Katha Ahura

ආශාවරී |හැට එක්වැනි කොටස|නවකතාව | කතා අහුර රචක

5/5 - (2 votes)

හැට එක්වැනි කොටස

” ඒත් මං හිතන්නෑ ආකේශ් මගේ ආශි ඔයාට කැමති වෙයි කියලා….එයාට සදෙව්ව නොලැබුනොත් සදහටම එයා නොබැඳ ඉදී කාවවත්ම…එයාගෙ හැටි එහෙමයි…සදෙව්ට ආදරේ කර කර එයා ඔයාව නං බදින එකක් නැහැ……” මහේශ් එහෙම කියද්දි ආකේශ්ට කටකොණකින් හිනා ගියා…

” බලමු අන්කල්…අන්කල් permission දෙනවනං මට පුලුවන් ආශි එක්ක මේ ගැන කතා කරන්න…එයාගෙ හිත දිනාගන්න මට පොඩි චාන්ස් එකක් දෙන්න අන්කල්….අනික…අනික අපිට කියන්න බෑනෙ සදෙව්ට අතීතෙ මතක් වෙයි කියලා…හදිස්සියෙවත් එයාට කවදාවත්ම අතීතෙ මතක් උනේ නැති උනොත්…එයාට ආශාවරීව අමතකම වෙලා ගියොත්….එතකොට ආශි සදහටම ඉන්නෙ තනියමද….ඒක කරන්න බෑනෙ අන්කල්….මං එයාට තේරුම් කරලා දෙන්නං…..එයාගෙ හිත රිද්දන්නැතුව මට කතා කරන්න පුලුවන් එයා එක්ක……….ප්ලීස් මට අවසර දෙන්න අන්කල්…” ආකේශ් තැන්පත්ව එහෙම කියද්දි මහේශ්ට හිතාගන්න බැරි උනා ඔහුට දෙන්න ඕන උත්තරය ගැන….නදීකා නං ඔහේ බලා උන්නා මිස ඇයට ඒ ගැන කිසි අදහසක් නැහැ….ඇයගෙ හිත කියන්නෙ නං තමන්ගෙ දූ කවදාවත්ම ආකේශ්ට නං කැමති වෙන එකක් නෑ කියලා…මේ වැඩෙන් ආශාවරී ආයෙම අසනීප උනොත් කියලා නදීකාට පොඩි බයක් හිතට ආවා….ඒත් තමන්ගෙ සැමියා මොන තීරණේ ගත්තත් ඊට එකග වෙන්න නදීකාට සිද්ද වෙනවා..

” ඔයා ඔය කරන්න හදන වැඩෙන් මගේ දූ ආශි ආයෙම අසනීප උනොත්….??” මහේශ් ඇහුවෙ නදිකාගෙ හිතේ තිබ්බ ගැටලුවමයි…

” නෑ අන්කල්…මං පොරොන්දු වෙන්නං එයාගෙ හිත කැඩෙන විදිහට ඒ ගැන අහන්නැතුව ඉන්න….මං මගේ ක්‍රමේට එයාට මං ආදරේ වග කියන්නං අන්කල්…… ..මට චාන්ස් එකක් දෙන්න…එයා කැමති උනොත් මාව මැරි කරන්න…ඒක අන්කල්ටත් හොදයිනෙ….” ආකේශ් හිනාවෙලා එහෙම කිව්වෙ ඔහු නොකියා කිව්වෙ ඔහුගෙ බිස්නස් වලට මහේශ්ටත් ජොයින් වෙන්න පුලුවන් බව…

” හරි…හැබැයි මගේ දූට ආයෙම මොනාහරි උනොත් තමුන් හින්දා….තමුන් මගෙන් මැරුම් කයි…ඒකත් හිතේ තියාගෙනම වැඩේ කරන්න ඉලන්දාරියා ….” මහේශ් උන් තැනින් නැගිටලා යන්න ගියේ එහෙම කියාගෙන…

” ප්ලීස් පුතා…මේ වැඩේ කරන්නෙපා…ඔයා හොදටම දන්නවා ආශි කවදාවත් සදෙව්ව අතාරින්නෑ කියලා…එහෙම දැන දැනත් ඇයි එයාට ලං වෙන්න හදන්නෙ….කාලෙකට පස්සෙ එකතු උන අපේ පවුල ඔයා හදන්නෙ ආයෙම කඩලා දාන්නද….??” නදීකා ඇහුවෙ වේදනාවෙන්….

” නෑ…ආන්ටි…මං ඒවගේ දෙයක් කරන්න නෙවේ හදන්නෙ…මං ආශිට ආදරෙයි ..මට ඕන එයාව මැරි කරන්න….මං කොහොමහරි එයාගෙ හිත ගන්නවා…ඔව් මට ඒක පුලුවන් …ආන්ටි බලා ඉන්නකො …” ආකේශ් එහෙම කියාගෙන නැගිටලා නිවසින් පිට වෙලා ගියේ හිතට ඇතුලු උනු ලොකු බලාපොරොත්තු ගොන්න එක්ක…

අනේ මංදා…ඉක්මන්ටම තවත් ලොකු කුණාටුවක් එයි වගේ…අනේ දෙවියනේ ..මගේ දරුවන්ව කරදර වලින් ආරක්ෂා කරන්න….

