Katha Ahura

අදිසි මාරකය? | 8. කොටස|රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක

4.6/5 - (5 votes)

අදිසි මාරකය?
(8.කොටස)

වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථය තිරිංග තද කලේ මුළු පළාතම දෙදරවාලමිනි. නියෝජ්‍ය පොලිස් අධිකාරී සුරාජ් සහ උ.පො පරීක්ෂක යොහාන් එයින් බැස ගත් අතර ඔවුන් කඩිමුඩියේ ගමන් කලේ පෙරදින රාත්‍රියේ සමූලඝාතනයක් සමඟ මංකොල්ලයක් සිදු වූ නිවස තුලටයි.
නිවසට ඇතුලු වූ සුරාජ්ගේ මුළු ගතම හිරිවැටී ගියේ නිවසේ සාලය මැද වැටී තිබුනු මළ සිරුරු දැකීමෙන්ය. ඔහු තම දෑස් පියාගෙන ධ්‍යානයකට සම වැදුනා සේ යමක් නිගමනය කලේය. මොහොතකින් ඔහුගේ අවධානය බිදිමින් උ.පො පරීක්ෂක යොහාන් ඔහු අසලට පැමිණියේය .
” සර්, ඇතුලේ ගෑනු කෙනෙක්ගෙ බොඩි එකක් තියෙනවා, මම හිතන්නෙ එයාව රේප් කරලා මරලා තියෙන්නෙ”
” ෂික්, යොහාන් දැන්ම පොලිස් සුනඛයන් ගෙන්නන්න, ඇගිලි සලකුණු වගේම ලේ පරීක්ෂක ටත් එන්න කියන්න. අපි ගේ වටේම චෙක් කරන්න ඕන”
” ok. සර්”
……………
” එපා……”
එදින රාත්‍රියේ සුරාජ් නින්දෙන් කෑ ගැසු අතර තමා උදෑසන දුටු සෑම සිද්ධියක්ම ඔහුගේ මනස තුල විපරම් කලේය.
” ඇයි සුරාජ්, ඔහොම ඉන්න මම වතුර එකක් අරන් එන්නම්” හෂිනි ගෙන දුන් වතුර වීදුරුව ඔහු එක හුස්මට බීගෙන යන්නට විය.
” ඔයා හොදින් නේද” හෂිනි සුරාජ්ගේ හිස තම තුරුලට ගනිමින් පැවසුවාය.
” ඔව් හෂී, අපි නිදාගමු”
යන්තමට දෑස් පියවුනත් සුරාජ්ට එම රාත්‍රිය නින්ද කිසිසේත්ම ළඟා වූයේ නැත.හෂිනි තම අතක් සුරාජ්ගේ ඇඟ වටා යවමින් ඔහුව බදාගත්තාය….
පසුදින උදෑසනම සුරාජ් පොලිස් මූලස්ථානයට පැමිණියේ ප්‍රශ්න රාශියක් පෙරදැරි කරගෙනය.
” යොහාන්” ඔහු නිල කාමරයේ තමාට අයත් අසුනින් වාඩිවෙන ගමන් උ.පො පරීක්ෂකවරයා ඇමතුවේය.
” සර්”
” දැනට සිද්ධ වෙච්ච හැම කේස් එකකම ෆයිල්ස් ටික මට ඕන, මේ දැන්ම”
” හරි සර්” උ.පො පරීක්ෂකවරයා රැගෙන ආ සෑම නඩුවක්ම හොදින් නීරීක්ෂණය කල අතර එකවරම ඔහුගේ දෑස් යොමු වෙන්නෙ ආපරාධ වැලක නඩු ගොනුවක් වෙතයි. ඒ දෙස ඉතා විමසිලිමත් ලෙස අවධානය යොමු කල සුරාජ්ගේ දෑස් විශාල වූයේ තත්පර කිහිපයකිනි.
” යොහාන්, ඇයි මේ කේස් එක ගැන ඔයාලා ඉන්වෙස්ටිගේෂන් කරේ නැත්තේ, මගෙ ජීවිතේට මම මේ වගේ අපරාධයක් දැකලා නෑ” සුරාජ් උ.පො පරීක්ෂකවරයා දෙස බලා විශ්මය රැදි දෙනෙතින් ඇසීය.
” සර්, අපිට පුළුවන් හැම පියවරක්ම ගත්තා ඒත් අපි කාටවත් තවම හොයාගන්න බෑ මේක කරන්නෙ කවුද කියලා, අපි විතරක් නෙවෙයි සර් මුළු පළාතෙම පොලිස් ස්ටේෂන්ස් මේ ගැන හොයනවා”
” මිනිහො , එහෙම කියලා හරියන්නෙ නෑ බලනවා මුන් අවුරුදු දෙකක් ඇතුලත හයිවේ රොබරීස් දහයකටත් වැඩිය කරලා, මුන් හින්දා අහිංසක මිනිස්සු පනහකට කිට්ටුව මැරිලා තියෙනවා . ඒ අතරෙ පොඩි දරුවොත් ඉන්නවා” සුරාජ් සිටින්නේ අධික කෝපයකින් බව වටහා ගැනීමට උ.පො පරීක්ෂකවරයා හට එපමණක් වෙලාවක් ගියේ නැත.
” සර් , අපි මොකක්ද දැන් කරන්න ඕන”
” මේ දැන්ම විශේෂ හමුවක් තියන්න. හැම කෙනෙක්ටම මට කතා කරන්න ඕන”
” ok , සර්”
……………..
එදින සවස නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා තම උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වූ අතර වව්නියාව පොලිස් ස්ථානයේ , පොලිස් පරීක්ෂක කැලුම් දේශප්‍රිය , උ.පො පරීක්ෂක යොහාන් හේමන්ත ඇතුළු ඉහළ නිළධාරීන්ද ඒ සඳහා සහභාගි විය.
” සුරාජ් ඔයා දැන් මොකක්ද ගන්න හදන පියවර” නියෝජ්‍ය පොලිස්පති අශෝක් ජයමාන්න ඔහුගෙන් ප්‍රශ්න කලේය.
” සර්, දැනට අවුරුදු දෙකකට උඩදි තමයි මේ මංකොල්ලකෑම පටන් අරන් තියෙන්නෙ, හැබැයි ඊයේ රෑ සිද්ධියෙන් පස්සෙ තමයි මම මේක දැනගත්තෙ, මම පොලීසියේ වැඩ භාර අරන් දැනට අවුරුදු දෙකකට කිට්ටුයි, ඒත් මගේ ජීවිතේට දැකපු නැති විදිහෙ අපරාධ වැලක් මේක. අපිට මේ කේස් එක සුළුවෙන් හිතන්න බෑ සර්, උන්ගෙ අතින් දැනටමත් මංකොල්ලකෑම් දහයකට වැඩිය සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම පනහකට කිට්ටුව මිනිස්සු මැරිලා තියෙනවා. මට පුදුම මේ වෙන දේවල් දිහා බලලා ඉහලින් කිසිම පියවරක් ගන්නෙ නැති එක ගැන”

