Katha Ahura

ආශාවරී |හැට අටවෙනි කොටස| නවකතාව |කතා අහුර රචක

3.2/5 - (5 votes)

හැට අටවෙනි කොටස

” අනේහ්…සදෙව් ….” ආශාවරී අඩන්න ගත්තෙ සදෙව්ට දැනුනෙ ලොකු සතුටක්…ඔහුට හිතුනෙ ඔහු හිතපු දේ හරි කියලා..ඇය මොකක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියලා සදෙව්ට තේරුනා…මේ ඇය කරන්නෙ රගපෑමක් කියලා බොරුවක් කියලා සදෙව් තහවුරු කරගත්තෙ ආශාවරීගෙ මේ හැසිරීමෙන්…..සදෙව් ආපිට හැරිලා ආශාවරීව තද කරලා බදාගත්තෙ ඔහු ඇයගෙ හිස පිරිමදින්න ගත්තෙ..

” ශ්…..ශ්….අඩන්නෙපා ආශාවරී ….අඩන්න එපා…මොකද්ද ප්‍රශ්නෙ කියලා මට කියන්න රත්තරං ….හිතේ දුක හිරකරගෙන විදවන්න හදන්න එපා…එතකොට ඔයත් විදවනවා මාත් විදවනවා …මට කියන්න ආශාවරී …මට කියන්න ඇයි මට ඔයාගෙ ජීවිතෙන් ඈත් වෙන්න කියන්නෙ කියලා…ඔයාගෙ තාත්තත් මට කැමත්ත දීලා තියෙන එකේ ඔයා ඇයි දැන් මෙහෙම හැසිරෙන්නෙ ….ඇයි මේ ආශාවරී ….ඇයි…ඔයා හිනාවෙනවා දකින්න…ඔයාගෙ හුරතල් කතාව අහන්න ආපු මං මොනවද මේ ඇහුවෙ….ආ…මට කියන්න ආශාවරී …මට කියන්න…ප්‍රශ්නෙ මොකද්ද කියලා මට කියන්න…මොන ප්‍රශ්නෙ ආවත් අපි දෙන්නා ඒ හැම ප්‍රශ්නයක්ම විසදගමු…අපිට පුලුවන්නෙ එකට එකතුවෙලා ප්‍රශ්න විසදගන්න..නේද…කියන්න දැන්වත් මට මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ කියලා…” සදෙව් සන්සුන්ව ඇහුවෙ ආශාවරී අඩ අඩම සදෙව්ගෙ පපුවෙ මූණ තියන් හිටියා…නිහැඩියාවෙන්ම මොහොතක් ගෙවිලා ගියා…ආශාවරීගෙ ඇඩිල්ල එන්න එන්නම අඩුවෙලා ගියා..ඇය සදෙව්ගෙ පපුවෙන් මූණ අහකට අරන් ඔලුව උස්සලා සදෙව් දිහා බැලුවෙ ඇගේ දෑස් තනිකරම රතුම රතු වෙලා…..ඒ දෑස් දැක්ක සදෙව්ගෙ හිත පිච්චිලා ගියා..ඔහුගෙ දෑස් වලටත් ඉබේම කදුලු පිරෙන්න ගත්තා .

” කියන්න ආශාවරී ….” සදෙව් ඇහුවෙ දෑතින්ම ඇගේ මුහුණ අල්ලන ගමන්..ආශාවරී බලා හිටියෙ සදෙව්ගෙ ආදරය පිරුනු දෑස් දිහා…සදෙව්ගෙ සුසුම් ඇගේ මුහුණ පුරාම විසිරිලා යද්දි ඇයගෙ හද ගැස්මෙ වේගය වැඩිවෙන්න ගත්තා…ඒ හදගැස්ම සදෙව්ගෙ පපුවටත් හොදින්ම දැනුනෙ ඔහුට තේරුනා ආශාවරී ඉන්නෙ නොසන්සුන් වෙලා කියලා ..

” මට බෑ සදෙව් ඔයාව මැරි කරන්න….” ඇස් වලින් කදුලු කඩන් පනිද්දි ආශාවරී කැඩිච්ච කටහඩින් එහෙම කිව්වෙ සදෙව්ගෙ දෑස් වලිනුත් කදුලු වැල් එලියට පැන්නා…

” මොකද්ද ….ඇ…ඇයි ඔයා එහෙම කියන්නෙ..මොකද්ද හේතුව….ම්…” සදෙව් ඇහුවෙ ඇගේ දෙකම්මුල් තමන්ගෙ දෑත්වල මහපට ඇගිලි දෙකෙන් පිරිමදින ගමන්….

” ලොකු හේතුවක් තියෙනවා සදෙව් ….ලොකු හේතුවක් තියෙනවා….හැබැයි මට ඒ හේතුව කියන්න බැහැ…” ආශාවරී ඔහුගෙ දෑස් වලින් තමන්ගෙ ඇස් මුදවගන්න ගමන් කිව්වෙ සදෙව් තවත් ඇගේ මුහුණට ලං උනා…

” හේතුවක් තියෙනවා නං ඒ හේතුව මට කියන්න…මට දැනගන්න ඕන….”

” බෑ සදෙව් …ප්ලීස් මට බල කරන්න එපා මං ඒ හේතුව කියන්නෙ නැහැ….මට බැහැ ඔයාව මැරි කරන්න…” ආශාවරී අහකට යන්න හදන ගමන් කිව්වෙ ඒත් සදෙව් නං ඇයට යන්න දුන්නෑ….ඒ වෙනුවට තවත් තදින් ඇයව සිරුරට තෙරපගත්ත සදෙව් ඇගේ මුහුණ ඔහුගෙ හුස්ම වැදෙන මානයටම ලං කරගත්තා..

” බෑ…ඔයා මට ඒ හේතුව කියන්නම ඕන…ඔයා ඒ හේතුව මට කියන කන් මං ඔයා ලගින් හෙලවෙන්නෙවත් නැහැ… ” සදෙව් එහෙම කියන ගමන් ඇගේ බඳ වටා දෑත් යවලා ඇයට හෙලවෙන්නෙවත් බැරි විදිහට සිරුරට තද කරගත්තා…ආශාවරී සදෙව් දිහා බලා හිටියෙ කිසිවක් හිතාගන්න බැරුව….

” කියන්න…කියන්නකො…” සදෙව් ආයෙ ආයෙම ඇහුවා .

” බෑ…” ආශාවරී මුරණ්ඩු වෙද්දි සදෙව්ගෙ දගකාරකම් වැඩි උනා.

” බෑ.?..බෑ..??…හරි බෑනෙ…ඉන්නවකො එහෙනං…” සදෙව් එහෙම කියලා ඇයව හරහට වඩාගත්තෙ ආශාවරී බයෙන් ගැහෙන්න ගත්තා.

