Katha Ahura

ආශාවරී |අවසාන කොටස|නවකතාව |කතා අහුර රචක

1.8/5 - (66 votes)

❤අවසාන කොටස❤

“අපි ආයෙ හම්බෙන එකක් නැද්ද මචං….??” අන්තිම පේපරේ ලියලා අවසන් වෙලා එලියට එනගමන් පැතුම් ඇහුවෙ සදෙව්ගෙ උරහිසට තට්ටුවක් දාලා…

” නෑ…අපි ආයෙම හම්බෙයි පැතුම්…මේක පුංචි රටක්….මහ ලොකු දුරක නෙවේනෙ අපි ඉන්නෙ…අපි ආයෙ ඉක්මන්ටම හම්බවෙයි…” සදෙව් ලොකු හුස්මක් පිටකරන ගමන් කිව්වෙ…යාලුවො කට්ටිය හැමෝටම සමුදීලා එන්න ආවෙ ඉස්කෝලෙන් එලියට යන්න…ඒත් සදෙව් විතරක් ඉස්කෝලෙ තනි උනේ ඔහුට ඕන කලා තමන් අවුරුදු දෙකක් පුරාවට ඉගෙනගත්තු මේ පාසල් බිමේ අවසන් වතාවට ඔහුගෙ පියවර සටහන් තියලා එන්න….ඔහු ඉස්සෙල්ලාම ගියේ ඔහු ඉගෙනගත්තු පංති කාමරේට…පංතියෙ දොරකඩට වෙලා ඇතුල බලන් හිටිය සදෙව්ගෙ දෑස් කදුලින් බොදවෙලා ගියේ මේ පංති කාමරය තුල දිගහැරුන ඔහුගෙ ඒ සොදුරු අතීතය මතක් වෙලා..තමන් ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට ආව හැටි…ෆයිල් කවරය පපුවට තුරුල් කරන් ඩෙස් පේලි අතරින් ගුරු මේසෙ ලගට ගිය හැටි….කවදාවත් නැතුව ජීවිතේ පලවෙනි වතාවට ගැහැනු ලමයි ඉන්න පෝලිමක වාඩිවෙන්න උන හැටි…..ඔහුට ආශාවරීව මුණ ගැහුන හැටි…ඇය වෙනුවෙන් නිරාශාගෙන් කම්මුල් පාරක් කාපු හැටි වගේම එකම ඩෙස් පෝලිමේ ඇය හා ගත කල හැම සොදුරු මතකයක්ම සදෙව්ට මැවි මැවි පේන්න ගත්තා….පංතියට හෙමි හෙමින් අඩිය තිබ්බ සදෙව් තමන් වාඩිවෙලා හිටි තමන්ට අයත් පුටුවෙ ඇන්ද සීරුවෙන් ස්පර්ශ කලේ ඔහුගෙ දෑස් මුලු පංති කාමරය පුරාම විහිදුනා…..ඔහු ඉගෙනගත්ත කලු ලෑල්ල…ගුරු පුටුව..ගුරු මේසය…මේ හැමදෙයක්ම දැන් අයිති මොවුන්ට පසුව එන නංගිලා මල්ලිලාට….සදෙව්ට අයිති ඒ මතකයන් විතරයි….කදුලු පිරුනු දෑසින් පංති කාමරේ දිහා දුකෙන් බලා හිටිය සදෙව් ආයෙම පඩිපෙල් බැහැලා බිල්ඩින් එකෙන් එලියට ආවා….අවුරුදු දෙකක් පුරාවට සිප් සතර ඉගෙනගත්තු මේ විදු මාතාවට සමුදෙන්න සදෙව්ට දුකයි…ඒත් මොනා කරන්නද…කාලය ආවම සමහර දේවල් අපිට සදහටම අත ඇරලා දාන්න වෙනවා…ගානට මැදලා කරලා ඇදන් එන මේ සුදු ඇදුමට දැන් සමුදෙන්න කාලය ඇවිත්…මේ විදු මව් තුරුලෙ හුරතල් වෙවී හැදුන මේ සුදු පරවියන්ට දැන් ඉගිලෙන්න කාලය හරි…මේ පවන…මේ පොලොව…මේ ගස්වැල් දැන් අයිති ඔවුන්ට නෙවේ….පාසලෙන් එපිට කඨෝර බිමක ඉස්සරහට පය තියන්න වෙන්නෙ….ආරක්ෂා කරන්න ,ඔවදන් අනුශාසනා දෙන්න ගුරුවරු කිසිවක් නැති තමා විසින්ම තමාගෙ අනාගතය ගොඩනගාගත යුතු කාලයක් මොවුන්ට උදාවෙන්නෙ….ඒ කාලයට මොවුන් කොහොම මුහුණ දෙයිද….මේ අයගෙන් කී දෙනෙක් ඒ අනාගතය සාර්ථක කරගනීද…එය කාලයටම භාරයි…

සදෙව් ටික ටික ඉස්සරහට එන්න ආවෙ ඔහු වටපිට බල බල පාසලේ මතකයන් හිත ඇතුලෙ හිරකරගත්තා .ඔහුගෙ පය ඉබේම යොමු උනේ පිට්ටනියට…..පිට්ටනියට ගිය සදෙව් පියමැන්නෙ ඔහු වඩාත් ආස කරන සුදු අරලිය ගහ යටට..

මේ ගහ….මෙතන කොච්චර මගෙයි ආශාවරීගෙයි මතකයන් ඇත්ද..හ්ම්…..ආයෙ මේ ගහ අපිට අයිති නැහැ…ගහ විතරක් ද…දැන් මේ මුලු ඉස්කෝලෙම අපිට අයිති නැහැ….

සදෙව් අරලිය ගහ දිහා දුකෙන් බලා හිටියෙ ඔහුගෙ දෑස් ඉබේම යොමු උනේ එදා තමන් ආශාවරී එක්ක එකතු වෙලා ගහේ කදේ කොටපු ඔවුන් දෙදෙනාගෙ නම් දෙකේ මුල් අකුරු දිහාට..හදවත පුදුම විදිහට වේදනා දෙන්න ගත්තෙ ආයෙ මේ වටපිටාව ඔවුන්ට අයිති නැතිබව මතක් වෙලා… ආයෙ ඔවුන්ට සිසුන් විදිහට ඉස්කෝලෙ එන්න බැරි බව මතක් වෙද්දි සදෙව්ගෙ දෑස් වල කදුලු එලියට කඩන් පැන්නා …ඇස් වලින් වැටෙන කදුලු දෑතින්ම පිහිදගෙන සදෙව් ආපිට හැරුනෙ ඉස්කෝලෙන් එලියට එන්න…පිට්ටනියෙන් එලියට ආව සදෙව් සුදු අරලිය ගස් පේලි අතරින් ගේට්ටුව දිහාට පියමැන්නෙ තවත් එක වතාවක් ඉස්කෝලෙ දිහා හැරිලා බලන ගමන්මයි….

කාලය ටික ටික ගෙවිලා ගියා…රුහාන්ගෙ වගේම ආකේශ්ගෙ මරණෙන් පසුව මසක් ගතවෙලා ගියා.කුසුම්ගෙත් අසනීප සම්පූර්ණයෙන්ම සුව අතට පත්වෙලා යද්දි මහේශ් එක්ක තිබ්බ සියලු අමනාපකම් දුරුවෙලා ඒ පවුල් දෙක ආයෙම එකතු උනේ ඒකට ප්‍රධානම හේතුව සදෙව් සහ ආශාවරී …ආකේශ්ගෙ මරණය කුසුම්ගෙයි මහේශ්ගෙයි හිත් වේදනාවට පත් කලා උනත් කාලයත් එක්ක ඒ වේදනාව යටපත් වෙලා ගියා .රුහාන්ගෙ අහිමි වීම ආකාශිට නං ගොඩක් ලොකු අඩුවක්…පාලුවක්..තනිකමක් දැනුනා… ..රුහාන්ගෙ ආත්මය කිව් ලෙසටම ආකාශි රුහාන් නිසා මවක් වෙලා තිබුනා….ඇය රුහාන් නිසා ගැබ් අරන් ඇති වග දැනගත්ත මහේශ්ට වගේම නදීකාටත් ඇය ගැන ඇති උනේ ලොකු දුකක්.නදීකා කොච්චර ඇවටිලි කලත් ඒ දරුවව නැති කරලා ආයෙම අලුතින් ජීවිතේ පටන් ගන්න කියලා….ආකාශි ඒ කිසිවක් කනකට ගත්තෙ නැහැ….

” බෑ මමී..මට මෙච්චරයි මගේ රුහාන්ගෙන් ඉතුරු උනේ…මං මේ දරුවව හදාගෙන තනියම ජීවත් වෙනවා.. …ඔයාලට මාව කරදරයක් නං…මං දුර ඈතකට ගිහින් ජීවත් වෙන්නං මමී….ප්ලීස් ..මට දරුවව අත අරින්න කියල නං කියන්නෙපා…ඒක කවදාවත් වෙන දෙයක් නෙවේ….” ඒ තමා ආකාශිගෙ අවසන් තීරණය උනේ….ඇයගෙ තීරණයට මහේශ්ගෙ නං අකමැත්තක් තිබුන්නෑ….රුහාන්ට ඇය අතිශයින්ම ආදරේ වග මහේශ් දන්නවා…ඒ නිසාම ආකාශි කවදාවත් රුහාන්ගෙ දරුවව නැති කරගන්නැති වග මහේශ්ට තේරුනා…ඒ හින්දම ආකාශිට ඇයගෙ දරුවව හදාගෙන ජීවත් වෙන්න වටපිටාව මහේශ් හදලා දුන්නා….ඔහුගෙ බිස්නස් වලින් සමාන ප්‍රමාණයක් ආකාශිටත් සමාන ප්‍රමාණයක් ආශාවරීටත් බෙදලා දුන්නෙ දෙමව්පියො වශයෙන් ඔවුන්ගෙන් වියයුතු යුතුකම් ඉටු කරන්න.

