Katha Ahura

ආශාවරී |පනස් පස්වන කොටස| නවකතාව | කතා අහුර රචක

4.7/5 - (6 votes)

පනස් පස්වන කොටස

වෛද්‍යවරයා දුන්න බෙහෙත් වල සැරට ආශාවරී නිතරම ඉන්නෙ නිදාගෙනමයි…දවල් හමු උන සදෙව් ගැනවත් ඇයට නැහැ සිහියක්…රාත්‍රියත් ඇයව දීර්ඝ නින්දකට යොමු කරලා අවසන් වෙලා ගියේ පසුදා අරුණලු උදා උනා…සදෙව් වෙනදා වගේම ඉස්කෝලෙ ගියත් ඔහු ඒ යන්නෙ හිතකින් නං නෙවේ….යන්න ඕන නිසා ඉගෙනගන්න ඕන නිසා ඉස්කෝලෙ යනවා මිස ආසාවෙන් ඔහු දැන් පාඩම් වැඩවත් කරන්නෙ නැහැ…ඔහුගෙ මනස නිතරම යොමුවෙන්නෙ ඔහුට නිතර නිතර මැවිලා පේන්න ගන්න අමතක අතීතය දිහාටමයි…ඒ ඔස්සේ මොලේ වෙහෙසන සදෙව්ට දැන් දැන් නං ඔහුගෙ මුලු මනසම අවුල් වේගෙනයි එන්නෙ…ඒත් මොනා කරන්නද…ඔහුට ඒ හැමදේකටම ඉවසන්න වෙනවා නියමිත කාලය එනකන්.

ආශාවරීගෙ මානසික තත්වෙ පෙරටත් වඩා දුර්වල වෙන්න ගත්තෙ දැන් ඇය බලාගත්තු අත බලාගෙන ඔහේ ඉන්නවා මිස කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නෙ නැහැ….හැබැයි පෙර වගේම ඇගේ නෙත්වලින් කදුලු වැල් නං එකදිගට ගලා යනවා නතර වෙන්නැතුවම…ඇය හිත යටින් විදින අසීමිත වේදනාවයි මේ කදුලු විදිහට ගලාගෙන යන්නෙ…ඇය දිහා බලාගෙන ඇගේ සමීපතමයන් දුක් විදිනවා හොදටම…ආශාවරීගෙ හැම වැඩක්ම දැන් කරන්නෙ නදිකා…කවන්නෙ පොවන්නෙ නාවන්නෙ ඇදුම් අන්දන්නෙ බෙහෙත් පොවන්නෙ…ඒ හැමදෙයක්ම අම්මා අතිනුයි වෙන්නෙ….ආශාවරී පණ තිබ්බත් මැරුණ කෙනෙක් ගානටයි ජීවත් වෙන්නෙ…

කාලය ටික ටික ගෙවිලා ගියා…දවසක් නදීකා ආශාවරීව සෝදලා ඇයට ඇදුමක් අන්දලා අල්මාරිය වහන් නැතුවම කාමරෙන් පිටතට ගියේ ආකාශිගෙ අඩගැහුමට…ඇද උඩ වාඩිවෙලා ඔහේ බලා හිටිය ආශාවරීගෙ නෙත් ඉබේටම ගියේ අල්මාරිය දිහාට…ගානට පිලිවෙලට නවලා තිබ්බ ඇදුම් අස්සෙ ඇය දැක්කෙ පිටතට නෙරලා තිබ්බ සුදු පාට රෙදි කඩක්….ඒ දිහා බලා හිටිය ආශාවරී ඇදෙන් සීරුවෙන් නැගිටලා ගියේ අල්මාරිය ලගට…ඇයට පෙනුන ඇගේ මනස අවදි කරපු ඒ සුදු රෙදි කඩ ඇය ඇදුම් අස්සෙන් ඉවතට ගත්තෙ ඒ වෙන මොකක්වත් නෙවේ සුදු පාට ලේන්සුවක් .හරියටම කිව්වොත් ඒ සදෙව්ගෙ ලේන්සුවක් .ලේන්සුව අතට ගත්ත ආශාවරී ඒ දිහා බලා හිටියෙ බොදවෙච්ච දෑසින්…අතීත මතකයන් හිත ඇතුලෙ උඩට මතුවෙන්න ගනිද්දි ඇගේ නෙත්වලින් එකපෙලට කදුලු ගලා හැලෙන්න ගත්තෙ ඇයටත් නොදැනුවත්වමයි .

” ඒයි….කෝ මගෙ ලේන්සුව….” ආශාවරී ඇහුවෙ මේ දැන් මේසෙ උඩ තිබ්බ ඇගේ ලේන්සුව නැතිවෙලා හොයන ගමන්…සදෙව් මුකුත් නූන හා ගානට ඇයත් එක්ක එකතුවෙලා ලේන්සුව හොයන්න ගත්තෙ හිනාව තද කරගෙන.ආශාවරී පංතියට ආව හැටිය බෑග් එක පුටු ඇන්දෙ එල්ලල ලේන්සුව මේසෙ උඩින් තියලා ආයෙම අනික් පැත්ත හැරිලා පොතක් බෑග් එකෙන් අරන් මේසෙ දිහාට හැරෙද්දි ඇය තියලා තිබ්බ ලේන්සුව සදෙව් හොරෙන් අරන් සාක්කුවෙ ඔබාගත්තෙ ඇයට නොදැනෙන්න….

