Katha Ahura

හිතුවක්කාරයෝ |පළමු දිගහැරුම |ත්‍රාසජනක කතා

4.8/5 - (55 votes)

ම්ම්..කොහොමද යාලුවනේ….මං ඔයාලට අලුත් කතාවක් අරන් ආවා…ඇත්තටම ආදර කතා,හොල්මන් කතා ලියපු මට මේක ටිකක් වෙනස් අත්දැකීමක්..ත්‍රාසජනක කතාවක් ලියන්න මට ගොඩක් අමාරු උනා..ඒත් අමාරුවෙන් අමාරුවෙන් හරි මං හිතුවක්කාරයෝ කියන ත්‍රාසජනක කතාව ලිව්වෙ ඇප් එක කියවන ඔයාලා වෙනුවෙන්මයි…ඔයාලට පුලුවන්නං මගේ මේ අලුත් කතාව කියවන්න වෙලාවක් වෙන් කරගන්න..ඒක මට කරන මේ ඇප් එකට කරන ලොකු උදව්වක්…කියවලා බලන්නකො…හොදද නරකද කියලා කියන්න මට…මොකද මට මේක වෙනස්ම අත්දැකීමක් …අඩුපාඩු ඇති ගොඩාක්…අඩුපාඩු වලට සමාව ඉල්ලනවා…මං ආශ්කා රශ්මි ❤️

පළමු දිගහැරුම

” පරිස්සමින් හොදේ දෝණි …..ඔය සත්තු සර්පයො ගාවට එහෙමි යනවා නෙවේ….බුදු සරණයි…එහෙට ගියහම කෝල් එකක් දෙන්න හොදේ….” මං අම්මාට වදිද්දි අම්මා මගේ ඔලුව අතගාලා කිව්වෙ..

” හරි මගෙ සුදු අම්මෙ හරි…ගිහිල්ලා කෝල් එකක් දෙන්නං…සත්තු ගාවටත් නොගිහින් ඉන්නං…එහෙනං මං යනවා අම්මේ….” එහෙම කියාගෙන මං අම්මාට කිස් එකකුත් දීලා ඉස්කෝලෙ ඇතුල්ට ආවෙ….

මං ආරාධ්‍යා මූර්ති සේනාධිපති …A/L බයෝ කරන්නෙ…මේ අගෝස්තුවෙ විභාගෙ ලියනවා…ඉතින් අපි මේ ලෑස්ති වෙන්නෙ අපේ ඉස්කෝලෙන් යන අන්තිම විනෝද චාරිකාව..ආ..නෑ නෑ..අන්තිම අධ්‍යාපන චාරිකාව යන්න…අපි යන්න තීරණය කරගෙන ඉන්නෙ සිංහරාජෙ රක්ශිත වනෝද්‍යානය බලන්න…අපේ බයෝ පංති ටික විතරයි trip එක යන්නෙ….බස් තුනයි යන්නෙ…බස් තුනේම ඉතින් ලමයි 45 ගානෙ ඉන්නවා…දැන් වෙලාව උදේ පාන්දර 4.30යි…උදේ හරියටම 5ට බස් ඔක්කොම අද්දනවා කියලා තමා කිව්වෙ…මාත් මගේ බෑග් එකත් එල්ලගෙන ටික ටික ඉස්සරහට ගියේ පිට්ටනියට යන්න…මොකද සර්ලා මිස්ලා කිව්වෙ කෙලින්ම පිට්ටනියට එන්න කියලා…

