Katha Ahura

දිවුල් | 02 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

දිවුල් ? 02 කොටස
වැටුනේ මොකක්ද කියලා අනුමාන කරන්න මට එච්චර වෙලා ගියේ නැත්තේ මට අඩි කිහපයක් දුරින් බිම ඇදි යන දෙයක් දැකලයි. ඒ සුදු පාට පැසුනු දිවුල් ගෙඩියක්.

” දිවුල් ගෙඩිය හරියටම ඔලුවටම වැටුනා නේද”

මම එතන තිබ්බ දිවුල් ගහ දිහාට හිස ඔසවා බලද්දි කෙනෙකු අහනවා ඇහුනා. අර වැටුනා වගේම තවත් දිවුල් ගෙඩි සෑහෙන ගානක ඒ ගහේ තිබ්බේ අතු ඉති බර කරමින්.

” මෙයාද අර උබල කිව්ව ඉලන්දාරියා….ඇරපු අතක් නෑ සදුනා වගේමයි.”

ඊට පස්සේ මම දැක්කේ මම දිහා මලගෙදර කට්ටිය බලන විදිහටම බලගෙන ඉන්න වල කපන තැන කට්ටියත්.
*******************************************
වල කපනන්න හිටපු කට්ටිය මිනී පිටිය මැද තිබ්බ කුම්බක ගෙට ගිහින් බත් කද්දී මමයි අනුහසුයි මිනී පිටිය මැද්දෙන් මිනී ගොඩැලි අතරින් ඇවිද ගෙන ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා.

අක්කරයක් විතර පැතීරී තිබ්බ මිනීපිටිය පුරාම තැනින් තැන තිබ්බ ගස් දැක මට ඇතිවුනේ පුදුමයක්.

“මේ මිනීපිටියේ මාර දිවුල් ගස් ගොඩක්නේ තියෙන්නේ , කවුරුවත් අහුලන්නේ නෑ වගේ”

දිවුල් ගස් යට වැටිලා තිබ්බ දිවුල් ගෙඩි දිහා බලාගෙන මම කිව්වා.

“මිනීපිටියේ දිවුල්නේ , කට්ටිය ඇහිදින්න බය #ඇති…..අනික කන්නත් අප්පිරිය ඇති.”

“අපරාදේ ඒ වුනාට ඇහිලුවනම් සීයකටත් වැඩිය එකතු කර්න්න තිබ්බා….මට හිතෙනව ඇහිදගෙන යන්න.”

මම ඒක කියද්දිමයි දක්කේ ලගම තිබ්බ අලුතින් වගේ හදපු සොහොන් කොතක්. මේ මිනිපිටියේ අනිත් මම දැකපු මිනීපිටිවල වගේ ඒ තරම් සොහොන් කොත් තිබුනේ නෑ..ඒ නිසාම එතන තිබ්බ සොහොන් කොත කෙරෙ මගේ හිත ගියා.

අනුහස්වත් ඇදගෙනම මම ඒ සොහොන් කොත ලගට ගියේ ඒක කාගෙද කියලා බලන්න.

මිනීපිටියේ කෙලවරම විශාල ගෙඩි පිරිච්ච දිවුල් ගහක් යට තිබ්බ ඒ සොහොන් කොතේ ලියල තිබ්බේ මොනවද කියලා මම බැලුවේ ගොඩක් ඕනාකමින්.

” හිමරුවන් සදකැලුම් දිසානායක. උපත 1996 ,07,29…………………”

කටහඩ අවදි කරල කියද්දී මම ටිකක් ගැස්සුනා. මොකද මම ඉපදිලා තිබ්බෙත් 1996 ජූලී මාසේ 29 වෙනි දිනයි.

“විපත 2016 , 09 ,18……..අනුහස් උබ අදුරනවද මේ කියන හිමරුවන්ව.”

මම ඒක අනුහස්ගෙන් අහද්දි ඔහු හිස දෙපැත්තට වැනුවෙ නැ කියන්න.

” මේකේ මැරුන කෙනාගේ පොටො එකත් කලින් තිබිලා තියෙනවා,, ඒක කවුරු හරි ගලවගෙන ගිහින්..”##

මම ඒක අසතුටෙන් වගේ කිව්වේ මේ හිමරුවන් කියන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා පොටෝ එකකින්වත් දැකගන්න අසාවක් නොලැබුණු නිසා.

