Chapter 14 – 14
හිරු අවරගිර අහසේ සදාකාලිකවම සැඟවීමට තව ඇත්තේ තව විනාඩි විස්සක් පමණි..
මේ වන විට මා මගේ තීරණය අරගෙන හමාරය…
මා ආදරය කල කිසිවෙක් අද මා ළඟ නැත..ඇත්තේ මා වෙලාගෙන ඇති තනිකම පමණ ය..මීට පෙර කෙදිනකවත් නොදැනුන තරමට මට මා ගැනම දුකක් ඇති වේ..
එක්වරම මගේ දුරකථනය නාද වූයේ, මම ඉක්මනින්ම ගොස් ඇමතුම ගත්තෙමි.. එය ඇලන් ගෙනි..
“හෙලෝ….”
“හෙලෝ ජාන්යා… අපේ යානය පිටත්වෙන්න යන්නේ.. ඔයා එන්නේ නැද්ද…?”
“මට සමාවෙන්න ඇලන්… ඔයාට කියන්න තියෙන්නේ මම මීට මාස 6 කට කලින් ගත්ත තීරණයමයි …මම එන්නේ නෑ… ඒ වගේම බොහොම ස්තූතියි ඔයාට අන්තිම මොහොතෙත් මාව මතක් උන එක ගැන… පුලුවන් වුනොත් සෙත් ට කියන්න අන්තිම මොහොතෙත් මං එයාට ආදරේ කරා කියලා …මම තියන්නම් ඇලන්.. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මේ තියන්න යන පිටවර සාර්ථක වෙන්න ඕන.. සෙත් ව පරිස්සමින් බලා ගන්න..”
එකෙනෙහිම මම ඇමතුම විසන්ධි කොට දුරකථනය ක්‍රියා විරහිත කළෙමි… තවදුරටත් මෙය අවශ්‍ය නැත…
මම ජනෙල් අතරින් හමා ආ සුලගේ ශබ්දයට ඇහුම්කන් දුනිමි… විශේෂයක් නැත… පෙර පරිදිමය… නමුත් විනාශය නම් සිදු වනවා නියතය..
මරණය එනතෙක් බලා සිටීම කෙතරම් නම් අමාරුද… තව ඇත්තේ විනාඩි 5කි…
මම සැටියේ දිගාවී සෙත් ගේ ඡායාරූපය ගෙන එය පපුවට තබා තුරුලු කරගත්තෙමි…
ඇඩුනි…මට හොඳටෝම ඇඬුනි…
මම මැරුණාට කමක් නැහැ.. ඔයා හොඳින් ජිවත් වෙන්න සෙත්..
සෙත් තවදුරටත් ජීවත් වේ…
එබැවින් දුකක් නැත..මා මියදීමට මත්තෙන් ඔහුගේ මුහුණ එක වරක් බැලීමට තිබුනා නම්..
තව විනාඩි ය යි…..
මම ඔරලෝසු දෙස බලාගෙන සිටියේය මෝහනය වූ පරිද්දෙනි..
විනාඩි භාගයයි…
තත්පර පහලොවයි…
තව තත්පර කිහිපයකින් සිදුවන විනාශය මට මැවි පෙනෙන්නට විය..
එක්වරම ඉදිරිපස දොර විවෘත වූයේ විශාල ශබ්දයක් නගාගෙනය…
ජාන්යා…….!!!!!!!!
එසැනින්ම සිතිජයේ ඈත කොනක සූර්යයා සදාකාලිකවම නිවී ගියේය…..
නමුත් මට අදහාගත නොහැකිම දෙය , ඒ සූර්යයා මගේ ඉදිරියේ පායා තිබීමයි…
සෙත්….!!!!
මම හුන් තැනින් නැගිට්ටේ විදුලියක් කෙටුවාක් මෙනි.. කුමක් කරන්නේ දැයි සිතා ගත නොහැකිව මම සෙත් දෙස බලා සිටියේ විසල් කරගත් දෙනෙතින් යුතුවය…
ජාන්යා…!!!
සෙත් දුවගෙනවිත් මා බදාගත්තේ මම මෙතෙක් කල් සඟවාගෙන සිටි දුක ඔහු හමුවේ කඳුළු කර හැරියේය….
“අඬන්න එපා ජාන්යා… දැන් මම ඉන්නවනේ…”
ඔහු මගේ හිසකෙස් සෙමින් පිරිමදින්නට විය..
එක් වරම මට බැලුනේ මගේ ඉදිරියේ තිබූ ඔරලෝසුව දෙස ය…
අවසන් විනාඩි අට ආරම්භ වී ඇත…
“සෙත් ඇයි ඔයා ආවේ..? මම හිතුවේ ඔයා ගියා කියලා.. ආපසු යන්න සෙත්.. ඔයාගේ ජීවිතය බේරගන්න..”