” ස්..සදෙව් …සදෙව් ….ඔයා..ඔයා..මොකද්ද කරන්නෙ…බිමින් තියන්න මාව….” ආශාවරී දගලන්න ගත්තෙ සදෙව් ඇයව වඩාගෙනම යහන අසලට පියවර තැබුවා.

” බෑ….බ්මින් තියන්නං මට හේතුව කිව්වොත්…නැත්තං බෑ…” සදෙව් එහෙම කියලා හිත යටින් හිනාවෙවීම ඇයව අරන් ආවෙ යහන ලගට…ආශාවරීගෙ කදුලු හිදිලා මුලු මූණම සුදුමැලි වෙන්න ගත්තෙ ඇය පුදුම විදිහට බය උනා සදෙව්ගෙ මේ හැසිරීමට .

” සදෙව් ….මං කිව්වනෙ මට බැහැ කියලා කියන්න…ප්ලීස් මාව අත අරින්න….” ආශාවරී කිව්වෙ ඒත් සදෙව් ඇය ඔහුගෙ බහට අවනත නොවුන නිසා ඇයව පරිස්සමින් යහන මත්තෙන් තිබ්බෙ ඔහුත් අනික් පසින් ඇලවෙන ගමන්…ආශාවරී වෙව්ලන්න ගත්තෙ හරියට දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ…

” දැන් වත් කියනවද.?? ….” සදෙව් කිව්වෙ ආශාවරී අහක බලාගත්තා .

” බෑ….”

” හරි…your choice ” සදෙව් එහෙම කියලා ඇගේ දෙතොල් වලට බර වෙන්න ගියේ …ආශාවරී සදෙව් දිහා ඇස් ලොකු කරලා බලන් හිටියෙ හදවත තත්පරේට එකසිය ගානකින් ගැහෙද්දි …සදෙව්ගෙ සුසුම් ආශාවරීගෙ දෙතොල් වලට පතිත වෙද්දි ඇය හඩ අවදි කලා…

” හරි .මං කියන්නං…මං…කියන්නං…” ආශාවරී කලබලෙන් කිව්වෙ සදෙව්ට හිනා ගියා ..හිනාවෙවීම ඔහු යහනෙන් නැගිට්ටෙ ආශාවරී පුදුම වේගෙකින් ඇදෙන් නැගිටලා හිටගත්තා..

” කියන්න….මොකද්ද හේතුව….” සදෙව් ආශාවරීගෙ අතින් අල්ලලා ඇහුවෙ ආශාවරීට ලොකු හුස්මක් පිට උනා…ඇගේ දෑස් වලට ආයෙම කදුලු පිරෙන්න ගත්තා…හිත කොතරම් රිදුම් දුන්නත් ඇය ඇත්ත කතා කරන්න පටන් ගත්තා .

” ලොකු හේතුවක් සදෙව් ..මට ඔයාව කවදාවත් මැරි කරන්න බැහැ…මොකද …මොකද මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැහැ…මට කවදාවත් දරුවො හදන්න බැහැ….” ආශාවරී අන්තිම ටික හිමින් කිව්වෙ ඇගේ හඩ ඉකියකට පෙරලිලා ඇය හොදටම අඩන්න ගත්තා..ඒ ඇහුන වදන් වලින් සදෙව් අන්ද මන්ද වෙලා ගියා…ඊලග නිමේශයෙදි සදෙව්ට මහ හයියෙන් හිනා ගියේ අඩ අඩ උන් ආශාවරී කදුලු මැදින්ම සදෙව්ගෙ මූණ දිහා බැලුවෙ ඔහුගෙ මූණ හිනාවෙලාම රතුවෙලා තිබුනා..

” හයියෝ …..හහ්….හහ්….ඔයා…ඔයා මාව කොච්චර බය කලාද ආශාවරී ….මේකද ප්‍රශ්නෙ ..හහ්..මේක…මේක මහ ලොකු ප්‍රශ්නයක්ද …අම්මෝහ්…මං බය උනේ වෙන මොකක් හරි කියලා…දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ….” සදෙව් වේගෙන් ගැහෙන හද පාලනය කරගෙන හිනාවෙවීම කිව්වෙ ආශාවරීට කේන්ති ගියා ටිකක්..

” සදෙව් …ඔයාට විහිලුවක් ද මේක…..ආ…මට දරුවො හදන්න බැහැ කියලා කිව්වෙ….ඔයාට හරියට ඇහුනද කියන්නකො..මෙතන හිනාවෙන්නෙ…..” ආශාවරී කේන්තියෙන් ඇහුවෙ ලැජ්ජාව වහගෙන..සදෙව් හිනාව ආයාසයෙන් නවත්තගෙන ආශාවරී ලගට ආවා..

” ඔව්..මට ඇහුනා…ඔයා කිව්වෙ ඔයාට අම්මා කෙනෙක් වෙන්න බෑ කියලනෙ….ලමයි හදන්න බෑ කියලනෙ කිව්වෙ…..නේද….” සදෙව් ඇහුවෙ ඔහුගෙ දෑස් වල කදුලු තිබුනා…ඒ හිනාවෙන් ආව කදුලුද එහෙම නැත්තං ආශාවරී ගැන සදෙව්ගෙ හිතේ ඇති උන වේදනාවෙ ප්‍රතිපලයක් ද කියලා කියන්න බැහැ…

” ඔව්..ඉතින්…ඒක ලොකු ප්‍රශ්නයක්නෙ …ඔයා ඇයි ඒකට හිනාවෙන්නෙ…” ආශාවරී මූණ රතූ කරගෙන ඇහුවෙ සදෙව් ආසාවෙන් ඒ රුව රස වින්දා.

” හිනාවෙන්නෙද…හිනාවෙන්නෙ ඒක ඔයා ඔය හිතන තරම් මහ ලොකු ප්‍රශ්නයක් නොවෙන නිසා…හරි…ඒකෙයි ඔයාට මාව මැරි කරන්න බැහැයි කියන එකෙයි සම්බන්දෙ මොකද්ද …ම්..මොකද්ද ඒ අතර සම්බන්දය කියලා මට කියන්න…කරුනාකරලා මාව දැනුවත් කරන්නකො ආශාවරී …” සදෙව් විහිලුවෙන් එහෙම කිව්වෙ ආශාවරී නං ඉන්නෙ හොදටම තද වෙලා…ඇය පිපිරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නෙ.

