Katha Ahura

ආශාවරී |පනස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

2/5 - (71 votes)

පනස් එක්වැනි කොටස

ඉස්කෝලෙ වැඩ සාමාන්‍ය පරිදි සදෙව් කරගෙන ගියා..මේ අතරෙ ගෙදෙට්ට වෙලා ඔහේ බලාගත්තු අත බලා ඉන්න ආශාවරී ඉන්නෙ හරිම ලොකු වේදනාවකින්…සැදැල්ලට වෙලා ඈත අහස දිහා ඇහිපිල්ලම් නොගහා බලා ඉන්න ආශාවරීගෙ දෑස් වලින් එකදිගට කදුලු කඩා වැටුනත් ඒ මූණෙ කිසිම හැගීමක් පේන්න නෑ….අඩුම ගානෙ කම්මුල් දිගේ රූරා වැටෙන කදුලු පිහිදගන්නවත් ඇයට උවමනාවක් නෑ…දෙලොවක් අතර තනිවෙලා ඉන්න ඇයගෙ මනස හිස් වෙලා තිබුනෙ…ආකාශි නියමිත වෙලාවට ආශාවරීට බෙහෙත් දෙනවා…හැබැයි ආශාවරී ප්‍රතික්ෂේප කරන්නැතුව කිසිම කලබලයක් නැතුව බෙහෙත් බොනවා..ඒක ආකාශිට සැනසීමයි..මොකද ආශාවරී බෙහෙත් බොන්න අදිමදි කලොත් ඇය කොහොමද ඉක්මන්ට සනීප වෙන්නෙ…

අදත් වෙනදා වගේම ආශාවරී පටන් ගත්තෙ ඇගේ චිත්‍ර අදින්න…මෙලෝ සිහියක් නැතුව ඇය පාට කලවම් කර කර සිතුවම් අදිනවා..අදින අදින සිතුවම ඇය තමන්ගෙ කාමරේ බිත්ති පුරා අලවන්නෙ දැන් ඇගේ මුලු කාමරේම සදෙව්ගෙ රූපෙ තියෙන සිතුවම් වලින් පිරිලා තියෙන්නෙ…එක චිත්‍ර 50ක් විතර ආශාවරී අදිනවා..ඒ හැම සිතුවමකම තියෙන්නෙ සදෙව්ගෙ ජීවමාන රූපෙට ගැලපෙන පින්තූර..ආශාවරී සදෙව් රූපෙ තියෙන චිත්‍ර මුලු කාමරේම බිම අතුරලා ඇද උඩට වෙලා ඇද උඩත් සදෙව්ගෙ සිතුවල් එලලා එය උඩ වකුටු වෙලා නිදාගන්න ගත්තෙ ඇයට ඕන සදෙව්ගෙ උනුහුම….

” සදෙව් ….සදෙව් ….කතාකරන්නකො අනේ මා එක්ක…සදෙව් …කතාකරන්නකො රත්තරං ….ඔය කටහඩ අහන්න මං මාරම ආසයි කියලා ඔයා දන්නවනෙ…කතා කරන්න සදෙව් ….හිනාවෙන්නකො…ඔයා හිනාවෙද්දි හරිම ලස්සනයි….කෝ…මා එක්ක හිනාවෙන්න….හිනාවෙන්නකො….ඔයා හිනාවෙද්දි ඔයාගෙ ඇසුත් හිනාවෙනවා…හරිම ලස්සනයි ඔයා…ඔයා ලගින් එන සුවදට මං හරි ආසයි සදෙව් …ඔයා මාව තුරුල් කරගන්නකොට..මං මාරම ආසයි සදෙව් ….අනේ සදෙව් ….එන්න…ඇවිල්ලා මාව තුරුල් කරගන්නකො….මට හරිම සීතලයි සදෙව් …එන්නකො….කතා කරන්නකො සදෙව් ….ඇයි සද්දයක්වත් නැත්තෙ…මට බයයි ඔයාව මට නැති වෙයි කියලා….අනේ සදෙව් …මං ආදරෙයි ඔයාට…මං ආදරෙයි සදෙව් ඔයාට…

ආශාවරී පිස්සුවෙන් වගේ සදෙව්ගෙ රුව අතගගා කියවනවා..ඇගේ නෙත් වලින් එකදිගට ගලා හැලෙන කදුලු වලින් ඒ සිතුවම් බොදවෙලා ගියා…සදෙව් එක්ක තමන් ගතකරපු අතීතෙ මතකයන් ගොන්නක් විදිහට හිතේ මැවෙද්දි ආශාවරීට දැනුනෙ දැඩි වේදනාවක් ..ඒ වේදනාවයි කදුලු විදිහට නෙත් වලින් එලියට ආවෙ…ඒත් ඇගේ මුහුනෙන් නං කිසිම හැගීමක් පේන්නෙ නැහැ…

මං ඔයාට ආදරෙයි සදෙව් …

සදෙව් එකපාරටම ගැස්සිලා ගියේ ඔහුගෙ කනට ඇහුන ඒ කටහඩින්…සුලෝචනා මිස් උගන්න උගන්න ඉද්දි ඔහුට ඇහුනෙ ඒ ගැහැනු කටහඩ…හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගත්දි සදෙව් කලබලෙන් වටපිට බැලුවා…ඔහුගෙ නෙත් යන්නෙම ආශාවරීගෙ පුටුව දිහාට….

