Katha Ahura

දිවුල් ☔️ | 04 කොටස | හොල්මන් කතා

4.3/5 - (3 votes)

දිවුල් ☔️ 04 කොටස
දුටු දෙයින් මම එකපාරටම ගැස්සුනා. මට අදහගන්නත් බෑ. මම දිහා බලාගෙන හිටියේ මගේ පෙනුමටම සමාන මගේ වයසේම කෙනෙක්. මට ඒ වෙලාවේ හැගුනේ මම ඉන්නේ කන්නාඩියකින් මූන බලමින් ඉන්නවා වගේ. උඩට කොන්ඩය පීරලා හොටපු ඔහු ඇදගෙන හිටියේ කලුපාටම කලිසමකුයි, ඒ පාටම අත් දිග shirt එකකුයි.

ඒත් ඔහුට තිබ්බේ මට වගේ පැහයක්නම් නෙමේ. ගොඩක් සුදු පැහයක් ,හරියට ඇගේ ලේ නෑ වගේ තිබ්බ සුදුමැලිවුන පැහයකුයි ඔහුට තිබුනේ. ඔහුගේ මූන වගේම සුදුමැලිබවක් තිබ්බ ඔහුගේ බෙල්ලේ කැලලක් තිබුනා. සුදුමැලීබව නිසාම ඒ කැලට හොදටම කැපිලා පෙනුනා. ඒ හැරෙන්න ඔහුගෙයි මගෙයි වෙන වෙනස් කමක් මම දැක්කේ නෑ.

ඔහු දැකලා මමපුදුම වුනත් ඔහුට සමාන පෙනුමක් තිබුන මම දැකලනම් ඔහු පුදුමයට පත් වුන බවක් ඔහුගේ ඉරියව්වලින් මම දැක්කේ නෑ.

” ඔයා මොකද මේ රෑ වෙන්න ඔන්න මෙන්න වෙලාවක මේ මිනීපිටියට වෙලා කරන්නේ.”

මමදිහා බලාගෙන ඔහු කටහඩ අවදිකරේ මම තව තවත් පුදුමයයට පත් කරමින්. ඒකට හේතුව වුනේ ඔහුට තිබුනේ මගේ කටහඩම නිසායි. ඔහු අහපු දේට කිසිම පිලිතුරක් නොදුන් මම ඔහු දිහම බලාගෙන හිටියා. ‘ මේ සදුන්ද ‘ මට එකපාරටම මතකෙට ආවෙ #මම දැකල ගමේ අය කියපු ඒ දේයි.

“ඇත්තටම මොනවද ඔයා මේ පලු මිනීපිටියට වෙලා කරන්නේ…….”

ආයේ පාරක් ඔහුම කත කෙරුවේ කලින් ඔහු අහපු දේට මම පිලිතුරක් දුන්නේ නැති හින්දා වෙන්න ඇති.

“මම ආවේ දිවුල් ඇහිදින්න,,මට හිතෙන්නේ ඔයා සදුන් වෙන්න ඕනා……”

මම ඔහු ඉස්සරහ ඒක කියද්දී ඔහුගේ මූනෙන් නැගුනෙ මදහසක්.

“ඔව් මම සදුන් තමා…….කොහොමද ඒක දැනගත්තේ………”

“ගමේ අය මම දිහා බලල කතා වුනේ මම සදුන් වගේමයි කියලා…….ඒත් ඔයාව දකිනකම් මම හිතුවේ නෑ ඔයා මේ තරම්ම මම වගේ කියලා”

“ඒකනේ මාත් හිතුවෙ නෑ……මේ තරම්ම සමානකමක්”

කියපු ඔහු ටික ටික ටික මම ලගට ලංවෙලා මගේ හුස්ම වැදෙන මානෙන් හිටගත්තා. ඒ වෙලාවේ මට දැනුනේ ශීතකරනයක දොර අරිද්දී ඒ තුලින් එන සීතලට සමාන සීතල බවක්. ඒත් මට ඒ ගැන අමුත්තක් දැනුනේ නැත්තේ මේ වෙද්දී ඇදහැලෙන වැස්ස හේතුවෙන් ඒ වගේ සීතලක් එන්න ඇති කියාලයි.##

“මම නම් ආවෙ දිවුල් ,අහුලන්න කියමුකෝ…ඒත් ඔයා මේ වගේ වෙලාවක ආවේ ඇයි.”

“මම ආවේ මගේ purse එක හොයාගෙන ”

“Purse එක ”

” හ්ම්ම්ම්ම්ම් ,, purse එක මගේ සාක්කුවෙන් කොහෙහරි වැටිලා ,මම හිතුවෙ පිටියට ආපු වෙලාවේ වැටිලවත්ද කියලා…ඒකයි බලන්න ආවේ……..”