” සම්බන්දෙ…ඔයාට මොලයක් නැද්ද සදෙව් හිතන්න ආ…මං ඔයාව මැරි කරන්න බෑ කිව්වෙ මට කවදාවත් ලමයි හදන්න බෑ ඔයාව මැරි කරා කියලා….එදා ඇක්සිඩන්ට් එකෙන් මගේ womb එක අයින් කරලා තියෙන්නෙ….ඒ හින්දා මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ…” කදුලු මැදින්ම ඇය එහෙම කියද්දි සදෙව්ගෙ හිත පිච්චිලා ගියා…එහෙත් මේ ප්‍රශ්නෙදි ඇය වගේම ඔහුත් සංවේදීව හිතුවොත් ආශාවරීගෙ වේදනාව කවදාවත් අඩු කරන්න බැරි බව සදෙව් දැනගෙන හිටියෙ..ඒ නිසාම කොතරම් තමාගෙ හිත රිදුනත් ඒ රිදුම් හංගගෙන ඔහු කතා කලා .

” ම්…මොකද්ද …ඔයා මාව මැරි කරන්නෙ ල..ම..යි… හදන්….න…..ද……ම්..මට ඇහුනෙ නං ඒම තමා ඔයා කිව්වෙ…” සදෙව් ඇගේ මුහුණට එබිලා තාලෙට ඇහුවෙ ආශාවරීගෙ කටත් ඇරුනා…ඇගේ මූණ ලැජ්ජාවෙන් තවත් රතුවෙද්දි කතා කරන්න වචනවත් ඇයට කටට ආවෙ නෑ…

” මේ…ම…මං…මේ…මං කිව්වෙ මේ…ඒක..ඒක..මේ..ඒක මේ සාමාන්‍ය දෙයක්නෙ.එ…ඒකයි…” ආශාවරී ගොත ගගහා කිව්වෙ කලබලෙන්…සදෙව්ගෙ දෑස්වල බැල්ම ඇයව කොතරම් අපහසුතාවයකට පත් කරලද කිව්වොත් ඇයට පුලුවන් නං ඔහුගෙන් මිදිලා දුවන්න…ඇය එය අනිවාර්යයෙන්ම කරනවා..

” ඒක සාමාන්‍ය දෙයක්ද….දෙවියනේ …මං අදමයි ඒක දැනගත්තෙ..” සදෙව් එහෙම කියන ගමන් ආශාවරීගෙ බදවටා දෑත් යවලා සිරුරට තද කරගත්තෙ ආශාවරී වෙව්ලන්න ගත්තා ..

” සදෙව් ….”

” මේ අහන්න ආශාවරී ….මං ඔයාට ආදරෙයි …මං දන්නවා හොදටම ඔයත් මට ආදරෙයි …ඉතින්…අපිට තව මොනාද ඕන….මට ලමයි ඕන්නෑ ආශාවරී ….ඔයාට අම්මා කෙනෙක් වෙන්න බැරි එක මට ප්‍රශ්නයක් නෙවේ…ඉතින් මට ප්‍රශ්නයක් නැත්තං ඇයි ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්නෙ….ම්…” සදෙව් හරිම සන්සුන්ව ඇහුවෙ ආශාවරී සදෙව්ගෙ ඇස් දිහාම බලන් හිටියා..සදෙව්ගෙ ඇස්වල ලියැවිලා තිබ්බෙ බොරුවක් නෙවේ…කටින් පිටවෙන හැම වචනයක්ම ඇත්තක් කියලා ඔහුගෙ ආදරය පිරුනු දෑස් ඔප්පු කලා….

” මට අම්මා කෙනෙක් වෙන්න බෑ කියන්නෙ…ඔයාට තාත්තා කෙනෙක් වෙන්න බෑනෙ….කවුරුත් ආසයිනෙ තමන්ගෙ දරුවෙක්ට….ඒකයි මං එහෙම කිව්වෙ….” ආශාවරී ඇස් වල කදුලු පුරෝගෙන එහෙම කිව්වෙ සදෙව් ඇගේ මුහුණට පාත් උනා.

” මට තාත්තා කෙනෙක් වෙන්න ඕන්නෑ …මාත් ආසයි දරුවෙක්ට..හැබැයි දරුවෙක් නෑ කියලා ඔයාව අත අරින්න තරං මං පිස්සෙක් නෙවේ…ඔයා මට යාලුවෙක් උනා..පස්සෙ පෙම්වතියක් උනා….ඔයාට පුලුවන් මට හොද බිරිදක් වෙන්න….ඊට එහාට ඔයාට යන්න බැරි උනාට ඒක මට ප්‍රශ්නයක් නෙවේ ආශාවරී …..මට පුලුවන් හොද සැමියෙක් විදිහට ඔයාව ජීවිත කාලයටම බලාගන්න…අපිට අපි විතරක් හිටියම ඇති ආශාවරී …හොදටම ඇති…” සදෙව් ඇගේ නලල සිපගත්තෙ ආශාවරීගෙ දෑස් අගින් කදුලු කම්මුල් දිගේ රූරා වැටුනා….

” ඒත් සදෙව් ….මං හින්දා..මේ පව්කාරි හින්දා ඔයාගෙ ලස්සන ජීවිතෙත් විනාස වෙයිනෙ…ඔයාට පුලුවන් වෙන කෙල්ලෙක්ව මැරි කරලා ලමයි හදාගෙන සතුටින් ඉන්න….මාව අත ඇරලා දාන්න…” ආශාවරී කිව්වෙ අඩ අඩ…

” බෑ….ඔයා තමයි මගේ ජීවිතේ සතුට ආශාවරී ….ඔයා නැතුව මට ජීවිතයක් නෑ….ඔය ඇස් වලින් එහාට මගේ ඇස් නතර වෙන්නෑ…..වෙන කෙනෙක් දිහා බලන්නවත් හිතෙන්නැති මට මං කොහොමද වෙන කෙල්ලෙක්ව කසාද බැදගෙන ජීවත් වෙන්නෙ…බෑ ආශාවරී ….ඒක කරන්න බෑ….ඔයා නැති උනොත් මගෙ ජීවිතේ කාලකන්නි වෙයි…ප්ලීස් ..මගෙන් ඈත් වෙන්න එපා..මගෙන් ඈත්වෙලා ඔයා වෙන කෙනෙක්ව බැන්දොත් මං මැරෙනවා….ඔයා මත දිවුරලා මං කියන්නෙ…මං මැරෙනවා ඔයාව නොලැබුනොත් …” සදෙව් කිව්වෙ තමන්ගෙ සුරත ඇගේ හිස මත තියලා…ආශාවරී අඩාගෙනම සදෙව්ව බදාගත්තෙ සදෙව්ත් ආපිට ඇයව බදාගත්තා…