” වටපිට බලන්නැතුව පාඩම අහං හිටහන් සදෙව් ….” සදෙව් වටපිට බල බල ඉන්නවා දැක්ක පැතුම් දත්මිටි කමින් කේන්තියෙන් සදෙව්ට කිව්වෙ සදෙව් බෝඩ් එක දිහා බලාගන්න ගත්තා ඊට අවනතව.

මොකද්ද මට ඒ ඇහුන කටහඩ…මට ආදරෙයි කිව්වෙ කවුද ඒ…ඒ කටහඩ මට හුරුපුරුදුයි වගේ…හරියට කලින් ඒ දේම මං කාගෙන් හරි අහලා තියෙනවා වගේ දැනෙන්නෙ ඇයි….එක්කො මේ ඉස්කෝලෙ හොල්මන් ඉන්නවා…එහෙම නැත්තං ඒ මගෙ අමතක වෙච්ච අතීතෙ එක කොටසක්….මට මගහැරුන දෙයක් ඒක…ඒක මං කොහොමද හොයාගන්නෙ..කාගෙන්ද අහන්නෙ….අර ඩෙස් එකයි පුටුවයි ..ඇයි මට හැමතිස්සෙම ඒ පැත්ත දිහාම බැලෙන්නෙ…ඇයි මට හිතෙන්නෙ මං ඉන්න ඕන මෙතන නෙවේ එතන කියලා…මොකද්ද මට මේ දැනෙන තනිය…මෙච්චර ලමයි ගොඩක් මැදද් මට ඇයි මෙච්චර ලොකු පාලුවක් තනිකමක් දැනෙන්නෙ….මට හිතාගන්න බෑ…සමහරවිට මේවට උත්තර පැතුම් ලග ඇති….එයාගෙන්වත් අහලා දැනගන්න ඕන….නැත්තං මතකෙ අමතක වෙලා ඉන්න මට ඉක්මන්ටම පිස්සුත් හැදෙයි….

සදෙව් කල්පනා කරන්න ගත්තා…සුලෝචනා මිස්ගෙ පීරියඩ් දෙක ඉවර වෙච්ච වහාම සදෙව් පැතුම්ගෙන් ඔහුගෙ හිතේ තියෙන වද දෙන ප්‍රශ්නෙ ඇහුවා…

” පැතුම්…අර හිස් ඩෙස් දෙකේ ඉන්නෙ කවුද ….එයාලා අද ඇබ්සන්ට් ද…??” සදෙව් ඇහුවෙ හරි උවමනාවෙන්.සදෙව් එහෙම අහද්දි පැතුම් ගොඩාක් අසරණ උනා..ඔහු මොනා නං කියන්නද…තවත් බොරුවකින් ආශාවරීගෙ මතකෙ ඔහුගෙන් වසන් කරන්නද..හිත හිතම පැතුම් කතාකරන්න ගත්තෙ ඔහුට දාඩියත් දැම්මා..

” මේ…නෑ…ඕක නිකන් හිස් ඩෙස් දෙකක්…කවුරුවත් ඔතන වාඩි වෙන්නෑ….” පැතුම් එහෙම කිව්වා..

” ඇයි එතන කවුරුවත් වාඩිවෙන්නැත්තෙ…??”

” නිකන්…එහෙම විශේශ හේතුවක් නෑ….කවුද අනේ කැමති පිටිපස්සෙ පෝලිමේ ඉන්න….” පැතුම් එහෙම කියද්දි සදෙව් බලා හිටියෙ ඒ ඩෙස් දෙක දිහාම බලාගෙන.

” මට ආසයි….මට ආසයි පැතුම් ඒ ඩෙස් එකේ ඉන්න….අනේ…මං හෙට ඉදන් එතනට යන්නද..” සදෙව් එහෙම අහද්දි පැතුම් පුදුමයෙන් බලා හිටියෙ ඔහු දිහා..

” ඒත්…ඒත් ඒ ගෑල්ලමයිගෙ පෝලිමනෙ….” පැතුම් නලල රැලිකරගෙන එහෙම අහද්දි සදෙව්ගෙ මූණ රතු උනා..

” කමක් නෑ…අනේ මට එතන ඉන්න ඕන…මං ආසයි එතනට…” සදෙව් ලැජ්ජාව මැදින්ම හිනාවෙලා එහෙම කියද්දි පැතුම්ට ඔහු ගැන දුක හිතුනා .

” හරි…උබේ කැමත්තක්…” පැතුම් ඔහුගෙ උරහිසට තට්ටුවක් දාලා කිව්වා….කාලය ටික ටික ගෙවිලා යද්දි ඉස්කෝලෙ ඉවර වෙලා සදෙව් ඔහුගෙ යාලුවො ටිකත් එක්ක බිල්ඩින් එකෙන් එලියට යන්න ගියේ….

