Katha Ahura

දිවුල් | 08 කොටස| හොල්මන් කතා

4.2/5 - (32 votes)

දිවුල් ? 08 කොටස
එකපාරටම ත්රීවීල් එක මග නතර වුනේ මගේ බිය දෙගුන තෙගුන කරමින්. කෙතරම් පරිසරය සීතල වෙලා තිබුනත් ඒ සීතලත් පරාද කරමින් බයට මගේ මුලු ඇගින්ම දාඩිය දාද්දී මම කීපවරක්ම ත්රීවීල් එක පන ගන්න අසාර්ථක උත්සාහයක් ගත්තා.

කීපවරක්ම එහෙම කරද්දී මගේ ත්රීවීල් එක ඇතුලට අර මග හරස් කරපු කෙනා ලන්වුනා. ඔහු ලගට ඇවිත් ත්රී වීල් එකට එබෙදීමයි විදිලි කොටපු එලියකින් මට ඔහුගේ මූන හරියටම පෙනුනේ. මම ඒ රුව අදුරගත්ත්තත් මේ වගේ වෙලාවක ඔහුව දකින එකත් මට අදහගන්නත් බැරි වුනා.

“ස……සදුන්……….ඔයා……”

ඔහු දැකලා මට කියවෙද්දී මෙච්චර වෙලා තිබුන මගේ අර බයත් ටිකක් අඩුවුනා.

“ඔවු…මට පේන්නේ ඔයා මාව දැකලා බයවෙලාද මන්දා ”

අදුරේ ඔහු ඒක කියද්දී මට ඔහුගේ හඩ විතරක් ඇහුන නිසා ඔහුගේ මූනේ ඉරියව් මට පෙනුනේ නෑ.

“න්….නෑ…එහෙම එකක් නෑ…ඒත් මේ වගෙ වෙලාවක මේ වගේ තැනක ඉදන් එකපාරටම කෙනෙක් ඔය විදිහට පාරට පැන්නම ඕන කෙනෙක් ගැස්සෙනවා.ඒත් සදුන් මොකද මේ හරියේ…..”

“මම ගමනක් ගිහින් එද්දී රෑ වුනා ..ටවුමට එද්දී මේ #පැත්තට එන එක බස් එකක්වත් නෑ….කරන්න දෙයක් නැති හින්දම පයින් ආවා….මේ පැත්තට එන වාහනයකවත් නැගලා යන්නයි බැලුවේ ,ඒත් ගිය එක වාහනයක්වත් නැවත්තුවෙ නෑ…….කිත්සර ට පුලුවන්නම් මාවත් එක්කගෙන යන්න පුලුවන්ද ”

සදුන් ඒක ඇහුවේ තවමත් ත්රීවීල් එකට එබිලා වැස්සේ තෙමි තෙමීමයි.

“අයේ ඕක අහන්න දෙයක්ද ,ඉදගන්න, ඒත් ප්රශ්නේ මේ ත්රී වීල් එක ස්ටාට් වෙන්නේ නෑනේ……තව පාරක් බලමු.”

කියලා මම ආයෙත් ත්රීවීල් එක පණ ගන්වන්න උත්සහකරද්දී සදුන් පිටිපස්සේ ශීට් එකට ගිහින් ඉදගත්තා……මගේ හිතට සැනසුමක් එක්කරමින් මේ වෙලාවේ ත්රීවීල් එක ස්ටාට් වුනා.

“ඔයා අගේට ස්ටාට් වුනේ , අපි ඉදගන්නම ඕනා ස්ටාට් වෙන්න……….”

තීවීල් එක ඉස්සරහට පදවන් යද්දී මට ඇහුනේ සදුන්ගේ තෘප්තිමත් කටහඩයි. මම වගේම පෙනුමක් තිබුන සදුන්ව ආයෙ පාරක් දැකගන්න ලැබුන එකටනම් මම හිටියේ අමුතු මිහිරියාවකින්, ගෙදර අය ගමේ අය ,මගේ යාලුවෝ අපි දෙන්න එකට දැක්කොත් පුදුම වෙයි.##

සිත සිතා මම ඉස්සරහට ත්රීවීල් එක පදවගෙන යද්දී මම සදුන්ගේ හඩ ඇහුනේ.