මම සෙත් ගේ පපුවට ගසමින් මහ හඬින් හැඬුවෙමි…
“යානය පිටත් වුනා ….ඔයා නැතුව මට කොහේ ගියත් හොඳ ජීවිතයක් හම්බවෙන්නෙ නෑ ජාන්යා.. මම හිතුවේ ඔයා අද අපිත් එක්ක යන්න එයි කියල.. ඒත් ඇලන් මට කිව්වා ඔයා එන්නේ නෑ කියලා.. ඒත් එක්කම මං ඔයාට ඇමතුමක් ගත්තා ..ඒත් සම්බන්ද කරගන්න බැරි උනා ..ඒකයි මම මෙහෙට ඉක්මනින්ම ආවේ..”
“අහ් … මට සමාවෙන්න සෙත් මම නිසා ඔයාටත් මැරෙන්න වෙන්නෙ…”
“ඔය ඇති…! ඔය වගේ අසුබ කතා අහන්න නෙමෙයි මම ආවේ.. මේ අන්තිම විනාඩි 8 …
මා දිහා බලාගෙන මට කොච්චර ආදරේද කියලා කියන්න .”
සෙත් ඔහුගේ දෑතට මගේ මුහුණ මැදි කරගනිමින් මගේ දෑස් වලට එබුණේය..
“මම ඔයාට ගොඩක් ආදරෙයි සෙත්…”
“මගේ මෝඩ වැඩ වලට මට සමාවෙන්න ජාන්යා… එදා ඔයා ෆේසාල් එක්ක ඉන්නවා මට දරාගන්න බැරිවුණා… මම දන්නවා ඔයාගේ කිසිම වැරැද්දක් නැහැ ..මට තරහක් ආව ෆේසාල් එක්ක.. ඒත් ඒක පිට කරගන්න විදියක් තිබුණෙ නැහැ ..නොදැනීම මං ඔයාට රිද්දුවේ ෆේසාල්ට කරන්න ඕන එක… ඒ වගේම එදා ඔයා ඉවත් වෙනවා කියලා එක්වරම කිව්වම මට ලොකු තරහක් ආවා… ඔයා මට නැති වෙනවා නේද කියලා… ඒත් මං බලන් හිටියා අන්තිම දවසේ හරි ඔයා එයි කියලා.. එහෙමවත් ආවේ නැති උනාම මට තවත් බලන් ඉන්න බැරිවුනා… ඒකයි මං ආවේ.. මට ඔයා නැතිව වැඩක් නෑ ජාන්යා…”
“පහුගිය දේවල් අතීතයට එකතු වෙලා ඉවරයි.. අන්තිම මොහොතේදී අපි ඒ වගේ දුක්බර දෙයක් මතක් කරලා කාලේ නාස්ති කරගන්න ඕන නැහැ.. දැන් කියන්න මට කොච්චරක් ආදරේද කියලා…?”
“මගේ ආදරේ හරියට කළු කුහරයක් වගේ… ඔයාවමයි ඇදලා ගන්නේ හැබැයි ආයේ එලියට යන්න දෙන්නේ නැහැ….”
සෙත් සිනාසෙමින් පැවසුවේය.. ඔහුගේ මුහුණේ සිනාවක් දුටුවේ කෙතරම් කාලයකට පසුවද…?
මම එදෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි…
“මොකද බලං ඉන්නෙ… තව විනාඩි දෙකයි තියෙන්නේ මට කියන්න මොනවා හරි තව…”
“ම්ම්ම්… ඊළඟ ආත්මයේ දිත් මට ඔයාව මුණ ගස්සවන්න…”
“ඒත් ආයෙ උපදින්න අපිට පෘථිවිය නෑනේ..”
“අයියෝ සෙත්.. පෘථිවිය ම ඕන ද අපි දෙන්නට එකතුවෙන්න..?”
“එහෙනම්…?”
“ඔයයි මමයි ආලෝක වර්ෂය ගානක් ඈතින් තියෙන ගැලැක්සියක ඇල්ෆා තරුවකුයි බීටා තරුවකුය් වෙලා ඉපදෙමු..”
“අහ් හරි හරි… අපි එහෙම කරමු..”
සෙත් මා තවත් තුරුළු කර ගනිමින් මගේ දෙතොල් සිප ගත්තේ ය…
අවසානය ළඟා වි ඇත…
එසැණින් අප වටා ඝන අන්ධකාරයක් පැතිර ගියේ අවසන් විනාඩි අට ද අවසන් බව ප්‍රත්‍යක්ෂ කරමිනි…
අවටින් හෙණ ගසන්නාක් මෙන් ශබ්දයක් ඇසුනු අතර ක්‍රමයෙන් පොළොව ප්‍රබල භූකම්පනයකට හසුවූ පරිද්දෙන් දෙපැත්ත ට චලනය වන්නට විය.