පිට්ටනිය පාස් කරද්දි සදෙව්ට දැනෙන්න ගත්තෙ හරි අමුතු අමුතු හැගීම්…ඒත් ඒ හැම හැගීමක්ම පාලනය කරගෙන ඔහු ඉස්කෝලෙන් එලියට ආවෙ හෙට උදෙන්ම ඇවිත් පිට්ටනියට ගිහින් බලන්න ඕන කියල හිතලා.

” මචං…හෙටත් මං එන්න ඕන්ද…” බස් හෝල්ට් එක ලගට ආව පැතුම් සදෙව්ගෙන් එහෙම ඇහුවා..

” නෑ නෑ..ඕන්නෑ..මට දැන් එතෑකි…thanks පැතුම්…කරපු හැම උදව්වකටම…” සදෙව් හිනාවෙලා පැතුම්ට සමු දීලා ගෙදර එන්න ආවෙ….බෝ ගහ ගාවින් බැහැපු සදෙව් අතුරු පාර දිගේ තමන්ගෙ ගේ දිහාට ඇවිදන් යද්දි ඔහුට දැනුනෙ තමන් තව කා එක්ක හරි මේ පාරෙ මීට ඉස්සර ගිහින් තියෙනවා වගේ හැගීමක්….ආශාවරීගෙ ගෙවල් පාරට හැරෙන තැන එකපාරටම නතර වෙච්ච සදෙව් ඒ පාර දිහා මොහොතක් බලා හිටියෙ දෙයක් මතක් කරගන්න වගේ…

මේ පාර…මට පොඩි මතකයක් තියෙනවා වගේ…ඒත්…මොකද්ද ඒක…

හිත හිතම සදෙව් බලා ඉන්න ගත්තෙ ඒ මාවත දිහා….

“ආම්..මේ ..ආශාවරී ..”

“මොකෝ ඕයි…??”

” ම්…ඔය…ඔයා ඔය පාරෙද ඉන්නෙ…”

” ඔව් ..ඇයි මොකෝ…??”

” නෑ…මුකුත් නෑ…මං තව ඉස්සරහට යනවා…අපේ ගෙදර තියෙන්නෙ තව ඉස්සරහ…”

” ඉතින්…මට පාන්ද…”

සදෙව්ට කටහඩවල් ඇහෙන්න ගනිද්දි අත්දෙකෙන්ම ඔහු කන්දෙක අල්ලන් ඇස් පියාගත්තෙ ඒ හඩවල් වලට මුලු ඔලුවම රිදෙන්න ගත්ත හින්දා….ආශාවරීගෙයි සදෙව්ගෙයි ආදර මතකයන් ඔහුට මතක් වෙන්න මතක් වෙන්න ඔහුගෙ මනස අතිශයින් වේදනා දෙන්න ගන්නෙ ඒ හැගීම් එකපාරටම ඔහුට දරාගන්න බැරි නිසා.

” මොකද්ද මට මේ වෙන්නෙ…ඇයි මට හැමතිස්සෙම එකම කටහඩක් ඇහෙන්නෙ….කාගෙද ඒ කටහඩ..කවුද ඒ කෙල්ල….කවුද ආශාවරී කිව්වෙ…..පැතුම් කිව්වට මං ආශාවරීව දැකලා නැහැ කියලා….ඇයි මට ඒ නම හුරුපුරුදුයි වගේ දැනෙන්නෙ…මේ ඇහෙන කටහඩට මගේ හිත මෙච්චර ඇදිලා යන්නෙ ඇයි…අනේ මට මුකුත්ම හිතාගන්න බෑ..මගෙ ඔලුවත් එක්ක රිදෙනවා …” සදෙව් අත්දෙකෙන්ම නලල මිරික මිරික පාරෙ ඉස්සරහට යන්න ගියේ තමන්ටම මුමුණ මුමුණ …ගෙදර ගිය හැටියෙ සදෙව් ඇදට පැනලා ටිකක් නිදාගත්තෙ මනස සැහැල්ලු කරන්න….

” ආශි….ඔයාගෙ බෙහෙත් බොන්න වෙලාව හරී….” ආකාශි කතාකරගෙනම ආශාවරීගෙ දොර ඇරගෙන කාමරේට එන්න ආවෙ ඇය දැක්කෙ නැහැ කාමරේ මුලු පොලව පුරාම අතුරලා තිබ්බ ආශාවරී ඇන්ද සදෙව්ගෙ රූපෙ සිතුවම් ටික….ආකාශිට මුල් සිතුවම් දෙක තුන පෑගෙද්දි ඇදේ ඇලවිලා සදෙව්ගෙ රූපෙ අතගගා අවසිහියෙන් කියව කියව හිටිය ආශාවරී ඇය දිහා බැලුවෙ දවා අලු කරන තරමේ බැල්මකින්…

” ඒයි ..මොකද්ද උබ ඒ කලේ….ආ..උබ මගේ සදෙව්ව පෑගුවා නේද…ආහ්….ආ…”කෑගහගෙනම ආශාවරී ඇදෙන් පැනලා බිම අතුරලා තිබ්බ සදෙව්ගෙ සිතුවම් ටික අතින් අහුලගෙන ආකාශි දිහාට ආවෙ ඒ එක සිතුවමක්වත් ඇගේ පයට නොපෑගෙන්න ඇය වගබලා ගත්තා…කේන්තියෙන් තමන් දිහාට එන ආශාවරීව දැකලා ආකාශි එකතැන නතර වෙද්දි ඇය බයෙන් වෙව්ල වෙව්ල ඇය දිහා බලා හිටියෙ..

