Katha Ahura

දිවුල් | 03 කොටස | හොල්මන් කතා

4.3/5 - (3 votes)

දිවුල් ? 03 කොටස
ඊට කලින් නිපුන්ගේ සාක්කුවෙ තිබුන phone එක නද දුන්නේ ඔහුට ඇමතුමක් ආවා පවසමින්. මට ඊට පස්සේ උනේ නිපුන් phone එකෙන් කතා කරන දේවල් අහන් ඉන්න විතරයි.

” මිනීපිටියේ වල කපන අයට බත් එක දෙන්න අනුහස් අයියලත් එක්ක ගියා….”

“……………………….”

” හරි මම යන්නම්…..”

“…………………………..”

” නෑ…..දැන් ආපහු එන ගමන් ඉන්නේ ”

“…………………………….”

” හරි….හරී……මම යන්නම් ”

නිපුන් phone එකෙන් කතා කරපු කෙනත් එක්ක කතා කරල ඉවර වෙලා බැලුවෙ අනුහස් දිහා…

” අනුහස් අයියේ මට හදිසියෙ ගමනක් යන්න වෙලා…මාව පන්සල හන්දියෙන් බස්සවල යන්න ”

” මොකක්ද ගමන”

” අපේ අයියා එක්ක එන්න ටවුමය යන්න වෙලා…….”

කියලා නිපුන් පන්සල් හන්දියෙන් බැස්සේ එතන ඉදන් පොඩ්ඩ දුරක් තිබ්බ ඔහුගේ නිවසට යන්න හිතාගෙන. ඒ දෙයින් වුනේ මට හිමරුවන් සදකැලුම් ගැන නිපුන් කියාගෙන ගිය දේවල් අහන්න බැරි වුන එක විතරයි. ඊට පස්සේ මට නිපුන්ව මලගෙදරින්වත් දැකගන්න පුලුවන් වුනේ නෑ..#
********************************************
එදා හවස අනුහස්ගේ කිරි අම්මාගේ මිනිය ඉස්සුවත පස්සේ මම හිතුවෙ ඒ ගමන්ම ආපහු මගේ ගමට අනුහස් එක්ක යන්නයි. ඒත් අනුහස්ගෙ එහෙම අදහසක් තිබුනේ නෑ…..

” මටනම් බං අද යන්න හම්බවෙන්නේ නෑ….අද ඉදලා හෙට යමුද….”

” ඒත් අනුහස් හෙට උදේ මට class.යන්න තියෙනවනේ…. අද කොහොමහරි ආපහු ගෙදර යන්න ඕනා…..”

” ඒකත් එහෙමද…..එහෙනම් උබ යමන්…….මට අද මෙහෙ ඉන්නම වෙනවා….අම්මල කවුරුවත් ආපහු යන්නෙ නෑ…….”

අවසානේ අනුහස්ගේ පිලිතුර වුනේ ඒක නිසා මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ….අනුහස්ගේ කිරි අම්මලාගේ ගෙදර ඉදන් මගේ ගෙදර තිබ්බේ කිලෝමීටර් හතලිහක් විතර දුරකින්.

එදා හවස හය කිට්ටු කරල තිබ්බ වෙලාවක මම ආපු බයික් එකේ නැගල මම තනියමම ආපහු ආවේ ලාවට වගේ එදා වැටුන හිරි පොද වැස්සේ තෙමීහෙනමයි.

අනුහස්ගේ කිරි අම්මාගේ මිනිය අරගෙන ගියා පාරේ ගහල තිබ්බ සුදු කොඩි මැද්දෙන් මම ටික ටික උදේ මිනීපිටියට යද්දී මිනීපිටියට හැරෙන හන්දිය ලගට ටික ටික කිට්ටු කෙරුවා.

එතනට ලංවෙද්දීම පාර ලගම තිබ්බ ගහකින් දිවුල් #ගහකින් දිවුල් ගෙඩියක් වැටුනේ හරියටම මගේ බයික් එකේ ඉස්සරහ රෝදයට අහුවෙන විදිහටමයි. එත්කොටම මට මතක් වුනේ මිනීපිපිටියේ තිබුන දිවුල් ගස්වල ගෙඩි.

” මිනීපිපියට ගියානම් දිවුල් ටිකක් අහුලගෙනම යන්න තිබ්බා……මේ වෙද්දී මිනීපිටියේ කවුරුවත්ම නැතිවත් ඇති, කාටවත් පේන්නේනැතිව අහුලගෙන යන්නත් පුලුවන්.”

උදේ මිනීපිටියේ කාපු දිවුලේ රස මතක් වෙලා මට හිතුනම මිනීපිටිය ගිහින් දිවුල් ඇහිදින්නයි. මේ වගේ වෙලාවක මිනීපිටියට යන්න මට පොඩ්ඩක්වත් බයක්නම් තිබුනේ නෑ.

“ගොඩක් අහුලගෙන ගියොත් දිවුල් කිරි වුනත් හදන්න බැරියෑ….”

