Katha Ahura

පරවි | අසූ නමවන කොටස | නවකතා

4.7/5 - (12 votes)

පරවි
අසූ නමවන කොටස

මගේ පපුවේ ගැස්ම වැඩි වෙද්දී ..මන් බයෙන් බයෙන් රැන්ඩි අයියා දිහා බලල කිව්වාම … රැන්ඩි අයියා .. එකපාරම ….හයියෙන් කෑගහලා හිනාවෙන්න ගත්තේ මුලු කාමරෙම දෙවනත් වෙන්න …

මෙච්චර සතුටක් කොහෙන්ද කියලා මගේ හිත නෑසුවා නෙමෙ… මන් බය වෙලා වගේ බලන් හිටියේ ..රැන්ඩි අයියාගේ හිනාව දිහා …

ඒ…. මෝ…ඩි….
මටත් ඕන කලේ ඇස් වලින්ම බලාගන්න

රැන්ඩි අයියා එහෙම කියලා හිනාවෙලාම ඇවිත් මගේ පුටුව ඉස්සරහම වාඩි වෙලා … ඇහැක් ඉගිමැරුවේ මූනේ ඇදිච්ච මනමාල කමත් එක්ක …

මට ආවේ තරහක් ..මෙහෙම හිනාවෙන්න පිස්සු හැදිලද …
මන් ගස්සලා බලාගත්තේ එපිට ..

අම්මෝ …මගේ සුද්දී ..කොච්චි කරලක්. වගේනේ …

ඕනේ නැති විහිලු කරලා දැන් එනවා කියවන්න … මන් කේන්තියකින් හිටියේ … රැන්ඩි අයියා තවමත් හොරැහින් හිනා උනේ හරියට හොරයක් අල්ල ගත්තා වගේ … එකපාරම එයා ලගට ඇවිත් මගේ ඔලුව අතගාද්දිත් මන් ගනන් නොගෙනම හිටියා ……

මන් අහගෙන … හිටියේ …

රැන්ඩි අයියා එකපාරම වගේ මගේ දිහා බලලා ඇහුවම මන් ඇස් විසල් කරලා… බැලුවේ ඇත්තටම අහන් ඉන්න තරම් මොනාද මන් කිව්වේ කියලා දැනගන්න …

දැන් මොකද මේ … බයවෙලා බලන් ඉන්නේ …

මගේ වෙනස තේරුම් අරන් රැන්ඩි අයියා අහපුවාම මන් සාමාන්‍ය තත්වෙට ආවෙ ගැස්සිලා …

නෑ..හ්…. මේ …
ක…ව…ද්…ද…. මොනාද…

මට වචන ආවේත් නැති තරම් … මන් රැන්ඩි අයියා ගැන වැරදී දෙයක් කිව්වදෝ කියලත් හිතට ආපු සැකේ එක්කම … මගේ පපුව ගැහුනා … මොකද්දෝ මන්දා .. හේතුවකට

කිව්ව ඒවා මතක ඇති නේ …

රැන්ඩි අයියා එකපාරම කේන්ති අරන් එහෙම කිව්වේ මෙච්චර වෙලා .. මූනේ තිබ්බ මුලු හිනාවම අතුරුදන් වෙලා …යද්දී ..

දෙයියනේ ..මොනා ගැනද කියන්නේ . මගේ අතින් කියවෙච්ච දෙයක් .. ගැන .ද කියන දේ හිත ඇතුලේ සැක කරද්දී මන් මනසින් ආපස්සට ගියේ .. එක මොහොතකට මතක් කරන්න …මට … රැන්ඩි අයියාගේ සුසුම් එක්ක ඉබේටම ඇස් වලින් කදුලු පැන්නා …
මගෙ අතින් මොකද්ද වෙච්ච වරද කියලා මට තවමත් හිතගන්න බෑ … එහෙම හිතද්දී මූන දිගේ පෙරුන කදුලක් මන් ඉකමනට පිහදාගත්තා

මගේ සුද්දී අඩනවා …

රැන්ඩි අයියා ..මගේ මූන දිහා විමසිල්ලෙන් බලල කිව්වේ.. මන් මූන හන්ගගත්තේ ලැජ්ජාවට

සු…ද්…දී ඇ..යි මේ …

රැන්ඩි අයියාගේ වචන නපුරු වෙලා …
මගේ මූන එයා බලෙන් වගේ බලන්න හදලත් මගේ විරුද්දත්වය නිසාම එයා පසු බැස්සේ .. වචන වලින් මට එයාගේ තරහා පෙන්නලා …

