Katha Ahura

ආශාවරී |හැට තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

4.5/5 - (4 votes)

හැට තුන්වෙනි කොටස

ප්‍රාඩෝ එකේ ආවෙ වෙන කවුරුවත් නෙවේ….රුහාන්…ඔහු වාහනෙන් බැහැලා තෙමීගෙනම වැරැන්ඩාවට දුවලා ගියේ ගෙදර සර්වන්ට් සාරා විසින් තමා ඔහුව පිලිගත්තෙ..

” කෝ…අන්කල් ….” කොන්ඩෙ අතින් එහෙට මෙහෙට ගසන ගමන් ඔහු ඇහුවෙ ඔහු දන්නෑ මහේශ් නදීකා එක්ක රෑ කෑමකට එලියට ගිය බව…

” මහත්තයා නෑ රුහාන් බේබි….මහත්තයයි නෝනායි රෑ කෑමකට එලියට ගියා…එද්දි නං රෑ වෙයි මයෙ හිතේ….මොකක් හරි හදිස්සියක් ද බේබි ….” සාරා ඇහුවෙ නැත්තං මේ රෑ තකහනියෙම මහ වැස්සෙ මොහු මහේශ්ව හම්බවෙන්න එන්නෑනෙ….

” ඔව්…හදිස්සියක් නං තමා….කමක් නෑ..මං හෙට එන්නං එහෙනං….කෝ…ලොකු බේබිත් ගියාද කෑමට….” රුහාන් එහෙම ඇහුවෙ උඩ තට්ටුව දිහා බලන ගමන්…

” නෑ මහත්තයා…ලොකු බේබියි පොඩි බේබියි ගෙදර…..නිදි මයෙ හිතේ…. ” සාරා එහෙම කිව්වම රුහාන්ට හිතුනෙ ගෙදර ආව එකේ ආකාශිවත් මොහොතකට හමුවෙලා කතා කරලම යන්න…

” හරි..මං ගිහින් ආකාශිව හම්බෙලා එන්නං…” රුහාන් එහෙම කියලා උඩ තට්ටුවට පියනගන්න ගියේ සාරා මුකුත්ම නොකියා කුස්සිය පැත්තට යන්න ගියා ..කොහොමත් ආකාශිව විවාහ කරගන්න ඉන්න නිසම රුහාන්ට මහේශ්ගෙ බංගලාවට නිතරම එන්න යන්න පුලුවන් …ඊට කාගෙන්වත් කිසිම තහනමක් නැහැ…

මගේ කෙල්ල නිදිද දන්නෑ…ඔව් ඉතින්…මේ මහ වැස්සෙ කොට්ටෙත් තුරුල් කරන් සැපට බුදි ඇති…මං මේ අපි වෙනුවෙන් මහ රෑ තෙමීගෙන වැඩ කරනවා….මෙයාට නං ගානක් වත් නෑ….

රුහාන් හිත හිත හිනා වෙවීම ආකාශිගෙ කාමරේ දොර හිමීට ඇරගෙන ඊට ඇතුල් උනා ..කලුවර කාමරේ විටින් විට එලිය උනේ අහසෙ ඇදෙන රිදී රේඛා වල එලියෙන්…ඒ එලියෙන් ඔහු දැක්කෙ ඔහු සිතුවා සේම ආකාශි කොට්ටයක් බදාගෙන හොදටම නිදි…ඇය දිහා ඈත ඉදන් ආසාවෙන් බලා හිටිය රුහාන් ආපිට යන්නත් හදලා ආයෙම කාමරේ දොර වහගෙන ඇය සමීපයට කිට්ටු උනේ ආව එකේ වචනයක් දෙකක් වත් කතා කරලා තමන්ගෙ පෙම්වතියව පොඩ්ඩක් කේන්ති ගස්සලා යන්න කියලා…හිනාවෙවීම යහන ලගට කිට්ටු වෙච්ච රුහාන් ආකාශි දිහා මොහොතක් බලා හිටියෙ වශීවෙලා වගේ…දිග වරලස කඩා දාලා යහන මත ඔහේ විසිරිලා තිබ්බා …ඇගේ සුන්දර රූමත් මුහුණ දැක්ක රුහාන්ට හිතුනෙම ඇයව සිපගන්න…සීරුවෙන් යහන මත්තෙන් වාඩි උන රුහාන් කොට්ටය මත තිබුන ඇගේ මුහුණෙ කම්මුලට සියුම් හාදුවක් දුන්නෙ ආකාශි ඒ පහසට ඇහැරුනා…..ඒත් ඇය දෑස් අරින්නැතුවම නිදිවගේ රගපෑවෙ රුහාන් මොනාද කරන්නෙ කියලා දැනගන්න ….ඇය හිනාව ආයාසයෙන් පාලනය කරගෙන හිටියෙ රුහාන් ඇගේ මුහුණ සමීයට විත් යමක් කෙදිරුවා..

