Katha Ahura

ගමන | 23 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

ගමන 23 කොටස

” පොඩ්ඩක් ඉන්න කුසල් ”

කියූ නාලක දේවාලය පිටුපස තිබූ ඔහුගේ නිවස කරා ගිය අතර ටික වේලාවකින් ඔහු යලිත් ආවේ ගොඩක් කාලයක් පරණයි බව කියා පාන තරමක් විශාල රිදීයෙන් නිම කල පෙට්ටියක් ඇතිවය. එය දෙස මදක් කුතුහලයෙන් කුසල් බලන් උන්නේය.දේවාලය ඇතුලේ කුසල් ඉදිරියෙ ඔහු ඒ පෙට්ටිය විවෘත කලේය. ඒ තුල තිබුනේ කිනිසි( උල්පිහි) හතරකි,ඉතාම පැරනි තාලයේ කිනිසි හතරක් බව බැලූ බැල්මට ඒවාගෙන් දිස් වුවද ඒවා ගේ තිබූ තියුනු බව මකා දමන්නට කාලයාට හැකියාව ලැබි තිබුනේ නැත.

” උල් පිහි හතරක් ”

ඒ දෙස බලමින් කුසල් පැවසුවේය.

” හ්ම්,,, උල් පිහි,,,,,කුසල්ට කියන්ඩ අපේ අත්ත යක්කුත් බැද ගෙන වැඩ ගත්තු කෙනෙක් ,,,ඒ දරුනු යක්කුන්ව පාලනය කරන්ඩ අත්ත මේ වගේ උල් පිහි බාවිතා කරල තියෙනව ,,,විශාල වාර ගානක් මන්තර ජපකරලා මේ උල පිහි ඉතා බලවත් කරලයි තියෙන්නේ ,,,ගොඩක් එහෙම කරදර කරපු යක්කුන්ව අත්ත මෙල්ල කරල තියෙන්නේ මේ උල් පිහි වලින් ඇනල ,,,එහෙම් එනපුහම උන්ට සිහිය නැති වෙනවා ,,ඊට පස්සේ අත්ත ඒ යක්කුන්ව ඒ බන්දනයෙන් නිදහස් කරනවා මෙ උල් පිහිය ගලවපුහම ආපහු අර සිහි #නැතිව වැටුන යක්ශයට සිහිය එනවා ,,, ඒත් බනදනයෙන් උන්ව නිදහස් කරල තියෙන හින්දා ආය උන්ගෙන් කරදරයක් නෑ”

” ඉතින් මේ තියෙන්නෙත් එහෙම බලවත් කරපු උල් පිහි හතරක්ද ,,මේවාගෙන් ඇනලා අපිට අර යකශන්ව සිහි නැති කරන්ඩ පුලුවන්ද ”

” බෑ ”

” බෑ ,,,ඇයි ඒ”

කුසල්ගෙ මුවේ නැගුනේ යලිත් බලාපොරොත්තු කඩ වුන පෙනුමකි.