පි…ස්…සී….. බලනවා මන් දිහා

රැන්ඩි අයියා. මට දුන්නේ විදානයක්…

රැන්ඩි අයියා කිව්ව දේ අගක් මුලක් මන් දන්නේ නැති උනත් මට මූන දෙන්න බැරිඋනා .. එයාට … තවත් හන්ගන වචන ඉස්සරහා මන් කේන්තියෙන්ම එතනින් නැගිටලා යන්න හැදුවේ තවත්. එතන ඉන්න ඕනේ නැති නිසා

කොහෙද යන්නේ …
අ….හ්…ඉන්නවා ….

එකපාරම රැන්ඩි අයියා තරහින් වගේ කියලා එයා නැගිටලා. මාව හරස් කරලා හිටගත්තා

සින්හල තේරෙන්නේ නැද්ද …

කටහඩ වෙනස් වෙලා .. ඉබේටම ..රැන්ඩි අයියා ගේ මූනේ තිබ්බ හිනාව කොහෙද ගිහින් …

විහිලුවක් කලේ සුද්දී … ඔච්චර කේන්ති ගන්න ඕනේද ..අහ්…

රැන්ඩි අයියා කේන්තියෙනම් කියලා ඔලුවේ අත ගහගත්තේ තරහෙන් …
එහෙමම ..බිත්තියට හේත්තු උනේ මට පිටුපාලා

මගේ දුක හැමෝටම විහිලු. …

මන් එකපාරම කියලා දැම්මේ ඇත්තටම ඒක විහිලු කරන්න වෙලාවක් නොවන නිසා… මන් දැක්කා රැන්ඩි අයියාගේ මූන එකපාරම වෙනස් උන හැටී ..

ඔයාගේ කදුලු මට විහිලුවක් උනානම් මන් මෙහෙම ඉන්නවාද සුද්දී …අහ්හ්
කතාකරන්න …..
මන් මෙහෙම ඉන්නවද…

ක්ශනයකින් ම රැන්ඩි අයියා මන් ලගට ඇවිත්
මගේ උරහිසින් ඇදලා වේදනාවෙන්. කිව්වේ…
ඒ ඇස් මාරුවෙන් මාරුවට මන් දිහා බලනවා .එකපාරම මන් අහක බලාගත්තා … ඒත් ඒ හැඩදැඩි අත්වලට මගේ කම්මුල අහුවුනේ සිංහයෙක්ට අහුවුන ගොදුරක් වගේ

මම හිනාවුනේ ..සුද්දී උබේ කදුලු වලට නෙමේ..
මෙච්චර කට්ටක් කලා .. උබෙන් ගත්ත අදරේ ස……තු….ට…ට …

රැන්ඩි අයියා මාව උරහිසින් අල්ලගෙන …මගේ මූන දිහා බලාගෙන කිව්වම ..මන් පසු බැස්සා… ඒ කේන්තිය අස්සේ තිබිච්ච මට හැන්ගුන ලෙන්ගතු කම ඉස්සරහ …
රැන්ඩි අයියා කේන්තියෙන් කිව්වත් .. මගේ හිතේ නතර උනේ .. රැන්ඩි අයියාට දෙන්න තරම් මගේ හිත ඇතුලේ ආදරයක් තියෙනවද කියලා හරියටම දැනගන්න

ඔයා අතීතෙට … යන්න දෙනවා කියලා මන් දන්නවා සුද්දී ඔයා වත් හරියට දන්නේ නැති උනාට … මමත් .. .විදවපූ ජීවිතේ හදන්න උත්සහ කලා අපි දෙන්නම … ඔයා ලොකු උත්සහයක් ගත්තා
මන් විතරක් නෙමෙ සුද්දී ආදරේ කරන්න ඕනේ .. අපි දෙන්නම …
මේ ගෙදරම ආදරේන් පුරවන්න ඕනේ …

ඒක තියෙන්නේ අපි දෙන්නම …ලග …

රැන්ඩි අයියා ආයෙම … කතාකලේ වේදනාවකින් … බැරෑරුම් හඩකින්

මන් දන්නවා සුද්දී හොදටම … උබ මට ආදරේ හන්ගනවා …
එහෙම නේද…

රෑන්ඩි අයියා මගේ ඔලුව උස්සලා අහපුවාම මගේ ඇස් එයාගේ ඇස් එක්ක හිරවෙලා වෙවුලන්න ගත්තා … ඇයි කියන්න තේරුනේ නෑ .. ඇත්තටම ඊටත් වඩා දෙන්න උත්තරයක් නෑ

