Katha Ahura

දිවුල් ? | 07 කොටස | හොල්මන් කතා

4.1/5 - (13 votes)

දිවුල් ? 07 කොටස
මගේ නංගී ,මම කවදාවත්ම දැකල නැති බිවිසුනු ඇස් දෙකකින් මම දිහා බලාගෙන හිටියේ එක අතකින් තියුනු උල් පිහියකුත් අරගෙන. අර වෙලාවේ මම හදිසියේ නැගිටලා ඇදෙන් පැන්නේ නැත්න්ම අනිවාර්යෙන්ම ඒ උල් පිහිය මගේ බඩ පසාරු කරගෙන යනවා නියතයි.

” බෑ බෑ….උබට බේරෙන්න බෑ….මැරෙන්නම වෙනවා……මට තවත් එක දවසක් වත් බලන් ඉන්න බෑ……මම උබව කොයිතරම් කාලයක් හෙව්වද???? මාස එකොලක්ටත් වැඩී…..ඉතින් අදවත් මැරියන්……..”

බිවිසුනු විදිහට නංගී කෑ ගහගෙන අදුරු චායාවක් වගේ ආයෙත් පාරක් මගේ පැත්තට ඇන්නේ අර උල් පිහිය අමෝරාගෙන. ඇයගේ ඉලක්කයෙන් ආයෙත් පාරක් මගහැරලා මම ඉවතට පැනලා උස්හඩින් කෑ ගැහුවේ ගෙදර අය ඇහරවන්න හිතන්.

“අම්මේ නැගිටින්නකෝ මේ අපේ නංගිට අද මොනව හරි වෙලා……..”

කෑ ගහගෙන මහේ කාමරෙන් එලියට පැනපු මම මැද සාලේ තිබ්බ ස්විච් එක එබුවා…..අදුර මකමින් ලයිට් එක පත්තුවෙද්දී නංගී ඇවිත් මගේ එක අතකින් අල්ලගත්තේ වියරු හිනාවක් සමගිනුයි. කවදවත් නැති විදිහට ශක්තිමත් වෙලා හිටි මම ඇය ඉදිරියේ හිටියේ දඩු අඩුවකට අහුවෙලා වගේ.

” දැන් ඉතින් ලෑස්ති වියන් මගේ ලොකෙට #යන්න……”

කියපු ඇය උපරිම වෙර යොදා උල් පිහියෙන් අනින්න සැරාසෙද්දී මම ” එපා……..” කියල යටගිරියෙන් කෑගැහුවෙ ඇස් දෙකත් වහගෙන.

මම හිතුවේ දැන් දැන් ඒ උල් පිහිය මගේ බඩ පාසාරු කරගෙන යයි කියලා , ඒත් එහෙම දෙයක් වුනේ නෑ. පලමුව අපි දිහාට එන අඩි හඩක් ඇහුනෙත් ඊට පසුව “ආ……හ් ” හඩින් වේදනාත්මක හඩකුත් බිත්තියේ කාගේ හරි ඔලුව වදින හඩකුත් ඇහුනේ එකටමයි.

මට මොකුත් වුනේ නෑ. මම ඇස් ඇරියා. ඒ සමගම මම දැක්කේ බිම වැටිලා ඉන්න නංගියි , ඒ ලගම ඉන්න අම්මයි ,තාත්තයි දෙන්නයි. නංගී වේදානාවෙන් හිස අල්ලගෙන හිටියත් ඒ වෙලාවේ ඇයගේ අර බිවිසුන පෙනුම මූනෙන් අයින් වෙල තිබුනා., නංගී මට පිහියෙන් අනින්න හදනකොටම තත්තා ඇවිත් නංගීව තල්ලු කරලා.

“අනේ මොක්ද කෙල්ලට එක පාරටම වුනේ……..මොන යකෙක් වැහුනද ”

අම්මා නංගී අල්ලගෙන විලාප දුන්නා.

“මෙතන කෑ ගහන්නේ නැතිව කෙල්ලගෙ ඔලුවට දාන්න තෙල් ටිකක්වත් අරගෙන එනවා……..ඔය විදිහට කෑ ගැහුවොත් ගමේ මිනිස්සු ත් මෙහාට ඒයි.”