දෙසැම්බරයේදී සදෙව්ගෙ විභාගෙ ප්‍රතිපල ආවා…ඔහු ගොඩක් හොදට විභාගෙ ලියලා තිබුන්නෑ…. බයෝ වලට ඒ සාමාර්ථයක් ,කෙමිස්ට්‍රි වලට බී සාමාර්ථයක් වගේම ෆිසික්ස් වලට සී සාමාර්ථයක් ඔහු ලබාගත්තෙ….වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ඔහුට ප්‍රමාණවත් ලකුනු තිබුන්නෑ….ඒ නිසාම සදෙව් තීරණය කලා ආයෙම වතාවක් විභාගෙ ලියන්න…සදෙව් විතරක්ද…ආශාවරීත් ආයෙම විභාගෙ ලියන්න හිතුවෙ ඇයට පලමු වතාව මග හැරුන නිසා..හැමෝගෙම කැමැත්ත මත සදෙව් ආශාවරී ආයෙම වතාවක් උසස්පෙල විභාගෙ ලියන්න රිවිශන් පංති වලට සහභාගි උනා…ඒ අතරෙම ආකාශිගෙත් දරුවා ලැබෙන්න කාලය ටික ටික ලං උනා….ඇගේ කුස පරීක්ශාවට ලක් කරපු වෛද්‍යවරුන් කිව්වෙ ඇයට දරුවන් දෙදෙනෙක් එනම් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නෙ කියලා….එය ඇහුන ආකාශිගෙ මුහුණ සතුටින් පිරිලා ගියේ රුහාන් ඇය ලග දැන් හිටියනං ඔහු කොච්චර සතුටු වෙයිද කියලා ඇයට හිතුනා…..

බලන්න රුහාන්….ඔයාගෙ ආදරේ …දැන් මට දෙගුණ වෙලා ලැබෙන්නයි යන්නෙ…අනේ ඔයා මං ලග හිටියනං…ඔයා කොච්චර සතුටු වෙයිද….මට පින නැහැ ඔයාගෙ ඒ හිනාවෙන මූණ දකින්න රුහාන්…කමක් නෑ….ඔයාගෙ ලේ දැන්මගෙ කුස ඇතුලෙ මෝරන්නේ රුහාන්..මං පරිස්සමින් බලාගන්නවා අපේ ආදරේ දරුවො දෙන්නව…..

ආකාශි හිතන්න ගත්තෙ ඇයට දැඩි වේදනාවක් ..ලොකු පාලුවක් දැනෙන්නෙ රුහාන්ගෙ අහිමි වීම…ඒ දගකාර ආදරේ නැතුව ආකාශිගෙ මුලු ජීවිතේම පාලුවෙලා ගිහින්…හැබැයි ඒ පාලුව තනිකම මකන්න ඉක්මන්ටම අලුත් සාමාජිකයන් දෙදෙනෙක් එන්නයි හදන්නෙ…රුහාන්ගෙන් අහිමිව ගිය ආදරේ ඇයට ඇගේ දරුවන් දෙදෙනගෙන් අනිවාර්යයෙන්ම ලැබේවි…ඒ ගැන හිතෙද්දි නං ආකාශිට අනාගතය ගැන…ජීවිතය ගැන බයක් නැහැ…

” අනේ මට පුදුම සතුටුයි නංගි….රුහාන් හිටියනං එයා මැරෙන්න හදයි සතුටට….” ආකාශි ඇස් වල කදුලු පුරෝගෙන කිව්වෙ ආශාවරීටත් හරිම සතුටුයි ආකාශිට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න නිසා…

” හ්ම්….ඔව් අක්කා…අනේ ඔයා හරිම ලකී….දරුවො දෙන්නෙක් ලැබෙන්න ඉන්නෙ….අනේ මට ඉවසිල්ලක් නෑ ඔයාට බබා හම්බෙනකන්….මට හරි ආසයි එයාලව වඩා ගන්න තුරුල් කරගෙන ඉඹින්න….අනේ ….” ආශාවරී සතුටින් කිව්වෙ ඒත් එක්කම ඇගේ දෑස් කදුලින් පිරිලා ගියා..ඇගේ මූණෙ ක්ශනික වෙනස අදුනගත්ත ආකාශිගෙ මූණ අදුරු වෙලා ගියේ තමන්ට වගේ ආශාවරීට මවක් වෙන්න බැරි බව මතක් වෙලා….

” ආශී…?? ඇයි මේ නංගි….ම්…” ආකාශි දුකෙන් ඇහුවෙ ආශාවරී කදුලු පිහිදගන්න උත්සාහ කලා..

” නෑ….මුකුත් නෑ අක්කෙ….”

” නැත්තෙ නෑ ආශී….මේහ්….මේ බලන්න…” ආකාශි එහෙම කියන ගමන් තමන්ගෙ ඉදිරියට නෙරලා තියෙන කුසට ආශාවරීගෙ අත බලෙන්ම තිබ්බෙ ආශාවරීගෙ ඉකි බිදුම තව වැඩි උනා…

“ඔයා කැමති නැද්ද ආශි මගේ දරුවො දෙන්නාට මං වගේම තවත් අම්මෙක් වෙන්න.ම්…. මේ දරුවො දෙන්නට අම්මලා දෙන්නෙක් වැඩි වෙන්නෙ නෑ ආශි….මං කැමතියි මං වගේම ඔයත් මේ දෙන්නට අම්මා කෙනෙක් වෙනවට….මගේ දරුවො කියලා නෑ ආශි…මේ දෙන්නා ඔයාටත් අයිතියි දැන්….මේ මගේ විතරක් දරුවො නෙවේ …මේ ඔයාගෙත් දරුවො දෙන්නා….මේ අපේ දරුවො දෙන්නා ආශි….මේ අපේ දරුවො දෙන්නා….මේ දරුවො හරිම වාසනාවන්තයි ….මෙයාලට අම්මලා දෙන්නෙක්ම ඉන්නවා දැන්….” ආකාශි කදුලු මැදින්ම හිනාවෙලා කිව්වෙ ආශාවරීගෙ හිතටත් දැනුනෙ ලොකු සතුටක්…ඇය කවදාවත් මේ වගේ දෙයක් අපේක්ෂා කලේ නැහැ…

” ඔය ඇත්තමද අක්කෙ….අනේහ්…ඔයා කොච්චර හොදද..මං කොච්චර වාසනාවන්තයිද ඔයා වගේ අක්කෙක් ලබන්න….i love u අක්කෙ…i love u soo much….” ආශාවරී සතුටින් ආකාශිව වැලද ගත්තා ..

මාස අට හමාරකින් ආකාශිට දරුවන්ව ලැබුනා…විශම නිවුන්නු දරුවන් දෙන්නෙක් ඇයට ඉපදුනෙ….දෙන්නම පිරිමි දරුවන් ….සුදුම සුදු පාට ලස්සන බෝල ගෙඩි දෙකක් වගේ රුව තිබ්බ ඒ කිරි කැටියන් දෙන්නා වැඩිපුරම රුහාන්ගෙ හැඩරුව අරන් ඇවිත් තිබ්බෙ….

” අනේ…හරිම ශෝක් අනේ මේ දෙන්නා…” ආකාශිගෙ දරුවන් දෙදෙනව හුරතල් කර කර ආශාවරී කිව්වෙ ඇයට නං පුදුම තරම් සතුටක් දැනෙන්නෙ….ඇගේ මුහුණ දිහාම බලා හිටිය සදෙව්ගෙ මූණ අදුරු වෙලා ගියේ වෙන කෙනෙක්ගෙ දරුවන්ට මෙච්චරටම ආශාවරී ආදරේ කරනවනං තමන්ගෙම දරුවෙක්ට ඇය කොච්චර ආදරේ කරයිද කියලා හිතලා….ඒත් තමන්ගෙම දරුවෙක් නලවන්න ආශාවරී පින්කරලා නැති වග මතක් වෙද්දි සදෙව්ගෙ හිත පුදුම විදිහට වේදනා දුන්නා……

අනේ රත්තරං …ඔය මූණෙ හිනාව කොච්චර වැඩිවෙයිද ඔයාගෙම දරුවෙක් අතේ හිටියොත්…..ඒත් ..ඒත් ඒක කවදාවත් වෙන්නෑනෙ…කමක් නෑ.දරුවන්ගෙන් නොලැබෙන ආදරේ මං ඔයාට දෙනවා ආශාවරී ..ඔයාට කිසිම දුකක් නොදී පණ වගේම පරිස්සමින් ඔයාව බලාගන්නං….අපිට අපි විතරක් හොදටම ඇති සතුටින් ජීවත් වෙන්න..

සදෙව් ආශාවරී දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තෙ ආශාවරී එක් දරුවෙක්ව වඩාගෙනම සදෙව් ලගට ආවෙ හිනාවෙවී .

” මේ බලන්නකො සදෙව් ….මේහ්…අනේ මෙයා ශෝයි අනේ…..හරිම සිනිදුයි…ඔයත් වඩාගන්න සදෙව් …ආ….” ආශාවරී සතුටින් හිනාවෙවී දරුවව හරහට වඩාගෙනම සදෙව්ට කිව්වෙ සදෙව් ආශාවරී දිහා ආදරෙන් බලා හිටියෙ .කිරි කැටියා දිහා බලපු සදෙව්ට දරුවා ගැන ලෝභ කමක් හිතුනෙ ඒ තරමටම හුරතල් දරුවෙක් ඒ….සදෙව් ආසාවෙන් දරුවව අතට අරන් පපුවට හේත්තු කරන් හිටියෙ අනේ ඒ දරුවාගෙ උනුසුමට සදෙව්ගෙ දෑස් කදුලින් පිරිලා ගියා…ඔහුට හිතුනෙ කවදාවත් ආයෙ මෙලෙස තමන්ට දරුවෙක් ආසාවෙන් වඩාගන්න පුලුවන් කමක් නැතිවෙයි කියලා…සදෙව්ගෙ දෑස් දිහා බලා හිටිය ආශාවරීගෙ දෑසුත් අඩන්න ගත්තා..

” දුක් වෙන්න එපා සදෙව් …මේ අපෙත් දරුවො….මේ දරුවන්ට අපි දෙන්නාත් තව අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි වෙමු…” ආශාවරී එහෙම කිව්වෙ කදුලු මැදින්ම සදෙව්ගෙ මුවේ හිනාවක් ඇදිලා ගියා….

