Katha Ahura

ගමන | 22 කොටස

5/5 - (2 votes)

ගමන 22 කොටස

හදිසියේම ආ හඩවලුත් මවගේ හා නංගිගේ කලබලෙන් කෑගසන්නේ ඇයිදකියා බලන්නට කුසල්ද ඒ දෙසට ගියේය.තම අයියාගේ බයික් එක ඉස්තෝප්පුවේ ඇදගෙන වැටීතිබින. ශබ්දය ඇවිත් තිබුනෙ එය පෙරලෙන විටය.

” ලොකු අයියගේ බයික් එකට පණ ඇවිල්ලද කොහෙද නැත්තම් කවදාවත් නැතිව මෙහෙම පෙරලෙයි වැයි.”

කසුනි ඒ දෙස බලා පැවසුවාය. බයික් එක පෙරලීම නිසා ඉදිරිපස එක සයිඩ් කණ්නාඩියක්ද බිදී තිබින.

” සාලේ පැත්තෙ මොකක් හරි බිදෙන හඩකුත් ඇහුනා”

පෙරලුන බයික් එකට ම හිත ගිය නිසා කාටත් ඒ හඩ අමතකව ගොස් තිබින. බයික් එක කෙලින් කර සාලයට ගිය කුසල් දැක්කේ කැබිනට් එක මත මීට පෙර තිබූ වීදුරුවලින් රාමු කර තිබුන අයියාගේ චායාරූපයක් බිමට වැටී බිදී ගොස් තිබෙන අයුරුය.

මෙය දැකපු කුසල්ගේ මව මදක් කලබල විය. මේ අයුරට වීදුරුවලින් රාමු කරන ලද චායාරූපයක් බිදී යාම ඇය දුටුවේ ඉතා අසුබ දෙයක් ලෙසය.

” ලොකු පුතාට මොකක් හරි කරදරයක් වත්ද ”

ඇයගේ සිත කියන්නට විය. කුසල්ගේ සිතටත් දැනුනේ ඒ සිතුවිල්ලමය. එක වෙලාවකම අයියාගේ බයික් එක පෙරලීමත් ඔහුගේ චායාරූපය බිදි යාමත් මීට හේතුවක් විය. #

” පොඩි පුතේ අයියට කෝල් එකක් දීලා බලන්ඩ ,,හුග වෙලාවකින් කතා කෙරුවෙත් නෑ ,,අයියට කරදරයක් වත්ද දන්නෙ නෑ,,මගේ හිතට බයක් දැනෙනවා ”

කවීශගේ මව බිදුනු චායාරූපයේ වීදුරු කැබලි එකතු කරන ගමන් කුසල් දෙස බලමින් පැවසුවාය.
*****************
කුසල් කෙතරම් තම අයියාගේ phone එකට ඇමතුම් ගත්තද ඉන්කිසිම ප්ර්තිචාරයක් ලැබුනේ නැත. බැරිම තැන කුසල්,,,,, අයියා සමග ගමන ගිය සුරංගගේ phone එකටද ඇමතුමක් ගත්තද එයිනුත් ප්රතිචාරයක් ලැබුනේ නැත.

“වැඩ කරන්නෙ නැද්ද ”

කසුනි කුසල් දෙස බලමින් ඇසුවේ තම පොඩි අයියාගේ කනස්සලයට පත් මුහුන දෙස බලාය.කුසල් හිස දෙපසට වනා ඉගියකින් පැවසුවෙ එයත් සාර්ථක නොවු නිසාය.

