Katha Ahura

නොපැතූ සෙනෙහෙ | හතලිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

4.8/5 - (6 votes)

❤️නොපැතූ සෙනෙහෙ❤️

~හතලිස්තුන්වන දිගහැරුම~

මේ මහ රෑ එලියෙ ඉද්දි හුලග එන එක පුදුම දෙයක් නෙවෙයිනෙ.. ඒත් ඒ හුලග ආව විදිහට හිත පොඩ්ඩක් ගැස්සුනා.. ඒත් දේව් මං ලග නිසා ඒ අවුලක් උනේ නෑ..

“තව ගොඩක් වෙලා යයිද දේව් ඕක හදන්න?”

“තව පොඩ්ඩයි තෙනූ..”

“හ්ම්ම්ම්ම්..”

එකපාරටම මගෙ කකුලෙ මොනා හරි ගෑවෙනවා ගෑවෙනවා වගේ දැනෙනවා..

අයියෝ.. කෑ ගහලා චාටර් වෙන්නත් බෑ.. ඒ මදිවට ඒ මොකද්ද කියලා බලන්නත් බයයිනෙ මට.. අනේ..

“ම්..මේ.. දේව්.. ම..ගෙ.. ක..කකුලේ මොනාද ගෑවෙනව වගේනේ..”

දේව් ඉක්මනට මගෙ අතින් torch එක උදුරගෙන torch එකේ එලිය මගෙ කකුල් දෙකට ඇල්ලුවා..

“හා.. හාවෙක්..”

එතන හිටියෙ දුඹුරු පාට හාවෙක්.. මේ වෙලාවේ මෙහෙම කකුල් දෙක ලගටම කොහොමද හාවෙක් එන්නේ.. මං වගේම මිනුත් ඒක දැකලා පුදුම උනා කියලා මං දැක්කෙ ඇස් දෙකත් ලොකු කරගෙන ඒක දිහා බලාගෙන හිටපු නිසා..

“තෝයි හාවෙක්.. අම්මේ මට ඌව ඕනි..”

“ඌව අල්ලන්න යන්න එපා පුතේ.. කෝ එන්න..”

අර පොඩි මල්ලි ඌව අල්ලන්න යන්න හදද්දි අක්කා එයාව අල්ලගත්තා.. දේව් ඒ හාවව එලෝ දැම්මා.. දේව් ආයිමත් light දෙක හදන්න ගත්තා.. එතකොටම මට ඒ හරියෙන් නහය කඩාගෙන යන තරමේ ගදක් ආවා.. ඒ මදිවට පොදේකුත් ගහන්න ගත්තා..

“ශිට්.. වැස්සකුත් එන්න වගේ යන්නේ.. ඔයා ඇතුලට යන්න තෙනූ..”

“ද්.. දේව්.. මට මහ අමුතු ගදක් ආවනේ..”

“පිස්සුද.. මටනම් එහෙම එකක් ආවේ.. විකාර නොහිතා ඉන්න…”

වෙලාවත් 8.15යි.. මටනම් දැන් මෙතන ඉන්නත් බයයි වගේ.. මුලින්ම හුලගක්.. ඉටපස්සෙ හාවෙක්.. ඒ මදිවට ගදකුත් ආවානේ.. විකාර.. මං මේ බොරුවට බයවෙලා..

“හරි හැදුවා.. අපි යමු..”

අපි towන් එකට ගි‍යා.. ඕනි බඩු ටිකත් අරගෙන කලින් පාරෙන්ම තමා ගෙදර ආවේ..

ටික දුරක් එද්දි අර හාවා පාර මැදට වෙලා ඉන්නවා.. ඌ බේරුනෙ නූලෙන්..

මායි මිනුයි බඩු ටික දීලා ආයිමත් දේව් හිටපු තැනට ආවා.. ඒ එද්දි දේව් අපිට උන සිද්දිය යාලුවන්ට කිය කිය හිටියෙ..

