Katha Ahura

අවසන් විනාඩි අට | පළමු පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

3.9/5 - (7 votes)

Chapter 1 – 1

ජනේලයෙන් පෙරී ආ ආලෝක කදම්භ ,වෙනදට වඩා රක්ත පැහැයක්….

මම මදක් ඉස්සී සූර්යයා දෙස බැලුවෙමි..

රතු පැහැති යෝධ තරුවක් සේ එය ඉහළ අහසේ දිස් විය…

මේ කියාපාන්නේ සූර්යයාගේ අවසානය ළඟා වී ඇති බව නොවේ ද …?

විද්‍යාවට වැරදුණ තැන…,

පෘතුවියෙ අවසානය…,
සෞරග්‍රහ මණ්ඩලයේ විනාශය…,
වැඩි ඇතක නොවේ… තව පැය කිහිපයකින්…
මගේ ඇස් මානයේ ම…

හරියටම මීට වසරකට පෙර එම විනාශයේ ආරම්භය සිදුවිය….,

“මෙච්චර කාලෙකට අපි හිතාගෙන හිතපු හැම සිද්ධාන්තයක් ම වැරදි උපකල්පන මත ගොඩනගපු ඒවා… සූර්යයා ගෙ ආයුකාලය වසර මිලියන සියයක් කියලා ගණනය කරාට, ඇත්තටම තව වසරකින් සුර්යයාගේ අවසානයේ සිද්ධ වෙනවා….”

දේශන ශාලාව මීයට පිම්බාක් මෙන් විය..
දේශකවරයා දිගටම තම අපබ්‍රංශ කතාව කරගෙන ගියේය…

“අපි අහල තිබුනේ සූර්යයා රතු තරුවක් වෙලා ඉන්පසුව සුදු වාමන යෙක් ලෙස අවසන් ගමන් යන බවයි.. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ හරය සිසිල් වීමට පටන්ගෙන එය මතුපිට කබල දක්වා සිසිල් වී ගෙන පැමිණ මුළු තරුවම එකවර නිවී යාමයි …
තියෙන ප්‍රමාණයට වඩා මදක් විශාල වු රතු පැහැති තරුවක් විදියට අවසාන කාලයේ දී සූර්යයා ව අපට දැක ගැනීමට හැකි වේවි…”

නාසා ආයතනයේ එතෙක් පැවති සන්සුන් බව බිඳ දැමීමට තරුණ විද්‍යාඥවරයාගේ ඒ නව සොයාගැනීම සමත්විය…..

මේ දේශනය සිදු කරන විට මටද එහි අසුනක් වෙන් වී තිබිණි.. මට සැනෙකින් බැලුනේ සෙත් දෙසයි.

ඔහු විද්‍යාඥයා වෙතට තම උපරිම අවධානය යොමුකර සිටියේ.., මාදෙස බැලීමක් සිදුනොවුනේය..

“දැන් එතකොට මොකක්ද මේකට කරන්නේ.. ?
අපිට තියෙන්නේ තව අවුරුද්දයි..”
හන් මහචාර්යවරයා ප්‍රශ්න කළේය..

“හරියටම කිව්වොත් තව අවුරුද්දයි විනාඩි අටයි තත්පර විස්සයි..”
තරුණ විද්‍යාඥයා ජේඩ්න්, පැවසුවේය….

“ජේඩ්න්.., මොකක්ද මේ විනාඩි අටේ කතාව…?”
ඒ සෙත්…

“ඔව්.. මම පැහැදිලි කරන්නම්.,
අපි දන්නවා …,
සුර්යයා ගෙ සිට පෘථිවියට තියෙන දුර කිලෝමීටර් 150,000,000..
එතකොට සූර්යාලෝකය ගමන් කිරීමේ වේගය තත්පරයට කිලෝමීටර් 300,000 යි..
තත්පර එකකදි කිලෝමීටර් 300,000 දුර යන ආලෝකයට කිලෝමීටර් 150,000,000 ක දුරක් යන්න ගතවන කාලය කීයද….?”

“තත්පර 500 යි..”

