Katha Ahura

ආශාවරී |හැට දෙවෙනි කොටස| නවකතාව | කතා අහුර රචක

5/5 - (4 votes)

හැට දෙවැනි කොටස

කාලය ටික ටික ගෙවිලා ගියා…පහුවදා අරුණලු උදා වෙද්දි වෙනදට වඩා ආශාවකින් උද්‍යෝගයකින් සදෙව් ඉස්කෝලෙ ගියේ පාසල් ජීවිතේ කඩයිම් විභායක් වෙච්චි උසස් පෙළ විභාගෙට පෙනී හිටින්න…..ඔහුගෙ මුලු හිතම සතුටින් පිරිලා නිසා පාඩම් කරපු හැමදෙයක්ම වගේ හොදට මතක හිටලා තිබ්බා….වෙනදා වගේ නෙවේ ..ආශාවරීත් උදෙන්ම නැගිටලා කවදාවත් නැතුව මල් කඩලා පහන තියලා දෙවියන්ගෙන් ඉල්ලුවෙ සදෙව්ට හොදට විභාගෙ කරගන්න පුලුවන් වෙන්න කියලා…ඇගේ ප්‍රාර්ථනාවත් ඔහුගෙ දක්ශකමත් එකතුවෙන් ඔහුට හැකිවේවි හොදට විභාගෙ ලියන්න….

” අම්මෝ…උබේ මූණ….උබ අද මාර හැපි එකේ ඉන්නෙ කියලා පේනවා….මොකද්ද සහෝදරයා මේ වෙනසට හේතුව….ආ….ඇයි…කෙල්ලෙක් ඇහැක් වත් ගැහුවද….” ඉස්කෝලෙ ආව හැටියෙ පැතුම් සදෙව්ගෙ ඇගට කඩා පැන්නෙ ඒ ටකරං හඩ පලාතම දෙවනත් කරගෙන…සදෙව්ට හිනා ගියේ පෙරදින මතක් වෙලා…

” අම්මෝ…මෙන්න මෙයාගෙ පැණි හිනාව…ඔය හිනාව නං ඇල්ලුවෙ නෑ මචෝ…ඇහැක් ගහලා තියෙන එක කෙසේ වෙතත් කෙල්ලෙක් උබට කිස් එකක් වත් දීලා ඇති උබ ඔහොම පැනි හිනාවක් දාන්න….” පැතුම් එහෙම කියද්දි නං සදෙව්ගෙ මූණ ලැජ්ජාවෙන් රතු උනේ ඔහුට එකපාරටම ආශාවරී තමන්ගෙන් හාදුවක් ඉල්ලපු හැටි මතක් උනා…

” ඔව්..මට කිස් එකක් හම්බුනා…හැබැයි කෙල්ලෙක්ගෙන් නෙවේ…කෙල්ලගෙන්….” සදෙව් හිනාවෙලා එහෙම කියද්දි පැතුම්ගෙ හිනාව නැතිවෙලා ගියා…ඔහු පුදුමයෙන් වගේම හිතේ ගැස්මකින් ඔහු දිහා බැලුවා…

” සදෙව් …??”

” ඊයෙ ආශාවරී අපේ ගෙදර ආවා…මට දැන් හැමදේම මතකයි පැතුම්….ඔයාලා මට එයා ගැන නොකිව්වට එයාම මං ලගට ඇවිත් එයාම මට.. මං කවුද කියලා කියලා දුන්නා….එයා, එයා මගෙ කවුද වගේම මට අමතක හැමදෙයක්ම මතක් කරලා දුන්නා….දැන් මට හොදටම හොදයි පැතුම්….” සදෙව් හිනාවෙලා එහෙම කියද්දි පැතුම්ට දැනුනෙත් ලොකු සතුටක්…ඒ සතුට පිටින්ම ඔහු සදෙව්ව වැලදගත්තෙ අසීමිත මිත්‍රත්වයකින්…

” මට සතුටුයි මචං…ගොඩාක් සතුටුයි….congratulations …” පැතුම් සදෙව්ගෙ පිටට තට්ටු කරලා කිව්වා..

” පැතුම් ….ඇයි ඔයා මං එදා ආශාවරී ගැන අහද්දි මට මොකුත්ම කිව්වෙ නැත්තෙ….ආ..මං කොච්චර විදෙව්වද කියලා දන්නෙ මමයි….අනේ…හොද වෙලාවට ඊයෙ මට මතකය ආවෙ….නැත්තං මං වගේම මගේ ආශාවරීත් විදව විදව ඉන්නෙ ….” සදෙව්ට ලොකු හුස්මක් පිට උනේ…පැතුම් දුකෙන් බැලුවෙ ඔහු දිහා..

” සොරි මචං….සොරි….උබට ආශාවරී ගැන නොකියා ඉන්න මං තීරණේ කලේ මගේ උවමනාවකට නෙවේ සදෙව් ….” පැතුම් එහෙම කියද්දි සදෙව් කුතුහලයෙන් බැලුවෙ ඔහු දිහා..