හිතපු මම මිනීපිටියට යන පාලු පාරට බයික් එක හැරෙව්වේ දෙවරක් නොසිතාමයි.

** තිබ්බ හිරි පොද වැස්සත් ටික ටික වැඩි කරද්දී මම බයික් එක මිනීපිටියේ තැනක නවත්තල ඒකෙන් බැස්සා. මම හිතුවා හරි. මිනීපිටියේ කිසිම පණ තියෙන මනුස්ස චායාවක් මම දැක්කේ නෑ..

පොලවෙන් මදක් උසට නැගුනු මිනී ගොඩලි දකිද්දි මගේ හිතට එක්කෙරුවේ මහා මුස්පේන්තු බවක් වුනත් මම ඒව මැදෙදෙන් ගමන් කෙරුවා.

මගේ කලිසමේ පිටිපස්සේ සාක්කුවෙ තිබ්බ තුනට හතරට නමල දාපු උරයක්. ඒකත් අරගෙන ###මිනීපිටියේ තිබ්බ ගස්වලින් වැටුන දිවුල් එකත් කරලා ඉකමනින් ඉක්මනින් ඒ උරයට දන්න පටන් ගත්තේ වැස්ස වැඩි වෙන්න් කලින් මිනීපිටියෙන් පිටවෙන්න හිතාගෙන.

ඒ වෙද්දී මම දිවුල් ගෙඩි පහලොවක් විතර එකතු කරලා තිබ්බා..නිපුන්ගේ වචනෙන් කියනවනම් ඇට දිවුල්.

සෑහෙන්න ගස් යට දිවුල් වැටිලා තිබුනත් ඒවාගෙන් බාගෙට බාගයක්ම තිබුනේ නරක් වෙලා….

හිමරුවන් සදකැලුම් ගේ සොහොන තිබ්බ පැත්තට මම ඊට පස්සේ ටික ටික කිට්ටු කෙරුවෙ එතන තිබ්බ දිවුල් ගහ යටත් මම උදේ සෑහෙන්න දිවුල් වැටිලා තිබ්බ් බව මතක්වෙලා.

ඒ සොහොන ලග තිබ්බ දිවුල් ගහේ වෙන්න ඇතී මිනිපිටියේ තිබ්බ දිවුල් ගස් වලින් වැඩිපුරම දිවුල් තිබ්බ ගහ. ඒ තරම් ගොඩක් දිවුල් ඒ ගහේ තිබුනා.

ඉක්මනින් ඉකමනින් මම ඒ ගහේ වැටිල තිබ්බ දිවුල් අහුලන්න පටන් ගත්තේ වැස්ස එන්න එන්න් වැඩිවෙන්න පටන් ගත්ත නිසා. වැහි අන්දකාරය නිසා වෙන්න් ඇති ඒ වෙලවේ පරිසරය තිබ්බෙත් හොදටම අදුරු වෙලා.

” මේ ඇති…..”

මම තවත් දිවුලක් අහුලගෙන උරයට දාද්දී මට ####දැනුනේ හරියට මම පිටිපස්සේ කවුරු හරි කෙනෙක් ඉන්නව වගේ හැගීමක්.

ඒ සැකෙන් කලබල වෙලා වගේ මම පිටිපස්ස හැරිලා බලද්දී දුටු දෙයින්………………..???????????????????????????????ඊලග කොටසට Diwul

දැක්කේ මොනවද කියලා බලමු ඊලග කොටසින්….අනුමාන කරන අය එතකම් අනුමාන කොරමුකෝ….???????????????????

කතාව මම කොටස් හයකින් විතර ඉවර කරන්නම්….අවුලක් නෑනේ………..

6 thoughts on “දිවුල් | 03 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    සුපුන් ඉන්න ඇත්තේ….

    හා කතාව ඉක්මණට ඉවර කරන්න. කොටස් 10ක් වගේ ගෙනියන්න. ගොඩාක් අදිනවට වඩා ඒක හොඳයි. හැබැයි අළුත් කතාවක් ඕන ඒක ඉවර වෙද්දී.. හාද???

  2. Priyadarshani

    අයියෝ ඉතින් ? නහින්නෙ කට හින්දනේ ???????? ….මෙයාට වෙන්නෙත් ඒකමයි …දැන් ඉතිං හරි ඔය පිටිපස්සෙන් ඉන්නේ පිරිමි ලමයෙක් ….හරියටම කිව්වොත් හිමරුවන්(සඳුන් )නේද?????
    ඔයගෙ කතාව නම් නියමායි …කලින් කතාව වගේම මේකත් අමතක නොවන එකක් වෙයි…මේක ඉක්මනට ඉවර කරනව නම් ඉතිං ඔයාට තව අලුත් කතාවක් ඉක්මනටම ලියන්න වෙනව ?????
    අපිට තව ගොඩාක් කතා ලියන්න පුලුවන් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව …ඒ වගෙම හැමදේම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව ???
    Good luck ????????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.