තාත්තටත් ඒක ඇහිලද කොහෙද අපි හිටපු හරියෙන්ම වාඩි වෙලා කතාව අහන් හිටියා.. ඉටපස්සෙ තාත්තා කතා කරන්න ගත්තා..

“එතන්ට ආවේ හාවෙක් නෙවෙයි පිල්ලියක්..”

ඒක කියද්දිනම් කට්ටියගෙම ඇස් නලලට ගියා.. කට්ටිය හරි බරි ගැහිලා ඉදගත්තෙ කතාව අහන්න..

“ඉස්සර ඔය හරියෙ තිබ්බෙ පතලයක්.. එකෙ වැඩකරපු මිනිහෙක්ගෙ ඔලුවට දබරයක් වැටිලා තියෙනවා.. ඒ දබරෙ ගැලවෙන්න විදිහක් තිබ්බෙම නෑලු.. ඒක වැටුනෙ කොහොමද කියලා එතන හිටපු කට්ටියටම පුදුම හිතිලා තියෙනවා..”

කට්ටිය වචනෙකින්වත් ඒ කතාවට බාධා නොකර අහන් හිටියෙ හරියට පුංචි ළමයි ටිකක් සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ..

“ඔතබ ලොකු නිධානයක් තියෙනවලු.. ඒ නිධානෙ ගන්න බැරිවෙන්න එතන බහිරවයෙකුත් හිරකරලලු තියෙන්නේ.. වෙනදට ඔය පාරේ ඉන්නේ කලු කොට මනුස්සයෙක්ලු.. ඔය පාරේ ගිහිපු අය එක එක කරදරවලටත් මුහුණ දීලා තියෙනවා..
පුතා ඔයින් බේරුනා ඇති..”

ඒ කලු කොට මනුස්සයගෙ කතාවනම් මාත් අහලා තියෙනවා.. ඒත් මගේ හිතේනම් ඕවා ගැන වැඩි විශ්වාසයක් නෑ..

*********************************

මළගෙදර කටයුතු අවසන් උනාට පස්සෙ අපි කට්ටිය ගෙදර එන්න ලෑස්ති උනා..

තාත්තගෙ ආරාධනය නිසා දේව්ලත් අපිත් එක්කම ගෙදර යන්න තීරණය කලා..

දේව් එයගෙ යාලුවොත් එක්ක පැලඩුල්ලෙන් බැස්සා.. අපි කට්ටිය එහෙම්මම ගෙදර ආවා.. මිනුත් එයාලගෙ ගෙවල් ලගින්ම බස්සවලයි අපි ආවේ..

ගෙදර ආපු ගමන්ම මං කලේ මහන්සිය යන්නත් එක්ක wash එකක් දාගෙන නිදාගත්ත එක..

පැට තුනක විතර නින්දකින් පස්සෙ මං අහරලා දේව්ට call එකක් ගත්තා..

“හෙලෝ පැටියෝ.. මං දැනුයි ඇහැරියෙ..”

“මාත් නිදාගෙන හොටියේ.. ඔයාගෙ call එකට ඇහැරුනෙ..”

“මං දැනන් හිටියෙ නෑනේ.. ඔයා එහෙනම් තව ටිකක් දෝගන්නකෝ..”

“නෑ නෑ… කතා කරනවනම් මට නිදාගන්න ඕනිත් නෑ..”

“ඒක නෙවෙයි.. ඔයා කවද්ද අපෙ ගෙදර එන්නේ..”

“කවද්ද මං එන්න ඕනි.. ඔයාම කියන්නකො මැණික..”

“ම්ම්ම්ම්ම්.. ඔයා එහෙනම් next week එකේම එන්න දේව්.. තාත්තා ආයිත් ඒ ගැන මගෙන් අහන්න කලින් ඔයා ඇවිල්ලා අපේ affair එක ගැන කියනවනම් මං කැමතී..”

