Katha Ahura

ගමන | 11 කොටස |හොල්මන් කතා

5/5 - (1 vote)

ගමන 11 කොටස

* සුරංග පදවාගෙන ගිය වාහනය ප්රදාන පාරෙන් අතුරු පාරකට දැමිය. එම පාර බොරළු පාරකි. තවත් කිලෝ මීටර් දහයක් එම පාර දිගේ ඔවුන් ඉදිරියට ගියහ. මාවත දෙපසම ගෙවල් දොරවල් තිබුනේද අතරින් පතර වූ අතර ඔවුන් යනවිට පෙර මගට එතරම් මිනිසුන් හමුවුනේධ නැත.

” තවත් ගොඩක් දුර යන්ඩ ඕනද බන් ”

කවිශ සුරංගගෙන් ඇසුවේය .

” නෑ තව පොඩ්ඩ දුරයි. ”

තව ටික දුරක් ගිය ඔවුන්ට කඩ යක් දැකගන්න ලැබුණි. ” අඹ සෙවන කඩේ ”

ලෙස එහි බෝඩ් එකක ගසා තිබුනේ එම කඩය අසල විශාල අඹ ගසක් තිබු නිසා විය යුතුය. මැටියෙන් නිම කල කඩයේ බැම්මක් මතට වී අවුරුදු තිහක පමණ මිනිසෙක් ඔවුන් යන දෙස විමසිල්ලෙන් බලාන සිටියේය.

ලගකදී පාරට බොරළු අතුරා තිබීමත් කලකින් වැසි නොවටිමත් නිසා එම පාරේ වාහනය පදවාගෙන යාම සුරංගට එතරම් අසීරු වුනේ නැත. ඔවුන් වෙනදා නෙලුම් ඇල්ල බලන්නට ගියේ මේ පාරේය. එතනට දැන් සිටින තැන සිට එතරම් දුරක් නැති බව ඔහු දැන ගෙන උන්නේය. එසේ සිතා ඔහු තවත් මද දුරක් ගියා පමණයි. ඔහු දුටුවේ පාර අසල මිනිසුන් කීප දෙනෙකු රැස් වී කුමක්ද කරන දසුනකි. තවත් විමසිල්ලෙන් බැලූ කල ඔහු දුටුවේ මිනිසුන් කරමින් සිටින්නේ අලුතෙන් පාරට බෝක්කුවක් දමන දසුනකි. එතනින් ඉස්සරහට කෙසේවත් වාහනය පදවාගෙන යාමට නොහැකි නිසා සුරංග වාහනය තිරිංග පාගා නතර කළේය. වහනයක හඩ අසුන නිසා එතන රැස්ව උන් මිනිසුන් කරමින් සිටි වැඩයද නවතා ඒ දෙස බලා සිටියේ විමසිලිමත් දැස්වාලිනි. *************

** දුටු දසුනින් වාහනයේ සිටි සියලුම දෙනාගේම මුහුනවල් අදුරු වී ගියහ. විශේෂයෙන්ම යුවතියන් තුන් දෙනාගේ .

” දැන් මොකද කරන්නේ ? ”

පිටුපසින් සුරේෂ්ගේ හඩ ඇසිණ .

” මෙතනින් ඉස්සරහට යන්ඩ හම්බ වෙන්නේ නෑ ,,, දැන් ඉතින් ඕක බලන්ඩ හම්බ වෙන්නේ නෑ ,,, ඕක හරවල් ගනින් ගෙවල් වලටවත් ඉක්මනට යාගන්ඩ, ”

” එහෙම කොහොමද කොහොමහරි දිය ඇල්ල බලන්ඩ යන්ඩ ඕනා ,,, ඔය පාර විතරක්ද ,,තියෙන්නේ ඔය කියන දිය ඇල්ල බලන්ඩ යන්ඩ,,,, තව පාරවල් ඇතිනේ”

කවිශ පැවසු දෙයට සුරේෂ් පැවසුවේ නොරිස්සුන් හඩිනි.

” හරි උබල කෑ ගහන්නේ නැතිව හිටපල්ලකො ,,, මම අර මනුස්සයෙකුගෙන් අහල බලල එන්නම් ඒ ගැන ”

සුරංග වාහනෙන් බස මිනිසුන් අසලට ගියේය. ඔහු පසු පස කවිෂත් ගියේය.

” අදනම් ඔය මහත්තයලට මේ පාරෙන් යන්ඩ හම්බ වෙන්නේ නෑ ,, තව එක දවසක් පරක්කු කරලා ආවානම් මේ පාරෙන් යන්ඩ තිබුනා ,,,,, අදින් අපි මේ වැඩේ ඉවර කරනවා ”

ඔවුන් යමක් අසන්නටත් පෙර එක මිනිසෙකු පැවසුවේය.

