Katha Ahura

ආශාවරී |හැටවන කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (4 votes)

හැටවන කොටස

එකිනෙකාව වැලදගෙන ඉන්න සදෙව්වයි ආශාවරීවයි දැකලා ආකාශි අමාරුවෙන් උනත් උගුර පෑදුවෙ ඒ හඩට ආශාවරී වගේම සදෙව්ත් ගැස්සිලා ගියා….ගෙයි දොර අසල හිටගෙන හිටිය දෙන්නාව දැකලා සදෙව් ආශාවරීගෙන් මිදුනෙ ආශාවරීගෙ දෑසුත් ඒ දිහාට නිතැතින්ම යොමු උනා…ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවෙන්න ගත්තෙ ඇගේ අක්කාගෙත් මස්සිනාගෙත් තරවටු බැල්මෙන් ගත සිත වෙව්ලලා යද්දි ….

” මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා…බලන් ගියාම මේකයි වැඩේ….” ආකාශි එහෙම කියලා ආශාවරී සමීපයට එන්න ආවෙ සදෙව් දිහත් බල බල…ඇයට ඉවෙන් වගේ තේරුම් ගියා සදෙව්ට පරණ මතකයන් ආයෙම හිත උඩට ආපු බව…ආශාවරීගෙ ආදරේ ආයෙම සදෙව්ට මතක් වෙලා තියෙන බව ඇය දැනගත්තෙ ඔහුගෙ දෑස් වල ඇදිලා තිබ්බ ආදරෙන්….

” මල්ලි…ඔයාට කොහොමද දැන්….අතීතෙ මතක් උනාද….??” ආකාශි සදෙව් දිහා බලලා එහෙම අහද්දි ඔහුගෙ දෑස් එකවරම යොමු උනේ ආශාවරී දිහාට…ඇගේ දෑසුත් සදෙව් ලග නතර වෙද්දි ආශාවරී දිහා බලාගෙනම ඔහු ආකාශිට උත්තර දුන්නා..

” ඔව්…දැන් හැමදෙයක්ම මතකයි…මට මෙච්චර දවසකට මග හැරුන හැම දෙයක්ම…..” ආදරේ පිරිලා ඉතිරිලා යන සදෙව්ගෙ දෑස් දිහා බලා ඉන්න ආකාශිට ඔහු කිව්වා…

” අම්මෝ..ලොකු දෙයක්…ඔයා හින්දා මගෙ නංගි මෙච්චර දවසක් විදෙව්වා මල්ලි…දැන්වත් එයාට සතුටින් හිනාවෙන්න පුලුවන්…දෙවියන්ගෙ පිහිටෙන් දැන් හැමදේම හරියයි….” ආකාශි හිනාවෙලා එහෙම කියද්දි රුහානුත් ඇය සමීපයට එන්න ආවා…ඒත් රුහාන් දිහා නෙත් යොමු කරපු සදෙව් නං ගැස්සිලා ගියා…ඔහුට එකපාරටම මතක් උනේ එදා සිදුවීම….අන්තිම පාරට ආශාවරීව hospital එකට බලන්න ගිය දවසෙ අනවසරයෙන්ම ඔවුන් හිටිය කාමරේට රතුරෝස මල් පොකුරකුත් එක්ක කඩා පැන්න තරුණයා…කේන්තියෙන් රෝස මල් පොකුර බිම ගහලා කාමරෙන් පිටවෙලා ගිය ඒ කඩවසම් රුව දැන් තමන් ඉස්සරහ ඉන්නවා දැකලා සදෙව් බය නොවුනා කිව්වොත් බොරු…මොකද මතක විදිහට ඔහු එදා කිව්වෙ ඔහු ආශාවරීව මැරි කරන්න ඉන්න කොල්ලා කියලා නිසා සදෙව්ට හිතාගන්න බැරි උනා මේ දැන් ඔහු එක්ක හිනාවෙවී ඉන්නෙ ඔහුමද කියලත්…සදෙව්ගෙ දෑසෙ තිබ්බ කැලබිල්ල ආකාශි වගේම රුහානුත් තේරුම් ගත්තා…ඔහු තමන්ගෙ නංගිට කොච්චර ආදරේ ඇත්ද කියලා සදෙව්ගෙ දෑස්වල රුහාන් කෙරෙහි තිබ්බ බය ආකාශිට වටහලා දුන්නා…

” බයවෙන්නෙපා සදෙව් ….මේ රුහාන්….” ආකාශි හිනාවෙලා කිව්වත් සදෙව්ගෙ මුවේ නං හිනාවක් ඇදුන්නෑ….ඒ ගමන රුහාන් ආකාශි සමීපයට ඇවිත් ඇයගෙ කරවටා අතක් දැම්මෙ සදෙව් දිහා හිනාවෙවී බලාගෙනමයි..

