Katha Ahura

අදිසි මාරකය? | 2. කොටස

5/5 - (1 vote)

අදිසි මාරකය?
(2.කොටස)
වර්ෂය÷ 2002.10.05

තම නිදි යහනට වී කල්පනාවක නියැලී සිටි සුරාජ් පියවි සිහියට ආවේ තම මිතුරා වන ලක්මාල්ගේ යතුරු පැදියේ හඩත් සමඟය.
” මචං නදියා , උඹ හෙට යනවා නේද එහෙනම් මාව දාලා” ලක්මාල් යනු තරමක් විහිලුසහගත චරිතයකි. ඔහු සමඟ තම උපන් ගමට වී නිදහසේ , විනෝදයෙන් කාලය ගත කල සුරාජ්ට තම පියාගේ ඉල්ලීම මත පොලිස් උප පොලිස් පරීක්ෂක තනතුර සදහා ඉල්ලුම් පත්‍ර දැමීමට සිදු වන අතර ඒ සදහා තේරී පත්වීමේ ලිපිය ඔහුට ලැබෙයි .පසුදා පාන්දරම පොලිස් අභ්‍යාස විද්‍යාලයට යාමට ඔහුට සිදු වේ.
” මොනවා කරන්නද මචං, ඒක නෙවෙයි උඹත් මොකක් හරි හොයාගනින්. හැමදාම මෙහෙම ඉදලත් බෑනේ ” සුරාජ් තම මිතුරා වන ලක්මාල් හට පැවසීය
” ඔව් මම හිතාගෙන ඉන්නෙ අපේ මාමා වැඩ කරන හොටෙල් එකටවත් සෙට් වෙන්න. මම යනවා මචං. උඹ ඔක්කොම ගෙනියන්න ඕන දේවල් ලෑස්ති කර ගත්තා නේද?”
” ඔව් බන් , අවුරුද්දක් ඉන්න ගියහම තමයි බන් එපා වෙන්නෙ” සුරාජ් කණගාටුදායකව පැවසීය .
” ඒක එච්චර හිතන්න එපා, අවුරුද්දයිනෙ බන්. එහෙනම් වැඩේ ගොඩ දා ගනින්. My congratulations ”
ලක්මාල් සුරාජ්ට සමුදී ඔහුගේ නිවසින්
පිටවිය.
……………..
පසුදින අළුයම සුරාජ් තම පියා සමඟ අනුරාධපුරය පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත ගමන් කලේය. එදින උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා තිහකට ආසන්න අයදුම්කරුවන් පිරිසක් පැමිණ සිටියේය. සුරාජ් තම පියාට සමු දී විද්‍යාලය තුලට ගියේය. පළමුවෙන්ම සිදු වූයේ පැමිණ සිටි අයගේ පෞද්ගලික තොරතුරු හා සුදුසුකම් අදාළ ස්ථානයට ගොස් රපෝර්තු කිරීමයි.
” සුරාජ් නදීමාල් විජේසිංහ” සුරාජ්ගේ නම කියවුනු අතර, අදාළ ස්ථානය වෙත ගියේය . තමා රැගෙන ආ සහතික පත්‍ර හා සියලු දේ අදාළ නිළධාරියාගේ මේසය මත තැබීය . ඔහු සියල්ලක්ම හොදින් පරීක්ෂා කර සුරාජ් දෙස බැලීය.
” කැඩේට් කරලා තුන් පාරක් කෑම්ප් ගිහින් තියෙනවා” නිළධාරියා සුරාජ් දෙස බලා මද සිනාවක් පාමින් ඇසීය.
” ඔව් සර්”
එදින ඔවුන්ගේ උස හා බර පරීක්ෂා කෙරුනු අතර වෛද්‍ය වාර්තාව ලබා ගත්තේය. පසුව එක් නිළධාරියෙකු විසින් පොලිස් අභ්‍යාස විද්‍යාලය තුල ඇති සියලුම ස්ථාන ඔවුන්ට හඳුන්වාදිය.
” ‍හෙට ඉදලා ඔයාලගේ පුහුණු වීම් කාලය පටන් ගන්නවා , අද රෑ හතට ශ්‍රවණාගාරයට එන්න ඕන මේ සියලු දෙනාම. හොඳයි දැන් ගිහිල්ලා ඔය කොණ්ඩ රැවුල් වැවිලා තියෙන අය ඒවා කපාගෙන ලෑස්ති වෙන්න”
නිළධාරියා පැවසූ පරිදි කොණ්ඩය හා රැවුල වැවී තිබුනු අය පොලිසිය තුල තිබූ සැලෝන් එක වෙත ගිය අතර සුරාජ්ට එම ස්ථානයට යාමට අවශ්‍යතාවක් නොවුනේ ඔහු කලින්ම කොණ්ඩය හා රැවුල කපාගෙන පැමිණි නිසාය.
පසුදා පාන්දර හතරට අවදි වුන සියලුම දෙනා කාලයට අනුව තම අවශ්‍යතා සියල්ල සිදු කරගෙන පී.ටී ඇසුමෙන් සැරසී අදාළ ස්ථානයට පැමිණි අතර පාන්දර පහට ඔවුන්ගේ ශාරීරික අභ්‍යාස ආරම්භ විය. එදින ආරම්භ වූ වැඩ පිළිවෙල අවුරුද්දක් පුරාවටම සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සුරාජ්ට මෙන්ම අනෙක් ශිෂ්‍යන්ටද හැකි විය. පොලිස් අභ්‍යාස විද්‍යාලය තුලදී සියලුම පුහුණුවීම් හා ඉගැන්වීම් කටයුතු මැනවින් ප්‍රගුණ කල සුරාජ් තම අවුරුද්දක පුහුණුවීම් කාලය නිම කරන්නේ උසස් නිළධාරීන්ගේද සිත් දිනාගනිමිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 96% ක ප්‍රතිශතයකින් ඔහු දක්ශතම සිසුවා බවට පත් වී තම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමයි.

( අනුමාන කරන්න කිසිම දෙයක් මම තියන්නෙ නෑ ……බලාගෙන ඉන්න)
Randy Wijesinghe

3 thoughts on “අදිසි මාරකය? | 2. කොටස”

  1. Chathu indeewaree

    එහෙනම් අපි බලාගෙන ඉන්නම්කෝ ඔයා කියනවානම් මොකද වෙන්නේ කියලා….

    ලස්සනයි කතාව. සුබ පතනවා මම හදවතින්ම ඔයාගේ ලේඛන දිවිය සාර්ථක වෙන්න කියලා. ?????????????????????

  2. Thakshi Deepali Jayasuriya

    කතාව ලස්සනයි..ඔයාගේ අත්දැකීම් එක්ක වගේ මේක ලියවෙන්නේ…අැත්තටම කලින් එකටත් වැඩිය සාර්ථකයි කතාව….සුබපැතුම් ඔයාට

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.