” අම්මට හුඩු..වරෙන් වරෙන්…උබ එනකන්මයි බලන් හිටියෙ…” අපේ පංතියෙ කට හැකර කොල්ලා ශාක්‍ය කිව්වෙ මං එනවා දැකලා මහ සද්දෙන්…මං යද්දි දැක්කෙ පිට්ටනියෙ මුල් හරියෙ හැමෝම වගේ ලමයි ඇවිල්ලා හිටියා…එක එක පංති වල ලමයි එක එක තැන් වල පොදි ගැහිලා කයිය ගගහා ඉන්නවා….අම්මෝ..මුන්ගෙ තියෙන fashion …කැලේ ඇතුලෙ ඇවිදින්න තියෙන නිසා අපිට ඉස්කෝලෙන් කිව්වෙ ගෑනු ලමයින්ට දිග trouser එකයි අත් දිග ඉස්කෝලෙ ටී එකයි සපත්තු දෙකයි දාන් එන්න කියලා..කොල්ලොන්ටත් දිග trouser එකයි අත් දිග ඉස්කෝලෙ ටී එකයි සපත්තු දෙකයි දාන් එන්න කිව්වෙ…ඊට අමතරව raincoat එකකුයි හැට් එකකුයි සීතලට අදින්න ජර්සි එකකුයිත් ගේන්න කිව්වා…කට්ටියම වගේ හිටියෙ ජර්සි ඇදන් හැට් දාන්…මුන්ගෙ තියෙන්නෙ මාර ගෑස් නෙහ් අප්පා..මං විතරමද කොහෙද කලිසමයි ටී එකයි විතරක් ඇදන් ඉන්නෙ…මං කෙලින්ම ගියේ අපේ පංතියෙ ලමයි ඉන්න තැනට..මගේ හොදම යාලුවො දෙන්නා…සැහැසියි නිම්සරායි ඉන්න තැනට මං හෙමි හෙමින් ගියා…

” ආහ්..උබ ආවද…”

” ඔව්..ඒක නෙවේ..බොංගො එක ගෙනාවද…??” අපි ඉතින් අධ්‍යාපන චාරිකා කියලා යන්නෙ විනෝද චාරිකානෙ…බොංගො නැතුව බෑ ඉතින් ඕවට..

” ඔව් ආදි…ඒක ගෙනාවා..මං දැක්කා රහලුත් ගිටාර් එක අරන් ඇවිත් තියෙනවා…” සැහැසි කිව්වෙ මට ඇහැක් ගහන ගමන්…මට ඉතින් ලාවට හිනාවක් ගියා..

” අන්න..අන්න්..ඌ උබ දිහා බලනවා…” නිම්සරා එහෙම කියලා මට වැලමිටෙන් ඇනලා පෙන්නුවෙ අපිට එහායින් ඉන්න කොල්ලො සෙට් එකත් එක්ක ඉන්න රහල්ව…ඔව් මයි දෙයියනේ …මං දිහා තමා බලා ඉන්නෙ…රහල් ඉන්නෙ අපේ clz එකේම තමා..හරිම ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් එයා..මං ආසම එයාගෙ උකුස්සෙක්ගෙ වගේ තියුණු ඇස් වලට…ඉගෙන ගන්න වගේම රන්ඩු සරුවල් වෙන්නත් හරිම දක්ශයි මගේ කොල්ලා..ඌප්ස්..මගේ කොල්ලා කිව්වට ඇත්තටම ඒක ඒකපාර්ශ්වික ආදරයක්…එයා කාටද කැමති කියලානං මං දන්නෑ…හැබැයි නිතර නිතර එයත් මං දිහා බලනවා මං දැකලා තියෙනවා..

” කට්ටියම ඇවිල්ලද ඉන්නෙ දැන්…” අපි හැමෝගෙම කච පච ටික නැවතුනෙ අපේ පංතියෙ පංති භාර මිස්ගෙ කටහඩට…එයා අපිට කිව්වෙ දෙන්නා දෙන්නා ගානෙ අත් අල්ලන් පෝලිමක් හැදෙන්න කිව්වා register එකේ පිලිවෙලට…අපි ඉතින් කට්ටියම දෙන්නා දෙන්නා ගානෙ අත් අල්ලන් පෝලිම හැදුනා…නම් මාක් කරලා ඔක්කොම ඉවර වෙලා බුදු මැදුර ලගට ගිහින් බුදුන්ටත් වැදලා අපි නමෝ විත්තියෙන් අපේ බස් එකටත් ගොඩ උනා…පිටිපස්ස සීට් එකට යන්න හදද්දිම අපේ ගමන නතර උනේ කොහෙද ඉතින් කොල්ලො සෙට් එක බස් එකේ පිටිපස්ස අල්ලගෙන…අපි උන්ටත් බැන බැනම ඇවිත් මැද හරියෙ තිබ්බ සීට් වලින් වාඩි උනා…අපේ බස් එක හරිම ලස්සනයි..රෝස පාට 138හෝමාගම බස් එකක්…කොල්ලො 25 දෙනා පිටිපස්සෙම ඉදන් ලෑස්ති උනේ බස් එක අද්දන්නත් කලින්ම ඒ හැකර කටවල් ටික ඇරගන්න…මං නිම්සරා එක්ක එක සීට් එහෙක වාඩිවෙද්දි සැහැසි රිද්මි එක්ක අපිට පිටිපස්ස සීට් එකෙන් වාඩි උනා…අපේ බස් එකේ අපිත් එක්කම අපේ පංති භාර මිස් කෞශල්‍යා ත් ඉන්නවා…හරියටම 5ට බස් එක ඉස්කෝලෙ ලගින් පිටත් උනේ සිංහරාජෙ බලා…..

