Katha Ahura

ගමන | 30 කොටස

5/5 - (2 votes)

ගමන 30 කොටස

මේ සිදුවුන දෙයින් තිදෙනා අවබෝදකර ගත්තේ දැනටමත් අර දරුනු අමුනුශ්ශයින් ක්රියාත්මක වී ඇති බවයි. කුසල් කසුනි හා දමිත් උන් තැනම මොහොතක් බලා සිටියේ ඊට පසු කුමන දෙයකට ඔවුන්ට මුහුන දෙන්ඩ වෙයිද සිතමින්.අර බලගතු පිහි දෙක ඔවුන් ලග තිබෙනා තුරා ඒ අමුනුශශයන්ගෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි කියා ඔවුන් තිදෙනා තදින් විශ්වාස කලහ.යක්ශයාට හා යක්ශනියට එසේ බලගතු පිහි දෙකක් තමන් ලග තිබෙන බවට ඉවක් නොවැටේවා කුසල් සිතෙන් පැතුවේය. එවිට යක්ශයා හා යක්ශනිය ඒ බව නොදැන ඔවුන් තිදෙනා ඉදිරියට ඒවි. එවිට කෙසේ හෝ අර පිහි දෙකින් ඇන යක්ශයා හා යක්ශනියව සිහිනැතිකර දැමීමට මදක් හෝ ලේසී වේවි. කුසල් සිතුවේ එසේය.

” දැන් සෑහෙන්ඩ වෙලාවක් ගියා ,, ඒත් අරුන් දෙන්නා අපි ඉස්සරහට ආවේ නෑනේ ”

දමිත් කුසල් දෙස බලමින් පැවසුවේය.

” උන්ට අපි ලග පිහි තියෙනවා කියල ඉව වැටිලවත්ද?? ”

කුසල් පැවසුවේ ඒ වීශල ගස් කොලන් වලින් සහිත මහ වනය දෙස ට දෑස් යවන ගමන් ය.

” එහෙම වුනොත් නම් මේ වැඩේ තවත් දරුනු වෙනව ” #

” අපරාදේ අපිට අයියලව හන්ගල තියෙන ගුහාව තියෙන්නේ කොහෙද කියල දැනගන්ඩත් බැරි වුනනේ, පව් අර වයසක මනුස්සයා අපි හින්ද එයාටත් ජිවිතෙන් වන්ද ගෙවන්ඩ වුනා ”

කසුනිගේ හඩ දුක්බරය.වයසක මිනිසාගේ හිස සුන් මලකද තවමත් ඔවුන් සමීපයේය. හිස තිබුනේ ගොඩක් දුරකින් ය. ඉන් ගෙන ආවේනම් නම් කිසිසේත්ම සංවේදී කෙනෙකුට දකින්නට පුලුවන් දසුනක් නම් නොවේ .

” තව තප්පර දහයක් ඉස්සරවුනානම් අපිට ඒක දැන ගන්ඩ තිබ්බා ,, අපේ අවාසනාව ,, උන් කොහොමහරි අපිට වඩා ඉස්සර වුනා ,, දැනුත් කොහෙහරි ඉදන් අපි දිහා බලා ගෙන ඉන්නව ඇති,, ”

කුසල් පැවසුවා හරිය. මේ වනවිට යක්ශයා හා යක්ශනිය සිටියේ ඔවුන් ආසන්නයේම උස විශාල ගසකට නැගී ඔවුන් තිදෙනා දෙස බලමින් ය. වයසක මිනිසා මරනයට පත් වුනේ නේද ඔවුන් විසින් එල්ල කරනු ලැබූ පොරෝ පහරකින්, ය. නමුත් කුසල් දමිත් හා කසුනිට අනතුරක් කිරීමට ඔවුන් දෙදෙනාට නොහැකි වුනෙ අර බලවත් පිහි දෙක ඔවුන් ලග තිබෙන නිසාය. යක්ශයාට හා යක්ශනියට ඒ ගැන ඉව වැටී තිබූ අතර ඒ පිහි දෙක ඔවුන් තිදෙනාගෙන් අයින් කරන්නට මේ වෙලාවේ යක්ශනිය හා යක්ශයා මොකක් හෝ ක්රමයක් ##සොයමින් සිටියහ. ඒ බලගත් පිහිදෙක ඔවුන් තිදෙනා ලග තිබුනේ නැතිනම් මෙලහකටත් කුසලුත් දමිතුත් කසුනිත් දැනටමත් යක්ශයාට හා යක්ශනියට හසුවී හමාරය.

