Katha Ahura

දිවුල් ? | 10 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

දිවුල් ? 10 කොටස

සදුන්ගේ කතාවට මම කොච්චර වහ වැටිලා හිටියද කිව්වොත් මේ වෙද්දී මම ත්රීවීල් එක පදවගෙන යන වේගය පවා අඩු වෙලා තිබුනා.

“තුන්වෙනි දරුවත් කලින් දරුවො දෙන්න වගෙම හම්බෙද්දිම මැරිල කියල දැනගත්ත්ම අම්මා මුලු වාට්ටුවම දෙක වෙන්න විලාප තියලා……..ඒ වෙද්දී ඒ වාට්ටුවෙම තව අම්ම කෙනෙකුට නිවුන් දරුවො දෙන්නෙක් ඉපදිලා………දෙන්නම පිරිමි දරුවො දෙන්නෙක්. අම්මා දරුව මැරුන දුකින් විලාප තියද්දි අර කෙනාට ගොඩක් දුක හිතිලා. දරුවෝ දෙන්නෙක් හදන්න තරම් ආරථික තත්වයක් ඒ දවස්වල නිවුන් දරුවො හම්බවුන ගෙදර අයට තිබිලා නෑ ඒ අය ඒ දවස්වල ඉදල තියෙනෙනෙ ගොඩක් ලොකු ප්රශ්න මැද්දේ . ඒ හේතු ඔක්කොම හිතලා ඒ අම්ම කරල තියෙන්නේ ඒ නිවුන් දරුවන්ගෙන් දෙවනියට ඉපදිච්ච දරුවව අම්මට හදාගන්න දීල තියෙන එක.

කොච්චර කාලයක් ගෙවුනත් කවදාවත් අර අම්මා ඒ දරුවව හොයාගෙන ගිහින් නෑ. ළමයි දෙන්න හැදිල තියෙන්නේ තැන් දෙකක. දෙන්නගෙන කවුරුවත් දැනගෙන ඉදල නෑ එයාට තව නිවුන් සහෝදරයෙක් ඉන්නව කියලා.

එදා ඒ දිනපොතේ ඒ පිටුව කියෙව්වට පස්සේ මම ගොඩක් දේවල් තේරුම් ගත්තා. මම එච්චර කල් #අම්ම කියල තියෙන්නේ මාව බඩින් වදාපු අම්මට නෙමේ. කියල දැනෙද්දී මට නොවුනේ පිස්සු හැදුනේ නැති එක විතරයි.

එදා මම ඒ දිනපොත ඒ තිබුන ලාච්චුවට දාල වහල අල්මාරියත් වහල එතනින් ගියා. මම මේ දේ කාටවත් කිව්වේ නෑ. රහසක් විදිහට තියාගත්තේ අම්මටයි තාත්තගෙයි මේ ගැන ඇහුවොත් ඒ දෙන්න මානසිකව වැටෙයි කියල හිතලා. මොනව වුනත් ඒ දෙන්න මට කන්න බොන්න උගන්නල දීල මාව හොදට බලාගත්තා…මේ වගේ දෙයක් ඇහුවට පස්සේ එයාලව අපහසුතාවයකට පත්කරන මට හිත දුන්නේ නෑ.”

” ඒකතාව ඇත්තනම් සදුන් ඔයා මගෙ මල්ලිද,,,මට මේ දේවල් හීනයක් වගේ……….මම ඔයාගේ අයියද, ඔයාගේ ඇත්ත අම්මා මගේ අම්මා………..මට මේක හීනයක් වගේ…..ගෙදරට කෝල් එකක් දීල මම දැන්ම ඒක අහනවා………….”

එකවරම ආපු සිතුවිල්ලෙන් මම කෙරුවේ ත්රිවීල් එක නවත්තලා ගෙදරට කෝල් එකක් ගන්න.