නදීකා කල්පනා කරන්න ගත්තා…මේ අතරෙ සදෙව්ගෙ ගෙදර හිටිය ආකාශියි ආශාවරීයි රුහානුයි ඇති තරම් විහිලු කතා කිය කිය කාලෙ ගත කලේ සදෙව්ට හෙට විභාගෙ තියෙනවා නේද කියලවත් ගානක් නෑ ඒ අයට..සදෙව්ටත් එසේමයි…ඔහුගෙ මුලු මනසම සැහැල්ලු වෙලා තිබුනෙ…මාස ගානක් ලොකු බරක් හිතේ හිරකරගෙන ඉදලා අද ඒ බර සම්පූර්ණයෙන්ම නැති උනාම ඔහුට දැනෙන්නෙ ලොකු නිදහසක්….

” ඒයි ..කෝ ඔයාගෙ ශෝල් එක..මං අහන්නමයි හිටියෙ…..කොහෙද දැම්මෙ ඒක….” ආකාශි හිමින් සැරේ ආශාවරීගෙ කනට කරලා රහසින් ඇහුවෙ සදෙව් රුහාන් එක්ක කතා කරන අතරතුරේ. ආශාවරීගෙ කර හොදටම පෙනුන නිසා එහි අඩුවක් දැක්ක හින්දයි ආකාශි ඇහුවෙ….ඒත් ඇය ඇහුව දෙයින් ආශාවරීගෙ මූණ රතු උනා කාමරේ වෙච්ච දේවල් මතක් වෙලා…ඇගේ මුහුණ දිහාම බලා හිටිය ආකාශි ආශාවරීගෙ ඒ වෙනස හදුනගත්තා….

” මොකෝ ..මොකද්ද උනේ…” ආකාශි එහෙම ඇහුවෙ ඇයව හොදට ඇගේ දෑස් වලින් පිරික්සන ගමන්.

” ඒක මං සදෙව්ට තියාගන්න දුන්නා..” ආශාවරී එහෙම කිව්වා…ආකාශි හිනාවෙලා අහක බලාගත්තෙ තවත් ඇගේ නැගණියව අපහසුතාවයට පත් නොකර…තවත් පැය එකහමාරක් විතර සදෙව් එක්ක ගත කරලා කට්ටියම හැදුවෙ ආපිට ගෙදර යන්න…

” සදෙව් ….මං කොහොමද ආයෙ ඔයාව බලන්න එන්නෙ..කවද්ද මං ආයෙ එන්නෙ…” ආශාවරී ඇහුවෙ ඇස් වල කදුලු පුරෝගෙන …සදෙව්ගෙ ඇස් වලටත් ඉබේ කදුලු පිරෙන්න ගත්තා…

” ආයෙ ඔයා මෙහෙ එන්න එපා ආශාවරී …..මං කිව්වනෙ…විභාගෙ ඉවර උනාට පස්සෙ අපි දෙන්නම computer clz එකකට යං….එතකොට අපි දෙන්නට හම්බෙන්න පුලුවන්නෙ….” සදෙව් එහෙම කිව්වා..

” ඒත්…මට ඔයා එක්ක කතා කරන්න ඕන සදෙව් …නිතරම කතා කරන්න ඕන මට ඔයා එක්ක….ඔයා ගාව phone එකක් තියෙනවද…??” ආශාවරී ඇහුවෙ කලබලෙන්…මොකද තමන්ගෙ අක්කායි රුහානුයි පිටත්වෙන්න එලියටත් බැහැලා ඉවරයි…

” නෑ ආශාවරී …මගෙ phone එක නැති වෙලා…ගෙදර ලෑන්ඩ් phone එක විතරයි තියෙන්නෙ……” සදෙව් එහෙම කිව්වා..

” මට ඒ number එක දෙන්න සදෙව් ….ආන්ටි නැති වෙලාවට මං ඔයාට කෝල් කරන්නං…..” ආශාවරී එහෙම කියද්දි සදෙව් කාමරේට ගිහින් ගෙදර දුරකතන අංකය ලියාගෙන ඇවිත් ඒ කොල කැබැල්ල ආශාවරීට දුන්නා….

” බායි සදෙව් ….පරිස්සමින් ඉන්න…හොදට විභාගෙ ලියන්න…” තමන්ගෙ සුරතින් සදෙව්ගෙ කම්මුලක් පිරිමදින ගමන් ආශාවරී කිව්වෙ ඇගේ නෙත් අගින් කදුලු කම්මුල් දිගේ ගලා ගියා..

” හ්ම්…ඔයත් …ඔයත් පරිස්සමින් ඉන්න ආශාවරී ….” සදෙව් එහෙම කියලා කම්මුලේ තිබ්බ ඇගේ සුරත අල්ලලා එයට හාදුවක් දුන්නා…

” සදෙව් ….අනේහ්…” ආශාවරී අඩාගෙනම ආයෙම සදෙව්ව වැලදගත්තෙ සදෙව්ත් තද කරලා ආපිට ඇයව බදාගත්තා ….ඇයට ඔහුව දාලා යන්න හිතක් නැහැ..