” අනේ ආශි…සොරි ආශි…ම්…..ම්…මං..මං දැක්කෙ නෑ …අනේ…” ආකාශිට එකපාරටම ඇඩෙන්න ගත්තෙ ඇගේ නංගිගෙ බැල්මෙ තිබ්බ දරුණු ගතිය දැකලා…

” දැක්කෙ නෑ….දැක්කෙ නෑ…තමුසෙට පොට්ටද මගේ සදෙව්ව පෙනුන්නැත්තෙ….ආ…තමුසෙට පොට්ටද…” කේන්තියෙන් ආශාවරී අල්ලගත්තෙ ආකාශිගෙ කොන්ඩෙන්…ආකාශි වේදනාවෙන් කෑගහද්දි ආශාවරී වේගෙන් ඇයගෙ මූණ බිත්තියෙ වැද්දුවෙ ආකාශිගෙ මූණ බිත්තියෙ වැදිලා නලල තුවාල උනේ ඇගේ කම්මුල් දිගේ රක්ත වර්ණ රුහිරු විසිරිලා ගියා…

” ආහ්….මමී…”

” ආකාශි ….!! ”

ආකාශි කෑගහද්දිම සිද්දිය දැක්ක රුහාන් ඒ දිහාට දුවගෙන ආවෙ කෑගගහා…

” උබ මගේ සදෙව්ව පෑගුවනෙ….එයාට කොච්චර රිදෙන්න ඇත්ද…දැන් උබට රිදෙනවද…ආ….දැන් රිදෙනවද….” කේන්තියෙන් ආශාවරී නැවත නැවතත් ආකාශිගෙ මුහුණ බිත්තියෙ තදින් වද්දමින් කෑගැහුවෙ ගොරෝසු කටහඩින්….ඇගේ දෑස් රතුවෙලා තිබුනෙ කේන්තියෙන් .

” අත ඇරපන් බැ@$% මගෙ ආකාශිව….” රුහාන් ඉක්මන්ට ඇවිත් බලෙන්ම ආශාවරීගෙන් ආකාශිව මුදාගන්න ගමන් කිව්වෙ ආශාවරීව අහකට තල්ලු කරන ගමන්…ආශාවරී ආපස්සට තල්ලු වෙලා ගිහින් සදෙව්ගෙ සිතුවම් මත ඇද වැටුනෙ ආකාශිගෙයි රුහාන්ගෙයි ආශාවරීගෙයි කෑගැහිල්ලට උඩතට්ටුවට දුවගෙන ආවෙ මහේශුයි නදීකායි…ආකාශිට එකපාරටම සිහි නැතිවෙලා රුහාන්ගෙ පපුව මතට වැටෙද්දි රුහාන් ඇයව හනිකට හරහට වඩාගෙන අරන් ගියේ ඉක්මන්ටම හොස්පිටල් අරන් යන්න…මොකද ඒ වෙද්දි ඇගේ නලල ගොඩාක් තුවාල වෙලා ලේ ගලාගෙන යමින් තිබුනා..

” ආකාශි…!!” මුහුණෙ ලේ පෙරාගෙන ඉන්න ආකාශිව දැකලා නදීකාට කෑගහුනා..

” මං මෙයාව ඉක්මන්ටම හොස්පිටල් අරන් යන්නං…ඔයාලා ආශි ගැන බලන්න….” රුහාන් එහෙම කියාගෙනම ඉක්මන්ට පඩිපෙල් බැහැලා යන්න ගියේ මහේශ් නදීකා වේගෙන් දිව්වෙ ආශාවරීගෙ කාමරේට යන්න….ඒ යද්දි ඔවුන් දැක්කෙ ආකාශිගෙ පයට පෑගුන සදෙව්ගෙ රුව සිතුවම් උන චිත්‍ර ටික දෑතින්ම බදාගෙන බිම ඉදගෙනම ආශාවරී හොදටම අඩනවා…

” අනේ මගේ සදෙව් …..ඔයාට රිදුනද රත්තරං …..ආ…ඔයාට රිදුනද…අනේ සදෙව් ……ඔයාට රිදුනද….හහ්….ඉහ්….” අඩ අඩම සිතුවම් ගොන්න පපුවට තුරුල් කරන් ඉන්න ආශාවරී දිහා මහේශුයි නදීකායි බලන් හිටියෙ බොදවෙච්ච දෑසින්…

” ආශි….” මහේශ් හැදුවෙ ඇය අසලට යන්න….ඒත් මහේශ්ගෙ හඩ ඇහුන වහාම ආශාවරී ඔලුව ඉස්සුවෙ ඇය කේන්තියෙන් බැලුවෙ මහේශ් දිහා…ඒ ඇස් වලින් ගිනි පිටවෙනවා වගේ….