” I Love You ආකාශි …” නලලට උනුසුම් හාදුවක් තියලා ඔහු යන්න සැරසුනෙ … ආපිට යන්න කියලා යහනෙන් නැගිට්ට රුහාන්ගෙ ගමන එකපාරටම නතර උනේ ආකාශිගෙ එක් අතක ඔහුගෙ සුරත පැටලිලා…හද ගැස්ම වේගයෙන් ගැහෙන්න ගනිද්දි රුහාන් ඔලුව හරෝලා බැලින්නං ආකාශි හිනාවෙවී ඔහු දිහා බලා හිටියෙ ඇගේ අතකින් ඔහුව අල්ලගෙන…

” හොර කෙල්ල….ඇහැරිලා ඉදලා නිදි වගේ රගපෑවා නේද….ආ….” රුහාන් එහෙම කියලා ඇයගෙ ඇග මතට පැන්නෙ ආකාශිට සද්දෙන් හිනා ගියා…ඒත් මහ වැස්ස නිසාම ඔවුන්ගෙ මේ ආදර ලෝකයට බාධා කරන්න කවුරුවත් ආවෙ නැහැ….ආදරෙන් උමතු වෙලා හිටිය රුහාන් ආකාශිව අතොරක් නැතුව සිපගන්න ගනිද්දි ඊට ඇගෙනුත් ලැබුනෙ ලොකු අනුබලයක්…මහ වැස්සෙ සීතලේ අවදි උන උනුසුම් හැගීම් ගොන්න එක්ක රුහාන් ආකාශිව ගොඩාක් දුර එක්ක ගියේ මහේශ්ගෙ බංගලාවෙ අනුරාගී රාත්‍රියක් සටහන් කරමින් . …

” රුහාන්…” අනුරාගී අඩ හෝරාවකින් පස්සෙ ආකාශි හඩ අවදි කලේ ඇගේ හඩේ තිබ්බෙ බය මුසු සතුටක්….

” ම්…”

” මට බයයි…” ආකාශි කෙදිරුවෙ රුහාන්ගෙ හිස පිරිමදින ගමන්…

” ඇයි….” ඇගේ ගෙල මුල මුහුණ අතුල්ලන ගමන් ඔහු ඇහුවෙ තව තවත් ඇයව තුරුල් කරගන්න ගමන්… රුහාන්ගෙ මුලු හිතම පුදුමාකාර විදිහට සතුටින් පිරිලා තියෙන්නෙ….

” මමී ඩැඩීයි දැනගත්තොත් ….” ඇය වෙව්ල වෙව්ල කිව්වෙ රුහාන් ඇගේ මුහුණට එබුනෙ ඇය බයෙන් ඉන්නෙ කියලා වැටහුන හින්දා….

” අපි බදිමු…හෙටම….මං අද රෑ තකහනියෙම ආවෙත් ඒ ගැන අන්කල් එක්ක කතා කරන්න ආකාශි ….මට ඔයාව ඉක්මන්ටම මැරි කරන්න ඕන….ඔයාව අරන් දුර ඈතකට යන්න ආසයි මට ආකාශි …..මං england වලින් අපි දෙන්නට ඉන්න ගෙයක් ගත්තා….දන්නවද…” රුහාන් කිව්වෙ ආකාශිගෙ දෑස් විශ්මයෙන් විසල් උනා..

” ගෙයක් ගත්තා..දැන්ම….” ආකාශි එහෙම කිව්වෙ රුහාන්ට හිනා ගියා .

” නැතුව…දැන් නං කොහොමත් මට ඔයාව ඉක්මන්ටම බදින්න ඕන….දන්නවද…මං ගත්තෙ කාටවත්ම අපිව හොයාගන්න බැරි තැනක තියෙන ගෙයක්….ලස්සන වැවකින් එහා තියෙන හරිම ලස්සන ගෙයක්….වටේ පිටේ ගෙවල් නැහැ….ගම්මානයට එන්න කිලෝ මීටර තුනක් වගේ එන්න ඕන..කොහොමද මගෙ තේරිම…හොදයි නේහ්..” ඇහැක් ඉගිමරන ගමන් ඔහු කිව්වෙ ආකාශිගෙ මූණ තවත් රතු උනා…

” ඔයා මට මොනාද කරන්න හදන්නෙ රුහාන්…කාත් කවුරුවත් නැති තැනකට ගෙනිහින්…” ආකාශි හිනාවෙවී එහෙම අහද්දි රුහාන් ඇගේ සවනට කරලා රහසින් කිව්ව දෙයට ආකාශි ලැජ්ජාවෙන් ඇඹරුනා..උමතුවෙන් වගේ ඇගේ දෙකොපුල් සිපගත්ත රුහාන් ආයෙම ඇගේ මුහුණට එබුනා..

” මං හෙටම අන්කල්ට කියලා ඉක්මන්ටම අපේ වෙඩින් එක කරමු ආකාශි ….” රුහාන් එහෙම කියද්දි ආකාශිගෙ දෑස්වල කදුලු පිරෙන්න ගත්තෙ කාමරේ කලුවර අබිබවා ඇගේ නෙතේ කදුලු දිදුලන්න ගනිද්දි රුහාන් කලබල උනා…

” ඇයි…ඇයි රත්තරං මේ…”

” මාව කවදාවත් දාලා යන්නෑ නේද රුහාන්…ආ….මාව දාලා යන්නෙපා කවදාවත් ..” අඩ අඩ ආකාශි කිව්වෙ ඇගේ නෙත්වලින් වැටෙන කදුලු රුහාන් තමන්ගෙ දෙතොල් අතරට ගත්තා…

” නෑහ්…කවදාවත් මං මගේ පණව දාලා යන්නෙ නෑ…මං මැරුනොත් ඇරෙන්න….” ඇගේ මුලු මුහුනෙම දෙතොල් අරන් යන ගමන් ඔහු මිමුණුවෙ ආකාශි ඒ කියමනට ගැස්සිලා ගියා…

” ඔයා මැරුනොත් මාත් මැරෙනවා රුහාන්….දැන්නං කොහොමටවත් මට ඔයා නැතුව ඉන්න බැහැ….” ආකාශි කිව්වෙ රුහාන් ඇගේ දෙතොල් වලට ඇගිල්ලක් තියලා ඇගේ කතාව නතර කලා..