” ඔයාගෙ තීරණේකට නෙවේ…එහෙනං කාගෙද….??”

” මචං..ප්ලීස් ..කලබල වෙන්නෙපා…උබේ අම්මයි මට කිව්වෙ ආශාවරී ගැන කිසි දෙයක් උබට දැනගන්න ඉඩ තියන්න එපා කියලා….ආන්ටි හිතන්නැත්තෙ උබ එයා ගැන හිතලා මොලේ අවුල් කරගනී කියලා වෙන්නැති…ඇරත්..උබට මෙච්චර දෙයක් උනේ ආශි හින්දනෙ…ඒ හින්දා ආන්ටි හිටියෙ ආශි එක්ක කේන්තියෙන් …ඒ නිසා වෙන්නැති ආන්ටි අරහෙම කියන්නැත්තෙ….” පැතුම් කිව්වා…සදෙව් වේදනාවෙන් ඒ හැමදෙයක්ම අහන් හිටියෙ.

ඇයි අම්මෙ ඔයා එහෙම මට කලේ..මං ආශාවරී කවුද කියලා හිත හිත දුක් විදිද්දිත් ඇයි අම්මා මගෙ වේදනාව දැක දැක අහක බලන් හිටියෙ…ඇයි…ඔයා ඇයි ආශාවරී එක්ක මෙච්චර තරහ….එයාගෙ තාත්තා කරපු දේවල් වලට ඇයි ආශාවරීට දඩුවම් දෙන්න හිතුවෙ…මට කලින්ම එයා ගැන කියලා තිබ්බනං..මගේ ආශාවරීට කවදාවත් පිස්සු හැදෙන්න මං ඉඩ තියන්නෑනෙ….එයා කොච්චර දුක් විදින්නැද්ද….මං වගේම…ඇයි මේ අය අපේ ආදරේ විහිලුවකට අරන් තියෙන්නෙ…ඇයි කාටවත් අපේ වේදනාවල් තේරෙන්නැත්තෙ…..අම්මා කවදාවත්ම ආශාවරීට කැමති වෙන්නැතිවෙයිද….අනේ අම්මෙ…ප්ලීස් අම්මෙ..මට මගෙ සතුට නැති කරන්න හදන්නෙපා…ආශාවරී මට නොලැබුනොත් මං මැරිලා යයි…ඔව්…මං කොහොමද එයා නැතුව ජීවත් වෙන්නෙ…

සදෙව් කල්පනා කරන්න ගත්තා…. ඔහුගෙ මුලු හඳම වේදනා දෙනවා තමන්ගෙ අම්මාගෙ නපුරු ක්‍රියාකලාපය නිසා..ඒත් එහෙමයි කියලා ඒ හිතට බැහැ අම්මාට වෛර කරන්න හෝ ඇය එක්ක තරහා වෙන්න..මොකද තාත්තාත් නැතුව ඔහුව මේ තරමටම උස් මහත් කරලා හොදට උගන්නපු අම්මාට ඔහු පුදුම විදිහට ආදරේ කරනවා….මොන දේ උනත් සදෙව්ට තමන්ගෙ අම්මාව නං අතාරින්න බැහැ…ඒ වගේමයි ආශාවරීවත් ඔහුට දැන් අත අරින්න බැරි තරමටම ඔහුගෙ හදවතේම කොටසක් වෙලා ඉවරයි…

කාලය ටික ටික ගෙවිලා ගියා…විභාගෙ හිතුවට වඩා සදෙව්ට ටිකක් අමාරු උනා….ඒත් පුලුවන් උපරිමයෙන් ඔහු ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු සැපයුවා….ආශාවරීත් ගෙදර හිටියට ඇගේ හිත තිබ්බෙ සදෙව් ලගමයි ..ඔහු විභාගෙ හරියට කරනවද…විභාගෙ අමාරු ඇත්ද..ලේසි ඇත්ද..කියලා හිත හිත ඇය කාලෙ ගත කලේ…හවස දෙක හමාරට විතර ඇය සදෙව්ගෙ ගෙදරට කෝල් එකක් ගත්තා ඔහු එක්ක කතා කරන්න….. පැය භාගයක්ම වගේ ඇය ඔහු හා කතා කරමින් කාලෙ ගත කලා…විභාගෙ කොහොමද ,හොදට ලිව්වද…,යාලුවො හම්බුනාද…,එයාලා මොනාද කිව්වෙ…,එයාලට විභාගෙ කොහොමද ….හැමදෙයක්ම ඇය සදෙව් එක්ක කතා කලේ ඇගේ කටට නං නිවනක් නැහැ……සදෙව්ත් හරි ආසාවෙන් ඇය හා කතා කලේ ඒ හුරතල් කටහඩට ඔහු වශීවෙලා ගියා..රිසීවරය තියන්නත් ඔහුට මොකද්ද වගේ හිතුනෙ මුලු ජීවිත කාලයම ඇයව ලගින් තියන් ඇය කතා කරන දේවල් අහන් ඉන්න ඇත්නම් කියලා සදෙව්ට හිතුනු වාර ගාන පාරයි දෙපාරයි නං නෙවේ…..ආශාවරීටත් එසේමයි…ඇයට ඔහු ලගටම ගිහින් ඒ තුරුලෙ දෑස් පියන් ඉන්න ඇත්නම් කියලා හිතුනු වාර ගනන අපමණයි…කොහොමත් දැන් ඇයගෙ මුලු හිතම සතුටින් හා ආදරෙන් පිරිලා තියෙන්නෙ..මොකද තමන්ගෙ තාත්තා සදෙව්ට කැමත්ත දුන්න හින්දා….දැන් ඉතින් ඉගෙනීමේ වැඩකටයුතු ඉවර කරපු සැනින් ඇයට පුලුවන් ඉක්මන්ටම සදෙව් හා විවාහ වෙන්න….

