Katha Ahura

දිවුල් ? | 09 කොටස | හොල්මන් කතා

4.7/5 - (35 votes)

දිවුල් ? 09 කොටස

“ආ…….හ්….”

ඒත් ඊට කලින් මට ඇහුනේ අනුහස්ගේ වේදනාත්මක හඩයි.

“හෙලෝ……අනුහස් , අනුහස් මොකද වුනේ”

ත්රීවීල් එකත් හිට්ටවල මම කලබලයෙන් ඒක ඇහුවත් වැඩක් වුනේ නෑ…..අනුහහේ පැත්තෙන් කිසිම ප්රචිචාර යක් ආවේ නෑ. මම කීපපාරක් ඔහුගේ නම්බර් එකය යලි යලිත් කෝල් ගත්තත් එයිනිත් වැඩක් වුනේ නෑ……

” ඇයි කිත්සර මොකක්ද අවුල………”

මගේ කලබලකාරි බව පෙනුන හින්දම වෙන්න ඇති සදුන් එහෙම ඇහුවම මම ඔහුට ඒ වුන දේ කිව්වා.

“බයවෙන්න එපා කිත්සර , යලුවට කරදරයක් නැතිව ඇති.අනික කරදරයක් වෙලානම් එතන කට්ටිය බලාගන්නේ නැතැයි. කොහෙද යාලුව ගියේ දානේ හෙදරක වෙන්න ඇති. මට කිත්සර ඒක කියනවා ඇහුනා…..”

“හ්ම්ම්ම්ම්ම්ම්”

මම අනුහස්ට ආයේ පාරක් ඇමතුමක් ගනිමින් කිව්වා. එත් වැඩක් වුනේ නෑ………

“ශික් තාම phone එක ඕෆ්, අනුහස්ට මොකද වුනේ ”

මම පරාජිත හඩින් ඒක කිව්වා.

” ඕක වැඩකරන්නෙ නැත්නම් එතන ඉන්න වෙනකෙනෙක්ටවත් කෝල් එකක් දලා බලන්නකෝ………….”

සදුන් ඒක කියනකම්ම මගේ මොලේ ට ඒ වගේ #අදහස ක් ඇවිල්ලා තිබ්බේ නෑ. අනුහස්ගේ අක්කාත් දානේ ගෙදර ඉන්නව කියලා සැක කරපු මම ඇයගේ නම්බරයට කෝල් එකක් ගත්තේ දෙවරක් නොසිතාමයි. මගේ හිතට සැනසුමක් එක්කරමින් එය වැඩ කරද්දී මට අනුහස්ගේ අක්කාගේ හඩ ඒ තුලින් ඇහුනා.

” ආ මල්ලී කාටද කතා කර ඉන්නකොට මේ පැත්තේ ළමයෙක් සෙල්ලමට දුවගෙන යද්දී මල්ලිගේ ඇගේ හැප්පිලා. ඒ වේගෙට phone එක විසිවෙලා phone එකේ බැට්රිය කොහේටද විසිවෙලා ගිහින්. ඒක මේ රෑ හොයාගන්න බැරිව මල්ලි දගලනවා………….”

මම විස්තරේ අනුහස්ගේ අක්කාට කිව්වට පස්සේ ,ඇගෙන් ඒ වගේ පිලිතුරක් ලැබුනමා මට සැනසුම් සුසුමක් හෙලුනා……අර වගේවේදානාත්මක් හඩක් අනුහස්ගේ මුවින් එන්න ඇත්තේ අර ළමයා හැප්පුන වේගෙට වෙන්න ඇති සිතපු මම ,අනුහස්ගේ අක්කාට සමුදී ආයේ පාරක් ත්රීවීල් එක පණගැන්නුවා.

“මොකද යාලුවට මොකුත් අවුලක් නෑනේ”

සදුන්ගේ හඩ මට යලිවරක් ඇසුනේ ත්රීවීල් එක වැස්ස කපාගෙන ඉදිරියට ඇදෙද්දීයි.

“නෑ………….”

“ඒකෙන් මේකෙන් මට කිත්සරට කියන්න හිතපු අර ##කතාවත් කියන්න බැරිවුනානේ………….කිත්සර ඔයාගේ උපන් දිනේ 1996 ජූලී විසිනමය නේද…….”

සදුන් ඒ දේ කිව්වම මම ආයෙත් කලබල වුනා……

” ඔව් එදා තමා මම ඉපදිලා තියෙන්නේ..ඒත් සදුන් කොහොමද ඒ දේ හරියටම කිව්වේ…….”