” මේකයි කුසල් ,,අපේ අත්ත මැරිලත් දැන් අවුරුදු 20 කටත් වැඩී,, ඒ දවස්වල අත්ත මන්තර ජපකරල බලවත් කරපු උල්පිහි හතරක් තමා මේ තියෙන්නේ ,,ඉතින් දැන් ගොඩක් කාලයක් ගිහිල්ලා හින්දා සමහර විට මේවගේ බලය ගිහිල්ලා තියෙන්ඩත් පුලුවන්,,, මේවගේ බලය තිබුනත් අත්ත අර වගේ යක්කුන්ට පිහියෙන් ඇන්න වගේ ලෙසියෙන්නම් අපිට ඒ දේවල් කරන්ඩ බෑ ,, මොකද අත්ත ගොඩක් බලවත් මන්තර දැන ගෙන හිටියා. ඒවගෙන් මේ පිහි අත්තලග තියෙනබව නොදැන උන් අත්ත ලගට ලංවෙලා තියෙනවා ,, එහෙම ලංවුනාම තමා මේ වගෙන් ඇනලා උන් සිහි නැතිකරලා තියෙන්නේ ,, සමහර විට ඔය අයියලව හිරකරන් ඉන්න යක්ශයයි ,, යක්ශනීත් මා වගේ දෙන්නෙක් වෙන්ඩ පුලුවන් ,,උනුත් අපිලග මේ වගේ ##අයුදයක් තියෙනවා කියලා දැනගන්ඩත් පුලුවන් ,,අපේ වෙලාව හොදනම් ඒ ගැන නොදැනෙන්ඩත් පුලුවන් ,,උන් එහෙම දැන ගත්තොත් අපි ලගට කිට්ටු නොවී මොනව හරි උපක්රමයක් කරල මේ පිහි අපි ලගින් අයින් කරන්ඩ බලයි,, හැබැයි එක දෙයක් මට කියන්ඩ පුලුවන් ……..”

ම්නිත්තු කීපයක් දිගටම කතා කරපු නාලක මොහොතක් නිහඩව සිටියේය.
**

” මොකක්ද ඒ ”

” මේකයි කුසල් අපේ මේ විශ්වය නිර්මානය වෙලා තියෙන්නේ පඨවි( පොලව),අපෝ(ජලය),තේජෝ( ගින්දර ),වායෝ(වාතය ) කියන මූල දාතු හතර එකතුවෙලයි. මේ හතරෙන් ජලයෙයි, ගින්දරවලයි,පොලව යටයි මේ උල්පිහි තියෙද්දී කොහොමවත් උන්ට මේ උල් පිහි තියෙන බව පේන්නේ වත් ඒ ගැන දැනෙන්න්නෙවත් නෑ ”

නාලකගේ වදන් අසා සිටි කුසල්ට හැගී ගියේ මේ යක්ශයින්ගෙන් අයියලාව බේර ගැනීම ඉතා අසීරු දෙයක් ලෙසය. එය කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා තරම් අසීරු දෙයකි.කුසල් යලිත් වරක් අර තියුනු උල්පිහි හතර දෙස බැලුවේය.

” මේ පිහි තවමත් බලසම්පන්නයිද නැද්ද කියල හොයා ගන්ඩ විදිහක් නැද්ද ??”###

” තියෙනවා,, අත්ත මේවට මතුරපු මන්තරයමමත් දන්නවා ඒ මන්තරයෙන් මේ පිහි එකින් එක අරගෙන 108 වාරයක් මතුරපු හා ම සමහර විට ආයෙත් මේවට බලය එයි,, ශුවර් නෑ එහෙම බලය ආවොත් ඒ බව දැන ගන්ඩ ක්රමයකුත් තියෙනවා”

” මොකක්ද ඒ ”

” 108 වාරයක් මතුරපු ඒ පිහිය වතුර කට දැම්මොත් ඒ වතුරෙ පාට වෙනස් වෙලා ලේ වගේ රතු පාටට හැරෙනවා ,, එහෙම වුනොත් ඒ පිහියට බලය ඇවිල්ලා ”
***********************
කුසල්ගේ බලවත් ඉල්ලීම නිසා අවසානයේ නාලක එහි එක පිහියක් ගෙන මතුරන්නට ලෑස්තිවිය.ඇත්තටම නාලකට ඕන වුනේ මේ පිහි පෙන්වා ඔහු කරන්ඩ යන ක්රියාවේ අසීරු බව පෙන්වා දී ඔහුගෙ සිතින් ඒ අදහස නැතීකර දමන්නටයි,,නමුත් කුසල් ඔහුගේ අදහසනම් වෙනස් කලේම නැත.