” නෑ ..මං මැරුනත්…ඔයා ජීවත් වෙන්න ඕන ආකාශි ….ඔයා ජීවත් වෙන්න ඕන…මං මැරුනත් මැරෙන්නෙ මගේ ආදරේ ඔයා ලග ඉතුරු කරලා රත්තරං ….ප්ලීස් …ආයෙ එහෙම කියන්නවත් හිතන්නවත් එපා….” රුහාන් ඇයව සිපගත්තෙ එහෙම කියලා… ඒ උනුහුමේ ආකාශි දෑස් පියාගත්තෙ සදහටම රුහාන්ගෙ පතිනිය වෙමින්….

රෑ කෑමට ගිය මහේශ්ටයි නදීකාටයි එදා රෑ නිවසට එන්න බැරි උනා…මොකද මහ වැස්ස නිසා ඔවුන් ගිය පාරෙ විශාල ගහක් කඩන් වැටිලා මග හරස් වෙලා තිබුන නිසා…ඒ නිසා එදා රෑ හිතවතාගෙ ගෙදරම නවාතැන් ගත්ත මහේශ් ආකාශිට කෝල් කරලා කිව්වෙ ඔවුන්ට රෑ එන්න වෙන්න නැති වග….

පසුදා අලුත් දවසකට අරුණලු උදාවෙද්දී උදේ 7ත් පහුවෙලා ආශාවරී තවමත් ඇහැරිලා නැත්තෙ ඇයගෙ හිතේ දුකටම ඇයට පුදුම විදිහට නින්ද ගිහින් තිබුනා..ආකාශියි රුහානුයිත් ඇහැරෙද්දි උදේ හත පහුවෙලා තිබුනා….

” දැන් මමියි ඩැඩියි ඒවි රුහාන්….අපි නැගිටිමු…කෝ…” ආකාශි රුහාන්ගෙ තුරුලෙන් මිදෙන ගමන් කිව්වෙ ඒ හාම රුහානුත් යහනෙන් නැගිට්ටා….යහනෙන් නැගිට්ට දෙන්නාගෙම දෑස් ගියේ යහන මත එලලා තිබුන රෝස පැහැ ඇද රෙද්දෙ සටහන් වෙලා තිබුන ආකාශිගෙ පිවිතුරු බවේ සංඛේතය දෙසට…ආකාශිගෙ දෑස් කදුලු පුරෝගනිද්දි රුහාන් ඇයව නැවත තුරුලට ඇදලා අරන් නලල සිපගත්තෙ ලොකු ආදරේකින්….

” i love u ආකාශි …අපි ඉක්මන්ටම බදිමු ..මං අන්කල් එක්ක මේ ගැන කතා කරලම යන්නං….” රුහාන් එහෙම කිව්වෙ ආකාශිට දැනුනෙ ලොකු සතුටක්…..ආකාශි රෝස පැහැ ඇද රෙද්ද පරිස්සමට නවලා අරන් තිබ්බා .

ආශාවරී ඇහැරෙද්දි උදේ 9ට කිට්ටු කරලා තිබ්බා….ඇගේ මුලු මුහුණම ඉදිමිලා තිබුනෙ පෙරදින අඩලා අඩලාම….උදේ තේක බීලා ආයෙම කාමරේට වෙච්ච ඇය ආයෙ ආයෙම කල්පනා කරන්න ගත්තෙ ඊයෙ ආකේශ් කිව්ව දේවල්…

ඒක ඇත්තක්ද…..නෑ…ආකේශ් අයියා බොරු කියනවා ඇත්තෙ….එයාට මාව ලබාගන්න එයා බොරු ගොත ගොත කියනවා….ඔව්…මට එහෙම අසනීපයක් නැතුව ඇති….ඔව්….මේක…මේක ලොකු බොරුවක්…ඔව්…මං ගිහින් අක්කිගෙන් මේ ගැන අහනවා…ඔව්…එයා කියාවි මට මේක බොරුවක් කියලා…ඔව්…..ඔව්…

ආශාවරී කලබලෙන් එහෙම හිත හිත ආකාශිව හමුවෙන්න කියලා ගියේ ඇගේ හිත කැමති නැහැ ඇයට කවදාවත් මවක් වෙන්න බැරි බව පිලිගන්න…..ගෙයි සාලෙ රුහාන් එක්ක කතා කර කර ඉන්න ආකාශි දිහාට ආශාවරී කලබලෙන් එද්දි ආකාශි ඇය දිහා බලා හිටියෙ පුදුමයෙන් ….

