Katha Ahura

අදිසි මාරකය? | 5. කොටස

4.4/5 - (13 votes)

අදිසි මාරකය?
(5.කොටස)

දිනය÷ 2003.12.08
ස්ථානය÷ නිකවැරටිය පොලිස් මූලස්ථානය

තමාට අයත් නිළ ඇදුමින් සැරසුනු සුරාජ් පොලිස් මූලස්ථානයේ උසස් නිළධාරියෙකු ඉදිරියේ පෙනී සිටින්නට විය.
” සුරාජ් අද ඉදලා ඔයාගේ සේවා කාලය පටන් ගන්නවා, මුලින්ම ඔයාට කොස්තාපල් කෙනෙක් විදිහට සතියක් වැඩ කරන්න වෙනවා, ඊට පස්සෙ සැරයන් කෙනෙක් විදිහට සති දෙකක් තම බල ප්‍රදේශයේ අපරාධ පිළිබඳව තොරතුරු හොයන්න වෙනවා, ඒ සති දෙකෙන් පස්සෙ ඔයාට උ.පො පරීක්ෂක තනතුර ලැබෙනවා. ඒ තනතුරේ මාස දෙකක් ඉදලා , පොලිස් පරීක්ෂක , ඊට පස්සෙ ඔයාට D.S.P එක්සෑම් එක ලියන්න පුළුවන් ”
තම රාජකීය අකුරටම ඉටු කරමින් මාස අටක් ඇතුලත සුරාජ් D.S.P තනතුර ලබා ගන්නවා.
……….
දිනය÷ 2004. 06.10

” සර් , අපි පොලිස් බල්ලන්ව ගෙනහල්ලා බැලුවා, ඌ ගේ වටේම ඇවිද්ද එක විතරයි කරේ” සුරාජ්ගේ පිටුපසින් පැමිණි සැරයන්වරයා පැවසුවාය.
” මේක , මර්ඩර් එකක් කියලා ෆයිල් කරන්න” සුරාජ් ඔහුට පවසා නිවස තුලට ගොස් පරීක්ෂා කලේය.
ඔහු මුළු නිවසම දැඩි සෝදිසියට ලක් කල අතර ඔහුගේ නෙත ගැටුනේ නිවසේ එක් කාමරයක බිත්තියක් දිගේ ගමන් කරන කූඹින් රැලකි. ඔහු තම සාක්කුවේ තිබූ පෑන අතට ගනිමින් එක් කූඹියෙකු තම පෑනට ගෙන තියුණු ඇසින් පරීක්ෂා කාලේය. විනාඩි කිහිපයකට පසු ඔහු නිගමනයකට එළඹිනි.
” මෙතන හාරන්න ” ඔහු වසා දමා තිබූ කාමරයේ හරි මැද පෙන්වා පැවසුවේ ඒ අසල සිටින කූඹි රංචුව දෙස බලාය. ඔහුගේ ප්‍රයත්නය සාර්ථක විය. කාමරයේ මැද හාරත්ම ඔවුන්ට අසු වුනේ බාගෙට දිරාපත් වූ මිනිස් මළ සිරුරකි…
” වෙරි ගුඩ් සුරාජ් , හෙට ඉදලා අපේ අයට පන්ති කරන්න පටන් ගන්න” තම උසස් නිළධාරී, නියෝජ්‍ය පොලිස්පති අශෝක් ජයමාන්න මහතා පැවසුවේය….
…………
පුහුණු සේවා කාලය අවසන් කල සුරාජ් තම උපන් ගමට පැමිණෙන්නේ නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරද ලබාගෙනය.
” ස්..ස්.. ආ ” සුරාජ් තරමක් ලොකු වීදුරු වලින් ආවරණය කල ටජ්මහලක ප්‍රතිමාවක් හෂිනි අත තැබුවේය.
” මටද” ඇය සුරාජ් දෙස බලා සිනාසී එය අතට ගත්තාය.
” නෑ , ඔයාගේ තාත්තට, මොන මගුලකටද නැත්නම් ඔහේගෙ අතට දෙන්නෙ”
” තැන්ක් යූ”
” එහෙම තැන්ක් යූ කියලා කටින් කිව්වට මදී ඕක රුපියල් 1500 වෙනවා”
” එහෙනම් මම තාත්තගෙන් සල්ලි ඉල්ලලා දෙන්නම්” හෂිනිගේ කතාවට සුරාජ්ට පොලව පලන් යාමට සිතුනි# මේක නම් මී වැස්සියක්ම තමයි# ඔහු තමාටම සිතා ගත්තේය.
” තැන්ක් යූ කියන හැටි මම කියලා දෙන්නද?” සුරාජ් , හෂිනිගේ මුහුණ දෙස බලා ඇසීය.
” හා”
සුරාජ් වට පිට බලා හෂිනිව තම දෑතින්ම බදාගෙන ඇයගේ දෙතොල් වලට හාදුවක් දිය.
” ඒයි තාත්තා දැක්කොත්”
” ඒ කියන්නෙ ඔයාගේ අකමැත්තක් නෑ, එහෙම නේද”
” හ්ම්, ”
” එහෙනම් මට කිස් එකක් දෙන්න”
හෂිනි සුරාජ්ගේ වචනයට අවනත වී ඔහුට හාදුවක් දිය. නමුත් ඔවුන් දෙදෙනාට වැඩි වෙලාවක් එසේ සිටීමට නොහැකි විය. කාමරයේ දොර විවෘත කරගෙන හෂිනිගේ පියා පැමිණියේය.
…………
” මොන දේ උනත් සිද්ධ වෙන්නෙ හොදටනේ , අපි ඉක්මනට මේ කසාදේ කරමු ”
” ඔව් දැන් සුරාජ් පුතාගෙත් වයස හරිනෙ” සුරාජ්ගේ පියා පැවසූ දෙයට හෂිනිගේ පියා පිළිතුරු දිය. දෙපාර්ශවයේම ආශිර්වාදය මැද ඔවුන් දෙදෙනාගේ විවාහය ඉතා චාම් අන්දමින් සිදු විය.

( දැන් තමයි මේ දෙන්නගෙ නරක කාලය පටන් ගන්නෙ, දිගටම ඉන්නකො)

7 thoughts on “අදිසි මාරකය? | 5. කොටස”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.