” බයවෙන්නෙපා මස්සිනා…ඔයාගෙ ආශිව මං ඔයාගෙන් උදුරගන්නෑ..හැබැයි ඔයාගෙ නෑනා නං මගේ ඔන්න…මං ආකාශිව මැරි කරන්න ඉන්නෙ….” රුහාන්ගෙ සැහැල්ලු කතාවට සදෙව්ගෙ හිතේ බය අතුරුදහන් උනේ ඔහු රුහාන් එක්ක ලෙන්ගතුව හිනා උනා…කට්ටිය සාලෙ වාඩිවෙලා එක එක දේවල් කතා කර කර හිටියෙ ආශාවරී හිටියෙ හරිම සතුටින්….ගොඩ දවසකින් ඇය මේ විදිහට හිනාවෙවී සතුටින් කාලෙ ගතකරන්නෙ…ඇයගෙ හිනාවට හේතුව සදෙව් …හිනාවට විතරක් නෙවේ…ආශාවරීගෙ හැමදේකටම හේතුව සදෙව් ….සදෙව් නිසයි ආශාවරී වෙනස් උනේ….සදෙව් නිසයි ආශාවරී ජීවත් වෙන්නෙ…සදෙව් නැත්තං ආශාවරී නැහැ…ආශාවරී නැත්තං සදෙව් නැහැ….දෙන්නට දෙන්නා ආතමයෙන්ම බැදුනු ආත්මීය ආදරේක කොටස් කාරයො දෙන්නෙක්….ආත්මයෙන් එකිනෙක බැදුන ප්‍රේමවන්තයන් වෙන් කරන්න බැහැ කවදාවත්ම…ගතින් තැන් දෙකක හිටියත් ඒ හිත් නං කවදාවත් ඈත් වෙන්නෑ එකිනෙකාගෙන්….සදෙව්ට නැති උන මතකය එන්න හේතුවත් එයමයි….ආත්මීය ආදරේ කවදාවත් කාටවත් අමතක කරන්න බැහැ…ඒ ආදරේ කොයි මොහොතක හෝ හිත උඩට එනවමයි…තමන්ගෙ ආත්මීය සහකාරයා හෝ සහකාරිය මොන වේශෙන් ආවත් ඔහුව හෝ ඇයව හදුනා ගැනීම අපහසු නැහැ…..මොනම හෝ සාක්ශියකින් ඔවුනොවුන් එකිනෙකාව හදුනගන්නවා…හරියට සදෙව් ආශාවරීගෙ සුවදින් ඇයව හදුනගත්තා වගේ…..ඒ වගේමයි මොන බාධක ආවත් ඔවුන් එක්වෙන එකනං වලක්වන්න බැහැ…එකට ජීවත් වීම හෝ එකට මිය යෑම….

” ආනේ..මට අමතක උනානෙ..අපි මොනාහරි බොමු….ඉන්න මං තේ හදන්නං..” සදෙව් එහෙම කියාගෙනම කුස්සියට යන්න ගියේ ඔහු හාම ආශාවරීත් නැගිටලා ඔහු පස්සෙන් කුස්සියට ගියේ ආකාශි හිනාවෙවී ඇය දිහා බලා හිටියා.

” මගේ නංගි…එයා අද හරිම සතුටින් ඉන්නෙ…අනේ ඒ සතුට හැමදාටම එයා ගාව තියෙන්න ඕන….එයා සදෙව්ට පුදුම විදිහට ආදරේ කරනවා…සදෙව් වාසනාවන්තයි…” ආකාශි එහෙම කියද්දි ඇය කියන දේට එකගව රුහාන් හිස වැනුවා…

” ඔව්…සදෙව් වගේම ආශිත් වාසනාවන්තයි ආකාශි ….සදෙව් වගේ හොද කොල්ලෙක් ලබන්න…ඒ වගේ ආදරයක් ලබන්න…” රුහාන් එහෙම කිව්වා….

මේ අතරෙ කුස්සියට ගිය ආශාවරී සදෙව් පස්සෙන්ම හිටියෙ ඔහු යන යන තැන ඇයත් එනවා…..සදෙව්ගෙ ගෙදර කුස්සිය කුඩා එකක් හින්දා වැඩිය කට්ටියකට එහි රැදෙන්න කරන්න අමාරුයි….ඒ නිසාම සදෙව් පස්සෙන් එහෙ මෙහෙ යන ආශාවරී නිතරම ඔහුගෙ ඇගේ වැදිලා එහෙට මෙහෙට වෙන්නෙ සදෙව් හිටියෙ හිත යටින් හිනා වෙවී…

” ඔයා වාඩිවෙලා ඉන්න…මං තේ හදලා ගේන්නං….නැත්තං ඔයා වැටෙයි මගෙ ඇගේ හැප්පිලා…” සදෙව් හිනාවෙලා එහෙම කියද්දි ආශාවරීගෙ මූණ ඇඹුල් උනා…

” අනේ සදෙව් ….ඇයි ඔයා ආස නැද්ද මං ඉන්නවට මෙතන…” දුකෙන් ආශාවරී එහෙම කියද්දි සදෙව්ටත් මහ මොකද්ද වගේ හිතුනා…

” එහෙම එකක් නෙවේ ආශාවරී ….මං කිව්වෙ ඔයා නිකන් මොකටද හිටගෙන ඉන්නෙ….ගෙට ගිහින් වාඩිවෙලා ඉන්න…මං තේ අරන් එන්නං….” සදෙව් වතුර කේතලේ ලිපේ තියන ගමන් කිව්වා..ආශාවරී හරි ආසාවෙන් ඔහු දිහා බලා හිටියෙ…