” අක්කා…”

” ආශි..මොකෝ මේ…” ආකාශි කලබලෙන් එහෙම ඇහුවෙ ආශාවරී ඇවිත් ඇය අසලින්ම වාඩි උනා..

” අක්කෙ…අක්කෙ..ඒක….ඒක බොරුවක් නේද අක්කෙ….ආ…ඒක….ඒක බොරුවක් නේද…ආ..කියන්න අක්කි…එයා..එයා බොරු නේද කියන්නෙ…..” ආශාවරී කලබලෙන් එහෙම ඇහුවෙ ඇගේ දෑස් දිලිසෙනවා කදුලු වලින්..

” මොකද්ද ආශි.ඇයි..මොකද්ද ප්‍රශ්නෙ ..බොරුව….මොකද්ද බොරුව…කවුද මොනාද කිව්වෙ…ඇයි ඔයා මේ බයවෙලා වගේ …ආ…” ආකාශිත් කලබලෙන් ඇහුවෙ ඇයගෙ හිතට අමුතු බයක් ඇතුල් වෙලා තිබුනෙ ආශාවරීගෙ මේ හැසිරීමට….ඒත් රුහාන් ආශාවරී දිහා කුතුහලයෙන් බලා හිටියෙ ඔහුට අඩමානෙට හිතුනෙ ඇගේ මේ වෙනසට ආකේශ්වත් සම්බන්දද කියලා…

” අක්කි….අක්කි ….අක්කි මට..මට…මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැයිද අක්කි….ආ…මට කවදාවත් දරුවො හදන්න බැරිද අක්කි….ආ…කියන්නකො..මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරිද …” ආශාවරී ඇස් වලින් කදුලු වාන් දාද්දි ඉකි ගගහා අඩ අඩ ඇහුවෙ ඇය හුස්ම ගන්න වේගයත් හොදටම වැඩිවෙලා තිබ්බෙ….එකපාරටම තමන්ගෙ නංගිගෙ කටින් පිට වෙච්ච ඒ වචන වලට ආකාශි අන්ද මන්ද වෙලාවගේ ඇය දිහා බලා හිටියෙ ආකාශිගෙ නෙත්වලටත් ඉබේටම කදුලු උනන්න ගත්තා….

දෙවියනේ ….ආශි …ඔයා කොහොමද පැටියො මේක දැනගත්තෙ….ආ…කොහොමද ඔයා මේ රහස දැනගත්තෙ….

ආකාශි හිතන්න ගත්තෙ ඇගේ කොපුල් තල දිගේ කදුලු වැල් බේරිලා ගියා..රුහාන්ටත් කිසිම දෙයක් හිතාගන්න බරුව හිටියෙ….ඔහු හිත යටින් ආකේශ්ට හොදටම බැන්නෙ ඔහු ඇරෙන්න පිටස්තර කෙනෙක් විදිහට ආකේශ් විතරමයි ආශාවරීගෙ ඇත්ත තත්වය ගැන දැනන් හිටියෙ..ආශාවරීගෙ පවුලෙ කෙනෙක් මේ ගැන ඇයට කිව්වෙත් නැත්තං….තමන්ගෙ කටිනුත් ඒ රහස එලි උන්නැත්තං…එය අනිවාර්යයෙන්ම ආකේශ්ගෙ වැඩක් වෙන්නැති කියලා රුහාන් හිතුවා.

” කියන්න අක්කි ..ආ .ඒක බොරුවක් නේද…ආ…මට..මට අම්මා කෙනෙක් වෙන්න බැරි නෑ නේද…ආ…මං එච්චරටම පව්කාරියක් නෙවේ නේද අක්කි…ආ….කියන්නකො….” ආශාවරී අඩ අඩම ආකාශිගෙ දෑත් අල්ලන් කිව්වෙ පිස්සුවෙන් වගේ…ආකාශිට එකපාරටම ඇඩෙන්න ගත්තෙ ආශාවරී ඇඩුම නවත්තලා අක්කා දිහා බැලුවෙ දෑස් ලොකු කරගෙන…..

” අක්කා…ඇයි…ඇ…ඇයි ඔයා අඩන්නෙ….ආ…ඒකෙ…ඒකෙ තේරුම…තේරුම….එයා කිව්ව දේවල් ඇත්තද…” ආශාවරී එහෙම ඇහුවෙ හද ගැහෙන වේගෙ සිය දහස් ගුණයකින් වැඩිවෙද්දි …

” නංගි…..ඔයාට කවුද …ඔයාට කවුද ඒ ගැන කිව්වෙ නංගි….ආ…කවුද කිව්වෙ…” ආකාශි අඩ අඩම එහෙම ඇහුවෙ ආශාවරී අඩ අඩම දෑස් පියාගත්තෙ පපුවට අතකුත් තියාගෙන .

” දෙවියනේ …ඒක… ඒක එතකොට ඇත්තක්ද…ඒක ඇත්තක්ද එතකොට…අනේහ්…මට…මට අම්මා කෙනෙක් වෙන්න බැයිද එතකොට ….” ආශාවරී මහ හයියෙන් අඩන්න ගත්තෙ ආකාශි ගොඩක් කලබල උනා..