“කිත්සරට මාව දැකල දැනුනේ නැති ගොඩක් දේවල් මම කිත්සර දැක්කට පස්සේ දැනුනා….කිත්සර මගේ උපන්දිනෙත් 1996 ජූලි 29 ඒක ඇහුනම කිත්සරට මොකක්ද හිතෙන්නේ………………”

ඒ කියපු දෙයින් තව තවත් පුදුමයට පත් වුනේ යම් දෙයක් ඉව වැටිලායි.

** මගෙයි ,සදුන්ගෙයි තිබුනේ එකම උසයි, එකම හැඩරුවමයි. සදුන් කතාකෙරුවෙත් මම කතා කරන විදිහට මගේ හඩින්මයි. ඔහුගෙයි මගෙයි වෙනසකට තිබුනේ,සදුන්ගේ තිබුන අසාමාන්ය සුදුමැලි බවයි, ඔහුගේ බෙල්ලේ තිබුනු ඒ කැපීපෙනෙන කැලලයි විතරයි.

ඒ කියන්නේ එකම දවසක ඉපදුන එකම පෙනුමක් තියෙන මමයි සදුනුයි ට්වින්ස්ලද , ඒත් එහෙම දෙයක් වුනානම් කොහොමද මමයි සදුනුයි තැන් දෙකකට වුනේ……….

එක එක සිතිවිලි වලින් මොලය අවුල් ජාලයක් ###වෙද්දී ,ආයේ පාරක් මට සදුන්ගේ හඩ ඇහුනා.

“කිත්සරට හිතාගන්න බැයිද මොකුත්……”

“ඔයා කියන්නේ අපි දෙන්න ට්වින්ස්ලා කියලද….ඒත්……….”

“මම දන්නවා කිත්සර හිතපු දේ,,,මගේ මේ කතාව ඇහුවට පස්සේ කිත්සරට ගොඩක් දේවල් පැහදිලි වෙයි………….”

ඒ දේට මම කිසිවක් කිව්වෙ නැති නිසාම සදුන් ආයෙත් ඔහුගේ හඩ අවදි කෙරුවේ ඔහුගේ ඒ කතාව කියන්නයි.

” එදා ඒ දවස ,මීට අවුරුදු තුනකට විතර කලින් දවසක්, එදා තරම් මම ඒ වෙද්දී ඒ තරම් කලබලවුන දවසක්වත් ,දුක්වුන දවසක්වත් තියෙන්න නැතිව ඇති.

මගෙ ගෙදර හිටියේ මමයි අම්මයි ,තාත්තයි විතරයි, ඒ වෙද්දිනම් මම හිතුවේ එහෙම, තාත්තා පොඩි ජොබ් එකක් කෙරුවේ….කිතසරට ඒ දේවල් එච්චර කියලා කතාව දිග්ගස්සන්න මම කැමති නෑ……

එදා ඒ දේ වෙනකොට ගෙදර කවුරුවත් හිටියේ නෑ. මම තනියම හිටියේ…මම නිකමට වගෙ අම්මගේ කාමරේ දොර ලගින් යද්දී මම දැක්කා කවදාවත් නැතිව අම්මගේ අල්මාරියේ දොර ඇරල තියෙන විදිහ. අම්මා කවදාවත් ඒ දොර ඇරලා කොහෙවත් යන්නේ නෑ අඩුම ගානේ ,මට ඒ අල්මාරිය ඇරපු වෙලාවට ඒ ලගට මම යනවටවත් කැමති නෑ…####

ඒ ගැන මම එච්චරම හිතුවේ නෑ…..ඒත් කවදාවත් නැතිව අම්මා අල්මාරියේ දොර ඇරලා ගිහින් තිබුන හින්දා මම එතනට ගියේ ඒකේ දොර වහන්න. මොකක් හරි හදිසියක් හින්දා දොර වහලා යන්න බැරිවෙන්න ඇති කියලා මට හිතුනේ..

අල්මාරියේ ඇතුලට කවදාවත් අම්මා රත්තරන් බඩු ,සල්ලි වගේ දේවල් දැම්මේ නෑ….ඒවා අම්මා හැංගුවේ වෙන වෙන තැන්වල. ඒ හින්දම අල්මාරිය ඇඇතුලේ තිබුනේ සාරි වගෙ අම්මා අදින ඇදුම් විතරයි කියලයි මම හිතාගෙන හිටියේ. ඒත් ඒ දේ වැරදියි කියල මට තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියේ නෑ.

