Katha Ahura

අදිසි මාරකය? | 4. කොටස

3.3/5 - (3 votes)

අදිසි මාරකය?
(4. කොටස)

” පුතා, සුරාජ් පොඩ්ඩක් දොර අරින්න” තම පියා දොරට තට්ටු කරන හඩ ඇසී සුරාජ් ඇදෙන් නැගිට ගොස් කාමරයේ දොර විවෘත කලේය.
” අර ඉස්සරහ ගෙදර නැවතිලා ඉන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා, ඒ අයට ඔයාව දකින්න ආසයිලු ,ඇදුමක් දාගෙන එන්න ඉක්මනට” ඒ වචන පෙල අවසන් වත්ම සුරාජ්ගේ සිත සතුටෙන් ඉපිල ගියත් ඒ බව තම පියාට පෙන්වූයේ නැත.
” තාත්තා යන්න, මම එන්නම් ඉක්මනට”
සුරාජ් තම ඇද වතේ තිබුන ෂර්ට් එක ඇදගෙන ඉක්මනින් පහලට බැස්සේය.
පඩිපෙල බසිනවාත් සමඟම හෂිනි ,සුරාජ්ට මඳ සිනහවක් පෑවාය.
” මම එදා පුතාව පන්සලේදී දැක්කා” හෂිනිගේ පියා සුරාජ් දෙස බලා පැවසීය. ඊට ප්‍රතිචාරය ලෙස සුරාජ් කලේ සිනාසීමයි.
” ඉතින් , පුතා කවදද ආයේ යන්න තියෙන්නෙ”
” තවම දවසක් කිව්වෙ නෑ අන්කල්, කලින් කෝල් එකක් දෙනවා කිව්වා” සුරාජ් පිළිතුරු දිය.
” ඇත්තටම පුතා ඔයාලගෙ දෙමව්පියො හරි වාසනාවන්තයි”
” ඇයි අන්කල් එහෙම කියන්නෙ”
” තමන්ගෙ දරුවෙක් උසස් තැනක ඉන්නවා දකින්න, ඒක‍ට අපේ ළමයි, මම සර් කෙනෙක් වෙලත් අපේ මී හරකිට බැරි වුනා ඒ.ලෙවල් පාස් වෙන්න ,දැන් දෙපාරක් කලා.ශයි දෙකේදිම බැරිවුනා කැම්පස් යන්න පාස් වෙන්න . තව එයාට උගන්වලා වැඩක් නෑ පුතා. මම හිතාගෙන ඉන්නෙ කාට හරි බන්දලා දෙන්න” හෂිනිගේ පියාගේ කතාව අසා සුරාජ් වට පිට බැලුවේ කවුරුන් හෝ අසල සිටිනවාදැයි දැන ගැනීමටයි.
” අන්කල් එහෙම හදිස්සි තීරණ ගන්න එපා. තව ශයි එකක් තියෙනවනෙ. අනික මට පුළුවන් ගෙදර ඉන්න වෙලාවට හෂිනි නංගිටයි, අපේ නංගිටයි ඔය අමාරු පාඩම් එහෙම කියලා දෙන්න. අන්කල් මාව විශ්වාස කරන්නකො” සුරාජ් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට විය.
” ලොකු දෙයක් පුතේ, නැත්නම් මගෙ නම්බුවටත් ලැජ්ජයි”
” ඕක මොකක්ද අන්කල්”
………….
හෂිනිගේ පියාගේ ඉල්ලීම පරිදි සුරාජ් එදින හවස ඇයගේ නිවසට ගියේ තම නැගණිය සමගය.
” ආ පුතා ආවද, මම කාමරේ ලෑස්ති කරා නංගිත් ඉන්නවනෙ , අපේ කෙල්ල හරි කපටියි , බොරුවට පාඩම් පොත් බලනවා වගේ පොත යටින් තියාගෙන නවකතා පොත් බලනවා.”
සුරාජ් තම රාජකීය ආරම්භ කල අතර සුළු වෙලාවකට පසු හෂිනිගේ පියා පැමිණියේ පාසල් යන පොඩි ළමයි දෙතුන් දෙනෙක් සමඟයි.
” ඔයාලත් මේ මාමා වගේ ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕන” සුරාජ්ගේ මූණ ඇඹුල් විය.
” ෂික් මේ යකා මොන මගුලක් කරනවද?” සුරාජ් සිතින් බැනවදින්නට වූයේ හෂිනිගේ පියා ඇයගේ කාමරය‍ට ඇතුළු කරන ළමුන් තිදෙනා දැකීමෙන්ය.
” මොනවද බලන් ඉන්නෙ ඉක්මනට හදනවා ඔය ගණන් ටික. තව විනාඩි දහයයි දෙන්නෙ” හතට ආපු කේන්තියට සුරාජ් කෑ ගහපු නිසා හෂිනිව ගැස්සිලා ගිය අතර ඇයද යටි සිතින් සුරාජ්ට බනින්ට විය.
” හපෝ මූ මහ නපුරෙක්”
” ඒයි නංගි , ගිහින් තේ එකක් හදන් එනවකො” සුරාජ් තම නැගණියට පැවසූ අතර ඇය ගස්සා දමා එතනින් නැගිට ගියේය.
” ඔහේ මොනවද බලන් , ඉන්නෙ කෝ දෙනවා මම දුන්න ප්‍රශ්න ටිකට ලියපු උත්තර බලන්න” සුරාජ් ඇයගේ අතේ තිබුන කොලය ඇදලා ගත් අතර හෂිනි ඒ ගැන කිසි තැකීමක් නොකර බලා සිටියේය.
” මොනවාද හලෝ මේ ලියලා තියෙන්නෙ, අන්කල් ” සුරාජ් , හෂිනිගේ පියාට කතා කල අතර පසුව ඔහු කාමරයට පැමිණියාය.
” බලන්න අන්

