Katha Ahura

අදිසි මාරකය? |3. කොටස

3.2/5 - (8 votes)

අදිසි මාරකය?
(3.කොටස)

…….අවුරුද්දකට පසු…….

” හලෝ එස්. අයි මහත්තයා” සුරාජ් බස් රථයෙන් බැස ගත් විගස ලක්මාල් ඔහු සිටි තැනට පැමිණියේය.
” උඹ මොකද මෙතන කරන්නෙ”
” මොනවා කරන්නද, උඹලගෙ තාත්තා කිව්වා මට උඹව එක්කගෙන එන්න කියලා, යමන්”
ලක්මාල් තම මිතුරාගේ අත තිබූ බෑගයද අතට ගනිමින් පැවසුවේය.
” ඉතින් කොහොමද මචන්, උඹට කෙලින්ම පෝස්ට් එක දෙයිද?”
” මම හිතාගෙන ඉන්නෙ D.S.P එක්සෑම් එක ලියන්න මචං, කොහොමත් මුලින්ම පොස්ට් එක සෙට් වෙන එකක් නෑ” සුරාජ් , ලක්මාල් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට විය.
කතාවෙන් කතාව දෙදෙනාම ගමට පැමිණයේය.
” හවසට පන්සල පැත්තෙ යමු නදියා”ලක්මාල් තම යතුරු පැදිය සුරාජ්ගේ නිවස ඉදිරිපිට නවත්වා ඔහුට පවසා යන්නට විය.
” අම්මා ” සුරාජ් හඬ නගමින් නිවස තුලට ඇතුළු විය.
” පුතා ආවද? මම දන්නෙවත් නෑ”
” කොහෙද ඉතින් ටී.වී එකමනෙ රාජකාරිය, කොයි වෙලෙත් ඕක දාගත්තු ගමන්, අම්මා මට තිබහයි” සුරාජ් තම මවට සරදම් කරන්නට විය.
” කෝ, මගේ මේකප් සෙට් එක ගෙනාවද?” සුරාජ්ගේ නැගණිය ඔහු අසලට විත් ඇසීය.
” ඔව් උඹට ඔය ටික තමයි අඩු” ඇයගේ කන මිරිකා පවසන ගමන් පැවසුවේය…
සුරාජ් තම මව ගෙනවිත් දුන් බීම වීදුරුවද රැගෙන බැල්කනිය වෙත ගොස් එය පානය කරන අතරතුර වටපිටාවට ඇස් යැවීය. එකවරම ඔහු දුටුවේ තමාගේ නිවස ඉදිරිපිට ඇති කුලී නිවසේ ආලින්දයට වී පූස් පැටියෙක් සුරතල් කරමින් සිටින රූමත් තරුණියකි.
ඔහු ඇය දෙස එක එල්ලේ බලා සිටියද, ඇය සුරාජ්ව නොදුටුවේය.
” ඒයි මොනවද ඕයි ඔතනට වෙලා කරන්නෙ” සුරාජ් තිගැස්සී ගොස් පිටුපස බැලූ අතර තම සහෝදරිය එතනට පැමිණියේය.
” මේ කවුද හලෝ අර ගෙදර පදිංචියට ඇවිල්ලා ඉන්නෙ”
” ආ , මට හිතුනා තමුසෙ මෙතන කුරුමානම් අල්ලනකොට. ”
සුරාජ්ගේ නැගණිය වන පාරමී පැවසුවා.
” ඇයි තමුසෙ හිතුවද , මම බල්ලෙක් කියලා කුරුමානම් අල්ලන්න”
” වෙන දේකට නෙවෙයි අතන හෂිනි අක්කා ඉන්නවා දැකලා තමයි තමුසෙ ඔතනට වෙලා බලාගෙන ඉන්නෙ”
” අනේ පල බන්, මේ කවුද ඒ කැතම කැත වැදිරි” සුරාජ් තම සහෝදරියගෙන් එසේ ඇසුවත් හෂිනිගේ රුව ඒ මොහෙතෙත් ඔහුගේ හිතේ ඇදී තිබුනි.ඒ තරමටම ඇය සුන්දර තරුණියකි.
” තමුසෙගෙ ඇස් දෙක පෙන්නේ නැත්ද, බලනවා හෂිනි අක්කා කොච්චර ලස්සනද කියලා”
” මේ තමුසෙ එයාව අඳුරනවද?”
” ඔව්”
පාරමීගේ කතාව අසා සුරාජ් නැවත වතාවක් ඒ නිවස දෙස බලා කාමරයට ගියේය.
………..
” මචං ඒකි පට්ට ලස්සනයි බන්” සුරාජ් පන්සල් වත්තේ ඇවිදින අතරතුර තම මිතුරා වන ලක්මාල්ට පැවසීය.
” මම දැකලා තියෙනවා කෙල්ලව .උඹ කතා කරාද කෙල්ල එක්ක”