“එපා….කිත්සර ,ඒක දැන්ම කරන්න එපා…මගේ කතාව තව ඉවර නෑ. ඒ කතාවත් අහල ඉවර වුනාට පස්සේ අවස්තාවක් හම්බවුනොත් ගෙදරට කියන්න.”

මම කරන්න ගිය දේට සදුන් බාදා කරද්දී මම ඔහු ##පැත්ත බැලුවේ කුතුහලයෙන්.

” මගේ කතාවේ ඉතිරි ටිකත් අහලම ඉන්නකො, එතකොට කිත්සරට තේරෙයි ඇයි මම එහෙම දෙයක් කිව්වෙ කියලා………”

මාව කරකවල අත ඇරියා වගේ දෙයක් කියපු සදුන් ආයේ අර කතාවේ ඉතිරිටික කියාගෙන යන්න පටන්ගත්තා.

** ” දිනපොතේන් අර වගේ දෙයක් දැනගත්තට පස්සේ ඒ දවස්වල හිටියේ හොදටම පීඩනයෙන්. මට ආසාවක් ඇතිවුනා මගේ ඇත්ත අම්මයි තාත්තයි ,මගේ නිවුන් සහෝදරයයි දැකගන්න ආසාවක්. ඒත් පස්සෙ මම ඒ ආසාව අතහැරලා දැම්මා.

එහෙම දවස්ගෙවිල යද්දියි අපේ ගමේ හිටිය මගේ යාලුවෙකුගේ ගෙදරකට ආරක්ෂා වක් කරන්න කියලා ඈතකින් කපුරාල කෙනෙක් ආවේ. මමත් යාලුවට උදව් කරන්න ඒ ගෙදරට ගියා.

ඒ කපුරාලට දේවාරූඩයෙන් සාත්තර කියන්නත් පුලුවන්. ගමේ අහල පහල අය එයාගෙන් සාත්තර අහලා. කියවිලා තියෙන්න ඇත්ත කියලා සාත්තර අහපු ඔක්කොම කට්ටිය කිව්වා.

කට්ටියම වර්නනා කරන හින්දා මටත් හිතුනා සාත්තරක් අහන්න. ඒ වෙලාවේ ඒ ගෙදර අය විතරයි හිටියේ. දවස් තුනක් යාලුව්ගේ ගෙදර නැවතිලා හිට්පු කපුරාල සාත්තර කිව්වේ ,ගෙදර තිබුන කන්තෝරු කාමරේ.###

තනියට යාලුවවත් ඇදගෙන මම කපුරාල ලගට ගියේ සාත්තරයකින් හරි අර දිනපොතේ තිබුනු කතාව වගේ දෙයක් කපුරාලගේ කටින් පිටවෙයිද කියලා හිතාගෙන.

කපුරාල මායාම් වෙලා ආරූඩ වෙලා මම දිහා සෑහෙන්න වෙලාවක් බලන් හිටියා. ඊට පස්සේ කියපු කතාව ඇහුවට පස්සේ මගේ පුදුමය දෙගුන තෙගුන වුනා.”

“මොනවද කපුරාල කිව්වේ…ඒ තරම් පුදුම වෙන්න”

මම ඇහුවේ ඒ වෙලාවේ කපුරාල ඉදිරියේ තියෙන්න ඇතියි කියපු පුදුමය දැන් සදුන් ඉස්සරහ මට තිබුනු හින්දා.

“කපුරාල කියපු විදිහට මම මේ ආත්මේ ඉපදිලා තියෙන්නේ තනියම නෙමේ, මේ ආත්මේ විතරක් නෙමේ ,මීට කලින් ආත්ම වලත් ,ඉස්සරහට ඉපදෙන්න ඉන්න ආත්මවලත් මම ඉපදෙන්නේ මව් කුසකට යන්නේ තනියම නෙමේ..තවත් එක්කෙනෙක් ඉක්ක එහෙම මව් කුසකට ගිහිල්ලා හැම ආත්මෙම ,twinsla.විදිහට ඉපදෙනවලු.