” අඩන්නෙපා රත්තරං ….මේක වෙන්වීම නෙවේ..අපි ආයෙ හම්බෙනවනෙ…..අඩන්නෙපා” සදෙව් ඇගේ පිට පිරිමදින ගමන් කිව්වෙ ආශාවරී අමාරුවෙන් ඉකිබිදුම පාලනය කරගත්තා …සදෙව්ට සමු දීලා කට්ටියම ප්‍රාඩෝ එකට නැගලා යන්න ගියේ සදෙව් ඒ දිහා බලා හිටියෙ බොදවෙච්ච ඇස් වලින්…ආයෙම ගෙට ආව සදෙව් ආශාවරී දුන්න ශෝල් එක නහයට ලං කරගෙන සුවඳ වින්දෙ ඔහුටත් ඇය නැතුව පාලුයි .ඒත් මොනා කරන්නද…ඇයව ඔහු ලගට ගන්න මේ නියම කාලෙ නෙවේ….ඒකට තව ගොඩාක් කල් ඉවසන්න වෙනවා…

රුහාන් ආකාශිවයි ආශාවරීවයි එක්කන් ගියේ gallface .gallface ගිය අක්කයි නංගියි ඇති තරම් රැල්ල පාග පාග විනෝද උනේ දෙන්නගෙ හිනා හඩවල් මුලු වැල්ලම දෙවනත් කලා…රුහාන් ටික වෙලාවක් ආකාශි එක්ක රැල්ල පාගලා මෙහාට ආවෙ ඔහු ආකාශියි ආශාවරීයි දෙන්නා දිහා සතුටින් බලා හිටියා…ටික වෙලාවක් ගිය තැන ඔහුට ඇමතුමක් ආවා…ඒ ආකේශ්ගෙන්.

” හෙලෝ…”

” උබ මහ කැත වැඩේ ඕයි කලේ….”

රුහාන් call එකට answer කරද්දිම ආකේශ් කතා කලේ ඒ හඩේ තිබ්බෙ ලොකු කේන්තියක් ..

” මොකද්ද මං කරපු කැත වැඩේ….??”

” උබ ආශි එක්ක leisure world ගියේ…ඇයි මට නිකමටවත් කිව්වෙ නැත්තෙ…ආ…”

” මේ..ආකේශ් ….මං ආශි එක්ක විතරක් නෙවේ ආකාශිත් මා එක්ක ආවා….අනික උබට කියලා එන්න ඕන කියලා නීතියක් නෑනෙ…උබ කවුද උබට කියලා තැන් තැන්වල යන්න……ආ…” කේන්තියෙන්ම රුහාන් එහෙම ඇහුවා..

” ඇයි මං උඹේ යාලුවනෙ….උබට අමතක උනාද…..උබේ නෑනා මං නැත්තං මෙලහකට පිස්සන් කොටුවෙ..මං හින්දයි ආශි සනීප උනේ…උබ ඒ කෙලෙහිගුණේවත් තිබ්බද…ආ….නෑනෙ…” ආකේශ්ට සෑහෙන්න කේන්ති ගිහින් තිබ්බෙ රුහාන් එක්ක…රුහාන් මේ ගමන ඔහුවත් කැදවන් ගියානං ඔහුට ආශාවරී එක්ක ඇතිවෙන්න කාලය ගතකරන්න තිබුනනෙ…ඒ අවස්තාව අහිමි වීම ආකේශ්ගෙ හිතට ගෙනාවෙ ලොකු වේදනාවක් වගේම කේන්තියක් .

” මේ ආකේශ්…උබ මගෙ යාලුවා විත්තිය ඇත්ත..උබ හින්දා ආශි සනීප උනා කියන එකත් ඇත්ත…හැබැයි එහෙමයි කියලා අපි යන යන තැන්වල උබවත් කුදලගෙන යන්නෙ කොහොමද…..මං කැමති උනත් මේ කෙල්ලො දෙන්නා කැමති නොවුනොත් මං කොහොමද උබව එක්කන් යන්නෙ…….ආ..තේරුම් ගනින් බං ගිරිය පුප්පන් කෑගහන්නෙ……බූරුවා…” රුහාන් සද්දෙන් එහෙම කියද්දිම ආකාශිත් ආශාවරීව තනිකරලා ඔහු දෙසට එන්න ආවෙ ඇය ඈත තියාම රුහාන් කේන්තියෙන් ඉන්නවා දැක්කා…

” හරි…උබ නිකමටවත් ආශිගෙන් ඇහැව්වද මාව එක්ක යන්න….නෑනෙ….ඇහැව්වනං ඒකි එපා කියන එකක් නෑ….” ආකේශ් එහෙම කියද්දි රුහාන්ට කටකොණකින් හිනා ගියා..වාසනාවට ඒ හිනාව දකින්න ආකේශ් ලගපාත නෙවේ ඉන්නෙ…..

” වෙන්නැති…ඇයි උබ ඔච්චරටම අපි එක්ක එන්න අහන්නෙ…..?? ආශි හින්දද නැත්තං මගෙ ආකාශි හින්දද..??” රුහාන් සැහැල්ලුවෙන් නමුත් ඔහුට එය දැනගැනීම අත්‍යාවශ්‍යම හින්දා ඇහුවා…ඔහු කිව් දෙයින් ඔහු ලගම හිටි ආකාශි ගැස්සිලා ගියා…

” මේ රුහාන්….උබ රෙද්දක් කතා කරන්නැතුව හිටහන්…..උබේ කෑලි මට එපා…මට ඕන උබේ නෑනා…ආශිව…එච්චරයි …..”

” මොකක්…උබ හදන්නෙ මගෙ මස්සිනා වෙන්නද….ඒක මේ ආත්මෙනං බැරිවෙයි මචං….මේ ආත්මෙ නෙවේ මොන ආත්මෙවත් උබට ආශිව නං ලබාගන්න බැහැ…..” විහිලුවෙන් උනත් රුහාන් එහෙම කිව්වෙ ආශාවරීගෙයි සදෙව්ගෙයි ආදරය මතක් වෙලා…ආකේශ්ට කවදාවත් සදෙව් ආශාවරීට දෙන විදිහෙ ආදරයක් නං දෙන්න බැරි බව රුහාන් දන්නවා….ඒ නිසාම ඔහුට අවශ්‍ය මිරිගුවක් පස්සෙ යන මේ ඔහුගෙ මිතුරව බේරගන්න…….රුහාන් එහෙම කියලා phone එක කට් කලේ ආකාශි ඔහු දිහා කුතුහලයෙන් බලා හිටියෙ….