” නෑ සදෙව් …මං ඔයාට මැරෙන්න දෙන්නෑ….මං…මං ඔයාට ආදරෙයි සදෙව් …මං ඔයාව මැරි කරනවා..ඔව්..මං මැරි කරනවා ඔයාව…..” ආශාවරී කියවන්න ගත්තෙ සදෙව්ට දැනුනෙ ලොකු සතුටක්….ඒ සතුට මැදින්ම ඔහුගෙ හිත රිදුම් දුන්නෙ ඇගේ වේදනාව දැනිලා…ගැහැනියකගෙ ලොකුම ආසාව…මවක් වෙලා තමන්ගෙ ආදරයෙ සංඛේතය ..දරුවෙක්ව නලවන්න…ඒත් ඒ ආසාව ඇයට කවදාවත් ලබන්න බැහැ කියලා සදෙව්ට හිතුනම ඔහුගෙ හිතත් ආශාවරීගෙ හිත හා සමානව වේදනා දුන්නා…ඒත් ඒ වේදනාව ඔහු හංගගත්තෙ ආශාවරීව කොහොමහරි සතුටින් තියන්න ඕන නිසා…මේ ප්‍රශ්න සැහැල්ලුවට අරන් හුලගෙ පා කරලා ඔවුන්ගෙ ජීවිත වලින් ඈත් කරන්නයි සදෙව්ට ඕන…ඒ දේ තමා සදෙව් කරන්නෙත්…

හිතේ දුක අඩුවෙනකන්ම ආශාවරී සදෙව්ගෙ තුරුලට වෙලා හොදටම ඇඩුවා…අඩලා අඩලා ඇය දුක නැති කරගත්තා…ආදරේකට කරන්න බැරි දෙයක් නැහැ…ආදරයකට ජීවිතයක් ජීවත් කරවන්න වගේම ජීවිතයක් විනාස කරන්නත් පුලුවන් …ඒ තරමටම ආදරය කියන අකුරු හතර හරිම ප්‍රභලයි…

” අම්මෝ …දැන් හරිද….ප්‍රශ්නෙ විසදුනනෙ….නේද…ම්….” සදෙව් ඇහුවෙ තමන්ගෙ පපුවෙන් ආශාවරීගෙ මුහුණ අහකට කරලා දෑතින්ම ඒ සිනිදු රෝස කම්මුල් තෙරපගන්න ගමන්.ඇය ඇස් වලින් ඔව් කිව්වෙ සදෙව් බලා හිටියෙ ඇගේ දිලිසෙන දුඹුරු ඇස් දිහා….

” මං දැන් ඔයාව බදින්නනෙ ඉන්නෙ…ඒ හින්දා…මට කිස් එකක් දෙනවද මගේ වෙන්න නෝනේ…” සදෙව් කටහඩ වෙනස් කරලා ඇහුවෙ ආශාවරීට හිනා ගියා….

” කැමැත්තෙන්ම දෙන්නං මගේ වෙන්න මහත්තයෝ….” ආශාවරීත් ඇදලා කිව්වෙ ඇය සදෙව්ගෙ දෙතොල් මත තමන්ගෙ දෙතොල් තිබ්බෙ සදෙව් ඈව තව තවත් තුරුල් කරගත්තෙ ලොකු ආදරේකින්….

” සදෙව් …මට බයයි…” ආශාවරී කෙදිරුවෙ සදෙව් ඇගේ දෙතොල් වලින් මිදෙද්දි…

” මොකටද…??”

” ඔයාගෙ මමී….මට අකමැති උනොත්…?? මොකද කරන්නෙ….” ආශාවරී ඇහුවෙ සදෙව් කල්පනාවකට වැටුනා….තත්පර කිහිපයක් නිහඩව හිටි සදෙව් ආයෙ කතා කරන්න ගත්තෙ ලොකු හුස්මක් පිටකරලා.

” අම්මා අකමැති වෙන එකක් නෑ ආශාවරී …අම්මා හැමදාමත් මගෙ සතුට බැලුවෙ..මගෙ සතුට ඔයා නං ඔයාව අනිවාර්යයෙන්ම මැරි කරන්න කැමත්ත දෙයි ආශාවරී …මට ඒක සීයට සීයක් විශ්වාසයි..ඔයා ඒ ගැන බයවෙන්නෙපා .”

” හරි…හදිස්සියෙවත් මමී අකමැති උනොත්??”

” අකමැති උනොත්…අකමැති උනොත් නේද…ම්..අකමැති උනොත් අපි මේ වගේම ඉමු මැරෙනකන්ම….අපි අම්මට හොරෙන් හැමදාම හම්බෙමු….ඒකත් හැබැයි ජොලි වැඩේ…ඔයා මොකෝ කියන්නෙ….කසාද බැදලා වර්චස් කරගන්නවද මෙහෙමම හැමදාම girlfriend ඇන්ඩ් boyfriend වගේ ඉන්නවද…” සදෙව් ඇහැක් ඉගිමරන ගමන් ඇහුවෙ ආශාවරී සදෙව්ගෙ පපුවට නොරිදෙන්න පහරක් ගැහුවෙ ඔහුට රවලා..

” ඔයා රවනකොට මාරම ලස්සනයි….” සදෙව් හිනාවෙවී එහෙම කියද්දි නං ආශාවරීගෙ මූණ ලැජ්ජාවෙන් රතූ උනා….ඒ දිහා බලා හිටිය සදෙව්ට ඉවසුම් නැති උනා ඇයව සිපගන්න .

” රතු වෙද්දි තවත් ලස්සනයි…ඉඹින්නමයි හිතෙන්නෙ…” ඔහු අන්තිම ටික රහසින් වගේ කිව්වෙ ඇගේ දෙතොල් ඔහු ඔහුගෙ දෙතොල් අතරට ආවේගයෙන් හිරකරගත්තා.ආදරයත් ආශාවත් කැටිවෙච්ච විනාඩි කිහිපය තුල සදෙව් වගේම ආශාවරීත් ආදරයෙන් මත්වෙලා හිටියෙ ඔවුන්ට පිට ලෝකය…අම්මා තාත්තා සහෝදරයො ගැන මතක් උනේ නැහැ…සදෙව් ඇගෙන් ඉවත් වෙද්දි ආශාවරී ලැජ්ජාවෙන් බිම බලාගත්තෙ ඇගේ දෙතොල් රත්පැහැ ගැන්වී තිබුනා..

” අපි කවද්ද මැරි කරන්නෙ…ම්…පව් ඔයාගෙ අර ලස්සන හැන්ඩි බිස්නස්මන්…එයාට කියන්න වෙන අතක් බලාගන්න කියලා…” සදෙව් ඇද කර කර එහෙම කියලා ආශාවරීගෙ ගෙල මත මුහුණ හොවාගත්තෙ ඇගේ සුවදට ඔහුට ඔහුවම අමතක වෙලා ගිහින්.