මේ ආත්මෙදි වෙලා තියෙන්නෙත් එහෙමයි. එහෙම වෙන්නේ මීට ආත්ම ගානකට කලින් කරපු ප්රාර්ථනා වක් හින්ද කියල කියලයි ඒ කපුරාල කිව්වේ. ඉතින් මේ අත්මෙත් එහෙම මම ඉපදුනත් මට මගේ නිවුන් සහෝදරයත් එක්ක ජීවත්වෙලා ####ඉන්න වාසනාවක් තිබුනේ නෑ…….අර දිනපොතේ විදිහට මගෙ අම්ම මාව ඉපදුන ගමන්ම වෙන කෙනෙකුට මාව දරු කමකට හදාගන්න දීලා….

කපුරාල මම ඉස්සරහ ඒ දේවල් කොලයක් දිහා බලාගෙන වගේ වේගෙන් කියාගෙන යද්දීයි මාව එකපාරටම කම්පනයට පත් වුනේ………..”

“ඒ ඇයි……..”

සදුන් එකපාරටම කතාව නවත්තපුවාම මම එහෙම අහන්න හිතුනත් ,මගේ හඩ ගොලුවෙලා තිබෙනේ මේ අරුම පුදුම කතාව අහගෙන හිටපු හින්දා….

” අපි එකට ඉපදුනත් අපි දෙන්නගෙන් එක්කනෙකුටවත් අවුරුදු විසිදෙකක් ජීවත්වෙන්න වාසනාවක් නෑලූ. ඊට හේතුව එක ආත්මයකදී අසීමිත විදිහට සත්තුන්ට වද හින්සා කර්ලා සත්තු මරපු හින්දලූ……

දෙන්නම එකට එකම අවුරුද්දේ එකම දවසක ඉපදුනත් දෙන්නම එකම දවසේ මැරෙන්නේ නෑලූ. ඒත් අරුද්ද වෙනස් වුනත් මැරෙන්නෙත් එකම මාසේ එකම දවසටලු. කලින් මැරුනු කෙනාට ,අනිත් කෙනා මැරෙනකම් ආයේ මව් කුසකට යන්නත් බෑලු. ඒ හින්දා කලින් මැරුන කෙනා එයා මැරිලා හරියටම අවුරුද්දක් ගිය දවසට ජීවත්වෙලා ඉන්න කෙනාන මරලා තමාගෙ මලවුන්ගේ ලෝකෙට එක්කගෙන යන්න එනවලු. #####

කලින් මැරුනු කෙනා මැරෙන්න කලින් අර මම කපුරාලගෙන් දැනගත්ත වගේ මොකක් හරි ක්රමයකින් අර සංසාරේ කරගත්ත ඒ එකටම ඉපදෙන පොරොන්දුව දැනගන්නවලු…….

එහෙම දැනගත්ත කෙනා ඒ දේ දැනගෙන සතියක්වත් යන්නෙ නෑ මැරෙනවලු. ජීවත් වෙලා ඉන්න කෙනාට ඒ වගේ දැනගන්න ක්රමයක් ලැබෙන්නේ නෑ. එයා ඒක දැනගන්නේ හීනෙන්ලු , එයා ගිය ආත්මේ මැරුන විදිහ හීනෙන් පෙනෙනවලූ.”

*** සදුන්ගේ හඩින් එහෙම දෙයක් පිටවුනාම මගේ හිත ගැස්සුනා. මොකද සෑහෙන කාලෙකදි ඉදන් මම නින්දෙන් නපුරු හීනයක් දැකලා කෑගහගෙන නින්දෙන් ඇහරෙනවා. ඒ හිනෙන් පෙන්වන්නේ මම වගේ වයසේ කොල්ලෙක් පාලු කැලයක් මැද්දෙන් බයෙන් දුවගෙන ගිහින් වතුර වලක් ලගින් නවතිනවා . ඊට පස්සේ වටපිට බල බල වතුර බිබී එන්නකොට ඒ වගේම හැඩරුව තියෙන ඒ වගේම කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා එකපාරටම වතුර බිබී හිටපු කෙනාව වතුර වලේ ඔබල මරලා දානවා. දවස් ගානක් තිස්සේ මේ පේන හීනේ හින්දා මම හිටියේ සෑහෙන්න බයෙන්. සදුන් අර වගේ දෙයක් කිව්වම මගේ ඒ බිය දෙගුන තෙගුන වුනා.