” නංගි ..ප්ලීස් …අඩන්නෙපා..එහෙම කිසි දෙයක් නැහැ නංගි..ඔයාට කවුරුහරි ලොකු බොරුවක් කියලා තියෙන්නෙ…කවුද කියන්නකො ඔය බොරුව කිව්වෙ….කිව්ව එකාගෙ කට තලනවා මං…හහ්….ඔයා…ඔයා කලබල වෙන්නෙපා ආශී…එහෙම මොකුත්ම වෙලා නැහැ….අනේ අඩන්නෙපා….අනේ ආශී….ප්ලීස් අඩන්නෙපා මැණික…” ආකාශි ආශාවරීගෙ හිස අතගාන ගමන් කිව්වෙ ඇය ඉන්නෙ හොදටම බය වෙලා..

” නෑහ්….ඔයා බොරු කියන්නෙ…ඔයා බොරු කියන්නෙ….මං දැක්කානෙ කලින්…ඔයාගෙ කට බොරු කිව්වත්..ඔය ඇස් වලට බොරු කියන්න බෑ අක්කි….ඔව්. …එහෙනං ….එහෙනං ඒ කතාව ඇත්ත ..හහ්…හහ්.මං මෙච්චරටම පව්කාරියෙක්ද…මෙච්චරටම …” ආශාවරී අඩ අඩ කියෙව්වෙ ආකාශිට කිසිම දෙයක් හිතාගන්න බැහැ…

” නංගි ….නෑ..ඒක ඇත්තක් නෙවේ…ඒක…ඒක බොරුවක්…ඔයා ..ඔයා ඒ ගැන හිතන්නෙපා ආශී….ඒ ගැන හිතන්නෙපා…”

” හරි….එහෙනං මගේ ඔලුවෙ අත තියලා දිවුරලා කියන්න…ඒක බොරුවක් කියලා..මට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කියලා මගෙ ඔලුවෙ අත තියලා දිවුරලා කියන්න….” ආශාවරී ආකාශිගෙ සුරත බලෙන්ම ඇගේ හිස මත තියාගෙන අල්ලන් කිව්වෙ ආකාශි ගැස්සිලා ගියා…දිවුරලා කියන්නෙ කොහොමද එය…ඇය කියන්නෙ බොරුවක් නෙ ..

” අනේ….ආශී….” ආකාශිට එකපාරටම ආයෙම හයියෙන් ඇඩෙන්න ගත්තෙ ආශාවරීට ලොකු හුස්මක් පිට උනා ….ඇගේ මුවින් පිටවෙන්න ගිය ඉකිබිදුම ආයාසයෙන් වලක්වගෙන ආශාවරී සෝෆා එකෙන් නැගිටලා තමන්ගෙ කාමරේට දුවන්න ගියේ අතකින් මුව වහගෙන….

” අනේ රුහාන්…ආශී ….”

” මූ..පාහරයා..මං ඕකව ඉතුරු කරන්නෑ….” රුහාන් කේන්තියෙන් එහෙම කියන ගමන් සෝෆා එකෙන් නැගිට්ටෙ ඔහුට ආකේශ් ගැන කවදාවත් නැතුව ආවෙ ලොකු කේන්තියක් .

” කවුද රුහාන්…කවුද ඒ කැත වැඩේ කරලා තියෙන්නෙ….නංගිගෙ රහස අපි ඇරෙන්න තව කවුද දන්නෙ…..” ආකාශි එහෙම අහද්දි රුහාන් වේදනාවෙන් වෙලා තියෙන දේ ඔහුට හැගෙන පරිදි ආකාශිට කිව්වා…

” ආකේශ්…??මං හිතුවෙ නැහැ රුහාන් ආකේශ් මේ වගේ පහත් කොල්ලෙක් කියලා…අපි ලගින්ම ඉදගෙන අපිට මෙච්චර ලොකු හෙණ ගෙඩියක් දුන්නෙ …එයා ඇයි අපිට මෙහෙම කරදර කරන්නෙ රුහාන්….ආ…ඇයි මේ…..දැන දැනම ආශි ගැන….එයා ඇයි මගේ නංගි පස්සෙන් එන්නෙ….ආ…මට බයයි රුහාන්..මට බයයි….” ආකාශි කවදාවත් නැතුව හොදටම අඩන්න ගත්තෙ ඇයට ආකේශ් ගැන ලොකු බයක් දැනෙන්න ගත්තා….

” බයවෙන්නෙපා ආකාශි ….බයවෙන්නෙපා ….මං ඉන්නකන් මේ පවුලට ආකේශ්ගෙන් කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ…..ඔව්…මං ඌ ගැන බලාගන්නං…” රුහාන් එහෙම කියලා බංගලාවෙන් යන්න ගියේ ඔහු හිතුවෙ ආකේශ්ව හම්බවෙලාම මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න…

මේ අතරෙ තමන්ගෙ කාමරේට ආව ආශාවරී ආයෙම ඇදට පැනලා කොට්ටෙ මූණ ඔබාගෙන හොදටම අඩන්න ගත්තෙ හිතේ දුක ඇයට දරාගන්නම බැරි තැන…..