” කෝ…පටන් ගනිං යකෝ…සිංදුවක් කියහල්ලා…” පිටිපස්සෙම වාඩිවෙලා ඉන්න දෙනුවන් කෑගහන්න ගත්තෙ අපිට..

” ඉතින් ගොනෝ..උබලා පටං ගනිල්ලා…අපිත් කියන්නං…” මාත් කිව්වෙ සද්දෙන්..බස් එක වේගෙන් යනවා හුලං කපාගෙන…වටපිට තවමත් කලුවරේ තියෙන්නෙ..මං එහෙම කිව්ව හැටියෙ ලක්ශිත බොංගො එක උදුරගෙන ගිහින් තාලෙට ඒකට ගහන්න ගත්තා..

” රෝස මලකුයි….නෙලුම් මලකුයි….ලස්සන වෙයි……
හම……න..සුලගයි…..ගී…..ත…රාවෙයි…….ඔබගෙ වගෙයි……..
මගේ…..කිරිල්ලී……ගියා…..ඉගිල්ලී…….
මං ශෝකෙන්මයි…..

ආහා

රෝස මලකුයි….නෙලුම් මලකුයි…ලස්සන වෙයි…..

ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා…
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සලලා…
ආදරෙයි ආදරෙයි කිය කිය ඉදලා….
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා….
වන…යට පියාඹලා….වන….යට පියාඹලා….
ඇයි ගියෙ වනයට පියාඹලා …..”

කන්දෙක බිහිරි වෙන සද්දෙන් අපේ පංතියෙ එවුන් ටික සින්දුවක් කියනවා…මුලු බස් එකම දෙදරනවා ඒ සද්දෙට…මාත් හරි ආස සිංදුවක් හින්දා කට්ටිය එක්කම සිංදු කිය කිය ගියා….සිංදුවෙ බාගයක් යද්දි තව සිංදුවක්…කොල්ලො ටික දෙනෙක් නැගිටලා නටන්න ගනිද්දි කෙල්ලොත් ටික දෙනෙක් නැගිටලා බස් එකේ මැද හරියට වෙන්න ඉදගෙන dance කලා..නිම්සරායි සැහැසියිත් ගිහින් නැටුවා..මට අඩගැහුවත් මං බෑ කිව්වෙ තාම උදේනෙ අප්පා…තව ටික දුරක් ගිහිල්ලම මං වැඩේට බහිනවා කියලා හිතලා..අනික මගේ ඒකපාර්ශ්වික ආදරෙත් පිටිපස්ස සීට් එකට වෙලා ඉස්සරහ සීට් එකට ගගහා ලස්සනට සිංදු කියනකොට මං ඒ දිහා බලන් ඉන්නෙපැයි..ඒකයි….ටික දුරක් වේගෙන් බස් එක ගියා..බස් තුනම එක පෝලිමට යද්දි අපේ බස් එක තමා අන්තිමටම යන එක…කොච්චර කෑගැහුවත් driver අන්කල්ට අනිත් බස් පාස් කරන් යං කියලා..මොන…ඒවා එයාට ඇහෙන්නෑ….

” ද…..ඩා….ං..”

” මි….ඤෑව්…”

” මොන හු@$% ……ද ම..න්..දා…”

” හා..හා..ලමා…..යි….මොකද්ද ඒ කිව්වෙ…..”

එකපාරටම ටිකක් ලොකු සද්දයක් එක්ක බස් එක එකපාරටම බ්‍රේක් කලා…ඉතින් බස් එකේ හිටගෙන සිංදු කිය කිය නට නට ගියපු ඈයො ඔක්කොම බිමටම පතබරියං වෙලා…කේන්තියටම සදුන්ගෙ කටින් කුනුහරුපයක් පිටවෙද්දි අපේ මිස් ඇස් ලොකු කරගෙන පිටිපස්ස බැලුවෙ…

” සො…..රි…මිස්…මට කියවුනනෙ…” සදුන් තාලෙට කිව්වෙ….බිම වැටුනු අය බැන බැන නැගිටිද්දි මාත් සැහැසිවයි නිම්සරාවයි නැගිට්ටෙව්වෙ කින්ඩියට හිනා වෙවී….