ඒ ඇස් වල ආදරේ අඩුවක් දැක්කේ නෑ මන් … ඒ තරම් ම ගැහෙන පපුවත් වෙනසක් නෑ …

මාව වෙන කෙනෙක්ට දෙන්න අකැමැති උබ නම් නන්ගී … …. හරී ඉරිසියා කෙල්ලෙක් …

එකපාරම රැන්ඩි අයියා එහෙම කියලා මාව අතෑරලා ගියේ ජනේලේ ලගට …
මට මන් ගැන දෙපාරක් හිතන තැනට .රැන්ඩි අයියා මාව ගෙනාවා
මන් බලාගෙන හිටියා එයා දිහා …
රැන්ඩි අයියා කියනවා වගේම … ආදරේද කියලා …කියන්න දන්නේ නැති උනත් .. තමන් හිමි කරගත්ත දෙයක් වෙන කෙනෙක්ට දෙන්න කැමැත්තක් නෑනේ .. මා..ත් එහෙමද …
ස…ම..හ..ර..විට …

මන් ඉස්සරහ මගේ ආදරේට ලෝබ බව පෙන්නුවේ නෑ ඔයා …
හැබැයී මන් උබට වඩා හොදට දන්නවා සුදු නනගී …

රැන්ඩි අයියා ..එපිට ඉදන් ආයෙම මන් ලගට ආවේ. මගේ හැම හොරයක්ම වගේ කොනක ඉදන් අල්ලගෙන එද්දී …

ඇවිත් මන් ලගම හිටගත්තේ .. මාව බලන් ඉන්න රූස්ස ගහක් වගේ … ඒ ඇස් නම් ආදරෙන් දිලිසෙනවා … මගෙ ඇස් බොදවෙන්න ඔන්න මෙන්න ලගයී … මන් ඉවසන් හිටියේ .. ඒ ඉවසීමට ඉනිමගක් වෙලා කදුලු එන්න නොදී ..වලක්වන්න රැන්ඩි අයියා ඇහැකොනකින් ඇගිල්ල තියාගත්තේ .. රත් වෙලා ඇදුම් කන මගේ ඇස් වලට පොඩි පවනක් වෙලා .. මන් දැක්කා ඒ දෙතෝල් වෙවුලනවා .. පිරිමි පෞර්ෂයට යට කරගන්න හදන ඒ හැගීම් .. මන් ඉස්සරහා අදත් වෙනදා වගේම හිරකරගන්නවා මන් දැක්කා …

ඊටත් වඩා .. තද කරගන්න හැගීම් වලට සමානවම .. ඒ අත් වල නහර ඉලිප්පිලා පිම්බෙනවා මන් දැක්කා …

සු…ද්..දී … මෙහෙම ..මා…ව … ටෙස්ට් ක…රන්න…එපා…

කදුලු එක්ක පොර බදින එයාගේ හැගීම් …මන් තවත් සෙල්ලම් කරනවාදෝ කියලා වරදකාරි හැගීමක් දැනුනේ …

එකපාරම එයා මගේ මූනට බර උනේ ..තවත් ඉවසන් ඉන්න බැරි තැන කියලා මට නොතේරුනා නෙමේ …

ඊලග කොටසට ….

මොකක් වෙයීද … ???? ඔන්න බනින්න එපා මගේ සුදූලා .. දවස් 4ක් කතාව නෑ .. කලින් කියන්නත් බැරිඋනා … කියන්න වත් කාලයක් තිබ්බේ නෑ ලමයී ..ඔන්න මන් පාරෝ බලන්න. පදවී ආවා …
එතින් මේ සතියම මෙහෙ…මන් දැක්ක ලස්සනම ගම තමයී පදවිය ..ඒකයී මේ කතාවත් මන් මෙහෙටම පාදක කරගත්තේ … මේ සතීයේ මට කතාව ලියන්න ලොකු වෙලාවක් ගන්න බැරිවෙයී සුදූලා .. සෙමීනා කරන්න හැම අවුරුද්දටම තුන් පාරක් මෙහෙ එනවා ඉතින් .. නිදාගන්න වත් වෙන්නේ නෑ .. පාන්දර. වෙනකන් ඇහැරිලා ඉන්නේ ලමයී එක්ක .. ආව වැඩේ හොදින් කරගෙන .ආයේම ජපුර ඉස්සරහා ඉදන් මන් කතාව ලියන්නම්.. ඇත්තටම ඒක මතක් වෙද්දීත් මට ඇත්තටම සතුටුයී .. උදේ හවස ජපුර දිහා බලාගෙන ලියන මේ කතාව ඇත්තටම තාත්විකයි වගේ … අහ් හොදම එක .. කොටු කොටු. දාන්නේ නෑ හොදේ ඊලග කොටසට …මේ කතාව කියවන පොඩි ලමයී පව් න්හ්හ් ????

