Katha Ahura

හිතුවක්කාරයෝ |දාහතරවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

1/5 - (1 vote)

දාහතරවැනි දිගහැරුම

” දිය ඇල්ල…” මට කෑගහලා කියවුනා…ඔව්..ඒ දිය ඇල්ලක වතුර වැටෙන සද්දෙ….ඒ කියන්නෙ අපි අන්තිමේදි ඇවිදලා ඇවිදලා දිය ඇල්ල හොයාගත්තාද..අපි දෙන්නම දුවලා ගියේ වතුර සද්දෙ ඇහෙන දිහාට….අපි දෙන්නාටම මෙලෝ සිහියක් නෑ..ගස් කොලන් අතරින් දුවගෙන ලොකු ගස් වල පත මුල් උඩින් පැන පැන අපි දෙන්නා නිකන් කැලෑ සත්තු දෙන්නෙක් වගේ දුවගෙන ගියේ අලුත් බලාපොරොත්තු පොදි බැදගෙන..ඒ මේ කැලෙන් ඉක්මන්ට චුත වෙලා යන්න…අන්තිමේදි දුවලා ගිහින් අපි ලගා උනා අපේ ඇස් හෙව්ව ඒ දිය ඇල්ල ලගට…හැබැයි ඒ අපි ආපුම තැන නෙවේ..දිය ඇල්ල ඈතින් පෙනුනෙ…දිය ඇල්ලෙන් ගලා බහින වතුර ගල්තලා අතරින් ගලාගෙන යනවා…

” අර….අර තියෙන්නෙ waterfall එක..” දෙනුවන් අත දික්කරලා පෙන්නුවෙ ඈත තියෙන දිය ඇල්ල…මට නං හරිම සතුටුයි…ඒ කියන්නෙ මේ අපි ඉස්සරහින් තියෙන දිය කඩිත්තෙන් එතෙර උනාම අපි ආරක්ශිතයි…අපිට පාර හොයාගන්න අමාරු නෑ…

” wow…දෙනුවන් …its brilliant …මට මාරම සතුටුයි…යේහූ….” මං කෑගහගෙන ගිහින් දෙනුවන්ව බදාගත්තෙ පුදුමාකාර ලොකූ සතුටකින්..එයත් මාව බදාගෙන වටේ කැරකුනෙ දැන් අපි දෙන්නට බේරිලා යන්න පුලුවන් කියලා හිතෙනවා…

” අපි යං..මේකෙන් එගොඩ උනාම අපිට පාර හොයාගන්න අමාරු නෑ..අපිට ඉක්මන්ටම කැලෙන් එලියට යතෑකි…” දෙනුවන් කිව්වා..

” ඔව්.අපි ගිහින් අපේ යාලුවන්ව බේරගන්න කට්ටියව එවතෑකිනෙ…නේද දෙනුවන්…එයාලා මේ පැත්තට ඒවි නේද යාලුවො බේරගන්න….ආ..”

” ඔව්…එයාලා ඒවි….අපි යං දැන්…” එයා මාව එක්කගෙන ආවෙ ගල් තලා උඩට…වතුර පාර සැර වැඩී ටිකක්…අනික මේ ඇල්ලෙ ගැඹුර කොහොමද දන්නැති නිසා බහින්නත බෑ…ගල් උඩින් පැන පැන තමා යන්න වෙන්නෙ….දෙනුවන් මාව අල්ලන් ඉස්සර උනා..ගල් උඩට සීරුවෙන් අඩිය තිය තිය ගියේ..මොකද ඒ වැයි දියසෙවෙල් බැදිලා ගන්න දෙයක් නෑ…මගේ කකුල් වෙව්ලනවා මට බය පය ලිස්සලා වැටෙයි කියලා…එහෙම උනොත් මට පීනන්නවත් බෑ…ගල් තිබ්බෙත් තැනින් තැනින්…ඒවා ලොකු ගල් උනාට ලෙස්සනවා වගේ..ඇල හරහට යන්න ගල් පිහිටලා තිබ්බෙ තුනක් වගේ…පලවෙනි ගලට නං නැග්ගා…දෙවෙනි ගල ගොඩක් එහායින් තිබ්බෙ…දෙනුවන් ඒ ගලට පැන්නා..දැන් මට තමා පනින්න තියෙන්නෙ…අයියෝ දෙවියනේ ..මට බයයි..මං ලිස්සුනොත් හදිස්සියෙවත් ..අනේ ඒම නං වෙන්නෙපා..මාත් ලෑස්ති උනේ ඒ ගලට පනින්න..