දින ගෙවිලා ගියේ හරිම ඉක්මනින්….සදෙව් පුදුමාකාර සතුටකින් ඉන්න වග කුසුම්ගෙ උකුසු දෑසට හසු උනත් ඇයට හිතාගන්න බැරි උනා පුතාගෙ මේ වෙනසට හේතුව….ඇය ඇහුවත් ඔහු මෙලෙස සතුටින් සැහැල්ලුවෙන් ඉන්න විශේශ හේතුවක් තියෙනවද කියලා…ඔහු ආශාවරී ගැනවත් ඔහුට පෙර මතකයන් නැවත මතක් උන වග වත් ඇයට නොකිව්වෙ සදෙව් බය උනා එහෙම කියලා කුසුම් හදිස්සියෙවත් ඔහුට ආශාවරීව අමතක කරන ලෙස බල කලොත් කියලා….ඉස්සර වගේම මේ ආදරය තමන්ගෙ අම්මාට හොර රහසේ පවත්වගෙන යන්න සදෙව් තීරණය කලා…..මහේශ් මේ දෙන්නගෙ ආදරේට අවසර දුන්නත් කුසුම්ගෙන් ඊට අවසර ලබාගන්න එක ලේසි නැහැ….ඇයගෙන් ආශාවරීට කැමත්ත ලබා ගන්න නං සදෙව්ට වෙනවා විභාගෙ හොදට ලියලා ඉහලින්ම සමත් වෙන්න …අන්න එතකොට නං කුසුම් කැමත්ත දේවි ඔහුට ආශාවරී හා එකතු වෙන්න…ඒත් විභාගෙ ඉවර වෙනකන් ආශාවරී ගැන සදෙව් තමන්ගෙ අම්මාට නොකියා ඉන්න තීරණය කලා…

එදා සිකුරාදා දවසෙ හවස ආකේශ් මහේශ්ගෙ බංගලාවට ආවා ආශාවරීව හමුවෙන්න කියලා…ඔහු එද්දිම වගේ දැක්කෙ ආශාවරී ගෙවත්තෙ ගල් බංකුවක් උඩ ඉදගෙන පොතක් බල බල ඉන්නවා…වටපිටාවෙ කවුරුවත් නොහිටිය නිසාම ලද අවස්තාවෙන් ඔහු ප්‍රයෝජන ගත්තෙ ඔහු හිමීට ආශාවරී දිහාට පිය මැන්නා..

” ආ…ගෑල්ලමයා පොත් බලනවා වගේ…මොකද්ද පොත…” ඔහු එලෙස කියමින් ඇය අසලින්ම ගල් බංකුවෙ වාඩි උනේ ආශාවරී හරි ලෙන්ගතුව ඔහු හා හිනා උනා..

” මේක නවල් එකක් අයියෙ…” යැයි කියමින් ඇය පොතේ නම කිව්වා..

” හ්ම්…දැන් ආශි නවල් කියවනවා…පුදුමයි….ඉස්සර ඔයා එහෙම නෑනෙ….” ආකේශ් ඇස් හීන් කරලා ඇය දිහා බැලුවෙ ආශාවරීගෙ මුහුණ රතූවෙලා ගියා..

” ඇයි…නවල් කියවන එක නරක වැඩක්ද….”

” අපෝ නෑ….මොනා උනත් පොත් කියවන එක නරක වැඩක් නෙවේ හොද වැඩක්…” ආකේශ් එහෙම කියාගෙන ඉස්සරහ බලාගත්තෙ ඇය හා කතාව ඉදිරියට ගෙනියන්න වචන ගලපගන්න අසීරු උත්සාහයක යෙදෙන ගමන්.

” ආශී….මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා….” ආකේශ් බැරෑරුම්ව එහෙම කියද්දි ආශාවරී පුදුමයෙන් වගේම කුතුහලයෙන් ඔහු දිහා බැලුවා..