එහෙනම් ගියා හොදද

පියුමි සේනාදී

14 thoughts on “පරවි | අසූ නමවන කොටස | නවකතා”

  1. ඇති යන්තම් කතාව දාලා හම්මෝ…… ලස්සනයි අනේ…..ඔයාගෙ වැඩ ටික ඉවර කරන් එන්නකො එහෙනම්…මගෙත් යාලුවෙක් ඉන්නවා පදවියෙ…ඒත් ඔහෙ ඇවිත් නං නැ මං….

  2. Ranmali subasinghe

    Piyumiyooo hari narakai oya kelle… hemadama app 1ta awith balanawa kathawa dalada kiyala oya… eth ne.. dawas 4k paw nedda api???? ??? kamak ne itin oya busy neda?? Mhh mhhh… ikmanatama kathawa danna.. oyage siyaluma weda success wenna kiyala mama wish karanawa.. thanks kathawa demmata.. Hugaaaakma lassanai kathawa adath..???? All THE BEST UR FUTURE.. ??????????

  3. Buddhika subhashini

    අම්බෝ බලාගෙන හිටියෙ අක්කි..? thanks අක්කි කතාව දැම්මට ..❤️❤️❤️❤️ good luck අක්කි

  4. අම්මෝ දවස් 4 නිකං කල්ප 4 ක් වගේ දැනුනේ… මේ දවස් ටිකේ ඔයාගෙ නාසය දන්නව ඔයාව කට්ටිය මතක් කරන තරම… ? කතාව සුපීරී අනේ… ඒත් රැපා අයියව දුශ්ටයා කරපු එකට නං ටිකා……ක් දුකයි.

  5. අදවත් කතාව දැම්මට thnks අක්කියො… ආයි ඉලගකොටසත් අරන් ඉක්මනට එන්න හොදේ… පරවි දානකන්මයි බලාගෙන ඉන්නේ…

    හැමදාම වගේ අදත් කතාව ගොඩාක් ලස්සනයි අක්කියෝ… අක්කගෙ වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  6. Ane piyimi akke ai appa apita mechchara dukak denne hamadama parawi dalada dalada kiyala balanawa nathi unana watina kiyana deyak nathi una wage dukak danenawa e tharamatama mn parawita asai adarei appa harima dukai kathawa nathi unama ?????? ai ane danwath paro randi aiyage adare thereum ganne natte danwath e denna adaren inna epaine appa
    Ane akki oyage wada asse kathawa dannako puluwan welawata….mata campus yanna beri unath campus eka kochchara sundarada kiyala me kathawen therenawa ekai mn mekata mechchara asa…lassanai akki ????????

  7. kasuni chamalka

    දවස් හතරක් නෙමෙයි කල්පයක් ගියා වගේ මට නම්.. හැමදාම බැලුවා පරවී කොටස දාලාද කියලා.. ඒ බලපු බලපු හැම පාරම නැති උනාම දුකක් වගේම තරහකුත් ආවා බොරු කියන්න ඕනි නැහැනේ.. වැඩ එක්ක කතාව එක දිගට කරගෙන යන්න අමාරුයි කියලා දන්නවා.. ඒත් plzz මේ කතාවට පිස්සු වැටිලා ඉන්න අපි ගැනත් හිතන්න.. හැමදාම දාන්න බැරි නම් පුළුවන් නම් විතරක් දවස් දෙකකට සැරයක් වත් දාන්න.. කතාව ගොඩාක් ලස්සනයි.. පරෝගෙයි රෑන්ඩ් අයියගෙයි ආදරේ එකතු කරන්න…