අනේ…මං කොච්චර පව්කාරියෙක්ද….ඇයි මටම මෙහෙම වෙන්නෙ…ඇයි ඒ….මං මෙච්චරටම ලොකු පවක් කරලද දෙවියනේ ….දැන් මං කොහොමද සදෙව්ව….අනේ….මං කොච්චර ආසාවෙන්ද දෙවියනේ හිටියෙ සදෙව්ව මැරි කරන්න….මං කොච්චර ආදරේ කරනවද එයාට…..එයා මට කොච්චර ආදරේ කරනවද…..ඒත්..මේ ආදරේ ..පටන් ගත්ත දවසෙ ඉදන්ම මේ ආදරේට කොච්චර බාධාවල් ආවද….ඇයි ඒ…අපිට ආදරේ ගැලපෙන්නැද්ද ….නැත්තං මට සදෙව්ගෙ ආදරේ උරුම නැද්ද …මේ වෙන දේවල් වලින් කියන්නෙ..මට කවදාවත්ම සදෙව්ගෙ වෙන්න බෑ කියලද….කොච්චර කොහොම ආදරේ කරත් ඇයි මට කවදාවත් සදෙව් එක්ක එකතුවෙන්න බැරි…..ඇයි….ඇයි මේ ආදරේ මට…අපිට ..මෙච්චර ලොකු වේදනාවක් දෙන්නෙ….ඇයි….මට මේ වේදනාව දරාගන්න බෑ ….මං මැරිලා යයිද මංදා….

ආශාවරී අඩ අඩම කල්පනා කරන්න ගත්තෙ සුලු මොහොතකින් ආකාශි ඇගේ කාමරේට ඇවිත් ඇය අසලින් යහනෙ වාඩි උනේ තමන්ගෙ නංගිගෙ පෑරුණ හිත කොහොමහරි හරිගස්සන්න කියලා හිතාගෙන…

” නංගි….” ආකාශිගෙ සෙනෙහෙබර කටහඩට ඔලුව උස්සලා බලපු ආශාවරීගෙ දෑස් දැක්ක ආකාශි ගැස්සිලා ගියා…ඒ ඇස් තනිකරම රතුම රතුපාට වෙලා කදුලු වලින් පිරිලා තිබුනෙ….රතුපාට කම්මුල් සම්පූර්ණයෙන්ම කදුලු වලින් වලින් වැහිලා ගිහින් ….ඇගේ මුහුණ දැක්ක ආකාශිගෙ හදවතත් හොදටම රිදෙන්න ගත්තෙ ආශාවරීගෙ දුක ඒ පපුවටත් දැනිලා වගේ….

” අක්කෙ….බලන්න අක්කෙ…ඔයාගෙ නංගි කොච්චර අවාසනාවන්තියෙක්ද කියලා…බලන්න අක්කෙ…..මං කොච්චර ආසාවෙන්ද හිටියෙ..මං ආදරේ කරන මගේ සදෙව්ව මැරි කරලා ජීවිතේ සතුටින් ගෙවන්න…ඒ ඇහිපිල්ලම් යට …ඒ උනුහුමේ ඉන්න මං කොච්චර හීන මැව්වද….ඒත්…ඒ හීන ඔක්කොම මෙච්චර ඉක්මන්ට නැතිවෙලා යයි කියල මං කවදාවත් හිතුවෙ නෑ අක්කෙ….ඒ ඇක්සිඩන්ට් එක මගෙ මුලු ලෝකෙම කණපිට පෙරලයි කියලා මං හිතුවෙ නැහැ….අනේ මගේ සදෙව් ….එයා මේ දේ දැනගත්තොත්….” ආශාවරී අඩ අඩම එහෙම කිව්වෙ ආකාශි ඇගේ හිස තමන්ගෙ උකුල උඩින් තියාගත්තා…

” අඩන්නෙපා ආශී…අඩන්නෙපා..ඔයා කිසිම දේකට බයවෙන්න එපා….මං දන්නවා….සදෙව් කවදාවත් ඔයාව අත අරින එකක් නෑ නංගි….ඒක මට ඉර හද වගේ විශ්වාසයි ….ඔයාට අම්මා කෙනෙක් වෙන්න බැරි උනත් එයා ඔයාට ඇත්තටම ආදරෙයි නං එයාට කවදාවත් බැහැ නංගි ඔයාව අත අරින්න….එයා ඔයාව බාර ගනී…ඔයා ඒ ගැන නං හිතන්නෙපා නංගි…ප්ලීස් ….” ආකාශි තේරුම් කරලා දෙන්න හැදුව…ආශාවරී යහනෙන් කෙලින් වෙලා යහන මත වාඩි උනේ කදුලු පිහිදගන්න ගමන්…