” හිමින් පනින්න…වැඩිය දගලන්නෙපා…කෝ..හිමින් හිමින්..ඔන්න බලාගෙන ලිස්සයි…” දෙනුවන් කියලා කටගන්න හම්බුන්නෑ..එකපාරටම මට පනින්න තියා කකුල ගන්නවත් හම්බුන්නෑ මගේ කකුල ලෙස්සලා ගිහින් වතුරට වැටුනෙ මං…දෙයි හාන්දුරුවනේ …පට්ට සීතලයි වතුර ටික…මං ගහගෙන යනවද කොහෙද..අයියෝ..

” මාව..ඔග්..ග්..බේර..බේරගන්න…අයි..අයෝ…” මාව වතුර යටට යනවා උඩට එනවා..කකුල් බිම තියන්න තියා හිතන්නවත් බැහැ…මාව නිකන් තොටිල්ලෙ තියලා වගේ පැද්දෙනවා වතුරෙ…මට පීනන්නත් බෑ..වතුරත් පෙවෙනවා..අයියෝ…ආයෙම මාව යටට ගියා වතුරෙ..

” ආදි!!” ඈත ලෝකෙකින් වගේ ඇහුනෙ ඒ කටහඩ…ගල් වල වැදි වැදි මං වතුර දිගේම ගහගෙන යනවා වගේ දැනුනෙ…හැබැයි..හැබැයි ඒත් එක්කම මට තේරුනේ මගේ දිග කොන්ඩෙන් කවුරුහරි අදිනවා වගේ කියලා…එකපාරටම මට දැනුනා මාව කවුරුහරි තද කරලා අල්ලගන්නවා වගේ…

” හහ්..ආහ්…ඔහ් …හහ්..හයියෝ…මාව බේරගනියෝ..මාව ගිලෙනවෝ…අයියෝ…කවුරුවත් නැද්දෝ…” ඇස් දෙකත් පියාගෙන මං කෑගැහුවෙ මරණ බයෙන්..ඒත් එක්කම මට තේරුනේ මං දැන් ඉන්නෙ වතුරෙ නෙවෙයි වගේ කියලා..

” ඇස් ඇරපන් යකෝ..ඔය කෑගැහිල්ල නවත්තපිය…මෙතන සත්තු කුලප්පු කරන්නැතුව…” මට ඇහුනෙ කන ලගින්ම ඒ කටහඩ..

” දෙනුවන් …” ඇස් ඇරලා බැලින්නං මං දැක්කෙ තෙමිච්ච කුකුලෙක්ව..දෙනුවන් හොදටම තෙමිලා..මං එයාගෙ කර වටේ අත දාගෙන එයාව බදාගෙන හිටියෙ…හෑ…නෑ මෙයා මාව උස්සගෙන ඉන්නෙ…මං එකපාරටම බැලුවෙ මෙයාගෙ ලගින් අයින් වෙන්න..

” දගලන්නෙපා යකෝ තෝ ආයෙ වැටෙයි…” ආයෙම තද කරලා මෙයා මාව ඇගට තෙරපගත්තෙ..දෙවියනේ වටපිට බැලින්නං අපි තාම ඉන්නෙ ඇල්ලෙ වතුර මැද…මං ගිලෙන්න යද්දි දෙනුවන් මාව අල්ලගන්නැති..

” දැන් බහිනවා..තමුසෙ මාර බරයි ඕයි…” එහෙම කියලා මෙයා හැදුවෙ මාව ආයෙම වතුරට අතාරින්න..අයියෝ..මං ආයෙම ගිලෙයිනෙ..

” අනේ අනේ එපා එපා..මාව අල්ලන් ඉන්න..මං මැරෙයි..මං ගිලෙයි…අයියො..මේක මාර ගැඹුර ඇල්ලක්…අනේ මාව අතාරින්නෙපා…අනේ දෙනුවන්…” මං කෑගහන්න ගත්තෙ ආයෙම මාව ගිලෙයි කියලා බයට.