” කෝ ලේන්සුව …අයියෝ මං ගෙනාවනෙ අනේ…මං මෙතනින් තිබ්බත් එක්ක….” ආශාවරී මේසෙ අතගගා බිමත් බල බල කියවනවා.

” ඒක තමා නේහ්…කෝ ලේන්සුව ….” හිනාව අමාරුවෙන් තද කරගෙන සදෙව් කිව්වෙත් බිම බලන ගමන්..සදෙව්ගෙ කතාවට ආශාවරී ඇස් හීන් කරලා සදෙව් දිහා එකපාරටම බැලුවෙ සදෙව් ගැස්සිලා ගියා ඒ බැල්මට.

” ඔයා ගත්තා නේහ්….සදෙව් …??” තරවටු බැල්මක් දාලා ඇය එහෙම අහද්දි සදෙව්ට කෙලත් ගිලුනා..හිමින් සීරුවෙ ආශාවරීගෙ පුටුවට එහා පුටුවෙ වාඩිවෙලා හිටිය ඔහු පුටුවෙන් නැගිටලා පංතියෙ ඉස්සරහට යන්න හැදුවෙ ආශාවරී ඔලුව හරෝලා බලා හිටියෙ සදෙව්ගෙ වෙනස දිහා…

” ඔහොම ඉන්නවා..හොර ගෙඩියා..” ආශාවරී ඉක්මන්ටම සදෙව්ගෙ අත අල්ලගත්තෙ ඒ හාම ඇය පුටුවෙන් නැගිට්ටා..

” ඇයි…” සදෙව් ආශාවරීගෙ අත මුදවගන්න ගමන් ඇහුවෙ මුකුත් නොදන්න ගානට.

” දෙනවා මගෙ ලේන්සුව …ඔයා තමා ගත්තෙ ඒක….” ආශාවරී අත දිග්ගකරලා ඔහුගෙන් ලේන්සුව ඉල්ලුවත් සදෙව් ඒක දුන්නෑ..

” මං ගාව ඇති ලේන්සුවක් නෑ…..ඔයා මොනාද කියවන්නෙ….” සදෙව් ආපිට හැරිලා බෝඩ් එක දිහාට යනගමන් කිව්වෙ ආශාවරී ඉක්මන්ට ගිහින් සදෙව්ගෙ සාක්කුවෙන් එලියට මතුවෙලා තිබ්බ තමන්ගෙ ලේන්සුව ඇදලා එලියට ගත්තා.

” ඒයි…” සදෙව්ට දැනුනා ඔහුගෙ සාක්කුවෙන් ලේන්සුව ආශාවරී ගත්තු වග…එහෙම්මම පිටිපස්ස හැරිලා ආශාවරී දිහාට සදෙව් යන්න ගත්තෙ ලේන්සුව ඇගෙන් ආයෙම උදුරගන්න….

” ගත්තෙ නෑ කිව්වා නේද..එතකොට මේ…මේක කාගෙද…” ආශාවරී ලේන්සුව එහෙට මෙහෙට වන වන කිව්වෙ සදෙව්ත් එහෙට මෙහෙට දුව දුව හැදුවෙ ලේන්සුව කොහොම හරි ගන්න…ඒත් ආශාවරී සදෙව්ට ඊට ඉඩ දුන්නෑ…

” ඕක මගේ..මට ඕක දෙන්න…ආශාවරී ..” සදෙව් ආශාවරීගෙ පස්සෙන් වැටුනෙ ඇය ලේන්සුවත් අරන් පංතියෙ ඩෙස් පෝලිම් අතරින් දුවන්න ගත්තෙ හිනාවෙවී….

” ඔයාගෙ වෙන්නෙ කෝමද..මේක මගේ…”

” නෑ ඕක මගේ..මෙහෙට දෙන්න ඕක….” සදෙව් තමන්ට ඉස්සරහින් දුවගෙන යන ආශාවරීව අල්ලගත්තා…ඒත් ඇය ලේන්සුව නම් දෙන්න ලෑස්තියක් නෑ…ඇය වටෙන් අත දාලා සදෙව් ඇගේ දෑත් අල්ලගත්තෙ කොච්චර උත්සාහ කලත් ආශාවරීගෙන් ලේන්සුව උදුරගන්න ඒ වැඩේ සාර්ථක උන්නැහැ…සදෙව්ට දැන්නම් පරාද වෙන්නත් බැහැ…කරන්නම දෙයක් නැති තැන සදෙව් ආශාවරීගෙ පිටිපස්සෙන් ඉදගෙන ඇගේ බද වටා දෑත් යවලා පපුවට තුරුල් කරගත්තෙ ආශාවරී එකපාරටම ගැස්සිලා ගියා..