” කිත්සර දැන්වත් තේරුම් ගත්තද ඔයා මගේ අයියා. මම ඔයගේ මල්ලී…….එකට ජිවත් වෙන්න අපි #### #දෙන්නට මේ ආත්මේ බැරිවුනත් අපිදෙන්න ඉපදුනේ එකම මව් කුසක් එකම අවුරුද්දේ එකම මාසේ එකම දවසක.”

” ඒත් සදුන් ඔය කතාවේ හැටියටනම් ඔයා ඔය කතාව කපුරාලගෙන් දැනගෙන තියෙන්නේ මීට අවුරුද්දකට කලින්නේ… අර කතාව ඇත්තනම් ඔයා ඒ කතාව දැනගෙන සතියක් යන්න හම්බවෙන්නේ නෑ මැරෙනවනේ.”

නුහුරු බියකින් මම එහෙම දෙයක් සදුන්ගෙන් ඇහුවත් සදුන්ට ඊට පිලිතුරක් දෙන්න බැරිවුනා. ඊට කලින් මගේ phone එක ආයේ පාරක් නද දුන්නේ ඇමතුමක් ආවා පවසමින්.

අනුහස්ගේ නම් phone තිරයේ දිස්වෙද්දී මම ඔහුට කතා කෙරුවා.

” කිත්සර උබ මේ කියන කතාව ඇහුවට පස්සේ මොනව හිතෙයිද දන්නේ නෑ……හිමරුවන් සදකැලුම් ගැන මම දානේ ගෙදර කෙනෙක්ගෙන් අහද්දීයි මට එයා ඒ දේ මට කිව්වේ..ඒ දේ ඇහුවම මට උබට මොකක් හරි නරක දෙයක් වෙයි කියල බයක් දැනුනා….

අනුහස් ඒ දේ කියාගෙන ගියේ හරි කලබලෙන් වගේ.

” මොකක්ද එයා කිව්වේ,කවුද කිව්වේ” ##### ##

” අපේම වයසේ කෙනෙක්, එදා උබව මලගෙදර ආපු වෙලාවේ දැකල ,කතා කරන්න හදලත් කතා කරන්න හම්බවෙලා නෑ……..”

” ඉතින් මොකක්ද එයා කිව්වේ මම ගැන ඒ තරමටම කලබල වෙන්න…”

” එයාගේ නම නිර්මාල්, අර මැරුන හිමරුවන් සදකැලුම් ජීවත්වෙලා ඉන්න කාලේ එයාගෙ හොදම යාලුවා තමා නිර්මාල් කියන්නේ…..හිමරුවන් මැරෙන්න දවස්පහකට කලින් නිර්මාල්ලාගේ ගෙදරට ආරක්ශාවක් කරන්න කපුරාල කෙනෙක් ඇවිල්ලා තියෙනවා. එයා සාත්තරත් කියනවලූ….

ඉතින් ඒ කෙනාගෙන් හිමරුවනුත් සාස්තරයක් අහලා. එයාට කිව්ව ඒ සාත්තරෙ නිර්මාල්ටත් ඇහිලා.

ඒ සාත්තරේ හැටියට හිමරුවන් ඉපදිලා තියෙන්නේ තවත් නිවුන් සහෝදරයෙක් එක්ක. පෙර ආත්මෙක කරපු ප්රාර්ථනා වකට අනුව මේ ආත්මේ නෙමේ කලින් ආත්මවල වගේම ,ඉස්සරහට ඉපදෙන්න ඉන්න ආත්මවලත් ඒ දෙන්න ඉපදෙන්නේ එකම අම්ම කෙනෙකුගේ කුසින් ,එකම අවුරුද්දේ එකම මාසේ එකම දවසක.