” අම්මෝ ..මෙයාගෙ හිතේ ඉරිසියාව ….ශුහ්…” ආශාවරී එහෙම කියද්දි සදෙව් හිනාවෙවීම ඈව තදින් තෙරපගත්තෙ ආශාවරී ඇගේ දෑත් ඔහුගෙ ගෙල වටා යවලා ඔහුගෙ උනුහුමට තවත් ගුලි උනා…..

සදෙව් ආශාවරී එක්ක පහලට එද්දි ඔවුන් දෙදෙනා දිහාට මහේශ්ගෙ ආකාශිගෙ වගේම නදීකාගෙත් දෑස් යොමු වෙලා තිබුනා…සදෙව්ටයි ආශාවරීටයි දැනුනෙ එසේ මෙසේ ලැජ්ජාවක් නං නෙවේ…

” ප්‍රශ්න ඔක්කොම ඉවර උනාද…ආශී…..දැන් ඔයා මොකද්ද ගත්ත තීරණය …” මහේශ් හිනාවෙලා එහෙම අහද්දි ආශාවරී ලැජ්ජාවෙන් සදෙව් දිහා බැලුවෙ.

” ඩැඩී…මේ…මං…මං ඩැඩී හිතුවා…මේ..සදෙව්ව මැරි කරන්න…” ආශාවරී ගොතගගහා හිමීට කිව්වෙ මහේශ්ගෙ වගේම නදීකාගෙත් හිනාව පුලුල් වෙලා ගියා…ඒත් ආකාශි ආශාවරීයි සදෙව් දිහයි සතුටින් බලාගෙන හිටියා මිස ඒ මුවේ හිනාවක් ඇදුනෙ නැහැ….සමහරවිට ගොඩක් කල් යනකන් ඇගේ මුව හිනාවට ඉඩ නොදීවි….මොකද ඇගේ හිනාවට හේතුව දැන් ඇය ලග නැති නිසා….

” දැන් හරිනෙ එතකොට ඒ වැඩෙත්…දැන් අර කොල්ලට කියන්න වෙනවා වෙන අතක් බලාගන්න කියලා….” මහේශ් එහෙම කියද්දි සදෙව්ට කටකොණකින් හිනාගියේ ඔහු කියපු දේම මහේශ්ගෙ කටිනුත් පිටවෙච්ච නිසා…ඒත් ආශාවරීට ආකේශ් ගැන දැනුනෙ ලොකු දුකක්…ඇය ඔහුට ආදරේ නැති උනාට ඔහු තමන්ට ආදරේ වග ආශාවරී දන්නවා..තමන් ආදරය කරන කෙනාව තමන්ට නොලැබුනහම දැනෙන වේදනාවත් ඇය හොදින්ම දන්නවා….ඒ නිසාම ඇයට ආකේශ් ගැන දුකයි..ඒත් මොනා කරන්නද…මේ හිත අයිති සදෙව්ට විතරමයිනෙ …

” හැමදාම ආදරෙන් ඉන්න ඔය දෙන්නා….කවදාවත් මගෙ නංගිව දාලා යන්න එපා සදෙව් ….එයාට කවදාවත් දුකක් දෙන්න එපා…” ආකාශි සදෙව්ගෙයි ආශාවරීගෙයි දෑත් එකට තියලා අල්ලලා කිව්වෙ ඇස් වල කදුලු පුරෝගෙන …ආශාවරී ආකාශිව බදාගත්තෙ ඇයට තමන්ගෙ අක්කා ගැන දැනුනෙ ලොකු දුකක්….

” අක්කා….”

” ඔයා වාසනාවන්තයි නංගි….ඔයාට ඔයාගෙ පලමු ආදරේම අන්තිම ආදරෙත් උනා වගේම එයාවම ඔයාට ජීවිත කාලෙටම ලැබුනා….ඒ අතින් බලද්දි මං හරිම අවාසනාවන්තයි…මගේ පලමු ආදරෙත් මාව දාලා යන්න ගියා….දෙවැනි ආදරෙත් මාව දාලා යන්න ගියා….හැබැයි තුන්වෙනි එකට මං යන්න දෙන්නෑ…..” ආකාශි එහෙම කියද්දි හැමෝම ඇය දිහා බැලුවෙ කුතුහලයෙන් …

” අක්කා….” ආශාවරී නලල රැලි කරගෙන ඇය දිහා බලා හිටියෙ…ඒත් ආකාශි මුකුත්ම නොකියා එතනින් නික්මිලා තමන්ගෙ කාමරේට එන්න ආවෙ කට්ටියට හිතන්න ප්‍රශ්නයක් ඉතුරු කරලා….බුද්ධිමත් සදෙව් නං ඇය කිව් දේ තේරුම් ගත්තා…ඒත් ඔහු අන් අයට එය පැහැදිලි කරලා දෙන්න හිතුවෙ නැහැ…තවත් හෝරාවක් ම මහේශ්ගෙ බංගලාවෙ රැදිලා සදෙව් ගෙදර යන්න පිටත් උනේ හවස හයට පමණ…..අම්මා එන්න කලින් ගෙට යාගන්න සදෙව්ට ඕන කලේ අම්මා දැක්කොත් ඔහු ගෙදර නැති බව… ඇය හොදටම බය වෙයි කියලා හිතුවා….හනි හනිකට සදෙව් ගෙදර යන්න ගියේ ඒත් ඔහු දන්නෑ ඔහු පසුපසින් වාහනයක් ලුහුබදින බව….ඒ වෙන කවුරුවත් නෙවේ…සදෙව්ගෙ මාරයා වෙච්ච ආකේශ්….ඔහුට දැන් අවශ්‍ය රුහාන්ව වගේම තමන්ගෙ ගමනට හරස් වෙන සදෙව්වත් තමන්ගෙ මාර්ගෙන් අයින් කරලා දාන්න….එය කරන්න නං ඔහුට සදෙව්ව මරන්නම වෙනවා…හනි හනිකට ගෙදර බලා එන සදෙව්ගෙ පිටිපස්සෙන් ඔහු එන්නෙ ඒ නිසයි….ගේට්ටුව ඇරගෙන වත්තට යද්දි ඔහු දැක්කෙ ගෙයි දොර ලග හිටගෙන ඔහු දිහා බලා ඉන්න කුසුම්ව…..වැඩ ඇරිලා ආපු පිටින්ම ඇය ඔහු එනකන් බලා හිටියෙ කේන්තියෙන් මූණ රතූ කරගෙන.