” සදෙව් …අතාරින්න..” වැලමිට දෙකෙන් හිමීට නොරිදෙන්න සදෙව්ගෙ පපුවට අනින ගමන් ඇය හැදුවෙ ඔහුගෙන් ඈත් වෙන්න…මොකද හැමදාම උදේම ඉස්කෝලෙ ඇවිත් දෙන්නට දෙන්නා කොච්චර අනිත් ලමයින්ට හොරෙන් ආදරේ කලත් මේ හොරේ මාට්ටු වෙන දවසක් එනවා…ඒ අද දවසදෝ කියලා ආශාවරීට හිතුනෙ සදෙව්ගෙ මුරණ්ඩු කම් නතර නොවුන නිසා.

” බෑ…අත අරින්නෑ…අත අරින්නෙ මට ලේන්සුව දුන්නොත් විතරයි…” සදෙව්ගෙ අත්වල ග්‍රහණය වැඩිවෙද්දි ඔහු මුහුණ ඇගේ උරහිස මත රදවගත්තෙ ඔහුගෙ කම්මුල ඇගේ කම්මුලක ස්පර්ශ වෙද්දි .

” බෑ..ඒ මගෙ ලේන්සුව නෙහ්….” ආශාවරී ඇගේ බඩ හරහා එතිලා තිබ්බ ඔහුගෙ දෑත් අහකට කරන්න හදන ගමන් කිව්වෙ…

” ඔව්…ඒත් මට ඒක ඕන….” සදෙව් ඇගේ සවනට කෙදිරුවෙ ආශාවරීගෙ දැගලිල්ල නතර වෙලා ගියා.

” ඇයි…” ආශාවරී ඔලුව හරෝලා සදෙව් දිහා බලන ගමන් කුතුහලයෙන් ඇහුවෙ .

” මට ඒක තියාගන්න ඕන….” සදෙව් මිමුනුවෙ ආශාවරී ඔහුගෙ ස්පර්ශයෙන් සීතල වෙලා යද්දි .

” ඒත් ඇයි සදෙව් …ඇයි ඔයාට මගෙ ලේන්සුව ඕන…??” ආශාවරී ඇහුවෙ ඇයට ආවෙ ලොකු කුතුහලයක්.

” ඔයාගෙ සුවද හැමදාටම මං ලග තියාගන්න….හැමදාටම…..හදිස්සියෙවත් මට ඔයාව අමතක උනොත් මේ ලේන්සුවට පුලුවන් මට ඔයාව ආයෙම මතක් කරවන්න.ඒකයි….” එහෙම කියලා සදෙව් ඇගේ කොපුලක් මත දෙතොල් තිබ්බෙ ආශාවරීගෙ දෑස් පියවිලා ගියා…මුලු කම්මුලේ ම සදෙව්ගෙ දෙතොල් දගකරද්දි ආශාවරී ඒ පහසින් වෙව්ලලා ගියා.

” ආ…” මොහොතකින් සදෙව්ගෙ දෙතොල් ආශාවරීගෙ කම්මුලෙන් අහකට වෙද්දි ආශාවරී අත ඉස්සරහට කරලා ලේන්සුව අල්ලන් හිටියෙ සදෙව්ට ගන්න පහසු වෙන්න….සදෙව් එක අතකින් ඇයව අල්ලගෙනම අනිත් අතින් ලේන්සුව අතට ගත්තා…

” දැන්වත් යන්න දෙන්න…මැට්ටා…” ආශාවරී සදෙව්ගෙ පපුවෙන් අහකට යන්න හදදි සදෙව් ආයෙම ඇයව තමන් දිහාට හරවලා පපුවට තදකරගත්තෙ මෙවර නං ඔහුගෙ ඇස් කදුලින් පිරිලා තිබ්බෙ….

” පොරොන්දු වෙන්න ආශාවරී …අමතක කරන්නෑ කියලා මාව….” සදෙව් කිව්වෙ කැඩිච්ච කටහඩින්…

” නෑ….ඔයත් පොරොන්දු වෙන්න මට….මාව දාලා යන්නෑ කියලා…” ආශාවරීටත් එකපාරටම ඇඩුනෙ සදෙව් ඇගේ මූණ පපුවට තදකරගත්තෙ ඔහු ඇගේ හිස සිපගත්තෙ ආදරෙන්.

” නෑ…කවදාවත් ම… ”

” හරි…කෝ…ඔයත් ඒනං මට ඔයාගෙ ලේන්සුව දෙන්න ඕන තියාගන්න…” සදෙව්ගෙ පපුවෙන් මිදිලා ආශාවරී අත දික්කරලා සදෙව්ගෙන් ඉල්ලුවෙ ඔහුගෙ ලේන්සුව …සදෙව් හිනාවෙවී සාක්කුවට අත දාලා ඔහුගෙ සුදු ලේන්සුව ඇගේ අත මතින් තිබ්බෙ ආශාවරීගෙ ලේන්සුව ඔහු පරිස්සමට සාක්කුවෙ දාගත්තා.

