Katha Ahura

අදිසි මාරකය? | 9. කොටස| රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

අදිසි මාරකය?
(9.කොටස)

” Attention”
නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා පැවසූ පරිදි උ.පො.පරීක්ෂක යොහාන් පසුදා උදෑසනම පොලිස් මූලස්ථානයේ සිටින සියලුම නිළධාරීන් ක්‍රීඩා පිටියට රැස් කලේය.
” සර්”
” රයිට් යොහාන්”
උ.පො පරීක්ෂකවරයා , නි.පො අධිකාරීවරයා හට හමුව භාර දිය.
” මෙතන ඉන්න හැම කෙනාම මම කියන දේ හොදින් අහගන්න. පහුගිය දවස් ටිකේම උන් අපේ ඩිපාට්මන්ට් එකේ අයගෙ ඇස් වලට වැලි ගහලා තමයි මේ හැම මංකොල්ලයක්ම කරලා තියෙන්නෙ. මට පුදුම තාම කිසිම නිළධාරියෙක් මේ ගැන උනන්දුවක් දක්වපු නැති එක. දැනට මිනිස්සු කී දෙනෙක් නම් උන්ගෙ අතින් මැරුම් කාලද?. ඇත්තම කිව්වොත් ඊයේ සිද්ධියෙන් පස්සෙ මට නින්ද යන්නෙත් නෑ. මේ දේවල් තව දුරටත් සිද්ධ වෙනවා කියන්නෙ ජනතාවට අපි ගැන තියෙන විශ්වාසය නැත්තටම නැති වෙලා යනවා කියන එක. අන්න ඒ හේතුව උඩ නැවත නැවතත් මේ දේවල් වෙන එක අපිට නවත්තන්න වෙනවා. අපිට මේක කරන්න පුළුවන්. මොකද මෙතන ඉන්න හැම දෙනාම තරුණ නිළධාරියෝ. අපි අනිවාරෙන් මේ අපරාධකාරයො හොයා ගන්න ඕන. එහෙම නැති වුනොත් ඉස්සරහට අහිංසක ජීවිත කීයක් උන් බිලි ගනීද කියන්න බෑ. මම මෙතන ඉන්න අයව ටීම් තුනකට කඩනවා.