” අපරාදේ ,,, එහෙමද ???? අපි මේ නෙලුම් ඇල්ල බලන්ඩ යන්ඩ කියල ආවේ මේ පාරෙන් ”

සුරේෂ් පැවසුවේ නොසතුටිනි.

” නෙලුම් ඇල්ලටනම් යන්නේ මේ පාරෙන් තමා ,,,,, දැන් මොකද ඉතින් කරන්නේ ”

” එතෙන්ට යන්ඩ වෙන පාරක් නැද්ද මෙතන ඉදලා ”

” මේකයි මහත්තය , අපි මේ වැඩ කරන්නේ කොන්තරාත් අරගෙන ,,, අපි මේ පැත්ත ගැන එච්චරම දන්නේ නෑ ”

මිනිසා මදක් කල්පනා කළේය.

” මං කියන්නම් ,,, දැන් ඔය මහත්තයලය එනකොට කඩයක් හම්බවුනේ ,,, එතනින් පොඩ්ඩක් අහල බලනවද? ”

ඔහුට ස්තුති කරපු ඔවුන් ,,,,වාහනය හරවාගෙන මිට මොහොතකට පෙර පසුකරගෙන ආපු කඩය ලගට ගියේ එතනින්වත් දිය ඇල්ල ලගට යන්නට වෙනත් පාරක් තිබේද කියා කෙනෙකුගෙන් අසා දැනගන්නටය. *********’

** ඔවුන් අඹ ගස යට තිබුන කඩය අසලට යනවිට ,, මුදලාලි යැයි සිතිය හැකි පුද්ගලයා කඩේද බඩු මිලට ගන්නට ආ කෙනෙකු සමග බරටම කතාවක වැටි සිටියේය. බැම්ම මත සිටි පුද්ගලයා ඔවුන් දැක මද සිනාවක් පෑවේය.

සුරංග ඔහු ලගට ගොස් මේ ගැන විමසා සිටියේය.

” නෙලුම් ඇල්ල ලගට යන්දනම් තව පාරක් තියෙනවා මල්ලිලා ,,,, හැබැයි ඒ පාර එච්චරම හොදනම් නෑ ,,, වලවල් ගොඩේ යන්ඩ වෙන්නේ ”

” කමක් නෑ කියන්ඩකෝ අපි කොහොම හරි යන්නම් ”

” හරි මේ පාරේ අපහු ගියාම තුන්මන් හන්දියක් හම්බවෙනවා ,,, එතන ඉදන් හැතැම්ම තුනක් විතර ගියාම විශාල නුග ගහක් හම්බවෙයි ,,,, එතනින් ” ඔහු මදක් කල්පනා කරන්නට විය. එතනින් දකුණට හැරිලා යන්ඩ ,,,, හැබැයි මල්ලිලා එතන ඉන්නම් හැතැම්ම දහයක්වත් යන්ඩ ඕනා ..ඊට පස්සේ ……….,,”

ඔහු එතනට යන පාර තවත් විස්තර කරන්ඩ විය.

” මල්ලිලට යන පාර අමතකනම් ආයෙත් කා ගෙන් හරි අහල බලන්ඩ ,,,, හැබැයි ඔය පාරනම් එච්චර හොද පාරක් නෙමේ ,,, වලවල් ගොඩේ තමා යන්ඩ වෙන්නේ, ”

ඔහු යලිත් වතාවක් පැවසිය.

” හරි කමක් නෑ ,, අපි කොහොමහරි පාර හොයා ගන්නම්කො ,, ගොඩක් ස්තුතියි.”

සුරංග එසේ පවසා කවිශ සමග එතනින් පිටත්වුනේ

“උබට අර කිව්වා පර මතකයිද ”

යැයි කවිෂගෙන් අසමින්ය.

*************

” මොකද්ද චුටියා අර ආපු මහත්තයල උබෙන් ඇහුවේ ”

කඩේ මුදලාලි සුරන්ගලට නෙලුම් ඇල්ලට යන පාර විස්තර කරපු පුද්ගලයා දෙස බලමින් ඇසුවේය.

” නෙලුම් ඇල්ලට යන වෙනත් පාරක් ඇහුවා ”

” ඉතින් උඹ හරියටම කිව්වද ”

මුදලාලි ඔහු දෙස ඕනෑකමින් බලමින් ඇසුවේ ,,, චුටියා නම් පුද්ගලයාට නිතරම අත්වැරදීම් සිදුවන නිසාය. ඔහු මොළේ කල්පනා කර වැඩ නොකරන ඉක්මනින්ම කලබල වන මෝඩ පහේ පුද්ගලයෙක්ය.