” ඇයි පියන්ත…මොකක්ද උනේ…” අපේ මිස් ඇහුවෙ driver ගෙන්…ඇත්තටම එකපාරටම බ්‍රේක් ගහන්න තරං මොනාද උනේ…සීට් එකේ වාඩිවෙලා මං පොඩ්ඩක් කන් දුන්නෙ අන්කල් මොනාද කියන්නෙ බලන්න…දැන්නං අවට තරමක් එලියයි…

” අනේ මංදා මිස්…එකපාරටම ලොකු බළල් තඩියෙක් පැන්නානෙ…හැප්පුනාද කොහෙද ඌ…” පියන්ත අන්කල් කිව්වෙ ටිකක් අප්සට් එකේ වගේ…පූසෙක් හැප්පිලා…අපි යන බස් එකට..අයියෝ …ඌ චප්ප චුරුස් වෙලා ඇති එහෙනං…

” අයියෝ….එහෙමද…පොඩ්ඩක් බලමු පියන්ත…පණ තියෙනවනං අපරාදෙනෙ…” මිස් එහෙම කියාගෙන දඩිබිඩි ගාලා බස් එකෙන් බැස්සා…මාත් ඉතින් සත්තුන්ට හරි ආදරෙයිනේ…මාත් මිස් එක්කම වගේ බස් එකෙන් බහිද්දි මෙන්න බොලේ කට්ටියම බහින්න හදනවා ඒ ගමන..

” හා..හා..ඔක්කොම බහින්න එපා..ඉතින්..අයියෝ මේ ලමයිනුත් ….” මිස් එහෙම කිව්වත් කවුරුවත් ඇහුවෙ නං නෑ…හැමෝම බැහැලා ඇවිත් බස් එකේ ඉස්සරහට ආවා…

” ඔහ්….ශිට්….” මට එකපාරටම කිය උනා…ඒත් එක්කම මං ඇස් දෙක පියාගත්තෙ ඒ දර්ශනය හරිම පිළිකුල් සහගත එකක් නිසා…බස් එක ලග මැරිලා හිටියෙ තඩි කලු පූසෙක්…ඌ පූසෙක්ද පීසියෙක්ද මංදා….ලේ විලක් මැද අවසන් ගමන් ගිහින්…ඇයි හත්දෙයියනේ ඉතින් මේ වගේ යකඩ ගොඩකට හැප්පුනාම මැරෙන්නැතිව තියෙයි ඈ….

” අනේ සොරි මිස්…ඇත්තටම මං ඌ බස් එක ඉස්සරහට පනිනකන්ම දන්නෑ….” අන්කල් කිව්වෙ දුකෙන්..හැමෝම ඒ දිහා බලා හිටියෙ හරිම දුකෙන්…සමහරුන්ගෙ මූණු නං හරියට බයවෙලා වගේ …

” අයියෝ පියන්ත…මේක ඔයාගෙ වැරැද්දක් නෙවේ…යන්න ඉන්න එකා කොහොමහරි යනවා…දැන් ඕවැයින් වැඩක් නෑ…කෝ..කෝ..කට්ටියම ආයෙම නගින්න…මේ පාරෙ තව වාහනත් යනවා..ඉක්මන්ට නගින්න ලමයි…මෙතන බැහැගෙන විකාර කරනවා….” මිස් අපිව ආයෙම බස් එකට දාගත්තා…මොනා කරන්නද ඉතින්….මලකුණ එහෙම්මම තියෙද්දි අපි බස් එක ආයෙම ඉස්සරහට ගියා….

” පූසො හැප්පෙන්න හොද නෑලු බං…..”

” ඔව් බං…අසුභයි කියලා කියනවා….අපිට කරදරයක් වත් වෙයිද දන්නෑ….”

