Katha Ahura

අවසන් විනාඩි අට | දෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

4/5 - (1 vote)

Chapter 2 – 2

සිත මතක් සංසුන් කර ගැනීමට එලියේ තිබූ විශාල ෆයින් ගස යටට ගියෙමි…
නමුත් මට ඒ හැමතැනකින්ම මැවී පෙනුණේ සෙත්ගේ සිනාසුනු මුහුණයි..

මේ මොහොතේ ඔහු තමන්ගේ අලුත් පෙම්වතියත් සමග, ලහිලහියේ අභ්‍යවකාශයේ නව කොලනි වල මිනිසුන් පදිංචි කිරීමේ කටයුතු සිදු කරනවා ඇති…

නමුත් මා ……,
ජීවිතයේ සියලුම බලාපොරොත්තු අතහැරියද ,ඔහු වෙනුවෙන් කැපවී තවමත් බලා සිටිමි….මටම පුදුමය…

මීට සිව් වසරකට පෙර ඔහුත් මාත් පුහුණුවන අජටාකාශගාමීන් ලෙස නාසා ආයතනයට බැඳුණු හැටි….,

අභ්‍යවකාශ පුහුණු පාසලේ දී ..,
මා සමඟ එකට පුහුණුවීම්වල නිරත වූ සෙත් ගේ සිතෙහි, මා පිළිබඳ කිසියම් අදහසක් ඇති බව මට වැටහුනේ වරක් දෙවරක් නොවේ….

නමුත් මා ඒ පිළිබඳව විමසන්නට නොගියේ එය නුසුදුසු බැවිනි… සුදුසු කාලය පැමිණි පසු ඔහු ම එය පවසාවි …එහෙත් අප අතර නිරන්තරයෙන් නෙත් බැලුම් හුවමාරු විය..

සෙත් උසය… ඒ උසට ගැලපෙන මහත, ඔහුගේ කඩවසම් මුහුණ තවත් ඔප දැමිණි…
ඔහුට තිබුණේ කළු කොණ්ඩයකි…

පුහුණු පාසලේ සිටි අනෙකුත් විදේශීය කාන්තාවන් සෙත්ගේ මෙම රූප විලාසයට ඉමහත් ඇලුම් කමක් දැක්විම මට නම් තරමක ඊර්ෂ්‍යාකාරී හැඟීමක් ජනිත කර වන්නක් විය..

අපේ ප්‍රථම අභ්‍යවකාශ ගත වීම… සිකුරුගේ පථය හරහා වැටී තිබූ ඒ ගමන මගේ ජීවිතේ සොඳුරුතම අවස්ථාවයි…
අප රැගෙන ගිය ස්පුට්නික් 91 යානයෙහි මා ඇතුළු ව ගගනගාමීන් සිව් දෙනෙකු විය.. සෙත් කණ්ඩායමේ නායකයා වු අතර නීෂා, මයිකල් සහ මම ඊට ඇතුළත් විණි..

මේ විශ්වයේ කෙතරම් නම් රහස් සැඟවී ඇත්ද…?
මෙහෙයුම් මැදිරියේ තිබෙන වීදුරුවෙන් මම සිකුරු ග්‍රහයා දෙස බලා සිටියෙමි.. අඳුරු අභ්‍යවකාශයේ රතු පැහැයෙන් එය බැබලෙමින් තිබිණි…

ඒ වෙලෙහි තවත් කෙනෙකු එම දර්ශනය දෙස බලා ගෙන සිටියේ ය.

“ජාන්යා… ඈතින් වීනස් පේනවා.. මිනිස්සු කියලා තියෙන්නේ කොච්චර බොරුවක්ද ,වීනස් දෙව් දුව තමයි ලස්සනම කියලා… ඔයා වීනස්ටත් වඩා ලස්සනයි …”

සෙත් මා ළඟ ට පැමිණ මගේ දෑතින් අල්ලා ගත්තේය..
මෙහෙයුම් මැදිරියේ සිටියේ අප දෙදෙනා පමණි..,

“මං ඔයාට ආදරෙයි ජාන්යා..”

මොහොතකට මා ගල් ගැසුනෙ කුමක් කියම්දැයි සිතා ගත නොහැකි වූ නිසා ය…

ඇත්තෙන්ම එය ආදරනිය හමුවකට උච්චතම අවස්ථාවකි.. එක් පසකින් ආදරයේ දෙව් දුව… අනෙක් පසෙන් තෙරක් නොපෙනෙන අභ්‍යවකාශය…
සාමාන්‍ය පෙම්වතකුන් යුවළකට නොලැබෙන අපූරු ප්‍රේමාන්විත හමුවක්…

…………………………………………

?රන්තරු?

5 thoughts on “අවසන් විනාඩි අට | දෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ”

  1. ?K.K.Damayanthi?

    කතාව එක දිගට කියවගෙන යන්න තියෙනවානම් හොදයි කියලා හිතෙනවා අනේ මට…
    ලස්සනට ලියලා තියෙනවා ඔයා…

    ගුඩ් ලක්….. තවත් ලස්සන කතා ලියන්න…

    1
  2. Thanks dr… කතාවෙ මොනවහරි අපහැදිලි තැනක් තියෙනවා නම් මට කියන්න…

    1
  3. Thakshi Deepali Jayasuriya

    Kathawa lassanai… Wenasma themwak… Ane thawa chuttak digata thibbanm thawath hodai ??? chuttak e illima salakala balanna… Good luck oyata

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.