තාත්තා සැර කෙරුවම අම්මා ඉක්මනින් එතනින් අයින් වෙලා ගියේ කුස්සිය පැත්තට.##

“තාත්තේ නංගිට මොකද වෙලා තියෙන්නේ , නංගි හැදුවේ මට පිහියෙන් අනින්න , ඔය පිහිය එයාට කොහෙන් හම්බවුනාද දන්නේ නෑ….අපේ ගෙදර ඔහොම පිහියක් තිබුනේ නෑනේ…….”

ඒ වෙද්දී මගේ අතේ තිබුන පිහිය දිහා බලාගෙන මම කිව්වා.

“නංගිට අමුනුශ්ය බැලමක්වත් වැටිලද මන්දා……කෝකටත් බලා බලා ඉදලා බෑ……ඉක්මනින් රාජා ගුරුන්නාසේ එක්කවත් ඇවිල්ලා තෙල්ටිකක් මතුරලා නූලක්වත් බදින්න ඕනා……….”

ගෙවල් තුන් හතරකට එහා හිටිය රාජා කපුරාල හොයාගෙන තනියම ඒ රෑ තාත්තා නිවසින් එලියට බැස්සා……ඔහු ගිය පසු මට කල්පනා කෙරුවෙ මෙහෙම නංගී හැසිරෙන්න හේතුව මොකක් වෙන්න ඇද්ද කියලයි. “මිනීපිටියෙන් අහුලපු දිවුලුයි නංගිගේ මේ වෙන්ස්වීමයි අතර සම්බන්දයක්වත් තියෙනවද, නංගී අර දිවුල් කාපු හින්දද නංගිට අර විදිහේ දෙයක් වුනේ….”

ඒ ගැන මතක් වෙද්දී මට දැනුනේ හරියට කොදු නාරටියේ අයිස් ගෑවෙද්දී එන හැගීමක්.කෙසේ වුවත් මට හිතුනේ නංගීගේ හිස බිත්තියේ වැදීමත් සමග ඇයගේ ඇගට අමුනුශ්යකු රිංගා හිටියානම් ඉවත්වෙලා යන්න ඇති කියලයි. ඒ වගේ සිදුවීමක් මම කලින් දවසක බලපු චිත්රපටයක තිබුන මතකයි.

ඒත් ඇය මට පිහියෙන් අනින්න පෙර කියපු දේවල් , මට මතක් වුනේ බිවිසුනු හැගීමක් එක්කරමින්. නගීට ###ඇතුලුවෙලා හිටපු අමුනුශ්ය ටා ඕනාවෙලා තිබ්බේ මාව මරන්න.

ඒත් ඒ ඇයි. මට කිසිදෙයක් හිතාගන්න පුලුවන් වුනේ නෑ.

** එදා රෑ තාත්තා එක්කරගෙන ආපු රාජා කපුරාල ,තෙල් මතුරා නංගීගේ ඔලුවට දාලා නූලකුත් අතේ බැන්දා……ඒ විතරක් නෙමේ දවස් හතක් යනකම් නංගීගේ ඔලුවට දාන්න කියලා තෙල් වගයකුත් රාජා කපුරාලා අපිට දීලා ගියා.

එදා රෑ පහන් වෙනකම් මට නින්දක් තිබුනේ නෑ. පහුවදා නංගී හොද සිහියෙන් ඉන්න වෙලාවක ගෙදර අය ඊයෙ රෑ ඇයට මොකද වුනේ කියලා ඇගෙන් අහද්දී ඇය කිව්වෙ වුන කිසිම දෙයක් මතක නෑ කියලා.
********************************************රැයවල් තුනක් හෙවිලා ගියත් නංගීට ආයේ අර වගේ අමුනුශ්ය බලපෑමක් එල්ල.වුනේ නෑ, ඒ වෙද්දී අම්මා නංගීව එක්ක දේවාලෙකට ගිහින් බාරයක් පවා වෙල තිබුනා.
********************************************
මගේ තාත්තාගේ රැකියාව වුනේ , ගොවිතැන් කරපු අයගෙන් එලවලු මිලදී අරගෙන ඒවා පොලවල් ගානේ ගිහින් වෙලාදාම් කරන එක. මේ දවස්වල මමත් ගෙදර හිටපු නිසා ඔහුගේ උදව්වට මමත් ඔහු සමග පොලවල් රවුමේ උහුගේ උදව්වට ගියා.

