Katha Ahura

ගමන | 20 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

ගමන 20 කොටස

හිරන්ත පෙන්වූ දිශාව දෙස බැලු කවීශට එතන සුදු පාටින් තිබෙන්නේ මොනවාද කියා අදුනගන්නට අමාරු වුනේ නැත. එතන තිබුනේ විශාල මිනිස් ඇටකටු ගොඩකි.

” මිනිස් ඇටකටු”

” ඔව් මාත් එක්ක ආපු අනිත් හයදෙනාම මේ යක්කු දෙන්න එකතු වෙලා දවසකට දෙන්න ගානේ දස වද දීල මරල දැම්මා ,,මේ යක්කු දෙන්න කන්නේ මිනී මස් ,,බොන්නේ මිනිස් ලේ,,තව ටිකකින් උන් දෙන්න එයි ,,,,අද උන් දෙන්න මමයි අර නංගිවයි උන්ගේ කෑමට ගනීවී,,අනේ ඊට කලින් මම මැරිලවත් ගියානම් ”

” මෙතනින් බේරිලා යන්ඩ ක්රමයක් නැද්ද??”

” බේරිල යන්ඩ.,”

හිරන්තගේ මුහුනේ නැගුනේ අහිංසක හිනාවක්.

” මුන් දෙන්නගෙන් දැන් අපිව බේර ගන්ඩ දෙයියන්ටවත් බැරි වෙයි. ”

කවීශ ගල් කනුවකට තබා බැද ඇති කඹ පොටවල් ලෙහා ගන්ඩ බලවත් උත්සාහයක් ගැනීය,නමුත් ඔහුට ඒවා ලෙහා ගන්ඩ තියා හිතන්ඩවත් පුලුවන් වුනේ නැත. ඒවා ඒ තරම්ම ශක්තිමත්. ය. එය හිරන්ත දුටුවේය.

” ඔය දේවල් කරන්ඩ එපා ,,උන් අපි කරන දේවල් ගැන හොද අවදානෙන් ඉන්නේ,,,මෙලහකටත් කොහෙ හරි ඉදන් අපි #කරන දේවල් දිහා බලා ගෙන ඇති. ඔය විදිහට බේරිලා යන්ඩ පොඩි උත්සාහයක් හරි ගත්තොත් උන් ගොඩක් දරුනු වෙනවා ,,එහෙම කරපු මගෙ එක යාලුවෙකුගෙ අත් දෙක උන් පනපිටින්ම කපල දැම්මා,,මට තවත් ඇහෙනවා වගේ එයා ඒ වෙලාවේ තිබ්බ කෑගැහිල්ල,”

**********

මේ වනවිට ගමන ආපු සියලුම දෙනාට සිහිය ඇවිත් තිබුනු අතර ඔවුන් සියලුම දෙනා දැනගෙන සිටිය ඔවුන්ට ඉස්සරහට මුහුන පාන්නට සිදුවන ඒ අවාසනාවන්ත ඉරනම ගැන. යුවතියන් තිදෙනා අඩලාම හෙම්බතව සිටියහ. සුරංගටනම් දැන් හොදටම පැහදිලියි මේ ගමනත් තම මිලදී ගත් වාහන යත් අතර සම්බන්දයක් ඇති බව,,වාහනයේ තිබි හමුවුන ලෙයින් ලියූ පනිවිඩ ,,ඒ තුල යද්දි ඇසුනු කටහඩවල් ,,බස්සන්ගේ පැමිනීම මේ සියල්ල කර ඇත්තේ මේ අමුනුශශයින් විසින් බව දැන් හොදටම පැහදිලිය. ඔවුන්ගේ බන්දනයට ඔහුව අසුවී ඇත. නැත තමා පමනක් නොව තම අහින්සක යාලුවන් ,,නංගීගේ යාලුවන් සියලුම දෙනා තම නිසා ඔවුන්ගේ බන්දනයට හසුව ඇත.