I.P කැලුම්, ඇඟිලි සළකුණු පරීක්ෂකලා පස් දෙනෙක් , ඒ වගේම අපේ P.C ලා හතර දෙනෙක් ඇතුලු කණ්ඩායමක් මම ඔයාට දෙනවා. ඒ ටීම් එකත් අරන් ඔයා හැම මංකොල්ලයක්ම සිද්ධ වුන ප්‍රදේශ වල සියලුම පොලිස් මූලස්ථාන වලට ඇතුල් වෙලා බලන්න අපි හොයාගෙන තියෙන ඇගිලි සළකුණට සමාන වෙන එකක් තියෙනවද කියලා. අනිවාරෙන් ඒ හරහා අපිට මොනවම හරි තොරතුරක් දැනගන්න ලැබේවි. එහෙම වුනොත් මේ කණ්ඩායමේ එක ඇක්‍යුස් කෙනෙක්ව අපිට හොයා ගන්න පුළුවන්.
S.I යොහාන්, ඔයා අර තලප්පාව අරගෙන ගිහින් මේ පළාතේ හැම ටවුන් එකකම හොයලා බලන්න.සමහරවිට ඒකෙන් අපිට දැනගන්න පුළුවන් වේවි උන් රොබරි එකක් දෙන්න ටවුන් එකට එන්නෙ මොන වගේද කියලා තව උන් එන්නෙ කොහේ ඉදලද කියලා. අද මම S.D.I.G සර්ට කියලා ඇපෘවල් එක සයින්ග් කර ගන්නම් හෙට උදේම වැඩේ පටන් ගන්න ඕන. ආ යූ රෙඩී”
” යස් සර් ,වී ආ රෙඩී”
” ගුඩ්”
…………………
වේලාව රාත්‍රි නවයේ පැයට ආසන්නව ඇත එක් හුදෙකලා ගම්මානයක කැලෑබද ප්‍රදේශයකට වන්නට නවතා තිබූ ලොරි රථයකි. ඒ අසලම කලු පැහැති ඇදුමින් සැරසුනු පිරිසක් යම් සැලසුමකට අර අදිමින් සිටිති.
” තව පැය දෙකයි, උඹලා ලෑස්තිද බිලි පූජාව පටන් ගන්න” කණ්ඩායමේ නායකයා පැවසූ දෙයට අනෙක් සාමාජිකයින් හඩ නගමින් සිනාසිය.
” මොනවා අහනවද රාජු අයියා , අයියට කියන්න අපිට දැන් ලේ දකින්නෙ නැතුව ඉන්න බෑ” ඒ අතරින් කෙනෙක් පිළිතුරු දිය.
” අඩේ චාමා, අද ගේම දෙන්න ඉන්න ගෙදර මාර කෑල්ලක්ලු ඉන්නෙ. මොකද කියන්නෙ ලොරියට දාගෙන එමුද . එන ගමන් හොද සැපක් ගන්න පුළුවන් ”
” ඒයි විජේ, උඹට පිස්සුද . කරන හැම දෙයක්ම ගේ ඇතුලේ ඉදන් කරපන්. අපි එළියට අරන් එන්නෙ සල්ලියි,රත්තරන් බඩුයි විතරයි,උඹලා හැමෝටම ඇහුනා නේද?”
කණ්ඩායමේ නායකයා තදින් පැවසූ දෙයට කවුරුත් හිස නමා එකඟ විය.
” එහෙනම් කට්ටියම ලෑස්ති වෙයල්ලා”
…….
රාත්‍රි එකොලහේ කණිසමට එළඹෙත්ම විදුලි පහන් රහිතව පැමිණි ලොරිය අතුරු මාර්ගයේ තරමක් හුදෙකලාව පැවති ස්ථානයක නතර කල අතර එයින් බැස ගත්තේ කලු පැහැති ඇදුමින් සැරසුන් මුහුණ ආවරණය කරගත් කණ්ඩායමයි. ඝන අන්ධකාරයේ ඔවුන් ගමන් කලේ දඩයමේ යන බල්ලන් රැලක් මෙනි.
“ටක්…ටක්…ටක්…”
” කවුරු හරි දොරට තට්ටු කරනවා නේද”
සුව නින්දේ පසු වූ තරුණිය එකවරම අවදී වී තම සැමියාවද අවදි කලේය.
” ඉන්න මම ගිහින් බලන්නම්”
තරුණයා යහනෙන් බැස කාමරයේ දොර විවෘත කරගෙන නිවසේ සාලය වෙත ගමන් කල අතර තරුණියද ඔහු පසුපසින් ගමන් කලාය.
“කවුද”
” අනේ සර්,අපේ වාහනේ ඇක්සිඩන්ට් එකක් වුනා , ළමයට හොදටම අමාරුයි .අනේ අපිට ලොකු උදව්වක් කරනවද”
පිටතින් ඇසුනු ඒ වේදනාත්මක හඩට තරුණයා දොර විවෘත කිරීමට සැරසුනි.
” මට නම් බයයි අනේ,මේ දවස් වල අහන දකින දේවල් දිහා බැලුවහම.”
” ඔහොම ඉන්න බලන්න, ඇත්තටම එ් මිනිස්සුන්ට කරදරයක් වෙලාද දන්නෙ නෑනේ” තරුණයා එසේ පවසා දොර විවෘත කලේය….
………
පාන්දර පහට සුරාජ්ගේ දුරකථනය නාද වන්නට වූ අතර තම දෑස් පිසදමමින් ඔහු දුරකථනය දෙස බැලීය: S.I යොහාන් : ලෙස එහි සටහන් වී තිබුනි.
” හෙලෝ යොහාන් , කියන්න”
” සර්, පුළුවන් තරම් ඉක්මනට ස්ටේෂන් එකට එනවද? මාර කේස් එක වෙලා තියෙන්නෙ”
” ඇයි යොහාන් මොකද වෙලා තියෙන්නෙ”
” සර්,ඊයේ රෑ………….”

( මොකද වෙලා ඇත්තෙ , කාවද උන් ඊයේ මැරුවේ,Actually , හෙට විශේෂ දවසක්,ඔයාලා දන්න කෙනෙක්………)
Randy …..

1 thought on “අදිසි මාරකය? | 9. කොටස| රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.