” දෙයියනේ දැන්නේ මට මතක් වුනේ ,,,,, මම අර මල්ලිලට කිව්වේ නුග ගහ ලගින් දකුණට හරවන්ද කියලා ,,,වමටනේ හරවන්ද ඕනා ”

චුටියා නළලේ අත ගසා ගත්තේ තම අතින් සිදුවුනේ බලවත් ඇත වැරදීමක් සිදුව ඇති නිසාය.

” මෝඩය උබ ඔය කියල තියෙන්නේ දික් කැලේට යන පාර ,,,,,, දිගටම උබ කියපු විදිහට ගියොත් ඒ මහත්තයල කොහෙන් නතර වෙයිද දන්නේ නෑ ”

“දැන් මොකද කරන්නේ ”

” දැන් මොකද කරන්නේ තමා ,,,,,,ඒ පැත්තේ අහන්ඩ කියල ගෙයක් දොරක්වත් තියෙනවාවයි. මට බය කැලේ අතරමන් වෙයිද කියලයි. “”

මුදලාලි පැවසුවේ පසු තැවිලි වෙමිනි.

***********

කඩේ සිටි පුද්ගලයා විස්තර කල පරිදිම යන පාර ඉතාම අබලන් බව සුරංගට පමණක් නොව වාහනේ යන අනිත් අයටද වැටහෙන්න එතරන් වෙලාවක් ගියේ නැත. පාර දෙපස ගෙවල් දොරවල් වලට වඩා තිබුනේ ගස් කොලන්ය. යලි කාගෙන්වත් නෙලුම් ඇල්ලට යන පාර පිලිබදව ඔවුන් විමසා සිටියේද නැත. කඩේ පුද්ගලයා පැවසු පරිදි ඒ විශාල නුග ගස පිහිට ඇති තැන කරා සුරංග විමසිල්ලෙන් බලමින් වාහනය පදව ගෙන ගියේය.

ඔවුන්ගේ සිතට මද සැනසුමක් උදා කරමින් තුම්මන් හන්දියක් අසලින් ඒ විශාල නුග ගස හමු විය.

” මෙතනින් දකුණට හරවන්ද කියල කිව්වේ “කවිශ පැවසිය. මේ පැත්ත ගැන කිසිත් නොදත් සුරංග වාහනය නුග ගස ලගින් දකුණට හැරවිය. ************ඊළඟ කොටසට Gamana
************

4 thoughts on “ගමන | 11 කොටස |හොල්මන් කතා”

  1. Priyadarshani

    අයියෝ පව් එයාල දැන් සෙට් එක කැලේ අතරමං වෙයි….
    කතාව නියමයි ….දිගටම ලියන්න …තාම බය හිතෙන කොටස් දාල නෑ නේද ….අපේ කට්ටිය ෆුල් හොල්මන් වෙන්නම බය කරන්න .???
    ගුඩ් ලක්….???

  2. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි රාස් ඔයාගේ කතාව. අනේ මට හැමදාම කමෙන්ට් කරන්න, රේට් කරන්න එන්න ලැබෙන්නෑ. ඒත් පුළුවන් හැම වෙලාවකම ආවොත් කමෙන්ට් නොකළත් රේට් කරනවාමයි.

    ඔයාගේ හොල්මන් කතා වලට ආස කරන මම වගේම තව ගොඩක් අය ඇප් එකේ හිටියා. ඒත් ඔයාගේ කතා වලට වෙනදා වගේම රේට, කමෙන්ට් ලැබෙන්නැත්තේ ඇයි කියන්න මම දන්නෑ යාළු. මොනා වුණත් රේට්,කමෙන්ට් වෙනද වගේ නොලැබුණත් කතාව කියවන එකම කෙනෙක් හරි ඉන්නවනම් ඒ කෙනා වෙනුවෙන් කතාව ඇප් එකට දානවා කියලා ඔයා කියලා තිබුණා. ඔයාගේ ඒ පුංචි වචන දෙක තුනට මම ගොඩාක් ගරු කරනවා රාස්.. එතන තියෙන්නේ වචන කීපයක් වුණත් අපිට ඒකෙන් ඔයා ගැන තේරුම්ගන්න පුළුවන්.

    මොන තරම් කාර්‍යබහුල වුණත් ඇප් එකේ අපි වෙනුවෙන් ඔයාගේ නිර්මාණශීලී අදහස් මේ විදියට අකුරු කරලා ත්‍රාසය, කුතුහලය, භීතිය සහිත හොල්මන් කතා විදියට අපි වෙනුවෙන් ගේනවට ඔයාට ගොඩාක් ස්තූතියි රාස්.. බුදු සරණයි!

    2
  3. නියමයි අයියෙ කතාව..පවු අර කට්ටිය..එයාලට ඉස්සරහට මොන මොන කරදර එයිද දන්නෙ නෑ,,

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.