“කිත්සර මම එදා මිනීපිටියෙදී අපි හම්බවුන වෙලාවේ මම කිව්ව නේද අපි දෙන්න ආයේ ඉක්මනට ම හම්බවෙයි කියලා………ඒ වගේම සතියක්වත් යන්න කලින් ආපි දෙන්න ආයේ හම්බවුනා නේද”

” ඒකෙනේ….මටත් පුදුමහිතුනා..අනික මේ වගේ වෙලාවක…..”

“ඒත් කිත්සර නොදන්නව වුනාට , මම නම් කිත්සර ඉන්න ගෙදර කොහෙද කියලත් දන්නවා……”

“ඒ කොහොමද ඒ……..”

සදුන් කියපු ඒ කතාවට මම එකපාරටම පුදුම වුනා.

**” ඒක එච්චර හිත්න්න එපා…එදා මිනීපිටියෙදී ,ඔයාව හොයාගෙන ඔයාගේ යාලුවා එද්දී මම කියපු කරපු ඔක්කොම දේවල් එතන තිබ්බ ගහකට මුවාවෙලා අහන් හිටියේ. ඔයාඅමාරුවෙන් අහුලපු දිවුල් උරේ ඔයාගේ යාලුවා විසිකරද්දීමට දුක හිතුනා….මට දැනුනා කිත්සර දිවුල් කන්න ගොඩක් ආසයි කියලා. ඉතින් ඔය තුන්දෙනා මිනීපිටියෙන් යන්වත් එක්කම , මම ඒ විසිකරපු දිවුල් උරේ අරන් ඔයාල පිටිපස්සෙන් ආවා. ඒ වෙලාවේ හොදටම කරුවල වැටිලා හින්දා මම ගැන ඔයාලට ගානක් යන්න නැතිව ඇති.

කිත්සරයි, යාලුවයි ගිය බයික් එක පස්සෙන්ම මමත්#### මගේ බයික් එකේ ආවා.එහෙම ඔයාට හොරෙන් කිත්සර ලාගේ ගෙදරටම ආවා. ඒත් ඔයාලගේ ගෙදර කට්ටිය ඉස්සරහට පේන්න මම එන්න එච්චර කැමත්තක් තිබ්බේ නැති නිසා මම හිටියේ කොහොමද මේ දිවුල් උරේ කිත්සරට දෙන්නේ කියලා හිත හිත. එතකොටයි මම දැක්කේ ගෙදර වාහන මඩුවේ තිබ්බ මේ ත්රීවීල් එක , කාටවත් පේන්නේ නැති තැනක හැංගිලා ඉදලා රෑ වෙද්දී ඔයාලගේ ගෙදර අයට නින්ද යනකම් ඉදලා ත්රිවීල් එකේ තියාලා මම ආවා…මම හිතන්නේ කිත්සර ට මම තියපු දිවුල් උරේ හම්බවෙන්න ඇති කියලා…..”

“ඒ කියන්නෙ සදුන්ද ,ඒ දිවුල් උරේ ත්රීවීල් එකේ තිබ්බේ……මට හිතාගන්න වත් බෑ…….අපරාදේ”

මේ වගේ ද දෙයක් හීනෙන්වත් හිතපු නැති මම ඒ දේ කිව්වේ ඒ පුදුමයත් සමගයි.

“ඇයි අපරාදේ කියන්නේ…”

“අනුහස් ගේ කතා අහලා මම ඒ දිවුල් උරේ විසිකරලා දැම්මා……අනුහස් කිව්වා මිනීපිටියේ දිවුල් කාපුහාම අමුතු අමුතු දේවල් වෙනවා කියලා.අනික ඒ දිවුල් කෑවෙ අපේ නංගී විතරයි. එදා රෑ නංගි හරි අමුතු විදිහට හැසිරුනත් එක්ක ,මම හිතුවේ ඒ හිනදම අනුහස් කියපු දේවල් ඇත්ත නංගී අර විදිහට හැසිරුනේ ඒ දිවුල් කාල කියලා…..”

