Katha Ahura

අදිසි මාරකය? | 6. කොටස

4.5/5 - (2 votes)

අදිසි මාරකය?
(6.කොටස)

දිනය÷ 2004. 08.05
ස්ථානය÷ අනුරාධපුර දිස්ත්‍රික්කයේ , කැබිතිගොල්ලෑව ප්‍රදේශය
වේලාව÷ රාත්‍රි එකොලහ පසුවී විනාඩි දහයයි.

” සර් , සර් අනේ ඉක්මනට දොර අරින්නකො අපේ වාහනේ ඇක්සිඩන්ට් වුනා, ළමයට හොදටම අමාරුයි සර්” ඉතාමත් බැගෑපත් හඩකින් නිවසක දොරට තට්ටු කරමින් යමෙකු පවසන අතර , නිවසේ සිටි පුද්ගලයෙකු දොර විවෘත කරනු ලබයි………
® ඊයේ රාත්‍රියේ අනුරාධපුරය කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදුනු නාදුනන පිරිසක් විසින් නිවසේ සිටි පුද්ගලයන් පස් දෙනෙකු අමානුෂීය අන්දමින් ඝාතනය කර නිවසේ තිබූ මුදල් හා ආභරණ සියල්ල රැගෙන පලාගොස් ඇත. දැනට ලැබුනු තොරතුරු අනුව පොලිස් විමර්ශන පවත්වනු ලබයි. නමුත් මෙය නාදුනන කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර මොවුන් විසින් සිදු කරන ලද අටවන මංකොල්ලකෑම මෙය වේ. මේ තත්වය සමඟ ප්‍රදේශය ජීවත් ජනතාව දැඩි බියට පත් වී ඇති අතර ඔවුන් මාධ්‍යට මෙසේ ප්‍රකාශ කලේය # වෙනදට අපි රෑ අට , නවය වෙනකන් දොරවල් ඇරන් ඉන්නවා, දැන් අපි හවස හත වෙනකොට දොරවල් ජනෙල් වහනවා, ඒත් ගෙවල් වල ඉන්න බයයි , උන් සමහර වෙලාවට එන්නෙ දොරවල් කඩාගෙන# මෙම ප්‍රදේශ වල ජනතාව පවසන අන්දමට තව දුරටත් පොලීසිය මෙම තත්වය ගැන දැඩි අවධානයක් යොමු කල යුතුය®
……………..
නොසිතූ පරිදි තම විවාහයෙන් සතියකට පසුව සුරාජ්ට වව්නියාව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් ලැබුනද හෂිනි එයට අකමැති බවක් දක්වන්නට විය.
” ඔයා හරිම නරකයි, මාව දාලා යනවා” හෂිනි සුරාජ්ගේ හිස පිරිමදිමින් පවසන්නට විය
” මේ අහන්නකො පණ, මම මාසෙකට සැරයක් එනවා ඔයාව බලලා යන්න. හරි , මම එහෙන් ගෙයක් හොයා ගන්නම් අපි දෙන්නට නිදහසේ ඉන්න, එතකන් අම්මලත් එක්ක ඉන්න මගෙ වස්තුව” සුරාජ් උත්සහ කලේ ඇයව සැනසීමටයි.
” හ්ම්, ..මම ඉන්නම් හැබැයි ඔයා ඉක්මනට මාව එක්කගෙන යන්න ඕනි, හලිද?” හෂිනිව තනිකර යාම වෙනුවෙන් සුරාජ්ගේ හිතේද දුකක් නැතුවාම නොවුනත් තම රාජකාරිය සදහා එම තීරණය ගත යුතු විය.
” මම ඉක්මනට ඇවිලල්ලා , මගෙ සුදු මැණිකව අරන් යනවා”
……………
පසුදින උදෑසනම සුරාජ් වව්නියාව පොලිස් ස්ථානය බලා ගමන් කල අතර, පොලිස් නිළධාරීන් විසින් එහිදී සුරාජ්ව ඉතා සුහද අයුරින් පිළිගැනුනි.
” සර් , මම එස්.අයි යොහාන්. අපිට ගොඩක් සතුටුයි සර් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන එක ගැන” තරුණ නිළධාරියෙක් සුරාජ්ට අතට අතදී පැවසීය. එදින සියලුම පරණ නඩු පරීක්ෂාවට ලක් කල සුරාජ් . පසුදින උදෑසන තම නිල කාමරයට වී ලේඛන කිහිපයක පරීක්ෂා කරමින් සිටින අතරතුර උ.පො පරීක්ෂක යොහාන් එම ස්ථානයට පැමිණියේ.
” සර්, ” යොහාන් තම නිළධාරියාට ආචාර කලේය.
” කියන්න යොහාන්”
” ගෑනු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයාගේ දුවට කරදර කරනවලු කට්ටියක්, මම ඇතුලට එවන්නද සර්”
” Ok යොහාන්, එවන්න ”
සුළු මොහොතකට පසු සුරාජ් ඉදිරියේ සාරියක් ඇදගත් තරමක් වයසැති කාන්තාවක් පෙනී සිටියේය.
” වාඩිවෙන්න මිස්” සුරාජ් ඇයට පැවසීය
” කියන්න මිස් මොකක්ද ප්‍රශ්නෙ”
” අනේ සර් මට ඉන්නෙ එක දුවයි. මගෙ මහත්තයත් ළමයා පොඩි කාලෙම මැරුණා .මම දුවව බලාගන්නෙ මගෙ ඇස් දෙක වගේ, දැන් සතියකට දෙකකට උඩදි ඉදලා මගේ දුවට ටවුන් එකේ ත්‍රීවිල් කාරයෙක් කරදර කරනවා සර් ඌ ඊයේ කියලා තියෙනවා ඌත් එක්ක පැනලා යන්න ආවේ නැත්නම් දුවව මරනවා කියලා.මට එයාව ක්ලාස් යවන්නත් බයයි සර්”
” මට තේරෙනවා, මිස් කලබල නොවී ඉන්න . ඌ ආයේ වතාවක් මිස්ගෙ දුවට කරදර කරන එකක් නෑ.මිස් ඉන්ක්වයර් එකක් දාලා යන්න”
ඇය පොලිස් ස්ථානයෙන් පිටව ගිය පසු සුරාජ් , උ.පො පරීක්ෂකවරයාට යමක් පැවසීය.
” යොහාන්, ඔයා යන්න මම කියපු විදිහට කරන්න, තව දෙයක්,යුනිෆෝම් වලින් යන්න එපා.මහේෂ්වයි, ලක්ෂිතවයි අරන් යන්න.”
” හරි සර්”
…………..

( මේකද සුරාජ්ගේ ජීවිතේ වෙනස් කරපු සිද්ධිය ,……I don’t know ?……..ඔයාලගෙන් අහන්නෙ, කතාව ටිකක් දිගට ඕනිද)
Randy Wijesinghe

3 thoughts on “අදිසි මාරකය? | 6. කොටස”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    අනේ ඔව්… කතාව ටිකක් දිගට දාන්නකෝ.. ප්ලීස්….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.