    °°°£ /-\ $ $ /-\ |\| /-\ |°°°

  8. Hemanthi ruwan kumari

    රැන්ඩි අයියා නම් අවස්ථාවාදියෙක්.පාරො අසරණ වෙලා ඉද්දී උදව් කරෙ මෙකට තමයි.හිතෙ කොතනකවත් ආදරය ක් නොතිබූ පාරෙගෙ හිත වංචාවෙන් ලාබාල ගත්තා.????????????
    මුලින්ම හොරෙන් කසාද බැද ගත්තා.ඊට පස්සේ රැපා අයියා ගැන හරියට එයාවත් දන්නැති කතාව ක් කියලා රැපා අයියා දුෂ්ඨයා කරලා පාරොගෙ හිත ගත්තා.
    පාරොව රැපා අයියාගෙ න් බෙරගන්න නෙමෙයි රැන්ඩි අයියා ට ඕනෑ වූනෙ රැපා අයියා ඈත් කරලා එයාව ලාබාල ගන්න.??????????????????

    ඒත් රැපා අයියා ගැන හිතන්න එයාට ඔනෑනම් පාරොව අත් නොහෑර ඉන්න තිබ්බා.එත් එයා චායාගෙ අයියාගේ මැරයන් ගෙන් පාරොව බෙර ගන්නයි එයාගෙන් ඈත් වුනෙ.????????
    මෙ මං මෙම කතාව කියවලා තෙරුම් ගත්ත විදිහ.මට දැනුනු විදිහ.මෙක මගෙ පොඩි විවෙචනයක්.කාගෙවත් හිත් රිදවන්නවත් ,bad comments එකක් වත් නෙමෙයි.මාගෙ අදහස ක් විතරයි.✍️✍️✍️✍️✍️
    අදටත් මෙම කතාවෙ මගේ විරයා රැපා අයියාම විතරයි…………….
    . ….. ගල්, මුල්, මඩ ප්‍රහාර ඇත්නම් සම සිතින් බාර ගනු ලැබේ.???????
    ලියන ඔබත් කියවන්න ඔබත් අපහසුතාවයට පත් කිරීමට නොවෙයි.මෙ මාගේ අදහස ක් පමණි.කාට හරි මින් වරදක් වුණානම් සාමාවෙන්න.???????

  9. Thakshi Deepali Jayasuriya

    කතාව සුපිරි අක්කියො…සොරි කමෙන්ට් කරන්න බැරි උනාට….ඔයාගේ හැම වැඩක්ම අති සාර්ථක වෙන්න කියලා සුබ පතනවා මං

  10. කතාව ගොඩාක් ලස්සනයි අක්කියෝ.
    කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
    ඔයාගෙ වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    රැන්ඩි අයියාවයි පාරෝවයි වෙන්කරන්න එපා සුදු අක්කියෝ .
    ඔයාට වගේම පරවිටත් ගොඩාරියක් ආදරෙයි .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  11. Nirosha Lakmali

    අම්මෝ මේ කෙල්ල අද කතාව දාලා ඇති යන්තම්. ඔයත් එක්ක තරහින් හිටියේ ආසම පරවි කතාව නැති නිසා. දැන්නම් තරහ නැ ඔන්න. වෙනදා වගේම අදත් කතාව හරිම ලස්සනයි. පව් රැන්ඩි අයියා. දැන්වත් පරෝගේ හිත වෙනස් කරලා දෙන්න පැටියෝ. හදවතින්ම සුබ පතනවා ඔයාට….. ???????????????????????????????????????????????

  12. Hemanthi ruwan kumari

    මං කලින් දමපු comment එකෙන් ඔයාගේ කතාව නෙමෙයි විවෙචනය කලෙ.මට ඕනෑ වුණේ එකෙ ඉන්න චරිත ගැන මට දෑනෙන හැටි කියන්නයි.

    මං ගොඩක් කැමති නංගියේ ඔයා ලියන විදිහට, කතාවේ සමහර අදහස් ඔයා කතාව ලස්සන කරන්න දැම්මා ට ඒ වචන , අදහස් heart එකට මාර විදිහට දැනෙනවා.මම ඔයාගේ කතාවෙ ගොඩක් කැමති ඒවාට.කතාවෙ අවසානයේ මොනවා වුනත් ඔයාගේ writing style ට මං හරිම ආසයි.you are very talented writer.best of luck.??????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.