” කවදාවත්ම මාව දාලා යන්නෙ නෑ කිව්ව ඔය ඇයි මාව දාලා ගියේ සදෙව් …..ආ…ඇයි මාව දාලා ගියේ….මට ඔයාව කවදාවත් අමතක කරන්න එපා කියලා ඔයාම මාව අමතක කරල දැම්මෙ ඇයි සදෙව් …ඇයි මට මෙච්චර ලොකු දුකක් දුන්නෙ…ආහ්….ඇයි….ආයෙම මං ලගට එන්න සදෙව් ..ඔයා නැතුව මට ජීවත් වෙන්න බැහැ…මැරිලා යයි මාව….මැරිලා යයි…..මෙච්චර ලොකු ආදරයක් මට දීලා ඇයි ඒ ආදරේ ඔයා මගෙන් උදුරගත්තෙ…ඔයාගෙ ආදරේම මං මගේ ජීවිතේ කරගත්තෙ දැන් කොහොමද මං ඔයාගෙ ආදරේ නැතුව හුස්මවත් ගන්නෙ…කියන්න සදෙව් ….මගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න….” අඩ අඩම ආශාවරී සදෙව්ගෙ ලේන්සුව නහයට තියාගෙන සුවද බැලුවෙ ඇගේ ඇඩිල්ලට නදීකා දුවගෙන ආවෙ ආශාවරීගෙ කාමරේට….මෙච්චර දවස් කිසිම හැගීමක් දැනීමක් නැතුව හිටිය තමන්ගෙ දුව දැන් ලේන්සුවක් බදාගෙන අඩ අඩ කියවනවා දැකලා නදීකාට ආවෙ ලොකු සතුටක්…ඒ සතුට ඇස් වලින් සතුටු කදුලු විදිහට දෝරෙ ගලද්දි ඇය ආශාවරී ලගට කිට්ටු උනා.

” දූ…ආශි …” නදීකා ආශාවරීගෙ හිස අතගාන්න ගත්තෙ ඒ ස්පර්ශයෙන් පියවි සිහියට ආව ආශාවරී අඩාගෙනම අම්මාට තුරුල් උනා…

” අනේ මමී….මගෙ සදෙව් ….එයා මාව අමතක කලේ කෝමද මමී….කොහොමද එයා මාව අමතක කලේ….” අඩ අඩම ආශාවරී කියවන්න ගත්තා…සදෙව්ගෙ ලේන්සුවෙ තැවරුණ ඔහුගෙ සුවද ඇයගෙ මානසික ලෙඩේ සුව කරන්න සමත් උනා වත්ද??…

” අඩන්නෙපා දරුවො…අඩන්නෙපා ..හැමදේම හරි විදිහට සිද්ද වෙයි….අඩන්නෙපා…” නදීකා ආශාවරීගෙ හිස පිරිමදිමින් අඩ අඩම කිව්වා..

” මේ හැමදේටම වග කියන්න ඕන ඩැඩී…එයා නිසයි මගෙ සදෙව්ට මාව අමතක උනේ…මං ඩැඩීට නං කවදාවත් සමාවක් දෙන්නෑ….කවදාවත්ම සමාවක් දෙන්නෑ….” ආශාවරී කේන්තියෙන් කිව්වෙ කදුලු පිහිදගන්න ගමන්.

” එහෙම කියන්නෙපා දූ….ඩැඩී කරපු වරදට දැන් ඩැඩී කොහොමත් ගොඩක් දඩුවම් විදිනවා පුතේ…තවත් ඩැඩීට වේදනා දෙන්නෙපා…අනික දැන් ඩැඩී අකමැති නෑනෙ සදෙව්ට ….ආ…අනේ දූ…ඩැඩීට සමාව දෙන්න…” නදීකා අඩ අඩම කිව්වා.

” නෑ මමී..නෑ….කවදාවත් මං ඩැඩීට සමාව දෙන්නෑ…..ඩැඩී සදෙව්ට හොදටම රිද්දුවා…සදෙව්ට කොච්චර ලොකු වේදනාවක් ද දැනෙන්න ඇත්තෙ…එයාට එයාගෙ තුවාල ගොඩක් රිදෙන්නැති..එයාගෙන් කොච්චර ලේ යන්න ඇත්ද….එයා කොච්චර දවස් සිහි නැතුව හිටියද…..ඒ හැමදේම උනේ ඩැඩී හින්දා…දැන් සදෙව්ට මාව අමතක වෙලා තියෙන්නෙත් ඩැඩී හින්දා….දැන් ඩැඩී සදෙව්ට කැමතියි කිව්වට සදෙව් මට කැමති නැතුව ඇති මමී…එයාට මාව අමතකයිනෙ..මගෙ ආදරේ එයාට අමතකයිනෙ….මං කොහොමද දෙවියනේ මෙච්චර ලොකු දුකක් විදින්නෙ…ආ…හහ් ඉහ්..” ආශාවරී හොදටම අඩන්න ගත්තා…නදීකා මොනා කියලා කියන්නද….ආශාවරී කියන දේත් ඇත්ත….ඒ නිසාම නදීකා නිහඩ උනේ ආශාවරීට ඇති තරම් අඩන්න දීලා ඇගේ දුක පොඩ්ඩක් හරි තුනී කරන්න ඉඩ දෙන්න.

” මට තනියම ඉන්න දෙන්න මමී….ප්ලීස් ….” ආශාවරී එහෙම කිව්වෙ නදිකා ඇයගෙ බහට අවනතව කාමරෙන් එලියට ගියා.