ගොඩක් එලවලු තිබුන දවස්වල තාත්තා එලවලු පටවගෙන ලොරියක ගියත් මේ දවස්වල එච්චරම ####එලවලු හැදෙන කාලයක් නොවුන නිසා, ලොරියක අටවගෙන යන්න තරම් එලවලු තිබුනෙ නෑ. ඒ හින්දා ඔහු මේ දවස්වල ගියේ ගෙදර තිබුන ත්රීවීල් එකක එලවලු පටවගෙනයි.

නංගීට අර සිදුවීම වෙලා දවස් තුනක් විතර ගියාට පස්සේ උදාවුන බ්රහස්පතින්දා දවසක් තාත්තා එලවලු පටවගෙන මහ පාන්දරම ගියේ අපිට ටිකක් ඈත තිබුන නගරාසන්න පොලටකටයි.

” පුතේ උබට පොලට එන්න බැයිද, ”

එදා හවස දෙකට විතර කෝල් එකකින් තාත්තා මට කතා කරද්දී මම හිටියේ ගෙදර, තාත්තාගේ හඩේ තිබුනේ අසනීප ගතියක්.

” ඇයි හදිසියේම ”

ඒ කුතුහලයත් සමග මම ඇසුවා.

“ඇග හොදටම කකියනවා උන ගන්න වගේ……තව බඩුත් සෑහෙන්න ඉතිරි වෙලා , අද තනියම කොහොමවත් මට මේක කර්න්න බෑ………….”

” හරි මම එන්න්ම් ”

තාත්තා කියපු දේට දෙවරක් නොසිතාම කැමති වුන මම ,ඒ ගැන ගෙදර අයටත් කියලා ,බයික් එකේ නැගලා පොලට යනකොට එදා හවස හතරත් පහු කරලා තිබ්බා.

වෙලෙන්දන්ගේ තොරතෝංචියක් නැති හඩවල් මැද්දේ මම තාත්තා එලවලු විකුනන තැනට යද්දී තාත්තා හිටියේ හොදටම හේ බාලා…. එතන එලවලුත් සෑහෙන්න ඉතිරි වෙලා තිබුනා.#####

“මම කියන්නද තාත්තේ , තාත්තා දැන් ගෙදර යන්න , ගෙදර යන ගමන් ඩිස්පැන්සරියට වත් ගිහින් බේට් අරගෙන යන්න. මම කොහොමහරි මේ ටික විකුනලා දාල එන්නම්…….”

“උබට පුලුවන්ද, මම හිතුවේ මේව ආපහු අරගෙන උබවත් එක්ක ගෙදර යන්න……”

මම කියපු දේට තාත්තා එහෙම කියද්දී මම ඒ අදහසට කැමති වුනේ නෑ….තාත්තා වෙලාදාම් කරලා වැඩි වාසියක් හම්බවුනේ මේ පොලේ බඩු විකුනලායි. රෑ අට නමය වෙනකනුත් මේ පොලෙන් බඩු ගන්න මනුස්සයන් ආවා.

අවසානේ තාත්තා යන්න ගියා. මම එතන ඉදන් එලවලු විකුනන්න පටන් ගත්තේ එදා හවස පහට විතාර ඇදහැලෙන්න පටන්ගත්ත වැස්සටත් මුහුනදෙමින්. කොහෙමෙන් කොහොම හරි රෑ අට නමය වෙනකනුත් වෙලාදාම් කෙරුවත් මට ඔක්කොම එලවලු විකුනල දාන්න පුලුවන් වුනේ නෑ……තව පොඩ්ඩක් ඉතිරිවුනා.ඒ වෙද්දී ගොඩක් වෙලෙන්දොත් වෙලදාම් කරපු බඩු විකුනලා ආපහු ගිහින් සිටියා. මිනිස්සුත් පොලට එන එක අඩුවෙල තිබුන නිසා මම ඉතිරි වුන එලවලුත් අරන් ආපහු ගෙදර් එන්න හිතුවා.