වයසක මිනිසා කිව් පරිදිම තිදෙනා ආ මග ඔස්සේම ඉදිරියට ඇදුනේ කෙසෙ හි විලාප ඇල්ලට සම්බන්දවූ විලාප ඔය හම්බ වෙනකම් ය. ඔවුන් තිදෙනාට යක්ශයා හා යක්ශනිය දක්නට ලැබුනෙ නැත. නමුත් යක්ශයා හා යක්ශනිය ඔවුන් තිදෙනා යන පිටුපස ගියේ ඔවුන් කරන්නේ මොකක්ද කියා දැන ගැනීමටය. ඔවුන් තිදෙනාගේ පුංචිම පුංචි දුර්වලතාවයක් හොයා ගන්නට යක්ශයා හා යක්ශනි උත්සහ කලහ . කෙසේ හෝ අර බලවත් පිහි දෙක ඔවුන් ගෙන් අයින් කිරීම යක්ශයාගේ හා යක්ශනියගේ එකම අරමුනයි.

තව ටික දුරක් ගිය තිදෙනාගේ සිතට සහනයක් ලබා දෙමින් දොලපාරක් හමුවිය. ඒ විලාප ඔය වෙන්ඩ ඇති බව තිදෙනාම විශවාසකලහ..ඒ දොල පාර ඔස්සේ ගිය ඔවුන්ට පාලු වනාන්තරය තුල සැගවී ඇති විලාප ඔය දක්නට ලැබුනි.යක්සයා හා යක්සනියද ඔවුන් තිදෙනා පසු පස ගිය අතර තිදෙනා කතාවන දේවල් හොරෙන් අසා සිටියහ. ඒ බව කුසල්ටවත් දමිත්ටවත් කසුනිටත් හැගිනේවත් දැනුනේවත් නැත.###

” දැන් මොකඩ කරන්නේ දිය ඇල්ලත් හම්බවුනා ,, ඒත් මේ යක්කු දෙන්න ගැන කිසිම හෝඩුවාවක් ඊට පස්සෙ දැන ගන්ඩ හම්බ වුනේ නෑනේ ”

දිය ඇලි තුනක් ලෙස ගලා හැලෙන විලාප ඇල්ල දෙස බලමින් දමිත් පැවසුවේය.

” සමහර විට උන්ට අපි ලග බලගතු පිහි දෙකක් තියෙනවා කියලා ඉව වැටිලද දන්නෙ නෑ ”

” එහෙම වුනොත් අපිට අවාසියි,, මම කියන්ඩද ….”

කුසල් මදක් නිහඩව සිටියෙය.

” මොකක්ද”

අනිත් දෙදෙනාට එය දැන ගන්ඩ තිබුනේ බලවත් කුතුහලයකි.

” අපි මෙතන ඉදල දෙකට බෙදිලා යමු ,, දමිත් යන්ඩ අර පැත්තට, මමයි නංගියි මේ පැත්තට යන්නම්”

කුසල් අත දික්කරමින් දිශාවක් පෙන්නුවේය.

” මොකක් හරි දෙයක් දැන ගත්තොත් හරි කරදරයක් හරි උනොත් මගෙ නම කියල කතා කරන්ඩ ,, තව පැය කාලකින් අන්න අර පේන වීශාල බෙනයක් තියෙන ගහ ලගදි හම්බවෙමු , මොකක් හරි දෙයක් ගැන දැන ගත්තොත් මොකක් හරි ඒ ගහ ලග ස$$වක් දෙන්ඩ. ”

කුසල් රහසින් මෙන්පවසන දේවල් දමිත් අහගෙන සිටියේය.කුසල් පවසන ආකරයට මින් පසුව දමිත්ට මහ වනයේ තනිවෙන්න සිදුවේ ඒ ගැනනම් ඔහුට තිබුනේ බියකි.නමුත් දමිත් ඊට ####කැමති විය.දමිත් එක පැත්ත්කටත් ,කසුනි හා වෙනත් පැත්තකටත් ගමන් කරනවා යක්ශයා හා යක්ශනිය බලාසිටියහ.ඔවුන් දෙදෙනා යමක් වටහා ගත්තමෙන් ඔවුන්ගේ සුපුරුදු ගල් ගුහාව බලා පිටත් විය.