“මම ඒ ගැන දන්නෙ නෑ…මොනවද අනුහස් කිව්වේ , ඒ දිවුල් කෑවම අමුතු අමුතු දේවල් වෙනවා #####කියලා……”

“මට ඒ ගැන අහගන්න බැරි වුනා…..අනිහස් කිරිඅම්මගේ දානේ ගෙදර ගිය හින්දා ,ඒ ගැන අහගන්න බැරිවුනා……කෝල් කරලා අහන්න හැදුවත් මට පස්සේ ඒ ගැන ගානක් ගියේ නෑ……”

“ඒක හොදයි……..”

“හොදයි කිව්වේ”

මම ඒක ඇහුවේ සදුන් කියපු දේට නෙමේ..සදුන් ඒ කිව්ව විදිහේ අමුත්තක් මට දැනුන නිසා.

“නෑ මම කිව්වේ බැරි වෙලාවත් ඒ කියපු දේ අහලා කිත්සර බයවුනොත්, එහෙම හිතලයි මම කිව්වේ….”

“ආ…ඒකද,,මම හිතුවෙ වෙන දෙයක්..ඒකනෙමේ සදුන් මට මතක හැටියට තව ටිකක් ඉස්සරහින් හම්බවෙන වංගුවෙන් තමා. එදා මම අනුහස් එක්ක අනුහස්ලගේ කිරිඅම්මගේ මල ගෙදර ගියේ…..ඒ පාරෙද සදුනුත් යන්නේ………..”

මම ඒ දේ කිව්වේ ඒ හැරෙන වංගුව ගැන හොද මතකයක් තිබුන නිසා. මොකද ඒ හැරෙන වංගුව ලගම මුලු ගමකට වතුර දෙන විශාල වතුර ටැංකියක් තිබුනා. එතන ඉදනුත් සෑහෙන්න දුරක් අනුහස්ලාගේ කිරිඅම්මාලාගේ ගෙදරට තිබුන නිසා සදුන්ලාගේ ගෙදරත් ඒ හරියේම තියෙන්න ඇති කියලයි මට හිතුනේ. ඒත් සදුන් මේ රෑ වැස්සේ ඒ වගේ දුරක් යන්නේ කොහොමද කියලා ඊ ගාවට හිතෙද්දී මම බැලුවේ මගේ phone එකෙන් වෙලාව. ඒ වෙද්දී රෑ ##### #දහයත් පහුවෙලා. අපි මේ වෙනකකම් පාරේ ආවත් වාහන හම්බවුනෙත් බොහොම අඩුවෙන්. අර වගේ අතුරු පාරක එහෙම වාහනවත් යන්නෙ නැතිවෙයි කියලා මට හැගෙද්දියි ආයේ පාරක් මට සදුන්ගේ හඩ ඇහුනේ.

“ඔව් ඒ පාරෙ තමා…..ඒත් මම කල්පනා කෙරුවේ එතන් ඉදන් කොහොමද යන්නේ කියලා.කිත්සර කෙලින් පාරෙම යනවනේ….”

සදුන් ගෙ හඩේ තිබුන ඒ පරාජිත හඩ ඇහිලා මට ඔහු ගැන ඇතිවුනේ අනුකම්පාවක්.

*** ” එතන ඉදනුත් ගොඩක් දුර යන්න තියෙනව නේද?”

“ඔව් කිලෝමීටර් පහලොවක් විතර යන්න තියෙනවා. ශික් මට හෙට ගමනක් යන්න තියෙනවා..නැත්නම් මේ කොහෙ හරි තියෙන බස් හෝල්ඩ් එහෙකවත් ඉදලා හෙට උදේම යන්න තිබුනා….කිත්සරට තරහ නැත්නම් මට පොඩි උදව්වක් කරන්න බැයිද……..”