ආකාශි ඇගේ දරුවන් දෙදෙනට දැම්මෙ අහස් සහ ආකාශ් කියන නම් දෙක…ඇත්තටම ඒක රුහාන්ගෙ අදහසක්…ඔහු ජීවතුන් අතර සිටිද්දී නිතරම ඔහුගෙ මුවේ තිබ්බෙ ඔවුන්ට ඉපදෙන පිරිමි දරුවන්ගෙන් එක් අයෙක් අහස් කියලත් අනිකට ආකාශ් කියලත් නම් දාන්න….ඉතින් ආකාශි රුහාන්ගෙ ඒ ආසාවට ඉඩ දුන්නෙ අද ඉදලා ආකාශ් සහ අහස් ආකාශිගෙ විතරක් නෙවේ ආශාවරීගෙත් දරුවො…

නැවත වතාවක් විභාගෙ කරලා ඒ පාර නං සදෙව් වගේම ආශාවරීත් හොදට විභාගෙ පාස් උනේ ඔවුන් දෙදෙනටම වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුනු ඇති උනා…..ඒ උනත් මහේශ් කැමති උන්නෑ ආශාවරීවයි සදෙව්වයි කැම්පස් යවන්න…..ඒ වෙනුවට තමන්ගෙ පොඩි දුවට ලිව්ව බිස්නස් ආයෙම සදෙව් නමට පවරලා ඒ හැමදෙයක්ම ඔහුට බාර කලේ සදෙව් කැම්පස් ගමන නතර කරලා මහේශ්ගෙ බිස්නස් වැඩ වලට උදව් කරන්න පටන් ගත්තා…උපතින්ම බිස්නස් ගැන දැනුමක් අරන් ඇවිත් තිබ්බ සදෙව්ට මහේශ්ගෙ ව්‍යාපාර වැඩකටයුතු හොදින් කරගෙන යන්න පුලුවන් උනා..දවසින් දවස දියුණු වෙන සදෙව් දිහා කුසුම් බලා හිටියෙ හරිම ආදරෙන්….ආකාශිගෙ දරුවො දෙන්නා ආශාවරීට පුදුම විදිහට එකතු උනේ ඔවුන් වැඩිපුරම ඉන්න ආස ආශාවරීගෙ තුරුලෙ….ඊට ආකාශිගෙ හිතේ අකමැත්තක් ඊර්ෂ්‍යාවක් හට නොගත්තෙ ඇත්තටම ඇයගෙ හිත පිරිසිදු යහපත් සිතක්…තමන්ගෙ නංගිට කවදාවත් ලබන්න බැරි මව් පදවිය දැන් තමන්ගෙ දරුවො දෙන්නා නිසා ආශාවරීට ලැබිලා තියෙන්නෙ….ඒ ගැන ආශාවරීට විතරක් නෙවේ ආකාශිටත් හරිම සතුටුයි…

සදෙව්ගෙ දක්ශකම නිසාම ඔහුට විසි වයස ලබද්දි මහේශ්ගෙ ව්‍යාපාර වලට අමතරව තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් උනා…..දැනුමෙන් වගේම වත් පොහොසත් කමින් ආශාවරී වගේම සදෙව්ත් පරිපූර්ණ උනේ ඔවුන්ගෙ වයස විස්ස සම්පූර්ණ වෙද්දිම වගේ ඔවුන් මෙතෙක් කල් බලා හිටිය ඒ ලස්සන දවස උදා උනා….

ආශාවරීගෙයි සදෙව්ගෙයි විවාහ මංගල උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් කොළබ ගෝල්ෆේස් හොටෙල් එකේ පැවැත්වුනේ ඊට විශාල සෙනගක් එකතු උනා….එහි වැඩිපුරම හිටියෙ මහේශ්ගෙයි සදෙව්ගෙයි බිස්නස් පාට්නර්ස්ලා….ඊට අමතරව ඉස්කෝලෙ යාලුවන්ටත් ආරාධනා කරලා වගේම ඉස්කෝලෙන් ගුරුවරයෙක්ට කියලා මොවුන් ආරාධනා කරලා තිබුනෙ පුශ්පා මිස්ට විතරයි.ඇයට නං මේ දෙන්නගෙ මේ එකතු වීමට හරිම සතුටුයි…

” ඔයාලා දෙන්නා හැමදාම සතුටින් සාමදානයෙන් ඉන්න ඕන දරුවනේ….හැමදාටම මගේ ආශිර්වාදය ඔයාලට ලැබෙනවා…” පුශ්පා මිස් මුලු හදවතින්මයි ඔවුන්ට සුභ පැතුවෙ….රන් කෙන්දකින් දෑගිලි එකතුවෙද්දි ආශාවරී සදහටම සදෙව්ගෙ පතිනිය බවට පත් උනා….

” අම්මෝ මචං….උඹ අද පට්ට…මාරම ලස්සනයි බං….” පැතුම්ගෙ සුපුරුදු වර්ණනාවට සුපුරුදු විදිහටම සදෙව්ගෙ මූණ රතුවෙලා ගියා…පැතුම් වගේම ඔහුගෙ ආදරේ නිරාශා ,ඔහුගෙ අතිජාත මිත්‍රයො රැලත් සදෙව්ගෙ විවාහයට ඇවිත් හිටියෙ….

” ඉතින් බං මුගෙ වෙඩිමෙ මූ ලස්සන්ට ඉන්නැතුව උඹ ලස්සනට ඉන්නැයි…ගොන් හරකා…” නිරාමිස පැතුම්ට ඇද කර කර කිව්වෙ සදෙව්ටයි ආශාවරීටයි නං හිනා හොදටම.

” හරි හරි …උබ උඩ පයින්නැතිව හිටහන් රිලවා…මාත් ඉක්මන්ටම ඔහොම කිටක් ඇදලා වෙඩිමක් ගන්න ඉන්නෙ…නේද නිරාශා ….” නිරාශාගෙ කර වටේ අතක් දාලා පැතුම් ඇදලා තාලෙට කිව්වෙ එවර නිරාශාගෙ මූණ ලැජ්ජාවෙන් රතු උනා….එක එක විකාර කියව කියව ඉදලා යාලුවො කට්ටිය එතනින් යද්දි ආශාවරීගෙ මූණ තනිකරම රතුම රතු වෙලා තිබුනෙ ඇයගෙ මුලු මූනෙම ලැජ්ජාව බේරෙනවා…..ලැජ්ජාව වෑහෙන ඒ සුන්දර මුහුණ දිහා බලා හිටිය සදෙව්ට ඉක්මන්ටම මේ දවස ගෙවිලා උත්සවය ඉවර වෙනවනං කියලා හිතුනෙ ඔහුට ඇය හා තනිවෙන්න ආවෙ ලොකු ආශාවක්…සදෙව්ගෙ පැතුම ඉක්මන්ටම සඵල උනේ ඔවුන්ට පිටත් වෙන්න වෙලාව ලං උනා….ආශාවරී වගේම සදෙව්ත් දෙමව්පියන්ට වැදලා ඉදිරි ජීවිතේට ආශිර්වාද ලබාගත්තා…ආශාවරීට ගොඩක් දුක හිතුනෙ ආකාශිව දාලා යන්න….ඇය අක්කාව බදාගෙන හොදටම ඇඩුවෙ තවමත් කිසි දෙයක් නොතේරෙන චූටි දරුවො දෙන්නා ආශාවරී දිහයි ආකාශි දිහයි මාරුවෙන් මාරුවට බලන් හිටියෙ…

” මේක සමුගැන්ම නෙවේ ආශි…..ඔයා ගිහින් එන්නකො…..මගෙ කොල්ලො දෙන්නට දැන් ඔයා නැතුවම බැහැ….ඒ නිසා ඔන්න වැඩිය කල් නවතින්නැතුව එන්න හොදේ…….” ආකාශි එහෙම කිව්වෙ ආශාවරී අහස්වයි ආකාශ්වයි වඩාගෙන දෙකම්මුල් සිපගත්තෙ ලොකු ආදරේකින්….ඒ ආදරේම සදෙව්ගෙ දෑස් වලත් ලියවිලා තිබුනෙ ඔහු දරුවො දෙන්නා දිහා බලා හිටියෙ ලොකූ සෙනෙහසකින්.

හැමෝගෙම සුභ පැතුම් මැදින් ආශාවරී සදෙව් එක්ක මංගල රථයට ගොඩ උනේ ඔවුන් දෙදෙනා දිහා කුසුම් මහේශ් නදීකා වගේම ආකාශිත් බලා හිටියෙ බොදවෙච්ච දෑසින්….ඒ කදුලුම ආශාවරීගෙ දෑස් වලත් දිලිසෙන්න ගත්තෙ සදෙව් ඇයව තුරුල් කරගත්තෙ ඇගේ දුක තරමක් අඩු කරන්න….ආකාශි මොවුන් දෙදෙනට මදු සමය ගතකරන්න වෙනමම හොටෙල් එකක් බුක් කරලා තිබුනෙ….හොටෙල් එකට යනකන්ම ආශාවරී සදෙව්ගෙ පපුවට වෙලා අඩ අඩ හිටියෙ ඇයට පවුලෙන් වෙන් වෙන්න උන දුකට…ඒත් ඇය සදෙව් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ගත්තත් ඇය හා පවුල අතර ඇති සබදකම් දුරස් වෙන එකක් නැහැ….ඒකට ලොකුම හේතුව අහස් සහ ආකාශ්….ඒ දරුවො දෙදෙනා දැන් ආශාවරීගෙ ජීවිතේම කොටසක් බවට පත්වෙලා අවසානයි…

වාහනෙන් බැහැලා සදෙව් ආශාවරීව අරන් ආවෙ මනරම් ස්තානයකට…..ලස්සන වටපිටාව පාට පාට ලයිට්ස් දාලා වර්ණවත් කරලා තිබ්බෙ ගෙස්ට් හවුස් එක දැක්ක ආශාවරීගෙ දුක වේදනාව කොහෙ ගියාද නෑ….