ඇරුනු අල්මාරියේ ලාච්චුව්ක් තිබුනා. ඒකේ යතුරත් ඒකෙම තිබුන හින්දා මට ඒක අරින්න කියලමයි ඒ වෙලාවේ හිත කිව්වේ. ඒ වෙලාවේ අම්මත් කොහෙද ගිහිල්ලා හිටපු හින්දා හොදට වටපිට බලලා මම ඒ ලාච්චුව ඇරියා.

*** ඒ ලාච්චුව ඇතුලේ තිබුනේ පරණ දිනපොත් වගයක්. අනුන්ගේ දිනපොත් කියවන එක එච්චර හොද දෙයක් නොවුනත් ඒ දිනපොත් පෙරලල බලන්න මට අදහසක් ආවා.

ඒ දිනපොත් අම්මා මෑතක ලියපු ඒවානෙමේ ,එක දිනපොතක් තිබුනා 1996 එකකුත් ,මම ඉපදුන අවුරුද්දේ දිනපොතක් හින්දම මම ඒ දිනපොත #####අරගෙන ඒකේ ලියල තියෙන්නේ මොනවද කියලා කියවල බලන්න ආසාවක් ඇතිවුනා.”

සදුන් කියාගෙන ගිය කතාවට වහ වැටී හිටි මම එකපාරම ඔහු හිටි දිහාට හැරිලා බැලුවේ ඇයි කතාව ඔහු නැවත්තුවේ කියලා බලන්න.

“ඉතින් මොනවද ඒ දිනපොතේ ලියල තිබුනේ…….”

මම අහද්දී සදුන් ආයෙම කතාව කියන්න පටන්ගත්තා.

” දිනපොතේ හැම දවසකම වුන දේවල් ලියලා තිබුනේ නෑ. අතරින් පතර දවසක ලියල තිබුනේ ඒ දවස් විශේශ දවස් වුන හින්ද වෙන්න ඇති. මම ඉපදුනේ ඒ අවුරුද්දේ ජූලි විසිනම වෙනිද හින්දා අනිවාර්යයෙන් ම එදා මොනව හරි අම්මා ලියලා ඇති කියලා හිතලා මම ඒ පිටුව තියෙන තැනට පෙරලුවා.

මම හරි එතන ඒ පිටුවේ අම්මා මොනව හරි ලියල තිබුනා. ඒක කියවල ඉවරවුනාට පස්සේ මට දැනුනේ කවුරුහරි කෙනෙක් මගේ පිටිපස්සේ ඉදන් ඇවිල්ලා ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ හැගීමක්…………”

“මොනවද එතන ලියල තිබෙනේ……..”

සදුන්ගේ කතවටම හිතගිහින් හිටි මට ඒ දේ දැනගන්න ඉවසිල්ලක් නැතිව ඇසුවා.

“ඒ පිටුවේ ලියල තිබුන හැටියට අම්මට මට කලින් ළමයි දෙන්නෙක් හම්බවෙලා තියෙනවා..ඒත් හම්බවුන ළමයි දෙන්නම හම්බවුන දවසෙම ##### #නැතිවෙලා. ඒකේ අම්ම ලියල තිබුන හැටියටනම් නම් එහෙම දේවල් වෙන්නේ අම්ම ගිය ආත්මයක කරපු අකුසල් කර්මයක් හින්දයි කියල එතනම ලියලත් තිබුනා.

එහෙම තියෙද්දියි 1996 ජූලි විසිනම වෙනිදා තුන්වෙනි ළමයත් හම්බවෙලා තියෙන්නේ………අම්ම කොච්චර අවසනාවන්ත ද කියනවනම් තුන්වෙනි දරුවත් හම්බවෙලා තියෙන්නේ මළකදක් විදිහට……..”

“එතකොට සදුන්………………”

සදුන්ගෙන් අහන්න ප්රශ්න පිට ප්රශ්නවලින් මොලය වෙහෙසවද්දී මගේ කටින් පිටවුනේ ඒ වචන දෙක විතරයි……?????????????????????????ඊලග කොටසට Diwul

3 thoughts on “දිවුල් ? | 09 කොටස | හොල්මන් කතා”

  1. අම්බෝ මේ මොනාද මේ වෙන්නේ. හිතාගන්න බෑ. මරණයේ දියකද වගේ නම් බය කරන්න එපා. කුතුහලය නම් උපරිමයි. Good luck ?

  2. Thakshi Deepali Jayasuriya

    අරන් හදාගෙන නේද…කතාව නියමයි රාස්….බලන් ඉන්නවා හෙට වෙනකම්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.