කල් මේ ලියලා තියෙන එක, ටජ් මහල නිර්මාණය කලේ, ශාරුක් ඛාන්ලු . මෙයාට මේ පොඩි ළමයි තියාගෙන උගන්වන්න බෑ”
” මට තේරෙනවා පුතා, ඒකනෙ මම කිව්වෙ මේකි මී වැස්සියෙක් කියලා. මම පුතාගෙ නංගිට කියන්නම් අනිත් කාමරේට ඇවිත් පොඩි ළමයින්ට වැඩ ටික කියා දෙන්න කියලා, පුතා ඕකිගේ ඇස් දෙක විතරක් ඉතුරු කරලා ඔලුවෙ ඉදන් හම ගහලා හරි කමක් නෑ වැඩ ටික කියලා දෙන්න. අහල පහලට ඇහුනොත් හරි නෑනේ ඒ හින්දා කාමරේ දොර වහගන්න”
” හරි අන්කල් ” සුරාජ් යටි සිතින් සතුටු වූයේ හෂිනිගේ පියා තමාට දුන් ඔවදනටයි.
” හ්ම් සුදු නෝනා දැන් වැඩ පටන් ගමු” සුරාජ් , හෂිනිගේ කාමරේ දොර වසා දමමින් පැවසුවා.
” ඒ මෝඩයෝ ඔය මොකද කරන්නෙ?”
” ඒක බලාගන්න පුළුවන් තව ටිකකින්, දැන් මුළු පොතම පාඩම් කරනවා, මන් පොඩි නින්දක් දානවා, මම නැගිටිද්දි මුළු පොතම කටපාඩමින් කියන්න ඕන” සුරාජ් , හෂිනිගේ ඇදට පනිමින් පැවසුවා.
” ඒයි , ඔය මගේ ඇඳ”
” ඉතින් මොකද වෙන්නෙ”
” අනේ”
” අනේ නෙවෙයි, පාඩම් කරනවා” සුරාජ් තම දෑස් පියාගත්තද ඔහුට වැඩි වෙලාවක් එසේ සිටීමට නොහැකි විය.
” අයියා, ඔයාට හෙට එන්න කියලා කෝල් එකක් දීලා” සුරාජ්ගේ නැගණිය කාමරයට පැමිණියේය .
” අම්මෝ ඇති යන්තම් මෙයා යනවද?” හෂිනි එය අසා සතුටින් පැවසීය
” හා හා, ඒ ගැන වැඩිය හිතන්න එපා මම සතියකින් එනවා”

( හොඳම ටික ළඟදි එනවා)
Randy wijesinghe

3 thoughts on “අදිසි මාරකය? | 4. කොටස”

  1. Priyadarshani

    ශා මරු එක්කෙනාටනෙ කෙල්ලට උගන්වන්න භාර දීලා තියෙන්නේ ???
    කතාව නියමායි ????
    Good luck !??

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.