” මොකද්ද අයියෙ…??” ආශාවරී ඇහුවෙ ඇයගෙ හද ගැහෙන්න ගත්තෙ වෙනදා වගේ නෙවේ …අමුතු බයකින්…

” හ්ම්…” ආකේශ්ට ලොකු හුස්මක් පිට උනේ..ඔහු තත්පර ගානක් නිහඩ උනේ ඒ තත්පර කිහිපය ආශාවරී නං හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරිව අන්දමන්ද වෙලා..

“.මං ආශිට ආදරේ කරනවා….මං කැමතියි ඔයාව මැරි කරන්න…..” ආකේශ් එහෙම කියද්දි ආශාවරී ඔහු දිහා බලා හිටියෙ ඇස් ලොකු කරගෙන…ඊලග නිමේශයේදි ඇය මහ හඩින් හිනාවෙන්න ගත්තෙ ඒ හිනාවට ආකේශ් ගැස්සිලා ගිය…ඔහු කුතුහලයෙන් ආශාවරී දිහා බලා හිටියෙ ඇගේ මූණ නං හිනාවෙලාම රතුවෙලා තිබුනා..

” ඔයා විහිලු කරනවද අනේ…” හිනාවෙවී ආශාවරී එහෙම කිව්වෙ ඇය හිතුවෙ ඔහු කියන්නෙ විහිලුවක් කියලා…

” නෑ…මං ඇත්ත කියන්නෙ …ඒක විහිලුවක් නෙවේ….ආශී…ඒක විහිලුවක් කියලා පේනවද මගෙ ඇස් වලින්…ම්…” ආකේශ් ආශාවරීගෙ දෑස් දිහාම බලාගෙන එහෙම ඇහුවෙ හිනාව නවත්තලා ඇය මොහොතකට ඒ දුඹුරු ඇස් දිහා බැලුවා….ඇත්තමයි….ඔහුගෙ දෑස් වල තිබුනෙ වෙනදා ඔහු ඇය දිහා බලද්දි දැක්ක බැල්ම නෙවේ….ඊට හාත්පසින්ම වෙනස් බැල්මක් එය..ඒ බැල්මෙ ලොකු කතාවක් ගැබ් වෙලා තියෙනවා කියලා අදුනගන්න ආශාවරීට අමාරු උනේ නැහැ…..ඇගේ මුහුණ අදුරු වෙලා ගිහින් හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගත්තෙ ආකේශ්ගෙ දෑස් දැකලා…

” අයියෙ..??” ආශාවරීට කියෙවුනෙ ඇගේ කටහඩේ තිබ්බෙ වෙව්ලිල්ලක්..

” ආශි…මං ඔයාට ආදරෙයි ….මං කැමතියි ඔයාව මැරි කරන්න…” ආකේශ් ආයෙම එහෙම කියද්දි ආශාවරීගෙ මූණ කේන්තියෙන් රතු උනා …

” මොකක්….හොද සිහියෙන්ද ඔයා කතා කරන්නෙ….ආ…මං ගැන හොදටම දන්න ඔයා ඇයි ඔහොම කතා කරන්නෙ…..” ආශාවරී කේන්තියෙන් එහෙම අහද්දි ආකේශ්ට ලොකු හුස්මක් පිට උනා..

” ඔව්…මං හොද සිහියෙන් කතා කරන්නෙ…..ඔයා ගැන හොදටම මං දැනගෙන තමා මෙහෙම කතා කරන්නෙත්….” ආකේශ් නිදහසේ එහෙම කියද්දි ආශාවරීගෙ ඔලුව හොදටම අවුල් වෙලා තිබුනෙ..

” එහෙනං …එහෙනං ඇයි ඒ වගේ අපංබ්‍රස කතාවක් කිව්වෙ…ආ…”

” ඒක අපංබ්‍රස කතාවක් නෙවේ ..ඒක ඇත්ත කතාවක්…”

” හහ්…විකාර….ඔයා කොහොමද මට ආදරේ කරන්නෙ…ආ…දන්නවද…වෙන එකෙක් මෙහෙම මට කිව්වනං ඌ මෙලහකට මගෙන් දත්සෙට් එක බඩට ඇරගෙන ….ඒත් තමුසෙ …තමුසෙ ගැන මං හිතුවෙ..හිතන් ඉන්නෙ මගේම කෙනෙක් වගේ කියලා….සහෝදරයෙක් වගේ මං තමුසෙට සැලකුවෙ……එහෙම සලකපු මටද හලෝ මේ තමුසෙ විකාර කියවන්න එන්නෙ….ආ…තමුසෙට කොහෙන්ද එච්චර හයියක් මට ආදරෙයි කියලා කියන්න…අනික මං මගේ සදෙව්ට පණ වගේ ආදරේ කරනවා කියලා දැන දැනත්…ආ….තමුසෙ කොහොමද එහෙම අහන්න හිත හදාගත්තෙ වත්…” ආශාවරී කේන්තියෙන් කිව්වෙ ඇගේ දෑස් රතුපාට වෙලා තිබුනා ..

