Katha Ahura

ආශාවරී |නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (1 vote)

නවවැනි කොටස

“ආශි…!..ඔයා නං කවදාවත් හැදෙන්නෑ..හරි..ඔයා දන්නෑනෙ උත්තරේ…හෙට මං ඔයාගෙන් ඕකට උත්තරේ ගන්නවා…ලෑස්ති වෙලා ඉන්නවා ආශි…හෙටත් තමුන්ට උත්තර දෙන්න බැරි උනොත් තමුන්ට වෙන්නෙ පංතිය ඉස්සරහ පීරියඩ් දෙකම දණගහන් ඉන්නයි…හරිද..දැන් වාඩිවෙනවා..” මිස් කිව්වෙ කේන්තියෙන් .පුදුමයි ඇය ආශාවරීට ඔහොම හරි කාලයක් දුන්නා උත්තරේ දෙන්න …මිස්ගෙ game එකෙන් කෙල්ලො ටික තමා දින්නෙ…බයෝ පීරියඩ් දෙකෙන් පස්සෙ තිබ්බෙ english period දෙක…ඉංග්‍රීසි උගන්නන මිස් අද ඇවිත් නැති නිසා කට්ටියටම මේක free period එකක්..සදෙව් බයෝ පොත පෙරලගෙන පාඩම් කර කර ඉද්දි ආශාවරී ඩෙස් එකට හයියෙන් තට්ටු දාන්න ගියේ කොල්ලාගෙ අවදානය බිදින්න.සදෙව් ආශාවරී දිහා බැලුවා..ඇය කරන වැඩේ අරමුණ ඉවෙන් වගේ කොල්ලාට තේරුනා.ඒත් කොල්ලා ඒ සද්දෙ ගනන් ගත්තෙ නෑ…ඒකට ආශාවරීට තවත් කේන්තියි..ඉතින් තවත් හයියෙන් ඇය ඩෙස් එකට තට්ටු කරන්න ගනිද්දි සදෙව් හිනාව තද කරගෙන පොතේම මූණ ඔබාගෙන හිටියා .

මහ මොකෙද්ද මංදා…

ආශාවරී හිත හිතම බයෝ පොත පෙරලගත්තෙ මිස් කිව්ව ප්‍රශ්නෙට උත්තරේ හොයන්න කියලා..ඒත්..ඊයෙ උගන්නපු කිසිම දෙයක් කෙල්ල තමන්ගෙ පොතේ සටහන් කරගෙන තිබුනෙ නෑ…මොකද ඇය ඊයෙ බයෝ පොත ගෙනැල්ලා තිබුන්නෑ..ඉතිං කොල කෑල්ලක ලියං ගියපු නෝට් එක පොතට ඇඩ් කරගන්න ආශාවරීට මතක් උන්නෑ…මතක් උනත් ඉතින් ඇය ඒ වගේ වැඩ ගනන් ගන්නෑ…

අයියෝ…දැන් කොහොමද මං උත්තරේ හොයාගන්නෙ….

හිත හිතම කෙල්ල බැලුවෙ සදෙව් දිහා.

” මේ…ඕයි….මට තමුසෙගෙ ඊයෙ බයෝ නෝට් එක දෙනවා පොඩ්ඩකට…” ආශාවරී කිව්වෙ සදෙව්ට .සදෙව් ඔලුව හරෝලා ඈ දිහා බැලුවෙ.

” ඇ..ඇයි…??”

” ඇයි කියලා තමුසෙට වැඩක් නෑනෙ…දෙනවා ඕක මෙහාට….” ආශාවරී කේන්තියෙන් එහෙම කියන ගමන් හැදුවෙ සදෙව් පෙරලන් ඉන්න පොත ගන්න…ඒත් එකපාරටම ආශාවරීගෙ ඒ අත සදෙව් අල්ලගත්තෙ ඇය නොහිතූ මොහොතක.හැබැයි ගොඩක් තදින් නෙවේ…ලිහිල්ව ඒ සුමුදු අත අල්ලගෙන තමන්ගෙ පොතෙන් අහකට ඒ අත අයින් කලේ සදෙව් ආශාවරී දිහාම බලාගෙන.