” සමහර විට දැන් එයාල ඉන්නපැත්තට් සිග්නල් නැද්ද දන්නෙ නෑ තව ටිකකින් අරගෙන බලමු ” තම මවගේ හා නැගනියගේ හිත සනසන්න කුසල් එසේ කීවද ඔහුගේ සිතට අයියාට කරදරයක්ද කියා ඒ ගැන ඇතිවී තිබුනේ දැඩි බියකි. මීට දින කිපයකට පෙර පාන්දර ජාමයේ දැකපු හීනයද මිට තවත් එක හේතුවක් විය. බුදු පහන දල්වද්දී ලබා දූන් ඉගිය ත් මේකම වෙනඩ ඇති,,ඒත් අයියට ඇත්තටම කරදරයක්ද කියා දැන ගන්නෙ ##කෙසේද ?? කුසල්ගේ හිස යකාගේ කම්මල බදු විය.
********************
තමා මෙතෙක් කලක් ඉගෙන ගත් ජෝත්ශ දැනුමත් උපයෝගීකරගෙන අයියාගේ කේන්දරය බලන්නඩ කුසල්ල්ට සිතුනේ එයින්වත් යම් කිසි හෝඩුවාවක් දැනගෙන පිහිටක් බලාපොරොත්තු වෙන්නටය.

ඔහු පලමුව දසා ක්රමයට අයියාගේ කෙන්දරය බැලුවත් එහි එතරම් අපලකාරී තත්වයක් නැති බව කුසල්ට වැටහින ,,,නමුත් ග්රහයින් එක් එක් රාශිවල වාර්තමානයේ සැරිසරන ග්රහ ගෝචර පලයෙන් අයියාගේ කේන්දරය බැලූ ඔහුගේ සිත භීතියට පත් විය. වෘශභ රාශිය නැගෙනහිර ක්ශිතිජයෙන් උදා වෙන්ඩ ඔන්න මෙනන තිබූ අවස්තාවක මේෂ රාශියෙ ගෙවෙන්ඩ ඔන්න මෙන්න තිබුන අවස්තාවක මේශ රාශියේ අංශක 28 යි කලා 29 දී උපත ලබා තිබුනු අයියාට මේ දින කීපයේ සෙනසුරු අශ්ටම ඒරාශටකයේ උච්චම අවස්තා ව උදාවී තිබුනි. මේශ ලග්න කරුවන්ගේ අටවැන්න වන වෘශ්චික රාශිය තුල වර්තාමාන සෙනසුරු ග්රහයා ගමන් කරම්න් තිබුනේත් මේ දිනවල අංශක 28 යි කලා 29 නිසා මේ දිනවල අයියාගේ ජීවිතය පවා තර්ජනයක් බව කුසල් සිතුවේ භීතියෙන්. මේශ ලග්නයට ලග්නාදිපති ග්රහයා වු කුජ ග්රහයාද අයියාගේ කේන්දරයේ සිටියෙ අටවැන්න වූ ###මාරක් ස්තානය වූ වෘශ්චික රාශිය තුල තැම්පත් වෙලාය. උතපත්ති කේන්දරයේ අට වැන්නේ සිටි පාපි ග්රහයකු වූ කුජ ග්රහයා මතින් මේ දිනවල එවන්ම පාපී ග්රහයකු වූ සෙනසුරු ග්රහයා ගමන් කිරීම නිසා මෙහි දරුනු බව දෙගුන තෙගුන වී ඇත.

