Katha Ahura

ගමන | 33 කොටස | හොල්මන් කතා

4.3/5 - (7 votes)

ගමන 33 කොටස

කසුනි ගේ අතින් පිහිය උදුරා ගත් නුවන් ඉන්පසු එතනින් දිව ගෙන යන්නට විය. අනපේක්ශිත සිදුවීමෙන් කසුනි හොදටම කලබල විය.

” නුවන් අයියෙ මොකද්ද ඔයා ඔය කරන්නෙ ”

කසුනිගේ හඩ ගනන් නොගත් නුවන් ඉස්සරහටම දිව ගියේය.

” නුවන් අයියා පිහියත් අරගෙන පැනලවත් යන්ඩ හදනවද ”

කසුනිගේ සිත කියන්ඩ විය. ඔහුව නතර කරන්නෙ කෙසේද දැනටමත් ඔහු ගොඩක් දුර දිව ගොස් ඇත. ඔහු පසුපස එලවාගෙන යන්ඩත් බයය. යලිත් වතාවක් එසේ දුවගෙන යද්දී බොරු වලකට වැටුනොත් එහෙම. දැන් කල යුත්තෙ මොලේ පාවිච්චි කීරීමයි.

” නුවන් අයියෙ , ඔයා ඔය කරන්නෙ මෝඩ වැඩක් , ඔය පිහිය ඔයා ලග තිබුනට වැඩක් වෙන්නෙ නෑ ,ඒකෙන් වෙන්නෙ ඔයත් අනතුරේ අපිත් අනතුරේ ”

කසුනි කියූ දේට නුවන් මදක් නැවතින.

” ඇයි ඒ ”

” ඇත්තම කිව්වොත් ඔය පිහියෙ බලය තියෙන්නෙ මගෙයි දමිත් අයියගෙයි, පොඩි අයියගෙයි ඇතේ තියෙනකම් විතරයි, පොඩි අයියගෙ යාලුව ඔය පිහිවලට මතුරල තියෙන්නෙ අපි තුන්දෙනාගෙ උපන් වෙලාවට සීහෙන නැකතකුයි, අපි තුන්දෙනාට ගැලපෙන #වනිජකරන කියල යෝගයක් පවතින වෙලාවක් බලල, අනික නුවන් අයිය යක්ශයන්ගෙ බන්දනයට අහුවෙලයි උන්ගෙ අඩවියට ඇවිල්ල තියෙන්නෙ , අපි තුන්දෙනා එහෙම උන්ගෙ බන්දනයට අහුවෙලා නෙමෙයි ඇවිල්ල තියෙන්නෙ ,, උන්ගෙ බන්දනයට අහුවෙලාආපු අය ලග ඔය පිහිය තිබුනට ඕකෙ බලයක් නෑ ”

පොඩි අයියාගේ ජොතිශ පොත් වලින් අහුලා ගත් වචන ටිකකුත් මතක් කරගෙනම කසුනි බොරුවක් ගොතා පැවසුවාය. නුවන් ඊට රැවටුන බවක් පෙනුනි.

” ඔය ඇත්තමද කියන්නෙ ”

කෙසේ හෝ කසුනිට නුවන් රවටා පිහිය යලිත් ඇගෙ අතට ගන්නට සමත් විය.

” ඒත් කොහොමද ඔයා උන් දෙන්නගෙන් බේරිලා පැනගත්තෙ , කොහෙද ඔය කියන ගල්ගුහාවට යන පාර තියෙන්නේ ”

” ඇත්තටම මම උන්ගෙන් බේරිලා පැනල නෙමේ ආවෙ ”

” එහෙනම් ”

නුවන් කියූ දෙයට කසුනි පුදුම විය.

” යක්ශයා කිව්ව ඔයාව අර වලෙන් එලියට අරගෙන , ඔයාගෙ ඔලුවට පොල්ලකින් ගහල සිහි නැතිකරලා උන්ට අල්ල ල දෙන්ඩ කියල , එහෙම කෙරුවොත් මට මේ අඩවියෙන් පිටවෙලා යන්ඩ දෙනව කිව්වා,”

නුවන් දමිත්ව යක්ශයාට ##ඔහු විසින් කොටුකර දුන් වගක් කියන්ඩ ගියේ නැත. එහෙම කිව්වනම් කසුනි තමාවතවත් පහත් තත්වයට ඇද දමයි කියා නුවන් බිය විය.