ආශාවරී කෙලින්ම ආවෙ පොත් මේසෙ ලගට…මේසෙ පහල ලොකර් එක ඇරිය ආශාවරී අතට ගත්තෙ ඇය මෙතෙක් දවස් උමතුවෙන් ඉද්දි ඇන්ද සදෙව්ගෙ සිතුවම් ටික…එතන කොල එක 500ක් විතර තියෙනවා…ඒ හැම කොලයක්ම ආකාශි අරන් තිබ්බෙ ආශාවරීට නොදැනෙන්න උනත් ආශාවරීට ඉවෙන් වගේ තේරුනා ලොකර් එකේ ඇගේ සිතුවම් ඇති කියලා…ඇය හිතපු දේ හරි ගියා…සිතුවම් සේරම ඇය යහන මත දා ගත්තෙ ඒ සිතුවම් එකින් එක අරගෙන ඇය ආයෙ ආයෙම බැලුවා.

” හැම රූපයක්ම සමානයයි…මට ඕන අද වෙනස් චිත්‍රයක් අදින්න….” ආශාවරී තමන්ටම මුමුණ ගන්න ගමන් ඇදෙන් නැගිටලා ගියේ ඇගේ කාමරේටම අල්ලලා තිබ්බ ඇගේ සිතුවම් කාමරේට…ඒ චූටි කාමරේ මැද තිබ්බෙ ලී බෝඩ් එකක රදවලා තිබ්බ සුදු ලොකු චිත්‍ර අදින කොලයක්…ඒ අසලම ලී රාක්කෙ දිය සායම්,පින්සල්,පැන්සල් රදවලා තිබුනා….ආශාවරී ඒ අසලට ගිහින් මොහොතක් ඒ දිහා බලා හිටියා…

” හැම චිත්‍රයක්ම එක වගේ…අදවත් වෙනසක් කරන්න ඕන….” ඇය තමන්ට මුමුණ මුමුණ චිත්‍ර කාමරේ පෙරල පෙරල දෙයක් හෙව්වා…විනාඩි පහලොවක් ඇය එක එක රාක්ක ඇර ඇර බැලුවා…අන්තිමේදි පරණ, දූවිලි තැවරිලා තිබ්බ කබඩ් එකක් ඇතුලෙ තියලා ඇය එලියට ගත්තෙ කිනිස්සක්….මුවගට හිනාවක් ආරූඪ කරගෙන ඇය එක් අතකින් කිනිස්සත් අරන් චිත්‍ර කොලේ ලගට ආවා…

ඔයා මගේ මං ඔයාගෙ විතරයි ……ඔයාව මට නොලැබුනොත් මට මගේ ජීවිතෙන් වැඩක් නෑ…මගේ ආදරේ මං අද ඔයාට ඔප්පු කරනවා සදෙව් ….අන්තිම පාරට මං ඔයාව සිතුවම් කරනවා…හැබැයි මේ පාර දියසායම් වලින් නෙවේ මං ඔයාව අදින්නෙ….මේ පාර මං ඔයාව අදින්නෙ තාමත් ඔයා වෙනුවෙන් පණ ගැහෙන මගෙ හදවතෙන් ගලා එන ලේ වලින්….

ආශාවරී හිත හිතම ඇගේ වමත අත කපා ගන්නෙ රක්ත වර්ණ රුහිරු බිම පුරා විසිරිලා ගියා..

” ආහ්….ආහ්….ආ…” ආශාවරීට දැනුනෙ දැඩි වේදනාවක් …ඒත් ඒ වේදනාව ඉවසගෙන ඇය ඇයට හුරු දකුණතින් වමතින් ගලන ලේ අරන් සුදු කොලේ රටා අදින්න ගත්තෙ සදෙව්ගෙ රුව සිතුවම් කරන්න.

මේ අතරෙ මහේශ්ව හම්බවෙන්න ආවෙ අමුත්තෙක්…ඒ වෙන කවුරුවත් නෙවේ…ආකේශ් ….ආශාවරීගෙ මානසික ලෙඩේ තවමත් හරිහැටි සුව වෙලා නැහැ කියලා ආකේශ් දැනගත්තෙ රුහාන්ගෙන්…ආකේශ් අදුනන ඔහුගෙ හොද යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඉන්නවා මනෝ වෛද්‍යවරයෙක් ..ඔහු වැඩිපුරම ඉන්නෙ එංගලන්තෙ…මෙවර ඔහු සති දෙකක නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්නෙ….රුහාන් ආශාවරීගෙ අසනීපය ගැන ආකේශ්ට කියද්දි ඔහුට මතක් උනේ ඒ වෛද්‍යවරයා ව….සමහරවිට ආශාවරීව තමන් අදුනන doctor ට පෙන්නුවොත් ඇයව ඉක්මන්ටම සනීප කරගන්න පුලුවන් වෙයි කියලා ආකේශ්ට හිතුනා .ඒ නිසාම ඔහු රුහාන් එක්ක ආශාවරීගෙ ගෙදර ආවෙ මහේශ්ව හම්බවෙලා ආශාවරීගෙ රෝගී තත්වයට නිසි ප්‍රතිකාර කරන්න පුලුවන් dr. රොශාන් වීරසිංහ ගැන කතා කරන්න.මහේශ් තමන්ගෙ බංගලාවට ආව ආකේශ්ව සතුටින් පිලිගත්තෙ ඔහු කතා කල හැම වචනයක්ම මහේශ් හොදට අහගෙන හිටියා .ආකේශ්ගෙ උදව්වෙන් dr.රොශාන්ට ආශාවරීව පෙන්නන්න පුලුවන් එකට මහේශ්ට ගොඩාක් සතුටු හිතුනා.ඉතින් ඔහු ආකේශ්ගෙ තීරණේට එකපයින්ම කැමති උනේ ඔහුට ඕන කරන්නෙ ඉක්මන්ටම ආශාවරීව සනීප කරගන්න.මොකද මොනා උනත් මහේශ්ට තමන්ගෙ චූටි දූ විදවනවා දකින්න කැමති නෑ..