” ඔයා සදෙව්ට ආදරේ කරනවා කියලා දැන දැනම මං ඔයාට ආදරේ කලේ මං දන්නවා ඔයාව අයිති වෙන්නෙ දවසක මට විතරමයි කියලා….මොකද සදෙව් කවදාවත් ඔයාව මැරි කරන එකක් නැහැ….සදෙව්ගෙ අකමැත්තක් නොතිබ්බත් මං හිතන්නෑ එයාගෙ පවුලෙ අය ඔයා වගේ කෙල්ලෙක්ට කැමති වෙයි කියලා…එයාලා අනිවාර්යයෙන්ම ඔයාව ප්‍රතික්ෂේප කරයි ආශාවරී …ඔයාට කොච්චර ආදරේ කලා උනත් එදාට සදෙව්ට උනත් එයාගෙ පවුල තෝරගන්න වේවි ඔයාව අත ඇරලා….ඒකයි මං මේ හැමදෙයක්ම දැන දැනම උනත් ඔයාට ආදරේ කරන්නෙ…මට ඕන ඔයාව විතරයි ..වෙන කිසි දෙයක් මට වැදගත් නැහැ…කිසිම දෙයක් ..” ආකේශ් එහෙම කිව්වෙ ආශාවරී හරිම නොසන්සුන්ව ඒ හැම දෙයක්ම අහන් හිටියා..

” තමුසෙ මොනාද මේ කියවන විකාර…ආ…සදෙව් ඇයි මාව අත අරින්නෙ….ඇරත්…ඇරත් ඇයි එයාගෙ මමී මට අකමැති වෙන්නෙ….මොකද්ද හේතුව…ආන්ටි මා එක්ක කේන්තියෙන් ඉන්න බව ඇත්ත …ඒත් මගෙ ඩැඩී පොරොන්දු උනා මට ඒ ආන්ටිගෙ හිත කොහොමහරි හරිගස්සලා මට කැමති කරවලා දෙන්නං කියලා…ඉතින් එහෙම තියෙද්දිත් සදෙව් මාව අමතක කරන එකක් නැහැ…එයාට බැහැ මාව දාලා යන්න….” ආශාවරී කිව්වෙ හදගැස්ම පාලනය කරගන්න ගමන්…ආකේශ් කටකොණකින් හිනා උනා ඇගේ කතාවට..

” නෑ ආශි.නෑ….මෙතන ඔයා තාමත් නොදන්න ලොකු රහසක් තියෙනවා….” ආකේශ් එහෙම කියද්දි ආශාවරී ඔහු දිහා බැලුවෙ කුතුහලයෙන් .

” රහසක්…ඒ මොකද්ද …” කුතුහලයයි කේන්තියයි පිට ඇය ඇහුව….ආකේශ් මොහොතක් ඇය දිහා බලා හිටියා..

” ඔයා සදෙව්ව මැරි කලොත්….ඔයා එයාගෙ මුලු ලයිෆ් එකම විනාස කරයි ආශාවරී …ඔයාට කවදාවත් එයා එක්ක සතුටින් ඉන්න බැරිවෙයි….මොකද ඔයාට කවදාවත් එයාගෙ ආසාවන් ඉශ්ට කරන්න බැරි වෙන හින්දා… ” ආකේශ් සරලව සන්සුන්ව එහෙම කිව්වත් ආශාවරී ඒ කතාවට නොසෑහෙන්න කලබල උනා..ඇය කොච්චර කලබල උනාද කිව්වොත් ඇයට දාඩියත් දාන්න ගත්තා…

” මොකක්…මොනාද තමුසෙ මේ කියවන්නෙ…ආ…කියන දෙයක් තේරෙන භාශාවකින් කියනවා හලෝ…විකාර නටන්නැතුව….” ආශාවරී කේන්තියෙන් පිපිරි පිපිරි එහෙම කිව්වා..

” හරි .මං කියන්නං….හැබැයි මේ ඇත්ත ඔයා කොහොම දරාගනීද කියලා මට බයයි…..” ආකේශ් එහෙම කියලා මොහොතකට නිහඩ උනා..

