Katha Ahura

ගමන ☔ | 21 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

ගමන ☔ 21 කොටස

මීට මොහොතකට පෙර තමන් සමග කතා කරමින් සිටි අර අසරන තරුනයාත් ඔහු සමග පැමිනි යුවතියත් යක්ශයා හා යක්ශනියගේ ආහාරය වී අවසන් ය. මෙවන් දෙයක් තම ඇස් දෙකෙන් දකින්නට ත් ඒ ඉරනමටම තමාත් මුහුන දෙන්නට තමා කොතරම්නම් පෙර බවවල පව් කර ඇත්ද සිතිවිල්ලක් කවීශට පහල විය.

දවසේ එකම ආහාර වේල ගත් යක්ශ යා ඉන්පසු කවීශ අසලට පැමිනියේය . ඉන් පසු කවීශව පුදුමටත් බියටත් පත් කරමින් ඔහුව ගල් කනුවේ සිර කර බදින ලද කඹ පොටවල් ලෙහන්ඩ පටන් ගත්තේය.

” මුන් දෙන්න අද මාවත් කන්ඩද යන්නේ ”

නැත යක්ශනිය තමා සමග ආ අන්ජලීගේද කඹ වලින් සිරකර බදින ලද බැමි ලෙහන්ඩ පටන් ගෙන තිබේ. සිහිසුන්ව වැටී සිටි ඇය මේ වන කිසිම දෙයක් ගැන වැටහීමක් නැත.

” අපිට යන්ඩ දෙන්න ”

කියා මේ අමුනුශ්ශයින්ගෙන් ඉල්ලා සිටියට ඉන් කොසිම පලක් වෙන්නෙ නැති බව කවීශ හොදටම දැන ගෙන සිටියහ. යක්ශයාගෙන් ගැලවෙන්නට කවීශ කෙතරන් උතසහ ගත්තද යක්ශයා සතු අසීමිත ශක්තිය හමුවේ උහුගෙන් බේරෙන්ඩ තීයා හිත්න්ඩවත් කවීශට හැකියාව ලැබුනේ නැත.තමාගේත් අවසාන මොහොත ලන්ව ඇති #බව කවීශට දැනෙමින් තිබින.

නැත මේ අමුනුශයින් දෙදෙනා කවීශත් අන්ජලීත් මෙදින ආහාරයට ගත්තේ නැත. ඔවුන් කලේ මරා දමන ලද හිරන්ත බැද තිබූ ගල් කන්වේ කාවීශත් ,,මරා දමන ලද යුවතිය බැද සිටි ගල් කන්වේ අන්ජලීවත් යලිත් වතාවක් කඹවලින් සිර කර බැදිම පමනයි. අමුනුශශයින් දෙදෙනාට මේ ගල කනු දෙක විශේශ ගල් කනු දෙකක් බව බැලූ බැල්මට පෙනුනී.ඒ ගල් කනු දෙක තිබුනේ ගල් ගුහාවේ අනිත් ගල් කනු තිබු පැත්තේ නොවේ .

” හෙට කෑම”

යක්ශයා කවීශව ගල් කනුවේ බදින ගමන් වියරු සිනාවක් නගමින් පැවසීය.එම වදන් ඇසීමත් සමගම කවීශ සැනසුම් සුසුමක් පිට කලහ . ඔහුටත් අන්ජලීටත් තව එකම එක දවසක් ජීවත් වීමට වරම් ලැබී ඇත.

ඒ සමගම පිටුපසින් යම් කෙනෙකුගේ අඩි ශබ්දයක්ද ,,උගුර පාදන හඩක්ද ඔවුන් සිටි ගල් ගුහාවේ පිටුපස දෙසින් ඇසින. ඒ හඩ කාගේද දැන ගන්නට කවීශට පමනක් නොව ගුහාවේ සිරව සිටින ගමන ආ අනිත් තරුනයන්ටත් තිබුනේ බල වත් කුතුහලයකි.

” තවත් යක්ශයෙක්ද ”

ඔවුන් බියෙන් සිතන්නට විය.

” ආ උඹ ආවද? ”

යක්ශයා කතා කලේය. කවුරු ආවත් ඔහුව යක්ශයා හා යක්ශනිය හොදට දන්න ##කෙනෙකු විය යුතුය.

” එහෙමයි ,,මගෙන් ඔබ තුමන්ලට අද මොනවා හරි උදව්වක් ඔනද ”

අර පුද්ගලයා යටහත් පහත් ලෙස කතා කරමින් යක්ශයා හා යක්ශනිය දෙසට ලන් වෙමින් විමසන්නට විය. එවිටයි ඔහු මොන වගේ පුද්ගලයෙකුද යන බව තරුනයන් තුන් දෙනාට හදුනා ගන්ඩ ලැබුනේ .