මේ දෙන්නගෙ කතා බහ අතරෙදිම නදීකා උඩ තට්ටුවෙ ඉදන් පඩිපෙල් බැහැගෙන පහලට එන්න ආවෙ මුවේ රැදි මදහසත් එක්කමයි…මෙච්චර දවස් මේ පවුලෙ කාගෙවත් මූණක හිනාවක් පේන්න තිබ්බෙ නැති උනත් අද එකපාරටම නදීකා හිනා වෙවී එනව දැකල මහේශ්ට ,රුහාන්ට වගේම ආකාශිටත් පුදුම හිතුනා.

” නදී…..මොකෝ ඔයා මේ සතුටින් …” මහේශ් හිනාවෙලා එහෙම අහද්දි නදීකාත් හිනා වේගෙනම ඇවිත් මහේශ්ගෙ එහා පසින් සෝෆා එකේ වාඩි උනේ මහේශ් කුතුහලයෙන් ඇය දිහා බලා හිටියෙ .

” මහේශ් …අපේ මහන්සිය සාර්ථක උනා…දෙවියන්ගෙ පිහිටෙන් අපේ ආශි ඉක්මන්ටම සනීප උනා මහේශ් ..” නදීකා සතුට දෝරෙ ගලන ඇස්වලින් මහේශ් දිහා බලාගෙන කිව්වෙ….

” ඒ..ඒ කිව්වෙ…ඒ කිව්වෙ නදී….?” මහේශ් පුදුමයෙන් එහෙම අහද්දි ඒ කතාවට ආකාශියි,රුහානුත් පුදුම උනා…ආකේශුත් ඇගේ කතාවට ඇහුම්කන් දීගෙන හිටියා .නදීකා වෙච්ච සිද්දිය අකුරක් නෑරම හැමෝටම කිව්වෙ හරිම සතුටින්….ආශාවරීගෙ වෙනස හැමෝටම සතුට ගෙනාවත් ආකේශ් නං හිටියෙ ලොකු කල්පනාවක.

” ආන්ටි….ආන්ටිට හොදටම ශුවර් ද ආශිගෙ condition එක normal උනා කියලා….” ආකේශ් කුතුහලයෙන් එහෙම අහද්දි මහේශ්ගෙ හිනාව වියැකිලා ගියා…ඔහු පුදුමයෙන් ආකේශ් දිහා බලා හිටියෙ ඔහු මොකද්ද කියන්න යන්නෙ කියලා හිතාගන්න බැරිව.

” ඔව් පුතා..ඇයි ඔයා ඒම අහන්නෙ…ආශි ඉස්සර වගේම මා එක්ක කතා කලා…මා එක්ක එකතු වෙලා සදෙව් ගැන කිය කිය ඇඩුවෙ…පස්සෙ එයාම මට කිව්වා එයාට ටිකක් තනියම ඉන්න ඕන මට කාමරෙන් යන්න කියලා…” නදීකා එහෙම කියද්දි ආකේශ් ඒ හැමදෙයක්ම හොදට අහං හිටියා .

” හ්ම්….ආන්ටි ….මට නං මෙතන මොකක්මහරි අවුලක් තියෙනවා වගේ දැනෙනවා…මොකද mentally unstable වෙච්ච කෙනෙක් එකපාරටම මෙහෙම normal වෙන එක ටිකක් අසාමාන්‍යයි .ඇත්තම කිව්වොත් එකපාරටම එහෙම වෙන්න කොහෙත්ම විදිහක් නැහැ….මට නං හිතෙන්නෑ ආශිව සනීප උනා කියලා….ඊයෙ එයාගෙ හැසිරීම කොහොමද.හොද තත්වෙන් තිබ්බද..??” ආකේශ් එහෙම අහද්දි කට්ටියම මූණින් මූණ බලාගත්තා.

” නෑ..ඊයෙත් ආශි කලින් වගේමයි හිටියෙ…පොඩ්ඩක්වත් වෙනසක් පෙන්නුවෙ නෑ….බලාගත්තු අත බලාගෙන වෙනදා වගේම සදෙව්ගෙ නම පිස්සුවෙන් දොඩව දොඩව හිටියෙ ..” ආකාශි එහෙම කිව්වා..

” ඇයි ආකේශ්…මොකද්ද ප්‍රශ්නෙ …??” රුහාන් හඩ අවදි කරද්දි ආකේශ් රුහාන් දිහා බැලුවෙ හරිම බැරෑරුම්ව .