තාත්තා ආපහු ගියේ බයික් එකේ නිසා,,,මම ආපහු ආවෙ තාත්තා අලුයම ආව ත්රි විල් එකේ.##### #

*** තරාදී පඩි , ඉතිරිවුන එලවලු ආයේ උරවලට දලා ඒවා ත්රී වීල් එකට පටවලා පොල තිබුන තැනින් මම පිටවෙද්දී රෑ නමයේ කනිසමත් පහුවෙලා තිබුනා.

ත්රීවීල් එක එලවගෙන මම පාරේ පදවගෙන ගියේ අදික මහන්සිය නිසා තිබුන කෙඩෙත්තු ගතියත් සමග. ප්රාදාන පාරක් වුනත් මම ගිය ඒ පාරේ එදා රෑ වාහන තිබුනේ නැත්තේ එදා තිබ්න මහවැස්ස නිසා කියලයි මම හිතුවේ.

මම එහෙම කිලෝමීටර් පහක් විතර ආපහු එන්න ඇති. ප්රාදාන පාරක් වුනත් ඒ වෙද්දී මම ගමන් කරපු ඒ හරියේ දෙපැත්තේම තිබුනේ කැලයක්.

තව ටිකක් ඒ කැලේ මැද්දෙන් මම ටික දුරක් ඉස්සරහට යද්දී එකපාරටම කැලේ ඉදන් කවුරුහරි කෙනෙක් මම එලවගෙන ගිය ත්රී වීල් එක ඉස්සරහට පැන්නේ මම තිගස්සවමින්.

මුහුන වැහෙන විදිහට තොප්පියක් දාගෙන හිටපු ඒකෙනා මොනවගේද කෙනෙක් කියලා අදුරගන්න මට පුලුවන් වුනේ නෑ…….

මම ඔහු දීහාට තව තව ලන්වෙද්දී ඔහු පාර මැදට පැනලා අත්දෙක දෙපසට දාලා මගේ මග හරස් කෙරද්දී මගේ ඇගත් එක්ක කිලිපොලා ගියා.

“මේ මංකොල්ල කාරයෙක්ද,,,,,,”

මගේ බිය දෙගුන තෙගුන වෙද්දි මට එකපාරටම මතක් වුනේ ,මම පොලෙන් වෙලදාම් කරලා එකතුවුන සල්ලී…………##### ##

ඒ හැගීමත් එක්ක මම හැදුවේ කොහොමහරි ඒ කෙනාව පාස් කරලා ත්රී වීල් එක වේගෙන් එලවගෙන යන්න. ඒත් වුනේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක්……………..??????????????????????ඊලග කොටසට Diwul

මොකක්ද වුනේ කවුද ඒ කෙනා කියලා ඊලග කොටසින් බලමු……අනුමාන කරන අය එතකම් අනුමාන කරමුකෝ…….

හැමදාම දවස ගානේ කතාව පටන් ගත්තු දවසේ ඉදලම මම දැම්මා ,ඒත් හෙටනම් මට කතාව දාන්න හම්බවෙන්නේ නැති වෙයි.අවුලක් නෑනේ….?????????????????

3 thoughts on “දිවුල් ? | 07 කොටස | හොල්මන් කතා”

  1. Buddhika subhashini

    සදුන් වෙන්න ඇති..කතාව මරු …එහෙම කරන්න එපා..හෙටත් ඕනි කතාව pls

  2. Priyadarshani

    අම්මෝ මේ හෙට කතාව කොහොම හරි දාන්න ඕන …මෙච්චර අපිව අසරණ කරන්න එපා රාස් මේ කොටස කියවල ඊලඟ කොටස දානකල් අපි කොච්චර අමාරුවෙන් ද හිත හදාගෙන ඉන්නෙ …ඔයා මේ හෙට කතාව දැම්මෙ නැත්නම් මං hart attack හැදිල මැරෙයි ???
    Good luck !????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.