” ඔයාට කවදාවත් දරුවො හදන්න බෑ ආශී….එදා ඇක්සිඩන්ට් එකෙන් ඔයාගෙ බඩට ගොඩාක් ඩැමේජ් වෙලා තිබුනලු…ඔයාගෙ ජීවිතේ බේරගන්න එදා doctors ලා ඔයාගෙ womb එක අයින් කරලා….ඉතින්….ඉතින් කවදාවත් ඔයාට අම්මා කෙනෙක් වෙන්න බැහැ ආශාවරී …..” ආකේශ්ගෙ මුවින් මෙතෙක් ආශාවරීගෙ පවුලෙ උදවිය රැකගෙන ආපු රහස එලිවෙද්දි ආශාවරීගෙ දෑස් කදුලින් පිරෙන්න ගත්තෙ ඒ ඇහුන කතාවට…

” නෑහ්…නෑහ්….වෙන්න බෑ…ඔ…ඔයා…ඔයා බොරු කියනවා….ඒක වෙන්න බෑ…..බෑ.” ආශාවරී කැඩිච්ච කටහඩින් කිව්වෙ ඇගේ හදවත අසීමිතව රිදෙන්න ගත්තා..ඇය ඉන්නෙ හොදටම නොසන්සුන් වෙලා…වටපිට බලන ගමන් ඇය උත්සාහ කරන්නෙ අවුල් වෙච්ච මනස කොහොමහරි හරිගස්සගන්න….ඒත් එය ඇයට හැකිවෙයිද කරගන්න..

” ඒක තමා කටුක ඇත්ත ආශාවරී …ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැහැ….ඔයාට අම්මා කෙනෙක් වෙන්න බැරුව සදෙව් කොහොමද තාත්තා කෙනෙක් වෙන්නෙ ….මං දන්නවා…ඔය දෙන්නට දෙන්නා ගොඩාක් ආදරේ කරනවා කියලා….ඒත්…ආදරේ අවසන් ප්‍රතිඵලය වෙන්නෙ ඒ දෙන්නට දෙන්නව දෙමව්පියො කරලා….ඒත්….ඒත් ආශි ..ඔයා සදෙව්ව මැරි කලාට…ඔයාට කවදාවත් බැහැ සදෙව්ගෙ ආශාවන් ඉෂ්ට කරන්න….කවුද අකමැති තමන්ගෙ ලේ වලින් ඉපදෙන දරුවෙක්ට….අනික…ගොඩාක් ආදරේ කරන දෙන්නෙක් නං ඒ දෙන්නගෙ සම්බන්දෙ ගොඩක් ශක්තිමත් වෙන්නෙ ඒ දෙන්නට ලැබෙන දරුවන්ගෙන්…..ඔයාට…ඔයාට කවදාවත් ඔයාගෙයි සදෙව්ගෙනුයි ඉපදෙන දරුවෙක්ව දකින්න වාසනාව නැහැ….මොකද ඔයාට ලමයි හදන්න බැරි හින්දා…..ඒත් ..ඒත් සදෙව්ට එහෙම නෑනෙ….වෙන කෙල්ලෙක්ව බැන්දොත් එයාට සතුටින් ඉන්න පුලුවන් ජීවිත කාලයටම…..ඒත් එයා ඔයාව බැන්දොත් එයාට මුලු ජීවිත කාලෙටම ඉන්න වෙන්නෙ හූල්ල හූල්ල…..ඔයා කැමතිද ඔයා ආදරේ කරන සදෙව්ට එහෙම වෙනවට…..ම්…” ආකේශ් ඇගේ හදවතටම පිහි පහර එල්ල කලේ ආශාවරීගෙ දෑස් වලින් එකපෙලට කදුලු කඩන් වැටුනා…..

” ආහ්…ම්..මො…මොනාද මේ කියවන්නෙ …ඔයා..ඔයා මොනාද මේ කියන්නෙ..” ආශාවරී වෙව්ල වෙව්ල ඇහුවෙ ඇගේ හදගැස්ම පුදුම විදිහට වැඩිවෙලා තියෙන්නෙ…දෑතින්ම හිස බදාගෙන ඇය දෑස් පියාගත්තෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුම් දෙද්දි…