“මොකක්ද උදව්ව”

“පුලුවන්නම් මාව ගෙදරට ගිහිල්ල දාල එන්න. මම අපේ ගෙදරට යනකොට ගන්න හයර් එක වගේ දෙගුනයක් ගෙවන්නම්. ලොකුම ලොකු උදව්වක්…..ඒක කෙරුවොත්නම්.”

ඒදේ කියද්දී සදුන්ගේ හඩේ තිබුනේ හරි අසරන බවක්. ඒ හඩේ තිබ්බ අසරන බව නිසාම මට මේ ##### ##වෙලාවේ කොච්චර වෙහෙසක් තිබුනත් මට හිතුනේම සදුන්ව ඔහුගේ ගේ ලගට ගිහින් බස්සවල එන්න.

“පුලුවන්ද ඒ උදව්ව කරන්න.”

මම ඒකට උත්තරයක් දුන්නේ නැති නිසා ඔහු ඒක අහද්දී අපි හිටියේ සදුන්ලාගේ ගෙවල් වලට පාරටහැරෙන ඒ වතුර ටැංකිය ලගමයි.

“යමු….ඊට කලින් ත්රීවීල් එකේ තියෙන ට්රෙන්ට් රෙද්ද දාගමු වැස්ස හොදටම වැඩි කෙරුවා…..”

තාර පාරට දබ දබ ගා වැටෙන වැස්ස දිහා බලල කියපු මම ත්රී වීල් එක හිට්ටවද්දී සදුනුත් ඊට කැමති වුනේ හරිම සතුටින්.

“ලොකුම ලොකු උදව්වක් කිත්සර , කිත්සර හම්බවුනේ නැත්තම් මම තෙමි තෙමි තවත් පයින් එනවා…..”

සදුන් ඒක කිව්වේ වතුර ටැංකිය ලග පාරෙන් ත්රීවීල් එක මම හරවද්දිමයි. ඔහුහේ හඩ ඇහෙද්දී මට හැගුනෙ රජෙකුටඅලුතින් රටක් රාජ්යක් හම්බුනා වගේ සතුටු බවක්.
ප්රාදන පාරක් නොවුනත් , හොදට තාර දාල තිබුන මේ පාරේ මම වේගයෙන් ත්රීවීල් එක එලවගෙන ගියේ ඉක්මනින් සදුන්ව ගෙදරට දාල ආපහු යන්න හිතන්. ගෙදර යද්දී රෑ දොලහවත් පහුවෙයි. මම සිතද්දීම සදුන් උගුර පාදනවා ඇහුනා.

“කිත්සර දිවුල් කන්න ගොඩක් ආසයි නේද”##### ###

“දිවුල්, කන්නනම් ආසයි , ඒත් මේ රෑ එකපාරටම ඇයි දිවුල් මතක් වුනේ…”

“නෑ කිත්සරට අපේ ගෙදර යන එකෙන් පාඩුවක් වෙන්නෙ නැතිවෙයි. මම එදා කිව්වේ අපේ වත්තේ ද දිවුල් ගස් ගොඩක් තියෙනව කියලා..”

“ඒත් මේ රෑ මේ වැස්සේ දිවුල් අහුලන්න විදිහක් නෑනේ……”

“මොකටද දිවුල් ඇහිදින්නේ.,මම පහුවදා ඉදලම කිත්සර මතක්වෙලා වත්තෙ තිබ්බ ඔක්කොම ගස්වල වැටුන දිවුල් ඇහිදින්න පටන් ගත්තා..යමුකො අපේ ගෙදර , දිවුල් ගෝනි පහ හයක් පුරවන්න තරම් මම දිවුල් එකතු කරලා තියෙන්නේ…ඒ ඔක්කොම මම කිත්සරට දෙන්නම්….ත්රී වීල් එකේ දාගෙන යන්න් පුලුවන් ලේසියෙන්ම.”