” අනේ සදෙව් …..මෙතන හරිම ලස්සනයිනෙ අනේ…..” ආශාවරී සතුටින් කෑගහන්න ගත්තෙ සදෙව් ඇයව රැගෙන ඔවුන්ට වෙන් කල කාමරයට ආවා….

” මේක ඇතුල ඊටත් වඩා ලස්සනයි…..” කාමරේ දොර අරින ගමන් සදෙව් කිව්වෙ කාමරේට ඇතුල් උන ආශාවරීගෙ දෑස් විශ්මයෙන් විසල් වෙලා ගියේ ඇතුල දැකලා…..අති අලංකාර විසාල කාමරයක් එය…කාමරේ එක් පසෙක තිබ්බ විසල් යුගල යහනාව රතු රෝස පෙති වලින් සරසලා තිබුනෙ යහන වටා රතු පාට සුවද විහිදුවන ඉටිපන්දම් පත්තු කරලා තිබුනා….කාමරේට ඔබ්බෙන් තිබ්බෙ කුඩා සදලුතලය….ආශාවරී මුලු කාමරේ පුරාවටම දෑස් යවන ගමන් හිටියෙ කටත් ඇරගෙන අදහගන්න බැරිව .

” මොකෝ කියන්නෙ….ලස්සනයිද….ම්….” සදෙව් පිටිපස්සෙන් ඇවිත් ඇයව බදාගන්න ගමන් ඇහුවෙ ඇය හිසෙන් ඔව් කිව්වෙ මුවේ ඇදුන හිනාවත් එක්කමයි….

“…ආ….මේ මගෙන් ඔයාට තෑග්ගක්….” ආශාවරීගෙන් අහකට ගිය සදෙව් ඔහු රැගෙන ආව ලොකු ට්‍රැවලින් බෑග් එකෙන් එලියට ගත්තෙ කුඩා පාර්සලයක්…එය ආශාවරී දිහාට දික්කරන ගමන් අරහෙම කිව්වෙ ආශාවරී කුතුහලයෙන් බලා හිටියෙ ඔහු දිහා…

” තෑග්ගක්..මොකද්ද …??..අනේ මං තෑග්ගක් ගත්තෙ නෑනෙ අනේ ඔයාට දෙන්න…..” ආශාවරී මූණ ඇබුල් කරගන්න ගමන් පාර්සලේ අරින්න ගත්තෙ සදෙව් හිනාවෙවී බලා හිටියෙ ඇය දිහා…

” නෑ….ඔයා ගාව තෑග්ගක් තියෙනවා මට දෙන්න….එහෙම නේද…..ම්….” සදෙව් ඇගේ මූණට එබිලා කිව්වෙ ආශාවරී පුදුමයෙන් සදෙව් දිහා බලා හිටියෙ ඔහු කිව් දෙය ඇයට තේරුම් ගන්න අමාරු උනා….පාර්සලය කඩලා එහි තිබ්බ තෑග්ග එලියට ගත්ත ආශාවරීට එවර නං සදෙව් කිව් දෙය වැටහුනෙ එහි තිබුනෙ ලස්සන රාත්‍රී ඇදුමක්….

” සදෙව් …..ඔයා දැන් රෙදි තෝරන්නත් දන්නවද…..” ආශාවරී ලැජ්ජාව වහගෙන හිනාවෙවී ඇහුවෙ සදෙව් ඇයව තුරුල් කරගෙන ඇගේ ගෙල සිපගත්තෙ එහෙම්මම ඔහුගෙ දෙතොල් ඇගේ කන්පෙති මත තිබ්බා…

” ඔව්….දැන් මං රෙදි තෝරන්න දන්නවා….තෝරන්න විතරක් නෙවේ….අන්දන්නත් දන්නවා ගලවන්නත් දන්නවා…..ඕන්නං ඔයාට මට උදව් කරන්න පුලුවන්….මොකද කියන්නෙ…උදව් කරන්නද ම්…” සදෙව් ඇගේ කනට රහසින් කෙදිරුවෙ ආශාවරී ඔහුව පැත්තකට තල්ලු කරලා දාලා නාන කාමරයට රිංගගත්තෙ සදෙව් හිනාවෙවී ඈ දිහා බලා හිටියා….

” හලෝ මැඩම්….ඔයා හදන්නෙ මුලු රෑම ඕක ඇතුල්ට වෙලා ඉන්නද…..ආ….” සදෙව් බැරිම තැන නාන කාමරේ දොර ලගට ගිහින් ඇහුවෙ ආශාවරී එහි ගිහින් දැන් පැයකටත් කිට්ටුයි….සදෙව්ගෙ කටහඩට එකපාරටම bathroom එකේ අගුල ඇරිලා ගියේ එහි ඉදන් එලියට එන ආශාවරී දිහා සදෙව් බලා හිටියෙ ඇස් පිල්ලම් ගහන්නැතුව….ඉණ ලගට දිග තෙත වරලස පිහිද පිහිද එලියට එන ආශාවරී බිම බලාගෙනම සදෙව් අසලට ආවෙ ඔහු ඇයට තෝරපු දුහුල් කොට රෑ ඇදුම නිසා ආශාවරීගෙ සිරුරෙ සියුම් කෝමල රේඛා පවා පේන්න ගත්තා….සදෙව් හිත ආයාසයෙන් පාලනය කරගෙන bathroom එකට ගියේ ආශාවරී සදෙව් දිහා බලලා ලැජ්ජාවෙන් සදලු තලයට එන්න ආවා….

සඳලු තලයෙ බැම්මට හේත්තුවෙලා රෑ අහස දිහා බලා හිටිය ආශාවරීට මතක් වෙන්න ගත්තෙ ඇයට සදෙව්ව මුණ ගැහුන ආකාරය….ඔහු හා ආදරෙන් බැදුන ඒ සුන්දර දවස් මතක් වෙද්දි ඇයගෙ මූණෙ ඇදුනෙ ලැජ්ජාශීලී හිනාවක්..කලු කොට කලිසමට කලු ටී ශර්ට් එකක් ඇදන් කොන්ඩෙ පිහිද පිහිද bathroom එකෙන් එලියට ආව සදෙව් දැක්කෙ සදලු තලයට වෙලා රෑ අහස දිහා බලා හිටිය ආශාවරීව….ඔහු හෙමි හෙමින් ඇය අසලට කිට්ටු උනා…

” මොනාද කල්පනා කරන්නෙ…ම්….” ඇය අසලින්ම හිටගෙන අහස දිහාට නෙත් යොමු කරලා සදෙව් ඇහුවෙ ආශාවරී සදෙව්ගෙ අතේ එල්ලුනා…

” ඔයාව මට මුණ ගැහුන හැටි මතක් උනා….”

” ඇත්තට…..අම්මෝ….ඔයාට මතකද…අපි හම්බ උන පලවෙනි දවසෙම ඔයා මාව තල්ලු කරලා දැම්මා පුටුව පෙරලගෙනම වැටෙන්න….ඒ පාර නං ඇත්තටම මට රිදුනා එදා……” සදෙව් හිනාවෙවී කිව්වෙ ඇයගෙ කර වටා සුරත යවන ගමන්.

” සොරි සදෙව් ….මං ඔයාට කොච්චර රිද්දලා ඇත්ද….” ආශාවරී සදෙව්ගෙ පපුවට මූණ තියාගෙන කිව්වෙ සදෙව් ඇයගෙ හිස සිපගත්තා…

” ඒ රිද්දපු වාර ගානට වැඩිය වාර ගානක් ඔයා මාව සතුටු කරලා තියෙනවා ආශාවරී ……දන්නවද….අද මට හරිම සතුටුයි…..ඔයාව අද මට සදහටම හිමි උනානෙ…..ඔයා මගේ විතරමයි…..විතරමයි විතරමයි….” සදෙව් ඇයව තදින් තුරුල් කරගන්න ගමන් කිව්වෙ ආශාවරීත් ඒ උනුහුමට ගුලි උනා…

” සීතලයි සදෙව් ….” ආශාවරී මිමුනුවෙ සදෙව්ගෙ මුවේ ඇදුනෙ මනමාල හිනාවක්…

” මටත්….එහෙනං අපි යමු නේද……මං සීතල නැති කරන්න ක්‍රමයක් දන්නවා…..” සදෙව් ආශාවරීට රහසින් කිව්වෙ ඇය ලැජ්ජාවෙන් රතු උනා…ලැජ්ජාව බේරෙන ඒ සුන්දර මූණ දිහා වශීවෙලා වගේ බලා හිටිය සදෙව් ඒ රෝස දෙතොල් උමතුවෙන් සිපගත්තෙ ඒ හාම ඇයව හරහට වඩා ගෙන ඔහු කාමරේ ඇතුල්ට එන්න ආවා. ආශාවරී දෑත් ඔහුගෙ ගෙල වටා යැව්වෙ ඒ ඇස් සදෙව්ගෙ ඇස් අතර රදවගෙන….මුලු කාමරේම ඉටිපන්දම් එලි වලින් ආලෝකමත් වෙද්දි සුවදවත් රාත්‍රිය ආදරෙන් පුරවන්න සදෙව් ආශාවරීව සීරුවෙන් රෝස පෙති අතුරපු යහන මත්තෙන් තිබ්බෙ ඔහුගෙ දෙතොල් අතරට ආශාවරී දෙතොල් හිරකරගන්න ගමන්….

රෝස පෙති අතුරාලා….යහන මත සතපාලා…
සුපෙම් හිත ලගින් හිද… සුසුම්ලමු කොදුරාලා…
කඳුලු පිණි වෑහේවි…නිදන හිත ඇහැරේවී…
පපුව මත සුවඳ විද දෙතොල් පෙති යාවේවී …
රෝස පෙති අතුරාලා…..

තරු පේළි පීදීලා….සඳ යහන පීරාලා….
නුඹෙ දෑස වීදාලා…
අපෙ කෝඩු හීනෙ සරසාලා…//
ඉඳුනීල නෙතු ගාව රැදෙමී සඳා….

රෝස පෙති අතුරාලා…යහන මත සතපාලා…
සුපෙම් හිත ලගින් හිද සුසුම්ලමු කොදුරාලා….

පැතු හීන වෑහීලා…අද යාය නෑවීලා….
පණ වාගෙ පෑහීලා….
මතු ආයෙ මාගේ සඳ වේවා…//
ඉඳුනීල නෙතු ගාව රැදෙමී සඳා….