” ඔයා තේ හදන්නත් දන්නවද…මං තේ හදන්නවත් දන්නෑ අනේ…” ආශාවරී දුකෙන් එහෙම කියද්දි සදෙව් හිනාවෙවී බිත්තියට අල්ලලා තිබ්බ කබඩ් ඇර ඇර තේ හදන්න ඕන කරන පිටි,සීනි,තේ කොල බෝතල් තුන එලියට ගත්තා…

” තේ විතරක් නෙවේ…මට කෑම උයන්නත් පුලුවන් ….පොඩි කාලෙ ඉදන්ම අම්මා මට ඒවා උගන්නලා තියෙන්නෙ….ඇයි ඔයාගෙ අම්මා ඒවා උගන්නලා නැද්ද ඔයාට..” සදෙව් එහෙම අහද්දි ආශාවරීගෙ මූණ අදුරු උනා…

” නෑ සදෙව් ….අපේ හැම වැඩක්ම කරන්නෙ සාරා…සර්වන්ට් කෙනෙක් එයා…මං කුස්සියට යන්නෙ එහෙමත් දවසක තමා ඉතින්…හැමදෙයක්ම අත ලගටම හම්බෙනවනෙ….දැන් හිතෙනවා මං කොච්චර නීරස ජීවිතයක්ද ගත කරලා තියෙන්නෙ කියලා….ඔයාව දැක්කම ඔයා ජීවත් වෙන විදිහ දැක්කම මට ආස හිතුනා සදෙව් …මේක තමා ඇත්තටම ජීවිතේ කියන්නෙ…..මං ආසයි මෙහෙම ජීවත් වෙන්න….තමන්ගෙ තේ එක තමන්ම හදන් බොන එක..කෑම උයන එක…ඒවා හරි ශෝක් වැඩනෙ….” ආශාවරී හිනාවෙවී සදෙව් ලගට එනගමන් කිව්වා .

” ඔයා ඔහොම ශෝක් ශෝක් කියලා කියයි….ටික දවසක් කරන් යද්දි ඔයාට එපා වෙයි….කවදාවත් කරලා නැති නිසා …ඒත්…ඒවා පුරුදු වෙන එක නං හොදයි….” සදෙව් කිව්වෙ මේසෙ උඩින් කෝප්ප ටික තියලා ලං කරගන්න ගමන්..

” ඔයාට බැයිද මට කියලා දෙන්න…ම්…” සදෙව්ගෙ ලගට ඇවිත් ඒ අතේ එල්ලිලා ආශාවරී ඇහුවෙ සදෙව්ගෙ උරහිසින් නිකට තියාගෙන….සදෙව්ගෙ හිත ගැස්සිලා ගියා ඇගේ හැසිරීමට .ඒත් හිත පාලනය කරගෙන ඔහු කතා කරන්න ගත්තා…

” අපෝ…පුලුවන් ..බැරි නෑ…බලන් ඉන්නකො එහෙනං මං කරන විදිහ ..” සදෙව් එහෙම කියලා තරමක් ලොකු ප්ලාස්ටික් කෝප්පයක් අරන් ඊට තේ කොල ,පිටි,සීනි අවශ්‍ය ප්‍රමාණයට දැම්මෙ එකින් එකට ඒ ගැන ආශාවරීට කියලා දෙන ගමන්…ඇය හරි ආසාවෙන් ඒ දේවල් අහන් හිටියෙ…

” දැන් ඉතින් වතුර නටන කොට උණු වතුර ටික මේකට දාලා තේ හදන්න තියෙන්නෙ…” සදෙව් එහෙම කියද්දි ආශාවරීට හිනා ගියා..

” වතුර නටනකොට…?? වතුරට නටන්නත් පුලුවන්ද…මොකද්ද දන්නෑ නේද වන්නම….” ආශාවරී හිනාවෙලා එහෙම අහද්දි සදෙව්ටත් හිනා ගියා…හිනාවෙවීම ඔහු ඇගේ මුහුණට පාත් උනා..

” වන්නමක් නෙවේ නටන්නෙ……සන්නියක්…දහ අට සන්නිය…” ආශාවරීගෙ කණට කරලා රහසින් එහෙම කිව්වෙ ඇගේ මුවින් සෑහෙන ශබ්දෙකින් හිනාවක් පිට උනා…

” ඔයා..ඔයා හරි නරකයි දැන් සදෙව් ….” ආශාවරී මූණ ලැජ්ජාවෙන් රතු කරගෙන අතක් මිටිමොලවගෙන ඔහු දිහාට එන්න ආවෙ සදෙව් ආපස්සට පැන්නා..ඒත් එකපාරටම ෆ්‍රිජ් එක අසල බිම වැටිලා තිබ්බ වතුර උඩට කකුල තිබ්බ ආශාවරී ලිස්සලා ගිහින් වතුර ගොඩේ බිම වැටුනෙ ඇගේ මුවින් කෙදිරියක් පිට උනා..