“දිවුල් ගෝනී පහ හයක්.”

සදුන් එහෙම දෙයක් කියද්දී පුදුම වුන මම සම්පුර්ණ යෙන් දිවුල් වලින් පුරවපු දිවුල් ගොනි පහක් ත්රීවීල් එකේ දාගෙන එන හැටි මැවී පෙනුනා.

“ඇයි මදිද”

“එච්චර දිවුල් ගොඩක් ගමකට බෙදන්න පුලුවන්නේ….අම්මෝ…දිවුල් කාලම මම මැරෙයි.”

“හහ් හහ් කිත්සර මැරෙන්නේ දිවුල් කාලනම් නෙමේ………”

උස් හඩින් අමුතු විදිහට හිනාවෙලා සදුන් ඒකා ##### ####කිව්වම මමත් ටිකක් ගැස්සුනා. අදුර කපාගෙන වැටෙන නාකපන වැස්සේමම ඉස්සරහට ත්රීවීල් එක එලවගෙන ගියේ කිසිත් නොදොඩාමයි.

“ඒක නෙමේ කිත්සර ඔයාට කියන්න මට කතාවක් තියෙනවා,මෙක ඇහුවට පස්සේ ඔයා කලබල වෙයිද දන්නේ නෑ……”

**** මගෙන් පිලිතුරක් නොආපු නිසාම ආයේ පාරක් සදුන්ගේ හඩ ඇහුනත් මේ පාර ඒ හඩ මට ඇහුනේ කලින් ඔහු කතා කරපු සැහල්ලු බවෙන්නම් නෙවේ.

“මොකක්ද කතාව. මොනව ගැනද…..”

“මමයි ඔයයි ගැන, ඔයා දන්නේ නැති රහසක් ගැන….”

“අපි දෙන්න ගැන ,මොකක්ද ඒ රහස”

පුදුමෙන් මම ඒක අහනවාත් සමගම මම ලග තිබුන phone එක එකපාරටම නදදුන්නේ අපේ කතාවට බාදා කරමින් කාගෙන් හරි ඇමතුමක් ඇවිත්.

“පරක්කු නිසා ගෙදරින්වත්ද ”

සිතමින් phone එක අතට අරන් බලද්දී මම දැක්කේ ඇමුතුම ඇවිත් තියෙන්නේ අනුහස්ගෙන් බවයි.

“හෙලෝ අනුහස් කියපන්”

මම ත්රී විල් එක පදවන එක මදක් අඩු කර අනුහස්ට කතා කෙරුවා.

“උබට දෙයක් කියන්න කතා කෙරුවේ, මම හවසත් ##### #####කතා කෙරුවා…උබ ඉස්සුවේ නෑ……ගෙදරද ඉන්නේ……ඇයි කතා කෙරුවේ නැත්තේ ”

ඔහු ප්රශ්න පිට ප්රශ්න අහන් ගියා.

“මොකක්ද දෙයක් කියන්න තියෙනවා කියන්නේ…….උබ ඉන්නෙ දානේ ගෙදර නේද”

“හ්ම්ම්ම් දානේ ගෙදර තමා ,උබ පුදුම වෙයි මේ කතාව අහලා….”

“ඉතින් මොකක්ද කතාව…..”

“උබට මතකත එදා අපි මිනිපිටියට යද්දී ,අර තිබුන සොහොන, අර එදා උබ දිවුල් අහුල අහුල හිටියෙත් එතනනේ , ”

“ඔව් මට මතකයි ,හිමරුවන් සදකැලුම්ගේ සොහොන, මම ඉපදුන දවසෙමනේ එයා ඉපදිලා තිබුනේ……….”

ගෙදර ගියත් මට මතක්වුන හිමරුවන් සද්කැලුම්ගේ සොහොන ගැන කියද්දී මට ඒ ගැනනම් අහගන්න ආවේ දැඩි උනන්දුවක්.

