Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| හයවන කොටස |හොල්මන් කතා|කතා අහුර රචක

කතාව කොහොමද?

?️ අන්ධකාරයේ යක්ෂයා
හයවන කොටස

ඩිං…………ඩිං…………..ඩිං………….

“අරින්න බෑනේ බං…………..,”

“කෝ දියන් මෙහෙට……….තොපිට පන තියෙන්නේ ලව් කරන්න විතරනේ සාලිය”

“අනේහ්………නිකන් පල හු#$% යන්න…….අහ් උබ ඇරහන්කො පුලුවන්නම්”

ඩි………….ං…………ඩිං………..ඩිං…….

“ස්…………..ආහ්……………….ඌ………”

“අප්පෝ කෙලව ගත්තා නේද අතට දැන් හරිද”

“අනේ මෙහෙ දියන් ජග්ගෝ,උබට ඇග තිබ්බට මොලේ නෑනි”

“අනේහ්……………ඌ…………ආ…………පල ඇටකෝට්ටා යන්න……………ආ පුල්වන් නම් කඩපන්කෝ……………..බලපන්කෝ සයිස් එක ඒ ඉබ්බගේ……..උබටත් වඩ ලොකුයි”

“කමක් නෑ දියන්”

ටක්……………චමෝද් ගහන්න කලියෙන් පුංචි තට්ටුවක් දැම්මා විත‍රයි……………ඉබ්බා ගැලවිලා බිම වැටුනා………..ඔක්කොමල්ලා කට වලුත් ඇරගන බලන් ඉන්නවා………

“අඩේහ්…………මං……….මං…….නෙමේ බං………”

“හප්පෝහ්……….උබ නෙමේ මුන් ගහපු පාරට ලොක් එක ඇරිලා තියෙන්න ඇත්තේ…………..ඔය ගේට් එක තල්ලු කරහන්”

ක්……………………..රී…………………ස්…………………හැමෝගෙම ඇගත් හිරිවට්ටමින්,දත කට එකට පූට්ටු කරලා තමා ගේට් එක ඇරුනේ…………..

“ගනන් ගන්න එපා බං ගොඩක් කාලෙකින් පාවිච්චි කරලා නෑනේ……………මලකඩයෝ……………..ලෙව කාලා…………..”

හ්…………..හ…………හ්……….හා

” හරි ජග්ගා වාහනේ දාහන් ඇතුලට…………..”

වාහනෙත් ඇතුලට ගත්තා ………. වටේම අඹ කොල ගොඩ වැටිලා………ඒ වත්තේ ගොඩක්ම තිබ්බේ අඹ ගස්………හැබැයි හැම අඹ ගහකම ගෙඩි තියනවා වැක්කෙරිලා………

“ලොකු මිදුලක් නම් මේ ගෙදරට නෑනේ බං ඒ නිසා ඉක්මන්‍ට එලිය නම් සුද්ද කලෑකී……..ඒත් ගේ නම් ඔක්කොටම දවසක් යයි……”

“ඔව් රුවී……………කමක් නෑ අපිටම තමයි මේවා………..ගෑනුනේ…………”

“මේ උබලට මේක අස් කරන්න සතියක් වත් යයි…….ඒ හින්දා ඔක්කොම එකතු වෙලා අදට එක කාමරයක් අස් කරලා හෙට කට්ටියම මුලු ගේම අස් කරමු”

“ඔව් ඔව් සිතුම් කියන එක ඇත්ත………..නැත්තන් අපිට අද පාරෙ තමා ඉන්න වෙන්නේ…………….රවියෝ ගිහින් අර වාහනේ තියන බෑග් එලියට අරන් වාහානේ ලොක් කරලා ගේට් එකත් වහලා වරෙන්……..”

“හා……..අ……නේ………………….ජ……ගා..”

රවියා නලව නලව කිවුවම ඔක්කොමලා හිනාව තද කරන් බලන් හිටියේ ජග්ගා දිහා……..

” මේ මේ රවියෝ…………..උබ මාව කන්නැතුව පලයන් මෙතනින්”

“අ………හා….හොරේ දැනුනා……….දැනුනා”

“අනේහ් පලයන් රුවනෝ………කට වහන්……..”

“ආ………න්………ආ……….න්……….ජග්ගගෙ මූන රතු වුනා බලහල්ලකෝ රුවනෝ……..චමෝ බලහන්කෝ”

“අහ්…………උබලා කොලු සීන් නේද බං……….ඊයා බං”

“චමෝද් ,රුවන්,සිතුම් උබලා මගෙන් වදුරු කුනුහරප අහන්නැතුව ඔය දොර ඇරලා ඇතුලට පලයව්………….මෙතන මේ කෙල්ලො ඉන්නවා නැත්තන් මං උබලට කියලා දෙනවා…………”

“අම්මෝ යමවු,යමවු නැත්තන් මූ මෙතන අපිටත් හ්$&*@ ”

“අනේහ් මොකද්ද සිතුම්……….ඔයාලා විතරක් නෙමෙයි අපිත් ඉන්නවා…………ඒ හින්දා ඔය කටවල් පාලනය කරගන්න……..”

“හ…………..හ්………………හා……………..සොරි සොරි සදූ……….ඔන්න වහ ගත්තා…….”

