Katha Ahura

දිවුල්| 05 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

දිවුල් ? 05 කොටස
කියද්දී මම දැක්කේ මිනිපිටියට ආපු බයික් එකක ඉස්සරහ පැත්තේ ලයිට් එකේ ආලෝකයක්.

” කවුරු හරි මිනීපිටියට ආවා…”

මගේ කටින් ඒක කලබලයෙන් පිටවුනේ මේ වගේ වෙලාවක අපි මෙහෙම ඉන්නවා කවුරුහරි දැක්කොත් ඊට මූන දෙන්නේ කොහොමද කියලා හිතමින්. ඊත් ඊට පාස්සේ ඇහුන දෙයින් මගේ හිතේ තිබ්බ කලබල ගතිය නැතිවෙල ගිහින් ඒ වෙනුවට හිතට ආවෙ පුදුමයක්.

“කිත්සර කිත්සර……”

මිනීපිටියේ මැද තිබ්බ කුම්බක ගේ පැත්තෙන් මට ඇහුනේ අනුහස්ගේ හඩ.

“අනුහස් ”

මම හිතද්දී සදුන් මාව අල්ලගෙන හිටපු ඔහුගේ අත අයින් කෙරුවා. ඔහුගේ මූනෙන් මම දැක්කේ කලබලබවක්.

” කිත්සර ඔයා ඉන්නවද …..”

ටික ටික අනුහස්ගේ හඩ ලන්වෙන බවක් මට දැනුනා.

“අනුහස් කොහොමද දන්නේ මම මිනීපිටියේ කියලා”

සෙමින් මුමුන්පු මම හැදුවෙ අනුහස් ඉන්න පැත්තට යන්න.

” එයාගේ ඉස්සරහට යන්න එපා…..”

සදුන් තියුනු හඩින් කියන ගමන්ම මගේ අතින් අල්ල #ගත්තේ මගේ ගමන නවත්තන්න.

“බයවෙන්න එපා සදුන් ,ඒ මගේ යාලුවෙක්, ඒත් මට ප්රශ්නේ කොහොමද ඌ මම මිනීපිටියේ ඉන්නව කියල දැනගත්තේ කියලා, අපි යමු ඒ පැත්තට ”

“මට එන්න විදිහක් නෑ,මම තව ටික වෙලාවක් අර purse එක තියෙනවද කියලා බලලම එන්නම්…….ඔයා යනවනම් යන්න.”

“මේ කරුවලේ කොහොමද ඕක හොයන්නේ ,මෙන්න මෙහේ පිස්සු වැඩ කරන්නේ නැතිව එන්න යමු.”

උස් හඩින් කෑගහමින් අනුහස් මාව හොයද්දී මම සදුන්ට කිව්වා.

” මට එන්න විදිහක් නෑ…….මම කැමති නෑ මේ වෙලාවේ මේ හරියෙදී මාව කවුරුවත් දකිනවට , ඔයා යන්න කිත්සර …හැබයි එක දෙයක්….මාව මෙහෙම හම්බවුනා කියලා කාටවත් දැනගන්න තියන්න එපා…..අපි ආයේ ඉක්මනටම හමුවෙමුකො………”

“ඇයි කාටවත්ම මේ දේ දැනගන්න එපා කියන්නේ ”

මම ඒ දේ සදුන්ගෙන් අහද්දිම මගේ පිටිපස්සෙන් අඩි සලකුනු වගයක් ඇහුනා. මම පිටිපස්ස හැරිලා බලද්දී දැක්කේ මම ලග ඉන්න අනුහසුයි තව අවුරුදු විසි පහක විතර කොල්ලෙකුයි.

“මම උබට කොච්චර කතා කෙරුවද , මගේ ඇගටත් එක්ක පන නැතිවෙලා හිටියේ , උබට අවුලක් නෑනේ ##නේද ”

කලබලයෙන් ඇවිල්ල අනිහස් මාව අල්ලගනිද්දී ඔහුගේ මුවින් පිටවන සුසුම හඩපවා මට හොදට ඇහුනා. ඒ අතරෙ මම බැලුවෙ සදුන් හිටපු පැත්ත. පුදුමයි. සදුන්ගේ චායාවක්වත් මම දැක්කේ නෑ..ඔහු අතුරුදහන් වෙලා. සමහර විට කාටවත් මූන දෙන්න බැරුව ඔහු ඉක්මනට කොහේ හරි හැන්ගෙන්න ඇති.

“නෑ මට මොකුත් අවුලක් නෑ…ඒත් අනුහස් කොහොමද දැනගත්තේ මම මිනීපිටියේ ඉන්නේ කියලා…”

සදුන් අතුරුදහන් වුන පුදුමයත් සමග මම ඒක ඇහුවා.