********
තව මිනිත්තු කීපයක් ගේවී යන්නට ඇත. ගල් ගුහාවේ එක පැත්තක තිබූ විශාල කලුගලක් එකවරම අයින් විය. එය කෙතරම් විශාල බර කලුගලක් වුවද එය අයින් කරන්ඩ සාමාන්ය ##මිනිසුන්නම් සීයක්වත් ඕන වෙයි. එතන්න් එහාට ගල් ගුහාවට එන්ඩ උමගක් තිබුන අතර ඒ තුලින් ඔවුන් දෙසට ආවේ ශෙහාන් හා ශෙහාරා දෙදෙනායි. ඔවුන් දෙදෙනා ඒ කලු ගල ලේසියෙන්ම අයින් කර ඇත. ශෙහාන්ගේ අතේ තියුනු පොරවක් තිබුනු අතර ගිනි ගොඩේ ආලොකයෙන් ඒ පොරෝ තලේ මුවහත කැපී පෙනුනි. එම දසුන දුටු ගමන ආ සියලු දෙනා ඉමහත් කම්පනයට පත් විය. හිරන්ත සමග ආ යුවතිය නව පනක් ලැබී මෙන් විලාප දෙන්ඩ විය. ඇය දන්නවා අද මේ අමුනුශ්ශයින් දෙශෙනාගේ ගොදුරක් ඇයත් වන බව.

” මට නම් දැන් හොදටම බඩගිනියි,,අදනම් මුන් දෙන්නෙක් නෙමෙ හතර දෙනෙක් වුනත් කන්ඩ පුලුවන් ”

ශෙහාන්ගේ හඩ ඇසින. ඔවුන් දෙදෙනාට අද වෙනදාටත් වඩා කලින් බඩ ගින්න දැනී තිබුනි.මිනිස් මස් කමින් ජීවත් වුන ඔවුන්ට ඊයේ දින ආහාරයට ගත් යුවතිය එතරම් උස මහත නොවූ නිසා සමහර විට මිට හේතුවක් වෙන්ඩ ඇත. ඒ නිසා ඔවුන් දෙදෙන අද රෑ වෙන්නටත් පෙරම මෙතනට ආවේ දවසේ ඔවුන් ගන්නා එකම ආහාර වේල ලබා ගන්නටය.

” එපා එපා ,,දවසට දෙන්නයි ,,මේ ටික හොයා ගත්තෙත් හරිම අමාරුවෙන් ” ශෙහාන්ගේ අදහසට ශෙහාරා කැමති වුනේ නැත.###

එකපාරටම ඔවුන් දෙදෙනාගේ මුහුනවල් වෙනස් විය. වෙනස් වූ රූපයෙන් ගල් ගුහාවේ සිරකර සිටි අයට පෙනුනේ ඉතා බයන්කර යක්ශනියක් හා යක්ශයකුගෙ රුවකය . වියරු සිනාවක් නගමින් හිරන්ත හා අර අසරන යුවතිය දෙසට ආ ඔවුන් දෙදෙනා ගල් කනුවල බැද තිබු යුවතියගේ හා හිරන්තගේ අත පය වල් බැද තිබු කබපොටවල් ලෙහන්නට විය. තමාටත් තමා සමග ආපු අර නැගනියටත් මිට කලින් ඔවුන් සමග ආ අයට වන ඉරනමම තව මොහොතකින් අත් වන බව හිරන්ත දැන ගත්තේය.

හිස කැපී වෙනව ගිය මේ අසරණයන් දෙදෙනාගේ රුදිරය කැපුන ගෙල තුලින් පහ්ලට ඇද වැටුන අතර ඒ රුදිරය පහල ගල් ගුහාවේ තිබුනු විශාල බේසමක් වැනි කුහරයක් තුලට වැටෙන්නට විය.
*****************
ලේ බී අවසානයේ මිය ගිය අසරනයන් දෙදෙනාගේ නිසල සිරුරවල ලෙහා දමන ලද යක්ශයා හා යක්ශනිය කලේ තවත් ඉතා අමානුශික බිවිසුන දෙයකි. අඩ නිරුවත් කල නිසල සිරුරු දෙක කෑබලි කීපයක වෙනකම් තියුනු පොරවෙන් කපා වෙන්කලහ. ඉන් පසු ඔවුන් එය ගුහාවේ පැත්තක තිබූ යකඩ මැස්සක් ගෙන අර කැබලි කරන ලද මිනිස් සිරුරේ කොටස ඒ මැස්ස මත තබා යටින් ගින්දර දමීය. මේ දෙස ගමන ආ තරුනයන් හතර දෙනා බලා සිටියේ කම්පනයට පත් දෙනෙත් වලිනි. මෙසේ සිරවී සිටියොත් ඔවුන්ගේ සිරුරටද තව දිනකින් දෙකකින් අත් වෙන්නේ මේ ඉරනමම නේද. ඔවුන් සිතන්නට වුනේ භීතියෙනි.