“ඔව් හරියටම හරි….
ආලෝකයට සූර්යාගේ ඉඳලා පෘථිවියට ඒමට විනාඩි අටයි තප්පර 20ක් ගතවෙනවා ….

අප හිතමු මේ මොහොතේ සූර්යයා විනාශ වුණා කියලා… අවසාන මොහොතේදී සූර්යාගෙන් නිකුත් වූ ආලෝකය සූර්යයා විනාශය වී විනාඩි අටයි තප්පර 20 ක් ගියපසු පෘථිවියට ළඟා වෙනවා…
ඒ තමයි සූර්යාගෙන් නිකුත් වූ අවසාන ආලෝකය …

“ඒ කියන්නේ සූර්යයා සම්පූර්ණයෙන් විනාශ උනාට පස්සෙ..,
පෘථිවියට තව විනාඩි 8ක කාලයක් ජීවත්වීමට වාසනාව තියෙනවා….”

“ඒ වාසනාවන්ත කාලය ඉවර උනාට පස්සේ…?”
මහාචාර්ය කබීර් තම උපැස් යුගල නලලේ රඳවා තැබීය..

“විනාඩි අට ඉවර උනාට පස්සේ සූර්යයා මිය ගිය බව නොදැන සිටි පෘථිවිය එය දැනගන්නවා.. එක්වරම පෘථිවිය අන්ධකාරයෙන් වැසී යනවා.. ඒත් එක්කම මෙතෙක් වෙලා සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබු පෘථිවිය, ගුරුත්වාකර්ෂණ බලය නොමැති කම නිසා තමන්ගේ පථයක භ්‍රමණය වෙන්න ගන්නවා… බොහෝ විට මෙම මාර්ගය සරල රේඛීය මාර්ගයක් වේවි… මගේ ගණනය කිරීම් වලට අනුව එහෙම සරල රේඛීය පථයක ගමන් කරන පෘථිවිය අඟහරු ග්‍රහයා හා ගැටීමට 85%ක පමණ සම්භාවිතාවක් තියෙනවා..”

එක් වරම කවුරුන් හෝ ,කුළු ගෙඩියකින් හිසට පහර දුන්නාක් මෙන් මට දැනුණි..

…………………………………………

?රන්තරු?

12 thoughts on “අවසන් විනාඩි අට | පළමු පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ”

  1. Ashka Rashmi

    Wow..niyamai.mn marama asai vidya prabanda kiywnna.onna rantaru mn hamadama oyge kathawa ada idala kiyawanna ptn gtta…ada kotasa oya lassanata liyla tibba..hamadama digata kotas danna dr..gud luck

    1. Thank you Ashka.., කතාව ඔක්කොම ලියල ඉවරයි.. ඒක නිසා එකදිගට යනවා..

      Thank you Admin for publishing and මං හිතපු විදියට ම cover photo එක දාලා..

      1. Admin Laara

        Welcome ❤ ඉතින් ඒකනේ කිව්වේ වෙලාව එනකං ඉන්න කියලා. කතාව ලස්සනයි. මාත් ගොඩක් ආසයි විද්‍යා ප්‍රබන්ධ. තව එකක් ලියන්න ඕනේ මේක ඉවරවෙන්නෙ කලින් ?

        2
  2. Ashka Rashmi

    Wow..niyamai.mn marama asai vidya prabanda kiywnna.onna rantaru mn hamadama oyge kathawa ada idala kiyawanna ptn gtta…ada kotasa oya lassanata liyla tibba..hamadama digata kotas danna dr..gud luck ❤️

  3. ?K.K.Damayanthi?

    ශා ලස්සන ආරම්භයක් … ඒ වගේම අලුත් තේමාවක්…. ඔයාගෙ උත්සාහය සාර්තක කරගන්න් මන් මගෙ මුලු හදවතින්ම සුභ පතනවා….

    ??????

    තවත් ලස්සන කතා ලියන්න මේ වගේම…??

  4. Thakshi Deepali Jayasuriya

    නියමයි….මං අාසයි විද්‍යා ප්‍රබන්ධ වලට ගොඩක්….අාරම්භය නියමයි…බලන් ඉන්නවා ඉතුරු ටිකත් කියවන්න….සුබ පැතුම් මගෙන්

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.