” උබ….උබ….මගෙ සදෙව්ව මගෙන් ඈත් කරපු මිනීමරුවා….හහ්….ආහ්….” කෑගහගෙනම ආශාවරී ආවෙ මහේශ් ලගට…ඇයගෙ මානසික ලෙඩේ උත්සන්න වෙලා තිබුනෙ…ඒකට එක හේතුවක් උනේ ඇයගෙ බෙහෙත් බොන්න නියමිත වෙලාව පැනලා තිබ්බෙ…අනිත් එක නිතරම ඇයව සතුටින් තියන්න කියලා doctor අවධාරණය කරලා කිව්වා උනත් ආකාශි නිසා ආශාවරීගෙ හිත ගොඩාක් පෑරුනා…ඒ හැමදෙයක්ම හින්දා ආශාවරී උමතු වෙලා හිටියෙ…ඉතින් පිස්සුවෙන් වගේ ඇය සිතුවම් අහකට දාලා මහේශ් ලගට ඇවිත් ඔහුගෙ බෙල්ලෙන් අල්ලගත්තෙ ඇගේ සියුමැලි දෑතින් මහේශ්ගෙ ගෙල හිරවෙන්න ගියා…

” ආශි…!! නවත්තන ඕක…..ආශි…” නදීකා කෑගහගෙන ආශාවරී ලගට ගිහින් තදින් ඇගේ දෑත් මහේශ්ගෙ ගෙලෙන් ඉවත් කරන්න ගියේ…ආශාවරී නදීකා දිහා හෙලුවෙත් දරුණු බැල්මක්…ඒත් නදීකා කොහොම හරි මහේශ්ගෙ උදව්වෙනුත් ඔහුගෙ ගෙල මිරිකන් ඉන්න ආශාවරීගෙ දෑත් අහකට කලා…ඒ හාම මහේශ් ආශාවරීව වඩාගෙන ඇද අසලට ආවෙ ආශාවරී යටිගිරියෙන් කෑගගහා ඔහුගෙ පිටට තඩිබාන්න ගත්තා..

” නදී….ඉක්මන් කරන්න…අර ඉන්ජෙක්ෂන් එක ගන්න…..” මහේශ් එහෙම කියාගෙනම නොසන්සුන් වෙලා ඉන්න ආශාවරීව යහන උඩින් තිබ්බෙ ඇයව තද කරලා ඔහු අල්ලගත්තෙ ඇදෙන් අහකට යන්න ඉඩ නොදී ..ඒ අතරෙ නදීකා කාමරේ කබඩ් එක ඇතුලෙ තිබ්බ ආශාවරීගෙ බෙහෙත් අතුරින් ඇයව සන්සුන් කල හැකි ඉන්ජෙක්ෂන් එක අතට ගත්තා…මහේශ් ආශාවරීව අල්ලන් ඉන්න අතරෙ නදීකා ඇගේ අතට ඉන්ජෙක්ෂන් එක ගැහුවා…දගල දගල කෑගගහා හිටිය ආශාවරීගෙ දැගලිල්ල එන්න එන්න අඩුවෙලා නැතිවෙලාම ගියේ ඇගේ මුවින් පිටවුන අවසාන වචනෙ සදෙව් ….ආශාවරී දීර්ඝ නින්දකට වැටෙද්දි මහේශ් නදීකා අසලට ආවා..

” අනේහ් මහේශ්….” ඉන්ජෙක්ෂන් එක අතින් ගිලිහෙද්දි නදීකා අඩාගෙනම මහේශ්ට තුරුල් උනේ මහේශුත් අඩ අඩම බලා හිටියෙ ආශාවරී දිහා…

” මොකද්ද මහේශ් මේ අපේ දූට වෙන්නෙ…ආ…අපිට අපේ දූව නැතිවෙයිද මහේශ්…ආහ්…මට හරිම දුකයි මහේශ් ….හරිම දුකයි…බලන්න….බලන්න එයා දැන් ඉන්න හැටි…හරියකට කෑමක් කන්නෑ….සැර බෙහෙත් ජාති බීලාම බලන්න එයාගෙ හැටි….දවසම සදෙව්ගෙ චිත්‍ර ඇද ඇද චිත්‍ර උඩ නිදාගන්න හැටි…හැමතිස්සෙම එයාගෙ කටේ තියෙන්නෙ සදෙව්ගෙ නම විතරයි …අනේ මහේශ් මට බයයි ආශි ගැන….එයාට පිස්සු වැඩිවෙයිද…අනේහ්…අනේ අපේ දරුවා…” නදීකා අඩ අඩම කියෙව්වෙ ඇගේ හදවත ආශාවරීගෙ මේ අසනීපෙ නිසා ගොඩාක් රිදිලා තිබුනෙ….

” අඩන්නෙපා නදී….අපේ ආශිට ඉක්මන්ටම හොද වෙයි…ඔව්…බයවෙන්නෙපා ….හැමදේම ඉක්මන්ටම හරි යයි….” මහේශ් කිව්වෙ ඇගේ හිස පිරිමදින ගමන්…

රුහාන් ඉක්මන්ටම ආකාශිව පන්නිපිටියේ nursing home එකට අරන් ගියා…වැඩි අමාරුවක් ආකාශිට තිබුනෙ නැහැ…නර්ස් කෙනෙක් ඇගේ තුවාලවලට බෙහෙත් දාලා බෙහෙත් වගයක් බොන්න කිව්වෙ වේදනාව මග ඇරෙන්න…

” ඔයාට රිදෙනවද ආකාශි ….” රුහාන් ඇහුවෙ ආකාශිගෙ හිස පිරිමදින ගමන්…ඇය ඇස් වලින් නැහැ කියලා කිව්වා…

” ඇයි කෙල්ලට පණ නැද්ද කටින් කතා කරන්න…ආ…මං පණ ටිකක් දෙන්නද….” රුහාන් හිනාවෙවීම ආකාශිගෙ දෙතොල් සිපගත්තෙ ආකාශිට හිනාගියා..