“ඔව් ඔව් හිමරුවන් සදකැලුම් එයා ගැන තමා…….උබ ඒ සොහොන ගැන ඒ වෙලාවේ උනන්දු වුන හින්දා මම පොඩ්ඩ ක් මේ පැත්තේ අයගෙන් අහල බැලුවා…..එයාට හිමරුවන් සදකැලුම් කිව්වට ගොඩක් අය කතා කරල තියෙන්නේ ඒ නමින් නෙමේ වෙන නමකින්.”

” වෙන නමකින් කිව්වේ මොන වගේ නමකින්.” ##### ##### #

නිපුන් මල්ලිත් එදා ඒ හිමරුවන් සදකැලුම් ට කිව්ව ඒ වෙනත් නම මොකද්ද කියලා කියන්න හැදුවත් එදා ඒ නම ඔහුගෙන මට දැනගන්න ලැබුනේ නෑ….ඒ කුතුහලයත් සමගයි මම ඒ දේ අනුහස්ගෙනුත් ඇහුවේ………………….??????????????????????ඊලග කොටසට Diwul

මොකක් වෙන්න පුලුවන්ද හිමරුවන් සදකැලුම් ට කියපු ඒ වෙනත් නම , මේ සැරේවත් කිත්සරට ඒ නම මොකක්ද කියලා දැනගන්න පුලුවන් වෙයිද ,ඒ දේවල් බලමු ඊලග කොටසින්……අනුමාන කරන අය අනුමාන කොරන්නකෝ…..

මේ දවස්වල මම කතා දෙකක් දානවා…එකක් මේ දිවුල් කතාව,අනික මරණයේ දියකදක් කතාව……දෙකේම එක සමානකමක් තියෙනව…කතා දෙකේම කතාව මේ දවස්වල ගලාගෙන යන්නේ ගමන් කරන ත්රීවීල් එකක් ඇතුලේ….ඒත් කතා දෙකේ අවසානය අහසට පොලව වගේ වෙනස්.

ඩ්රැයිවර් සීට් එකයි පිටිපස්සේ ඉදන් යන ශිට් එකේ ඉන්න අය කතා දෙකේ මාරුවෙලා ඉන්නේ කියලා කතා දෙකම කියවන අයට පොඩ්ඩක් තේරෙනවත් ඇති…………….ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්කෝ…………….

ඔන්න අද ඔයාල ගැන හිතල දිගම දිග කොටසක් දැම්මා…….මම ගැනත් හිතල කතාව කියවල ලයික් එකක් දීල කොමෙට් එකක් කොටාබාගෙනම යනවා නේ…..??????????????????????

5 thoughts on “දිවුල් | 08 කොටස| හොල්මන් කතා”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    මරණයේ දියකදක් කියන්නෙ ඉස්සෙල්ලා ගිය කතාවනේ… කත දේකේම සමානකම් නම් තියෙනවා ටික ටික…

    කතාව නම් මරු.. ගුඩ් ලක් රාස්… තව කතාවක් ඕනි…

  2. Priyadarshani

    කතාව නියමායි රාස් ….මේ පාරවත් කිත්සර ට අර නම දැනගන්න පුලුවන් උනොත් හොදයි ….හිමරුවන් සදකැලුම් කියන්නෙ සදුන්ටනේ….
    තැන්කූ..දිගම දිග කොටසක් දැම්මට…හෙටත් දිගම දිග කොටසක් ඕන ….
    ?????????????
    කුතුහලය නම් උපරිමයෙන් දැනෙනවා ඔයාගෙ කතා කියවනකොට…???? good luck …???

  3. Sandunta thama ehema kiyanne… mesareth e nama ahnn bariwei kiyl hithenawa.. mokad sandun ek danagmn dena ekk na.. samaharawita ithin danagannath ida thiyenawa.. balamuko..

  4. Buddhika subhashini

    සුපිරි කතාව නම්..සදුන් නේද හිමරුවන්ට කියන අනිත් නම..පට්ටයි …good luck ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.