” ඇයි රුහාන්…” ආකාශි ඔහු සමීපයට විත් ඇහුවෙ රුහාන් ඇගේ කරවටා සුරත යවා සිරුරට ලං කරගත්තා…

” මිරිගුවක් පස්සෙ යන මී හරකෙක්…..”

” මොකක්….??”

” මිරිගුවක් පස්සෙ යන මී හරකෙක් කතා කලේ…” රුහාන් හිනාවෙවී එහෙම කිව්වෙ ආකාශි අන්දමන්ද වෙලා හිටියෙ .

” ආකේශ්…ද…??” ඇස් හීන් කරලා ඇය අඩමානෙට එහෙම අහද්දි රුහාන්ගෙ හිනාව විසිරිලා ගියා.

” ඔව්…ඌ තමා…”

” ඇයි එයා කාන්තාරෙක අතරමන් වෙලාද…මිරිගුවක් පස්සෙ යනවා කිව්වෙ…??” ආකාශි සැහැල්ලුවෙන් එහෙම ඇහුවා..

” නෑහ්…තාම අතරමං වෙලා නැහැ….අතරමං වෙන්න යන්නෙ…මේ බූරුවා කියන දේ අහන්නෑනෙ…..” රුහාන් කිව්වෙ වේදනාවෙන්..මොකද මොනා උනත් ආකේශ් කියන්නෙ ඔහුගෙ ප්‍රාණ සම මිත්‍රයා…

” මොකද්ද ප්‍රශ්නෙ රුහාන්…..මට කියන්න…” ආකාශි ඇහුවෙ ඇය දැක්කා රුහාන්ගෙ දෑස්වල තිබුන වේදනාව…

” ඌ ආශිට ලව් කරනවා….ඒකයි….” රුහාන් එහෙම කියද්දි ආකාශි ගැස්සිලා ගියා…

” මොකක්….මේ ආකේශ් …අපේ ආශිට….ආදරේ කරනවා….මොන විකාරයක්ද…..එයා හොදටම දන්නවා ආශි ගැන….ආශි සදෙව්ට ආදරේ කරනවා කියලා දැන දැන ඇයි ආකේශ් මෙහෙම කරන්නෙ……??” ආකාශි ඇහුවෙ නලලත් රැලි කරගෙන.

” හ්ම්…මාත් ඌට ඕකම කිව්වා…අහන්නෑනෙ….ආශිගෙන් හොද කම්මුල් පාරක් කෑවම යසට තේරෙයි….” රුහාන් එහෙම කිව්වා…ආකාශි මොහොතක් නිහඩ උනේ ඇයට කිසිවක් හිතාගන්න බැහැ….

” රුහාන්…”

” ම්…”

” ආකේශ් මොන වගේ කොල්ලෙක්ද…..??” ආකාශි එහෙම අහද්දි රුහාන් ඇය දිහා හරි ඕනැකමින් බැලුවෙ…

” ඇයි එහෙම ඇහුවෙ….”

” නිකන්….මට දැනගන්න ඕන…එයාව දැක්කම මට මහ අමුතු හැගීමක් දැනෙන්නෙ…..” ආකාශි මහ මුහුද දිහා බලාගෙන එහෙම කියද්දි රුහාන්ගෙ හිත පුදුමාකාර විදිහට ගැස්සිලා ගියේ ඔහුගෙ සුරතින් ආකාශිගෙ උරහිස තදින් මිරිකිලා ගියා….

” අ…අ…අමුතු හැගීමක් කිව්වෙ…අමුතු හැගීමක්…?” රුහාන්ගෙ කටහඩ කැඩි කැඩි ඇහුනෙ ඔහුගෙ හද පුදුමාකාර විදිහට වේදනා දුන්නා….

” අනේ රුහාන්…ඕකනෙ ඉතින්….ඔයා දැනටම බය වෙලානෙ…මං කියන්නෙ එහෙම දෙයක් ගැන නෙවේ….අනේ මංදා…..මට ආකේශ්ව දැක්කම ඒ රූපෙන් මට මගේ ඩැඩීව පේනවා…ඒක හරි විකාර සිතුවිල්ලක් …මට දැනෙන්නෙ එයා මගේම කෙනෙක් කියලා….ඔයාට තේරෙනවද රුහාන් මං කියන දේ….ඒ කතාව..ඒ හිනාව…ඒ බැල්ම….ඒවා අපේ පවුලට පොදු දේවල්…ඒ හැමදෙයක්ම එයා ලගත් තියෙනකොට..මට හිතෙන්නෙම එයත් අපේම කෙනෙක් වෙන්නැති කියලා….” ආකාශි කියෝගෙන කියෝගෙන ගියා…රුහාන්ට ලොකු හුස්මක් පිට උනේ…ඇත්තටම ආකාශි කිව්වෙ ඇයට හැගුන දේවල්….ආකේශ් එක්ක කාලෙ ගතකරනකොට ආකාශි වගේම ආශාවරීත් සතුටින් හිටියෙ ඔවුන්ට දැනුනෙ නැහැ ආකේශ් කියන්නෙ ආගන්තුකයෙක් වග….ඔවුන්ට දැනුනෙ ආකේශ් කියන්නෙත් ඔවුන්ගෙම කෙනෙක් වගේ….ඒත් ඒකට හේතුව තවමත් කාටවත් හිතාගන්න බැහැ ..