” ආශි….සන්සුන් වෙන්න කෙල්ලෙ…මං ඔයාට කිව්වෙ ඔයාගෙ ඇත්ත තත්වෙ..මං මේක දැනගත්තෙ රුහාන්ගෙන්..එයා ඔයාව අත අරින්න මූලික හේතුවත් මේක….මං මේ ගැන මහේශ් එක්කත් කතා කලා…එයාලා මේ ගැන ඔයාට නොකියා ඉදලා තියෙන්නෙ ඔයා මේක දැනගත්තොත් තවත් මානසිකව වැටෙයි කියලා…ප්ලීස් ආශාවරී ….අපි හැමෝටම හැමදෙයක්ම එක හා සමානව ලැබෙන්නෑ…..අපි කරන කර්මය අනුවයි හැමදෙයක්ම ලැබෙන්නෙ…..මං ඔයාට කියන්නෙ….ඔයා සදෙව්ට ඇත්තටම ආදරෙයි නං ඔයා සදෙව්ව අතාරින්න….මොකද එයාට පුලුවන් එයාගෙ ජීවිතේ වෙන කෙල්ලෙක් එක්ක සතුටින් ගත කරන්න….ඔයාව බැන්දොත් වෙන්නෙ මුලු ජීවිත කාලෙටම විදව විදව ඉන්නයි….ඔයාට තේරුම් ගන්න පුලුවන්ද ආශාවරී ..ම්..හැබැයි මට එහෙම නැහැ….ඔයාගෙ අසනීපය ගැන දැන දැනයි මං ඔයාට ආදරේ කරන්නෙ….මට ලමයි ඕන්නෑ ආශාවරී …ඔයාව විතරක් මට ඇති…ඒත් මං හිතන්නෑ සදෙව්ටත් එහෙමයි කියලා…..කොච්චර මොන දේ උනත් සදෙව් ඔයාට කොච්චර ආදරේ කලත් ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා දැනගත්තොත් එයා අනිවාර්යයෙන්ම ඔයාව මගහරී….එතකොට ඔයාට කොච්චර දුක හිතෙයිද ආශි….ම්…අනික…කොහොමත් එයාගෙ දෙමව්පියො නං ඔයාට කොහොමටත් කැමති වෙන එකක් නැහැ….මොන අම්මද කැමති තමන්ගෙ පුතාව ලමයෙක්වත් හදාගන්න බැරි කෙල්ලෙක්ට බන්දලා දෙන්නෙ….නේද….කල්පනා කරන එක ඔයාට භාරයි ආශි….ඔයා වෙනුවෙන් මට ඕනතරම් කාලයක් බලා ඉන්න පුලුවන් ….හොදට හිතලා තීරණයක් ගන්න….” ආකේශ් එහෙම කියලා ඇගේ හිසට අත තියන්න ගියේ….ඒත් ආශාවරී ඔහුගෙ අත වලක්වලා බංකුවෙන් නැගිටලා අඩාගෙනම ගෙට දුවන්න ගත්තා….

සොරි ආශි…මං කිව්ව දේවලින් හිත රිදුනනං…. I am very sorry ….මට ඔයාව ඕන කෙල්ලෙ…ඒකයි මේ හැමදෙයක්ම ….හැමදෙයක්ම …ඔයාව මට ලබාගන්න මට කරන්න බැරි දෙයක් නැහැ ආශාවරී ….ඔයාව කොහොමහරි මං මගේ කරගන්නවා…

ආකේශ් ඇස් වල කදුලු පුරෝගෙනම කල්පනා කලේ ඔහු බංකුවෙන් නැගිටලා යන්න ගියේ මහේශ්වවත් හමු නොවී..ගෙට දුවලා ගිය ආශාවරී වේගෙන් පඩිපෙල් නැගලා උඩ තට්ටුවට දිව්වෙ අඩ අඩමයි…

” නෑහ්….ඒක වෙන්න බෑහ්…ඒක ඇත්ත නෙවේ…අනේහ්…..අනේ මගෙ සදෙව් …..මං මෙච්චරටම පව්කාරියෙක්ද දෙවියනේ ….අනේ….” ආශාවරී මහ හයියෙන් අඩන්න ගත්තෙ ඇදට පැනලා ඇගේ උනු කදුලු වලින් මුලු කොට්ටෙම තෙමිලා ගියා ….ඇය විතරක්ද…මෙච්චර වෙලා කලු කරලා තිබ්බ අහසත් එකපාරටම අඩන්න ගත්තෙ මහ හයියෙන් මොර සූරන වැස්සක් බිම පතිත කරවන ගමන්….වැස්සෙ ඝෝශාවට ආශාවරීගෙ ඇඩුම පිටට ඇහුන්නැහැ…..කිසිම දෙයක් හරි හැටි හිතාගන්න බැරුව ආශාවරී පිස්සු වැටිලා හිටියෙ…ප්‍රශ්න එනකොට එන්නෙ එකපිට එකපිට ….මේ පුංචි හිතට ඒ ප්‍රශ්න බර වැඩිවෙද්දි ඇගේ මනස ඒ ප්‍රශ්න කොහොම නං විසදා ගනීද….ඇය ප්‍රශ්න වලට උත්තර හොයන්න මොන වගේ ක්‍රම අනුගමනය කරන්න පෙලබෙයිද…..අනික ඇයට මේ ප්‍රශ්න වලට නිසි පිලිතුරු හොයාගන්න පුලුවන් වෙයිද……ඒ සියල්ලක්ම කාලයට බාරයි….

” දූ….ආශී…..ආශි පැටියා….” මහේශ් ආශාවරීගෙ කාමරේ දොරට තට්ටු කරන ගමන් කතා කලේ ඔවුන්ට ඔවුන්ගෙ හිතවතෙක් රෑ කෑමකට ආරාධනා කරලා තියෙන නිසා එහි යන්න….ඒත් අඩලා අඩලම හෙම්බත් වෙලා හිටිය ආශාවරීට එහෙම්මම නින්ද ගිහින් තිබ්බ නිසා ඇයට තමන්ගෙ තාත්තාගෙ කටහඩ වත් ඇහුන්නැහැ….ටික වෙලාවක් කතා කරලා කතා කරලා මහේශ් කාමරේ ලගින් යන්න ගියේ ඇයට නින්ද ගිහින් ඇති කියලා හිතලා…

” ලොකූ.. .ඔයා එනවද……” මහේශ් ආකාශිගෙ කාමරේටත් ගිහින් ඇය එක්ක කතා කලේ ඒ ගමන යන්න ඇගේ නං ඒ හැටි ආසාවක් නැහැ වගේ….