” ආහ්…වැටුනද…අයියෝ…” සදෙව් හිනාවෙවී ඇය අසලට ආවෙ ඇය වැටෙද්දි අල්ලගන්නවත් සදෙව්ට වෙලාවක් තිබුන්නෑ…ආශාවරී කේන්තියෙන් බලා හිටියෙ ඔහු දිහා…

” ඇයි පේන්නැද්ද….මං වැටිලා නෑ….මං උඩ පාවෙනවා….” ආශාවරී දත්මිටි කකා එහෙම කියද්දි සදෙව්ගෙ නං මූණ හිනාවෙලාම රතුවෙලා තිබුනෙ…

” අයියෝ අයියෝ ..මං කිව්වනෙ මෙතන හැරෙන්නවත් ඉඩ නැතුව ඉද්දි සාලෙට යන්න කියලා….ඒක ඇහුවනං මේම වෙනවැයි….ඇයි දැක්කෙ නැද්ද බිම වතුර තියෙනවා…” සදෙව් හිනාවෙන ගමන් එහෙම කියද්දි ඔහු ඇය දිහාට අත දික්කලේ ඇයට නැගිටින්න උදව් කරන්න…ඇගේ මුහුණ රතුවෙලා තිබුනෙ කේන්තියටද නැත්තං ලැජ්ජාවටද මංදා…ඇය ඔරෝගෙන හිටියා සදෙව්ට …

” දැක්කනං මං මෙහෙම වැටෙයිද….??” ඇය එහෙම කියද්දි ඔහු හිනාව නවත්තගෙන ඇය දිහාට පාත් උනා…

” ඔව් නෙහ්…ඒකත් ඇත්ත තමා…දැන් නැගිටිමුකො ඒනං මගෙ කුමරිය….” ඇගේ මුහුණට නැඹුරු වෙලා සදෙව් එහෙම කියලා කෙලින් උනේ ආශාවරී සීතල වෙලා ගියා ඒ බැල්මට වගේම ඒ කතාවට…ලැජ්ජාවෙන් උනත් ඇය සදෙව්ට අත දුන්නෙ සදෙව් ඇයව කෙලින් කරන්න යද්දි ආයෙම ඇය ලිස්සලා ගිහින් බිම වැටුනෙ චස් ගාලා සද්දෙන්…එවර නං ඇයට රිදුනා හොදටම….

” අයියෝ ..කෝ…අත් දෙකම දෙන්න….” සදෙව් හිනාව හංගගෙන ඇයට අත්දෙකම පෑවෙ ආශාවරී කේන්තියෙන් උනත් ඔහුගෙ අත්දෙකම අල්ලගත්තා . මෙවර සදෙව් ඇගේ දෑත් තදින් අල්ලගෙන ඔහු දෙසට ඇද්දා…ඇය පුලුන් රොදක් වගේ පාවෙලා සදෙව් දිහාට එන්න ආවෙ ඇය ඔහුගෙ සිරුරෙ වැදිලා නතර උනා…සදෙව්ගෙ දෑත් නිරායාසයෙන්ම ඇගේ බද වටා යද්දි ආශාවරීගෙ දෑත් ඔහුගෙ ගෙලවටා ගියේ ඇය බලා හිටියෙ තමන්ගෙ හුස්ම වැදෙන මායිමේ ඉන්න සදෙව්ගෙ දෑස් දිහා….සදෙව්ගෙ හුස්ම ඇයව උනුසුම් කරද්දි දෙන්නම එකිනෙකා දිහා බලා ඉන්න ගත්තෙ වශීවෙලා වගේ..ආශාවරීගෙ දෑස් වල බැල්මෙන් සදෙව් නොසන්සුන් වෙද්දි ඔහුගෙ හදවත ගැහෙන්න ගත්තෙ අපමණ වේගෙකින්..ආශාවරීගෙ ගැහෙන දෙතොල් දුටු සදෙව්ට ඇයව සිපගන්න ආශාවක් ආවා …..සදෙව්ගෙ මුහුණ ඉබේම ආශාවරීගෙ මුහුණට පහත් වෙද්දි ඔහුගෙන් සිපගැන්මක් බලාපොරොත්තු උන ආශාවරීගෙ දෑස් පියවිලා ගියා…ඇගේ දෙතොල් සිපගන්න ගිය සදෙව් පියැවි සිහියට ආවෙ ඒ දෙතොල් වල ගෑවී නොගෑවී නතර උනේ ඔහුට ඇහුන කේතලයෙ වතුර නටන සද්දෙන්….

” වතුර එක..” සදෙව් එහෙම කියලා ඇයව අහකට කලේ ආශාවරී අමාරුවෙන් හිත හදාගත්තෙ ඇගේ මූණ අදුරු වෙලා ගියා..සදෙව් හිනාව හංගගෙන උණු වතුර ,කෝප්පයට දාලා තේ ටික හැදුවා…

” ආ…රසද බලන්න ඕනද…” සදෙව් හැන්දට තේ පොඩ්ඩක් අරන් ආශාවරී දිහාට හැරුනෙ ඇය ආසාවෙන් ඔහු ලගට ඇවිත් හැන්දෙන් තේ ටික තොලට අරන් රස බැලුවා…

” ම්…මරු ….හරිම රසයි සදෙව් ….ඔන්න මට වැඩිපුර දාලා ඕන හරිද….” ආශාවරී දගකාර හඩින් එහෙම කියද්දි සදෙව් ඔහු බොන කෝප්පයටම ආශාවරීගෙ තේ ටික දාලා කෝප්පෙ ඇය අතට දුන්නා….

