Katha Ahura

අදිසි මාරකය? | 7. කොටස

5/5 - (1 vote)

අදිසි මාරකය?
(7.කොටස)

තම උසස් නිළධාරියා පැවසූ පරිදි උ.පො පරීක්ෂක යොහාන් තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමඟ නගරයේ අධ්‍යාපන ආයතනයක් අසලට වී මග බලමින් සිටින්නේ යමෙකු මුණගැසීම සඳහාය .
” නංගි පොඩ්ඩක් ඉන්නවද?” යොහාන් අමතර පංති නිම වී පිටව යන ගැහැණු ළමයෙක් ඇමතූ , අතර ඔවුන් තිදෙනා සිටියේ සාමාන්‍ය ඇදුමෙන් බැවින් මැදි වයසේ තරුණයන් තිදෙනෙක් සේ පෙනුනි.
” ඇයි අයියේ”
” ඔයා , දිව්‍යා නේද?”
” ඔව්, ඒත් ඔයා කොහොමද මගෙ නම දන්නෙ”
” මම එස්.අයි යොහාන්, ඊයේ ඔයාගේ අම්මා පොලීසියට ඇවිල්ලා පැමිණිල්ලක් කලා. ඔයාට කවුද කොල්ලෙක් කරදර කරනවා කියලා”
” සොරි සර්, මම දැනගෙන හිටියෙ නෑ සර්ලා පොලීසියේ ඔෆිසස්ලා කියලා”
” ඉට්ස් ඕල් රයිට්, ඔයාට පුළුවන්ද මට ඒ කෙනාව පෙන්වන්න”
” පුළුවන් සර්, ”
” එහෙනම් මාත් එක්ක බයික් එකේ යමු”
යොහාන් , දිව්‍යා සමඟ තම යතුරු පැදියේ ගමන් කල අතර ඊට පිටුපසින් කොස්තාපල් ලක්ෂිත හා මහේෂ් ඔවුන්ගේ යතුරු පැදියෙන් පැමිණියේය.
” දිව්‍යා ඔයා ගිහින් මිනිහව එක්කගෙන එන්න, කියන්න අයියා ඇවිල්ලා ඉන්නවා කියලා” යොහාන් පැවසූ පරිදි දිව්‍යා කටයුතු කල අතර එම තරුණයා යොහාන් සිටි තැනට පැමිණියේය.
” දිව්‍යාගේ අයියා කිව්වා නේද, මාව දන්නවද?” ඔහු යොහාන් දෙස බලා සමච්චලයෙන් මෙන් ඇසීය.
” දන්නවා අයියේ,”
” දැනගෙන ඉන්න එක හොදයි, මොකද කියන්නෙ නංගිව මට දීලා මෙතනින් යනවද?”
” හා අයියේ, ඒක තමයි මම මේ බැලුවෙ” යොහාන් ඔහු සිටි තැනට ගොස් පැවසීය.
” ඔයා ඇත්තටම මාව දන්නෙ නෑනේ” යොහාන් ඔහුගෙන් ඇසීය.
” ඇයි උඹ මහ ලොකු මිනිහෙක්ද?” ඔහු යොහාන් සමඟ වාද වීමට පටන් ගත්තේය.
” නෑ , මම දිව්‍යව කසාද බදින්න ඉන්න කෙනා”
” අඩෝ වල්….” ඔහු යොහාන්ට ඇගිල්ලක් දික් කරමින් පවසන්නට ගිය දේ ඉබේටම නැවතුනේ තමාගේ හිසට එල්ල වූ රිවෝල්වරය නිසාය.
” මේක හොදට අහපන් , තෝ මට නිකන් හිපියෙක් විතරයි, ආයේ සැරයක් මගෙ කෙල්ලගෙ පස්සෙන් ආවොත් මරලා මුහුදට දානවා හරිද?”
” හ..හ…රි සර්..ආයෙ යන්නෙ නෑ, බලන්නෙවත් නෑ, ” ඔහු යොහාන් ඉදිරියේ වෙව්ලන්නට විය. නමුත් දිව්‍යා යොහාන් දෙස එක එල්ලෙ බලා සිටියේ ඔහුගේ කටින් පිටවූ වචන පෙලටයි .
” දිව්‍යා අපි යමු, ආයේත් මෙයා දිහා ඇහැක් ඇරලවත් බලනවා නෙවෙයි” යොහාන් නැවත වතාවක් ඔහු දෙස බලා පැවසුවේය.
සිද්ධ වෙන හැම දෙයක්ම දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන සිටි දිව්‍යා උ.පො පරීක්ෂකවරයා සමඟ කිසිදු කතාබහක යෙදුනේ නැත..
” අයියා, ම..මොකක්ද කිව්වෙ”
” ආ මම ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා කිව්වෙ, ඇයි මම හොද නැත්ද?” යොහාන් පැවසූ දෙයට මූණ රතු කර ගත් ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තේය…
පැමිණිල්ලකින් ආරම්භ වූ යොහාන්ගේ හා දිව්‍යාගේ ආදර කතාව අවසන් වන්නේ විවාහයකිනි..

