Katha Ahura

නොපැතූ සෙනෙහෙ | හතලිස්හතරවන දිගහැරුම (අවසන් කොටස) | නවකතාව | කතා අහුර රචක

5/5 - (1 vote)

❤️නොපැතූ සෙනෙහෙ❤️

~හතලිස්හතරවන දිගහැරුම~

(අවසන් කොටස)

“හෙලෝ මැණික මට ඔයාව meet වෙලා කතා කරන්න ඕනි..ඔයාට එන්න පුලුවන්ද..”

“මං එන්නම් දේව්..ඒත් මේ කවදාවත් නැතුව මොකද..හදිස්සියක්ද..මගෙ හිතර බයයි දේව්..”

“නෑ නෑ..ඔයා දැන් බය නොවී ඉන්නකො..”

“මං එන්නම් රත්තරං..”

“හරි.. ඔයා එන්නකො..මං ඇවිල්ල ඉන්නම් මැණික..”

Phone එක cut කරපුගමන් දිවුවෙ අම්මා ලගට..

“අම්මේ..මිනූට මොනාද ගන්න තියෙනවා කියලා එයා එක්ක town එකට යන්න එන්න පුලුවන්ද ඇහුවා.. මං ගිහින් එන්නද..”

“ඉක්මනට ගිහින් එන්න..”

මං දුවලා ගියේ ලෑස්තිවෙන්න.. ඉක්මනටම ලෑස්තිවෙලා මිනූට්ත් call එකකින් විස්තරේ කිවුවේ අම්මා එයාගෙන්වත් call කරලා ඇහුවොත් කියලා..

ලෑස්තිවෙන්නත් කලින් දේව්ට මං එන්න කිවුව නිසා එයා දැන් town එක කිට්ටුව එනවා කියලා msg එකක් දාලා තිබ්බා.. අපේ ගේ ගාව ඉදන් town එකට යන්නේ 5mins වගේ නිසා දේව්ට ගොඩක් වෙලා මං එනකන් ඉන්න ඕනි නෑ..

“මගෙ මැණික ආවද..අපි ජූස් එකක් බොන ගමන්ම මේ ගැන කතා කරමු..”

මායි දේව්යි ජූස් බාර් එකට ගිහින් කොනේම තිබ්බ table එකේ වාඩිඋනා.. ජූස් දෙකකුත් order කරලා සූදානම් වුනේ කතාවට මුල පුරන්න..

“දැන්වත් කියන්නකො දේව් මේ හදිස්සිය මාව meet වෙන්න ඕනි කියලා..”

මං එහෙම අගපු ගමන් දේව් ලොකු හුස්මක් අරන් පිටකලා.. ඒ පා කරපු හුස්මේ ලොකූ දෙයක් තියෙනවා කියලා මට හිතුනා.. මගේ ඇග සීතලා වෙලා ගියේ නරක දෙයක් වෙනවා වගේ දැනුන නිසා.. හදවතත් හෝ ගාලා ගැහෙනවා..

“තෙනූ.. මං මේ කියන දේ අහලා ඔයා අවුල් ගන්න බෑ.. හරිද..”

“අනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නකෝ රත්තරං.. please..”

“හරි මං කියන්නම්.. මේකයි.. මට අවුරුදු 5කට Australia යන්න වෙනවා මැණික..”

“මේ හදිස්සියේ.. අනේ..”

“Study වලට මැණික යන්නේ.. මාත් කැමැත්තකින් යනවා නෙවෙයි.. ඒත් ගෙදරින් බලකරනවා.. මං දැනගත්තෙත් ලගදි… මට ඔයාට කියාගන්න බැරුව හිටියෙ..”

මගේ ඇස් වලින් කදුලු ගලගෙන ගියේ මටත් හිතන්නවත් වෙලාවක් නොදී.. කොහොමද දෙයියනේ මං අවුරුදු 5ක් දේව්ගෙන් ඈත්වෙලා ඉන්නේ..

“අනේ අඩන්න එපා මගේ පන.. මටත් ඔයාව දාලා යන්න බෑ.. ටිකට් බුක් කරලත් ඉවරයි තාත්තා.. මං ගොඩක් අසරණයි මැණික..”

මං මුකුත්ම කිවුවෙ නෑ.. බිම බලාගෙන අඩපු එක විතරයි කලේ.. හරියට මට දැනුනේ මගේ ඇගෙන් කෑල්ලක් ගියා වගේ..

“ඔයා එපා කිවුවොත් මං කොහොම හරි නොයා ඉන්නත් පන.. ඔයා ඔහොම දුක් විදිනවා බලන්න මට බෑ..”

“අම්මලට විරුද්ධ වෙන්න එපා දේව්..”

මට කියන්න වුනේ එච්චරයි.. මගේ ඉකිය වැඩුවෙලා කතා කරගන්නවත් බෑ මට..

“කෝ මං දිහා බලන්න මැණික.. ඔයාට මාව විශ්වාසයි නේද? Australia ගිහින් ආපු ගමන් ඔයාව marry කරනවා මැණික.. අනික මං අනිද්දට ඔයාලගෙ ගෙදර එනවා..ඇවිල්ලා ඔයාව marry කරන්න කැමැත්ත අරන් තමා ආයි ගෙදර එන්නේ..”