” චිකේ ඔයා නම් හරිම ගුනමකුවෙක් , අනිත් අය අසරන වෙලා ඉන්නකොට ඔය විතරක් කොහොමද හිතුවෙ තනියම බේරිලා යන්ඩ ”

කසුනිට ලොකු අයියාත් ගැන හිතුනේ බලවත් දුකකි , ඔහු කොතරම් නම් නුවන් අයියට උදව්කරනවද? යාලුවෙක් වෙනුවෙන් ඔහු පන උනත් දෙයි. ඒත් ලොකු අයියා හොදම යාලුවෙක් කියා ඇසුරු කරන නුවන් කර ඇත්තේ ඒකෙ අනිත් පැත්ත. නුවන් පිලිබදව කසුනිට ඇතිවුනේ බලවත් අප්පිරියාවකි.

” කසුනි pleace , බැරි වෙලාවත් අර කට්ටියව බේර ගන්ඩ පුලුවන් වුනොත් මේ බව ඒ කට්ටියට එහෙම දැන ගන්ඩ ඉඩ තියන්ඩනම් එපා ”

නුවන් පැවසුවේය. ඒත් ඒ දරුනු යක්ශයාගෙන් ගැලවී පලායාම නම් සිහිනයක්ම පමනි,, නමුත් බැරි වෙලා වත් යක්ශයාගෙන් ගැලවී පලා යන්නට හැකිවුනොත් යාලුවන් තමා කරපු දෙවල් ගැන දැනගනීවී නුවන් සිතුවේ එසේය.

” හරි මන් කියන්නෙ නෑ , හැබැයි මට පොඩි අයියවයි දමිත් අයියවයි හොයා ගන්ඩයි, අර කියන යක්ශයව කොටුකර ගන්ඩයි උද්ව් කරන්ඩ ඕනා ” ###

නුවන් ඊට පිලිතුරු දෙන්ඩ පෙර කවුරුන් හරි එනව මෙන් හඩක් නැගිනි. ඔහු ඒ දෙස බලද්දී දුටුවේ පෙර දින ගුහාවට පැමිනි අර සුදු කබර ලෙඩේ හැදුන මිනිසාගේ දැසුනකි.

” ඉක්මනට අර ගහට මුවාවෙමු ”

නුවන් කසුනිවත් ඇදගෙන විශාල ගසකට මුවාවිය.

” කවුද ඒ , තවත් යක්ශයෙක්වත්ද”

කසුනි පැවසුවේ ඒ මිනිසා යන දෙස බලමින්”

” නෑ නෑ ඔය මිනිහා තමයි අරුන් දෙන්නට උදව් කරන්නෙ , ඊයෙත් ගල් ගුහාවට ආවා ”

” ඒත් කොහොමද ඔය වයසක මිනිහ අර ලොකු කලුගල අයින් කරලා ගුහාවට යන්නෙ ”

” නෑ ඔය මිනිහ ආවෙ ඊයෙ යක්ශයො ගුහාවට එන පාරෙන් නෙමේ , වෙන පාරකින් ඔය මිනිහ ගුහාවට ආවෙ ”

නුවන්ගේ වදන් වලින් කසුනිට ආවෙ අමුතුම හැගීමක් , අද ඔවුන් සමග ආ මරනයට පත් වුන වයසක් මිනිසා පවසන්න ගිය අනිත් උමං පාරෙන් වෙන්ඩ ඇති මේ මිනිහා ගුහාව අතුලට යන්නේ ,

” අපි ඔය මිනිහ පිටිපස්සෙන් ගිහිල්ල බලමු ,කොහෙන්ද ඔය මිනිහ ගුහාවඇතුලට යන්නෙ කියලා ”