” තමුසෙ ඒ කියන්නෙ මට පොත දෙන්නෑ…නේද…මං තමුසෙට …” ආශාවරී කේන්තියෙන් ම එහෙම කියලා අතමිට මෙලෙව්වෙ කොල්ලට ගහන්න…ඒ අත සදෙව්ගෙ බාහුවක් දිහාට එද්දිම කොල්ලා ආයෙම ඒ අත අල්ලලා පහර වැලැක්කුවා…ඒ තරු ඇස් ආශාවරීගෙ ඇස් වලින් මිදුනෙම නැති තරම්.

” මං ඔයාට කියලා දෙන්නං…උත්තරය…” එහෙම කියාගෙන සදෙව් ටිකක් ආශාවරීට ලං උනා…ඇස් ලොකූ කරන් ඇය සදෙව් දිහා බලා හිටියෙ පුදුමයෙන් වගේ..සදෙව් පුටුව ටිකක් ඇය ලගට කරලා පොත දෙන්නම මැද්දෙන් තියාගත්තා…පැන්සලකුත් අතට ගත්ත සදෙව් කරන්න ගියේ ආශාවරීට උගන්නන…

” මෙහෙමයි….” සදෙව් පටං ගන්න හදද්දිම ආශාවරී ඔහුව වලක්වන්න ගියේ..

” මේ..ඕයි…තමුසෙ එන්න ඕන්නෑ මට උගන්නන්න..හරිද….මට..ම්.ම්ම්.ම්ම්…” කෙල්ල කියවන් යද්දි සදෙව් එකපාරටම ඒ කට තමන්ගෙ එක අතකින් වැහුවෙ කතාව ඇතියි කියන්න…

” ශ් ශ්..ඔහොම කෑගහන්නෙපා…කටපියාගෙන අහගෙන ඉන්න…නැත්තං ඔයාට වෙන්නෙ හෙට ලමයි ඉස්සරහ ලැජ්ජා වෙන්න…” සදෙව් කිව්වෙ ආශාවරීගෙ ඇස් දිහාම බලාගෙන..ඔහු කරපු දේ ඔහු කරන දේ ඇයට හිතාගන්නවත් බෑ…තමන්ගෙ අත ආශාවරීගෙ මුවින් අහකට අරගෙන ආයෙම ඔහු හැදුවෙ පාඩම කියලා දෙන්න….

” තමුසෙට කොහෙන්ද එච්චර හයියක් මගෙ මූණ අල්ලන්න තරං…ආ…” ආශාවරී තදින් පහර පිට පහර ගැහුවෙ කොල්ලාට.තමන්ට පහර දෙන ඒ නපුරු රුවැත්තිය දිහා සදෙව් බලා හිටියෙ ආසාවෙන් …ඒ පහර දෙන අත අල්ල ගත්තා සදෙව්..එහෙම්මම ඔහු වටපිට බලලා එකපාරටම ආශාවරීගෙ කොපුලක් සිපගත්තෙ කාටවත් නොපෙනෙන්න…..ආශාවරී එකපාරටම ගල් ගැහුනා වගේ උනා…සදෙව්ගෙ අතින් ආශාවරීගෙ ඒ අත අත ඇරෙද්දි ඇස් ලොකු කරගෙන ඇය සදෙව් දිහා බලා හිටියෙ…ඇගේ මූණ රතූ උනේ කේන්තියෙන් නෙවේ…ලැජ්ජාවෙන්..මූණට දාඩියත් දැම්මා…හදවත තත්පරේට එකසිය ගානක වේගෙන් ගැහෙද්දි ඒ තරු ඇස් වලට කදුලු පිරෙන්න ගත්තා…ආශාවරීට වෙච්ච දේ හිතාගන්නවත් බෑ…ආශාවරීට විතරක්ද…සදෙව්ටත් තමන් කරපු දේ ගැන හිතාගන්නවත් බෑ…

” සොරි….ආහ්…ආම්..සොරි…” සදෙව් කිව්වෙ ගොත ගගහා..ඔහුගෙත් හදවත වේගයෙන් ගැහෙද්දි ඔහුගෙත් ආශාවරීගෙ සේම මූණ රතූ උනේ ලැජ්ජාවට…ඔහුට හිතාගන්නවත් බෑ ඔහු ක්ශනිකව කරපු දේ ගැන….ඔහු හීනෙකින්වත් හිතපු දෙයක් නෙවේ සිද්ද උනේ…එකපාරටම ආපු හැගීමක් පාලනය කරගන්න බැරිව ඔහු හැසිරුනේ එහෙම…තවමත් ආශාවරී සදෙව් දිහා බලා හිටියෙ පුදුමයෙන් ..