ඒත් දෙන්නගෙන් කාටවත් අවුරුදු විසිදෙකකට වඩා ජීවත් වෙන්න බැරිලූ. ඉස්සරවෙලාම මේ ගැන දැනගත්ත කෙනා ඒක දැනගෙන සතියක් යන්න ##### ###කලින් මොකක් හරි වෙලා මැරෙනවලු.

ඒත් මැරුනට අනිත් නිවුන් සහෝදරය මැරෙනකම් මව් කුසකට ඇතුලුවෙන්න බැරිලූ. මැරුනු කෙනා මැරිලා හරියට අවුරුද්දකක් ගිය දවසට අනිත් නිවුන් සහෝදරය මරලා එයාගේ ලෝකෙට එක්කගෙන යන්න මොකක් හරි ක්රමයක් හොයාගෙන එනවලු. ඊට කලින් මරන්න උත්සහකෙරුවට ඒ වැඩේ හරියන්නේ නෑලූ.

නිර්මාල් හිතන විදිහට හිමරුවන් ගේ නිවුන් සහෝදරය උබ වෙන්න ඕන කියලයි එයා කියන්නේ….උබ ඉපදුනු දවසෙමයි එයා ඉපදිලා තියෙන්නේ ,උබේ හැඩරුවමයි, ඒකයි කිත්සර මට මෙච්චරම උබ ගැන බය.

හිමරුවන් අර කපුරාලගෙන් අර වගේ දෙයක් අහල සතියක් ගියෙ නෑලු ගිය අවුරුද්දෙ ,ඒ කියන්නේ සැප්තැම්බර් 18 වෙනිදා බයික් එකේ යද්දී කවුද යටකරගෙන ගිහින්. එතනමලූ……….

කිත්සර නිර්මාල් මෙහෙම කතාවක් කිව්වම මම උබ ගැන හිතලා හොදටම බයවුනා. අදත් මේ අවුරුද්දේ සැප්තැම්බර් 18 ,අර සාත්තරේ හරිනම් ,හිමරුවන් ගේ නිවුන් සහෝදරයා උබනම් මට මේ දෙවල් හිතාගන්නවත් බෑ…………කිත්සර උබ හොදින් නේද උබට මොකුත් අවුලක් නෑනේද”

**** මේ ආත්මයේ මගේ හොදම යාලුවා අනුහස් කියපු දේවල් මම අහන් හිටියේ හීනෙන් වගේ ,සදුන් ##### ####මීට මොහොතකට කලින් කියපු කතාවයි, අනුහස් phone එකෙන් කියපු කතාවයි කොච්චර සමානද. මගේ ජිවිතය මේ වෙද්දී තියෙන්නේ ලොකුම ලොකු අනතුරක බව මට මේ වෙලාවේ තේරුම් ගන්න අමාරුවුනේ නෑ. සිතල වැස්ස මැද ,මගේ මුලු ඇගම දාඩියෙන් තෙත්වෙන්න එච්ච්චර වෙලා ගියේ නෑ. ත්රීවීල් එකේ පිටිපස්ස සීට් එක දිහා හැරිලා බලන්නත් බයවුනු මම ත්රීවීල් එක එලවගෙන ගියේ රොබොවරයෙක් වගේ.

” කිත්සර උබ හොදින් නේද………කොහෙද උබ ඉන්නේ …..කතාකරපන්කෝ……..කිත්සර….”

අනුහස්ගේ නොසන්සුන් හඩ ඇහෙද්දී මට ඔහුගෙන් දැනගන්න තිබුනේ එකම එක දෙයක් පමනයි. මම හිතපු දේ වෙන්න එපා කියලයි සිත කිව්වේ.