වෙනදට කුසුම් එද්දි සාමාන්‍යයෙන් හය පහුවෙනවා…ඒත් අද තමන්ගෙ වැඩ කොටස ඉක්මන්ටම ඉවර කරලා ඇය තකහනියෙම ගෙදර එන්න ආවෙ හවසට මහේශ්ගෙ බංගලාවට යන්න කියලා….මොකද සදෙව් වගේම කුසුමුත් උදේ වැඩට යද්දි දැක්කා මහේශ්ගෙ ගෙවල් පාරට හැරෙන තැන සුදු කොඩි පේලියක් දාලා තියෙනවා….කොච්චර මහේශ්ට වෛර කලා උනත් ඒ හිතේ තවමත් ඔහු වෙනුවෙන් හැංගිච්ච ආදරයක් තියෙනවා…ඒ ආදරේ නිසාම ඇය ගොඩක් බය උනා මහේශ්ගෙ ගෙදර වත්ද ඒ අවමගුල තියෙන්නෙ කියලා….එහෙමනං කවුද මැරිලා තියෙන්නෙ කියලා දැනගන්න ඇයට ආවෙ ලොකු උනන්දුවක්…..අසල ගෙදරකිනුයි ඇය හරි විස්තරය දැනගත්තෙ….මැරිලා තියෙන්නෙ ආකාශි බදින්න හිටිය රුහාන් කියලා කුසුම් දැනගත්තහමයි ඇගේ හිතේ උපන් අමුතු බය නැතිවෙලා ගියේ….ඒ මොහොතෙම ඇය ඉටා ගත්තා හවසට ඉක්මන්ට වැඩ ටික ඉවර කරලා මහේශ්ගෙ ගෙවල් පැත්තෙ යන්න….කොච්චර හිත් නොහොදකම් තරහවල් තිබුනත් මළ ගෙදරකදි ඒ කිසි දෙයක් වැදගත් වෙන්නෑ…..ඒ නිසාමයි කුසුම් හිතුවෙ සදෙව්ව නිවසෙ තනිකරලා එහි යන්න…මොකද කුසුම් තවමත් දන්නෙ නැහැ සදෙව්ට පෙර මතකයන් ආ වග…ඇය දන්නෙ සදෙව් තවමත් ආශාවරී කවුද යන වග දන්නෑ කියලා…ඒ නිසාම සදෙව් වත් එහි එක්ක ගියොත් හදිස්සියෙවත් එහිදි ඔහු ආශාවරීව දැකලා ඇය ගැන මතකය ආවොත් කියලා කුසුම් බය උනා….ඒ නිසයි කුසුම් හිතුවෙ සදෙව්ව එහි එක්ක නොයන්න….ඒත් තමන් ගෙදර එද්දි සදෙව් ගෙදර නැතිබව දැනගත්තහම කුසුම් ගොඩක් බය උනා….ඒ බයෙන්ම ඇය ගෙයි දොරකඩට වෙලා ටිකක් බලා ගෙන හිටියෙ ඔහු ඉක්මන්ටම එයිද බලන්න…ඇයට නොකියා කොහේවත් යන්නැති සදෙව් කිසිම පනිවිඩයක් නොතියා ගෙදරින් අතුරුදහන් වෙච්ච එකට කුසුම් හිටියෙ බයෙන් ගැහි ගැහි…ඒත් පැය කාලක් යන්නත් කලින්ම වගේ වේගයෙන් ගේ දිහාට දුවලා එන තමන්ගෙ පුතාව දැක්ක කුසුම්ට සදෙව් ගැන ආවෙ ලොකු කේන්තියක් ….ඒ කේන්තියෙන් ම ඇය සදෙව්ට රවාගෙනම හිටියෙ සදෙව් හා පැටියා වගේ හිමීට හිමීට ගෙට ගොඩ උනේ ඔහුට දැන්නං දාඩියත් දාලා…අම්මට කියන්න බොරුවක් හද හද ඔහු නිවසට ඇතුල් උනේ කුසුමුත් ඔහු පසුපසින් ගෙට ආවා…සදෙව්ගෙ පස්සෙන් එන කුසුම්ට සදෙව්ගෙන් දැනුනෙ හරි අමුතු විලවුන් සුවදක්…ඒ දැනෙන අමුතු සුවද පිච්ච මල් සුවදක් කියලා අදුනගන්න කුසුම්ට අමාරු උනේ නෑ ….ඇයට කවදාවත් නැතුව සදෙව් ගැන ලොකු බයක් ඇති උනා….ඒ බය මැදින්ම ඇයට කුතුහලයක් ආවෙ සදෙව් මේ ගියේ ආශාවරී හමුවෙන්න වත්දෝ කියලා…..ඒත් ඇයගෙ මතකය අහිමි සදෙව් කොහොම ඇය හොයාගෙන යන්නද කියලා කුසුම්ගෙ හිත ආයෙ මතක් කරද්දි කුසුම්ගෙ හිත අවුල් උන නූල් බෝලයක් වගේ උනා….

” පුතා….කොහෙද ගියේ……ආ….” කේන්තියෙන් ඇය එහෙම අහද්දි සදෙව් බයෙන් ගැහෙන්න ගත්තා….ඔහුට හොදටම දාඩියත් දාලා තිබුනෙ….ඒත් අමාරුවෙන් උනත් ඔහු අම්මා දිහාට හැරුනෙ කුසුම් ඇස් හීන් කරලා ඔහු දිහා බැලුවා…

” මොකද්ද මේ අමුතු සුවද….ම්….මොකක් හරි perfume එකක සුවදක්ද…ම්….” කුසුම් තදින් ඇහුවෙ සදෙව් කුසුම් දිහා බැලුවෙ කටත් ඇරගෙන…ආශාවරී නිතරම හිටියෙ ඔහුගෙ තුරුලෙ නිසා ඇගේ විලවුන් සුවද සදෙව්ගෙ ඇගෙත් තැවරිලා තිබුනා….ඒ බව මතක් වෙද්දි සදෙව්ගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙන්න ගත්තෙ ඔහුට හිතාගන්න බෑ අම්මාට මොකද්ද කියන්නෙ කියලා….

” මේ …අම්මෙ…මේ….” සදෙව් ගොත ගහන්න ගත්තෙ කුසුම් බලාගෙන හිටියෙ සදෙව්ගෙ ඇස් දිහා…ඒ ඇස් කලබලයි…නොසන්සුන් …ඔහු බොරුවක් කියන්න සැරසෙන්නෙ කියලා කුසුම්ට තේරුනා..

” මගෙ ඇස් දෙක දිහා බලාගෙන කියන දේ කියන්න සදෙව් ….” කුසුම් තදින් කිව්වෙ සදෙව්ට ඉබේම බැලුනෙ ඇගේ මවගෙ දෑස් දිහා ..අම්මාගෙ ඇස් දිහා බලාගෙන පුතෙක්ට බොරුවක් කියන්න බැහැ…ඒ නිසාම ලොකු හුස්මක් පිටකරන ගමන් සදෙව් හැදුවෙ ඇයට ඇත්ත කියන්න…

” අම්මෙ..මං ගියේ ආශාවරීගෙ ගෙදර…” සදෙව් එහෙම කියද්දි කුසුම්ගෙ දෑස් විශ්මයෙන් විසල් වෙලා ගියා…ඇයට පුදුම හිතුනෙ තමන්ගෙ කටින් පිට නොවුන ආශාවරී ගැන සදෙව් කොහොමද දැනගත්තෙ කියලා..