රෝස පෙති අතුරාලා….යහන මත සතපාලා…
සුපෙම් හිත ලගින් හිද සුසුම්ලමු කොදුරාලා…
කඳුලු පිණි වෑහේවි…නිදන හිත ඇහැරේවී…
පපුව මත සුවඳ විද දෙතොල් පෙති යාවේවී….
රෝස පෙති අතුරාලා…..

අනුරාගී හෝරාවකට පස්සෙ සදෙව් ආශාවරීව පපුවට තුරුල් කරගෙන නිදන්න ගත්තෙ රෑ 10ට පමණ ආශාවරීගෙ phone එක rings යන්න ගත්තා….

” ම්හ්….මොකද්ද ඒ….කවුද දන්නෑ……” නින්දෙන් ඇහැරුන ආශාවරී මිමුනුවෙ සදෙව් ඇයට තවත් තුරුල් වෙන්න ගත්තා….

” නිකන් වෙන්නැති…අපි නිදාගමු….” සදෙව් ආශාවරීව තුරුල් කරගෙන ආයෙ නිදාගන්න සැරසුනෙ තවත් තත්පර කිහිපයකින් ආයෙම phone එක rings ගියා…

” අයින් වෙන්න….හදිස්සියක්ද දන්නෑනෙ….” ආශාවරී බලෙන්ම සදෙව්ව අහකට කරන ගමන් කිව්වෙ අකමැත්තෙන් උනත් සදෙව් ආශාවරීගෙන් ඉවතට ගියා….ආශාවරී නිදිමරගාතෙම යහනෙන් නැගිටලා ගියේ තවමත් නද දෙන ඇගේ phone එක ගන්න….

” හෙලෝ…….” නිදි ගැට කඩ කඩ ආශාවරී phone එකත් අරන් ආයෙම යහනට නැග්ගෙ සදෙව් ඇයව ආයෙම ඔහු ලගට ඇදලා ගත්තා….

” අනේ දූ……අක්කා…..” ආශාවරීට ඇහුනෙ ඇගේ අම්මාගෙ කටහඩ…..ඒ කටහඩට ආශාවරීගෙ නිදිමත පහව ගියේ ඇය කෙලින් උනේ යහනෙන් නදීකාගෙ කටහඩේ කලබලය වැටහිලා….

” මමී…..ඇ….ඇයි මමී…..ඇයි මේ…..” ආශාවරී කුතුහලයෙන් ඇහුවෙ එහා පසින් නදීකාගෙ අදෝනාව ඇහුනෙ. ආශාවරීගෙ පපුව බයෙන් ගැහෙන්න ගනිද්දි ඇයගෙ වෙනස දැක්ක සදෙව්ත් ඇදෙන් එලින් උනේ ආශාවරී දිහා පුදුමයෙන් බලන ගමන්.

” අනේ දූ….අක්කාට හොදටම අමාරුයි පුතේ…අනේ ඉක්මන්ට එන්නකො…එයා ඔයාව අහන්නෙ….” නදීකා අඩ අඩම කියෙව්වෙ ආශාවරීට පිස්සු වගේ ඒ ඇහෙන වදන් වලට..

අක්කාට අමාරුයි….ඇයි අක්කාට අමාරු….අක්කාට මොකද්ද උනේ….

ආශාවරී හිත හිතම කතා කරන්න ගත්තෙ ඇයගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා…

” ඇ….ඇයි මමී……අ…අක්කිට මොකද්ද උනේ…..එයාට අමාරුයි කියන්න තරම් මොකද්ද උනේ අක්කිට…..අනේ අපි එද්දිත් එයා හොදට හිටියෙ…..” ආශාවරී ඇස් වල කදුලු පුරෝගෙන ඇහුවෙ ඇයට එකපාරටම මතක් උනේ දරුවො දෙන්නාව.

” අනේ දූ……අක්කි ඇක්සිඩන්ට් උනා….අපි ගෙදර එන්න එනගමන් උනේ ඒක…..අනේ පුතේ පුලුවන්නං ඉක්මන්ට මහ ඉස්පිරිතාලෙට එන්න…එයා ඔයාගෙ නම කිය කිය ඉන්නෙ…..අක්කිට හොදටම අමාරුයි රත්තරං ..” නදීකා අඩ අඩම කිව්වෙ ආශාවරීගෙ දෑසින් එකපෙළට කදුලු ගලා හැලුනා….ඇය දිහා බලා හිටිය සදෙව්ට නං කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියෙ.

” හරි මමී….හරි….මං එනවා….මං ඉක්මන්ටම එනවා…..” ආශාවරී කලබලෙන් එහෙම කියලා phone එක කට් කලා…

” ඇයි ආශාවරී …මොකද්ද ප්‍රශ්නෙ ….ඇයි මේ ඔයා අඩන්නෙ…..” සදෙව් කලබල උනා අඩ අදුරෙ උනත් දැක්ක ආශාවරීගෙ දෑස් වල කදුලු දැකලා….

“අනේ සදෙව් …..මගෙ අක්කා…..එ…..එයා….එයා ඇක්සිඩන්ට් වෙලා…..එයාට හොදටම අමාරුයිලු සදෙව් …..අනේ ඉක්මන්ට අපි යං එයාව බලන්න….එයා මාව අහනවලු…..අනේ දරුවො දෙන්නට මොනා වෙලාද දන්නෙත් නෑ….අපි ඉක්මන්ට යං සදෙව් ….අපි යං…..” ආශාවරී කලබලෙන් යහනෙන් නැගිටින ගමන් කිව්වෙ ඒ හාම සදෙව්ත් යහනෙන් නැගිට්ටෙ කලබලෙන්…..යහන මත සටහන් වෙලා තිබුන ආශාවරීගෙ පිවිතුරු බව දැක්ක සදෙව් කොච්චර කලබල මොහොතෙ උවද ආශාවරීව තුරුල් කරගෙන සිපගත්තෙ ඇය ගැන ලොකු ආදරේකින්….

සදෙව් ආශාවරීව ඉක්මන්ටම කොළඹ මහ රෝහලට එක්ක ගියේ නදීකා කිව් පරිදි ඇය ආකාශි ඉන්න දැඩි සත්කාර ඒකකය දිහාට දුවන්න ගත්තෙ සදෙව්වත් ඇදගෙන..

” මමී……ඩැඩී……”

” අනේ ආශි…..සොරි පුතේ කරදර කලාට……අනේ බලන්න ඔයාගෙ අක්කිට වෙච්ච දේ…..අනේහ්….” ආශාවරීව දැකලා නදීකාගෙ ඉකිබිදුම තවත් වැඩි උනේ මහේශ්ගෙ ඇස් වලත් කදුලු උනලා තිබ්බෙ ඔහුගෙ දෑස් රතු වෙලා….

” මොකද්ද උනේ මමී…..අක්කි ඇක්සිඩන්ට් වෙන්න තරං මොකද්ද සිද්ද උනේ….කෝ දරුවො දෙන්නා….එයාලට මොකද්ද උනේ……” ආශාවරී පිස්සුවෙන් වගේ ඇහුවෙ ඇය ඉන්නෙ හොදටම කලබල වෙලා…

” එයාලා වාහනේ ඇතුලෙ නිදි ආශී……ඒ දෙන්නට මොකක්වත් උන්නෑ……..ආකාශි විතරයි ඇක්සිඩන්ට් උනේ…..” මහේශ් ඇස් වල කදුලු පිහිදගන්න ගමන් කිව්වෙ.

” හොටෙල් එකේ ඉදන් ගෙදර එද්දි ආකාශිට දරුවො දෙන්නට ඕන කරන කලමනා වගයක් ගන්න ඕන කිව්වා….ඉතින්…ඉතින් අපි food city එකක් ලග වාහනේ නතර කලා …අනේ…..අනේ ඒ වෙලාවෙ ආකාශි වාහනෙන් බහිනවත් එක්කමයි එයාව බයික්කාරයෙක් හප්පන් ගියේ…..හහ්…ඉහ්….අනේ මගෙ දරුවා….මෙහෙ ගේනකොට එයාට සිහිය තිබුන්නෑ…..මෙයාගෙ තත්වෙ බරපතලයිලු ආශි…….අනේ මට බයයි මගෙ දරුවා ගැන….හහ්…ඉහ්…” නදීකා අඩ අඩම කියෙව්වෙ ආශාවරීගෙ ඇස් වලින් හොදටම කදුලු කඩන් පැන්නා….

ආශාවරීගෙයි සදෙව්ගෙයි විවාහ උත්සවය ඉවර වෙලා මොවුන් ගෙදර යන අතරතුරේ ආකාශිට ඕන කලා ඒ ගමන්ම ලමයි දෙන්නට ඕන කරන කලමනා වගේකුත් අරන්ම යන්න…ඉතින් ඒ නිසයි වාහනය food city එකක් ලග නතර කලේ.food city එක ඉස්සරහ වාහන බොහෝමයක් නවත්තලා තිබුන හින්දා මහේශ්ට සිද්ද උනේ ප්‍රාඩෝ එක මහ පාර අයිනෙ නවත්තන්න….තමන්ගෙ තුරුලෙ නිදාගෙන හිටි ලමයි දෙන්නාව වාහනේ පිටුපස ආසනයෙන් තියලා ආකාශි බහින්න හැදුවෙ ඇය පාර පැත්තට තිබ්බ දොරෙන් එලියට පය තිබ්බෙ…..පසුපසින් එන වාහන ගැන කිසිම අවබෝධයක් ආකාශිට තිබුනෙ නැහැ….මහන්සි වෙලා ඇගේ තෙහෙට්ටුවෙන් හිටි ඇයට සිහිය තිබ්බෙ බඩු ගන්න විතරයි .ඒ මොහොතෙ මහේශ් හිටියෙත් තරමක් නිදිමතේ……ඒ නිසා පිටිපස්සෙන් එන වාහන දිහාට ඔහුගෙ අවධානය යොමු උනෙත් නැහැ….ඒකෙ ප්‍රතිඵලය උනේ වාහනෙන් බැස්ස ආකාශිව ඇයට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර පිටිපස්සෙන් ආව බයිසිකල් කරුවෙක් හප්පන් ගිය එක…..බයිසිකලයෙ හැප්පිලා ඇයව වීසිවෙලා ගියෙත් පාර මැද්දටමයි…..තවත් කාරයක් ඇයගෙ සිරුර මතින් ගියේ ලේ දහරාවක් පාර මැද අතුරමින්……අනතුරට පත් උන ආකාශිව මහේශ් ඉක්මන්ටම කොලබ ජාතික රෝහලට අරන් ආවෙ ඒ එද්දි ඇයට සිහිය තිබුන්නෑ….වෛද්‍යවරුන් ඇයව ඉක්මන්ටම හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ගියේ ඇයට ඉක්මන් ප්‍රතිකාර දීලා ජීවිතේ බේරගන්න…..ඇයට ප්‍රතිකාර කරන අතරතුරේ ආකාශිට එකපාරටම සිහිය ආවත් ඇය දොඩවන්න ගත්තෙ ආශාවරීගෙ නම….අසිහියෙන් වගේ ඇගේ මුවින් පිටවෙන ඒ නමේ අයිතිකාරියව ඉක්මන්ටම රෝහලට ගෙන්නන්න කියලා වෛද්‍යවරුන් අණ කලේ ඒකයි තකහනියෙම නදීකා ආශාවරීට කෝල් කලේ….