” මේ උබලා විකාර කියවන්නැතිව ඔන්න ඔහෙ ආයෙම සිංදුවක් පටන් ගනින්…” කෙල්ලො ටික එක එක විකාර කියවන්න හදද්දි නිර්වාන් ආයෙම උන්ට කෑගැහුවෙ සිංදුවක් කියන්න කියලා…ඒත් එකෙක්වත් සිංදු කියන පාටක් නෑ….හැමෝම වගේ තම තමන්ගෙ සීට් වල වාඩිවෙලා ජනෙල් වලින් එලිය බල බල යනවා…අන්තිමේදි සිංදු කියන එක අතෑරලා දාලා කට්ටිය වල් පල් කියෝ කියෝ ගියා…

උදේ 8ට විතර අපි ගෙනාපු උදේ කෑම ටික කෑවෙ බස් එකේ ඉද්දිමයි…මං ගෙනාවෙ මැද්දට ලූණු තෙල්දාපුවා දාපු පෙති පාන්…මගේ පාන් ටික හැමෝම වගේ රස කර කර කෑවා… තවත් පැයකින් වගේ අපි සිංහරාජ රක්ශිතයට ආවා…කට්ටියම බස් එකෙන් බැහැලා මිස් වටේ එකතු උනා…

” හරි..ලමයි…ඔන්න කලබල කරලා කෑකෝ ගහන්න එහෙම ලෑස්ති වෙනවා නෙවේ…කෝ..කට්ටිය දෙන්නා දෙන්නා ගානෙ වෙන විදිහට පෝලිමක් හැදෙන්න…ගෑනු පිරිමි වෙන වෙනම…කෝ කෝ..සදුන්..මං කිව්වෙ ගෑනු පිරිමි වෙන වෙනම කියලා…” මිස් කිව්වෙ තරවටු බැල්මක් දාලා..ඌ උගේ කෑල්ල ඒ කියන්නෙ සොනාලි ලගට යන්න හදලා තියෙන්නෙ…කට්ටියම ඌට හිනා වෙද්දි ඌ ශේප් එකේ අපිට විරිත්තලා කොල්ලො ටික ලගට ගියා…මිස් ඉස්සර උනා..අපි මිස් පස්සෙන් ටිකක් විතර ඉදිරියට ගියේ ඉස්සරහින් තිබ්බ පොඩි කැබින් රූම් ලගට යන්න… පංති තුනම එතනින් නතර උනා…

*************************

හෙට බලමු මොනාද වෙන්නෙ කියලා..හෙට ඉදන් තමා කතාව නියම විදිහට පටං ගන්නෙ.

M.Ashka Rashmi❤️

11 thoughts on “හිතුවක්කාරයෝ |පළමු දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Thakshi Deepali Jayasuriya

    කතාව නම් නියමයි…බයෝ සෙට් එකක්නේ ???? ඔය කවුරු මොනා කිව්වත් අපි තරම් පිස්සු නටපු අය නැතුව අැති….මට අපේ ට්‍රිප් එක මතක් උනා….අායෙ යන්න අැත්නම් එ් කාලෙට….බයෝ වල තරම් දාර්ශනික කට කැඩිච්ච කතා කියන්න සෙට් වෙන්නෑ වෙන අයට….හිතටම වැදුනා මේක පලවෙනි කොටසින්ම….සඳ අයිති අහස වගේම මේකත් මාව පිස්සු වට්ටයි වගේ….all the best rashmi….ඔයාගේ උත්සහය අතිසාර්ථකයි

  2. Aaaaaa aththada bio aya echcharra darshanikada………. mn danne naane……. ithin ithin oya bio lamainge result awa neda kohomada oyalage result ….. ayyo amathaka unane kathawa lassanai හොඳේ …….

    1. Thakshi Deepali Jayasuriya

      Hikzz..බයෝ දාර්ශනික කට කැඩිච්ච කතා කියලා තමා රිසල්ට් මෙච්චර හොඳ ???? දහවෙනි පාඩම එමෙම හොඳටම කරානේ…රිසල්ට් නේහ් ???? බයෝ B ෆිසික්ස් c කෙමිස්ට්‍රි S…. කෙමිස්ට්‍රි පීරියඩ් එකේ ඉස්සරහම පෝලිමට වෙලා නිදියපු එ්වගේ ප්‍රතිඑල ඔය…තව ෆිසික්ස් පීරියඩ් කට් කරලා ලයිබ්‍රරියෙයි කැන්ටිමෙයි කාලේ කාපුවගේ ප්‍රතිඵල ????

  3. Admin Laara

    නියමයි කතාව❤. දිගටම ලියන්න ඕනේ කතා. ඒක නවත්තන්න එපා ?

  4. ගොඩක් ලස්සනයි……මේ වගේ වෙනස් theme කතා වලට මං හරි ආසයි…. දිගටම ලියන්න…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.