කුසල් යලිත් පැය බාගයකින් පමන අයියාට යලිත් වතාවක් දුරකතන ඇමතුමක් ගත්තද එයද සාර්තක වුනේ නැත. තම ඇද මත දිගා වුනු ඔහු ඉහලින් පෙනෙන වහලය දෙස බලමින් කල්පනා කරන්නට වුනේ තම අයියා ගැන තොරතුරක් දැන ගන්නේ කෙසේද කියා.එසේ සිටි කුසල්ට එක පාරටම මතකයට ආවේ ඔහු ඉරිදා යන ජෝතිශ පන්තියට එන නාලක අයියාවය. තම නිවස ආසන්නයේ දේවාලයක් තනා ඔහුගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් එන අයට සාත්තර පැවසීම ලෙඩ වලට තෙල් මතුරා දීම ආදි නොයෙක් ගුප්තමය දේවල් කර මිනිසුන්ගේ සිතට සහනයක් ලබා දෙන නාලක අයියා කුසල්ගේද හොදම මිතුරෙකුය. කුසල් ඔහුගේ නිවසට දින කීපයක් ගොසින්ද තිබුනි. ඔහු අනිත් කපුරාලලා මෙන් දේවාලවල දෙවියන් ඉදිරියේ
ඔලුව කරකව කරකවා මායම් වී ඒ දේවල් කරෙ නැත. නාලක අයියා කලේ ඔහු ලගට පැමිනෙන අය දෙනු ලබන බුලත් අතෙන් ඔවුන්ට කැමති ####බුලත් කොලයක් තෝරා දෙන්න කියා ,,එසේ දෙනු ලබන බුලත් කොලය දෙස බලා සාත්තරය පැවසීමයි. නාලක දිනක්කුසල් සමග පැවසුවේ එසේ බුලත් කොලය දෙස බලා ඉන්නවිට ඔහුට බුලත් කොලය තුලින් හරියට පරිගනකයක ඇතුලත් කරපු දන්ත මෙන් තොරතුරු බුලත් කොලය තුලින් පෙනෙන බවයි. එහෙම පෙනෙන්නෙ ඔහුගෙ වසර කීපයකට පෙර මිය ගිය යන්තර මන්තර කටයුතු කරපු තම අත්තගේ බලපෑමෙන් බව ඔහු පවසයි.කොහොම වුවද නාලකගෙන් සෙතක් බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් ඔහුගේ දේවාලයට එන බව ඔහුගේ නිවසට ගිය වෙලාවල් වලදි කුසල් දැක තිබුනි.

නාලක අයියාගෙන් තම අයියා ගැන තොරතුරක් ලබා ගන්නට පුලුවන් වෙයි සිතු කුසල් ඔහුගේ නිවසට යාමට සිතුවේය . අද බදාදා කෙම්බුර දවසක් නිසා අනිවාර්යෙන්ම ඔහු දේවාලේවැඩ කරන බව කුසල් හොදාකාරවම දැන සිටියහ.

තම යාලුවකුගේ නිවසකට ගිහිල්ලා එන්නම් කියා අම්මටයි නංගිටයි පැවසු කුසල් කවීශගේ බයික් එකේ නැගී කිලෝ මීටර් විස්සක් පමන දුරින් පිහිටි නාලකගේ නිවසට යන්න පිටත් විය. යන අතර මගදී ඔහු කඩේකින් බුලත් අතක්ද මිලට #####ගැනීය.
*******************

නාලකගේ දේවාලයට යනවිට හොදටම අදුර වැටී තිබුනි,.රාත්රීකාලය නිසා දේවාල බිමේ එතරම් සෙනගක් සිටියේ නැත.

” කුසල් ,, මොකද මේ වෙලාවේ ”

ජොතිශ පන්තියේදි හමුවන මිතුර දැක නාලක මදක් පුදුමවී ඇසුවාය.

තම අයියා ගැනත් ,,ඔහු ගැන තොරතුරක් නොලබිම ගැනත් ,තමාට අයියා ගැන හැගුනු දේවලුත් කුසල් නාලක සමග පැවසුවේය.