” මේක මගේ වැරැද්දක් ..මට තිබ්බා පිටිපස්සෙන් වාහන එනවද කියලා බලන්න…..එහෙම බැලුවනං ඒ කාලකන්නි බයිසිකල්කාරයව මං දකිනවනෙ…..මගෙ දූට මොනාහරි උනොත් අම්මා පල්ල මං ඕකව මරලා දානවා……” අඩ අඩම කේන්තියෙන් වෙව්ල වෙව්ල මහේශ් කිව්වෙ ඒ හාම ICU එකේ ඉදලා කලබලෙන් වෛද්‍යවරයෙක් එලියට ආවා…..

” කෝ…..පේශන්ට් කියවන ආශි කියන කෙනා ආවද……” doctor කලබලෙන් ඇහුවෙ ඒත් එක්කම ආශාවරී ඔහු සමීපයට ගියේ ගැහෙන හදින්.

” ම්…මං…මං doctor ඒ…..”

” හරි…එන්න මා එක්ක…..පේශන්ට හොදටම අමාරුයි…..ප්ලීස් ඇතුල්ට ගිහින් කලබල නං කරන්නෙපා…..” doctor එහෙම කියන ගමන් ආශාවරීව ඇතුල්ට එක්කන් ගියේ සදෙව් කාමරය එපිට අනිත් අය එක්ක නතර උනා….

” අනේහ්…හහ්….” ආකාශිව දැක්ක ආශාවරීගෙ ඇඩිල්ල තවත් වැඩි උනේ ඇය ඉන්න හැටි දැකලා….මුලු ඇගම වගේ බැන්ඩේජ් වලින් ඔතලා මැශින් ගොඩක් මැද ඇය දැන් ජිවිතේ යදිනවා……..ඇයගෙ හද ගැස්ම ආසාමාන්‍යයි…..හයියෙන් හුස්ම ගන්න ගමන් හිටිය ආකාශිගෙ දෑස් විවර වෙලා තිබුනෙ ඒ ඇස් තනිකරම රතුම රතු පාටයි.ආශාවරී ඉකිබිදුම පාලනය කරගන්න ගමන් ආකාශි සමීපයට ගියේ ආකාශිට ආශාවරී ඇය අසලට ආ බව තේරුනා….වේදනාත්මක දෑස් ආශාවරී දිහාට යොමු වෙද්දි ආකාශි කතා කරන්න හැදුවෙ….ඒත් ඔක්සිජන් මාස්ක් එක හින්දා ඇය කියන්න යන දේවල් ඇහෙන්නෙවත් තේරෙන්නෙවත් නෑ…..

” මට තේරෙන්නෑ ඩොක්ටර්…..” ආශාවරී කිව්වෙ අඩ අඩ….එවිට doctor ඇවිත් ආකාශිගෙ ඔක්සිජන් එක ටිකක් ගැලෙව්වෙ ඇය කියන්න යන දේ ආශාවරීට හොදට තේරෙන්න…..

“න්…..න…..නංගි……නංගි……ම්……ම….මට…..මට අමාරුයි…මුලු ඇගම….ර්….රිදෙනවා…….මං……මං ….මං මැරෙයි නංගි……මං…මං මැරෙන්න ලගයි නංගි …..” ආකාශි අමාරුවෙන් කියෙව්වෙ හයියෙන් හුස්ම ගන්න ගමන්.

” නෑ……අක්කි මේ මොනවද කියවන්නෙ…..ඔයාට මුකුත්ම වෙන්නෑ…..මුකුත්ම…..අනේ ඔහොම කියන්නෙපා….හහ්…ඉහ්….” ආශාවරීට ඉකි ගගහා ඇඩෙන්න ගත්තා….

” අහන්න……න්…නංගි…..අහන්න මං කියන දේ….මට…..මට යන්….යන්න කාලෙ හරි ආශි…….මට යන්න…ආහ්….කාලෙ….කාලෙ හරි…..මට…මට මගේ රුහාන් ලගටම යන්න දැන් කාලෙ හරි…..ම…මට මං මැරුනත් ..ආහ්…දුකක් නැහැ…..මට…..මට සතුටින් මැරෙන්න පුලුවන් …..මට …මට මගෙ රුහාන් එක්ක ආයෙම එකතු…..එකතු වෙන්න පුලුවන් …..ඔයාට….ඔයාට පුලුවන් …පුලුවන් නේහ් නංගි මගෙ දරුවො දෙන්නාව….බලාගන්න…..ආ….එ…එයාලට…එයාලට ඔයා අම්මා වෙන්න….ආශි……මං ….මං නැති අඩුව එයාලට…..එයාලාට දැනෙන්න දෙන්නෙපා…….ඔයා….ඔයා මගෙ…මගෙ ඉල්ලීම….ඉල්ලීම ඉශ්ට කරනවා නේද ආශී….ආහ්…..ආ….ක්….කියන්නකො…..මගෙ…මගෙ ලමයින්ට….ඔ…ඔයා…ඔයා අම්මා වෙනවා නේද….” ආකාශි හයියෙන් හුස්ම ගන්න ගමන් ඇහුවෙ ආශාවරීගෙ දෑස් වලින් හොදටම කදුලු ගලා යනවා…ඇයගෙ හදවත පුදුමාකාර විදිහට වේදනා දෙන්න ගත්තා ආකාශිගෙ කතාවට.

” අනේහ් අක්කි….මොනාද මේ ඔයා කියන්නෙ….ඔයාට මැරෙන්න බෑ ඒම….ඔයා මැරෙන්නෙ නෑ…..අර අහිංසකයො දෙන්නාව දාලා ඔයාට යන්න බෑ අක්කි….ඔයාට ඒම යන්න බෑ…..” ආශාවරී අඩ අඩම කියෙව්වෙ.

” නෑ…..මට…මට යන්න කාලෙ ඇවිත්….ඔයා මට පොරොන්දු වෙනවද ආශි……මගෙ…මගෙ දරුවො බලාගන්නවා කියලා…….ආ…..ක්…කියන්නකො…..ආහ්….මට….මට අමාරුයි…..මං…මං මැරෙන්න කලින්….කලින් කියන්නකො…..කියන්න…කියන්න ආශි….මං මැරුනට …මගෙ ලමයින්ව ඔයා තනි කරන්නෑ…..කියලා……ආ…..” ආකාශි අමාරුවෙන් අමාරුවෙන් ආශාවරීගෙ අතකින් අල්ලලා ඇහුවෙ ඇයගෙ හදගැස්ම හොදටම අඩුවෙලා ගිහින් තිබ්බා….

” හ…හරි අක්කි….මං ප්‍රොමිස් වෙන්නං….ඔයාගෙ පණ මං ආදරෙන් බලාගන්නං….ඒ ඔයාගෙ නෙවේ….මගේ දරුවො…මං එයාලට අම්මා වෙන්න අක්කෙ….ඔයා…ඔයා බයවෙන්න එපා……” ආශාවරී අඩ අඩම කියෙව්වෙ වේදනාවෙන් ඉද්දි උනත් ආකාශිගෙ මුවේ හීන් හිනාවක් ඇදිලා ගියා….

” ඉක්මන් කරන්න….නර්ස්….” doctor කෑගහන්න ගත්තෙ ආකාශිගෙ හදගැස්ම එන්න එන්නම අඩුවෙලා යද්දි …

” දැනුයි….දැනුයි මට නිදහසක් දැනුනෙ…..ආ….ශී….මට දැන්….ස්…සැනසීමෙන් ඇස් පියාගන්න පුලුවන් ……ආහ්….” හයියෙන් හුස්ම ගන්න ගමන් ආකාශි කිව්වෙ නර්ස් ඉක්මන්ටම ඇයට ඔක්සිජන් මාස්ක් එක දැම්මා….ඒත් එය පරක්කු වැඩි උනේ ආකාශිගෙ හදවත එකපාරටම නතර වෙලා ගියේ ඇගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු උනා….කාමරේ බීප් සද්දෙකින් ඇගේ මරණය ගැන දැනුවත් කරද්දි ආශාවරීට මහ හයියෙන් කෑගැහුනෙ ඇය අඩ අඩම ආකාශිව බදාගත්තා.

අන්තිමේදි ආකාශිගෙ මරණයත් එක්ක ඇගෙයි රුහාන්ගෙයි ආදරය ආශාවරීයි සදෙව්‍ යි සතු උනේ කවදාවත් තමන්ගෙම දරුවෙක්ට මවක් වෙන්න පියෙක් වෙන්න අවස්තාව හිමි නැති උන මේ දෙපලට වාසනාව තිබුනා තමන්ගෙම සහෝදරියකගෙ දරුවන්ට දෙමව්පියො වෙන්න.