වයස අවුරුදු පනහකට වැඩියි සිතිය හැකී මේ පුද්ගලයා ගේ ඇග සම්පූර්නයෙන්ම මෙන් සුදුපාටය. ඊට හේතුව වී ඇත්තේ ඔහුට සුදු කබර නම් රොගය වැලදීම නිසාය.
ඔහුගේ මුලු ඇගම සම්පූරන් යෙන්ම තෙත්ව තිබුනෙ වතුරවලකට වටුනා ක් මෙන් ය. ඔහු ඇදගෙන සිටි ඇදුම් වල වතුර තවමත් පහලට වැක්කෙරෙන අයුරු දැල්වෙන ගිනි ගොඩේ ආලෝකයෙන් පෙනෙයි.ඒ අනුව ඔහු වතුරකට හසුව ඇත්තේ මිට සුලු මොහොතකට බව අනුමාන කරන්නට තරුනයන්ට හැකියාව ලැබින.ඒත් ඔහු වතුරට හසුවුනෙ කොහෙන්ද ,,ඔහු ගල් ගුහාවට පැමිනියේ කොතනින්ද කියා සිතා ගන්නට තරුනයන්ට අමාරු විය. විශාල කලුගල අයින්කර යක්ශයා හා යක්ශනිය ගුහාවට ඇතුලු වුන ආකාරයට නොව මේ පුද්ගලයා ගුහාව ඇතුලට ඇවිත් ඇත්තේ, වෙන්තම තැනකින්ය. මේ පුද්ගලයාට වැලදී ඇති රෝගය නිසා මොහුනම් මනුශ්ශයකුම ###විය යුතුය.

” උබ දර එකතු කෙරුවද ? ”

ඔහුගෙ හඩින් යක්ශයා විමසුවේය.

” එහෙමයි”

” අර වාහනෙත් අයේ කොහොමහරි කාටහරි මොන ක්රරමයකින් හරි ඉක්මනට විකුනන්ඩ ඕනා ,,අද හෙටම ”

යක්ශයා පවසන්නේ සුරංග මිලදී ගත් වෑන් එක ගැන විය යුතුය.

” එහෙමයි මම කොහොම හරි විකුනන්නම් ,,,ඔබ තුමා දන්නවනෙ මගෙ වැඩ ගැන,,”

මිනිසා පැවසුවේ සුරංගගේ මුහුන දෙස බලන ගමන් ය.” ඔහු මීට කලින් මේ වාහනය විකුනුවේ සුරංගට බව ඔහු හොදා කාරවම දනී,,තමා යටතේ සේවය කරන තරුනයකු යොදවා ඔහු ඒ වාහන ය සුරංගට විකුනනු ලැබීය.

” තව එකක් , අපෙ අඩවියට අපි ගෙන්න ගන්න උන්ව කොටුකර ගන්ඩ තව උගුල් ටිකකුත් අටව ගන්ඩ ඕනා ,,,”

යක්ශයා පවසන සියලු දේවල් කරන්නට මේ මිනිසා පොරොන්දු විය.

” හරි මෙන්න උබට අද අපෙන් තෑගි,, උබ අපිට හැමදාම උදව් කරපන් ,,උබට අපෙන් කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ”

යක්ශයා ඉන් පසු අර මිනිසාට දිගුකලේ මීට මොහොතකට මරා දමන ලද තරුනයාගේ තරුනියගෙ තිබු මුදල් පසුම්බි හා ඔවුන් පැලද ගෙන සිටි වටින ආඹරන phone ආදියයි.මිනිසා මේව ඉතා ගිජු ලෙස යක්ශයාගේ ####අතින් ගනු ලැබිය. ඉන්පසු මුදල් පසුම්බි හැර ඒවාගේ තිබ් මුදල් නෝට්ටු ගනන් කරන්ඩ වූයේ ඉතා ආශාවෙන් ය.

” හරි අපි දැන් මෙතනින්යනවා,උබත් දැන් පලයන්,, ”

යක්ශයා හා යක්ශනිය අර විශාල කලු ගල උමග අවහිර කර එතනින් නොපෙනී ගියහ.
ගුහාව තුල දැන් මේ අමුනුශ්ශයින් දෙදෙනාට කොටුව සිටින හත් දෙනා සමග අර මිනිසා තනි විය.

” අනේ අපිට උදව් කරන්ඩ මෙතනින් පිට වෙලා යන්ඩ ,,අපි ඔයාට කියන ඕන ගානක් දෙන්නම් ”

සුරේශ් අසරන හඩින් අර මිනිසාට පැවසීය.

” උබලට උදව් කරන්ඩ මං”

මිනිසා සමච්චලේට සිනා සෙන්ඩ පටන් ගත්තේය.