” නෑ බන් , මම විසිල් පාරක් ගැහුවා ඒකිට ඇහුනේ නෑ. ”
“ඒ අර බලපං” ලක්මාල් , සුරාජ්ට පෙන්වූයේ බෝධිය අවට අතුගාමින් සිටි හෂිනිවයි. සුරාජ් වටපිට බැලූ අතර අහළ පහල කවුරුත් නොසිටි බැවින් ලක්මාල්ට සැගවී සිටින්න යැයි කියා. ඇය අසලින් ගමන් කලේය.
” සමාවෙන්න ඕන නංගි කරදර කලා නම්, මට කියන්න පුළුවන්ද ලොකු හාමුදුරුවෝ ඉන්නෙ කොහෙද කියලා?” සුරාජ් තම ගමට ආගන්තුකයෙකු මෙන් ඇයගෙන් ඇසීය.
ඇය සුරාජ් දෙස බලා කල්පනාවකට වැටුනි.
” ලොකු හාමුදුරුවෝ , ධර්ම ශාලාවේ ඇති අයියේ”
” බොහොම ස්තූතියි නංගි, ” සුරාජ් ආපසු හැරී පන්සල් වත්ත තුලට යාමට සැරසුනි.
” ස්..ස්..නදීමාල් අයියේ ” සුරාජ්ට වැඩි දුරක් යාමට නොහැකි වූ අතර ඔහු එතනම නතර විය. ඒ තමාගේ නම හෂිනිගේ කටින් ඇසුන නිසාය.
” මේ , අවුරුද්දකට පස්සෙ තමන්ගෙ ගමත් අමතක උනාද?” ඇය සුරාජ්ගෙන් ඇසූ ප්‍රශ්නයට ඔහුට පිළිතුරු නොවීය. සුරාජ් කිසි සේත්ම බලාපොරොත්තු නොවූ පරිදි ඇය තමා ගැන දැන සිටියේය.
“ඔයා කොහොමද මගෙ නම දන්නෙ”
” පාරමීගෙන් අහන්න, එයා කියයි” ඇය සුරාජ් දෙස බලා සිනාසෙමින් ධර්ම ශාලාව දෙසට ගමන් කලාය.
……….
” නංගි පොඩ්ඩක් මෙහෙ එන්න”
නිවසට පැමිණි විගස සුරාජ් තම සහෝදරියට කතා කලේය.
” මොකද කවදාවත් නැතුව ඔච්චර හොදට කතා කරන්නෙ”
” මේ අර කෙල්ල කොහොමද මගෙ නම දන්නෙ”
” කවුද, මොන කෙල්ලද?”
” අර හෂිනිද කවුද කියන කෙල්ල”
” හා , හෂී අක්කද, එයා ඊයේ අපේ ගෙදර ආවා මම තමුසෙගෙ කාමරේ අස් කරන්න හදනකොට, ඉතින් එයා මට උදව් කරා, තව දෙයක් එයා තමයි අර අල්මාරිය ඇතුලෙ දාලා තිබුන ඔයාගේ ෆෝටෝ ටික අරන් දූවිල්ල පිහිදලා බිත්තියේ එල්ලුවේ”
” වැඩේ ගොඩ සුරාජ් ” ඔහු තමාටම සිතා ගත්තේය.
” හා ඒකත් ඒ වැදිරිගෙ වැඩක්ද?”
” මොනවද ඕයි, වැදිරි වැදිරි කියන්නෙ එයාගෙ නම කියලා කතා කරනවා, බලනවා නිකන් පිස්සන් කොටුව වගේ තිබුන තමුසෙගෙ කාමරෙත් අස් කරලා දුන්නා .පව් එයා”
” හ්ම් , දැන් යනවා” සුරාජ් තම නැගණිය කාමරෙන් පිටත් කර කාමරයේ දොර වසා දමා බැල්කනිය වෙත දිව ගියේය.

( සුරාජ් , හෂිනි ගැන මොනවද හිතන්නෙ, එයාලා දෙන්නා එකතු වෙයිද? පොලිස් නිළධාරියෙක් විදිහට සුරාජ්ගේ ජීවිතේ වෙනස් කරපු සිද්ධිය මොකකද?)
…………..
Randy wijesinghe

3 thoughts on “අදිසි මාරකය? |3. කොටස”

  1. Ashka Rashmi

    Suraj hashiniwa kasada badinawane..❤️.man kiynna danne ochcharai…?kathawa lassanai..issarahata thawat lassana wei kiyla hithenwa.all the best.

  2. සුරාජ් ගෙ පොලිස් ජීවිතය වෙනස් වෙන්නෙ අර කලින් දාපු මිනීමැරුම් සිද්ධිය නිසා ද..?

    කතාව නං නියමයි..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.