” ඔයාව කවදාවත් අමතක වෙන්නෑ අක්කා…මේ හදවතේ හැමදාමත් මගේ දෙවැනි අම්මා ඔයා තමා….මං ඔයාට ගොඩාක් ආදරෙයි අක්කෙ…..ඔයාට බොහෝම පින් අම්මෙක් වෙන්න පින තිබුන්නැති මාව මෙච්චර ඉක්මන්ටම අම්මා කෙනෙක් කලාට…ඒ පිනම ඇති අක්කෙ ඔයාට හොද ආත්මයක් ලබන්න….මගේ ප්‍රාර්ථනාව ඔයාට එන ආත්මෙදිවත් ඔයාගෙ ආදරේ රුහාන්ව සදහටම ලැබෙන්න කියන එක…..මං දන්නවා…දැන් ඔයා සතුටින් ඉන්නෙ…නේද….ඔන්න අයියෙ මගෙ අක්කාව හොදට බලාගන්න ඕන ඔයා….ඔයා හින්දා තමා එයා මේ දරුවො දෙන්නවත් මට බාර කරලා ඔයා ලගට ආවෙ….ඔය දෙන්නටම මං ගොඩාක් ආදරෙයි …..” අහස්ව තුරුල් කරන් ආකාශිගෙයි රුහාන්ගෙයි එකලග පිහිටි සොහොන් කොත් ලග හිටගෙන ආශාවරී අඩ අඩම කිව්වෙ ඇය අසලින්ම ආකාශ්ව වඩාගෙන සදෙව් හිටියා .

” අම්මී…..අම්…මී….” ආශාවරීගෙ තුරුලෙ හිටිය අහස් ඇයගෙ මුහුණ දිහා බලාගෙන හුරතලෙන් කතා කලේ ආශාවරීට දැනුනෙ ලොකු සතුටක්….ඒ සතුටම සදෙව්ගෙ දෑස්වලත් දිලිසෙන්න ගත්තෙ දැන් ඉදන් තමා ඔවුන් නියම විදිහට දෙමව්පියො උනේ…

” තෑන්ක්ස් අක්කා….තැන්ක් යූ වෙරි මච්…..” අහස්ව තුරුල් කරගෙන ආකාශිගෙ සොහොනට මිමුනුව ආශාවරී සදෙව් එක්ක ආපිට එතනින් එන්න ආවෙ අලුත් ජීවිතයකට පියවර තබන්න….ඔවුන් යන දිහා ඈත ඉදන් බලා හිටිය ආකාශිගෙයි රුහාන්ගෙයි ආත්ම ඔවුනුත් ඔවුන්ගෙ ලෝක වලට පාවෙලා ගියේ මෙය තමා ආදරයේ වගේම සහෝදරත්වයේ අර්ථය.

නිමි.

********************-*****

ඔන්න මං රෙකෝඩ් එකක් තිබ්බා අද නං…එතෙක් මෙතෙක් කතා අහුරෙ පල උන නවකතාවක දීර්ඝතම අවසාන කොටස.කලබලේ ලිව්ව හින්දා කතාවට සාර්තක අවසානයක් දුන්නද කියලා හිතාගන්න බෑ. පසු වදනක් ලියන්න හිතන් හිටියට පසුවදනක් දැම්මොත් තව දික් වෙන නිසා ඒ අදහස ඔන්න අත ඇරියා…ඒත් කෙටියෙන් කියන්නං කතාවෙ මං ඔයාලට දෙන පණිවිඩය .කතාව මුල ඉදන් බාගෙට නැතුව සම්පූර්ණයෙන්ම කියෙව්ව ඔයාලට කතාවෙ එන හැම චරිතයකින්ම ගන්න ආදර්ශ මං ගොඩක් එකතු කරලා තිබ්බෙ…..සහෝදරත්වය මිත්‍රත්වය වගේම ආදරය…මේ තමා ඒ ආදර්ශ….පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ කල්පනා කරලා බලන්න පුලුවන්නං …පැහැදිලි කරන්න නෝ ටයිම් යාලුවනේ…1st year එකේ හින්දා වැඩ කෝටියයි කරන්න…ඒ නිසා ආයෙම කතා ලියන්න බැරි වේවි…vacation වලදි නං චූටි කතාවක් දාන්න බලන්නං..?..promise වෙන්න නං බෑ හැබැයි…එහෙනං ඉතින්…මේ ආශ්කාට දැන් යන්න අවසරයි…මාස දෙක හමාරක් විතර මගේ කතාව රස වින්ද ඔය හැමෝටම ගොඩාක් ස්තූතියි …ඔයාලාගෙ rates comments මාව සතුටු කලා..(දුක් උන අවස්තාත් නැතුවම නෙවේ හැබැයි?) සමුගන්න කලින් ආයෙම පාරක් ඉල්ලන්නං චූටි ඉල්ලීමක්…මෙතෙක් මගේ කතාව කියවපු හැමෝටම ආරාධනා කරනවා rate එකක් දාලා comment එකක් දාන් යන්න කියලා….ආහ්…අර උඩ මං දාපු song එක අහලා ඇති නේද??එහෙනයි බායි හැමෝටම..ඔයාලා හැමෝටම දළදා සමිදු පිහිටයි.

❤ ආශ්කා රශ්මි❤
—————————————
මේ කතාව ඉවර උනාට අපි හැමෝම ආශ්කාට කියමු සතිඅන්තවල පළවන කතාවක හරි කතා අහුර අපි වෙනුවෙන් ලියන්න කියලා.?

19 thoughts on “ආශාවරී |අවසාන කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Kathawa aththatama godak godak godaaariyak lassanai akki ? man mula indan wadiyenma asawen kitawapu kathawa.. ai aluth kathawak aran ikmanatama enna.. ❤️ oyage hama deyakma sarthaka wenna kiyala prarthana karanawa man ? wish you all the very best akki ? me wage thawa lassana kathawak oneeee ????

  2. අනේ කතාව ලස්සනට ඉවර කලා අක්කි ඔයා.
    කතාව ඉවර වුන එකට නම් ගොඩක් දුකයි .
    සති අන්තෙ හරි අපිට අලුත් කතාවක් ඕනා.
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ❤❤❤❤❤❤❤❤❤❤

    1
  3. Hemanthi ruwan kumari

    පලමුවෙන් ම කියන්න ඕනෑ ආදරෙයි ආදරෙයි මාහා ගොඩක් ඔයාට වගේම කතාවටත්.එ වගේම තව කතාවක් අපිට ඔනී.බෑ කියන්න එපා සුදු නංගියේ.
    මං guess කරෙ ආකාශි delivery ඒකෙදි මැරෙයි කියලා.එත් ඔයා ඊට වඩා perfect විදිහට කතාවේ අවසානය දුන්නා.ලස්සනයි, ආදරණීයයි, ආදර්ශවත් හොඳ රසවත් කතාවක් අපි කියෙව්වා.රස වින්දා.
    Thank you very much.l wish you all the best bottom in the my heart.you are very talented writer.come will soon.l hop you.love u to.ummmmma??????

  4. ඔන්න මාත් එක්ක තරහ වෙන්නෙපා මුලින්ම මං අක්කිගෙන් ඉල්ලන්නේ ඒක…..කතාව පටන් ගත්ත දවසෙ ඉදන්ම කියෙව්වා ඒත් හැමදාම කමෙන්ට් කොටන්න නම් වෙලාවක් තිබුනෙ නෑ මේ දවස් වල ගොඩක් බිසී නිසා…ඒත් ඔන්න අවසානෙට නම් කොහොම හරි කමෙන්ට් එකක් දෙන්න ආවා…..කතාවට නම් මං අඩපු වාර අනන්තයි…ගොඩක් හැගීම්බර ආදර්ශ ගොඩක් දුන්නු දුක සතුට තරහ හැමදේම එක වගේ දැනුනු කතාවක් මේ………මට පුදුම දුකයි කතාව ඉවර උනාට ඒත් අවසානයක් තියෙන්නත් ඕන නේ…….තවත් දෙයක් අපිව කතාව ඇතුලෙම ජීවත් කරන්න ඔයා ගොඩක් උත්සහ කලා මං හිතනවා ඔයාගෙ උතසහය සාර්ථකයි………හැමදාම වගේ මං ආසම කතුවරිය ඔයා ඒකේ වෙනසක් නම් නෑ…….අනික් අය තරහ වෙන්න එපා මේ මගේ පෞද්ගලික මතය………ඔයා ඇත්තටම කතුවරියක් කියලා ඔප්පු කලා……………….. I Wish You All The Best ………හදවතින්ම ඔයාගෙ අනාගතයට සුභ පතනවා……. (අනේ පුංචි හරි කතාවක් ඕනි හොදේ පොඩ්ඩක් free උනාම ලියන්න…???….අපි වෙනුවෙන්)

    කතාව perfect

  5. Ruvini Thakshila

    Ammoooooo akkiyooo kthwa gena kiynna wchna ne ane.godaaaaaaaaaaak lssnai.mge jivithe mn kiywpu lssnma hithta weduna supiri malli romatic kthwa thma meka.kwmdkwth me kthwa mta amthka wenne ne.tnq akkiyo oyta mehema kthwk apita dunnta.???mehema adara ktha den ne Akki. Mehema adara ktha wlta thma api asa.eth ewa den hynna ne.sadeugei ashawarigei adare nm mge hithta gdkma weduna.a wgema akashigei ruhangei a dgkra adareth mta nm kwdwth amthka wenne ne.athmgtha bedim thma ewa.sada aithi ahstma vitharaine ithin.
    Akkiyo mn nm ashawari kthwe deweni kotasakuth balaporoththu wenwa.ane puluwan nm ashawari 2 ekakuth dennko apita.mkda meka thma mge jivithe lssnma kthwa.eka digtma thiynwnm apita sthutui Akki. Ane puluwannm a illima ishta krnna akkiyo.??
    Gdk pin Akki mehema lssna kthwk dunnta.oyge idiri weda ktyuthu oya hithna pthna vidiytma sarthka wenna kiyla mn hdwthinma prarthna krnwa akkiyo????good luck and all the best your future ??budu saranai akkiyo.tnq soooo much apita me lssna kthwa pirinemuwta. ??ayeth oywa ashawari 2 eken hamuwena balaporoththuwen thma mn nm oygen samu gnne.illima ishta karai kiyla hithnwa akkiyo oya.mge vithrk nemei me kthwa kiywpu hemoma mge illimata kemthi ethi kiyla mn hithnwa.ane plzzz Akki a gena hithla apita ashawari 2 denna hodada??????godak luck??????