” අනුහස් කිව්ව නේද හිමරුවන් ට ගමේ අය කතාකෙරුවේ වෙන නමකින් කියලා…….ඒ…ඒ නම මොකක්ද……..”

මම ඒක අහද්දී මම දැක්කේ ඇතීන් වැස්ස කපාගෙන වේගෙන් අපේ පැත්තට එන විශාල වාහනයක ඉදිරිපස ලයිට් එලියක්.

” හිමරුවන් සදකැලුට ගමේ අය කතාකරලා තියෙන්නේ සදුන් කියලා…………”

” දෙවියනේ………”

මට කිව්වා නෙමෙ මට කියවුනා. මම වෙන්න එපායි සිතපු දේම අනුහස්ගෙන් හඩින් ඇහෙද්දී phone එක මගේ අතින් අත ඇරුනේ අත පණ නැතිවුන ##### #####නිසා.

” එහෙනම් මගේ අයියේ. දැන් ඔක්කොම දේවල් තේරුනානේ…දැන් එහෙනම් යමු මගෙ ලෝකෙට , ඉතිරිටික ඒ ලෝකෙදි කතාකරමු……..කරන්න දෙයක් නෑ…මේවා අපි දෙන්නම සංසාරේ පතාගෙන ආපු දේවල්…………….”

මෙතෙක් වෙලා නිහඩව හිටිය ,සදුන් එහෙමත් නැත්නම් මීට හරියටම වසරකට පෙර මිය ගිය හිමරුවන් ගේ ආත්මය කතා කෙරුවේ ලොකුම ලොකු සතුටකින් වගේ……….

“මම අවුරුද්දක්, හරියටම අවුරුද්දක් බලන් හිටියා අයියව මගේ ලෝකෙට ගන්න, මේ වෙලාවේ තරම් ඊට හොද වෙලාවක් ආයෙ හම්බවෙන්නේ නැති වෙයි.”

සදුන් කියද්දී මම දැක්කේ අර වාහනය වේගයෙන් අඩි තිහක් විතර දුරින් අපි දිහාට එනවා. මම දැනන් හිටියෙ නෑ ඒ එන්නේ පොලීසියට බයේ කොට ලෝඩ් එකක් පටවගෙන එන ලොරියක් කියන විත්තිය.

මරනාසන්න අත්දැකීමකට මුහුන දෙමින් හිටියත් මම හැදුවේ ඒ ලොරියට යන්න දි පැත්තකට වෙන්නයි.

” මරනය අත ලගට්ම ඇවිල්ලත් ඇයි අයියේ තවත් ඒකෙන් ඈත්වෙන්න හදන්නේ.”

කියපු සදුන් මම කරන්න ගිය දේ වලක්වමින් ,ත්රීවීල් එකේ පිටිපස්සේ ඉදලම ඔහු ත්රීවීල් එක ##### ##### #හසුරවන්න පටන් ගත්තා.

“එපා……………….”

මම යටගිරියෙන් කෑගැහුවෙත් වේගෙන් ආපු කොටලොරියට ත්රීවීල් එක හැප්පුනෙත් එකටමයි……………………????????????????????????

කියවන අයට අද කොටස තේරෙන්න ඇති කියලා හිතෙනව… කියවන අයට උපරිම විදිහට තේරෙන විදිහට කතාවේ අද කොටස ටයිප් කරන්න මම උත්සහගත්තා……මම සාර්තකද අසාර්තකද මම දන්නේ නෑ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

සාගර සම්පත් ( රාස්)

3 thoughts on “දිවුල් ? | 10 කොටස | හොල්මන් කතා”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    Mata nm hodata theruna raas…. kathawa niyamai… eth heta iwara wena ekatanam man kamathi na…..????

  2. Buddhika subhashini

    සාර්ථයි?? මරු කතාව ….අය්යෝ දැන් කිත්සර මැරෙයිද..??? හොඳට කතාව ලියනවා.කියවගෙන යද්දි ඒවා මැවිලා පේනවා ..good luck

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.