(මසකට පසුව)
” සර් මම අර ගේ බැලුවා, තියෙන වටපිටාවත් නිස්කලංකයි, සර් වයිෆ් එක්ක ඇවිත් බලන්න”
” හරි , යොහාන් මම හෙට එන්නම් ”
දවස් තුනකට පසු සුරාජ් , හෂිනි සමඟ තමන්ටම කියා නිවසක් මිලදී ගෙන පදිංචියට පැමිණෙන අතර එය තරමක් ගම්බදව පිහිටා ඇත.” හෂී, මේ එස්, අයි යොහාන් , අර තියෙන්නෙ එයාගෙ ගෙදර” සුරාජ් තම නිවසට යාබදව තිබූ උ.පො පරීක්ෂක යොහාන්ගේ නිවස හෂිනිට පෙන්වා පැවසීය.
” මිස්ට, පාළුයි කියලා හිතුන වෙලාවට අපේ ගෙදරට යන්න. දිව්‍යත් ඉන්නෙ තනියමනෙ”
……
” ෂා , මාර ලස්සනයි ” හෂිනි ඈතින් ඇති වෙල් යාය දෙස බලා සුරාජ් හට පැවසුවාය.
“මම රෑට ගෙදර එන්නැති දවස් වලට දිව්‍යට කතා කරලා ගෙදරට ගෙන්න ගන්න. තනියම ඉන්න එපා”
” ඇයි බයද මාව කවුරු හරි අරන් යයි කියලා”
” එක අතකට ඒකත් ලොකු දෙයක්”
” මොකක්ද?” සුරාජ් කල් වේලාව පැමිණෙන තුරු බලා සිටියේ හෂිනිව කේන්ති ගැස්සීමටයි.
” ඔයාව උස්සන් යනවනම්”
” සුරාජ්, ඔයා” සුරාජ් තම දෑතින්ම හෂිනිව ඔසවාගෙන යන්නට වූ අතර ඒ සැදෑව තුල ඔවුන් දෙදෙනා තනි විය…
_____
දිනය÷ 2004.09.06
වේලාව÷ රාත්‍රි එකොළහ පසුවී විනාඩි දහයයි.

ප්‍රධාන මාර්ගයේ වේගයෙන් පැමිණි ලොරි රථයක් එකවරම අතුරු මාර්ගයකට හරවන අතර නිවසකට මීටර් තුන්සීයක් පමණ තිබියදි එය නවත්වයි. මුහුණ රෙදි කඩකින් වසා ගත් පුද්ගලයන් අට දෙනෙකු එයින් බැසගත් අතර ඔවුන් සතුව අවි ආයුධ කිහිපයකද විය. ඔවුන් එම නිවසට බලහත්කාරයෙන් ඇතුල් වන්නේ නිවසේ ප්‍රධාන දොරද දෙපළු කරමිනි.

( හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට?)
Randy …..

3 thoughts on “අදිසි මාරකය? | 7. කොටස”

  1. Priyadarshani

    හොද සෙල්ලම් තමයි අර හෂිනිටයි සුරාජ් ටයි නම් මොකුත් කරන්න එපා..???
    කතාව super super super ….
    දිගම දිග කොටසක් හෙටවත් දාන්නකෝ ???
    Good luck …???

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.