Katha Ahura

දිවුල් ? | 06 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

දිවුල් ? 06 කොටස
” මම කිරි අම්මලගේ ගෙදර ඉන්නකොට කෙනෙක් මම ලගට ඇවිල්ල කිව්ව ,උබ උබේ බයික් එක මිනීපිටිය පැත්තට හැරෙව්වා කියලා. ඒ වෙලාවේ නිපුන් මල්ලිත් එතන හිටියා. උබ උදේ මිනීපිටියෙන් දිවුල් කෑව කියල නිපුන් මල්ලි කිව්වට පස්සේ එතන හිටපු මනුස්සයො හරි අමුතු අමුතු කතා ගොඩක් කිව්වා.

ඒ කතා ඇහුවට පස්සේ මට උබ ගැන බයක් හිතුනා. ඊට පස්සේ තමා එතන හිටපු අයියා කෙනෙක් එක්ක මිනීපිටියට උබව හොයාගෙන ආවේ…..”

“මොනවද අමුතු කතා කිව්වේ ”

මට එය දැන ගන්න කුතුහලයක් ආවා.

“ඒවා දැන් මෙහෙම කියන්න බෑ..පස්සේ වෙලාවක කියන්නම්…හරි අමුතු කතා වගයක්”

අනුහස් එහෙම කිව්වම මම ඒ ගැන ආයේ අහන්න ගියේ නෑ…….

එදා රෑ අනුහස්ලාගේ ගේ ලගින් අනුහස් බස්සලා මම අපේ ගෙදර එද්දී රෑ අටත් කිට්ටු කරලා තිබුනා…….පහුවදාම අනුහස් ආයේ පාරක් ඔහුගේ නැතිවුන කිරි අම්මලාගේ ගෙදර දානෙට ගිය නිසා මට ඔහුහෙන් ඒ කතා අහන්න අවස්තාවක් හම්බවුනෙත් නෑ.#

මගේ ගෙදර හිටියේ මමයි අම්මයි තාත්තයි මට වඩා අවුරුදු හතරක් බාල නංගි කෙනෙකුයි විතරයි.අර සිදුවිම වෙලා දවස් දෙකක් ගිය දවසක මම ගමනක් ගිහිල්ලා එද්දී නංගී හිටියේ ඉස්තෝප්පුවට වෙල පොතක් පාඩම් කරමින්. පොත පාඩම් කරන ගමන්ම ඇය මොනවද කනවා මම දැක්කේ බයික් එකෙන් බැහලා ඇය ලගට ලන්වෙද්දී. ඒ කන දේවල් දකිද්දී වෙනදනම් මට ගානක් නොවුනත් මේ වෙලාවේ ඇය කන දේ දැකලා මට ඇති වුනෙ අමුත්තක්.

” කොහෙන්ද නංගී තමුසෙට දිවුල්……..කොහෙන්ද ඇහින්දේ…..”

“කොහෙන්වත් ඇහින්දේ නෑ….තාත්තා දුන්නේ , කවුරුහරි කෙනෙක් දිවුල් උරයක් ,අපේ ත්රීවීල් එකේ පිටිපස්සේ සීට් එකෙ තියල ගිහින්.”

“මොකක් ”

නංගි කියපු දේට මගේ හිතත් එක්ක ගැස්සුනා. ඊට පස්සේ මම ඇයලග තිබ්බ පලපු දිවුල් බෑයක් දිහා එක පාරටම ලන්වෙලා බැලුවේ හිතට දැනුනු අමුතු හැගිමක් සමගයි. මට අදහාගන්නත් බැරි වුනා. ඒ දිවුල් වල මද හරියට සමාන වුනේ එදා මම මිනිපිටියෙන් ඇහින්ද දිවුල්වලටමයි. කොටින්ම කිව්වොත් නංගී කකා හිටියේ ඇට දිවුල්.

“හරි රහයි අයියේ ,ඔයත් කනවනම් අන්න තියෙනවා කුස්සියේ.”##

නංගිගේ ඒක කිව්වම මම හැකි ඉක්මනින් කුස්සියට ගියේ ඒ දිවුල් උරය දැකගන්න.කුස්සියේ මේසය යට තිබුන දිවුල් උරය දක්කම මගේ ඇසුත් එක්ක උඩගියා. එතන තිබුනේ මම එදා මිනීපිටියෙන් දිවුල් ඇහිදලා දාපු , අනුහස් තරහින් විසිකරපු දිවුල් උරයයි. ඒත් කොහොමද ඒ විසිකරපු උරේ අපේ ත්රීවීල් එකට ආවේ.

ඒ ගැන හිත හිතා ඉද්දී මට එකපාරටම මතක් වුනේ අනුහස්ව.ඔහුට කෝල් එකක් අරගෙන මම මේ දේ කිව්වේ මොකක් හරි උපදෙසක් ඔහුගෙන් ගන්න හිතගෙන.

“මම කියන්නද බං ,උබලා ඔය දිවුල් කන්න එපා…..විසි කරලා දාපන්,මිනීපිටිට ගිහිල්ලා දිවුල් කාපුහාම ඔය වගේ අමුතු දේවල් වෙනවලු”

අනුහස් කියපු දේට මම ගැස්සුනෙ නංගීව මතක් වෙලා….

“ඒත් බං නංගී මේ වෙද්දී ඒකෙන් අරගෙන දිවුල් දැනටමත් කාලානේ..”

