්න විදිහට දක්ෂ නිළධාරියෙක්” නි.පොලිස්පති අශෝක් ජයමාන්න මහතා පො.පරීක්ෂක සංජීව මහතාව සුරාජ්ට හඳුන්වා දිය.
” නයිස් ටු මීට් යූ සංජීව , අද ඉදලා අපිට එකට වැඩ කරන්න වෙනවා”
” යස් සර්, මට ඇත්තටම ගොඩක් සතුටුයි සර් එක්ක එකට වැඩ කරන්න ලැබුනු එක ගැන.”
” තැන්ක් යූ සංජීව ”
” මටත් මේ කේස් එක ගැන ආරංචි වුනා.ඇත්තටම සර් මට මෙහෙමත් දෙයක් හිතෙනවා. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන් ”
” මොකක්ද සංජීව ” සුරාජ් පො.පරීක්ෂකවරයාගේ තියුණු දෑස් දෙස බලා ඇසීය .
” සර්, දැනට මේ හැම මංකොල්ලයක්ම සිද්ධ වෙලා තියෙන්නෙ උතුරු මැද පළාත තුල වගේම ඒ අවට දිස්ත්‍රික්ක වල.ඉතින් සර් මට හිතෙනවා මේ ටීම් එක ඉන්නෙත් මේ පලාත ඇතුලෙමයි කියලා.මම ඒ ගැන දවසක් කල්පනා කරා. අන්න ඒ හින්දම තමයි මම මේ ට්‍රාන්ස එකට කැමති වුනේ. ඇත්තම කිව්වොත් මටත් මේක ලොකුම ප්‍රශ්නයක් සර්”
” ඔව් සංජීව සමහර විට ඔයා හිතන දේ හරි වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේ ගැන පොඩි හරි තොරතුරක් හොයාගන්න වෙනවා”
පො.පරීක්ෂකවරයාගේ කතාව අසා සිටි සුරාජ් ඊට පිළිතුරු දිය.
” අනිවාරෙන් සර්.”
ඔවුන් දෙදෙනාගේ සංවාදය අතරතුර උ.පො පරීක්ෂක යොහාන් පොලිස් මූලස්ථානයට පැමිණි අතර ඔහු පැමිණියේ යම් සතුටුදායක ආරංචියක්ද රැගෙනය.
” එන්න, යොහාන්. මේ I.P සංජීව ” නි.පො අධිකාරීවරයා ඔවුන් එකිනෙකාට හදුන්වා දිය.
” යොහාන් මුකුත් තොරතුරක් එහෙම නැත්ද” සුරාජ් උ.පො පරීක්ෂකවරයා දෙස බල‍ා ඇසීය.
” සර්, ඇත්තටම අපිට පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් ආරංචියක් මම හොයා ගත්තා”
” ඒ මොකක්ද යොහාන්”
නි.පො අධිකාරීවරයා කලබලයෙන් මෙන් ඇසූ අතර පො.පරීක්ෂක සංජීවද යොහාන්ගේ කතාවට සවන් දෙන්නට විය.
” සර් . මම ඒ අවට හැම ගෙදරකටම වගේ ගියා . අන්න ඒ අතරෙදි තමයි මට මේ තොරතුර ලැබුනෙ.කැලුම් සර්ලගෙ ගෙදරට ගෙවල් දහයකට විතර දුරින් තියෙන ගෙදරක අන්කල් කෙනෙක් මට මේ කතාව කිව්වෙ. ඊයේ උදේ නවයට විතර එ් ගෙදර ඉන්න බල්ලා මහ හයියෙන් බුරන්න පටන් අරන් තියෙනවා.විනාඩි දහයක් විතර ඌ එකදිගට බුරනකොට ඒ අන්කල් එළියට ඇවිල්ලා බලන්න.ඒතකොට තමයි එයා දැකලා තියෙන්නෙ කාපට් වගයකුයි , ඇඳුම් කවර වගයකුයි අරන් යන ගෑනු කෙනෙකුයි පිරිමියෙකුයි . ඒ දෙන්නා ගෙවල් දිහා හොදට බලාගෙන ඉදලා තියෙනවා ඒ අන්කල් ජනේලෙන් දැකලා .එලියට එනකොට උන් දෙන්නා ඉක්මනට මාරු වෙලා තියෙනවා”
” වෙරි ගුඩ් යොහාන් , එහෙනම් ඔයා I.P සංජීවත් එක්ක වැඩේට රෙඩි වෙන්න. ඔයාලා දෙන්නට අවශ්‍ය කරන හැම දෙයක්ම ලැබෙයි. ඇගිලි සලකුණු පරීක්ෂකලා , ඒ වගේම ඔෆිසස්ලා පහලොස් දෙනෙක්. ටීම් දෙකකට බෙදිලා මම කියපු විදිහට වැඩේ පටන් ගන්න. තම තමන්ට පැවරිලා තියෙන රාජකාරිය දන්නවනේ?”
” යස් සර්”
” හරි , අපි පටන් ගමු සෙල්ලම”

( I.P සංජීව, ඔයාලට මතකද?”)
Randy …….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.