“ඒ කියන්නේ අනුහස්ගේ කිරි අම්මගේ මිනිය වලලපු වෙලාවේ ඔයත් පිටියට ආවද”

ඒක මම අහද්දි ඔහු ඔව් කියන්න හිස වැනුවේ මාව පුදුමයට පත්කරමින්. ඒ වෙලාවෙ මාත් මිනිය වලලන වෙලාවේ පිටියේ හිටියත් මොහුව මම දැක්කේ නැති නිසයි ඊට හේතුව වුනේ.

** ” මම ඔයාව දැක්කෙවත් නෑනේ…..”

මම ඒක ඇහුවේ ඒ පුදුමයත් සමගමයි.

“මම නම් ඔයාව දැක්කා…..ආයේ හම්බවෙයි කියලා හිතල මම කතා කරන්න ආවේ නෑ….”

අමුතුම විදිහට හිනාවෙලා ඔහු ඒක කියද්දී දරුනු විදිහට විදිලියක් කෙටුවෙ දැන් දැන් අදුර ගලාගෙන එන ඒ අදුර කපාගෙන.

“පිටියට ආපු වෙලාවේ මම මේ සොහොන ලගටත් ආවා , එතනට ආපු වෙලාවේ මගේ සාක්කුවෙන් purse එක වැටුනද සැකේටයි මමමෙත්නට ආවෙ ,එත්කොටයි ඔයාව දැක්කේ……,,මට හොදටම ###shuwar ,මේ හරියේ මගේ purse එක වැටිලා ඇති
…මෙත්නට එද්දී මට මතකයි මගේ සාක්කුවේ purse එක තිබ්බා කියලා…..”

ඔහු ඒක කිව්වේ පොලවේ එහාට මෙහාට ඇස් යවමින්.

” ඒත් පිටියේ වෙන තැනක වැටිලා කවුරුහරි ඇහිදගෙන ගියාද දන්නෙත් නෑ……අනික මමත් මේ හරියේ දිවුල් ඇහින්දා මට හම්බවුනේ නෑ…….”

මට ඕනා වුනේ ඉක්මනින් මේ මිනීපිටියෙන් පිටවෙලා යන්න. අත් ඔරලෝසුවෙන් වෙලාව බලද්දී මම දැක්කේ ඒ වෙද්දී හය හමාරත් කිට්ටු කරලා තියෙන බවක්.

” පොඩ්ඩක් මට උදව් කරන්න බැයිද…..සමහර විට මේ හරියේ තියෙන තනකොල ගොල්ලක් යටටවත් ගිහිල්ලද දන්නෙත් නෑ…”

ඔහු සොහොන් කිට්ටුව තිබ්බ තනකොල කක්ලෙන් පාග පාග වැටුනයි කියපු purse එක හොයන්න පටන් ගත්තේ ඉතාමත් ලාවට තිබ්බ හිරු එලිය මැද්දෙන්.

“මම නම් කියන්නේ හෙට උදේම ඇව්ල්ලා ඕක හෙව්වොත් හොදයි කියලා…..තව ටික වෙලාවක් යද්දී කිසිම දෙයක් පේන්නේ නැති වෙන්න කරුවල වැටෙයි. අනික වැස්සත් එක්ක. අනික මේ වගේ ####තැනක මේ වගේ වෙලාවක ඉන්න එක එච්චර ඇගට ගුන නෑ……..”

” ඉර එලිය එලිය බහිනකම් වත් හොයමු නේ…..මේක හොයාගත්තෙ නැත්නම් මට අද රෑට නින්ද යන්නෙවත් නැති වෙයි. මගේ අයිඩෙන්ටිය , ලයිසන් එක ,ඔක්කොම තිබුනේ ඒ ,purse එක ඇතුලේ….මේ වගේ තැනක මේ වෙලාවේ ඉන්න එක එච්චර හොද නෑ තමා…..මමත් බයෙන් බයෙන් ආවෙ ඔයා දැක්කට පස්සෙ ටිකක් බය අඩු වුනා…….”

මගේ කීමට අවනත් නොවුන ඔහු බහින්න හිරු බහින්න ලන්වුන අහස දිහාද වරක් බලමින් ඔහුගේ වැටුනායි කියපු purse එක දිගටම හොයන්න පටන් ගත්තා. මාත් ඔහුගේ මේ හරියේදී වැටුනයි කියපු purse එක හොයන්න පටන් ගත්තේ ඔහුව මේ වගේ වෙලාවක තනියම මිනීපිටියේ දාල යන්න හිත දුන්නේ නැති නිසා. අනික ඔහු මගේ පෙනුමටත් ගොඩක් සමාන කමක් තිබ්බ නිසා ඔහු ලග තව ටික වෙලාවක් ඉන්න කියලා හැගීමකුත් ඒ වෙලාවවේ මගේ සිතට දැනිලා තිබුනා….