” යං….එන්න සාලෙට..” ඔහු ආකාශිගෙයි රුහාන්ගෙයි තේ පීරිසි කෝප්ප දෙකකට දාගෙන ට්‍රේ එකේ තියාගත්තෙ ආශාවරීවත් අරන් ඔහු සාලෙට තේ කෝප්ප දෙකත් අරන් එන්න ආවා…

මේ අතරෙම මහේශ්ගෙ බංගලාවට ආශාවරීව බලන්න ආවෙ ආකේශ් …

” ආ…එන්න එන්න ආකේශ්….වාඩිවෙන්න…..” ඔහුව සාදරෙන් පිලිගත්ත මහේශ් ආකේශ් එක්කම සෝෆා එකෙන් වාඩි උනේ ආකේශ්ගෙ දෑස් ඉබේම යොමු උනේ උඩු මහල දිහාට…

” කෝ…නංගි ඉන්නවද අන්කල්…” ආකේශ් එහෙම අහද්දි ඇය ආකාශියි රුහානුයි එක්ක leisure world ගිය බව මහේශ් කිව්වා…ආකේශ්ගෙ මූණ අදුරු වෙලා යන්න තත්පරයක් වත් ගියේ නැහැ…..ඔහු දිහාම බලා හිටිය මහේශ් ආකේශ්ගෙ මූණෙ ක්ෂණික වෙනස ග්‍රහණය කරගත්තෙ ඔහු කුතුහලයෙන් ආකේශ් දිහා බලා හිටියා…

” මොකෝ ආකේශ් ….” මහේශ් ඇස් හීන් කරලා ඔහු දිහා බලමින් එහෙම අහද්දි ආකේශ්ට හිනාවක් ගියා..

” නෑ අන්කල්…නිකන්….මට රුහාන් නිකමටවත් කිව්වෙ නෑ මේ ගැන….නැත්තං මාත් එනවනෙ….” ආකේශ්ට එහෙම කියැවුනෙ ඔහුගෙ හඩේ තිබ්බ දුක මුසු පසුතැවිල්ල මහේශ් අදුනගත්තා….

” අපේ දූ ඔයා එක්ක හරි ඉක්මන්ට එකතු උන…ඇත්තටම ඔයා හින්දා තමා මගේ ආශි ඉක්මන්ටම සනීප උනේ….දෙවියො බැලුවා වගේ ඔයා අපිට උදව් කලේ පුතේ….ඔයාට ගොඩාක් පින්…” මහේශ් හදපත්ලෙන්ම එහෙම කියද්දි ආකේශ් ගැස්සිලා ගියේ මහේශ් තමන්ට පුතා යැයි ආමන්ත්‍රණය කරද්දි ..ඔහුගෙ හදට ඒ ඇමතුම කිදෑ බැස්සෙ ඒ ආදරණීය කතාවට ආකේශ්ගෙ හිත ඇදිලා ගියා…

” ඕක මොකද්ද අන්කල්….කොහොම හරි ආශි ඉක්මන්ටම සනීප උනානෙ….” ආකේශ් එහෙම කියද්දි මහේශ් දැක්කා ඔහු ඉන්නෙ ටිකක් නොසන්සුන් වෙලා බව…

” පුතාට මොනාහරි කියන්න තියෙනවද මට…? ” මහේශ් එහෙම අහද්දි ආකේශ් කටකොණකින් හිනා උනේ ඒ හිනාව දැක්ක මහේශ් වෙව්ලලා ගියා…ඔව්…ඒ හිනාව අයිති ඔහු අතිශයින්ම ආදරේ කරපු කුසුම්ට..සමහර වෙලාවට කුසුමුත් ඔහු සමග කටකොණකින් හිනා වෙන්නෙ දැන් ආකේශ් හිනා උනා වගේමයි….කුසුම්ගෙ මතකය හිත උඩට එද්දි අමුතුම හැගීමකින් මහේශ් ආකේශ් දිහා බලා ඉන්න ගත්තා…

” ඔව්…මට අන්කල් එක්ක ආශාවරී ගැන කතා කරන්න තියෙනවා…” ආකේශ් කෙලින්ම එහෙම කියද්දි මහේශ් පුදුම උනේ ඔහු මොනා කියන්නද සැරසෙන්නෙ කියලා හිතාගන්න බැරුව..

” ආශි ගැන…??” නලල රැලි කරගෙන මහේශ් එහෙම ඇහුවා.