“හරි.. මං මේ sunday එන්නම්.. තාත්තත් ගෙදරනෙ එදාට.. නේද..”

“ඔව් ඔව්.. එදාට එන්න එහෙනම්.. එහෙනම් දැන් හොද ළමයා වගේ නිදාගන්නකෝ.. ඇහැරුනාම call කරන්න..”

“හරි මැණික.. i love u.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..”

“I love u 2… උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..”

*********************************

වෙනදා වගේම උදේම මං ඇහැරියෙ සතුටින්.. ඒත් ඒ සතුට නැතිවෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ලගින් ඉදන් ආදරය කරන දෙන්නෙක්ට දුරස් වෙලා ඉන්න ගොඩක් අමාරුයි…

❤️❤️❤️

තෙනූගේ සතුට නැතිවෙන්න යන ඒ කාරනේ මොකද්ද කියලා දැනගන්න හෙට එන්න..

4 thoughts on “නොපැතූ සෙනෙහෙ | හතලිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. lakmali kumarasinghe

    අනේ දේව් ටනම් තෙනූව නැති කරන්න එපා කතාව ලස්සනයි ලැබුවාවු නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!

  2. ?K.K.Damayanthi?

    අනේ මේ මොකක්ද මේ වෙන්නෙ… ඇයි තෙනූට මොකද වෙන්නෙ… දේව්ට කරදරයක්වත් වෙනවද… මට හිතෙන්නෙ දේව්ට මොකඛරි වෙනවා ඇති.. අර කලු කොල්ල එයිද තෙනුව සහයට ගන්න…???

    අනේ ඒම නම් කරන්න් එපා… දේව්වයි…. තෙනුය්වයි එකතු කර්න්න… නැත්නම් මට පිස්සුහැදෙයි…

  3. Chathu indeewaree

    තෙරුවන් සරණයි මැණික . සුබ උදෑසනක් වේවා! මුලින්ම මම උදාවූ මේ නව වසර ඔයාට සුබම සුබ වෙන්න කියලා හදවතින්ම පතනව..ලස්සනයි කතාව අදත්. මම බයෙන් හිටියෙ අවසාන හරිය හොල්මන් කතාවක් බවට පත්වෙයි කියලා..අම්මෝ ඒම නොවුණ එකනම් ලොකු දෙයක්. දේව් & තෙනූ වෙන් කර්න්න එපා සුදූ. පව් ඒ දෙන්නා. මේ කතාවටත් ලස්සන අවසානයක් ලබාදෙන්න.

    ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් , ඉදිරියටත් ඔයාගේ ආදරණීය පාඨකයින් වෙනුවෙන් ලස්සන අර්ථවත් කතා ලියන්න.

    සුවඳැති මල් කෙමි ලොවට හොරා
    විකසිතවී මිලිනව යාවී..
    උපදින නව මල් කැකුළු වලින්
    නැවුම් සුවඳ විසිරී යාවී…
    දින සති ගෙවෙනා දිනය පුරා
    කාලය ඉගිළී සැඟවේවි..
    එහෙත් උදාවන නව වසරේ
    නැවුම් හැඟුම් තව පිබිදේවී..
    ????????????
    රෝසමල් මිටක් නොව ජීවිතය හැමදාම
    දුක් කඳුළු සෝ සුසුම් මතුව එයි වරින් වර
    අතීතය මුවාකළ තිබුණිනම් දුක් ගැහැට
    සියල්ලම ඉවත් වී
    නැවුම් හෙට දිනක් වී
    යස ඉසුරු මල් පිපුණු
    සතුට සැනසුම පිරුණු
    පැතුම් ආසිරි මිටක්
    අළුත් අවුරුද්දකට…

    සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා!!!

  4. හැමෝටම ගොඩක් ස්තූති..

    ඒ වගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි සිතූ පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.