” ස්…ස…සදෙව් …සදෙව් …ඔ…ඔයා..ඔයා කොහොමද දැනගත්තෙ…ඔයා…ඔයා ආශාවරී ගැන දැනගත්තෙ කොහොමද ….” කුසුම් වෙව්ල වෙව්ල ඇහුවෙ .

” මට මතකය ආවා අම්මෙ…මට ආශාවරීගෙ මතකය ආවා…ආශාවරීගෙ විතරක් නෙවේ…නැතිවෙලා ගිය හැම මතකයක්ම මට ආයෙ ලැබුනා…..” සදෙව් කිව්වෙ ආශාවරීගෙ රුව හිතේ ඇදෙද්දි ..කුසුම් පුදුම උනා…එකපාරටම කොහොමද තමන්ගෙ දරුවා ආශාවරී ගැන දැනගත්තෙ කියලා…සදෙව් හැකි තරම් කෙටියෙන් මෙතෙක් වෙච්ච හැමදෙයක්ම අම්මාට කිව්වෙ කුසුම් ඒ දේවල් අහන් හිටියෙ වේදනාවෙන්..ඇය කොච්චර උත්සාහ කලත් ආශාවරීගෙන් සදෙව්ව අයින් කරන්න එය කවදාවත් ඇයට කරගන්න බැහැ කියලා කුසුම්ට දැනුනා..

” ඔයා මට මෙච්චර දේවල් වෙනකන් ඇයි පුතේ කිසි දෙයක් කිව්වෙ නැත්තෙ…ආ…ඇයි කිව්වෙ නැත්තෙ….ඔයාට මතකය ඇවිල්ලා දැන් දවස් කීයක් වෙනවද….ඇයි මට කිව්වෙ නැත්තෙ ඒ ගැන…ආ…” කුසුම් වේදනාවෙන් එහෙම අහද්දි සදෙව්ගෙ ඇස් වලට කදුලු පිරුනෙ කුසුම් වේදනාවෙන් ඉන්නෙ කියලා දැනිලා.

” අම්මෙ…සොරි අම්මෙ…මං අම්මාට ඒ ගැන කිව්වෙ නැත්තෙ මං බය උනා අම්මා හදිස්සියෙවත් ආශාවරීව අමතක කරන්න එයාව අත ඇරලා දාන්න බල කලොත් කියලා…අම්මෙ ආශාවරීට මං ගොඩක් ආදරේ කරනවා…එයා මගෙ දෙවෙනි ආදරේ ….අම්මාව වගේම මට එයාවත් ඕන අම්මෙ…මගෙ ජීවිතේ ලස්සන වෙන්න ඔය දෙන්නම මට ඕන…ප්ලීස් අම්මෙ…මට ඔය දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න කියලා විතරක් කියන්න එපා …මට එහෙම කරන්න බැහැ…එහෙම උනොත් මං මරණය තෝරගන්නවා අම්මෙ…මොකද මට ඔයා නැතුව ජීවත් වෙන්නත් බැහැ…ආශාවරී නැතුව ජීවත් වෙන්නත් බැහැ…” සදෙව් අඩ අඩ එහෙම කිව්වෙ කුසුම්ගෙ දෑසුත් ඒ වදන් වලින් බොදවෙලා ගියා..

අනේහ්…ඔයා එච්චර ආදරෙයි ද දරුවො ආශාවරීට …මගෙ චූටි පුතා…දැන් ලොකුයි…දැන් මෙයාව මට නෙවේ අයිති…එයාගෙ ආශාවරීට …

කුසුම් හිත හිතම බලා හිටියෙ ඔහු දිහා ..සදෙව්ගෙ කතාවට ඇයට හිතුනෙ ඇය මොන දේ කලත් සදෙව්ගෙ හිතින් ආශාවරීව ඈත් කරන්න ,ඒ හිතේ ආශාවරී වෙනුවෙන් තියෙන ආදරේ නැති කරලා දාන්න බැහැ කියලා….. …මොනා උනත් කුසුම්ට ඕනකරන්නෙ සදෙව්ගෙ සතුට…සදෙව්ගෙ සතුට තියෙන්නෙ ආශාවරී ලග නං..සදෙව්ට ඇයව විවාහ කරගන්න අවසර දෙන්න අවසානයේ කුසුම් හිතුවා…

” හරි එහෙනං …මං..” කුසුම් කියන්න ගිය දේ එකපාරටම නතර උනේ ඔවුන්ගෙ ගෙට අනවසරයෙන්ම ආව ආගන්තුකයා දැකලා…ඒ වෙන කවුරුවත් නෙවේ ආකේශ් .ආකේශ්ව දැකලා සදෙව්ට නං ඔහුව මතක් උනා මහේශ්ගෙ ගෙදර ඔහු එක්ක හිටි අනික් තරුණයා මොහු බව…ඒත් ආකේශ්ව දැක්ක හැටියෙ කුසුම්ගෙ දෑස් විසල් වෙලා ගියේ ඇය ගැස්සිලා ගියා ආකේශ්ගෙ රුව දැකලා…ඒ රුව මහේශ්ගෙ තරුණ කාලෙ රුවට බොහෝ සමීප නිසා කුසුම්ගෙ හද කවදාවත් නැතුව අමුතු විදිහකට ගැහෙන්න ගත්තා..

*************************
දැන් ඕන්න ගොඩක් ප්‍රශ්න විසදුනනෙ….තවමත් නොවිසඳුණු ගැටලුව හෙට විසදේවි…..හෙට අවසානයට පෙර කොටස බලාපොරොත්තු වෙන්න….?❤
M.Ashka rashmi❤️

11 thoughts on “ආශාවරී |හැට අටවෙනි කොටස| නවකතාව |කතා අහුර රචක”

  1. කතාව ගොඩාරියක් ලස්සනයි .
    අපිට කතවේ ලස්සන අවසානයක් ඕනා .
    Best of luck .
    ???????

  2. Ruvini Thakshila

    Akki ada nm kthwa gdk lssnai.tnq oyta.ashawari sadeu den ekthu wei.akeshge eththata hemoma denagani.akashith sthutin idi eyge daru petta ekka.awnkwma kthwa nm gdk gdk gdaaaaaaaaak lssnai akkiyo.oyge ktha digtma oni.ane meka iwra unu gmn me wge lssna romantic kthwk aphu oni hlida.mn gdk blporoththuwen innwa oyge aluth kthwa kiywnna.good luck akkiyo????