” මොනව වෙලාද දන්නේ නෑ මෙයා මැරිලා තියෙන්නේ , මෙයා ඉපදිලා තියෙන්නේ මම ඉපදුන දවසෙමයි. අවුරුදු විස්සෙන් මැරිලා..,ඇත්තටම මොනව වෙලා මැරෙන්න ඇද්ද….”

** මම ඒක කියද්දීම ඒ සොහොන් කොත උඩට දිවුල් ගෙඩියක් වැටී ඈතට විසිවී ගියෙත් අනුහස්ගේ හඩ පිටවුනෙත් එකටමයි.

” එයා මැරෙන්න ඇත්තෙ කොහොමද කියලා මටනම් පොඩි අයිඩියා එකක් ආවා….”

” කොහොමද ඒ….”

” දිවුල් ගෙඩියක් ඔලුවට වැටිලා මොලේ කොලොප්පම් වෙලා……”

අනුහස් හිනාවෙමින් ඒක කියද්දී මට ඇති වුනේ කියන්න බැරි තරම් තරහක්.

“විහිලු කරන්න එපා බං මැරිච්ච මිනිස්සුන්ට ”

” ඉතින් බං මම කොහොමද දන්නේ මේ කෙනා මැරුනේ කොහොමද කියලා…..මෙතන හිටියා ඇති බං අපි දැන් යමු…අර අය කාලත් ඇති දැන්……..”

අනුහස් ආපසු යද්දී මම තව පාරක් අර සොහොන් කොත දිහා බැල්මක් හෙලුවා. අර ගහෙන් වැටුන දිවුල් ගෙඩිය දිහාට ඇස් යවපු මම ඒ දිවුල් ගෙඩිය අහුලගත්තේ දෙවරක් නොසිතාමයි.###

අපි දෙන්නා කුම්බක ගේ ලගට යද්දී ඔක්කොම කට්ටිය බත් කාලා ඉවර කරල තිබ්බා….

“දිවුල් ගෙඩිය අහුලගත්තේ කන්නද ”

මගේ අතේ තිබ්බ දිවුල් ගෙඩිය දැකලා ඇහුවේ අපිත් එක්ක ආපු මල්ලී නිපුන්.

“ඕවා ඇට දිවුල්…….”

නිපුන් යලිත් කතාකෙරුවෙ මම කිසිම දෙයක් කිව්වෙ නැති හින්දා වෙන්න ඇති. අනුහස් මේ වෙද්දී මම ලග හිටියේ නෑ.

“ඇට දිවුල් කිව්වෙ….”

” ඔය දිවුල් වල ඇට අනිත් දිවුල් වලට වඩා ඇට ලොකුයි….ඒකයි ඇට දිවුල් කියන්නේ…..මමනම් දැකලා නෑ මිනීපිටියේ ඔය දිවුල් කන කෙනෙක්ව……”

” එහෙනම් දකින්නත් එක්කම මම මේ දිවුක් ගෙඩිය කන්නම්”

කියපු මම කුම්බක ගේ තිබ්බ සිමෙන්ති පොලවේ ගසා දිවුලය පැලුවේ දෙවරක් නොසිතාමයි. නිපුන් කිව්ව වගේම පලපු දිවුලේ ඇතුලේ තිබ්බේ මම කලින් කාල තිබුනු දිවුල් වලට වඩා ගොඩල් ලොකු ඇටයි.

මම දිවුල් බැයා කන්න මුව තිබ්බේ නිපුන් අමුතු විදිහට මම දිහා බලන් ඉද්දියි.#####

” මටනම් මොකක්ද වගෙ මිනීපිටියේ තියන ගස්වල දිවුල් කන්න….”

” ඇයි බයද , මේ දිවුල් අයිති මැරිච්ච අයට කියලා…..”

“එහෙම එකක් නෙමේ……”

“මටනම් ඔය මොන දිවුලුත් එකයි….මම කන්න ආසම කෑමක්, උරයක් තිබ්බනම් ඇහිදගෙන යන්න තිබ්බා……”

හිතුවටත් වඩා රසවත් වුන දිවුලයේ එක බෑයක් කාලා කටු විසිකරමින් මම කිව්වා.

” මේ මිනීපිටියේ වැටිලා තිබ්බ දිවුල් අහුලන්න ආපු කට්ටියකට වුන දෙයක් ඇහුවොත් ඔය අයියා කාපු දිවුලේ වමාරන්න හිතයි.”

” ඇයි ඒ අයට මොනවද වෙලා තියෙන්නේ.”

ඒත් ඊට පිලිතුරක් දෙන්න නිපුන්ට බැරි වුනේ අනුහස් ඔවුන් ලගට ආපු නිසායි.