” අනේ ඔව් ,අපිට උදව් කරන්ඩ ,,මෙතනින් පිට වෙලා යන්ඩ,,ඕන උදව්වක් අපි කරන්නම්”

කවීශ පින්සෙන්ඩු වෙන්නට විය. ජීවීතේ කිසිම දිනක ඔහු මෙසේ කාටවත් පින්සෙන්ඩු වී නැත. ඒත් ඔහු අද ඉතා අසරනය.

” උබල කට්ටිය හිතුවද මට පිස්සු කියලා ,,උබල මෙතන්ට ගේන්ඩ මමත් හොද කට්ටක් කෑව ,,ඉතින් උබල හිතනවද මම උබලට මෙතනින් පිට වෙන්ඩ උදව් කරයි කියලා”

ඔහු සමච්චලේට සිනහ විය. කොතෙක් ඉල්ලා සිටියද ඔහුගෙන් වචනයක් උදව්වක්වත් තරුනයන්ට ලැබුනෙ #####නැත.

” උබනම් අමුම අමු තිරිසනෙක්,තෝ මිනිස් සන්හතියටම නින්දාවක් ,,නැත්තම් මෙහෙම මේ යක්කුන්ට උදව් කරයිද”

සුරංගට තමා ඉන්න තැනත් අමතකව කේන්තියෙන් කෑ ගැසුවේය. මිනිසා ගේ මූන ඉලක්ක කර කොට ඔහු කෙල පාරක් ගැහුවේ වෙන කරන්නට කිසිම දෙයක් සුරංගට නොතිබුන නිසාය. මේ අයුරට සුරංගව කඹ වලින් බැද තිබුනෙ නැත්නම් අර මිනිසාව මරා දමන්න තරම් ආවේගයක් මෙවෙලේ ඔහුට දැනෙමින් තිබින.
මිනිසාගේ මුහුන කෝපයට පත විය.

” මම මොකෙක් උනත් තොපිට මොකද?? තොපිට මුන් යක්කු වුනාට මට ඔය තොපි යක්කු කියන අය මට හතර මහ නිදානයක් ”

ඔහු කෑගසුවේ කෝපයෙන් සුරංගගේ මුහුනට වැරෙන් පහර පීට පහර වල් එල්ල කරමින් ය. සුරංගගේ තොල්පොට පුපුරා ලේ ගලන්නට විය. තමමිතුරාට කරන දේ බලා සිටිම හැර ඔහුට වන හිරිහැරයෙන් මුදවා ගන්න්ට නොහැකිව අනිත් යාලුවෝ තුන් දෙනා බලා සිටියේ අසරන වූ දෑස් වලිනි.

” මේවා හම්බ වෙනවනම් මොන දේ කරන්ඩත් මේ සයිමන් ලෑස්තියි”

මරා දමන ලද අර අසරනයින් දෙදෙනාගේ මුදල් පසුම්බිවලින් ගත් මුදල් නෝට්ටු පෙන්වමින් ඔහු පැවසුවෙ යලිත් ######වරක් ඔහුගේ අප්රිය ජනක සිනහ හඩ නගමින් ය.

” එහෙනම් බායි ,,මම දැන් යන්ඩ ඔනා ,,හෙට ආයෙත් එන්නම්කො,, උබල හත් දෙනා බලල යන්ඩ,,,,,,, ඕ සොරි සොරි මට වැරදුනා හත් දෙනා නෙමේ පස් දෙනා ,,හෙට උබල දෙන්න මේ වෙලා වට නෑනේ ”

සයිමන් පැවසුවෙ කවීශ හා අන්ජලී දෙස මාරුවෙන් මාරුවට බලන ගමන් ය.

******* කෙට්ටු සුදු කබර රෝගය හැදී තිබුන ඒ මිනිසා දැල්වෙමින් තිබුන ගිනි ගොඩදනිවා නිවා දමමින් අදුර මැදින් ම ඔවුන් අසලින් ඉවත් වී ගියේය.ඔහු මේ ගුහාවට ඇත්ල්වුනේ කොටනින්ද කිය අදුර නිසා තරුනයන්ට දැනගන්නට හැකියාව ලැබුනේ නැත.

