Katha Ahura

අවසන් විනාඩි අට | එකොළොස් වන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ

කතාව කොහොමද?

Chapter 11 – 11

සෙත් හා මම ආදරයෙන් සිටි නිවස අද පාළුවට ගොස් ය..
ඔහු මා හැර දමා ගොස් අදට අවුරුදු එකහමාරකි…එම කාලය තුළ ඔහු මා සමඟ එකදු වදනක් හෝ කතා නොකළේ ය..

සෙත් නිව්යෝර්ක්හි ම මහල් නිවාසයක පදිංචි ව සිටින බව මට දැනගන්න ට ලැබිණි..

සිදු වූයේ කුමක්දැයි යන්න ඔහුට කිහිප අවස්ථාවකදීම පහදා දීමට උත්සාහ කරත් සෙත් මා ගනන් ගත්තේ නැත..

ඔහු නැවතත් පරණ පුරුදු විදියටම ජීවත් වූයේ මා පුදුමයට පත් කරමිනි.. පෙම්වතියන් කිහිප දෙනෙක් ඇසුරු කරමින් මා ඉදිරියේ දී ඔවුන් සිපගනිමින් සෙත් වඩ වඩාත් මගෙන් පළි ගත්තේය..

අපගේ විවාහයට තිබුණේ තව දවස් දෙකකි.. නමුත් ඔහු ඒ හැම සිහිනයක් ම බිඳ දමා ගොස් ඇත..
මට ෆේසාල් කෙරේ ඇති වූයේ මරාගෙන මැරෙන තරමේ කේන්තියකි…

මා හට තිබූ එකම සතුට වූයේ ඔහුගේ ව්‍යාපෘතිය නතර වීමයි…

මක්නිසාද යත් මා එයින් ඉවත් වූවාට පසු එය භාරගත් මහාචාර්ය කයින්ජි ඇතුළු කණ්ඩායම සඳ මතට ගොස් අනාවරණය කර ගත්තේ, සඳෙහි තිබු මිදුණ අයිස් වල විශාල වශයෙන් රසදිය අන්තර්ගත බැවින් ඒවා පානය කිරීමට සුදුසු නොවන බවයි…

එයින් පසු ෆේසාල් නැවත දක්නට නොලැබුණි..

මීට මාස හයකට පෙර මම ඒ තීරණය ගත්තේ බොහෝ දුරට සිතා බලා ය..

************

“මොකක්ද ඔයා කියන්නේ ජාන්යා..?”

“ඇලන්…, මං ඇත්තටම කිව්වේ…”

“ඔයා ඇයි මේ වගේ තීරණයක් ගත්තේ… ඔයා ගොඩක් උනන්දුවෙන් නෙ මෙහේ වැඩ කළේ…!”

“ඔව්.. ඒක ඇත්ත.. නමුත්… අපිට තව ජීවත් වෙන්න තියෙන්නේ මාස හයයි… ඉතින් මට ඉතුරු කාලය නිදහසේ තනියම ගත කරන්න ඕන… ඒක නිසා මම අභ්‍යවකාශ ජීවිතයෙන් සමුගන්නව..”

“ඔයා කොහොමද මැරෙන්නේ..අපි සැළසුම් කර තිබුණු විදියට පෘථිවියෙන් යන අවසාන යානාවේ ඔයාටත් ආසනයක් වෙන් වෙලා තියෙනවා… අපි හැමෝම ගමන් කරන්නේ ඒ යානයේ… ”
ඇලන් නළල රැළි කරමින් පැවසීය..

“මට තවත් වැඩ කරන්න බෑ ඇලන්.. ඔයා හොදටම දැක්කනෙ ගිය මාසයේ අඟහරු වෙත ගිය ගමනෙදි මම හුඟක් වෙහෙසකර උනා…”

“ඒ ඉතින් ඔයා එකදිගට වැඩ කරපු නිසා නෙ…ඕනම කෙනෙක් ආතතියකට ලක් වෙන්න පුළුවන් මනසට පීඩනය වැඩි වුණාම…”

ඔහු පැවසුවේ සැබෑවකි.. පසුගිය මාස කිහිපයේ මම ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළේ සෙත් ව අමතක කිරීමට ය..

නමුත් එයින් සිදු වූයේ මා , මානසික ආතතිය නැමැති රෝගයෙන් පෙළීමයි..එම සිදුවීමෙන් මා වටහා ගත්තේ මට කිසිදිනක සෙත් ව අමතක කිරීමට නොහැකි බවයි..

හොඳම දේ මා ඔහුගෙන් ඈතට යෑමයි… නැවත ලංකාවට යෑමට තරම් සිතට ධෛර්යයක් නොමැති නිසා මම රැකියාවෙන් ඉවත් වී මගේ නිවස ට වී සිටීමට තීරණය කළෙමි…

“ජාන්යා…ඔයා ඔතරම් අකමැති නම් මම බලපෑම් කරන්නේ නැහැ ඉන්න කියලා.. නමුත් මගේ පෞද්ගලික මතය නම් ඔයාව මෙතනට අවශ්‍යමයි… කමක් නෑ.. එහෙනම් ඔයා අස්වීමේ ලිපිය බාරදෙන්න.. ඔයා ඉතින් නීතිය දන්නවා නෙ.. තවත් මාස තුනකින් පස්සේ ඔයාට අයින් වෙන්න පුළුවන්…මේ දින කිහිපයේ වුනත් ඔයා විවේක ගන්න..ඔය මහන්සි ගති ඇරුනාම ඔයාට ආයෙත් හිතෙයි ජීවත් වෙන්න ඕන කියලා.. අනිත් කාරණය ඔයාගේ ආසනය අන්තිම මොහොත දක්වා ඔයාට වෙන් වෙලා තියෙනවා..”

“බොහොම ස්තූතියි ඇලන්.ඒවගේම, මට එකම එක දෙයක් කරන්න..”

“ඔව්…. මොකක්ද…?”

“මගේ මේ තීරණය ගැන කිසිම කෙනෙක් දැනුවත් කරන්න එපා…”

“ඔයාගේ කැමැත්ත ක්..”

*******************************

?රන්තරු?

7 thoughts on “අවසන් විනාඩි අට | එකොළොස් වන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.