” නෑ අක්කා…ඒ ගැන තමා හිතන්නම ඕන….සදෙව් මට ආදරේ හින්දම මේ ගැන දැනගත්තා උනත් එයා මාව අත අරින එකක් නැහැ….ඒත්…ඒත් මට බැහැ අක්කා එයාගෙ ජීවිතේ මං හින්දා කාලකන්නි වෙනවා දකින්න…..මට බැහැ…..මං වගේ පව්කාරියෙක්ව කසාද බැදගෙන එයා එයාගෙ ජීවිතේ විනාස කරගන්න ඕන්නෑ…..එයාට පුලුවන් මට වඩා ලස්සන කෙල්ලෙක්ව මැරි කරලා ලස්සනට ජීවිතේ ගෙවන්න…..මං එයාගෙ ජීවිතෙන් සදහටම අයින් වෙලා යනවා අක්කෙ…ඔව්…මං එයාගෙ ජීවිතෙන් අයින් වෙනවා …” ආශාවරී කිව්වෙ ඇස් වලින් කදුලු වාන් දාද්දි….ඇය කිව්ව දේවල් ආකාශි අහන් හිටියෙ පුදුමයෙන් වගේම ලොකු දුකකින්…සදෙව්ට පණ වගේ ආදරේ කරන.. ඔහු වෙනුවෙන් ජීවිතේ විනාස කරගන්න දගලපු… ඔහු වෙනුවෙන්ම ආයෙ ජීවත් වෙන්න ගත්තු තමන්ගෙ නංගිගෙ මුලු ජීවිතේම වෙච්ච සදෙව්ව ඇය අත් හරින බව කියද්දි ආකාශිට ආශාවරී ගැන දැනුනෙ ලොකු වේදනාවක් ….ඒත් ඒ වේදනාවට වඩා සිය දහස් ගුණයකින් විශාල වේදනාවක් ආශාවරීගෙ පපුවට දැනෙනවා….

” ඔන්න වෙන කෙල්ලො දිහා ඒමි බලනවා නෙවේ….හරිද….ඔය ඇස් අයිති මට විතරයි…”

” අම්මෝ හරි මගේ කුමරිය…..මේ කුමාරයාගෙ ඇස් සදහටම අයිති මගේ මේ ලස්සන කුමාරිකාවටම විතරයි….දැන් සතුටුයිද…..හීනෙන් වත් මං වෙන කෙල්ලො දිහා බලන්නෑ ආශාවරී ….මගේ මුලු ජීවිතේම…ආත්මයම….ඔයා විතරයි රත්තරං…ඒකෙ වෙන කාටවත් ඉඩක් නැහැ….මගෙ මුලු හදවතම අයිති ඔයාට…”

ආශාවරීට සදෙව් හා ගත කල සුන්දර මතකයන් මතක් වෙන්න ගනිද්දි ඒ හිත වඩාත් නොසන්සුන් වෙන්න ගත්තෙ කවදාවත් මොනම කෙල්ලෙක්ටවත් ඔහුගෙ බැල්මක් වැටෙන්න නොදී තමන්ගෙම ඇස් මානයේ තියන් හිටිය සදෙව්ව ඇය කොහොමද දැන් වෙන කෙනෙක්ට දීලා හිත හදාගන්නෙ….හැබැයි එහෙමයි කියලා දැන් ආශාවරීට සදෙව්ව තමන්ගෙම කරගන්නත් බැහැ….මොකද තමන් අසීමාන්තිකව ආදරේ කරන සදෙව්ගෙ ජීවිතේ ඉදිරි කාලෙ තමන් හින්දා විදවනවා දකින්න ආශාවරී කැමති නැහැ….ඒකයි ඇය අමාරුවෙන් හරි හිත හදාගත්තෙ ඔහු හා ඇති ඇසුර සදහටම නවත්තලා දාන්න……මොකද ඇය ඒ තරමටම සදෙව්ට ආදරේ කරනවා…ආශාවරීට බැහැ තමන් හින්දා සදෙව්ට කිසිම විදිහක වේදනාවක් දෙන්න….ඇයව හදිස්සියෙවත් සදෙව් විවාහ කරගත්තොත් ඔහුට වෙන්නෙ මුලු ජීවිත කාලෙම ඇයගෙ අසනීප තත්වෙ ගැන හිත හිත දුක්වෙන්න…….කවදාවත් තමන්ගෙ ආදරේ ප්‍රතිපලය… තමන්ගෙ ලේ වලින් ඉපදෙන දරුවෙක්ගෙ මූණ බලන්න සදෙව්ට වගේම ආශාවරීටත් වාසනාව නැතිවෙනවා…ආශාවරීට ඕන ඒ වාසනාව තමන්ට නැතත් තමන්ගෙ සදෙව්ට වත් ලබාදෙන්න…ඒ හින්දා ඇය ඔහුගෙ ජීවිතෙන් සදහටම ඈත් වෙන්න උත්සාහ කරනවා…

ඒත් ආශාවරී සදෙව්ගෙ ජීවිතෙන් අයින් වෙන්න හැදුවත් එය ඇයට කරගන්න පුලුවන් වෙයිද…ඇයට පුලුවන්ද හදවතේ ඔහු වෙනුවෙන් ඇරපු ආදරේ කුටි වසාගෙන ඔහුව වෙන හදවතකට හිමි වෙන්න ඉඩදෙන්න….ඇයට පණ වගේ ආදරේ කරන සදෙව් ඇයගෙ වෙන්වීම කොහොම දරාගනීද කියලා ආශාවරී මොහොතක් වත් හිතුවෙ නැත්තෙ ඇයි ..සත්තයි කියන්න …සදෙව් මිය යාවි ඔහුට ආශාවරීව නොලැබුනොත් …..ඇයට කොහොම මොන අසනීප තිබ්බත් සදෙව්ගෙ හිතේ ආශාවරී ගැන තියෙන ආදරේ කවදාවත් අඩුවෙන්නෙවත් නැතිවෙන්නෙවත් නැහැ….ඒ වගේම ඔහුට කවදාවත් ඇයව අහිමි කරගන්නත් බැහැ….ඒ පිරිමි හිතට ඕන ආශාවරීගෙ හදවතම විතරයි…..