හිස පහලට සිටින එල්ලෙන සේ හිරන්තගේ හා යුවතියගේ කකුල් වල කඹයකින් ගැට ගැසූ ඔවුන් ඉන් පසු කලේ මිනිසෙකුට බලාගෙන ඉන්නට නොහැකි දෙයකි.තියුනු පොරව අතට ගත් යක්ශනිය පලමුව හිරන්තගේ ගෙල ට මාරක් පොරෝ පහරක් එල්ල කල අතර ඒ පාර කෙතරම් ප්රබල ද කීවොත් ඔහුගේ හිස වෙන්වී ගල් ගුහාවේ තැනකට විසි ව ගියහ.නිම්සරා ,අන්ජලී හා සුපුනි මේ දසුන බලා ඉන්නට නොහැක්ව යලිත් ####වතාවක් සිහිසුන්ව වැටුනි. හිරන්ත සමග සිටි අර අසරණ යුවතියල වුනේද හිරන්ටට වුන ඉරනමමය.

හිස සුන්වී මිය ගිය ඒ අසරනයින් දෙදෙනාගේ කැපුනු ගෙලෙන් ගලාන පහලට වැටුන රුදිරය,,ගල් ගුහා වේ තිබුන පහල විශාල බේසමක් තරම් වූ කුහර දෙකකට වැටුන අතර ටික වේලාවකින් ඔවුන් දෙදෙනාගේ රුදිරයෙන් ඒ කුහර දෙක පිරෙන්නටත් ආසන්න විය.
එසේ රුදිරය වැටෙද්දිම යක්ශනිය හා යක්ශනිය එතනට ලන්ව ඒ කුහරවලට එබි රුදිරය ආසාවෙන් යුතුව පානය කරන්නට විය. එය සමාන වුනෙ හරියට බල්ලෙකු බේසමකින් වතුර බොන් ලෙසටය.
*****************
ඉන්පසුව යක්ශනිය හා යක්ශය හිස සුන් ඒ නිසල සිරුරවල් දෙක කඹවලින් ලෙහා පහලට ගත්තේය. ඔවුන් ඊට පසු කරන දෙය දෙස ගමන ආ තරුනයන් හතර දෙනා බලා සිටියේ කම්පනයට පත් දෙනෙත් වලිනි.

නිසල සිරුරවල් දෙක අඩ නිරුවත් කල යක්ශයා හා යක්ශනිය තියුනු පොරව ගෙන කැබලි කීපයක් වන තුරු එවා වෙන්කිරීය. ඉන්පසු ගුහාවේ පැත්තක තිබුන යකඩ මැස්සක් රැගෙන ආ ඔවුන් දෙදෙනා ඒ මිනිස් ශරීරයේ කැබලි කරපු කොටස් යකඩ මැස්ස මත තබා යටින් ගිනි අවුලවන්නට #####විය. තමන්ගේ සිරුරටත් තව දිනකින් දෙකකින් වන්නේ මේ දේම නේද සිතූ ගමන හා තරුනයන් හතර දෙනා ඒ දෙස බලා සිටියේ කිසිම දෙයක් කරගන්නය නොහැක්ව ඉතා අසරනවය.

********************

පුච්චන ලද මිනී මස් රස කර කර යක්ශනිය හා යක්ශයා කන අයුරු බලන්නට නොහැක්ව තරුනයන් හතර දෙනා අහක බලා ගතහ. ඔවුන් ඒ වා රසකර කර කෑවේ පුච්චන ලද කුකුල් මස් කන ආකාරයටය. තමාට මෙතනින් මොවුන්ගෙන් ගැලවී පනපිටින් යලි යාමට ලැබුනොත් කිසි දිනකමස් මාළු නම් කන්නේ නෑ සිතුවිල්ලක් සුරේශ්ට පහල විය. ඒ තරම් ඒ දසුන පිලිකුල් ය. ඒත් මේ අමුනුශ්ශයන් දෙදෙනාගෙන් ගැලවීම සමහර විට ඔවුන්ට සිහිනයක් පමනක් වේවිද??? කවුරු හරි ඔවුන්ව මොවුන්ගෙන් බේරා ගන්නට පැමිනේව්විද ? නමුත් මේ අමුනුශ්ශයන් මොවුන්ව සිරකර සගවා ඇත්තේ කිසිවකුටලේසීයෙන් සොයා ගත හැකි තැනකනම් නොවේ. ඒ නිසා මෙතනින් ගැලවීයාමනම් ඉතා අසිරුය.*************************ඊලග කොටසට gamana

3 thoughts on “ගමන | 20 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.