” ඒකද මේ …අම්මෝ…මං බය උනා…” රුහාන් එහෙම කියලා ඇගේ හිස සිපගත්තෙ හරිම ආදරෙන්….

” ආකේශ්ගෙ පවුලෙ අය කෝ….අම්මා තාත්තා…ඇත්තටම ආකේශ් කියන්නෙ කවුද රුහාන්…??” ආකාශි එහෙම ඇහුවා…

” හ්ම්….ආකේශ් කියන්නෙ…..ආකේශ් කියන්නෙත් මං වගේම අනාතයෙක් ආකාශි ….” රුහාන් එහෙම කියද්දි ආකාශි ගැස්සිලා ගියා..ඇය දෑස් ලොකු කරගෙන ඔහු දිහා බැලුවෙ…ඒකට හේතුව උනේ මෙතෙක් කල් ඇය වගේම ඇගේ පවුලෙ උදවියත් රුහාන් අනාතයෙක් කියලා දැනගෙන හිටියෙ නැහැ… මේ ඇයට ඔහු ගැන කියන්න තියෙන හොදම අවස්තාව කියලා වැටහුන රුහාන් ඉස්සෙල්ලාම ඔහු ගැන විස්තර ආකාශිට කිව්වෙ ඇය කටත් ඇරන් ඒ හැමදෙයක්ම අහන් හිටියෙ පුදුමයෙන් .

” දෙවියනේ ….රුහාන්…ඔයා කොච්චර ලොකු දුකක් විදින්නැද්ද….ඔයාට දුක හිතුනද ඔයා අනාතයෙක් කියලා දැනගත්තම…..” ආකාශි ඇහුවෙ රුහාන්ගෙ පපුවෙ හිස තියාගෙන..

” හ්ම්…ඔව්..මුලදි මුලදි දුකෙන් තමා හිටියෙ …ඒත් පස්සෙ…මට අවුරුදු 5ක් විතර වෙද්දි වගේ තමා තාත්තා…මාව හදාගත්ත තාත්තා මාව අරන් ගියේ…ලමා නිවාසෙන්..ඊට පස්සෙනං මං දුක් උන්නෑ කවදාවත් ….ඒත්…තාත්තා මැරිච්ච දවසෙ නං මං හුගක් ඇඩුවා…මට හිතුනා මං ආයෙම වතාවක් මේ ලෝකෙ තනි උනා කියලා….ඒ tension එකම තමා ආකාශි මාව වැරදි මාර්ගෙට අරන් ගියේ…ඔයාට පින් මාව බේරගත්තට….” රුහාන් ඇගේ හිස පිරිමදින ගමන් කිව්වෙ ආකාශිට ඔහු ගැන දුක හිතුනා…..

” ආකේශ්ව මට හම්බුනෙ දැනට අවුරුදු 5කට විතර කලින්….ඒත් බිස්නස් වැඩකදි…මට වඩා මෑන් අවුරුදු 2ක් බාලයි..ඒත් පට්ට මොලේ…අපි දෙන්නගෙම අදහස් එක වගේ…ඒ හින්දම වැඩි කල් යන්න කලින්ම අපි හොද යාලුවො උනා….බිස්නස් කරනවා කියලා අපි අතරෙ තරගයක් තිබුන්නෑ…..ඇත්තටම අපි සහෝදරයො වගේ හිටියෙ…රටරටවල් වල ගියෙත් එකට…හැබැයි …එයා මං වගේ ක්ලබ් ගානෙ යන්න පුරුදු වෙලා හිටියෙ නැහැ….මාව පුලුවන් තරම් ඒවලින් ඈත් කරන්න එයා හැදුවෙ…ඒත්…ඌට ඒක කරගන්න බැරි උනා..

ඌ ඉදලා තිබුනා කිව්වෙ බණ්ඩාරවෙල පැත්තෙ ලමා නිවාසෙක….අවුරුදු 16දි එයා එහෙන් අයින් වෙලා…ඔය පොඩි පොඩි රස්සාවල් කරලා සල්ලි ටික ටික එකතු කරලා තමා දැන් ලොකු businessman කෙනෙක් වෙලා ඉන්නෙ….ඇත්තටම ඌ මට වඩා ඉස්සරහට ගිය එකෙක්…මට මගෙ තාත්තා ගෙන් ගොඩක් දේවල් හම්බුනෙ….ඒත්…ඒත් ඌ උගෙ තනි මහන්සියෙන් මේ හැමදෙයක්ම ගොඩනගා ගත්තෙ…..ඌට තියෙන්නෙ ලොකු moral එකක්…දෙයක් කරන්න හිතුවොත් කරනවමයි….දෙපාර තුන්පාර හිත හිත ඉන්නෑ…..ගතිගුණත් හොදයි …හැබැයි …” රුහාන් එහෙම කියලා නතර කලේ මෙච්චර වෙලා ඔහු කියන දේවල් අහන් හිටිය ආකාශි ඔලුව උස්සලා ඔහු දිහා බැලුවෙ කතාව එකපාරටම නතර කලේ ඇයි බලන්න…

” හැබැයි ..??”