” සොරි….Extremely sorry ..” සදෙව් එහෙම කියාගෙන පුටුවෙන් නැගිටලා වේගෙන් පංතියෙන් එලියට ගියා..

දෙවියනේ …මොකද්ද ඒ උනේ…මොකද්ද ඕයි තමුසෙ මට කලේ…ම..ම..මට…මට හිතාගන්නවත් බෑ…මේක හීනයද…අයියෝ…මේ පිස්සා …මේ පිස්සා මට කිස් එකක් දුන්නා නේද…ඒ ඇයි…එකපාරටම ….ආහ්…මට නිකන් පිස්සු වගේ…තමුසෙ මාව පිස්සියෙක් කරයි වගේ සදෙව් ….

ආශාවරී හිත හිතම ඔහු සිපගත්තු කම්මුල ඇල්ලුවෙ වෙව්ල වෙව්ල…ඒත් එක්කම ආශාවරීගෙ මුවේ ඇදුනෙ දගකාර හිනාවක්…ඒ හිනාවෙ තේරුම මොකද්ද …??..තේරුම ඇයත් සදෙව්ට කැමති බව නෙවේද??…කොහොමත් වෙන කොල්ලෙක් ඔය වගේ වැඩක් කරානං මෙලහකට ඒ කොල්ලාගෙ කෑලිවත් නෑ…ඇය ඒ තරමටම දරුණුයි..ඒත් සදෙව් ඉදිරියේ ඇය මෙල්ල වෙලා ඉන්න හැටි පුදුමාකාරයි . පංතියෙන් එලියට ගියපු සදෙව් නතර උනේ පිට්ටනිය ලග තියෙන සුදු අරලිය ගහ ලග.

දෙවියනේ ..මං මොකද්ද ඒ කලේ…ශිට්..මගේ හිතකවත් තිබුන්නෑනෙ අප්පා ඒ වගේ දෙයක්..මං කොහොමද …මං කොහොමද එයාව කිස් කලේ..අයියො…හැබැයි එයාගෙ කම්මුල් හරි සිනිදුයි ..හරිම සුවදයි…ඒයි සදෙව් ..උබ මොනාද බූරුවො මේ හිතන්නෙ…හිතන එක නවත්තපන්…උබ කරේ ලොකු වැරැද්දක් …ආශාවරී දැන් ඇත්තෙ කේන්තියෙන් …අනේ…දැන් ගියොත් මාව හම ගහයි…එයා බයවෙලා හිටියෙ හොදටම..මූණට දාඩියත් දැම්මා…අයියෝ..උබ ඉවරයි සදෙව් …උබට වෙන්නෙ නෙත්ම අයියට වෙච්ච දේමයි….අනේ දෙවියනේ මාව බේරගන්න…හිතලා කරපු දෙයක් නෙවේ…හැබැයි හිතලා කරේ නැති උනත් ඒ වැඩෙත් නරකම නෑ..ශිට් මෝඩයා..මොනාද යකෝ මේ හිතන්නෙ…..