***********************************

බලමු නේහ් මොනාද වෙන්නෙ කියලා…. ඉස්සරහට කතාවෙ එන්නෙ ඔයාලා කවදාවත් හිතන්නෙවත් නැති කොටස් කිහිපයක් …කතාවෙ අවසාන කොටස් ටික ලස්සන නැද්ද rates ගාන අඩුවෙලා තියෙන්නෙ ….කරන්න දෙයක්නෑ යාලුවනෙ….මං කතාව හදලා තියෙන විදිහ නෙ….ජීවිතේට සතුට වගේම දුකත් උරුමයි….හැබැයි මොන දේ උනත් ආශාවරීගෙ නපුරු හිත අයිති සදෙව්ගෙ අහිංසක හිතටම විතරයි .???

M.Ashka Rashmi❤️

12 thoughts on “ආශාවරී |හැට තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. අනේ ආශිව ඔහොම රිද්දන්න එපා අශ්කා…. පව් ගොඩක්…දුකයී…..

  2. Hemanthi ruwan kumari

    මං චුට්ටක් guess කරාට කමක් නැද්ද නංගියේ? මට හිතෙන්නේ ආකාශිට රුහාන්ව හැරි කරන්න බැරි වෙයි. ආකාශිට දරුවෙක් ලැබෙයි එයාව ආශිටයි සදෙව් යයි දෙවි.sorry හිතෙ තියාන ඉන්නේ බෑ එකයි කිව්වෙ.තරහා වෙන්න නම් එපා සුදු නංගියෙ.???????????????

  3. Thakshi Deepali Jayasuriya

    රුහාන්ව මරන්නද හදන්නේ ????? එපා හරිද….තරහම තරහයි එහෙම කරොත්….ඔයා හදන්නේ රුහාන්ව මරලා අාකාශිගේ බබාව ආශාවරීට දෙන්නද ?????

  4. Ruvini Thakshila

    Ane akkiyo khma mnwa unth anthimeta dennta dennge adare khmhri denna.mkda dennta denna nethuwa jiwth wenna be eylta.eylge adare athmagatha bedimk.?eka wens krnna be.wens krnnth epa Akki mona de unth.hada aithi ahstma vitharai kiynwane.a wge thma ashawari aithi sadeuta vithrmai.
    All the best akki ???

  5. Ane akashita dukak denna epa.abhi nisa akashi gdak aduwa.a nsa ruhantai,akashitai satutin inna denna.akashita twinsla demu,deela ekkenekwa ashilta demu.ane anthima hriya dukakin iwra krnna epa hrida.paw athkota ?????

  6. Ranmali subasinghe

    Ane kelle kohoma hari kamak ne sadewwai ashiwai wen karannath epa.. akashiwai ruhanwai wen karannath epa…?????????? plzzz plzzz… akesh aththatama kawda kiyala hemotama ikmanatama oppu karanna… ethakota serama hari…
    Apita duka hithena ending ekak denna epa… oya kiyana widihata hitha ganna be awasane… hithata bayai oya e capal deka wen karai kiyala… ane ehema nam karanna epaaaa deiyoooo….??????

    Adath hugaaaak lassanai… good luck!!!! ????

  7. Hashini Nimasha

    Anee eyala wen karanna nam epa.. akashi ta ruhanwa nathi karannath epa. Ashi ta sadew nathi karannath epa. Plzzzzz… lassana awasanayak denna. Thwath adanna nm ba aiyooooo… ????????????

  8. Ranmali subasinghe

    Ko dewiyaneeeeee ada kathawa ???? ???????????????? rashmiyooo moko karanne kelle????? Me weddi app ekata wisi parakata wada awa kelle… ko ane kathawa????? Ada danne neddoooooo???? ???Tharahama tharahai…… ??????????????????????

  9. Kiduri ahassaya

    අනේ දෙයියනේ කතාව අදත් නෑ….මේ අද දවසට කතාව තියනවද බලන්න ආපු 12 පාර…ඊයේ දැම්මෙත් නෑ..?????????????????????
    අනේ ඇයි ඒ????කතාව දෙන්නකෝ….කාලා නෑ වගේ කතාව කියවන් නැතුව…..plzzzzzzzzzzzzzzzz????????????කතාව දාන්නකෝ….
    ඇත්තමයි තරහම තරහයි…..????????????????

  10. Ranmali subasinghe

    Ahooo dewiyaneeeeee adath kathawa nethooooo ??????????? rashmiyooo mokak hari karadarayakda kathawa dan naththe??? Oya kathawa noda inne nehene wenadata… oyatada prashne?? Admin aiyatada??? Ane kathawa dannakoooo… plz plzzz… ??????????? apita ikmanatama kiyanna kathawa ai neththe kiyala… ikmanatama kathawa dendoooooooo…… ??????????????

  11. අනේ ලස්සනයි අක්කා ..ගොඩක් ආදරෙ හිතෙනවා ඔයටයි ඔයාගෙ කතාවටයි. දිගටම කතාව දාන්න…මං මොනා නැතත් ඔයාගෙ කතාව නම් කියවනවා හැමදාම ??අනේ රුහාන්ට නම් මොකුත් කරන්න එපා අක්කා ?? හැමදාම ලස්සනට කතා ලියන්න ❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.