“ඌ…………..හ්……………….”

“මොකද බං……..”

“අනේහ් මොනාද සිතුම් ඔයා කරන්නේ”

රුවී සිතුම්ගෙන් ඇහුවේ රහසින්

“මං මොනාද කලේ”

“ඔයාට මේ දවස ඉවසන්න බැයිද……..මගෙ ඇග අතාගන්නේ ඇයි”

“තොට පිස්සු හැදිලද කෙල්ලේ………..මට ඕනි නම් මට තැන වැඩක් නෑ………ඔය පජාති වැඩ මං ලග නෑ උබ දන්නවනේ රුවී”

“එතකොට කවු……….ද”

“කවුරු මොනා කරන්නද බං මන්නෙ මෙතන් හිටියේ,කූඹියෙක් වත් යන්නැති බං.හ………හ්………..හා..”

????????????????

“අනේහ් මේ…………………”

“මෝනාද බං උබලා කුටු ගගා හිනා වෙන්නේ………….”

“නෑ නෑ බං ඔය දොර ඇරහන්කෝ………..”

“අරින්න බැරි නිසානේ දගලන්නේ………තොපි ඔතන ලව් කරනවා අපි මෙතන පන දාන්න ඕන මේවට”

“අපි ලව් කරේ නෑ රුවනෝ මේ මෙ රිතූග්………….ඌයි………..ඇයි යකූ කොනිත්තන්නේ…………..”

රුවී හිමීට සිතුම්ගෙ කොනිත්තනවා කවුරුත් දැක්කෙ නම් නෑ…….එත් සිතුම් කෑ ගහුවයින් වැඩේ මාට්ටු………..රුවී මූන රතු කරන් බිම බලාගත්‍තා…………එක දැකලා කට්ටියට හිනා……….

“අනේහ් මේ මෙහෙ ඇවිත් මේක ඇරහන්…….කුනුහරප වැඩ නොකර”

කට්ටිය කොහොමින් කොහොම හරි දගලලා ඉබ්බා කඩා ගත්තා………..ඒ දොර හරි පරන තාලෙට කැටයම් කරපු දොරක් ……..දොර ඇරෙනවත් එක්කම ගේට් එක ඇරුනා වගේම දත කට පූට්ටු වෙලා ගියා…………

“සරනේරු කාලා වගේ……….ඔයිල් පොඩ්ඩක් දාපුවම හරි යයි………”

“ඊ……………………..යා………………….ආ……………………………….ආඅ……………………….ආ……………….”

සදූ යටි ගිරියෙන් කෑ ගහනවා දැකලා ඔක්කොමලා බැලුවේ ඒ පැත්ත………………

? Sachini kavindya

????????????????

කවුද මේ ඇග අත පත ගාන්නේ……..සීතල අත් වලින් කොල්ලෝ අල්ලන්නේ කවුද………………………………………?
සදූ දකින්න ඇත්තේ මොනාද ……….මේ ඔක්කොම ඉස්සරහට දැන ගන්න පුලුවන්…දිගටම අන්ධකාරයේ යක්ෂයා එක්ක ඉන්නකෝ……..

10 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| හයවන කොටස |හොල්මන් කතා|කතා අහුර රචක”

  1. කතාව කියවලා කලින් කොටස් වල ලයික් කමෙන්ට් ගොඩක් කට්ටිය දාලා තිබුනා………..ඒ හැමෝටම ගොඩාරියක් ස්තූතියි ???…ඒ එකකට වත් රිප්ලයි එකක් දාන්න බැරි උනා මං හිටියේ අත්තගෙ මල ගෙදර උනු නිසා….. ඒ පැත්ත සිග්නල් නැති පැත්තක නිසා…..අද ඉදන් ඔයාලගෙ ලයික් කමෙන්ට වලට රිප්ලයි එකක් දාන්න පුලුවන්……..දිගටම කතාව එක්ක ඉන්න…………කතාව කම්මැලි ඇති,මේ මගෙ මුල්ම හොල්මන් කතාව කතා අහුරෙන් දුන්නු අවස්ථා ව නිසා ලිව්වේ හොල්මන් හොදයි නම් කියවලා අහක බලන් යන්න එපා ලයික් එකක් හරි දාලා යන්න……………..????

  2. Thakshi Deepali Jayasuriya

    කතාව නියමයි….හිතාගන්න නම් බෑ මුකුත් මට…බලමුකො ඉස්සරහටම නේද… අත්තාට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා….?

    1. තෑන්ස් තක්ශියෝ ………දිගටම කියවන්නකෝ එතකොට තේරේයි මේ හැම දේකම සම්බන්ධයක් තියනවා කියලා……………???

  3. Priyadarshani

    කතාව නියමායි …?????
    .තාම වෙන්නේ මොනද කියල නම් තේරෙන්නෑ මට…
    හෙට දිගම දිග කොටසක් දාන්න …???
    Good luck !

  4. ?K.K.Damayanthi?

    කතාව නියමෙටම තියෙනවා.. ඔය සීතල අත් වලින් අතගාන්නෙ හොල්මන්ක් වෙන්න ඇති නේද… දිගටම මන් කතාව කියවනවා.. කතාවෙ බය තියෙනවා නියමෙටම.. ගුඩ් ලක් අක්කියෝ…??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.