” අනේ බෑ ඩැඩී…..කම්මැලියි…ඩැඩී මමී එක්ක යන්න…..ආහ්…ආශිත් ඒවි සමහරවිට …..”

” නෑ දූ….ආශි නිදිද කොහෙද හොදටම….කතා කලාට කිසිම ආන්සර් එකක් නැහැ…..කමක් නෑ එහෙනං…මායි නදීයි ගිහින් එන්නං….නංගි ඇහැරුන්නැති උනොත් තව ටික වෙලාවක් බලලා කොහොමහරි එයාව කූද්දල කෑම ටිකක් කන්න දීලා නිදාගන්න යන්න දෙන්න…..හොදද…..අපි ගිහින් එනකන් පරිස්සමින් ඉන්න…” මහේශ් ආකාශිගෙ ඔලුව අතගාන ගමන් කිව්වෙ ඔහු කියන හැමදේටම ඇය හිස වැනුවා…

මහේශ් නදීකා එක්ක රෑ කෑමට ඔහුගෙ හිතවතෙක්ගෙ ගෙදර යන්න පිටත් වෙද්දි බංගලාවෙ ආකාශියි ආශාවරීයි තනි උනා ….රෑ අටට විතර ආකාශි ආශාවරීට කතා කරත් ඇය කාමරෙන් එලියට ආවෙ නැතුව කෑමත් එපා කියලා නිදාගත්තෙ ආශාවරීගෙ මුලු ඔලුවම අසීමිතව කැක්කුම් දෙන්න පටන් අරන් තිබ්බා…මොලේට දරාගන්න බැරි වෙන තරමටම ප්‍රශ්න එකතු වෙච්ච හින්දා ඇය මදක් සන්සුන් වෙන්න…මොලේට පොඩි විවේකයක් දෙන්න කියලා හිතලයි නිදාගත්තෙ….ආශාවරී කෑම නොකාපු හින්දම ආකාශිත් බත් කටවල් දෙක තුනක් කාලා නිදාගන්න ගියා…

වැහි වලාකුලු වලින් එකදිගට මොරසූරන වැස්සක් කඩා හැලෙන්න ගනිද්දි අහසෙ රිදී රේඛා එකපෙලට ඇදෙන්න ගත්තා….මහ සද්දෙන් හෙණ පිපිරෙන්න ගනිද්දි අක්කාටයි නංගිටයි දෙන්නටම සැපට නින්ද ගියේ වැස්ස නිසා ඇගට දැනුන සනීපයත් එක්ක…

ඒත් මේ මහ වැස්සෙම මහේශ්ගෙ බංගලාවෙ වත්තට දැම්මෙ ප්‍රාඩෝ රතයක්….

*********************************

කවුද එන්නැත්තෙ …මොනා වෙයිද හෙට..මොනා උනත් හෙට තීරණාත්මක දවසක් …ආශාවරීගෙ ජීවිතේට …

M.Ashka Rashmi❤️

6 thoughts on “ආශාවරී |හැට දෙවෙනි කොටස| නවකතාව | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    Aiyooi matanam hitha ganna be kelle….?????? ane ashitai akashitai mukuthma karanna epa… ashiwa sadewwai wen karannath epa halooo… matanam pissu wage…????? akesh ashige aiya kiyala eyata ikmanatama dena ganna dennakooo.. ethakota serama harine… hitha degidiyawen heta monawa weida kiyala… kohoma hari kamak ne sooooo happy ending ekak denna…❤️❤️❤️❤️❤️❤️❤️❤️ kathawa hugaaaak aswen api kiyawanne… harima lassanai… idiriyatath me wage lassana katha liyanna oyata shakthiya dairya prarthana karanawa… ????????? WISH UR ALL THE BEST UR BIG FUTURE!!! ?????

  2. Ruvini Thakshila

    Ane shooiii akkiyo.ane saduwai ashivai wen krnna nm epa mnma hethuwk hindwth.a dennta dennge adare aniwaryenma lebenna oni.mkda eka athmagatha bedimk.???
    All the best akki???

  3. Hashini Nimasha

    අනේ ආශි, ආකාශි දෙන්නට කරදරයක් නම් වෙන්න එපා. හරිම ලස්සනයී කතාව අදත්.. හැමදාමත් වගේ.. ??????

  4. kasuni chamalka

    ආකේෂ්ද ඒ එන්නේ.. අනේ මන්දා අශිටයි ආකාශිටයි කරදරයක් නම් වෙන්න එපා..

    කතාව ගොඩාක් ලස්සනයි..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.