” පොඩ්ඩක් ඉන්ඩ කුසල් ,, අපි මේ තුන් දෙනත් පිටත් කරල නිවීසැනසිල්ලෙ බලමු අයියට මොකද වෙල තියෙන්නෙ කියල ,,එතකන් අතනින් ඉදගෙන ඉන්ඩකෝ”
**************
කුසල් දේවාලයයේ බැම්මට හේත්තු වී දේවාලය අසනයේ තිබූ ගම්බාර සුනියම් දෙවියන්ගේ ප්රතිමාව දෙස බලා ගෙන සිටීන්නට විය.සුදු තුරගකු මත ගමන කරන සූනියම් දෙවියන් ,,එක අතකින් ගිනි කබලක්ද ,අනිත් අතින් කඩුවක් හා තිශූලයක් ගෙන සිටී,,මුඛයේ පොලගෙකු හපාගෙන සිටින උන් වහන්සේගේ බෙල්ලේ නාගයින්ගෙන් සැදුම් ලත් මාලයකි.දකිනවිට බියමුසු බවක් පෙනෙන සූනියම් දෙවියන් ඉපදී ඇත්තේ යක්ශයකු විදිහටය.
මුල් කාලයෙ විශාල මිනිසුන් මර මින් ######මිනිමස් කමින් ජීවත් වූ මේ යක්ශයා ,,පසුකාලයේදී පත්තිනි දේව මෑනියන්ගේ අසීමිත බලය,,කරුනාව ,දයාව නිසා මේ යක්ශයාව යක්ශ ආත්මයෙන් මුදවා දේව ආත්මයකට පත් කර තිබේ. අදටත් චන්ද්ර මාස ක්රමයට පුර පස සද කාලයේදී දෙවියකු වන අවපස සදු කාලයේදී යක්ශයකු වන මේ දෙවියන් අර්ද යක්ශ දේව ආත්මයකි.නමුත් උන්වහන්සේගෙන් අනිත් දෙවිවරුන්ට වඩා ඉතාමත් ලේසියෙන් කන්නලව් කිරීමෙන් පිහිටක් ලබා ගන්නහැකි බව කුසල් දැනගෙන සිටියේය.සූනියම් දෙවියන්ගේ පිලිමය දෙස බලමින් කුසල් ඉල්ලා සිටියෙ තම අයියා ව කෙසේ හෝ ආරක්ශා කර දෙන්න කියලයි.
****************

නාලකගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් ආපු සියලු දෙනා පිටව ගිය පසු නාලක කුසල්ව දේවලය ඇතුලට කැදෙව්වෙය.

” කුසල් ගෙනාපු බුලත් අතින් කොලයක් තෝරලා මගේ අතට දෙන්නකෝ”

නාලක පැවසුවෙ කුසල්ගේ අතේ තිබුන බුලත් අත දෙස බලමින් ය.

කුසල් අතට ආව බුලත් කොලය දුටු ඔහු මදක් පුදුමයට පත් විය. සුදු පාට මදක් විශල ලපයක් තිබූ බුලත් කොලය නාගවල්ලී බුලත් කොලයක් බව හදුනා ගන්න ඔහුට වැඩි වෙලාවක් ගියේ නැත. මෙවන් බුලත් කොල විකුනන්නට තියෙන ##### ##බුලත් කොලවලින් හමුවන්නෙ ඉතා කලාතුරකින් ය.

” මොකක් හරි කලාතුරකින් කෙනෙකුට මුහුන දෙන්ඩ වුන කරදරයකට කුසල්ගේ අයියා මුහුන දීලා වගෙයි පේන්නේ ”

බුලත් කොලය අතට ගමින් එය දෙස බලමින් නාලක පැවසීය.

” ඒ කියන්නෙ ”

” අපි බලමු ”

නාලක බුලත් කොලය දෙස මද වේලාවක් බලා සිටි අතර ඔහුගේ නලල මද වෙලාවකින් හැකිලෙන්නට වුනේ කුසල්ගේත් හිතත් කලබලයට පත් කරවමිනි.

” මටනම් හිතගන්ඩත් බෑ වෙලා තියෙන දේ ”

මොහොතකින් නාලක කතා කලේය.

” ඇයි මොකද වෙලා තියෙන්නේ ”

” කුසල්ගේ අයියා දරුනු යක්ශනියෙකුටයි ,යක්ශයෙකුටයි අහු වෙලා ,,උන් අයියව ගල් ගුහාවක් ඇතුලේ හිර කරලා ”

” යක්ශනියෙකුටයි ,යක්ශයෙකුටයි අහුවෙලා ,,අයියව ”

කුසල් කිසිසේත් මෙවන් දෙයක් ගැන නම් පුංචි සිතිවිල්ලක් වත් පහල වුනේ නැත.

” අයියා විතරක් නෙමේ ,,එතන තව හය දෙනෙක්ම ඉන්නව මට පේනවා ”

එහෙනම් ඒ අයිය සමග ගමන ගිය අය විය යුතුය.