  3. Kinu ahassaya

    වෙනදා වගේම අදත් කතාව හුගාක් ලස්සනයි අක්කියෝ…….ලස්සන අවසානයක් ඕනි අක්කියෝ……..හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ…❤️??
    Congratulations අක්කියෝ….

  4. kasuni chamalka

    ඔය ප්‍රශ්න ටික විසදුවා වගේම අකේෂ්ගෙ ප්‍රශ්නයත් ඉක්මනට විසදාවී කියලා හිතනවා.. ඒත් අකෙෂ්ට මුකුත් කරන්න එපා.. මොනා උනත් ඒ මහේෂ්ගේයි කුසුම්ගෙයි ආදරෙනේ.. අකාෂි නැති වෙයිද ළමයා හම්බවෙද්දී.. එහෙම වෙනවා නම් හොදයි කියලා හිතෙනවා පෙළක් වෙලාවට.. එතකොට story එක balance වෙයි කියලා හිතෙනවා.. මොන දේ මොන විදිහට උනත් story එකට ලස්සනයි

  5. Sudu menikaH.m.v.kalpani

    hari ehenam neda akkiyo kusum danagani neda akesh maheshgei kusumgei daruwa kiyala ane ehema unoth nam shoi ethakota sadewta akesh gen aradarayak wena ekak ne ane pau akki aksashi eyata ai eyage adare ahimi wenne…..godak dukai akki meka atta kathawak wage mata rupa mawi mawi penawa oya hithata wadinnama kathawa dala akkiyo……me wage thawa kathawak danna akki love you oyata…….??????? good luck

  6. Thakshi Deepali Jayasuriya

    ඔයා අපිත් එක්ක තරහද අක්කි…ඒත් අපි හැමෝම ඔයාගෙ කතාව ඇතුලේ ජීවත් වෙන නිසයි ඒ දේවල් උනේ…බලන්න..ආයෙ කියවන්නෑ කියපු අයත් කතාව කියෝනවා හැමෝටම කලින්…ඔයා අතිසාර්ථකයා අක්කි…ඔයාගෙ පලවෙනි කතාවේ ඉඳලා මං ඔයාගෙ රසිකාවියක්…මං හිතන විදිහට මේ තරම් කල් ලියපු කතාවලින් සාර්ථකම කතාව ආශාවරී….මීටත් වඩා ලස්සනම ලස්සන කතාවක් අපිට ඕනි ඔයාගෙන්…ඔයා මට මගෙම අක්කියෙක් වගේ..මොකද අපි දෙන්නා හිතන විදිහ ටිකක් එක වගේ….ඔයා දෙයක් කරන්න යද්දි මට එ්ක හිතෙනවා…..ඉතිං අක්කියො…..ඵල ඇති රුකටයි ගල් මුල් ප්‍රහාර වැඩියෙන් එන්නේ…ඒ වගේම අපිට ලස්සන මල් වත්තක් පෙන්නලා කැමති මලක් කඩාගන්න කිව්වොත් අපි කඩන්නේ ලස්සනම මල්….එ් කතා දෙක හොඳට හිතලා බලන්න අක්කි…ඔයා සාර්ථකද නැද්ද කියලා ඔයාටම තේරෙයි….

    ඔයාගෙ කැම්පස් එකේ වැඩ කටයුතුත් ඉතා හොඳින් කරගෙන යන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා…කතාවක් ටයිප් කරන එක කොච්චර අමාරුද කියලා මං නම් හොඳටම දන්නවා….ඉතිං..අපි වෙනුවෙන් එ් වගේ කැපකිරීමක් කරලා කතාව දෙන ඔයාට ගොඩක්ම ස්තූතියි…

    කවදාවත් සැලෙන්න එපා..හැඟීම්බර උනාම කියවෙන දේවල් ගනන් ගත්තොත් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා….
    ඊයේ දිග කමෙන්ට් එකක් දාන්න බැරි උනේ මං හොඳටම අසනීපෙන් නිසා….දැන් දැන් මං අසනීප වෙනවා වැඩිද මංදා ???? අපේ ඇඩ්මින් තුමානම් හිතං ඉන්නේ දැන් මගෙ ලොකුකම කියලා…

    හැමදාම ඔයාගෙ කතාව කියවන්නමයි ඇප් එකට එන්නේ….ෆෝන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න එපා කිව්වට සමහර දාට දෙතුන් පාර කතාව කියවනවා….
    ඉතිං අක්කියො….කියන්න තියෙන්නේ ඔයාගෙ කතා වලට අාදරේ කරන අය හැමදාමත් ඔයා එක්ක ඉන්නවා….හරිද…ඔයාට තෙරුවන්සරණයි….
    ????????

  7. Ranmali subasinghe

    Hugaaaak lassanai kathawa… anthimata ashiwa sadewta hamba una… hammoooo den tham sathutu… ?????????????

    Mehema kiwwata tharaha wenna epa petiyoo RUHAN nethi aduwa hugaaaak denenawa… paw akashi.. mata hithenawa baba hamba weddi eya nethi wei kiyala… ????

    Me kathawa iwara una gaman thawa ekak danna.. plzzz plzzz… ???????

    ALL THE BEST!!! DARLING….. ??????

  8. Nirosha Lakmali

    අම්මෝ අද නම් හරි සතුටුයි. කුසුම් සදෙව්ගේ සතුටට ඉඩ දෙනවා. ඒ වගේම සදෙව්ටත් ආශාවරිට දරුවෝ හදන්න බැරි එක ප්‍රශ්නයක් නොවුනු නිසා. මටත් හිතෙනවා දරුවා හම්බ වෙද්දි ආකාශි රුහාන් ලගට යයි. සදෙව්ටයි ආශාවරිටයි ඒ දරුවට අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. ජීවිතේ මෙහෙමයි කියලා ඔයා අපිට හොදට තේරුම් කරා. ⁣ඔයාට ගොඩාක් පින්. තවත් මේ වගේම ලස්සනම ලස්සන ආදරණීය කතාවක් අරන් එන්න. කතාව ඉවර වෙන නිසා දුකයි. ලස්සනම ලස්සන සුන්දර ආදරණීය අවසානයක් දෙන්න. හදවතින්ම සුබ පතනවා….. ??????????????????????????????

  9. අමිමෝ අනේ කතාව දැම්ම ඉවර කරන්නෙපා…එතකොට අපි කියවන්නෙ මොකද්ද අනේ….ආසාවෙන් කියවන කතාවත් ඉවර වෙන්න ලගයි කියලා හිතෙද්දි දුකයී…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.