*************************************

තවමත් ගල් ගුහාව තුලා කවීශ හා අංජලී සිටියෙ යක්ශය එල්ලූ ආකරයටම හිස බිමට වැටෙන සේ එල්ලාය.ජීවීතේ මේ තරම් වේදානාවක් ඔවුන් කිසිම දිනක් විදලා තිබුනේ නැත.

යක්ශයා නුවන් බැද සිටි ගල් කනුව දෙසට ලන්විය.ලන්වුනා පමන්ක් නොවේ ඔහු බැද දමා තිබූ කඹ පොටවල්ද් ලෙහන්ඩ පටන් ගත්තේය. නුවන් සිතුවේ තමාත් අද දින කවීශත් අංජලීත් මෙන් ඔවුන්ගේ අහාර වේලට ගන්නවා සිතාය.

” උබට පන පිටින් අපෙන් බේරිලා මේ අඩවියෙන් පිට වෙන්ඩ උබ කැමතිද ”

යක්ශයාගේ වචන වලට නුවන් පුදුම විය. ඒවා අදහගන්නත් අපහසුය.

” උබ කැමතිද?”

යක්ශයා යලිත් වතාවක් ඇසීය.

” කැමතියි ,, ඒත් ඇයි මං විතරක් , මාත් එක්ක ආපු අනිත් කට්ටියව.”

” උන් මට විශ්වාස නෑ ,, ඒත් උබව මට ටිකක් හරි විශ්වාසයි, මම කියන දෙ උබ කෙරුවොත් උබට මෙහෙන් පන පිටින්ම පිට වෙලා යන්ඩ පුලුවන් ,හැබයි උබ අපිව රවට්ටන්ඩ හැදුවොත් මම උබව #####පන පිටින් ඉන්න කොටම අත් දෙකයි කකුල් දෙකයි කපලා දානවා ,, ”

යක්ශය බිවුසුනු හඩින් කියූ ඒ දේවල් වලට නුවන් හොදටමබිය විය.

” මම කැමතියි,,,,, මම මොනවද කරන්ඩ ඕනා ”

නුවන්ගේ ඒ වදන් වලට පලමුව යක්ශායා වියරු ලෙස හිනා වෙන්ඩ පටන් ගත්තේය. පසුව නුවන්ව කරේ තියා ගත් යක්ශය ඒ ගල් ගුහාවෙන් පිට වුනේ ගමන ආ අනිත් 06 දෙනා පුදුමයෙන් බලා සිටිද්දීය. නුවන් ලවා යක්ශයාට කර ගන්ඩ අවශය දේ මොකක්ද , ඇයි ඒකට නුවන්වම යොදා ගත්තේ , ගල් ගුහාවේ කොටුවූ අනිත් හය දෙනාට ඒ ගැන කිසිම දෙයක් හිතා ගන්නට පුලුවන් වුනේ නැත.

* *******************************
මේ කිසිවක් නොදත් දමිත්,,,,,,,, කුසල් හා කසුනි ගිය දිසාවට ප්රති විරුද්ද දිශාවේ ගමන් කලේය. උල් පිහිය තදින් අල්ලා ගත් ඔහු අඩිය තැබුවේද ඉතා ප්රවේසමෙන් ය. මිය ගියවයසක මිනිස පැවසූ ආකාරයට මේ වනාන්තරයේ හැම තැනම බොරු වලවල , මර උගුල් බොහෝය. දමිත් එසේ බියෙන් බියෙන් ඉදිරියටම ගියේය.ටික වේලාවකින් ඔහු ඇවිදගිය ඉසව්වේ ටිකක් දුරකින් කොලරොඩු පොඩි වෙනවත් අඩි හඩකුත් ඇසින. ඒ පැත්තටම නෙත් යොවන ගමන්ම දමිත් විශාල ගසකට මුවා වුනේය. ඔහු දුටු දෙයින් පුදුම විය

” ##### #මේ මනුස්සයෙද? , නැත්නම් අමුනුශ්ශයෙක්ද? ”

මෙතරම් වෙලාවක් දමිත්ගේ සිතේ තිබුනේ පුංචි බියක් පමනි. මේ දසුන දැකීමෙන් ඒ බිය දෙගුන තෙගුන විය.*************************ඊලග කොටසට gamana

✍Sagara Sampath

6 thoughts on “ගමන | 30 කොටස”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.