” ආශිට කොහොමද දන්නෑ රුහාන්…අපි ගෙදර යං….” ආකාශි කිව්වෙ ඇයට ආශාවරීව මතක් වෙල…රුහාන්ට ටිකක් කේන්ති ගියා..

” හහ්…ආශි නිසා තමා ඔයාට ඔහොම දෙයක් උනේ…තවත් කැත නැතුව ආශි ගැනම කතා කරන හැටි….නෑ…අද ඔයා ගෙදර යන්නෑ…ඔයා අද මගේ ගෙදර එක්ක යනවා…” රුහාන් කේන්තියෙන් එහෙම කියද්දි ආකාශි ඔහු දිහා බලාහිටියෙ ආසාවෙන් .

” අම්මෝ….මෙයාට කේන්ති ගියාම තියෙන ලස්සන….ආශි කියන්නෙ මගේ නංගි රුහාන්…මං එයාට ගොඩාක් ආදරේ කරනවා…එයා මට මොන දේ කලා උනත් මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ අඩු වෙන්නෙවත් නැතිවෙන්නෙවත් නෑ…අනික අපි හිතන්න ඕන.. දැන් ආශි ඉන්න තත්වෙත් එච්චර හොද නෑ…එයාව කේන්ති ගස්සවන්න කොහොමත් හොද නැහැ….ප්ලීස් තේරුම් ගන්න රුහාන්….” ආකාශි සන්සුන්ව එහෙම කියද්දි රුහාන්ගෙ කේන්තිය පහව ගියා..

” හ්ම්…ආශිව කේන්ති ගැස්සුවොත් පාලනය කරගන්න ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා නේද…??” රුහාන් එහෙම ඇහුවෙ ආකාශි ඔලුව වැනුවෙ ඔව් කියන්න…

” ඒකනෙ…හැබැයි ඔන්න මාව කේන්ති ගැස්සුවොත් නං මාව පාලනය කරන්න ගොඩාක් අමාරු වෙයි …හහ් හහ් හා…” රුහාන් මනමාල හිනාවක් දාලා ආකාශිව තුරුල් කරගෙන අතොරක් නැතුව සිපගත්තෙ ඇගේ නලලෙ තුවාලෙ ගැනවත් නොහිතා….

” අම්මෝ….ඇති බං ඇති…” එකපාරටම ඇහුන කටහඩින් රුහාන්ගෙ දෙතොල් ආකාශිගෙ දෙතොලින් මිදුනෙ ඔහු ඔලුව හරෝලා බැලුවෙ කාමරේ දොර ලග හිටි කෙනා දිහා…

” ආකේශ්….??” රුහාන්ට එකපාරටම කියවෙද්දී රූම් එකේ දොර ලග හිටගෙන හිටි තරුණයා හරි ලස්සනට රුහාන් එක්ක හිනා උනා..

” රුහාන්…My Friend ..” ඔහුගෙ මුවින් පිටවෙද්දි රුහාන් ආකාශිගෙ තුරුලෙන් මිදිලා ඔහු අසලට ගිහින් ඔහුව වැලදගත්තෙ හරිම සතුටින්…මේ කිසිවක් හිතාගන්න බැරිව ආකාශි ඔවුන් දිහා බලා හිටියෙ පුදුමය මුසු ලැජ්ජාවකින්….

ආකේශ් දේවින්ද කියන්නෙ රුහාන්ගෙ ගජ මිත්‍රයෙක්…රුහාන් තරමටම කඩවසම් රූපයක් තිබ්බ ආකේශ් හරිම ප්‍රියමනාප තරුණයෙක්…ඔහුගෙ කඩවසම් පෙනුම තවත් වැඩි කලේ දුඹුරු පැහැයට හුරු තියුණු නෙත් සගල සහ දෙතොලෙහි රැදි සිහින් මදහස…ඔහු හිනාවෙද්දි දෙපැත්තේ කම්මුල් වල ගැහෙනවා…ඔහුගෙ රුව දිහා ආකාශි බලා හිටියෙ තරමක කුතුහලේකින් .