සදෙව් හිත හිතම හිනා වෙවී ඉන්නවා …විනාඩි දහයක් විතර ගහ යට කල්පනා කර කර ඉදලා ආපහු ඔහු පංතියට ගියේ නිකරුනේ පිට්ටනිය ලග ගැවසෙන්න තහනම් හින්දා….පංතියට යද්දි ඔහු දැක්කෙ ආශාවරී පොතක් දිහා බලා ඉන්නවා…හිමින් සැරේ ඔහු තමන්ගෙ පුටුවෙන් වාඩි උනේ ආශාවරී දිහා හොරේන් බල බල….ආශාවරීට තේරුනත් සදෙව් ආපු බව ඇය ඔහු දිහා බැලුවෙ නෑ….සදෙව් බයෙන් බයෙන් ඇය දිහා බැලුවා…

” සොරි ආශාවරී …ම…මං..මං හිතලා කලේ නෑ….සොරි…ම.මටත් හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා…” සදෙව් හිමින් කිව්වෙ ඇයට.පංතියෙ අනිත් ලමයි තම තමන්ගෙ යාලුවො එක්ක කයිය ගගහා ඉන්න හින්දා මේ දෙන්නා දිහාට කාගෙවත් අවදානය වැටිලා නෑ….

” මං තමුසෙව හවසට අල්ලගන්නං….තමුසෙට කොහෙන්ද එච්චර හයියක්…ආ…ඉස්සෙල්ලාම මගෙ අත ඇල්ලුවා..ඊට පස්සෙ මූණ…දැන් තමුසෙ මාව කිස් කරන්නත් අරගෙන…හහ්…මං තමුසෙව ඉතුරු කරන්නෑ…හහ්….” ආශාවරී පොත දිහාම බලාගෙන කියවන්නෙ කේන්තියෙන් …ඇයට කේන්ති ඔහු සිපගත්තු නිසාම නෙවේ…ඇගේ හිත ඇයට නොදැනුවත්වම සදෙව් කරා ඇදී යන එකට…පිරිමින්ට වෛර කරන ඇය කැමති නෑ පිරිමියෙක් ගැන හිතන්නවත්….ඒ නපුරු හිතට බැහැ කාටවත් ආදරේ කරන්න පටන් ගන්න….ඇය බයයි කාටවත් ආදරේ කරන්න…ඒ ඇගේ තාත්තා නිසා…ආශාවරී කිව්ව දේවල් ඇහිලා සදෙව් ටිකක් බය උනා…ඒත් මොනා කරන්නද..බුද්ධියට වඩා හැගීම් ඉස්සර උනහම වෙන්නෙ නොහිතන දේවල් තමයි…කොල්ලා මුකුත්ම නොකියා පොත දිගඇරගෙන ඒ දිහා බලා හිටියෙ…ඇස් පොතේ තිබ්බත් හිත නං තිබ්බෙ ආශාවරී ලග විතරමයි…

ටික ටික කාලෙ ගෙවිලා යද්දි interval එකේ බෙල් එකත් ගැහුවා….හැමෝම කෑම කන්න අත හෝදගන්න එලියට යද්දි සදෙව්ත් අත හෝදගන්න එලියට ගියා…වෙනදා වගේම සදෙව් ගෙනාපු බත් මුල ඔහු හැදුවෙ ආශාවරී එක්ක බෙදාගන්න…

” ආම්…ආශාවරී ….??” සදෙව් කතා කලා..ඒ පාර නං පොතේ තිබ්බ ආශාවරීගෙ ඒ දිගු දෑස් ඔහුවෙත හැරුනා.

” අම්ම්..ඔයා කන්නැද්ද …..”

” තමුසෙට මං හැමදාම කියනව….තමුසෙ අහන්නෙම නෑනේ….මගේ කෑමෙන් තමුසෙට වැඩක් නෑනෙ…තමුසෙ තමුසෙගෙ පාඩුවෙ කනවා ඕයි…මේක මල වාතයක්නෙ….” හැමදාම වගේ අදත් ඇය සදෙව්ට කඩන් පැන්නෙ කේන්තියෙන් .