අප වේගයෙන් කොහේ හෝ ඈතකට ඇදී යන බව හැඟුන නිසා,
මම සෙත් ගේ පපුවට තවත් තුරුළු උනෙමි..
* * * * * * * * * * * *
#පසුවදන#
ග්‍රිනිච් හි වේලාව පෙ.ව.11.42 වන විට සූර්යයා ගෙන් ආ අවසන් කිරණ පෘථිවිය සිප ගත්තේ ය.. මේ වන විටත් බුද හා සිකුරු ග්‍රහයන් තමන්ගේ ම පථයක ගමන් කිරීමට පටන් ගෙන තිබුණි. පෘථිවිය ගන අන්ධකාරයකින් වැසී ගිය අතර ගුරුත්වාකර්ෂණය නොමැති නිසා සරල රේඛීය පථයක ගමන් කිරීමට ගොස් අඟහරු ග්‍රහයා හා ගැටුනි.මහා ගිනි ජාලා මැද පෘථිවි වාසීන් තම අවසන් සුසුම් හෙලූ අතර සභාපති ඇලන් ඇතුළු අභ්‍යවකාශ කොලනියේ සිටි පිරිස නොසිතූ විරූ ලෙසින් පැමිණි ග්‍රාහකයක වැදීම නිසා මරුමුවට පත්විය.. එලෙසින් විශ්වයෙහි සිටි මිනිස් වර්ගයා සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය
………………………………………….
? රන්තරු ?
සමාප්තයි
……………………………
කතාවෙ අවසානයට කට්ටිය කොහොම කැමති වෙයිද දන්නේ නෑ .. මේක මට ෆිසික්ස් ක්ලාස් එකේ අන්තිම පාඩම උගන්නද්දි ඔළුවට ආපු දෙයක්.. කතාවෙ ගොඩක් අවුල් සහගත තැන් ඇති..ෙ
ඒකට sorry?.. කතාව publish
කරාට Admin ට ගොඩක් Thanks.. ඒවගේම කොටස් 14ක් පුරාම කම්මැලි උනත් , කියවලා like n comments කරපු යාළුවන් ට Thanks..?
And Good luck you guys ??
මම රන්තරු ???????
ලස්සනම ලස්සන අවසානයක්… ඒත් ඒ දෙන්න මැරුණ නේ.. ?
ගුඩ් ලක් රන් තරු
ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි රන්තරු…. ඇත්තටම අලුත්ම තේමාවක් .. ඔයා ඔයාගෙ වැඩෙ නියමෙටම කරලා තිබුනා… තවත් අලුත් කතාවක් අරගෙන ඉක්මනටම එන්න….
මේ වගේ ලස්සන කතා ලියන්න මන් ඔයාට මගෙ මුලු හදවතින්ම සුභ පතනවා…???
ඔයාගෙ කතාව නියමායි මං හැමදාම බලාගෙන හිටියා කතාව දානකල් කියවන්න ….
මේ වගේ දේවල් වලට මං හරි කැමතියි physics මං කැමතිම subject එක…….තව මේ වගේ කතා ලියන්න …විද්‍යා ප්‍රබන්ධ කියවන්න මං ගොඩක් ආසයි …???????????
අයියෝ මෝඩි..ඔයාගෙ කතාව කම්මැලි නෑ…මං නං ආසාවෙන් කියෙව්වා ..කොහොමත් මේ වගේ කතා වලට මං මාරම ආසයි…හැමදාම comments දාන්න බැරි උනත් මං හැමදාම ඔයාගෙ කතාව කියෙව්වා …ඉතින්..අන්තිමට මට කියන්න තියෙන්නෙ අපේ රසවින්දනයට මේ වගේ අලුත් දෙයක් ඉදිරිපත් කලාට ඔයාට ගොඩාක් ස්තූතියි …ආයෙම එන්න අලුත් කතාවකින් ඉක්මන්ටම ..ඔයාගෙ ලේඛන හැකියාව දියුණුවෙන් දියුනුවට පත්වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
❤️ආශ්කා❤️
Comments දාපු හැම කෙනෙක්ටම ගොඩක් thanks….?
මේ කතාව හරිම ලස්සනයි . මේ වගේ විද්‍යා ප්‍රබන්ධ තව ලියන්න.
Good luck .
☺️ Amesha☺️
.
ane ai ehema end kare
Beautiful story. Thank you and please write more like this.