” ඔව්..මං ආශාවරීට ආදරේ කරනවා අන්කල්…මං කැමතියි එයාව මැරි කරන්න….” ආකේශ් එහෙම කියද්දි මහේශ් තිගැස්සුනා…

” what…?? ඔයා මොනාද මේ කියවන්නෙ….හොද සිහියෙන්ද තමුන් කතා කරන්නෙ….” මහේශ්ට ටිකක් කේන්ති ගියා…ඔහුට කේන්ති තමන්ගෙ දූ සදෙව් වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් වෙද්දි ඒ ගැන දන්න …ඇගේ හිත හොදටම දන්න ආකේශ් ඇය ගැන මේ විදිහට කතා කරන එකට…

” ඔව් අන්කල්..මං හොද සිහියෙන් තමයි කතා කරන්නෙ…..ඇත්තටම මට සමාවෙන්න අන්කල් මෙහෙම ඔයාගෙ දූ ගැන මං කතා කරනවට..ඒත්….ඒත් මට මේක කියන්නම ඕන….ආශි එක්ක ගත කරපු ඒ දවස් ටිකේ එයාගෙ ලංවීම මගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති උනා අන්කල්….නිතර නිතරම මං මෙහෙ ආවෙ එයාව හම්බවෙන්න මට එයාව නොදැක ඉන්න බැරි තරමටම එයා මට ලං උනා….මට ආශිව හිතෙන් අයින් කරන්න අමාරුයි අන්කල්…මං දන්නවා….ආශි සදෙව්ට ආදරේ කරන්නෙ කියලා….ඒත්….ඒත් මාත් ආශිට ආදරෙයි අන්කල්….මට පුලුවන් ආශිව බලාගන්න ජීවිත කාලෙටම….ඔයා එයාව මට දෙනවනං….” ආකේශ් එහෙම කිව්වා..මහේශ්ට මුකුත් හිතාගන්න බැහැ….වෙන කෙනෙක් මෙහෙම කතාවක් කිව්වනං මහේශ් මෙච්චර බලන් ඉන්නෑ…කෙලින්ම දෙක තුනක් ඇනලා දොට්ට දානවා…ඒත් ආකේශ්ගෙ පෙනුමයි..ඔහුගෙ කතාවයි මහේශ්ට තමන්ගෙ තරුණ කාලෙ සිහිපත් කෙරෙව්වෙ මහේශ්ට හිතාගන්න බැහැ ඇත්තටම ආකේශ් දේවින්ද කියන්නෙ කවුද කියලා….

” ඒක හරියන්නෑ ආකේශ්….ඒක හරියන්නෑ….තමුන් දැක්කනෙ මගෙ දූ සදෙව්ට කොච්චර ආදරේ කරනවද කියලා…ආ….එහෙම දැන දැනත් තමුන්ට මෙච්චර හයියක් කොහෙන්ද මගේ දූට ආදරේ කරන්න….ඇරත් තමුන් කොහොමද හිතුවෙ ආශි තමුන්ට කැමති වෙලා තමුන්ව මැරි කරයි කියලා…ඒ දේ කවදාවත් වෙන්නෑ ආකේශ්…..දැන්ම ඔය මනස්ගාත හිතින් අයින් කරගන්නවා….” මහේශ් මදක් සද්දෙන් කෑගැහුවෙ ආකේශ් හරිම සන්සුන්ව ඔහු දිහා බලා හිටියෙ…මහේශ්ගෙ හඩට නදීකාත් ඇවිත් ඔහු අසලින්ම සෝෆා එකේ වාඩි උනේ දෙන්නා දිහාම කුතුහලයෙන් බලමින්.ආකේශ් නදීකා එක්ක හිනා උනා…නදීකාත් මහේශ් දිහාත් බල බල ආකේශ් එක්ක හිනා උනේ ඇයට දැනගන්න ඕන මෙච්චර වෙලා මේ දෙන්නා අතර ඇති උන සංවාදය ගැන….ඒත් මදක් ඇය නිහඩ උනේ මහේශ් ඉන්නෙ කේන්තියෙන් වග දැනුන නිසා…

” හරි…..අන්කල් හිතන්නෙ ආශි මට අකමැති වෙයි කියලද….” ආකේශ් බැරෑරුම්ව එහෙම අහද්දි මහේශ් කටකොණකින් හිනා උනා..

” ඔව් ..නැත්තං…එයාට ඕන සදෙව්ව….තමුන්ව නෙවේ….”

” එයා මට කැමති උනොත්…එයා මාව මැරි කරන්න කැමති උනොත් අන්කල් මට ආශිව දෙනවද….මට එයාව මැරි කරන්න permission දෙනවද අන්කල්….” ආකේශ් එහෙම අහද්දි මහේශ්ගෙ දෑස් විශ්මයෙන් විසල් වෙලා ගියා… නදීකා නං මුකුත්ම හිතාගන්න බැරුව මහේශ් දිහා බලා හිටියෙ ඔහු මොනවගේ හැසිරෙයිද කියලා බයෙන්…

මෙයා මෙහෙම කියන්නෙ…මොකද්ද මෙයාගෙ හිතේ තියෙන්නෙ….