” හ්ම්…හැබැයි එයාව ආශිට ගැලපෙන්නෑ ….ආශිට ගැලපෙන එකම කෙනා සදෙව් විතරයි….මගෙ යාලුවා උනත්…ඌට මං මේ වෙලාවෙ උදව් කරන්නෑ ආකාශි …මොකද මං කැමති නෑ මගේ නංගි දුක් විදිනවට….” රුහාන් ආශිට නෑනා නොකියා නංගි යැයි කිව්ව එකට ආකාශිට ආවෙ ලොකු සතුටක්…ඒ සතුටට ඇය ඔහුව බදාගත්තා..

” ඔයා හරි හොදයි රුහාන්….i love you soo much …” ආකාශි එහෙම කියලා ඔහුට තුරුල් උනේ රුහාන් දෑස් පියාගත්තා…

කට්ටියම ගෙදර එද්දි හවස 6 පහුවෙලා තිබුනා…ආශාවරීගෙ අමුතු උද්‍යෝගය..සතුට දැක්ක නදීකාටත් ගොඩාක් සතුටු හිතුනෙ ඇගේ දුවගෙ දැන් තත්වෙ දැකලා.. ඒත් මහේශ්ගෙ ඔත්තුකරුවා කිව්ව දේවල් අහලා මහේශ් නං ඇගේ සතුට.උද්‍යෝගය මොනා හා සම්බන්දවද කියලා තහවුරු කරගත්තෙ ඔහුට ආවෙ ලොකු සතුටක්….ඒ සතුට පිටින්ම ඔහු රෑ ආශාවරීගෙ කාමරේට ගියේ ඇය එක්ක අදවත් වචනයක් හරි කතාකරන්න කියලා….මොකද දැන් මාස එකහමාරක දෙකක ඉදලා ආශාවරී ඔහු එක්ක ආදරෙන් කතා කරලා නැහැ…..මහේශ්ගෙ හදවත ගොඩාක් රිදිලා තිබුනෙ ආශාවරීගෙ ඒ නපුරු කම් වලට…ඒත් ඇයව කේන්ති ගස්සන්න බැරි කමටම මහේශ් ඇය හා කතාවට ආවෙ නැත්තෙ ආශාවරීගෙ හිත සුව පිණිස….

ඒත් අද….අද වෙනස්ම දවසක්…තමන්ගෙ චූටි දූ සදෙව්ගෙ ගෙදර ගිය බව වගේම ඇය එහි රැදුන කාලය එක්ක ගත්තම මහේශ් අනුමාන කලා සදෙව්ට ඔහුගෙ අතීතය මතක් වෙන්න ඇති කියලා…..එහෙම උනොත් තමන්ගෙ දූ ආයෙම සතුටින් ඉදීවි කියලා ඔහු හිතුවා….ඒ සතුට සදහටම ඇයට ලබාදෙන්න සදෙව්ව කොහොමහරි ඇයට විවාහ කරදෙන්න මහේශ් හිතුවා විතරක් නෙවේ….ඒ ගැන…ඒ සුභ ආරංචිය ඇයට කියන්න මහේශ්ට ආවෙ ලොකු උනන්දුවක්….ඒ උනන්දුව පිටින්ම ඔහු ඇගේ කාමරේට ඇතුල් උනා….

කාමරේට ගිය මහේශ් දැක්කෙ ආශාවරී සදලුතලයට වෙලා රෑ අහස දිහා බලා ඉන්නවා…හිමින් සීරුවෙ ඔහු ඇය අසලට පියවර තැබුවෙ ආශාවරී හිතුවෙ ඒ ඇගේ අක්කා ආකාශි කියලා….මොකද බොහෝ වෙලාවට ආකාශි ආශාවරී එක්ක කතා කර කර ඉන්න ඇගේ කාමරේට එන හින්දා ආශාවරී පිටුපස නොබලම හඩ අවදි කලා…

” අක්කා…බලන්න…අද අහස හරිම ලස්සනයි…..” ආශාවරී අහස දිහාම බලාගෙන කිව්වෙ ඇගේ කටහඩේම තිබ්බෙ ලොකු සැහැල්ලුවක් . …

” දූ…..” මහේශ්ගෙ ගොරෝසු කටහඩට ආශාවරී ගැස්සිලා ගිහින් පිටිපස්ස බැලුවෙ ඇගේ දෙනෙත් කෝපයෙන් දිදුලන්න ගත්තා ..

” ඔයා…ඔයා මොනාද මෙතන කරන්නෙ…ප්ලීස් ..මාව කේන්ති ගස්සන්නැතුව මෙතනින් යනවා යන්න……..ගෝ….” ආශාවරී කේන්තියෙන් කිව්වෙ මහේශ් හරි අසරණව ඇය දිහා බලා හිටියා…

” මට සමාවදෙන්න දුවේ….මේ පව්කාර තාත්තට සමාව දෙන්න…..හහ්..හහ්…මට සමාව දෙන්න….හහ්…” අත්දෙක එකතු කරලා ඔහු කියන්න ගත්තෙ අඩ අඩ….ඔහුගෙ කදුලු ලග ආශාවරී නොසන්සුන් වෙන්න ගත්තෙ තමන්ගෙ පෞරුෂවත් තාත්තා තමන් ඉදිරියේ මෙහෙම හඩා වැලපෙන හැටි දැකලා ඇගේ දෑසුත් කදුලින් පිරිලා ගියා…..ඇයටත් එකපාරටම ඇඩෙන්න ගනිද්දි ඇය ඇස් වලින් වැටෙන කදුලු පිහිද පිහිද අහක බලාගත්තෙ හදවත අතිශයින්ම රිදුම් දෙද්දි .මොනා උනත් ඇය මහේශ්ට තවමත් ගොඩක් ආදරෙයි …මොන දේ කිව්වා කරා උනත් ඇයට බැහැ මහේශ්ගෙ හිත මෙහෙම රිද්දන්න…..