මට මෙයාව ටිකක් දැකලත් පුරුදුයි වගේ….ඒත් කවුද මෙයා…

ආකාශි හිත හිතම ඔහු දිහා බලා හිටියා…

” ඉතින් ඉතින්….මෙයාද උබේ ඔය මනමාල හිත වෙනස් කරපු කුමාරිකාව……” ආකේශ් හිනාවෙවී ඇහුවෙ ආකාශිව පෙන්නලා…රුහාන් ආකේශ් එක්කම ආකාශි වාඩිවෙලා හිටි ඇද ලගට ගියා…

” ඔව්…මෙයාව තමා බං මැරි කරන්න ඉන්නෙ…කොහොමද කෑල්ල…හොදයිනෙ…” රුහාන් කිව්වෙ ආකාශිගෙ බද වටා අතක් යවන ගමන්…

” හොදයි හොදයි….හැබැයි පව් කෙල්ල…උබට අහුවෙනවා කියන්නෙ ඉතින් අර මොකාටද මොකද්ද අහු උනා වගේනෙ…මං දැක්කෙ නැතෑ ඉතින් මං එද්දිත් උබ මේ කෙල්ලට කොච්චර වද දුන්නද…..නේද මෙයා…මෙයා ඔයාට හරියට රිද්දනවා නේද….” ආකේශ් හිනාවෙවී එහෙම අහද්දි ආකාශිගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙන්න ගත්තා….

” අනේ මේ උබ හිටහන් මගෙන් කුනුහරුප අහගන්නැතුව….ඔයාට එහෙම රිදෙන්නෑනේද සුදූ…..ම්…” රුහාන් එහෙම අහලා ආකේශ් ඉස්සරහදිම ආකාශිව සිපගත්තෙ මුලු කාමරේම ආකේශ්ගෙ හිනාවෙන් පිරිලා ගියා…

” හායි…මං ආකේශ්….ආකේශ් දේවින්ද..” ආකේශ් හිනාවෙලා ආකාශිට අත දික්කලේ ආකාශි ලැජ්ජාවෙන් රුහාන් දිහත් බල බල ඔහුට අතට අත දුන්නා…

” මෙයා ආකාශි ….මගෙ වෙන්න වයිපරේ..” රුහාන් එහෙම කියද්දි ආකාශිට හිනා ගියා..

” ශා ..අපි දෙන්නාගෙම නම් ගැලපෙනවා නේද…රුහාන්ට වඩා ඔයාට මාව තමා මැච් වෙන්නෙ…..” රුහාන් දිහත් බලලා ආකාශිට ඇහැක් ඉගිමරන ගමන් ඔහු කිව්වෙ රුහාන්ව අවුස්සන්න හිතාගෙන…

” ආ…ආ….බ්‍රෝ….මගේ කෑල්ලට ලයින් දාගෙන ආවොත් මට යාලුකමුත් අමතක වෙයි…හරිද …” රුහාන් එහෙම කියාගෙන එකට බැදිලා තිබ්බ ආකාශිගෙයි ආකේශ්ගෙයි දෑත් අහකට කලා..

” අම්මෝ…උබ බයවෙන්නෙපා…මට උබෙන් හප වෙච්ච කෑලි ඔන්නෑ….ඒක නෙවේ මෙයා…ඔයාට නංගියෙක් ඒම ඉන්නවා නේද….” ආකේශ් එහෙම අහද්දි ආකාශිගෙ මූණෙ හිනාව නැති වෙලා ගියා…රුහාන්ටත් මොකද්ද වගේ හිතුනා ඇයගෙ වෙනස්වීම දැකලා…

” අයියෝ ඉතින් ඕකට මූණ කුන්ඩහට්ටිය කරගන්න ඕනැයි….මට රුහාන් හැම විස්තරයක්ම කියලා තියෙන්නෙ…බයවෙන්නෙපා ….ඔයාගෙ නංගි ආශිට ඉක්මන්ටම සනීප වෙයි…..” ආකේශ් එහෙම කිව්වා…කොහොමත් රුහාන් මුලින්ම විවාහ වෙන්න හිටියෙ ආශාවරී එක්ක කියලා ආකේශ් දන්නවා…හදිස්සියෙම ඇති වෙච්ච එක එක දේවල් වලින් රුහාන්ගෙ හිත ආශාවරීගෙන් ඉවත් වෙලා ඇගේ අක්කා ආකාශි ලග නතර වෙච්ච බවත් ආකේශ් දන්නවා…ඒ වගේම ආශාවරීගෙ දැන් තත්වෙ වගේම ඇයගෙ නැති උන ප්‍රේම සම්බන්දය ගැනත් හැම විස්තරයක්ම රුහාන් ආකේශ්ට කියලා තියෙනවා…..

ආකාශිව hospital අරන් එද්දි අහම්බෙන් වගේ තමයි තමන්ගෙ රෝගී වෙච්ච බිස්නස් ක්ලයන්ට් කෙනෙක්ව බලන්න ආපු ආකේශ් රුහාන්ව දකින්නෙ…ලෙඩාව බලලා එනගමන් රුහාන්වත් හම්බෙලා කතා කරලම යන්න හිතාගෙනයි ආකේශ් ආකාශි හිටිය කාමරේට ආවෙ..

**********************************

කවුද මේ ආකේශ් කියන්නෙ…කතාවට වැදගත්ම චරිතයක් ඔහු…බලමු ඔහුගෙන් මේ අයගෙ ජීවිත වලට මොන මොන බලපෑමක්ද වෙන්න යන්නෙ කියලා….