**********

උල්පිහියට 108වරක් මතුරා අවසානයේ නාලක දේවාලය අසල තිබුන ටැප් එකෙන් වතුර බේසමක් පුරවා මතුරපු උල් පිහිය ඒ තුලට දෑමීය. ටිකවේලාවක් කුසල් හා නාලක ඒ දෙස බලා සිටියහ. නමුත් කුසල්ගේ අයියාව බේරගන්ඩ තිබුන සියලුම බලාපොරොත්තු සුන් කරමින් ඒ බේසමේ තිබුන වතුර රතු පැහැ ගැන්වුනේ නැත.

” පිහියට බලය ඇවීල්ල නෑ කුසල් ”

නාලක ####අන්තිමේදී පැවසුවේ කනස්සල්පෙනුමෙන් ඉන්න තම මිතුරා දෙස බලාය. තම මිතුරා ගැන ඔහුටත් දුකය. කුසල් දේවාලය ඇතුලෙත් තනා තිබුන සූනියම් දෙවියන්ගේ ප්රතිමාව දෙස මොහොතක් බලා සිටියේ කිසිවත් සිතා ගන්නට නොහැකිවය.

” අපි නාලක අයියේ ඔය පිහියට 1008 වාරයකුත් මතුරල බලමුද? සමහර විට එතකොටවත් ඔය පිහියට බලය එයිද දන්නේ නෑ ”

සමහර මන්තර වල බලය ලබා ගන්නට 1008 වාරයක්ම මැතිරිය යුතුය. මන්තරයක් සිද්දි කර ගන්නටනම් අන්වාර්යෙන්ම 1008 වාරයක් මැතිරිය යුතු බවත් කුසල් හොදටම දැන ගෙන සිටියේය.නාලකත් එය නොදැන සිටියා නොවේ .

” ඒකට ගොඩක් වෙලා යනවා 108 වාරයක් මතුරන්ඩත් පැය කාලක් විතර ගියා ,,,අඩුම ගානේ 1008 වාරයක් මතුරන්ඩ පැය දෙක හමාරක් වත් යයි,,සමහර විට ඒක හරියන්ඩත් පුලුවන් ,,හරි නොයන්ඩත් පුලුවන් ,,,,”

උදේසිටම දේවාලයේ වැඩ කරපු නාලකට දැන් හොදටම වෙහෙසය.

” අනේ එහෙම කියන්ඩඑපා අන්තිම වතාවට මේකත් කරලා බලම් ,,, මේ උදව්ව මම ජිවීතේට අමතක කරන්නෙ නෑ ”

කුසල් අසරන දෑසින් ඉල්ලා සිටින දෙයට පිටුපාන්නට නොහැකිවූ නාලක අවසානයේ ##### කෙතරම් වෙහෙසක් ගතට දැනි තිබුනද 1008 වාරයකුත් මතුරන්නට පටන්ගත්තේය.

නාලක මන්තරය මතුරන වාරයක් වාරයක් පාසාම කුසල් දේවාලය ඇතුලේ පිහිටා ඇති ගම්බාර සුනියම් දෙවියන්ගේ පිලිමය ලෙස බලාසිටියෙය. එසේ බලා සිටි ඔහු නාලක මතුරන පිහියට බලය ලබා දෙන ලෙසත්,,අඩුම තරමේ තම අයියාව සිර්කොට තබා ඇති ගුහාව අසල පිහිටි දිය ඇල්ල පිලිබදවත් යම්කිසි තොරතුරක් ලබා ගන්නට පිහිටක් දෙන මෙන් අයැද සිටියෙය.
******************************
පැය දෙක හමාරකට පමන පසුව නාලක මතුරා අවසාන් කල අතර ඒ වනවිට රත්රී දහයද පසුව තිබින.වතුර බේසම ලගට ගිය නාලක පෙර පරිදිම ඒ මතුරන ලද තියුනු උල් පිහිය එය තුලට දැමිය. කුසල්බේසමේ තිබුනු වතුර දෙස බලන් උන්නෙ තියුනු දෑසින් ය .
මොහොතක් ගතවිය. බේසමේ වතුර ටිකෙන් ටික රතට හැරෙන්නට වුයේ කුසල් පමනක් නොව නාලකත් පුදුමයට පති කරමින් ය. ටික වේලාවකින් මුලු බේසමේම වතුර රතට හැරුන අතර ,,,එය පෙනුනේ හරියට මිනිස් ලේවලින් පිරුනු බදුනක් ලෙසය.