” දූ…..අනේ මට ඔයා වෛර කරන්නෙපා..මං දන්නවා..මං කලේ ලොකු වැරැද්දක් …මං ඒ වැරැද්දට ගොඩාක් පස්සෙ පසුතැවිලි උනා…මට දැන් ඕන මගෙන් වෙච්ච ඒ වැරැද්ද හදාගන්න….මට මගෙ වැරැද්ද හදාගන්න ඉඩ දෙන්න දරුවො…මේ තාත්තට තවත් මෙහෙම දුක් දෙන්න එපා….” මහේශ් අඩ අඩ කිව්වෙ ආශාවරීටත් හයියෙන් ඇඩුනා….ඇය අඩාගෙනම මහේශ්ට තුරුල් උනේ මහේශ්ට හරිම සතුටුයි …

” ඩැඩී……” ආශාවරී ඉකි ගගහා අඩන්න ගත්තා…මහේශ් මොකුත්ම නොකියා ඇයට ඇති තරම් අඩන්න දුන්නෙ ඔහුත් ඇය හා එක්ව හොදටම ඇඩුවා…දෙන්නගෙම හිතේ දුක නැතිවෙනකන්ම කදුලු වැගිරුවා…

” සදෙව්ට මතකය ආවද දූ…..ආ….” මහේශ් එකපාරටම එහෙම අහද්දි ඇය බයෙන් වගේම කුතුහලයෙන් ඔහු දිහා බැලුවෙ …

” ඩ්…ඩ්…ඩැඩී….??” ආශාවරී ගොත ගගහා එහෙම කිව්වෙ මහේශ්ට හිනාගියා…

” ඩැඩී තමා…මං දන්නවා ඔයාලා අද කොහෙ කොහෙද ගියේ මොනාද කලේ කියලා….” මහේශ් එහෙම කියද්දි ආශාවරී ඇගේ පියාගෙන් තරමක් එහාට ගිහින් සදලුතලයෙ බැම්මට හේත්තු උනේ එපිට බලාගෙන…

” ක්…කොහොමද ඩැඩී…ඩැඩී කොහොමද …”

” මං දන්නවා….මං දැනගත්ත විදිහ නං ඔයාට ඕන්නෑ දූ……ඒත් මං කියන්නං ඕන්නං මොනාද අද දවසෙ උනේ කියලා….” මහේශ් එහෙම කියද්දි ආශාවරීට දාඩියත් දාන්න ගත්තා….

” ඔයා අද ගියේ උදෙන්ම සදෙව්ගෙ ගෙදරනෙ…ඔයාලා ගොඩාක් වෙලා එහෙ හිටියා…මට තේරෙන විදිහට අද සදෙව්ට මතකය එන්නැති මයෙ හිතේ…..නේද….ම්…” මහේශ් තරවටු හඩකින් එහෙම කියද්දි ආශාවරීට කෙලත් ගිලුනා…ඇය ටිකක් බය උනා ..ඇය බයෙන් බයෙන් මහේශ් දිහා බැලුවෙ…

” ඩ්…ඩැඩී…..”

” මොනාද ඉලන්දාරියා කියන්නෙ….ආ…අච්චර වෙලා මොනාද කලේ….කට්ටියම කයියක් දාන් ඉන්නැති නේද…මට කොලේ වහලා ලොකු හපන් කමක් කලා කියලා හිතේ…” මහේශ් ගැඹුරු හඩින් එහෙම කියද්දි ආශාවරී නං හිටියෙ වෙව්ල වෙව්ල…ඇයට බය ඇගේ තාත්තා සදෙව්ට ආයෙම කරදර කරයි කියලා…

” ඩැඩී…..අනේ…” ආශාවරීගෙ දෑස් වලින් එක පෙලට කදුලු කඩා හැලෙන්න ගත්තා….

” මට දුක ඔයාලා මට නොකියා ගිය එක දරුවො…මට කියලා ගියා නං…අපිත් එනවනෙ….මොකද්ද දැන් ඒ ලමයා කියන්නෙ….දැන් එයාට හොදටම හොදයිද….” මහේශ් සැහැල්ලුවෙන් එහෙම කියද්දි ආශාවරී පුදුමයෙන් ඇස් ලොකු කරගෙන ඔහු දිහා බලා හිටියෙ අදහගන්න බැරුව…

” ඩැඩී…??”

” මොකෝ දූ බය වෙලා…බයවෙන්නෙපා ….මං සදෙව්ට මුකුත්ම කරන්නෙ නැහැ….එදා මගේ අතින් වෙච්ච වැරැද්ද ආයෙ වෙන්නෑ දූ…ඔයාගෙ සතුටයි මට වැදගත් වෙන්නෙ…..ඔයා කියන්නෙ මොකද්ද …ඔයාට මං ඒ දේ කොහොමහරි අරන් දෙනවා…ඔයා වෙනුවෙන් මං සදෙව්ගෙ අම්මා එක්ක කතා කරන්නං දූ…..ඔයාලා දෙන්නගෙ ඉගෙනීම ඉවර උන ගමන් මං ඔය දෙන්නව කසාඳ බන්දලා දෙනවා…..මට කරන්න පුලුවන් ලොකුම දේ ඒක…” මහේශ් එහෙම කියද්දි ආශාවරී ඒ හැමදෙයක්ම අහන් හිටියෙ හීනෙන් වගේ….මේ තමන්ගෙම තාත්තාද කතා කරන්නෙ කියලා ආශාවරීට කුතුහලයක් ආවෙ…

” ඩැඩී….ඔයා….ඔයා මේ ඇත්තමද කියන්නෙ…..මට..මට මේක අදහගන්න බෑ…..” ආශාවරී කිව්වෙ ගැහෙන හදින්….