ඒක මම කියද්දිම වගේ නංගී ඇවිත් අර උරෙන් තවත් දිවුල් ගෙඩි දෙකක් ගන්නවා මම දැක්කා.

” එපා නංගීඔය දිවුල් කන්න…..”

මම හයියෙන් කියපු දේ phone එකෙන් කතා කරපු අනිහස්ට විතරක් නෙමේ ඇහිලා තියෙන්නේ. ඒ හඩට මම ලගට අම්මයි තාත්තයි දෙන්නත් දුවගෙන ###ආවා.

** ” ඇයි අයියේ මේ දිවුල් කන්න එපා කියන්නේ ”

නංගී ඇහුවේ පුදුමෙන් ඇහුවට පස්සේ මම මේ දිවුල් උරය ගැන කියද්දී නංගීගේ මූන සුදුමැලි වුනේ ඒ කතාව අහල බයට.

“අනේ අයියේඒ ඇත්තටම, ඒ මිනීපිටියෙන් ඇහිදපු දිවුල් උරේද, ඒක කොහොමද මෙහාට ආවේ ,මම ඒ උරෙන් දිවුල් ගෙඩි දෙකක් අරගෙන කෑවා……”

“උබ ඔය නංගි බය කරන්න නේද ඕක කියන්නේ…….”

ඒ දේ කිව්වේ මෙච්චර වෙලා අපේ කතාව අහගෙන හිටපු අම්මා.

“නෑ අම්මේ මේ ඇත්තමයි කියන්නේ,ඕන්නම් මම බොරුවක්ද කියන්නේ කියල අනුහස්ගෙන් අහල බලන්නකෝ……”

මම කියපු දේ ගෙදර අය පිලිගත්තද ,පිලිගත්තෙ නැද්ද මම දන්නේ නෑ. ඒත් ඊට පස්සේ ඒ දිවුල් උරෙන් කවුරුවත් දිවුල් කෑවේ නැ. ඒ දිවුල් උරේ විසිකරලා දැම්මා.
********************************************
සීතලම සීතල රාත්රියක්වුන එදා රෑ මම නින්දට ගියේ වෙනදටත් වඩා කලින්. එදා වැඩිපුර ඇගට වෙහෙසක් දැනුන දවසක් නිසාම මට ඉක්මනින් නින්දත් ගියා.

නින්දේ හිටි මම එකපාරටම ඇහරුනේ මගේ කාමරේ දොර කවුරු හරි අරින හඩක් ඇහිලා. ඒ සමගම දොර ඇරපු කෙනා හෙමින් හෙමින් අඩි තියා ####තියා මගේ ඇද ලගට කිට්ටුවුනත් ලයිට් නිමලා තිබ්බ කරුවල රජකරපු කාමරේ ඒ රුව කාගෙද කියලා මට පෙනුනේ නෑ.

මගේ හද ගැස්ම වැඩිවෙද්දී මම එකපාරටම කෙරුවෙ ඇද ලගම තිබ්බ පුටුවක් උඩ තියල තිබ්බ මගේ phone එක අරගෙන ඒකෙන් එලිය එන විදිහට ඔබපු එක.

ඒ එලියෙන් දැකපු දෙයින් මම එකපාරටම ඇදෙන් පැන්නේ හොදටම බය වෙලා………….????????????????????????ඊලග කොටසට Diwul

මොනවද දැක්කේ කියලා ඊලග කොටසින් බලමූ…………අනුමාන කරන අය අනුමාන කරන්නකෝ…

කතාවේ ඊලග කොටස් මේ වෙලාවටම දාන්නම්…….හෙට දිග කොටසක් දෙන්නම්…..???????????????????කතාව කියවල ලයික් කමෙන්ට්ස් කරන ඔක්කෝටම ගොඩක් ස්තූතීයි…..

7 thoughts on “දිවුල් ? | 06 කොටස| හොල්මන් කතා”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    ස්සඩ්ගුන් ඇවිත්ද කොල්ලව හොයාගෙනම… අම්මෝ දැන් නම් ඇගේ හිරිගඩුත් පිපෙනව…..??

  2. Chathu indeewaree

    සඳුන් වෙන්න ඇති ඒ වෙලාවේ රූම් එකට ආවේ…

    ඇයි අනේ දිග episode දාන්නැත්තේ රාස්?? ඔයාගේ කතා ගොඩාක් ලස්සනයි. හැමදාමත් ලස්සන කතා ලියලා ඇප් එකට දාන්න අපි වෙනුවෙන්.

    Good luck Dear…

  3. ඔයා අර ත්‍රිවිල් එකේ කතාවට නම් දිග කොටස් දැම්මා…මේකට දාලා තියෙන්නේ පොඩ්ඩයි… කතාව ලස්සනයි රාස්..

  4. දැන් තමයි හොල්මන් පටන් ගන්නේ. දිග කොටසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. දිගටම ලියන්න Good luck

    1. Sammohomad1980

      නියමයි රාස්…….මෙි විදියටම පොතක් ලියන්නකො එතකොට අපිට ඉතා රසවත්ව කියවන්න පුලුවන්…..කතාව කියවල ඉවරවෙලා හෙට රෑ 9.00 කන් ඉන්න එපයි.අනිත් ටික කියවන්න.ඒ වගේම ඔයාගේ කතාව ඉවර කඑන්නෙ හරි රසවත්ව.,.any way all the best & good luck

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.