දේව් හිනාවෙවී එහෙම කිවුවේ මාව සතුටු කරන්න උනත් එයාගේ ඇස් දෙකෙන් මං දැක්කා Australia යන්න වෙනවා කියද්දි,මාං නැතුව අවුරුදු 5ක් ඉන්න වෙනවා කියද්දි දැනෙන දුක..

මගේ මූණ දේව්ගේ අත්දෙකට මැදි කරගෙන මගෙ කදුලු ටික එයාගේ මාපට ඇගිලි දෙකෙන් අයින් කලා.. ඉටපස්සේ මගේ නලලට kiss එකකුත් දුන්නා.. මං බලන් හිටියේ ආදරේ දෝරෙ ගලන ඒ ඇස් දෙක දිහා.. ඒත් අද ඒ ඇස් වල ආදරේ තිබ්බේ දුකකුත් එක්ක.. දේව්ව තවත් අසරණ කරන්න මට හිත දුන්නෙ නෑ..

මං හිත හදාගන්නවා කියලා හිතාගෙන දේව් එක්ක හිනාවුනා.. මගේ හිනාව දැකලා දේව්ටත් ලස්සන හිනාවක් ගියා..

“මගෙ පිස්සු කෙල්ල..”

දේව් එහෙම කියලා මගෙ නහයෙන් අල්ලලා දෙපැත්තට වැනුවා..

“ආ..ව්ව්ව්ව්.. සිදෙනවා අනේ..”

මං හුරතල් විදිහට එහෙම කිවුවාම දේව් හිනාවෙවි මං දිහා බලන් හිටියා.. එයා රට යනකන්ම මං මගේ දුක නොපෙන්වා ඉන්න තීරණය කලා..

********************************

“පුතා දැන් මොනාද කරන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ..”

“මං තව ටික දවසකින් Australia යනවා ආන්ටි..”

“එහේ යන්නේ studys වලටද?? නැත්තන් job එකක් කරන්නද?”

“යන්නෙනම් studys වලට අංකල්.. part time job එකකුත් කරනවා ඒ ගමන්..”

“ඒක හොදයි පුතා.. ඉගෙන ගත්තා කියලා වැඩිවෙන්නෙ නෑනේ..”

“ඔව් අංකල්..”

“අපේ නම් අකමැත්තක් නෑ.. පුතා ඇවිල්ලම් මේ ගැන කෙලින් කතා කරපු එක් හොදයි..”

*********************************

අද තමා දේව් Australia යන්නේ.. flight එක තිබ්බේ රෑ නිසා අපි මෙහෙන් දවල් වෙලා කටුනායක ගියා..

අපි airport එකට ආවා.. දේව් යන්න වෙලාවත් ආවා..තවත්නම් මගේ කදුලු හංගගෙන ඉන්න බෑ..ඒක නිසා මං දේව්ව බදාගෙන ඇඩුවා..පිරිමි හිත් ශක්තිමත්ලුනේ..එයා ඇඩුවේ නැති උනාට ඇස් දෙකේනම් කදුලු පිරිලා තියෙනවා දැක්කා..

දේව් හැමෝ එක්කම කතා කරලා,අම්මලට තාත්තට වැදලා එයා යන්න ගියා..මට නිකන් පිස්සු වගේ.. මගේ ජීවිතේම හිස් උනා වගේ මට දැනුනේ..

නිමි..

❤️❤️❤️

අදින් කතාව ඉවරයි..දවස් හතලිස් හතරක් පුරාවට මාත් එක්කම හිටියට,comment කලට,රේට් කරපු ඒ හැමොටම ගොඩක් ස්තූති..

මං ආයි එන්නම් නොපැතූ සෙනෙහෙ part 2 අරගෙන..එතකන් මං යනවා..හැබයි ආයි එනවා.. ?

10 thoughts on “නොපැතූ සෙනෙහෙ | හතලිස්හතරවන දිගහැරුම (අවසන් කොටස) | නවකතාව | කතා අහුර රචක”

  1. ?K.K.Damayanthi?

    කතාව මරේ මරු… දවස් 44 පුරාවට මව පිස්සු වැට්ටුව ඔයාට සම්මා සම්බුදු සරණයි අක්කියෝ… මේ නව වසරේ අපි වෙනුවෙන් අකුරුකරන්නට ශක්තිය ලැබේවා කියලා මන් එක සිතින් ප්‍රාර්තනය කරනවා…

    නොපැතූ සෙනෙහෙ 2 සමගින් ඉක්මනට එන්න කතා අහුරට…????

    2
  2. Thakshi Deepali Jayasuriya

    නොපැතූ සෙනෙහේ 2 ඉක්මනට ඕනා….හරිම අාසාවෙන් කියවපු කතාවක් මේක…හැමදාම කමෙන්ට් කරන්නනම් බැරි වෙන්න අැති..එ්ත් හැමදාම අාසාවෙන් කියෙව්වා මං…සුබ පැතුම් ඔයාට….

  3. Hamotama godaaaaaaaaaaaaaaaaaaaaak thanx… oyalage comment mawa dirigannuwa… athtuatam ewa dakkam mt thawa katha liyann asa hithenawa… mage katha kiyola oyal sathutak hari labunawanm ek mn mrath loku sathutak… kochchara wada thubunath oyal mage kathawa kiyeuwa… aththatam mt godak sathutui… ikmntm anith kathawath aragen ennm… hamotama budu saranai!!!

    ?Nawanjanawa Dawanshi?

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.