” හරි, සුරාජ් මොනවද මේ කේස් එක ගැන හොයා ගත්තෙ, අඩුම තරමෙ පොඩි හෝඩුවාවක් වත්” සියල්ල හොදින් අසා සිටි නියෝජ්‍ය පොලිස්පති වරයා ඇසුවේය.
” මේ හැම රොබරි එකක්ම කරන්නෙ එක කණ්ඩායමක් ඒ ගැන මම විශ්වාසෙන් කියනවා, සර්, උන් හරි මෝඩයි, මේ හැම මංකොල්ලෙකදිම උන් ඇගිලි සලකුණු ඉතුරු කරලා යන්නෙ. සමහරවිට පොලීසිය මේ ගැන තැකීමක් නොකරන නිසා උන් ඒ ගැන හිතන්නෙ නැතිව ඇති , උන් කරපු ලොකුම මෝඩ වැඩේ තමයි ඊයේ උන් අතින් රේප් වුන ගෑනු කෙනා ළග උන්ගෙන් කෙනෙක්ගෙ තලප්පාවක් දාලා ගිහින් තියෙනවා. ඒව පාවිච්චි කරන්නෙ වෙළඳාමෙ යන අය , ඒ කියන්නෙ මුන් නගරෙට ඇතුල් වෙන්නෙ වෙළෙන්දො විදිහට, දැනට ඔච්චරයි සර්”
” වෙරි ගුඩ් සුරාජ් , මම මේ කේස් එක ගැන නොසැළිකිලමත් කමින් ඉන්නවා නෙවෙයි.මමත් මේ දවස් ටිකේම මේ ගැන හොයලා බැලුවා, නොකිව්වට අපි දෙන්නව මෙහෙට ට්‍රාන්ස කරෙත් මේ කේස් එක හින්දමයි, හරි දැන් ඔයාට මොකද මගෙන් වෙන්න ඕන”
” සර්, මට ටීම් තුක් ඕන ඇගිලි සලකුණු පරීක්ෂකලත් එක්ක, ඉතුරු ටික මම එයාලට පැහැදිලි කරලා දෙන්නම් සර්”
” ok, සුරාජ් ,I will do it ..ඔයා හෙටම පරීක්ෂණ පටන් ගන්න” නියෝජ්‍ය පොලිස්පති වරයා සුරාජ් හට පැවසීය

( ඔන්න වැඩ පටන් ගන්නයි යන්නෙ)
Randy….

2 thoughts on “අදිසි මාරකය? | 8. කොටස|රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.