මහේශ් කුතුහලයෙන් ඔහු දිහා බලා හිටියෙ..ඇත්තටම තමන්ගෙ දුව හදිස්සියෙවත් ආකේශ්ට කැමති උනොත්…මහේශ් හිතන්න ගත්තා…සදෙව් එක්ක බලන කොට ආකේශ් එතරම් කඩවසම් රූමත් කමක් නොතිබුනත් රුහාන් වගේම ආකේශුත් හොද ව්‍යාපාරිකයෙක් ….පිටරට වලත් ඔහුගෙ ව්‍යාපාර දෙක තුනක්ම තියෙනවා …මාසෙකට කෝටි ගානක ආදයමක් ලබන ආකේශ් තමන්ගෙ චූටි දූට සදෙව්ට වඩා ගැලපෙන බව මහේශ් හිතුවා….හැබැයි ඒ වගේමයි අනික් අතට මහේශ්ට හිතුනෙ තමන්ගෙ දූට සදෙව් හොද සැමියෙක් වේවි කියලා.සල්ලිම නෙවේ ජීවිතේ කියලා ප්‍රතම වරට මහේශ්ට හිතෙන්න ගත්තා……සදෙව්ව ආශිට ලබාදෙන්න මහේශ් හිතුවෙ ඒකට ප්‍රධානම හේතුව කුසුම්…..කුසුම් එක්ක නෑදෑකමක් හෝ ගොඩනගාගන්න පුලුවන් නං කියලා මහේශ්ට හිතුනෙ මොනා උනත් ඔහුට ඔහුගෙ පලමු ආදරේ අමතක කරන්න බැහැ…..දෙලොවක් අතර තනි උන මහේශ් කල්පනා කරන්න ගත්තෙ ආකේශ්ගෙ ප්‍රශ්නෙට උත්තරය…

” ඔයා කොහොමද එහෙම කියන්නෙ….මගේ දූ ඔයාව මැරි කරන්න කැමති වෙයි කියලා….??” මහේශ් ආකේශ්ගෙන් පැනයක් විමසුවා…

” හරි….මාත් ප්‍රශ්නයක් අහන්නම් අන්කල්ගෙන්…අන්කල් කොහොමද කියන්නෙ සදෙව් ආශිව මැරි කරයි කියලා….” ආකේශ් එහෙම අහද්දි මහේශ් ඔහු දිහා බලා හිටියෙ සමච්චලයට හිනාවෙවී…

” පුතා විහිලු කරනවද……සදෙව් ආශිට ආදරෙයි…එයා මගේ දූව මැරි කරන්නැතුව වෙන කාව මැරි කරන්නද…..”

” ආශිගෙ තත්වෙ දැන දැනත් එයා ආශිව බදී කියලා හිතනවද අන්කල්….” ආකේශ් එහෙම කියද්දි නං මහේශ් ගැස්සිලා ගියා…මහේශ් විතරක් නෙවේ…මෙවර නං නදීකාත් පුදුම උනා ඔහුගෙ කතාවට….

” ආශිගෙ තත්වෙ ….ඔයා මොකද්ද කියන්න හදන්නෙ….” නදීකා ටිකක් තදින් එහෙම ඇහුවා…

” ඔව්…ආශිගෙ තත්වෙ….මං හැමදෙයක්ම දන්නවා අන්කල්….ආශිට ලමයි හදන්න බැහැ කියලා මං දන්නවා…” ආකේශ් එහෙම කියද්දි මහේශ්ගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්න ගත්තෙ ඔහු බය උනා හොදටම…..ඔහු විතරක්ද…නදීකාත් ටිකක් ගැස්සිලා ගියා ආකේශ් කිව්ව දේ ඇහිලා….

මෙයා….මෙයා කොහොමද ඒ ගැන දන්නෙ….කොහොමද දන්නෙ…

මහේශ් හිතන්න ගත්තා…ඔහු ගොඩක් නොසන්සුන් උනා…

” ඔයා…ඔයා….ඔයා කොහොමද ඒ ගැන දන්නෙ…??” මහේශ්ගෙ කටහඩ වෙව්ල වෙව්ල තිබ්බෙ….ඔවුන් දෙදෙනා සහ ආකාශි පමණක් දන්න රහස මේ ආගන්තුකයා දන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ මහේශ්ගෙ වගේම නදීකාගෙත් හිතට වද දුන්නා…

” මං ඒ ගැන දන්නවා අන්කල්….ආශාවරී ගැන හැමදෙයක්ම මං දන්නවා….ආශිට ලමයි හදන්න බැරි බව දැන දැනමයි මං එයාට ආදරේ කරන්නෙ …ඒත් මං හිතන්නෑ සදෙව් ඒ ගැන දන්නවා ඇති කියලා….සදෙව් තියා ආශිවත් දන්නෑනෙ එයාට මෙහෙම දෙයක් තියෙනවා කියලා…නේද…..අන්කල්….මං කවදාවත් හිතන්නෑ දරුවෙක්වත් හදන්න බැරි කෙල්ලෙක්ව මැරි කරන්න සදෙව්ගෙ parents ලා කැමත්ත දෙයි කියලා….අන්කල් එහෙම හිතනවද…..කොච්චර කොහොම කිව්වත් …පණ වගේ ආදරෙයි ….මැරෙන කන්ම එකට ඉමු…ඕවා මේවා කිව්වත් මං හිතන්නෙ සදෙව් දැනගත්තොත් ආශිට දරුවො හදන්න බෑ කියලා…එයා අනිවාර්යයෙන්ම ආශිව අතාරියි..සදෙව්ගෙන් නැති උනත් එයාගෙ parents ලාගෙන් වත් අඩුමගානෙ මේකට ලොකු ප්‍රශ්නයක් ඒවි කියලා මට හිතෙනවා අන්කල්….ඒ හින්දයි මං කිව්වෙ මේ හැමදෙයක්ම දැන දැන ආශිව මැරි කරන්න මං කැමතියි කියලා….” ආකේශ් නිවී සැනසිල්ලෙ එහෙම කියද්දි ඔහු කියන හැමදෙයක්ම මහේශ් අහන් හිටියෙ හීනෙන් වගේ……