” ආදි..ආදි..ආදි..අයියෝ..මේ…අහපන් බං..ගැඹුර නෑ මේක..මේ මං හිටගෙන ඉන්නෙ..හිටගෙන ඉන්න පුලුවන්…ලොකු ගැබුරක් නෑ…අපිට ඇවිදන් යතෑකි එහා පැත්තට….බහින්න දැන්..” එයා එහෙම කිව්වා..ඔව්මයි..මං දැනුයි දැක්කෙ මෙයා ශපාන් එකේ හිටගෙන ඉන්නවා..ඒ කියන්නෙ එච්චර ගැඹුර නැද්ද..වස විලි ලැජ්ජාවේ බෑ..මාත් මුකුත්ම නොකියා එයාගෙ ඇගෙන් බැස්සෙ…ඒත් මං එයාව අල්ලගෙනම හිටියෙ..එයා හිමින් හිමින් මාව අතෑරියෙ..ඒත් ඒ වතුරෙ සැරට ආයෙම මං ගහගෙන යන්න ගියේ…කකුල් බිම තියන්න හම්බුන්නෑ…මාව නිකන් පාවෙන්න වගේ ගත්තා…හොදවෙලාවට දෙනුවන්ගෙ බෙල්ල බදාගෙන ඉන්න හින්දා බයක් උන්නෑ..

” අනේ අනේ මාව අල්ලගන්න..මට බයයි…මාව ගහගෙන යනවා…” මං ආයෙම කෑගැහුවා..

” අයියෝ..මෙන්න මෙහෙ වරෙන්…” ආයෙම දෙනුවන් මාව හරහට වඩා ගත්තෙ හරිම සැහැල්ලුවට..කොහොමත් මං මහලොකු බරක් නෑ…එයා මාව උස්සගෙනම ඇල්ලෙන් එතෙර වෙලා මෙහා පැත්තට ආවා…

” දැන්වත් මගේ බෙල්ල අතාරිනවා..මාව මරන්නැතුව…” මාව බිමින් තිබ්බෙ එයා හිනා වෙවී කිය කිය..මටත් හිනා.එහෙම්මම එයාගෙන් අයින් වෙච්ච මං බැලුවෙ ඒ රූපෙ දිහා..තෙමිලා ඉන්න හින්දා කූරු කූරු තෙත කොන්ඩෙ ලස්සනට නලලට වැටිලා හරිම ලස්සනයි මෙයා…අම්මෝ..මාර සීතලයි…ඇදුම් ඔක්කොම හොදටම තෙමිලා…මගේ විතරක් නෙවේ දෙනුවන්ගෙත් ඇදුම් සේරම තෙමිලා තිබ්බෙ …

” තමුසෙ හින්දා මාත් තෙමුනනෙ…අම්මෝ…මාර සීතලයි ඒ වතුර…” දෙනුවන් කිව්වෙ දත්සෙට් එක කට කට ගාලා එකට වැදෙද්දි වෙව්ල වෙව්ල..

“අනේ සොරි දෙනුවන්..හහ්..” මට එකපාරටම ඇඩුනා..මට දුකයි ගොඩක්…එකක් එයාට මං හින්දා තෙමෙන්න උන එක…අනිත් එක මට යාලුවො මතක් උනා…අන්තිමේදි අපි දෙන්නා හරි පාර හොයාගෙන පටන් ගත්තු තැන වෙනකන් ආවට අපේ අනිත් යාලුවො..උන් දැන් කොහේ ඇත්ද…උන් තවත් කැලේ ඇතුල්ටම ගිහින් ඇති…

” අයියෝ…මැට්ටි..අඩන්නෙපා ..මං විහිලුවක් කලේ…” එහෙම කියලා එයා මගේ ඔලුවට තට්ටුවක් දැම්මා..

” යං යං..ඉක්මන්ට මේ .මගුලෙන් එලියට යං….” එයා එහෙම කියාගෙන ඉස්සර උනා…තෙමිච්ච පිටින්ම මාත් එයා පිටිපස්සෙන් ඇදුනෙ ගැහි ගැහි…

” දෙනුවන් ..අ..අර්..අර..අර පිඹුරා ඉදීද….” මං ඇහුවෙ මේ හරියෙදිනෙ අපිට පිඹුරව සෙට් උනේ..

” නෑ…ඌ නැතුව ඇති….දිවියෙක්ගෙන් බේරුන අපිට බැරිද බං පිඹුරෙක්ගෙන් බේරෙන්න….” දෙනුවන් එහෙම කිව්වා..ඔව් නේහ්..ඒකත් ඇත්ත තමා…අපි ඉක්මන්ට ඉක්මන්ට ඉස්සරහට ඇවිදන් ආවා..දැන්නං බඩ පනුවො පිනුම් ගහනවා..මාරම බඩගිනි මට…අපි කිලෝමීටර් එකක් වගේ ඉස්සරහට ඇවිදන් ආවා..ඒත්..එකපාරටම උනේ අපි නොහිතපු දෙයක්…එකපාරටම මහ වැස්සක් කඩන් හැලෙන්න ගත්තෙ අමාරුවෙන් වේලගත්ත මගේ ඇග ආයෙම තෙමන්න..නොදකින් වැහි දෙයියො නං…මෙච්චර හෙම්බත් වෙලා ඉන්න අපිව ආයෙම තෙතබරිත කරන්නයි මූ හදන්නෙ…

” එන්න ඉක්මන්ට …” දෙනුවන් මාවත් අල්ලගෙන දුවගෙන ගියේ හොදට අතු විහිදුනු රූස්ස ගහක් මුලට…අපි දෙන්නම ගහේ කදට හේත්තුවෙලා හිටියෙ වැහි බිංදුවලින් බේරෙන්න..