” ලොකු ප්‍රශ්නයක් රුහාන්…අන්කල්…මට නං හිතෙන්නෑ ආශි මෙච්චර ඉක්මන්ට සනීප වෙන්නැති කියලා…මෙතන මොකක්මහරි වැරැද්දක් තියෙනවා…..එයා කිව්වා නේද එයාට තනිටම ඉන්න දෙන්න කියලා…මේ වෙලාවෙ හැටියට මං නං හිතන්නෑ ඒක එච්චර හොද දෙයක් කියලා…” ආකේශ් එහෙම කියද්දි නදීකාගෙ අතක් කට ලගට ගියේ ඇය බයෙන් බලා හිටියෙ ආකේශ් දිහා.ආකාශිත් මුකුත් හිතාගන්න බැරුව රුහාන් දිහා බැලුවෙ මහේශ් නං ඉන්නෙ හොදටම කලබල වෙලා.

” ඔයා මොකද්ද කියන්න හදන්නෙ….” මහේශ් නොසන්සුන්ව එහෙම ඇහුවා..

” මේකයි …ආශිගෙ මානසික තත්වෙ හොද මදි….එහෙම කෙනෙක්ව තනි කරන එක එච්චර හොද වැඩක් නෙවේ….specially මෙච්චර ඉක්මන්ට කාටවත් මානසිකව වෙනස් වෙන්න අමාරුයි….ඒත් ආන්ටි කිව්ව විදිහට ආශිට සනීප වෙලා නං ඒක ටිකක් හිතන්න ඕන කාරණාවක්….මට හිතෙන්නෙම ආශිට තවම සනීප මදි….එයාව තනි කරන එක හොද නැහැ…මොකද මං ගොඩාක් අහලා තියෙන එකක් තමා මානසික ලෙඩ තිබ්බ අය ඉක්මන්ටම සාමාන්‍ය තත්වයක් පෙන්නනවනං ඒක එයාලා කරන හුදෙක් රගපෑමක් විතරයි කියලා.ඒ වගේ අය බොහෝ වෙලාවට suicide කරගන්න හදන chance එකත් වැඩී කියලා මං අහලා තියෙනවා …..ඒ හින්දා අන්කල්….ආශිව ගොඩක් පරිස්සම් කරගන්න…doctor ට පෙන්නලම ආශිගෙ condition එක normal කියලා තහවුරු කරගන්නකන් එයාව හොදට බලාගන්න ඔයාලා…” ආකේශ් එහෙම කියද්දි නදීකා හොදටම බය උනා…ඇයට එකපාරටම ඇඩෙන්න ගද්දි ආකාශිත් ගොඩක් කලබල උනා.

” අනේ මහේශ් ….අපේ දූ….එයා මොනාහරි කරගනීද….??” නදීකා හිද හුන් තැනින් නැගිටින ගමන් කිව්වෙ කලබලෙන් අඩ අඩ…ඒත් එක්කම මහේශුයි ආකාශියි විතරක් නෙවේ රුහානුයි ආකේශුයිත් නැගිට්ටා…

” නෑ….ඒම වෙන්න විදිහක් නෑ….යමු…ගිහින් බලමු….” මහේශ් ඉස්සර වෙලා ආශාවරීගෙ කාමරේ දිහාට දුවන්න ගත්තෙ අනිත් හැමෝමත් ඔහු පස්සෙන් වැටුනෙ කිසිම දෙයක් හිතාගන්න බැරිව.

” ආශි….දූ….” මහේශ් කාමරේට ඇතුල් උනේම ආශාවරීගෙ නම කියාගෙනමයි…ඒත් කාමරේ ඇතුලෙ ආශාවරී හිටියෙ නැහැ..ඇය ඉන්නෙ ඇගේ සිතුවම් කාමරේ බව මහේශ් දන්නෙ නෑනෙ.

” අනේ මමී….කෝ ආශි…..ආශි නෑනෙ….” ආකාශි කලබලෙන් එහෙම කියද්දි හැමෝම කාමරේට රොක්වෙලා එහෙ මෙහෙ බැලුවෙ පිස්සුවෙන් වගේ…

” ආශී…..දූ…..” නදීකා කෑ ගැහුවෙ ඒත් එක්කම ඇය දැක්කෙ ආශාවරීගෙ කාමරේටම අල්ලලා හදලා තිබ්බ ඇගේ සිතුවම් කාමරේ දොර ලාවට ඇරලා තියෙනවා….නදීකා හනිකට දුවගෙන ගියේ සිතුවම් කාමරේට…

” ආහ්….ආශී…!!” සිතුවම් කාමරේට ගිය නදීකාට යටිගිරියෙන් කෑගැස්සුනෙ ඇගේ විලාපෙට කට්ටියම සිතුවම් කාමරේට දුවගෙන ආවා…

” ආශී…..නංගි…” ආකාශිටත් එකපාරටම කෑගැහුනෙ ඇයගෙ නෙත් ඉස්සරහ තිබුන භයාණක දර්ෂනය දැකල…ඒ වෙන කවුරුවත් නෙවේ….ආශාවරී ….ආශාවරී සිතුවම් කාමරේ බිම වැටිලා හිටියෙ ඇගේ අතකින් ලේ හෝ ගාලා ගල යමින් තිබුනෙ ඇය අසල මුලු පොලවම රතු පාට ලේ වලින් වැහිලා තිබුනා….ඇස් පියන් සිහි නැතුව වැටිලා හිටිය ආශාවරී අසලම හිටවලා තිබ්බ සිතුවම් පුවරුවෙ අටවලා තිබ්බ චිත්‍ර කොලේ සිතුවම් වෙලා තිබුනෙ ඇගේ ලේ වලින්ම හැඩ ගැන්වුන සදෙව්ගෙ කඩවසම් රුව..