කසුනි එසේ පවසමින් වටපිට බැලුවේ පොඩිඅය් යාවත් දමිත් අයියාගේ රුවවත් කොහෙන්හෝ මතුවෙයිදො සිතමිනි, නමුත් එවන් දසුනක් ඇය දුටුවේ නැත. පොඩි අයිය ලග ####පිහියක් නොමැත , දමිත් අයියා ලග තිබුනු ඒ බලවත් පිහියෙන් යක්ශනියට ඇන්නානම් ඔහු ලගද පිහියක් නැත , ඒ නිසා යක්ශයාට ඔවුන් දෙදෙනාම ලගට ගොස අනතුරක් කිරීමේ හැකියාව හොදටම තිබේ . කසුනි සිතූ දේ හරිය. මේ වෙලාවේ ඇයගේ පොඩි අයියා කුසල්ද යක්ශයාගේ ග්රහනයට හසු වී හමාරය. බොහො වේලාව්ක යක්ශනිය කුසල්ව දියේ ගිල්වමින් සිටි නිසා කුසල් හොදටම හෙම්බත් වී සිටියේය. හිතේ හයියට ඔහු යක්ශනියට පිහියෙන් ඇන සිහිනැතිකෙරුවත් තව දුරටත් කුසල්ගේ ඇගේ ශක්තියක් තිබුනේ නැත. එහෙත් ඔහු අමාරුවෙන් ඔයේ ඉවුරට පීනා ගෙන එන්නට සමත් විය. නමුත් ඉන්පසු අදික කලන්ත ගතිය නිසා කුසල් ඔය ඉවුරේ සිහි නැතිවී වැටුනි. යක්ශනිය සොයමින් ආ යක්ශයාට ඔය ඉවුරේ වැටී සිටින කුසල්ගේ රුව හොදින්ම පෙනින. වතුරේ ඇති දේවල් වල ඉව යක්ශයාට නොදැනුන නිසා යක්ශයාට සිහි නැතිව වතුර යට සිහි නැතිව සිටින යක්ශනිය ගැන ඉව වැටුනේ නැත. කුසල්ව කරේ තියාගත් යක්ශයා ඉන් පසු කලේ ඔහුවත් ගල් ගුහාවේ සිර කිරීම සදහා රැගෙන යාම යි. සිහිනැතිව සිටි කුසල්ට මේ කිසිම දෙයක් වැටහුනේ නැත.#####

* මේ කිසිම දෙයක් නොදත් කසුනි ආත්මාරථකාමි නුවන් සමග සයිමන් පිටිපසින් ඔහුට හොරෙන් ගමන් කලහ. කසුනි ලග ඇති අර බලගත් පිහිය නිසා යක්ශයාට ඔවුන්ට අනතුරක් කිරීමට නොහැකි විය.

” අර මිනිහ විලාප ඇල්ල ලගට යන්නෙ ”

කසුනි හා නුවන් පුදුමයට පත් කරමින් සයිමන් විලාප ඇල්ල ලගින් දියට බැස්සෙය. ඔහුගේ ඉන දක්වා වතුරෙන්පිරුනි. ඉන් පසු ඔහු කරන්නෙ කුමක්ද කියා නුවන් හා කසුනි දෑස් දල්වගෙන බලා සිටියහ. *******************************ඊලග කොටසට gamana

ඒ හින්ද ඔන්න අදනම් කතාව කියවල කට්ටිය කොමෙට් එකක් කොටාබාගෙන ගියෙ නැත්නම් කඩවර යකා කෝපවෙයි. එහෙම කතාව කියවල කොමෙට්කොටාබාගෙන නොගිය ඇත්තන් රෑට නිදාගෙන ඉන්න වෙලාවට ඇවිල්ල ලේ ……………..( එක්කො ඉතුරු ටික ඕනෙ නෑ )

6 thoughts on “ගමන | 33 කොටස | හොල්මන් කතා”

  1. හික්ස් හා හා ආපුදෙන්කො ඕකගේ මූණ ඩිංගිත්තක් කාරිය බලා ගන්න. ම්ම්ම් ඇත්තමයි, කියන්න වචන නෑ කතාව ගැන නම්. හොය හොයා කියෙව්වෙ මම. හෙටින් ඉවරයි කියල හිතෙද්දි තමා දුක. ඒත් තවත් මේ වගේ කතාවක් අරගෙන එයි කියන බලාපිරොත්තුවෙන් හිත හදා ගන්නව. Good luck. Keep it up.

    1
  2. Hashini Navanjana.

    ඔයා අපිව බය කරල ? සතුටින් ඉන්නකො හොදේ… ?????????? ගොඩාක් ලස්සනයී කතාව. ඉක්මනින් ඉවර වෙන නිසා දුකයී.. ? අපි වෙනුවෙන් ආයෙ මේ වගේ ලස්සන කතාවක් ඕනි.. ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.