” පිහියට බලය ඇවිල්ලා ”

කුසල් පැවසුවෙ ඒ ගැන අදහාගන්නටත් බැරිව සතුටකින් ##### #ය.ඔහුගේත් නාලකගේත් උත්සාහයේ ප්රතිපල ලැබී ඇත. ඒත් මේ වගේම තවත් පිහියකට බලය ලබා දිය යුතුය .බලය ලැබුනත් ඊලගට තිබුනේ ඒ වගේම තවත් ඉතා අසීරු දෙයකි. ඒ කුසල්ගේ අයියලා සගවා ඇති තැන සොයා ගැනීමයි.

” කුසල් දැන් හොදටම රෑ වෙලා ,, ඔයාගෙ ගෙදර කට්ටිය බය වෙලා ඇති ”

නාලක එසේ පවසද්දියි කුසල්ට ගෙදර මතක් වුනෙ ,, අයියා ගැනම සිත සිතා හිටියට ඔහුට ගෙදර ඉන්නා අයව අමතකව ගොස් තිබින. ඔහු දේවාලයේ සිටින නිසා phone එක මීට පැය කීපයකට පෙර off කලේය. ඊට හේතුව වුනේ phone වලින් පිටවන විකිරන ශක්තිය දේව ආත්ම වලටද දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. එම නිසා දෙවියන්ගේ ඇල්ම බැල්ම වැටෙන තැන් වලදී කුසල් හැමදාම phone එක off කලේය.
************************
ඔහු දේවාල බිමෙන් ඈතට ගොස් phone එක on කලේ ගෙදරට පනිවිඩයක් දෙන්නට සිතාය. ඒත් ඔහුට ගෙදරට පනිවිඩයක් දෙන්න ලැබුනේ නැත . ඊට පෙර කුසල්ගේ phone එකට කෝල් එකක් ආවේය. එහි සටහන් ව තිබුනේ නාදුනන අංකයකි.ඔහු කුතුහලයෙන් යුතුව එහා පසින් ඇසෙන් හඩට සවන් යොමු කලේය.

” හෙලෝ මේ කවීශ අයියගේ මල්ලී කුසල්ද ?”

එහා පසින් ඇසුනෙ පිරිමි කටහඩකි.##### ##

” ඔව් ”

” ඔයා මාව දන්නෙ නැතිව ඇති ,,, මම දමිත් කියල එක්කෙනෙක් ,”

” දමිත් ”

කුසල් මෙවන් කටහඩක් තිබුනු දමිත් කෙනුකු මීට පෙර දැනගෙන සිටියේ නැත. කවුද මේ දමිත්,,,,,,,,,,,,,,,,,ඊලග කොටසට gamana

✍Sagara Sampath

5 thoughts on “ගමන | 23 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අදත් වාර්තාගත ලෙස පේළි ගොඩාලියක් ටයිප් කරලා රාස් ඔයා.. අදත් ලස්සනම ලස්සනයි කතාව. ඊයේ කොටස කියවලා රේට් කළා. ඒත් කමෙන්ට් එකක් කොටාගෙන යන්න බැරි වුණා රාස්. සොරි හොඳේ… හෙටත් මේ වගේ දීර්ඝ ලස්සනම ලස්සන කොටසකින් අපි හමුවෙමු නේද?…

    1
  2. Hashini Nimasha

    අයියෝ ඊළඟට මොනව වෙයි ද මන්දා.. හරිම ලස්සනයී කතාව. හෙටත් දිග………………. කොටසක් ඕනි හොඳද. ☺️☺️☺️☺️☺️☺️☺️☺️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.