” අනෙ මගෙ දරුවා…” මහේශ් අඩාගෙනම ආශාවරී ලගට දුවලා ගියේ ඔහු බිම වාඩිවෙලා ආශාවරීගෙ කම්මුල් දෙකට තට්ටු දාන්න ගත්තෙ ඇයව ඇහැරවන්න….ආශාවරී සිහි නැතුව බිම වැටිලා ඉන්නවා දැකලා නදීකාටත් එකපාරටම කලන්තෙ දැම්මෙ ආකාශි ඉක්මන්ට තමන්ගෙ අම්මව අල්ලගත්තා….

” අන්කල්….ඉක්මන් කරමු…මෙයාව ඉක්මන්ට hospital අරන් යං….ලේ හුගක් ගිහින් මෙයාගෙන්…” ආශාවරී අසලට ආපු ආකේශ් කලබලෙන් එහෙම කියද්දි මහේශ් ආශාවරීව වඩාගත්තෙ ඇගේ තුවාල වෙච්ච අතින් ගලන ලේ නතර වෙන්නැතුවම ගලා යමින් තිබුනා.ආකාශි රුහාන්ගෙ උදව්වෙන් නදීකාව ආශාවරීගෙ කාමරේට ගේන අතරතුරේ මහේශ් ආකේශ් එක්ක ආශාවරීව hospital එක්කන් යන්න පිටත් උනා.

*********************************

මොනාද මේ වෙන්නෙ..?? ආශාවරීට කරදරයක් වෙයිද…?? හෙට බලමු නේහ්…

M.Ashka Rashmi❤️

10 thoughts on “ආශාවරී |පනස් පස්වන කොටස| නවකතාව | කතා අහුර රචක”

  1. Hemanthi ruwan kumari

    Well done නංගියේ ඔයාගෙ කතාව මටනං සුපිරි තමයි.අද කොටස සුපිරි. Good work best of luck.???????????

  2. Aiyo mokakda akke me wenne ashita apahu karadarayak weida ai ane me dennage awanka piwithuru adareta mehema une…….pau sadew eyatath ikamanata sihiya awanam ashiwa hoyan ei ashitath hoda wei ikmanata…..aneeeeee godak duka hithenawa me dewal dakkama ikamanata me dennage adare jaya ganna oni ????????? akke kathawa iwara unama me wagema lassana kathawak danna hithata wadina ekak ??????? good luck akkiyo

  3. ඔන්න හෙට ආශාවරීට ලේ දෙන්න වෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඒකට ගැලපෙන එකම කෙනා ආකේශ් වේවි.

  4. Nirosha Lakmali

    අනේ අම්මෝ. මගේ හදවතේ ගැස්මත් තව පොඩ්ඩෙන් නවතිනවා. සුපිරියි කෙල්ලේ කතාව. කියන්න වචන නැ. ලියලා තියෙනවා ලිවිල්ලක් කතාවේ ගිලිලා හිටියේ. තව කතාවක් ඕනේ ඔයාගෙන්. හැමදාමත් වගේ සුපිරිම සුපිරියි. අනේ කෙල්ලේ ආශිට කරදරයක් නම් කරන්න එපා. ඒ පුංචි හදවතින් මේ තරම් ලොකු වේදනාවක් දරාගන්නේ කොහොමද. අනේ තවත් ඒ දෙන්නව ඈත් කරන්න එපා. ප්ලීස්. කතාව සුපිරියි වගේම ගොඩාක් දුකයි. හදවතින්ම සුබ පතනවා. ?????????????????????????????????????????????????????

  5. ආකේෂ් කියන්නෙ කුසුම්ගෙයි,මහේෂ්ගෙයි ළමයා කියලා හෙට ඔප්පුවෙයි… අශිගෙන් ගොඩක් ලේ ගිහින් නිසා එයාට match වෙන ලේම ඇටි ආකේෂ්ටත්…

    කතාව ගොඩාක් ලස්සනයි අක්කියෝ..
    All the best..

  6. කතාව ලස්සනයි ගොඩක්…. අකේශ් ආශි ආකාශි සහෝදරයෝ කියලා හෙට ඔප්පු වෙයි….ඔයාට හදවතින්ම සුභ පතනවා…wish you all the very best for your future.

  7. Thakshi Deepali Jayasuriya

    කතාව නම් නියමයි අක්කියෝ…..ඔයා හොඳට කතාව සැලසුම් කරලා ලියලා තියනවා….ඇත්තටම කිසිම නොගැලපෙන තැනක් නෑ..හරිම ලස්සනයි….. ඔයාට සුබ පතනවා මං

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.