” නිවර්තන තෙත් වර්ශා වනාන්තරය කියන්නෙ නිකන් නෙවේනෙ..මෙහෙම හැමදවසකම වගේ නිතර නිතර වහිනවා…ශික්…” දෙනුවන් කිව්වෙ උඩ බලාගෙන…මාත් අත් දෙක පිටිපස්සට තියලා ගහට හේත්තු උනා…ඒත්…ඒත් මට මොකද්ද ඇල්ලුනා ගහේ තියලා..ඊක්කා…සතෙක්ද දන්නෑ….මං පට ගාලා පිටිපස්ස හැරිලා බැලින්නං ගහේ කද වැහෙන්න හිටියෙ පත කලු හැකරැල්ලො තොගයක්…බැලූ බැල්මට උන්ව පේන්නැත්තෙ ගහේ කදේ පාටම හින්දා වෙන්නැති…ශික්…මට ඇල්ලුනත් එක්ක…නෑ….අපි හේත්තුවෙලත් එක්ක හිටියෙ…

” හෑ…..ඊ…අර…” මං කෑගහගෙනම කදෙන් එහාට පැන්නෙ කද පෙන්නගෙන…ඒත් එක්කම මං දෙනුවන්වත් මගෙ ලගට ඇදලා ගත්තා…එයත් දැක්කා කද පිරෙන්න වහගෙන ඉන්න හැකරැල්ලො ටික..

” ඊ..මාර අප්පිරියයි ඕයි…එක්කො වැස්ස වැස්ස බලන්නැතුව අපි යං ආදි…හිරිකිතයි මේවා දැකලා…” දෙනුවන් කිව්වෙ මූණ ඇඹුල් කරගෙන..එයත් හොදට හේත්තුව දාලා හිටියෙ හැකරැල්ලො ටික උඩ…

” අනේ ඔව්..අපි යං ඉක්මන්ට …කෝ හැරෙන්න බලන්න හැකරැල්ලො ඉන්නවද බලන්න ඔයාගෙ පිටේ…” මං එහෙම කියද්දි එයා පිටිපස්ස හැරිලා පෙන්නුවා..හම්මෝ…හොදවෙලාවට එකෙක්වත් ඇලිලා නෑ…නැත්තං හදිස්සියෙවත් එකෙක් හරි හිටියොත් මට තමා අයින් කරන්න වෙන්නෙ…අපි දෙන්නා ආයෙම ඉස්සරහට ගියේ වැස්ස වැස්ස කියලා බලන්නැතුව…දෙන්නවම හොදටම තෙමෙනවා..කකුලුත් රිදෙනවා..ඒ මදිවට හරිම සීතලයි…ඒත් ඒ ඔක්කෝටම වඩා වටින්නෙ අපේ ජීවිතේ නේ..ඒ හින්දා මුකුත් කතාබහක් නැතුව අපි ඉස්සරහට ගියේ අපි කැලෑ පැන්න තැන හොයාගෙන..අනේ ඒ තැන හම්බුනොත් හොදයි…

******************************

හම්බෙයිද තැන…බේරිලා යයිද දෙන්නා..

M.Ashka Rashmi❤️

5 thoughts on “හිතුවක්කාරයෝ |දාහතරවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Lakmali lakmali

    යයි කියල හිතෙනවා කොහොම හරි යවන්න කතාව ලස්සනයියියි?????

  2. Anu Jayasingha

    Yeee huuu…..mn qwe diya ella hambei kiyla ….
    Kathawa maru dr….Good luck..Yluwo tikath ikmnt munagassanna…shakya merila ne neda….marann nm epa hodee.?

  3. Thakshi Deepali Jayasuriya

    අාව් අාව්…අාදි දෙනූ කතාව නැගලම යනවා නේද ??? හම්බෙයි හම්බෙයි…කතාව ඉවර වෙද්දි මොන මොනා වෙයිද දන්නෑ.. ??? කතාව හරිම ලස්සනයි අක්කියෝ….හෙට වෙනකල් බලන් ඉන්නේ මං

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.