  6. Nirosha Lakmali

    Harima lassanai nangi kathawa. Oyata godak pin nangi me widihata lassana awasanayak dila. Hemadama kathawa kiyawapu apita sathutu hithena awasanayak dunnata. Eth godak dukai. Aye asawari kiyawanna wenne nethi nisa. Mata kiyanna wachana anne ne nangi hadawathatama hemadema giya. Kawadawath apita me adara kathawa amathaka wena ekak ne. Ikmanata apita thawath kathawak aran anakan balan innawa. Hadawathinma prarthana karanawa oyage weda katayouthu serama athi sarthaka wenna kiya. Wish your all the best…. I love ashawari and you.

  7. Ranmali subasinghe

    හුගක්ම හුගාක් ලස්සනයි අවසානය… හරිම ආදරනීයයි නන්ගා… ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මෙච්චර දවසක් අපි වෙනුවෙන් කතාව ලිව්වට ඔයාට හුගක්ම ස්තුති…. තව මෙ වගෙ ලස්සන කතාවක් අපි වෙනුවෙන් ඉක්මනිනම ලියන්න… ????????

    ඔයාගෙ සියලුම weda කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…. ????????

    ඉක්මනින්ම අපි වෙනුවෙන් ආයෙ එන්න.. අපි බලන් ඉන්නවා… ????????????

    සුබපැතුම්!! බුදුසරණයි!!! ????????????

  8. Hashini Navanjana.

    ගොඩක් ලස්සනයී කතාව. ඔයා ගොඩක් සාර්ථකයී ආක්ශා.. කතාව ඉවර උන එකට නම් දුකයි. ? ඒත් ඔයා අපි වෙනුවෙන් තවත් මේ වගේ ලස්සන කතාවක් අරන් එයී නේ… ඔයා මොන කතාවක් දැම්මත් අපි කියවනව. ඔයාගෙ හැම කටයුතුත්තක්ම ගොඩාක් සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න ඔනි. ?????????????
    Best of luck. ❤️❤️❤️❤️❤️❤️

  9. Godaaaaaaaaaaaaaaaaaaaaak lassanai akkiyo kathawa… puluwan welawa api wenuwen thawath kathawak aragen enn…. akkige katha marama lassanai… mn wish karanawa akkige jiwithe hamadem sarthaka wenn kiyl…

  10. නංගා, ඔයාට කැම්පස් එකේ ගොඩාක් වැඩ තියෙනවනේද. ඒ හැම දෙයක්ම සාර්තකව කරගන්න.භාහිර වැඩ නිසා ඒ දේවල් වලට භාදාවක් කරගන්න එපා.ඒත් ඔයාගෙ පාඩම් වැඩ කරද්දි මනසට නිවාඩුවක් ඕන උන වෙලාවට පුන්චි කතාවක් හරි අපිට දෙන්න. ඔයාගෙ හැම එපි එකකටම වගේ මම රේට් කරල ඇති.
    ඒවගේම ඔයාට ලස්සන කතා ලියන්න පුලුවන් කියන්නෙ ඔයාගෙ හදවත ගොඩාක් ලස්සනයි. ඉතින් දොස්තර කෙනෙක්ට ලෙඩෙක්ව හොද කරන්න බෙහෙත් වලටත් වඩා වැදගත් වෙනවා කරුනාවන්ත දොස්තර කෙනෙක්ව.ඉතින් ඔයාට සුබ පතනවා කරුනාවන්ත දොස්තර නෝන කෙනෙක් වෙලා ලෙඩ්ඩු ගොඩාරියක් හොද කරන්න ශක්තිය ලැබෙන්න කියලා.

  11. Kathawa godakma godaak lassanai akkiyo. Kathawa iwara una ekatanm dukai ithin. Thawa katha aniwarenma ona oyage. Oyage katha marama lassanai. Oyage idiri wada kata yuthu sarthaka wenna kiyala parthana karanawa.bs oyata akki.

  12. Ammo katawa godaaaaaaaaaaaaaak lassanai akkiyo. Mama katawa hamadama kiyewwa. Katawa iwarauna ekata dukai. ??????????
    Aneee ayeth lassana katawak aran ayeth enna hodada. Sathiantaye hari katawak aran ayeth enna plzzzzzzzzz.
    Oyage hamadema sarthaka wenna suba patanawa. Good luck. ?????????????????????????????????????????????????

  13. kasuni chamalka

    මේකද අවසානේ.. හයියෝ.. ගොඩාක් දුකයි.. ගොඩක් ලස්සන story එකක්.. කතාව කියවද්දී අඩපු වෙලාවල්ද තිබුනා.. ඒ තරම්ම හිතට දැනුනු ස්ටෝරී එකක්.. ආය මේ වගේම ලස්සන story එකක් ලියන්න අපි වෙනුවෙන්.. බුදුසරණයි.. ර්ය්

    ♡☆♡ PËŔFĒÇŤ §ȚØŔÝ☆♡☆
    ❤????❤????

  14. Thakshi Deepali Jayasuriya

    කතාව මුල ඉඳලා දවසක් නෑර කියෝලා අවසාන දවසේ කමෙන්ට් කරේ නැත්තනම් ඒක හරිනෑනේ…මං කතාව කියෙව්වේ හවස 2ට විතර මොරටු කැම්පස් එකට ගිහින් එද්දි…කමෙන්ට් කරගන්නත් බෑ ඒ තරම් මහන්සි අක්කි…මේ දැන් තමයි ටිකක් රිලැක්ස් වෙලාවේ ආවෙ මගෙ ය්තුකම ඉෂ්ඨ කරන්න…
    ඇත්තම කිව්වොත් මං ආදර නවකතා කියවන්න ආස නෑ…මොකද මගෙ පපුව මාර විදිහට රිදෙන්නේ සංවේදි තැන් වලදි… ඒත් ඒවා දරාගෙන ඔයාගේ මේ අතිශය සංවේදි කතාව කියෙව්වේ ඔයා මාව මුල ඉඳලම වශී කරලා කතාව නැතුව බැරි තත්වෙකට පත් කරපු නිසා…
    මමත් තරහයි කියලා කමෙන්ට් කරන්න ඇති…සතුටු හිතෙන කමෙන්ට් දාන්න ඇති…ඒ ඒ මොහොතෙ හිතට එන හැඟීම අනුව ඒ දේවල් වෙන්න ඇති…
    ඒත් සමස්තයක් වශයෙන් ගත්තම ඔයා අති සාර්ථකයා අක්කි….මුල ඉඳලා අවසාන වෙනකම් කතාව කියවන්න තිබ්බ ආසාව එහෙමම තිබ්බා….
    ඔයාට අධ්‍යාපනය පැත්තෙන් වගේම ලේඛනය පැත්තෙනුත් ලොකු ගමනක් යන්න පුළුවන් අක්කි..දෙක බැලන්ස් කරන් ලස්සනට ජීවිතය ගොඩ නගාගන්න…
    ඉක්මනටම බැරි උනත් අපිට කෙටි කතාවක් හරි දීලා අපේ පසුතැවෙන හිත් සතුටු කරන්න…
    පසුතැවෙන්නේ ඉඳලා හිටලා දුක වැඩි උනාම දාපු කමෙන්ට් ගැන….
    හාද…
    ඔයාට හැමදේකටම ජය ප්‍රාර්ථනා කරනවා මං..
    තෙරුවන්සරණයි අක්කි

  15. nayomi nadeera

    හරිම ලස්සනයි නංගි කතාව … හැමදාම comment නොකරට කතාව කියවලා අනිවාර්යයෙන්ම rate නම් කරා.   පුදුම ලස්සනයි කතාව .. කියන්න වචන නෑ.. ❤❤ හෙමින් හෙමින් තව කතාවක් ලියලා දාන්න ඉතින් අපට ? ඔයාට සුබ පැතුම් ?

  16. nayomi nadeera

    හරිම ලස්සනයි නංගි කතාව … හැමදාම comment නොකරට කතාව කියවලා අනිවාර්යයෙන්ම rate නම් කරා.පුදුම ලස්සනයි කතාව .. කියන්න වචන නෑ.. ❤❤ හෙමින් හෙමින් තව කතාවක් ලියලා දාන්න ඉතින් අපට ? ඔයාට සුබ පැතුම් ?

  17. Nishen_Samuel

    අක්කේ, මේ කතාව තමයි මම කාලෙකින් කියවපු ලස්සනම කතාව… ඇස් දෙක තෙමෙන්න ආවෙ එකපාරක් දෙපාරක් නෙවේ. මන් දන්නවා මේ වගේ කතාවක් ලියනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියලා, ඒ නිසා අක්කට ගොඩක් ස්තූතියි!

    මේක හිතට මට ගොඩක්ම වැදුනේ මේ කතාවේ සමහර තැන්වල මගේ ජීවිතේ උන සමහර දේවල් එහෙම්පිටින්ම මම ආපහු දැකපු නිසා. මගේ අතීතෙදි මගේ හිතේ දැවටිච්ච ආශාවරිව මට මතක්වුනා.. එයත් මම මුලින් නපුරු කෙනෙක්ට කියලා හිතුවත්, මමවත් නොහිතපු විදියට එයාගේ ඇස්වල මම අතරමන් වුනා.. රවලා බලන්න හරි එයා මගේ දිහා බැලුවත් ඒ ඇති එදා දවසටම මොලේ ශෝර්ට් වෙලා යන්න.

    අවාසනාවකට වගේ ඒ සදෙව් තරම්ම මම මගේ ආශාවරී එක්ක වාසනාවන්ත වුනේ නැහැ.. ඒත් මේ කතාව අන්තිමට ඒ දෙන්නා එකතුවුනා දැක්කම දැනුන සතුටවත් මට තියෙනවා. සදෙව් ගැනයි ආශාවරී ගැනයි මේ ලස්සන කතාව ලිව්වට අක්කට ගොඩාරියක් තෑන්ක්ස්!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.