*********************
මුලු ගල් ගුහාවම දැන් අදුරෙය. තමාට හෙට අත් වෙන්ඩ යන ඉරනම ගැන සිහිවී කවීශගේ ඇස් වලට කදුලු උනන්නට විය. ඔහුට මැරෙන්නට බයක් දැනුනේ නැත. ඒත් ඔහුට තම අම්මා තාත්තා නංගී මල්ලී සිහිවීම ඔහුට දරා ගන්නපුලුවන් වුනේ නැත. යලි කිසිම දිනක ඔවුන්ව මේ ආත්මේදී දකින්නට නොලැබේවී,,ඔවුන්ගේ අහිංසක මූනවල් ,,ඔවුන් මේ වෙලාවේ මොනව කරනවා ඇත්ද? කවීශට සිතෙන්නට විය. දැන් සවස පහ හමාරට විතර ඇත්නම් තම මල්ලී කුසල් අනිවාර්යෙන්ම ගෙදර #######බුදු පහන දල්වා පන්සිල් ගන්නවා ඇති. ඔහු හැමදාම පන්සිල් ගෙන අවසානයේ ඔහු කල පින් දෙවියන්ට අනුමෝදන් කර ඔහුටත් ඔහුගෙ පවුල්රෙ අයටත් කරදරයක් වෙන්ඩ එපා කියා පත්න්වා නේද ,,,අනේ ඒ දෙවියන්ටවත් අපේ දුක පෙනෙනවනම් ” කවීසට එය සිහිව දිග සුසුමක් පිට විය.

***************************
කවීශ සිතුව හරි මේ වෙලාවේ ඔහුගේ මල්ලී කුසල් සිටියේ නිවසේ හවසට බුදුන්වහන්සේ වෙනුවෙන් තියන බුදු පහන දල්වන ගමන් ය. එහෙත් කවදාවත් නැතිව ඔහු බුදුන් වහන්සේ වෙනුවෙන් පත්තු කරපු පහන නිවීයන්න වුනෙ ඔහු පුදුමයට පත් කරමින් ය. කීප වරක්ම පහන නිවීගිය පසු යලිත් පත්තු කලද මොහොතකින් එය නිවී යයි.

” ඇයි දෙවියනේ අද කවදාවත් නැතිව බුදුහාමුදුරුවන්ට තියපු පහන මෙහෙම නිවිල යන්නේ ”

කුසල් බුදුන් වහන්සේගේ පිලිමය දෙස බලා පැවසුවේ සංවේගයෙනි.ඔහු යලිත් වතාවක් පහන පත්තු කලේය . එයද පෙර පරිදිම නිවීගියහ.

” මම කුඩා කාලේ ඉදන්ම මෙහෙම බුදු පහන පත්තු කරල සියලුම දෙවියන්ට පින් දුන්න . ඒත් අද වගේ කවදාවත් මෙහෙම බුදු පහණ නිවුනේ නෑ ,,දෙවියනේ ඔබ වහන්සේලා මම දෙන පින් ########ගන්නවනම් ඇයි අද මෙහෙම බුදු පහණ නිවෙන්නේ කියල මට පුංචිම පුංචි ඉගියක්වත් ලබා දෙන්ඩ පුලුවන්ද”

බුදු පිලිමය ආසන්නයේ ඇති ගණ දෙවියන්ගේ ,විශ්ණු දෙවියන්ගේ ,සරස්වතී දේවමෑනියන්ගේ ,කතරගම දෙවියන්ගේ ආදී දේව රූප දෙස වරින් වර බලමින් කුසල් මුමුනන්නට විය. එසේ කියා තප්පරයක් ගියේ නැත. ඉස්තෝප්පුව දෙසින් යම් කිසි විශාල ශබ්දයක්ද,සාලය දෙසින් යම්ක් බිදෙන හඩක්ද කුසලට ඇසුනි. ඒ සමගම ඇසුනෙ අම්මාගේ හා නංගී කසුනිගේ කලබල වූ කටහඩවල් ය. *************************ඊලග කොටසට gamana

ඔන්න ඊලග කොටසේ ඉදලා ගමන කතාව කියවන ඔයාලව මම මේ ගමන වෙනත් පාරකට දාල එක්කගෙන යනවා ,,අපේ ගමන අපි ඉවර වෙනකම්ම යමු නේද?? ඔයාලත් එනවනේ මාත් එක්ක මේ ගමන යන්ඩ,එච්චරයි මට ඕනේ

තව දවස් පහකින් හයකින් අපි අපේ ගමන ඉවර කරල දාමු , එහෙම හොදයි නේද?

✍Sagara Sampath

6 thoughts on “ගමන ☔ | 21 කොටස | හොල්මන් කතා”

  1. danma ivara karanna oni na neda ?
    Kathava hamadamath asaven kiyavanne.e me kathava athule kuthuhalaya kiyana de hodatama thiyana nisa??
    Anivaren kavada oyage gamana ivara kalath api oyath ekka digatama enava?
    GOOD LUCK ????

    1
  2. Lakmini Sandarekha

    Raz plz pissek krnnep mwa. ? pudum wdiht kuthuhale ithuru krl ynw oya. Digaaaaaa kotsk one. Kawishage mallit kynna bergnna kyl arylw. Paune. Habei jthwnm *excellent*. Oya hrim dakshai… Good Luck…..!!!!!?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.