“කිත්සර කට්ටියම කාල ඉවරයි , අපි යමු,,මල ගෙදර තවත් වැඩ ඇතිනේ…….”

අනුහසුගේ කීමට එකගවුන මමයි නිපුනුයි එකගවුනා….
*******************************************
මිනීපිටියේ ඉදන් ආපහු එද්දී මගේ හිත තිබ්බේ මිනීපිටියේ තිබ්බ සොහොන් කොත ලගයි. මැරුන කෙනා මම ඉපදුන දවසේම නිසා සමහරවිට ඒකට හේතුවක් වෙන්න ඇති.

” මල්ලී අර මිනී පිටියේ තිබ්බ සොහොන ##### #කාගෙද…..”

තවත් ඒ ගැන වද වෙන්න බැරි නිසයි මම එහෙන නිපුන්ගෙන් ඇහුවේ….

“කා…..ගෙද….”

” අර තිබ්බේ ,එයාගේ නම තිබ්බේ හිමරුවන් සද කැලුම් කියලා…….ගිය අවුරුද්දේ මැරිලා තියෙන්නේ..”

” ඒකේ තිබ්බ මැරුන කෙනාගේ පොටො එක දැකල අයියා බය වුනාද…..”

*** නිපුන් මගෙන් ඇහුවේ අමුතුම විදිහේ ප්රශ්නයක්.

” මම මොකටද බයවෙන්නේ…පොටො එකක් දැකලා….අනික ඒ සොහොනේ පොටො එකක් තිබ්බේ නෑ…ඒක කවුරුහරි ගලවලා…..”

“ඒකත් එහෙමද,,,, ඒ පොටෝ එක දැක්කනම් අයියට් මොනව හිතෙයිද දන්නේ නෑ……”

” ඇයි එහෙම කියන්නෙ , ඇත්තටම කවුද ඔය හිමරුවන් සදකැලුම් කියන්නේ….”

” හිමරුවන් සදකැලුම් කියලා එකේ ගහල තිබ්බ්ට ගොඩක් අය එයාට කතා…………………….”

මම කොච්චර ඕනාකමකින් ඊලගට නිපුන්ගේ කටින් පිටවෙන වචනය මොකක්ද කියාල අහන්න බලන් හිටියත් ඒක මට අහගන්න බැරි වුනා….ඊට කලින්……………….???????????????????????????ඊලග කොටසට Diwul

ඊට කලින් මොකක්ද වුනේ කියලා ඊලග කොටසින් බලමු……කට්ටිය අනුමාන කරන්න එපා….මොකද ……උනේ මොකක්ද් කියල හොයාගන්න අමාරුවෙයි….?????????????????????

7 thoughts on “දිවුල් | 02 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අනේ කතාවනම් ලස්සනයි…. සූට්ට සූට්ට බය හිතීගෙන වගේ එනවා දැන්නම්.. අනේ දිගගගගගගගගගග episode දාන්නකෝ.. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ඔයාගේ හැම කතාවක්ම වගේ මේකත්…

    අනුමාන කරන්න එපා කීව නිසා ඔන්න මම මොනවත් කියන්නේ නෑ නෑ නෑමයි… හාද???

  2. පට්ටයි කතාව… දිග Episode තිබ්බ නම් තව පට්ට…. හොල්මන් ඉක්මනට පටන් ගන්න… බය මදි වගේ… ?

    Well done

  3. අපේ අය ඉතින් එපා කියන එකමනේ කරන්න බලන්නේ නේ තක්ශියෝ…………..මාත් කියන්නෙ සදුන් තමා ඒත් ඉතින් ඒක කියන්න කලින් මොකද්දෝ එකක් වෙනවනේ ඒක බලන්න ඕනි ඔක්කොටම කලින්

  4. අපේ අය ඉතින් එපා කියන එකමනේ කරන්න බලන්නේ නේ තක්ශියෝ…………..???????මාත් කියන්නෙ සදුන් තමා ඒත් ඉතින් ඒක කියන්න කලින් මොකද්දෝ එකක් වෙනවනේ ඒක බලන්න ඕනි ඔක්කොටම කලින් ??????

  5. අපේ අය ඉතින් එපා කියන එකමනේ කරන්න බලන්නේ නේ තක්ශියෝ………???????මාත් කියන්නෙ සදුන් තමා ඒත් ඉතින් ඒක කියන්න කලින් මොකද්දෝ එකක් වෙනවනේ ඒක බලන්න ඕනි ඔක්කොටම කලින් ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.