” හ්ම්…ඔව් දූ..මං ඇත්තමයි කියන්නෙ….ඔයාව සදෙව්ගෙන් මං කවදාවත් ඈත් කරන්නෑ…..ඔයාගෙ ආදරේ ඔයාගෙන් උදුරගන්නෑ මං දූ…..ඒක ඔයාටම සදහටම මං තියාගන්න දෙනවා..මට වටින්නෙ මගේ චූටි දූගෙ සතුට….ඊට වඩා මට වෙන මොකවත් වැදගත් නෑ දූ….” මහේශ් එහෙම කියලා ඇගේ හිස අතගෑවා…ආශාවරී හරිම සතුටින් තමන්ගෙ තාත්තාට තුරුල් උනේ ඇයට දැන් දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක් ….මහේශ්ටත් ඕන තමන්ගෙ චුටි දූගෙ සතුට….ඒ සතුට තියෙන්නෙ සදෙව් ලග නං සදෙව්ව ඇයට කොහොමහරි ලබා දෙන්න මහේශ් හිතුවා….මේ වෙලාවෙ ඔහුට ආශාවරීගෙ අසනීපය වගේම ආකේශ්ගෙ ඉල්ලීමත් අමතක උනේ ඒ දේවල් වලට වඩා ඔහුට ආශාවරී එක්ක ආයෙම යාලු වෙන්න…ඇගේ හිතේ ඔහු ගැන තියෙන කේන්තිය ..වෛරය අයින් කරන්නයි ඕන උනේ….කොහොමහරි අවසානයේ මහේශ් හිතුව විදිහටම තමන්ගෙ හිතුවක්කාර චූටි දූ ආයෙම ඔහු එක්ක යාලු උනා…හැබැයි ඒ හැමදේකටම හේතුව සදෙව්ම විතරයි…

**********************************************

හෙට බලමු මොනාද වෙන්නෙ කියලා….

M.Ashka Rashmi❤️

7 thoughts on “ආශාවරී |හැට එක්වැනි කොටස|නවකතාව | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    Lasssssanai rashmiyooo…❤️❤️❤️ ane ikmanatama akesh kawda kiyala eyalata dena ganna denna… harima lassanai ada. ???? Good luck petiyoo..

  2. අනේ.. හරිම ලස්සනයි ආක්ශා කතාව. සොරි නම කියල ම කතා කලාට. අක්කෙක්ද, නංගියෙක්ද කියලා දන්නෙ නෑ නේ.. ඒකයි නම කිව්වෙ. ??? දැන් තමයි කතාවෙ කොටස් ටික කියවල ඉවර උනේ.. ගොඩාක් ආසාවෙන් මම මේ ඇප් එකේ කතා කියවන්නෙ.. විශේෂයෙන් ම ඔයාගෙ කතා. ??? මේ දවස් දෙකම කතාව කියෙව්වා මුල ඉදලම. පිස්සෙක් පිස්සෙක් වගෙ. ? ? . වෙලාවකට හිනා වෙවී.. ? වෙලාවකට අඩ අඩ ? ගොඩාක් ආසාවෙන් කියෙව්වා. ඒ විදියට හිතට ගොඩාක් දැනෙන්න ලියන්න හැම කෙනෙක්ටම බෑ.. ඒත් ඔයා ඒකට Best.. ??? කතාව කියවලා ඉවර වෙලා දැන් ඇප් එකට රෙජිස්ටර් උනේ ඔයාට කමෙන්ට් කරන්නමයී. ඇතතටම ඔයාගේ හැකියාව ගැන කියන්න වචන නෑ අනේ.. හොද නවකතා ලියන අය වගේම ගොඩක් හොදට ඔයත් ලියනව. ඔයාගෙ මේ හැකියාව තව තවත් වැඩි වෙන්න කියලා මං පතනව. ඒ වගේම තව තවත් මේ වගේ ලස්සන කතා අපි වෙනුවෙන් දාන්න. සොරි ලොකු කමෙන්ට් එකක් දැම්මට. දවස් ගානක් කියවනකොට ඔයාගෙ හැකියාව ගැන හිතුන දේ නිසයි ගොඩක් දේ කිව්වේ… Best of luck aksha.. oyage hama wadskma godaak sarthakawa kraganna puluwan wenna oni.. ?????

  3. Ruvini Thakshila

    Ayeth ikmntama prshnyk ethi wei neda?mkda ashavarige thathwe thma ashawari wth sadeu wth dnnene.ithin eka dengththma ayeth ashawari thaththa ekka thrha weida??mkda eyta a de kiuwe ne kiyla.ashawari sadeuwa atha arinna hodaida?akesh hinda ashavarige thathwe kttiyma denagnida. Smhra vita ashavari eyge thathwe gena akesh genma dengni. Ane ethkota monwa weida????ane mtanm mkth hithgnna be.?
    Mnwa unth akkiyo oyge kthwa nm marama lssnai.me wge romantic vidiyta ktha liynna hemotma be.ekatath loku talent ekk thiyenna oni.a talent eka oytanm hdtma pihitla thiynwa.all the best akkiyo???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.