ආකේශ් කිව්ව හැමදෙයක්ම ඇත්ත…..ආශිට දරුවො හදන්න බැහැ කියලා කුසුම් දැනගත්තොත් කවදාවත් ඇය තමන්ගෙ එකම පුතාව ආශාවරීට නං විවාහ කරලා දෙන එකක් නැහැ……ඇය කොහොමද සදෙව්ගෙ පරපුර ඉස්සරහට ගෙනියන්නෙ….ඇරත් දැන් කොහොමත් කුසුම් මහේශ් එක්ක තරහින් ඉන්න හින්දා මේ දේත් ආරංචි උනොත් ඇය කොහොමටවත් සදෙව්ව ආශාවරීට නං දෙන්නෑ…ඒක සහතිකයි….

ඇත්තම තමා…මෙච්චර කාලෙකට ඇයි මට මේක නොහිතුනෙ…..කුසුම්….එයා ආශිගෙ ලෙඩේ ගැන දැනගත්තොත් සදෙව්ව කවදාවත් ආශිට දෙන එකක් නෑ…..අයියෝ…..දැන් මොකද්ද කරන්නෙ….මගේ දූ….එයා මේවා දැනගත්තොත් ….එයා මැරෙයි එයාට සදෙව්ව නොලැබුනොත් …..ඔහ් ශිට්…මේ ප්‍රශ්න වල ඉවරයක් නැද්ද දෙවියනේ …..ඇයි මට..මගෙ පවුලෙ අයට මෙච්චරටම ප්‍රශ්න දෙන්නෙ….

මහේශ් කල්පනා කරන්න ගත්තා….ආශාවරීට දරුවන් ලබන්න බැහැ කියලා සදෙව් දැනගත්තොත් ඔහු ඇයව ප්‍රතික්ෂේප කරයිද….ඇරත් කුසුම් සදෙව්ට බල කලොත් ඇයව අත් හරින ලෙස….සදෙව් ඇයට එකග වෙයිද…..ආදරයත් මවත් අතර සදෙව්ට තෝරාගැනීමක් කරන්න සිද්ද වෙයි…ඔහු කාව තෝරගනීද…..දස මාසයක් කුසේ තියාගෙන අතිශය වේදනා විදලා මෙලොවට බිහි කරපු…ලේ කිරි කරලා පොවලා කැත කුණු අතගාලා මෙච්චර උස්මහත් කරලා තමන්ව හදපු තමන්ගෙ අම්මාව ඔහු තෝරගනීද..නැත්තං ජීවිතේ දෙවැනි වතාවටත් ආදරේ පාඩම කියලා දුන්න …..ඔහුගෙ හදගැස්ම සේ ඉන්න ඔහුගෙ පිවිතුරු ආදරේ… ආශාවරීව ඔහු තෝරගනීද….එය අනාගතයටම බාරයි….

*********************************

කොටස් 60කින් කතාව ඉවර කරන්න හිතුවත් නොහිතපු විදිහට කතාව දිග්ගැස්සුනා යාලුවනේ…..කරන්න දෙයක් නෑ…..අවම කොටස් 5කින් කතාව නිම කරන්න බලන්නං….comments කරන rates කරන හැමෝටම බොහෝම ස්තූතියි .

M.Ashka Rashmi❤️

7 thoughts on “ආශාවරී |හැටවන කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Hemanthi ruwan kumari

    ආකෙෂ් නිසාම හැමොම දැනගනි ආශීගෙ තත්වය.එත් ආකෙෂ්ගෙ මෙම හිතුවක්කාර කම නිසාම එයත් දැන් ගනි එයාගෙ අම්මා, තාත්තා කවුද ? ආශී කියන්නේ එයාගේ නංගි කියලා.
    .. ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි.සුපිරි.හැමදම අපි බලාගෙන ඉන්නවා.ඒ වගේම ඔයාත් හැමදාම කතාව දානවානෙ.ඔයාට ගොඩක් ගොඩාරියක් ස්තූතියි.

  2. Adath pattama patta hodeee????
    Kamak na ane kotas 100k unath liyanna api kiyavanavane hamadama????
    Issarahatath me vage lassanama lassana katha liyanna hodada?????

  3. kasuni chamalka

    ගොඩාක් ලස්සනයි story එක. ඉවර වෙනවා කියලා කියන කොට ගොඩාක් දුකයි.. අනේ අශි & සදෙව් එකතු කරන්න ඉක්මනට..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.