” ඒ ගල් ගුහාව තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්ඩ බැයිද?? ” ##### ###

නාලක යලිත් බුලත් කොලේ දෙස බලා මදක් නිහඩ ව සිටියේය.

” හරියටම තැන කොතනද කියල කියන්ඩ බෑ ,,ඒත් ඒ ගල්ගුහාව ලගින් දිය ඇල්ලක් ගලා ගෙන යන බවනම් පේනවා ”

” මේ ලංකාවේ කොච්චරනම් දිය ඇලි තියෙනවද ,,අපි අයිය ඉන්න තැන හොයා ගන්ඩ විදිහක් වෙන නැද්ද”

” කුසල් මම කියන දේ අහල දුක් වෙන්ඩ එපා ,,අයියව බේර ගන්ඩ විදිහක් දැන් අපිට නෑ,,ඒ යක්ශයින්ගේ බන්දනයට අයියව අහුවෙලයි ඉන්නේ ,,උන් මහ බලවත් යක්ශ ආත්ම දෙකක්,, උන් උන් …..”

නාලක කියන්ඩ ගිය දෙයක් ගිල ගත්තේය.

” අයි මොකද උන් ,,කියන්ඩකො නාලක අයියේ ”

” උන් මිනී මස් කාලයි ජීවත් වෙන්නේ හෙට මේ වෙලාව වෙද්දී උන් කුසල්ගේ අයියව …….”

නාලක ඉතුරු ටික කීවේ නැත,නමුත් කුසල් ඔහු කියන්ඩ ගිය දේ තේරුම් ගැනීය.

” අනේ මට අයියව උන්ගෙන් මැරුම් කන්ඩ දෙන්ඩ බෑ ,,,කොහොමද අයියව බේර ගන්නේ මට ක්රමයක් කියන්ඩකෝ”

” කුසල් ,,අයියව බේරගන්නවනම් ,,පැය විසිභතරක් ඇතුලත් කරන්ඩ ඕන,,ඒත් අපි කොහොමද අඩුම තරමින් ඔය දිය ඇල්ලවත් ##### ###තියෙන තැන හොයා ගන්නේ ,,,ඒක හරිම අමාරු වැඩක් ,,,අනික ඒ වගේ යක්ශයො එක්ක අපිට හිතන්ඩවත් බෑ”

” මම කොහොමහරි ඔය දිය ඇල්ල තියෙන තැන හොයාගන්නම්,,,මට ඒ යක්ශයන්ගෙන් අයියලව බේර ගන්ඩ ක්රමයක් කියල දෙන්න ”

තම අයියාව බේරගන්ඩ ඕනම කැපකීරීමක් කරන්ඩ ලෑස්තිව සිටින ජොතීශ පංතියේ මිතුරා දෙස නාලක මොහොතක් බලා හැගීම් විරහිත දෑසෙනි. ************************ ඊලග කොටසට gamana

ඔන්න අද කොටස වාර්තාගත ටයිප් කිරීමක් කරල තියෙන්නෙ ඔයාල වෙනුවෙන් ,,වචන පේලී 209ක් ,,ප්රතිචාර oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

6 thoughts on “ගමන | 22 කොටස”

  1. Lakmini Sandarekha

    Ane thnx diga kotsk demmt… hmdm mhm diga kotsk dnna. Kthwnm ithin superb… ??? kynna wachana ne. Hrim lassanai. Baya hithenw…

    1
  2. Ranmali subasinghe

    Adanam shoook… ???? thanks… wenada wagema adath lassanai kathawa… ane plzzzz hetath digaaaaaaaaaaaa kotasak denna… all the best!!! well done!!! ?????

  3. Hashini Nimasha

    හරිම ලස්සනයි කතාව. හැමදාමත් වගේ.. ඇප් එකට ආව ගමන් කියවන්නෙ ඔයාගෙ කතාව තමයී.. මං හරිම ආසයී හොල්මන් කතා කියවන්න. ඒ අතරින් ඔයාගේ හොල්මන් කතා Best… ????????????
    ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.