“ඒක කියන්නම් ඊට කලින් මෙතනින් පිටවෙලා යමු…..”

අනුහස් කිව්වට පස්සේ මම එතන ගහක් ලග තිබ්බ දිවුල් උරය අතට ගත්තා.

“මොනවද ඔය උරේ”

“දිවුල්…………”

මම ඒක කියාලා කට ගන්න හම්බවුනේ නෑ….අනුහස් මගෙ අතින් උදුරගත්ත දිවුල් උරය විසි කෙරුවෙ මම හිතන්නත් කලින්.

** ගැටයක් ගහල තිබ්බේ නැති දිවුල් උරේ ගහක වැදී දිවුල් ගෙඩි කීපයක් එලියට විසිවීයනවා දක්ද්දී මට අනුහස් ගැන ඇතිවුනේ කියාගන්න බැරි තරම් තරහක්.###

“මොකක්ද බං උබ කරපු ඒ කැත වැඩේ,මෙච්ංහර වෙලා අමාරුවෙන් ඇහිදපු දිවුල්.”

“දිවුල් තමා……ඔය දිවුලයක් හින්දා තව ටිකෙන් ආයේ උබට දිවුල් තියා බත්වත් කන්න හම්බවෙන්නේ නෑ…..ඔච්චරම දිවුල් වලට පෙරේතනම් මම හෙටම උබට දිවුල් ගෝනියක් සල්ලිවලට හරි අරගෙන දෙන්නම්.”

මම අහපු තරහරටත් වඩා තරහකින් ඒක කියපු අනුහස් මාගේ අතින් අල්ලගෙන ඇදගෙන වගේ යන්න පටන් ගත්තා. අනුහස් ආයෙ කතා කෙරුවේ මිනිපිටියෙන් පිටට ඇවිත් පාරෙන්.

“ඉදුනිල් අයියේ එහෙනම් ඔයා යන්න.මම මූත් එක්ක ආපහු ගෙදර යනවා…..මූව තනියම මේ රෑ යවන්න බයයි.”

ඔහු ඒක කිව්වෙ අර තරුනයාට.
********************************************

අනුහස් බයික් එක එලවගෙන යද්දී මම පිටිපස්සේ ඉදගෙන ගියා. වැස්ස තිබුනත් ඒ වැස්ස අපේ ගමනට එච්චරම බාදාවක් වුනේ නෑ…..

” කොහොමද අනුහස් උබ දැනගත්තේ මම අර වෙලාවේ ඉන්නේ මිනීපිටියේ කියලා……..”

සිතේ මෙච්චර වෙලා තෙරපුන ඒ දෙ මම අනුහස්ගෙන් ඇහුවෙ සෑහෙන්න දුරක් ආවට පස්සේ.?????????????????????????ඊලග කොටසට Diwul

කොහොමද අනුහස් ඒක දැනගත්තේ කියලා ඊලග කොටසින් බලමු….අනුමාන කොරන අය එතකම් අනුමාන කරන්නකෝ…..??????????????????

7 thoughts on “දිවුල්| 05 කොටස | හොල්මන් කතා”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    සදුන් ගැන ගමේ කට්ටියගෙන්වත් අනුහස් දැනගත්තද??නැත්නම් කවුරු හරිදැකලවත් කිව්වද???

    කතාව නම්සුපිරී…කිත්සිරියි සදුනුයි සහෝදරයෝ වෙන්න ඕනි.. ඒත්සදුන්ගෙන් කිත්සිරිට කරදරයක් වෙයි කියලනම් හිතන්න අමාරුයි මට…

    බලන් ඉන්නවා ඉතුරුකොටස දානකන්….

    ගුඩ් ලක් රාස්……..??????

  2. Priyadarshani

    මටත් හිතෙන්නේ මේ දෙන්න twins ල කියල ….
    නියමායි රාස් තව කතා ගොඩාරියක් ලියන්න …???
    Good luck ??

  3. කතාවනම් මරු… දිග කොටසක් දානකම් තමයි ඉතින් බලන් ඉන්නේ. Good luck ??

    1. Sammohomad1980

      සුපිරියි රාස් ඔයිගෙ කතානමි මරැ බය හිතෙනවා.දිගටම ලියන්න all the best……………

    2. Sammohomad1980

      සුපිරියි රාස් ඔයාගෙ කතානමි මරැ බය හිතෙනවා.දිගටම ලියන්න all the best……………

  4. Aththatama oyage kathawala Hama kotasak awasanema loku kuthuhalayak ithuru wenawa.kiyawana ayata ilaga kotasa danakan loku kalabalayak hadisiyak thiyenne aka thamai kathawala thibiya ythuma de.oyata hoda hakiyawak thiyenawa.all the best

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.