අම්මෝ…මහ නපුරිච්චියෙක්…මං කන්නැද්ද කියලනෙ ඇහුවෙ…ඕකට ඔච්චර පිපිරෙන්න ඕන්නෑනෙ…

සදෙව් හිත හිතම කෑම මුල දිගෑරියෙ…කෑම එකේ සුවද ආශාවරීට දැනුනා…ඇය ඉන්නෙ තරමක කුසගින්නෙ…ඒත් එහෙමයි කියලා කෙල්ලට ඔහුට second වෙන්නත් බෑ…

” අනේ ආශාවරී …ඔයා නොකා ඉන්නකොට මට කන්නත් බෑ…plz..මගේ එකෙන් කමු….එන්නකො…දන්නවද…අද තියෙන්නෙ හාල්මැස්සො තෙල් දාලා සම්බෝල හදලා….ඔයා ආසයිනෙ එහෙම කන්න…නේද…” සදෙව් එහෙම කිව්වෙ ආශාවරීගෙ මූණට එබිලා..ආශාවරී පුදුමයෙන් වගේ ඔහු දිහා බැලුවෙ.

මෙ…මෙයා කොහොමද මං ආසම කෑම ගැන දන්නෙ..

ආශාවරී කල්පනා කරන්න ගත්තා…ඇත්තටම සදෙව් කිව්වා වගේ ඒ ඇය ආසම කෑමක්..

” තමුසෙ කොහොමද දන්නෙ මං ආස කෑම..??” ආශාවරී ඇහුවෙ කුතුහලයෙන්..සදෙව්ගෙ මුවේ ඇදුනෙ හරි අපූරු හිනාවක්…ඇත්තටම සදෙව් කලේ පොඩි අත් හදා බැලීමක්…හැබැයි ඒ අත් හදා බැලීම සාර්තකයි…

” මට හිතුනා..කෝ එන්න…අපි කමු…” සදෙව් එහෙම කියාගෙන ආශාවරීගෙ දකුණු අත අල්ලලා කෑම මුල ගාවින් තිබ්බෙ ආශාවරීගෙ මුලු ගතම සීතල වෙලා යද්දි ….වෙන කොල්ලෙක් ඈව මෙහෙම දිගින් දිගටම අපහසුතාවයට පත් කරනවනං මෙච්චර ඉවස ඉවස ඉන්නෑ…හැබැයි සදෙව් ඉදිරියේ ඇය මෙල්ල වූ සිංහ ධේනුවක් වගේ…ඇයටම පුදුමයි ඇයගෙ මේ ඉවසීම ගැන…

” කමුකො….” සදෙව් ආයෙම කිව්වා…ආශාවරීට හිතාගන්න බැහැ මොකද්ද කරන්න ඕන කියලා..සදෙව්ගෙ අහිංසක ඇස්වල ඇරයුම පිලි නොගෙනත් බැහැ…හැබැයි කොල්ලෙක්ට දෙවෙනි වෙන්නත් ඇයට බැහැ…

********************-*-

කෙල්ල මොනා කරයිද…සදෙව් එක්ක කෑම බෙදාගෙන කයිද…ඔයාලා මොකද හිතන්නෙ…හෙටත් ටිකක් විශේශයි…මොකද්ද විශේශය බලන්න හෙටත් එන්න හොදේ..ආ..මේක කියන්නම ඕන…plz මේවා අත් හදා බලන්න එහෙම යන්නෙපා හරිද…? ගුටි කන්න වෙයි..

M.Ashka Rashmi❤️

8 thoughts on “ආශාවරී |නවවැනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    අම්මෝ සදෙව් අහිංසකයා වගේ හිටියට හරිම කපටියා නේ ???? කොහොම හරි කෙල්ලගේ ගල් හිතේ මල් පූදිනවමයි සදෙව් නිසා…

  2. ?K.Kanchana Damayanthi?

    කොල්ලා මාර පොරනෙ චාටුවෙන් කෙල්ලගෙ හදවතේ දොර විවරකරගන්න වගේ හදන්නෙ… ලස්සනම ලස්සනයි අක්කියෝ කතාව…

  3. අයියෝහ්………………..ආයේත් බත් එක පෙරලගනීද ………………….නැත්තන් සදෙව් කවයිද ආශිට………………..?????

    1
  4. Kinduri ahassaya

    අක්කියෝ හුගාක් ලස්සනයි කතාව…චුට්ටක්වත් කම්මැලි නෑ අක්කියෝ කතාව….මං අක්කිගෙ කතා හුගාක් ආසාවෙන් කියෙවුවා…මේකත් එහෙමමයි….
    All the best akkiyoooo….?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.