” ඔයා දිවුල් කන්න ගොඩ්ක් ආසයි වගේ…..”

සදුන් ඇහුවේ මාත්ෘකාව වෙන පැත්තකට හරවමින්.

“ඔව්……..ඒකනේ මේ වගේ වෙලාවක මිනීපිටියට ආවෙත් දිවුල් ඇහිදින්න….දිවුල් කිරි මම ආසම #####බීමක්”

“මේ වගේ තැනකින් දිවුල් ඇහිදන් යන්න බය නැද්ද”

සදුන් ඊලගට මගෙන් ඇහුවෙ උදේ නිපුන් අහපු දේමයි.

” එහෙම බයක් නෑ……අනික කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ ,කොහේ හැදුනත් දිවුල් දිවුල්මයි. එහෙම නේ…..අපේ පැත්තේ දිවුල් නෑ….තිබුනත් අපිට අහුලන්න කලින් කට්ටිය ඒවා ඇහිදිනවා….”

” දිවුල් වලට ඔච්චරම ආසයිනම් ,යමුකො අපේ ගෙදර අපේ වත්තේ දිවුල් ගස් ගොඩක් තියෙනවා…ගෙදර කවුරුවත් කන්නේ නැති හින්දා ඔහේ ගස් යට නරක් වෙලා යනවා……අනික මිනීපිටියේ දිවුල් කද්දී අපි කොහොම කිව්වත් හිතට පොඩ්ඩක් හරිත් නෑනේ…..මොකද කියන්නේ ,ගියොත් මට දිවුල් ගෙඩි සීයක් වුනත් ඔයාට ඇහිදල දෙන්න පුලුවන්.”

සදුන් ඒ දේ කිව්වේ මගේ දෑස් දිහාම කෙලින් බලාගෙන. දිවුල් කතාව ආවට පස්සෙ ඔහුට නැතිවුනායි කියපු purse එක හොයන එකත් අමතක වෙලාද කියලයි මට හිතුනේ.

*** ” ඒත් මේ වගේ වෙලාවක,, අනික purse එක ”

” ඔයා කිව්ව වගෙ හෙට උදේම.ඇවිල්ලා හොයල බලනව ,මේ කරුවලේ ඕක හොයන්න අමාරුයි. මොකද කියන්නේ යමුද මාත් එක්ක. අපේ ගෙදරට මිනීපිටියේ ඉදන් තියෙන්නේ පොඩි දුරයි.

සදුන් එය කියනකොට මට ඔහුව පෙනෙනෙ ##### #නොපෙනෙන ගානට කරුවල වැටිලා තිබුනා. යම්දෝ ,නොයම්දෝ කියලා මම සිතිවිලි අතර අතරමන් වෙද්දී සදුන්ගේ හඩ ආයේ පාරක් ඇහුනා.

“කල්පනා කරන්න දෙයක් නෑ යමු යමු…..අනික මගේ දේවල් මම වෙන කාටවත් දෙන්න කැමතිත් නෑ… ඔයා මම වගේම හින්දා මට ඔයා ගැන පොඩ්ඩක් හිත ගියා.මාත් එක්ක යමුද”

සීතලම සිතල අතකින් ඔහු මගේ අතක් අල්ලලා කියද්දී මම එකපාරටම දැක්කේ…………….??????????????????????????ඊලග කොටසට Diwul

දැක්කේ මොකක්ද කියලා බලමු ඊලග කොටසින්.අනුමාන කොරන අය අනුමාන කොරන්නකෝ

දිවුල් කන්න කැමති අකමැති ඔක්කොම කතාව කියවලා ලයික් එකක් දීල කොමෙට් එකක් කොටා බාගෙන ගියොත් මම මනාපයි.?????????????????????????????

සාගර සම්පත් ( රාස් )

5 thoughts on “දිවුල් ☔️ | 04 කොටස | හොල්මන් කතා”

  1. Buddhika senarathne

    කතාව නම් පට්ට..ගොඩක් ආසාවෙන් කියවනවා.රෑ 9 වෙනකන් බලාගෙන ඉන්නේ ???

  2. Priyadarshani

    අම්මෝ ? ?? දැන්නම් මොනාවෙයිද දන්නෑ හොල්මන් එක්ක ගිහින් මෙයාට මොනවවෙයිද දන්නෑ…
    හෙට කොටසත් දැන්ම කියවන්න තිබුන නම් ??
    ඔයා කතාව හොදටම ලියනව …
    Good luck !???

  3. Lakmali lakmali

    අනුමාන කරන්නනම් අමාරුයි කතාව හොදයි ඔන්න මත් කොටාගෙන ගියෝ ??????

  4. රාස් ලියන කතාවක් නම් අනිවා පට්ට…
    9 වෙනකල් හැමදාම බලා ඉන්නෙ…
    සුපිරී ආහ්…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.