M.Ashka Rashmi❤️

16 thoughts on “ආශාවරී |පනස් එක්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Mata hithenava me akesh kiyanne akashige kalin boyfriend vathda kiyala???
    Kathava venada vagema adath godak lassanai?? e vagema godaak dukai??
    Me prashna ikamanta visadannako ethakota apita sathutuine.
    Oyage siyalu katauthuvalata jaya prarthana karanava????

  2. ආකේෂ් කියන්නෙ ආකාෂිගෙ අයියා…මහේෂ්ගෙයි කුසුම්ගෙයි දරුවා නේද…..ලස්සනයි කතාව නම්.දුකත් හිතෙනවා…ආදරෙත් හිතෙනවා…..

  3. Akesh dewinda kiyanne maheshgei kusumgei putha kiyalai Mata nam hithenne.??? Oya apiwa pissu wattanawa Appa. ???kathawa marama mara lassanai.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. E para kawda akke e akesh hitha ganna be kawda kiyala.maheshgei kusumgei daruwada e nathnma abida wenas wela awith inne ekada akashita huru bawak danenne eya gana.hitha ganna be pissu wage kathawa kiyawala ane me prashna ikamanata visadannako nathnma apita pissu hadenne.hari lassanai akke kathawa godak.ruhan dannam akashita attatama adareine.ane pau ashi eyata sadewwa ikamanata muna gas wanna akke mata dukai e denna gana.?????? good luck akkiyo ???????

  5. Hemanthi ruwan kumari

    අනෙක් සුදු නංගියේ තවත් දුෂ්ඨයෙක් නම් එපා සදෙව් යයි,අයියයි.සදෙව්ගෙ අයියා ද දන්නෑ එයා.

    Good good very good.කතාව ඔහොම යමුකො.good luck ?

  6. Buddhika subhashini

    අනේ ඇයි අප්පා දුක හිතෙන කොටස් දාන්නේ ඔයා ?? ආසාවෙන් කියවන අපිට වේදනාවක් දීලා ඔයා සතුටින් ඉන්නකෝ හොදේ ??? ..ආකේශ් කියන්නේ මහේෂ්ගෙයි කුසුම්ගෙයි දරුවා වෙන්න ඇති ??? කතාව මාරම ලස්සනයි dr.මම හැමදාම කියනවා වගේ කතාව කියවද්දි ඒ දේවල් මැවිලා පේනවා ??????❤️ .ඒත් ඉක්මනින් ආශි ට සදෙව් මුණ ගස්වන්න dr .නැත්තං අපිට පිස්සු හැදෙයි ?? good luck ????❤️❤️

  7. Chathu indeewaree

    ආකේශ්ද සදෙව්ගේ අයියා. ඒකියන්නේ මහේෂ්ගෙයි කුසුම්ගෙයි පුතා.. අකාශිට හුරු පුරුදු ගතියක් දැණුනේ සමහරවිට සදෙව්ගෙ හැඩරුව ආකේශ්ට ඇති. ඒකයි… ලස්සනයි නංගා කතාව්.

    Wish your all the best sweety…?????

  8. Akesh kynne akashige aiya.mma qa wdyta nm akshi maheshge nemei.akashiwa aran hdgna tynne.itim akashige aiya akash.meyala twinsla wnnth puluwn ☺

  9. Ranmali subasinghe

    Adath kathawa harima lassanai nanga…???? api balamuko issarahata mokada wenne kiyala… hitha ganna be… ??? hemadama kathawa digaaaaaaaaaaaa kotas danna… GOOD LUCK!!! ??????????

  10. Lakmini Sandarekha

    Mt hithnne Akesh kynne Sadewge aiya. Maheshge putha. Mn hithena wdiht qwe ithin. Ruhan eylge putha wenna bane. Ehm unoth Akashitai eytai marry krnna bane. Eyl aiyai nngi wenwne. A nisa Akesh eylge aiya kyl hithenw.

  11. Nirosha Lakmali

    ආකේෂ් තමයි මහේෂ්ගෙයි කුසුම්ගෙයි දරුවා. අනිවර්යයෙන්ම එහෙම තමයි. අනේ අශාවරි සදෙව් හරිම පව්. පණ වගේ ආදරේ කරලා දැන් කිසිම දෙයක් නැතුව විදවනවා. ගොඩක් දුකයි. ඇඩෙනවා අප්පා. ඉක්මනට ඒ දෙන්නව එකතු කරන්න. ඒ ආදරේ එයාලගෙම කරලා දෙන්න. තවත් වේදනා දෙන්න එපා ඒ දෙන්නට. හැමදාමත් වගේ කතාව හදවතටම දැනුනා. හදවතින්ම සුබ පතනවා ඔයාට…. ??????????

  12. Akesh kiyanne maheshge & kusum gei puta neda. Ane sadewta ashiwa ikmanata muna gassannako dr.
    Matanam dan me wena mokuth hita ganna ba ane. pissu wage dr. ??????????
    Katawa godaaaak lassanai. ???????????

  13. Senuri lakshika

    අක්කියෝ ආකේෂ් කියන්නේ අභී නේද අනේ මට නම් මුකුත් තේරෙන්නෙ නෑ. කතාව නම් ලස්සනයි. ඉස්කෝලෙ ගිහින් ඉක්මනට ගෙදර එන්නේ කතාව කියවන්න බලාගෙන. Good luck akki ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.